ටික දවසකට කලින් Hollywood වල තිබ්බ Warner Bros. Studio Tour එකේදී The Hollywood Reporter හි වාර්තාකරුවෙක් එක්ක තිබ්බ ඉන්ටවීව් එකක Patty Jenkins ඒ කියන්නේ Wonder Woman ෆිල්ම්ස් Direct කරපු Director, Film Studios විසින් ඩොලර් බිලියන් ගණන් ආදායම් ලබන ෆිල්ම් නිෂ්පාදනය කිරීම නවතා ස්ට්‍රීමින් සර්විස් වලට අවධානය දීම ගැන එයාගේ මතය ඉදිරිපත් කරලා තියෙනවා.
මේකේ දි එයා කියලා තියෙන්නේ Studios විසින් මේ විදිහට තියටර්ස් වලට සහ ස්ට්‍රීමින් සර්විසස් යන දෙකටම එකම කාලෙක ෆිල්ම් රිලීස් කිරීම දිගටම පවත්වාගෙන නොයාවි කියලා.ඩොලර් බිලියන ගණනින් ආදායම් හොයන Avengers,Star Wars සහ Jurassic World වගේ ෆිල්ම් නිෂ්පාදනය කරන්නේ තියටර් වලට රිලීස් කරලා කෙටි කාලයක් ඇතුළත විශාල ආදායමක් ලබාගන්න.නිෂ්පාදනය කරන ෆිල්ම්ස් සියල්ලගේම ආදායම් ලබාගන්නේ ස්ට්‍රීමින් සර්විසස් හරහා නම්, ලොකු බජට් එකක් තියෙන ෆිල්ම්ස් හදන එක නවතින්න ඉඩතියෙනවා.එයා කියන්නේ කෙටි කාලයක් තුළ විශාල ආදායමක් හොයාගන්න පුළුවන් ෆිල්ම්ස් නිෂ්පාදනය නවත්වන එක ස්ටූඩියෝ වලට ආර්ථික වාසියක් අරන් එන්නේ නෑ කියලා.
![]() |
Patty Jenkins at Warner Bros. Studio Tour |
ළඟක් වෙනකන් ගොඩක් අයට ස්ට්‍රීමින් සර්විස් එකක් විදිහට තිබ්බේ Netflix විතරයි.දැන් හැම ස්ටූඩියෝ එකකින්ම වගේ ස්ට්‍රීමින් සර්විසස් පටන් අරන් තියෙනවා.Patty ගේ තර්කය වෙන්නේ මිනිස්සුන් ට මේ හැම ස්ට්‍රීමින් සර්විස් එකකටම සබ්ස්ක්‍රයිබ් කරන්න හැකියාවක් නෑ කියලා.එයා කියන්නේ මිනිස්සු කැමතියි තියටර්ස් වලට යන්න.කලින් ඉඳන්ම මිනිස්සු ගෙවල් වල ඉඳන් ෆිල්ම්ස් බැලුවා.ඒක අළුත් දෙයක් නෙවේ.ඒ නිසා තියටර්ස් වලට ෆිල්ම් එන එකත්, මිනිස්සු තියටර්ස් වලට යන එකත් නවතින්නේ නැතිවෙයි කියලා තමයි කියන්නේ.මේ වෙනකොට Fast 9 ෆිල්ම් එකේ ආදායම 500 Million Dollar වලට ළංවෙලා.ඒ කියන්නේ ආයෙත් සිනමාව පෙර පැවති තත්වයට ම එන්න හදනවා කියන එකයි.
ඒ වගේම මේ ඉන්ටර්වීව් එකේ දී Patty එයාගේ Wonder Woman 1984 ෆිල්ම් එකේ රිලීස් එක ගැන අදහස් කියලා තියෙනවා.කිසිම ෆිල්ම් එකක් රිලීස් නොවෙන කාලෙක මේ ෆිල්ම් එක තියටර්ස් වලට රිලීස් කරපු එක, ෆිල්ම් එකට හොඳ ආදායමක් ලැබුණෙ නැති එකට හේතුවක් කියලා එයා කියලා තියෙනවා.ඒත් තියටර් හෝල් වල අයිතිකරුවන්ගෙන් තිබ්බ දැඩි ඉල්ලීම නිසා ෆිල්ම් එක රිලීස් කරන්න වෙලා තියෙනවා.මොකද ඒ වෙනකොටත් ෆිල්ම් එකේ රිලීසින් ඩේට් එක කිහිප විටක් ම කල් ගිහින් තිබුණේ.
![]() |
Wonder Woman 1984 |
Patty Jenkins ගේ මීළඟ ප්‍රොජෙක්ට් එක වෙන Disney වල Star Wars ෆිල්ම් එක ගැනත් එයා අදහස් කිහිපයක් දක්වලා තියෙනවා.මේ ෆිල්ම් එකේ නම Star Wars : Rogue Squadron.මේ ෆිල්ම් එක අනවුන්ස් කරන්නත් මාස 6 කට කලින් ඉඳන් එයා මේකට සම්බන්ධ වෙලා තියෙනවා.මේ වෙනකොට ෆිල්ම් එකේ ස්ක්‍රිප්ට් එකේ වැඩ බොහෝදුරට ඉවරයිලු.ෆිල්ම් එකේ ක්‍රියේටිව් පැත්ත සම්පූර්ණයෙන්ම බාර දීලා තියෙන්නේ තමන්ට කියලා Patty කියනවා.එයා කියලා තියෙනවා මේ ෆිල්ම් එක Star Wars යුනිවර්ස් එකේ ඊළඟ චැප්ටර් එක නිසා ඒ ගැන වඩාත් වගකීමකින් වැඩ කරන්න වේවි කියලා.ඒ වගේම ඒක අළුත් දේවල් ආරම්භ කරන්නත් හොඳ අවස්ථාවක් කියලා කියනවා.
![]() |
Patty Jenkins at Star Wars Announcement |