Endgame එක Avatar බොක්ස් ඔෆීස් පහු කරලා අවුරුදු දෙකක්




(Screenshot - 2019 July)
 

මීට අවුරුදු 2කට කලින් ඊයෙ (20) වගේ දවසක තමා 2009 ඉදන් බොක්ස් ඔෆිස් වැඩි ආදායම් ෆිල්ම් අතර මුල් තැන තිබ්බ ජේම්ස් කැමරන් ගේ Avatar ෆිල්ම් එක පහු කරමින් Avenger Endgame ෆිල්ම් එක මුල් තැනට ආවේ ඒ ඇවටාර් ෆිල්ම් එක ගහපු $ 2,787,965,087 පහු කරමින්. මේකට ගෞරවය ක් විදිහට ජේම්ස් කැමරන් පොඩි ආර්ට්වර්ක් එකකුත් පල කරලා තිබ්බා. මේ තියෙන්නෙ ඒක...



අපේ මේ අසිරිමත් ලංකාවේ දේශපාලකයන් ගේ වගකීමක් නැති වැඩ නිසා උන පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර නිසා අප්‍රේල් 26 තියටර් එකට එන්න තිබ්බ එන්ඩ්ගේම් එක මැයි 3 වෙන්කන් කල් ගියා. කැම් කොපි බලපු සමහර ගොබ්බ පිරිසක් නිසා,,,

ඈන්ට් මෑන්ගේ රිටන් එක,

ටයිම් ට්‍රැවලින් එක,

හල්ක්ගේ ස්නැප් එක,

වැනිශ් උන අයගේ නැවත පැමිණීම,

එන්ඩ්ගේම් ෆයිනල් බැටල් එක,

කැපා හැමර් එක උස්සන එක,

ටෝනිගෙ ස්නැප් එක, වගේ ගොඩාක් ස්පොයිල් උනා. මේක ලියන මගේ වාසනාවට මම ඒ මාසෙම ෆේස්බුක් ආවේ නෑ ඉතින් පට්ටට එන්ජෝයි කලා. ස්පොයිල් අතරින් සමහරු ෆිල්ම් එක බැලුවා.

කොහොම උනත් කොවිඩ් 19 තත්ත්වය නිසා ගොඩාක් Upcoming Movies Postpone උන නිසා පරණ ෆිල්ම් ගොඩාක් ආයේ තියටර් වලට ආවා ඒ අතර ජේම්ස් කැමරන් ගේ Avatar ෆිල්ම් එකත් තිබ්බා එව් නිසා නැවත 2021 මාර්තු 13 වෙනිදා ආයෙත් බොක්ස් ඔෆිස් පලමු තැනට ආවා ඒ $2,847,246,203 මුදලක් සම්පූර්ණ කරමින්.




කොහොම උනත් මගේ පෞද්ගලික මතය එන්ඩ්ගේම් වගේ හයිප් එකක් හදපු ෆිල්ම් එකක් ආයේ කාලෙකට මොනම යුනිවර්ස් එකකින් එන එකක් නෑ අඩුම ගානේ මාවල් එකෙන් වත්, ඒත් මේ ලොකී සීරීස් එකත් එක්ක ලොකු පෙරලියක් වෙලා තියනවා වගෙ පේනවා, මේ ඇතිවුන මල්ටිවර්ස් එක නිසා Doctor Strange In the Multiverse of Madness එකත් තව එක ඇවෙන්ජර්ස් ෆිල්ම් එකක් වෙන්නත් ඉඩ තියනවා 😋😋😂

දැන් පහු කරපු හැම ෆිල්ම් එකක්ම තියටර් වලට එන නිසා ආයේ ඇවෙන්ජර්ස් එන්ඩ්ගේම් එක තියටර් වලට එයිද කියන්න බෑ ඒ ආවොත් ආයේ ඇවටාර් පහු කරන්න බැරිකමකුත් නෑ මොකද රිලීස් වෙලා මාස 3ක් යන්න කලින් බොක්ස් ඔෆිස් බ්‍රේක් කලා නම් වගේම ෆයිගි බොසාගෙ මොලේ එක්ක ඕක බැරි කමක් නෑ 😂😂 අපි බලමු ඉස්සරහට තත්ත්වය කොහොම වෙයිද කියලා 😎


(Source - The Hollywood Reporter)

1 Comments

Post a Comment
Previous Post Next Post