නොනැසෙන මිනිසා ටොම් හෑන්ක්ස්


තෝමස් ජෙෆ්‍රි හෑන්ක්ස් එහෙමත් නැත්තං අපි හැමෝම දන්න ටොම් හෑන්ක්ස් ඉපදෙන්නේ 1956 ජූලි මාසේ 9 වෙනිදා (දැන් වයස අවුරුදු 65 ක්) Janet Marylyn සහ Amos Mefford Hanks ගේ තුන්වෙනි දරුවා විදියට. ටොම් කියන්නේ ඇමරිකානු නලුවෙක් සහ චිත්‍රපට නිෂ්පාදකයෙක්. ඒ වගේමයි ක්ෂේත්‍රයේ අය මෙයාව බොහොම හොඳ Comedian කෙනෙක් විදියටත් හඳුන්වනවා. මේ වෙනකොට ටොම් ගේ Net Worth එක ඇමරිකානු ඩොලර් මිලියන 365 ක්.

ටොම් ගොඩාක්ම ප්‍රසිද්ධ වෙන්නේ 1994 ආපු Forrest Gump ෆිල්ම් එකෙන් උනාට, ටොම් කියන්නේ 1977 ඉඳලම ෆීල්ඩ් එකේ හිටපු කෙනෙක්. 1977 ඉඳන් අවුරුදු තුනක් තිස්සේ ටොම් Theater Production, Lighting, Set Design, සහ Stage Management වගේ හැමදෙයක්ම ඉගෙන ගන්නවා. මේ කාලය ඇතුලත ටොම් Cleveland Critics Circle Award for Best Actor (1978) සම්මානය දිනාගන්නත් සමත් වෙනවා. ඒකෙන් තමා ටොම් ට සිනමාවට දොර ඇරෙන්නේ. පේනවනේ නිකන් පාත් වෙච්ච මිනිස්සු නෙමෙයි මේ. මෑත කාලයේදි (2010) ඒ සිද්ධිය අලලා Time magazine එක ටොම්ව නම් කරනවා Top 10 College Dropouts කියන ලිස්ට් එකටත්.

Tom Hanks (1989)

1979 දී, නිව්යෝර්ක් වලට එන ටොම් හෑන්ක්ස් (මුලින් ඉඳලා තියෙන්නේ කැලිෆෝනියා වල) එහෙදි තමයි තමන්ගේ පලවෙනි චිත්‍රපට රඟපෑම සිදු කරන්නේ. ඒ low-budget slasher film එකක් වෙච්ච  He Knows You're Alone (1980) ෆිල්ම් එකෙන්. ඊට පස්සේ Mazes and Monsters කියන ටීවී ශෝ එකෙත් ප්‍රධාන චරිතයක් කරන්න ටොම් ට අවස්ථාව ලැබෙනවා. Comedy කතාවක් වෙච්ච Big (1988) ෆිල්ම් එකෙන් ලබපු විශාල සාර්ථකත්වය නිසා තමයි ටොම් ගෙ හැකියාවන් හොලිවුඩ් වල හයිලයිට් වෙන්න ගන්නේ. නමුත් ඊට පස්සේ අවුරුදු ගණනාවක් යනකන් කවුරුත් නොහිතන විදියට ටොම් ගෙ Box Office ඩවුන් වෙනවා...

ඊට පස්සේ 1993 තිරගත වෙච්ච Philadelphia ෆිල්ම් එකෙන් තමා ටොම් උඩට එන්නේ. මේකෙදි ටොම් සමලිංගික නීතිඥයෙක්ගේ චරිතයක් තමයි කරන්නේ. මේ චරිතය වෙනුවෙන්ම ටොම් තමන්ගේ බර රාත්තල් 35 අඩු කරගෙන කෙට්ටු වෙලා සූදානම් වෙනවා. ඉතින් මේ වෙනුවෙන් 1993 දි හොඳම නලුවා සඳහා හිමිවෙන ඇකඩමි සම්මානය දිනාගන්නත් ටොම් සමත් වෙනවා...


Philadelphia (1993)

මේ සාර්තකත්වයත් එක්ක තමයි ටොම් 1994 තිරගත Forest Gump චිත්‍රපටයට දායක වෙන්නේ. බලලා නැත්තං අනිවාර්‍යෙන් බලන්න කියලා කියනවා. මේක මාරම ලස්සන ෆිල්ම් එකක්. ලෝකේ පුරාම ඩොලර් මිලියන 600 ක බොක්ස් ඔෆිස් අදායමක් හොයන්නත් මේ චිත්‍රපටය සමත් වෙනවා. ඒ කාලේ හැටියට ලොකු ගාණක් ඒක.

Forrest Gump (1994)


ඒ විතරක් නෙමේ දෙවනි වතාවටත් ටොම් හොඳම නලුවා සඳහා හිමිවෙන ඇකඩමි සම්මානය දිනාගන්නවා මේ Forrest Gump එකේ රඟපෑම සඳහා.

Tom Hanks Winning 1995 Academy Award for the Best Actor

ඊට පස්සේ (2000න් පස්සේ) අපිට ටොම් හෑන්ක්ස් ගේ වැඩ බලාගන්න හම්බුනා Band of Brothers කියන HBO මිනි සීරීස් එකේ ඩිරෙක්ටර් කෙනෙක් විදියටත්. ඊට අමතරව,

➤ The Green Mile (1999)
➤ Cast Away (2000)
➤ Catch Me If You Can (2002)
➤ The Terminal (2004)
➤ The Da Vinci Code (2006)
➤ Mamma Mia (2008)
➤ Angels and Demons (2009)
➤ Cloud Atlas (2012)
➤ Captain Philips (2013)
➤ Bridge Of Spice (2015)
➤ The Circle (2017)
➤ Mamma Mia 2 (2018)
➤ Toy Story 4 (2019)
➤ Greyhound (2020)

වගේ අතිශය ජනප්‍රියම වුන චිත්‍රපටවල ප්‍රධාන චරිත නිර්මාණය කරන්න ටොම්ට හැකි වෙනවා.

Greyhound (2020)


Catch Me If You Can (2002)

නිර්මාණ වලින් අපිට ටොම්ව බලාගන්න පුලුවන් උනා. ඒ වගේම තමා 2022 දි එන Elvis චිත්‍රපටෙයෙනුත් අපිට ඉස්සරහට ටොම්ව බලාගන්න පුලුවන්. 

ටොම් කියන්නේ දෙපාරක් විවාහ වෙලා, ළමයි 4 දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක්. ඒ වගේමයි ඇකඩමි සම්මාන හයකට නිර්දේශ වෙලා ඒකෙන් 2 දිනපු සහ Emmy සම්මාන 7 ක් දිනපු නලුවෙක්. ඒ වගේමයි ටොම් 2020 දි Golden Globe සම්මානයක් දිනාගන්න සමත් වෙනවා සහ මෑතකදි වෙච්ච සිදුවීම් නිසා ඒ සම්මානය ආපහු බාරදෙන්න තරම් කොන්දක් තිබ්බ පුද්ගලයෙක් තමයි ටොම් හෑන්ක්ස් කියන්නේ. ❤️🔥 

Tom Hanks (2019)


Post a Comment (0)
Previous Post Next Post