
ගොඩක් අය අහලා තිබ්බා comic කියවන්න පටන් ගන්න හොද තැනක් ගැන.ඉතින් ඒක නිසාම අද ලිපියෙන් කතා වෙන්නේ DC ලගෙ කොමික් කියවන්න ඕන විදිහ ගැනයි.
කොමික් ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද?
මේකත් ගොඩ දෙනෙක්ට ප්‍රශ්නයක් මේ කොමික් බාගන්නෙ කොහොමද කියන එක.ඉතින් මේක හරි ලේසි getcomic කියන website එකට ගිහින් ඕන කොමික් එක search කරලා download කරගන්න.බාපු comic එක බලන්න Cdisplayx / Perfect view / Comic Rack වගෙ ඇප් පාවිච්චි කරන්න පුලුවන්.මේ කොමික් තියෙන්නෙ issue වලින් ඒ කියන්නෙ එකක් 20mb වගෙ පොඩි සයිස් වලින් තියෙන්නෙ.ඒත් මේ වගෙ issue එකින් එක ඩවුන්ලොඩ් කරද්දි එපා වෙනවා.ඒකනිසා මම නම් recommend කරන්නෙ TPB file එක ඩවුන්ලොඩ් කරගන්න කියලා ( අදාල කොමික් එකෙ නම ගහලා TPB කියලා ගැහැව්වම ඒක එනවා ).ඒක issues ගොඩක් එකතු කරලා හදලා තියන තනි comic එකක් වගේ.මේකනම් 100mb පනිනවා.ඒත් ඒ කොමික් එකට අදාල හැම issue එකක්ම වගේ තියෙනවා.උදාහරණයක් කිව්වොත් Birds of prey TPB එක බෑවොත් ඒකෙ BOP කොමික් විතරක් නෙමෙ ඒ story එකට අදාල Batgirl , Huntress කොමිකුත් තියෙනවා.ඉතින් මන් දකින විදිහට ඒක ගොඩක් ලේසි issue වෙනම ඩවුන්ලොඩ් කරනවට වඩා.ඉතින් තව දෙයක් තමා TPB නොවන තව comic collection තියෙනවා.ඒවා බෑවට ඒව cbr format නැත්තන් වෙන phone වලට support කරන්නෙ නැති format එකකින් තියෙන්නෙ.ඒක pdf format එකට convert කරගන්න 7zip වගෙ ඇප් එකක් පාවිච්චි කරන්න පුලුවන්.
 |
| Getcomics Site |
DC COMICS
DC කියවන එකට අලුත් නම් ඒක පටන් ගන්න හොදම තැන තමා Secret Origins ( Secret Origins TPB කියලා search කරලා මේක බාගන්න පුලුවන් ).මේ කොමික් එකෙ DC universe එකෙ ප්‍රසිද්ධම චරිත වල Origin ස්ටෝරිය තියෙනවා.ඊට පස්සේ මන් දකින විදිහට කියවන්න හොදම කොමික් run එක තමා Injustice : Gods Among Us.මේක Non canon වුනාට ඒ කියන්නෙ DC ලගෙ අනෙක් කොමික්වලට සම්බන්ධ නොවුනට සුපිරිම කතාවක්.ගේම ගහපු අයනම් දන්නවා ඇති නෙ සීන් එක.නපුරු පැත්තට ගිය Superman කෙනෙකුයි එයාව නවත්තන්න හදන Batman කෙනෙකුයි වටේ ගෙටිච්ච කතාවක් තමා මේක.මේක කොමික් කියවන්න හොද තැනක් කියන්නෙ මේකෙ DC ලගෙ හැම චරිතයක් හැම team එකක් වගේම දකින්න පුලුවන් වෙනවා ( GL corps / Justice League / Justice League dark / Batfamily / Titans etc... ).අනෙක තමා සමහරු කොමික් කියවන්න කියලා හද්ද පරණ මුල්ම කාලෙ ආව කොමික් කියවන්න යනවා.ඒක නිසාම ගොඩක් අයට එපා වෙලා වැඩේ අතඇරලා දානවා.Injustice එකෙන් පටන්ගත්තම කියවන එක නතර කරන්න හිතෙන්නෙ නෑ ඒකෙ Art Style එක ඉන්න character ප්‍රමාණය වගෙ කරුණු නිසා.ඒකනිසා අලුතෙන් කොමික් කියෝන එකෙක්ට පටන් ගන්න සුපිරිම තැනක් තමා මේක.මේක ඉතින් කියවන්න අනිවාර්යයි කියලා නෑ.මේකෙන් DC ලගෙ කැරැක්ටරස් උන්ගෙ පවර්ස් ගැන එහෙම හොද අවබෝධයක් ගන්න පුලුවන්.ඉතින් මේකට පස්සෙ ඔයා කියවන්න කැමති චරිතෙ තෝරගන්න.ගොඩක් අය කියවන්නෙ බැට්මෑන් , සුපර්මෑන් , වොන්ඩර් වුමන් ලගෙ ඒවා.මොකද එයාලා ගොඩක් ප්‍රසිද්ධම චරිත නිසා.හැබැයි ඒහෙමයි කියලා ඒ චරිත වලටම කොටු වෙන්න ඕනෙ නෑ.Titans / Legion of Super Heroes / Justice League Dark / Constantine / Green Lantern Corps වගේ පහර කොමික් එහෙමත් තියෙනවා.මේවා ප්‍රසිද්ධ නෑ කියලා කියවන්නෙ නැතුව ඉන්න එපා.කොහොම හරි ඔයා ආස චරිතය තෝරගෙන ආයෙ එයාගෙ origin එක කෝකටත් කියෝලා ඉන්න.මොකද Secret Origins එකෙ සම්පූර්ණ Origins එකම නැති වෙන්න පුලුවන්.තව Origin වෙනස් වෙන අවස්තාත් තියෙනවා.ඉතින් ඔයා කැමති චරිතෙ / ටීම් එකෙ නම ගහල Year One කියලා ගැහැව්වම Origin එක ගන්න පුලුවන් ( Batman Year One / Superman Year One ).නැත්තන් සරලව Origin වගේ ගහලත් Origin කොමික් එක හොයා ගන්න පුලුවන් ( Justice League Origin ).හරි ඉතින් ඔරිජින් එකත් කියෙව්වයින් පස්සෙ ඔයාට කැමතිනම් පරණ කොමික් කියවන්න පුලුවන් නැත්තන් New 52 එකෙන් Reboot වෙච්ච කොමික් ටික කියවන්න පුලුවන්.පරණ කොමික් කියවන්න කැමති අයට Reading Order එක හොයා ගන්න පුලුවන් DC Essential Graphic Novel කියන එකෙන්.මේකත් getcomic එකෙන් ලේසියෙන්ම බාගන්න පුලුවන්.මේක අලුතෙන් කොමික් කියවන එක්කෙනෙක්ට ගොඩක් වටිනවා.මොකද මේකේ කියවන්න ඕනෙ පිලිවෙල , Movie / TV series base වෙලා තියෙන කොමික් වගෙ ගොඩක් දේවල් තියන නිසා.New 52 එකෙන් කොමික් කියවන්න පටන් ගන්න අයට වෙන පොඩි අවුලක් තියෙනවා.ඒ තමා DC ලගෙ ගොඩක් හොද කොමික් තියෙනවා New 52 Reboot එකට කලින් හදපු.ඒවා මිස් කර ගන්න එකත් අපරාදයක්.ඒකනිසා New 52 arc එක කියෝලා පස්සෙ පරණ ( හද්ද පරණ නෙමෙ.... Reboot එකට කලින් තියන කොමික් ) කොමික් ටික කියෙව්වනම් තමා හොද.ඉතින් මේ කොමික් වලත් විවිධ වර්ග තියෙනවා.ඒවලින් පොඩ්ඩක් තමා යටින් දාලා තියෙන්නෙ
 |
| DC Essential Graphic Novels 2019 Edition |
ශර්ලොක් හෝම්ස් ටයිප් එකේ අභිරහස් පැත්තට බර අයට = Batman ( Detective Comics )
 |
| Detective Comics |
Classic Superhero කතා වලට කැමති අයට = Superman ( Action Comics )
 |
| Action Comics |
Greek Myths පැත්තට බර අයට = Wonder Woman
 |
| The New 52 Wonder Woman |
Magic පැත්තට බර අයට = Justice League Dark / Zatanna / Doctor Fate
 |
| Justice League Dark |
බර පන්තියේ team up වලට කැමති අයට = Identity Crisis / Crisis on infinite earths / Infinite Crisis
 |
| Infinite Crisis |
Horror type එක සෙට් අයට = Arkham asylum / Blackest Night
 |
| Batman Arkham Asylum A Serious House On Serious Earth |
Zombie සීන් වලට කැමති අයට = DCeased
 |
| Dceased Dead Planet |
ඉතින් ඔය වගේ විවිධ කොමික් වර්ග බර ගානක් තියෙනවා.තමන් කැමති type එක තෝරගෙන කියවන්න පුලුවන්.පහලින් දාලා තියෙන්නෙ මම පුද්ගලිකව කැමති මෙච්චර කාලෙකට කියෙව්ව සුපිරිම කොමික් 10ක්.කැමති නම් ඒවත් කියවන්න.
 |
| Batman: The Long Halloween |
Batman : Long Halloween - මේක තමා මම මෙච්චර කාලෙකට කියෙව්ව සුපිරිම කොමික් එක.ශර්ලොක් හෝම්ස් කතාවක් කියවනවා වගෙ දැනෙන්නේ.මේකෙ Action නම් වැඩිය නෑ Detective සීන් තමා ගොඩක් තියෙන්නෙ.ගෝතම් වල හැම විශේෂ දවසකටම සැරයක් මිනි මැරුමක් කරන මිනීමරුවෙක් ගැන තමා කතාව යන්නෙ.අන්තිමට Twisted End එකක් තියෙනවා.ඒවගේම බැට්මෑන්ගෙ Rogue Gallery එකේ දරුණුම විලන් කෙනෙක් වෙන Two Face ගේ Origin එකත් තියෙනවා.මේක කියවන්න වෙන මුකුත් කියවල ඉන්න ඕනෙ නෑ.බැට්මෑන් කොමික් කියෝනවනම් Year One කියෙව්වට පස්සෙ කියවන්න ඕනෙ මේක තමා.
 |
| Batman: Dark Victory |
Batman : Dark Victory - මේක Long Halloween එකෙ sequel එක එහෙමත් නැත්තන් දෙවෙනි කොටස කිව්වොත් නිවැරදි.මේකත් Long Halloween වගේම සුපිරියක් තමා.Harvey Two Face වුනයින් පස්සෙ සීන් , Dick Grayson Robin වෙන හැටි වගේ ගොඩක් සීන් මේකේ තියෙනවා
 |
| Justice League: Darksied War |
Justice League : Darksied War - Justice League New 52 Arc එක ඉවර වෙන්නෙ මේකෙන්.Anti Monitor ගෙයි Darksied ගෙයි වලියට මැදි වෙච්ච JL එක ගැන තමා මේක යන්නෙ.JL members ලා කීපදෙනෙක්ට මේකේ දෙවියන්ගෙ powers හම්බෙනවා.
 |
| Batman: Hush |
Batman : Hush - මේක ගොඩක් ප්‍රසිද්ධ වෙච්ච බැට්මෑන් කොමික් එකක් ( මේකෙ Animation එකකුත් තියෙනවා ) Hush කියන විලන් ගැන වටේ තමා මේ කතාව.ඒවගේම Batman ගෙයි Catwoman ගෙයි love story එකත් මේකෙ බරටම නැගලා යනවා.Action / Mystery / Romance වගේ ගොඩක් දේවල් තියෙනවා මේකේ.ඒවගේම Batman ගේ Rogue gallery එකේ ගොඩක් විලන්ලාව මේකෙ බලාගන්න පුලුවන්.
 |
| Identity Crisis |
Identity Crisis = සුපිරි වීරයෙක් වෙන එක එයාලගෙ පවුලෙ අයට කොච්චර බලපානවද කියලා මේකෙන් හොදට බලාගන්න පුලුවන්.Elongated Man වෙන Ralph Dibny ගෙ wife වෙන Sue Dibny ගෙ මරණෙන් තමා කතාව පටන් ගන්නෙ.DC විශ්වයේ හැම වීරයෙක් වගේම සූගෙ මිනිමැරුම කලෙ කවුද කියලා හොයන්න ලෑස්ති වෙනවා.මොකද හැම හීරො කෙනෙක්ම බය වෙනවා එයාලගෙ පවුල් වල අයටත් එහෙම දෙයක් වෙන්න පුලුවන් කියලා.කොටින්ම ගොඩක් බලවත් කෙනෙක් වෙන සුපර්මෑනුත් බය වෙනවා එයාගෙ පවුලෙ අය ගැන.
 |
| Dark Knights: Metal |
Dark Knights : METAL = මේකත් ආයෙ සුපිරිම කොමික් Run එකක් තමා ( මේක කියවන්න කලින් Final Crisis & Return of Bruce Wayne කියවල ඉන්න ) බැට්මෑන් නරක කෙනෙක් වෙලා JL එකෙ අයගෙ powers හම්බුනොත් මොනා වෙයිද කියලා තමා මේ කොමික් එකෙ යන්නෙ.
 |
| Blackest Night |
Blackest Night = මේක ටිකක් horror පැත්තට තමා යන්නෙ.Green lantern ෆෑන් කෙනෙක්නම් අනිවා කියවන්න ඕනෙ.Black lantern ලා කියලා lantern ලා වගයක් විශ්වය අල්ල ගන්න හදන සීන් එකක් තමා තියෙන්නෙ.ඒක නවත්තන්න JL එකයි Green Lantern Corps එක වගේම අනිත් Lantern Corps ලත් එකතු වෙලා වැඩ කරනවා බලා ගන්න පුලුවන්.
 |
| Justice League: Origin |
Justice League : Origin = JL එක හැදුනු හැටි , ඒකෙ members ලා මුලින්ම හම්බුනු හැටි වගේම ඩාක්සෙයිඩ් පෘථිවිය ආක්‍රමණය කරන්න හදපු හැටි ගැන තමා මේකෙ තියෙන්නෙ
 |
| Robin: 80 Year Edition |
Robin : 80 Year Edition = බැට්මෑන් ගේ විශ්වාසවන්ත Sidekick ලා 5 දෙනා ගැන කෙටි කතා තමා මේකේ තියෙන්නෙ.රොබින්ලා ගැන දැනගන්න ඕනේනම් අනිවා මේක කියවන්න
 |
| DCeased |
DCeased = මේක සොම්බි ටයිප් එකෙ කොමික් එකක්.ඩාක්සෙයිඩ් කරන වැඩකින් Anti life equation එක වෙනස් වෙලා කට්ටිය සොම්බිලා වෙනවා.ඉතින් මේ සොම්බිලට විරුද්ධව ඉතුරු වෙලා ඉන්න Heroes ලයි Villains ලයි එකතු වෙලා සටන් කරන සීන් එකක් තමා යන්නෙ.
ඔතන දාලා තියෙන්නෙ මට මතක කොමික් ටිකක් විතරයි.ඔයිට වඩා පහර කොමික් තියෙනව.සමහර ඒවා කියවන්න නම් පොඩි කොමික් දැනුමක් තියෙන්න ඕනෙ.ඔය උඩ දාලා තියෙන ගොඩක් කොමික් එහෙම නෑ කොමික් වලට අලුත් සෙට් වෙන අයට වුනත් ලේසියෙන් කියවන්න පුලුවන්.
කොමික් කියවන එක මුල් කාලෙ පොඩ්ඩක් අවුල් යන්න පුලුවන්.මටත් එහෙම වුනා.ඒත් ටික කාලෙකින් ඉබේම ඒවට ඇබ්බැහි වෙනවා.කොමික් කියවද්දි TV series / Films බලනවට වඩා පහර කියලා හිතෙයි.මොකද කතාව ගලාගෙන යන විදිහ කතා සම්බන්ධ වෙන විදිහ එහෙම TV series වලට වඩා වෙනස්.කොටින්ම කිව්වොත් සිරිස් වල පුලුවන් උපරිම limit එකක් තියෙනවා.එයාලා යොදන budget එකත් එක්ක තමා ඔක්කොම තීරණය වෙන්නෙ ඒත් කොමික් වල එහෙම නෑ.Writers ලට එහෙම limit එකක් නෑ.characters 1000 ක් විතර ගෙනල්ලා Major Crossover Event කරන්න පුලුවන් ( Crisis on infinite earths / Infinite Crisis ).ඒවගෙම TV series වගෙ season පහ හයකින් ඉවර වෙන්නෙත් නෑ.තව දෙයක් තමා මේ දවස් වල දිගට හරහට CBM ( Comic Book Movies ) එනවා.එහෙම එද්දී ඊට කලින් ඒ චරිතෙ නැත්තන් කණ්ඩායමේ කොමික් කියවල තිබ්බොත් ඒ Hype එක ගොඩක් වැඩි වෙනවා.මේ ලගදි Release වෙන්න තියන Wonder Woman 84 එකෙ Maxwell Lord ව කීයෙන් කී දෙනාද දන්නෙ ? කොමික් කියවන සමහර අයනම් හොදට දන්නවා පොර කරලා තියෙන දේවල් එහෙම ඉතින් ඒ වගේ චරිතෙ ගැන දැනන් හිටියම Hype එක කොහොමත් වැඩි වෙනවනෙ.ඒවගේමයි CBM එකක් සාමාන්‍ය කෙනෙක්ට වඩා වෙනස් විදිහට තමා Comic Book fan කෙනෙක් බලන්නෙ.ඉතින් තේරෙනවා ඇති නෙ Comic Book Fan කෙනෙක් වෙන එකේ කොච්චර වාසි තියෙනවද කියලා.මේ දවස්වල නිකන් ඉන්න එකෙ ඩේටත් තියෙනවනම් කොමික් එකක් බාලා කියවලා බලන්න.
මේ Article එකෙ වැරදි අඩුපාඩු තියෙනවනම් ගනන් ගන්න එපා එහෙනම් ඊලග Article එකෙන් නැවත හමු වෙන තුරු.
ՏᎻᎬᎻᎪΝ ( Caped Crusader )
MARVEL Comics ganath ekak oone
ReplyDeletemarvel comic ganath ona
ReplyDeletecomic ගැන දිගටම series එකක් විදියට කරන්න.
ReplyDeletePLZ!!!!!
Comic download කරන හැටි ගැන guide එකක් කරන්න
ReplyDelete⭐⭐⭐
ReplyDeleteCerta DKR amathaka unaada cer
ReplyDeleteMarvel comic ganath oni ekak ikmanata
ReplyDelete