ඩෙවිල්මෑන් ක්‍රයිබේබි බලමුතේ?
මම දැනට බලපු ලස්සනම Anime එකක් ගැන තමයි අද කියන්න යන්නෙ. මගෙ Fav Anime 10 ඇතුලෙ මේක තියනවා. Spoilers නෑ ලිපියෙ. ඉතින් කියවලා බලලා අල්ලලා ගියොත් ඔයාලත් Try කරලා බලන්න.
Devilman Crybaby. ඒක තමා Anime එකේ නම. මේක Netflix Original Anime Series එකක්. Episode 10යි තියෙන්නෙ. හරියට බලන එකෙක්ට දවසක්වත් යන්නෑ මේක බලලා ඉවරකරන්න. ඒ උනාට මේක බලලා ඉවර උනාට පස්සෙ ඔයාලටම හිතෙයි මෙච්චර Details ගොඩක්, මෙච්චර Emotions ගොඩක් කොහොමද Episode 10කින් දුන්නෙ කියලා. පොඩි උනාට ගම්මිරිස් ඇටේ සැරයි කියනවනෙ. මේ ඇනිමෙ එක Action, Dark Fantasy කියන Genresවලට තමයි අයත් වෙන්නෙ. ඒ වගේම Devilman Crybaby කියන්නෙ 18+ Anime එකක්. මේකෙ Story එකෙන් බාගෙට බාගයකම තියෙන්නෙ Sexual Contents සහ Violence (ලේ වැගිරීම් දර්ශන). එහෙම උනා කියලා රස වින්දනයට කිසිම බලපෑමක් නෑ.
Devilman Crybaby අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Masaaki Yuasa. Yohei Shintaku, Kazuomi Nagai තමයි මේක නිශ්පාදනය කරලා තියෙන්නෙ. මේකෙ Animation කරලා තියෙන්නෙ Science SARU එකෙන්. මේ Anime එකේ ලොකු විශේෂත්වයක් තමයි අනිත් Animeවලට වඩා ගොඩක් වෙනස් Animation Style එකක් Use කරලා තියෙන එක. Colour Tone එක උනත් ඩාක් පැත්තට ගොඩක් බරයි. ඒ වගේම මේ Anime එකේ Music. පිස්සු හැදෙනවා. Audience එක Anime එක ඇතුලෙ ජීවත් කරවනවා ඒ මියුසික් යූස් කරලා තියන විදිහට. ඒ තරම් Perfect. මේ Anime එකේ Music කරලා තියෙන්නෙ Kensuke Ushino විසින්. Anime එක Release කරලා තියෙන්නෙ 2018 ජනවාරිවල. මේ Anime එකේ IMDB අගය විදිහට සදහන් වෙන්නෙ 7.6ක්. My Anime List එකෙත් 7.8ක අගයක් ලබාගෙන තියනවා. Rotten Tomatoesවල 89%ක් සහ 92%ක Google Usersලගෙ කැමැත්තකුත් ලැබිලා තියනවා. Ratings කිසිම අව්ලක් නෑ. ඔයා Ratings හොයලා බලන දේ තීරනය කරන කෙනෙක්නම් ඔයාටත් මේක සෙට් වෙයි.
කතාවෙ Plot එක පැත්තට හැරුනොත් අපේ කතා නායකයා තමයි Akira Fudo.
![]() |
(Akira Fudo) |
කොල්ලට අම්මයි තාත්තයි දෙන්නම නෑ. Akira නැවතිලා ඉන්නෙ එයාගෙ School එකේම යාලුවෙක් වෙන Mikiගෙ ගෙදර. Miki කියන්නෙ ජපානෙ ගොඩක් ප්‍රසිද්ධ ධාවන ශූරියක්. Mikiට මල්ලි(Taro) කෙනෙකුත් ඉන්නවා.
![]() |
(Miki) |
මේ Anime එකේ නමේ තියනවනෙ Crybaby කියලා කොටසක්. Akiraට පුරුද්දක් තියනවා අනුන්ගෙ දුකේදි අඩන. දැන් තේරෙනවා ඇතිනෙ මේ Anime එකට ඒ නම ලැබෙන්න හේතුව. ඒ වගේම Akira කියන්නෙ අනුන්ගෙ තාඩන පීඩනවලට ලක් වෙන අහිංසක කොල්ලෙක්. ඇග පතේ ශක්තිය පැත්තෙන් ගත්තත් Akira කියන්නෙ දුර්වල පුද්ගලයෙක්. Akiraගෙ හොදම යාලුවා තමයි Ryo. Ryo Asuka.
![]() |
(Ryo Asuka) |
මේ දෙන්නගෙ යාලුකම පලවෙනි Episode එකේදිම ලස්සනට පෙන්නනවා. Akira තමන්ගෙ දුක පිටතට පෙන්නුවට Ryo කියන්නෙ තමන්ගෙ හැගීම් පිටතට පෙන්නන කෙනෙක් නෙවෙයි.
කතාව පටන් ගන්නෙ Ryo Akiraව හොයාගෙන එන තැනකින්. ඇවිත් කියන්නෙත් ගොඩක් පුදුම හිතෙන කතාවක්. Ryo කියනවා මේ ලෝකයේ මිනිස්සු අතරම Demonලත් ජීවත් වෙනවා කියලා. ඒ මිනිස්සුන්ගෙ ස්වරූපයෙන්. ඒ වගේම Ryo කියනවා මිනිස්සු මේ ලෝකෙට බිහිවෙන්න කලින් ඉදන්ම Demonsලා මේ ලෝකෙ ජීවත් වෙලා තියනවා කියලා. මේ Demonsලට බැදී පවතින්න තවත් ජීවියෙක් අවශ්‍ය කරනවා. ඒ නිසා කාලෙන් කාලෙන් ඇති වෙන උසස් ජීවීන් සමග තමයි මේ Demonsලා බැදිලා ජීවත් වෙන්නෙ. Ryo Akiraව හොයන් ඇවිත් උදව් ඉල්ලන්නෙ මේ ගැන සාක්ශි හොයාගෙන Demonsලා ගැන මේ ලෝකයට Reveal කරන්න (එලි කරන්න). කොහොම හරි Ryo Akiraව එක්කන් යනවා "Sabbath" කියලා Party එකකට.

(Sabbath Party) |
මෙතන Night Club එකක් වගේ. Ryo කියන විදිහට Sabbath Partyවල ඉන්න පුද්ගලයින්ට රාක්ශයන් සමග Connections තියෙනවා. මීට පස්සෙ Ryo මහ පුදුම වැඩක් කරනවා. ලග තියම වීදුරු බෝතලක් බිදලා ඒකෙන් අනින්න ගන්නවා Party එකේ ඉන්න මිනිස්සුන්ට. මේ වෙලාවෙ තමයි Party එකේ ඉන්න මිනිස්සු ගොඩක් දෙනෙක් Demonsලා වෙන්න පටන් ගන්නෙ. මේ අතරෙ Akira පස්සෙනුත් Demon කෙනෙක් පන්නන්න පටන් ගන්නවා. ඒ වෙලාවෙම Akiraත් Demon බවට පත් වෙනවා. හැබැයි මෙයා නම් දෙකයි පනහෙ එකෙක් නෙවේ. මේ Demonගෙ නම Amon. Demonsලා අතර ඉන්න දරුනුම Demon කෙනෙක්. මේ Amon Sabbathවල ඉන්න Demonsලා ඔක්කොම මරලා දානවා.
![]() |
(Amon) |
Amon Akiraගෙ Body එකට ආවට පස්සෙ Akiraගෙ Personality එක එහෙම් පිටින්ම වෙනස් වෙනවා. ලැජ්ජාශීලී දුර්වල කොල්ලෙක් විදිහට හිටපු Akira හැඩි දැඩි ක්‍රියාශීලී පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් මේ Amon මොන වගේ Demon කෙනෙක්ද, එයා කොහොමද Akiraගෙ ඇගට ආවෙ, එයා මිනිස්සුන්ගෙ පැත්තෙද නැත්නම් Demonsලගෙ පැත්තෙද, Amon Evil සයිඩ් එකේ නෙවෙයිනම් එයා මිනිස්සුන්ව කොහොම බේර ගනියිද, Ryoට මොනවා වෙයිද? මේ ප්‍රශ්නවලට උත්තර හොයා ගන්න ඕනෙ නම් Devilman Crybaby බලන්නම වෙනවා.
තවත් දෙයක් කියන්න ඕනෙ. මම මේ Anime එක Beginner කෙනෙක්ට නම් Recommend කරන්නෑ. ඒ මොකද කිව්වොත් මේකෙ තියනවා ගොඩක් Emotional Scenes වගයක් අන්තිමට. පලවෙනි Anime එක විදිහට මේක මුලින් බැලුවොත් කන්ෆියුස්ඩ් උන්ගා බුන්ගා වෙයි. පව්ලක තියන වටිනාකම,මිතුදමේ වටිනාකම, සහකම්පනය මේ වගේ ගොඩක් කරුනු Focus කරලා තමයි මේ Anime එක හදලා තියෙන්නෙ. මිනිස්සු මොන තරම් කෲර සත්ත්ව කොට්ඨාසයක්ද, තමන්ගෙ වර්ගයාවම සිත් පිත් නැතුව කොහොම විනාශ කර ගන්නවද කියලා මේ Episode දහය ඇතුලෙ ලස්සනට කැටි කරලා පෙන්නලා තියනවා. ලොකු Betrayal එකකුත් බලාගන්න පුලුවන් මේකෙදි. ආසාවෙන් බලපු එකෙක්ට නම් අනිවා ඇඩෙනවා අන්තිම Episode ටික බලද්දි. ආ අමතක උනානෙ මරු Twist එකකුත් තියේ මේ Anime එකේ. Beginner කෙනෙක්ට හොද Anime කිහිපයක් වෙනම ලිපියකින් අරන් එන්නම්. ජය !!!

(Akira and Ryo) |
පහරක් තමා..මාත් බැලුවා ඕක 😍💥
ReplyDeletesu thiyenwda
ReplyDeleteoluwa wikara wela eka gana hitha hitha hitiya nidaganneth nathuwa athana scene eken passe :)
ReplyDelete