Zack Snyder ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ සිනමා තිරයට වෙනස් ම ආකාරයේ විශුවල්ස් ගේන ඩිරෙක්ටර් කෙනෙක් හැටියට.Snyder ගේ ඕනම ෆිල්ම් එකක් බලපු කෙනෙක් ට ඒක හොඳින්ම තේරෙනවා.ඒ වගේම ආගමික රිෆරන්සස් ෆිල්ම් වලට වැඩිපුර යොදාගන්නත් Snyder කටයුතු කරනවා.Bold Visuals සහ Religious References කියන්නේ Snyder ට ම යුනික් වෙච්ච දේවල් දෙකක්.ඒ වගේම ෆිල්ම් එකක් ඩිරෙක්ට් කරනකොට ගොඩක් වෙලාවට ෆිල්ම් එකේ තියර්ටිකල් වර්ෂන් එකේ ඒ කියන්නේ තියටර්ස් වල පෙන්නන වර්ෂන් එකට අමතරව සෑම විටම විකල්ප වර්ෂන් එකකුත් හදන එක Snyder ගේ පුරුද්දක්.හැම ෆිල්ම් එකකම ඩිරෙක්ටර්ස් වර්ෂන් තිබ්බට Snyder හැම වෙලාවෙම එයාගේ ෆිල්ම් වල ඩිරෙක්ටර්ස් වර්ෂන් එකට ලොකු අවධානයක් දෙනවා.
![]() |
Zack Snyder |
මේ විදියට Snyder ගේ ෆිල්ම් කිහිපයක ම ඩිරෙක්ටර්ස් වර්ෂන් රිලීස් කරලා තියෙනවා.ඒ අතර Dawn Of The Dead,Watchmen,Batman vs Superman : Dawn of Justice ෆිල්ම් වල ඩිරෙක්ටර්ස් කට්(වර්ෂන්) තියෙනවා වගේම ළඟදී HBO MAX හරහා රිලීස් වුණ Zack Snyder's Justice League එකත් ඩිරෙක්ටර්ස් කට් එකක්.ඒ වගේම ළඟකදී Snyder 2011 දී ඩිරෙක්ට් කරපු Sucker Punch ෆිල්ම් එකෙත් Snyder Cut එකක් එහෙම නැත්නම් ඩිරෙක්ටර්ස් කට් එකක් තියෙනවා කියලා අපිට දැන ගන්න ලැබුණා.Snyder මේ ගැන කියලා තිබුණේ Sucker Punch එකනු එයාට ආර්ථික නැත්නම් ආදායම් ලබාගැනීමේ හේතු මත වෙනස් කරන්න වුණ පළවෙනි ෆිල්ම් එක කියලා.ඒ නිෂ්පාදන ආයතනය වන Warner Bros. ස්ටූඩියෝ එකේ ඉල්ලීම නිසා.
![]() |
Sucker Punch directed by Zack Snyder |
ඒ වගේම මේ Sucker Punch ෆිල්ම් එකේ Amber චරිතය කරපු Jamie Chung , The Hollywood Reporter සමඟ තිබුණ ඉන්ටර්වීව් එකක දී Sucker Punch ෆිල්ම් එකේ Directors Cut එක ගැන කතා කරලා තියෙනවා.ඒකෙදි එයා කියලා තියෙන්නේ තියර්ටිකල් වර්ෂන් එක PG-13 වලට ගෙනාපු නිසා ශූට් කරපු ගොඩක් සීන්ස් සහ ප්ලොට් එකත් ටිකක් වෙනස් කරන්න වුණා කියලා.ඒත් පැහැදිලිවම මේක R-rated ෆිල්ම් එකක් වෙන්න ඕනේ කියලා බලපු අයට තේරෙනවා.ෆිල්ම් එකේ ඩිරෙක්ටර්ස් වර්ෂන් එක සෑහෙන දිග එකක් කියලා තමයි Chung කියන්නේ.හැම සීන් එකකට ම වගේ විනාඩි 10 ක අමතර කොටස් තියෙනවා කියලත් Chung කියලා තියෙනවා.ශූටින් වලටම මාස 6 ක් ගිහින් තියෙනවා.සාමාන්‍යයෙන් Snyder ගොඩක් ඉක්මනින් ශූටින් ඉවර කරන කෙනෙක්.මේකට මාස 6 ක් ගිහින් කියන්නේ ෆිල්ම් එක සෑහෙන දිග වෙන්න ඕනේ කියලා ඕනම කෙනෙක්ට තේරෙනවා.ඒ වගේම Chung සෑහෙන බලාපොරොත්තුවකින් ඉන්නවා Zack Snyder's Justice League එක වගේම Sucker Punch එකෙත් Snyder Cut එක රිලීස් වෙයි කියලා.
![]() |
Jamie Chung |
කොහොමවුණත් Zack Snyder's Justice League එක HBO MAX හරහා රිලීස් කිරීමෙන් පස්සේ Warner Bros. සහ Snyder අතරේ හොඳ සම්බන්ධතාවයක් නැහැ කියලා හැමෝම දන්න කාරණයක්.Justice League එකේ Viewings වල දත්ත මේ වෙනකොටත් Warner Bros. ලා හරියට එළියට දීලා නෑ.කොහොමවුණත් HBO MAX ප්‍රොමෝට් කරන්න හරි නැත්නම් ඒ වගේ කමර්ෂල් හේතු මත Sucker Punch එකේ Snyder Cut එක රිලීස් කරන්න Warner Bros.ලා එකඟ වෙන්න පුළුවන්.දැන් Warner Bros. ලා Discovery ආයතනයත් එක්ක යන වෙනම ම ආයතනයක් නිසා දේවල් වෙනස් වෙන්න පුළුවන්.කොහොමහරි Zack Snyder's Justice League බලන්න ලැබුණා වගේ Zack Snyder's Sucker Punch එකත් ළඟදීම බලන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙමු.
(Source - The Hollywood Reporter)
ටිකිරි MAGAYCA ❤
ReplyDelete❤️👍
ReplyDelete