මාර්වල් විශ්වයේ දැවැන්තයෝ - Largest Marvel Comics Characters



මුලින්ම කියන්න තියෙන්නේ මේක පට්ට සංකීරණ වගේම හෙනම ආතල් කතන්දරයක්. මේක ලියන්න මූලික උනේ පහුගිය දවසක අපේ ගෲප් එකේ දඩාර වලියක් ගිහින් ඒ වලිය සමනය උනේ මෙන්න මේ කාරණාව ඇදිලා ආව නිසා තමා. කොල්ලො කොච්චර මරාගත්තත් එතනට ෆිල්ම්,කොමික්,සීරිස් එකක් ගෑවුන ගමන් ඒ වලි කොහෙන් ගියාද නෑ. කතාව ඇදිලා යනකොට තමා මටත් තේරුනේ මාත් මේ ගැන හරියට දන්නේ නෑනේ කියලා. මං සාමන්‍යයෙන් DC comic ගැන ගොඩක් බැරෑරුම් දේවල් බලෙන් හොයන්න යන්නේ නෑ. මොකද එහෙම කරන්න ගියොත් අංගොඩ නතර වෙන්නේ. IDH එකේ නෙමේ පිස්සන් කොටුවේ. ඒ තරම් සංකීරණයි. ඔලුව විකාර වෙනවා. හැබැයි මාර්වල් ඒම නෙමේ. සංකීරණ නෑ කියලා නෙමෙයි කියන්නේ. ඒත් මිනිස්සුන්ට දරාගන්න පුලුවන් ගානට සංකීරණ කරලා තියෙන්නෙ. ඒක නිසාම තමා මාර්වල් කොමික් වලින් මෙච්චර ලස්සන ෆිල්ම් ටිකක් එහෙම හදාගන්නත් පුලුවන් උනේ. හරි බයිලා ඇති. කතාවට බහිමු. මං මෙතනදී මේ කට්ටියගෙ පවර්ස් ගැන ලොකුවට කියන්නේ නෑ. ඒවා තව දවසක අරන් එන්නම්. 


10. Giant Man


අපේ ඈන්ට් මෑන්ට පොඩි වෙන්න වගේම ලොකු වෙන්නත් පුලුවන් කියලා දන්නවානේ. ඉතිං මිනිහා ලොකු උනාම තමා Giant Man කියන්නේ. Endgame අන්තිම ෆයිට් එක එහෙම මතකයිනේ. කොහොමහරි මෙයාට අඩි 60ක් වෙනකම් විශාල වෙන්න පුලුවන්. ඒ කියන්නෙ ආසන්න වශයෙන් මීටර් 18.2ක් වගේ.


09. Surtur


තොර් රැග්නරොක් එකේ ඉන්න තඩි අං දෙකක් තියෙන ගිනි ගන්න හාදයා මතකයි නේද. ආන් එයා තමා මේ. මේයාට පුලුවන් අඩි 1000ක් වෙනකම් විශාල වෙන්න. ඒ කියන්නේ මීටර් 304.8ක් වගේ. මෙයාගේ සම්පූරණ සයිස් එක තමා තෝර් රැග්නරොක් ෆිල්ම් එකේ අන්තිමට ඔයාලට බලාගන්න පුලුවන් වෙන්නේ. 


08. Nezarr


මේ හාදයාවනම් ෆිල්ම් වල පෙන්නලා නෑ. කොමික් වල තමා ඉන්නේ. කොහොමහරි මේයාගෙ උස අඩි 2000ක් වගේ වෙනවා. මීටර් 608ක් වගේ. නිකන් ඉමැජින් කරලා බලන්නකෝ. හෙන විහිලුවක් වගේ පෙනුනනට පට්ට ඉන්ටරස්ටින්...


07.  Apocalypse Beast


මෙයත් ෆිල්ම් වල නෑ. කොමික් වලදී මෙයාගෙ උස අඩි 15,000ක් විතර වෙනවා. සෙල්ලම් නෑ. කිලෝමීටර් 4.5ක් උසයි. 


06. Exitar


මෙයත් තාම ෆිල්ම් වල පෙන්නලා නෑ. කොමික් වලදී මෙයාගේ උස අඩි 20 000ක් වෙනවා. කිලෝමීටර් 6ක් උසයි පුතේ.


05. Ego


ඔන්න මේ හාදයානම් ෆිල්ම් එකක හිටියා. මතකද Gurdians of the Galaxy දෙවෙනි ෆිල්ම් එකේ විලන් එහෙම නැත්තම් අපේ ස්ටාර් ලෝඩ්ගේ තාත්තා විදියට හිටියේ මෙයා. ඇත්තටම ස්ටාර් ලෝඩ්ගේ තාත්තා මෙයා තමා. ෆිල්ම් එක මතකනම් ඔයාලා දන්නවා ඇතිනේ මෙයා තනිකරම ග්‍රහ ලෝකයක් කියලා. ෆිල්ම් එකට අනුවනම් මෙයාගේ විශාලත්වය අපේ චන්ද්‍රයට සමානයි. හැබැයි කොමික් වලදී මෙයා ඊට වඩා විශාලයි. කොමික් වලදී මෙයාගේ විශාලත්වය, විශාලත්ව කිව්වට හරිම වචනේ තමා විශ්කම්භය. මොකද මෙයා ග්‍රහලෝකයක්. කොහොමහරි කොමික් වලදී මෙයාගෙ විශ්කම්භය කිලෝමීටර් 6779ක් විතර වෙනවා. තව ටිකක් තේරෙන්නෙ කිව්වොත් අගහරු වල විශාලත්වයට සමානයි. අම්බෝව් සාංත නෙහ්....


04. Midgard Serpent (Jörmungandr)


මෙයත් ෆිල්ම් වලනම් නෑ. හැබැයි ඉස්සරහට දකින්න ලැබෙයිද දන්නේ නෑ. මොකද මෙයා ලෝකිගෙ ළමයෙක්. ලෝකිව දන්නවානේ. තෝර්ගෙ මලයණ්ඩි. #227 වන තෝර් කොමික් කලාපයෙන් තමා අපිට මෙයාව මුලින්ම බලාගන්න හම්බෙන්නේ. මේ කොමික් එකේදී මෙයා මුලු පෘථිවියම වෙලාගන්නවා. සර්පයෙක් වගේ. හිතාගන්නකෝ සයිස් එක. හැබැයි ඒ වෙලාවෙවත් මෙයාගෙ සම්පූර්ණ ශරීරයම සටනට එකතු වෙන්නෙ නෑ. ඒ තරම් විශාලයි. ආසන්න වශයෙන් කිව්වොත් මෙයාගේ දිග (විශාලත්වය) මීටර් මිලියන 51ක් වගේ. මිලියන ඇහ්. තව ටිකක් පහලට යනකොට මාත් නිකන් රෝසි ඇන්ටි වගේ එක් බිලියන හැටහතර දාස් හාර මිලියන එහෙම ගාන්න ගත්තොත් පුදුම වෙන්න එපා ඈ. ඒ තරම් ලොකුයි යකෝ මුන්.


03. Galactus


මෙයත් Gurdians of Galaxy පලවෙනි ෆිල්ම් එකේ යන්තම් පෙන්නනවා. අර ගාර්ඩියන් සෙට් එකට කලෙක්ටර් කාරයා පැහැදිලි කරලා දෙන්නේ ඉන්ෆිනිටි ස්ටෝන් හැදුන විදිය. අන්න ඒ වෙලාවේ තඩි අන් තට්ටුවක් තියෙන හෙල්මට් එකක් වගේ අයිටම් එකක් දාගත්ත විසාල හාදයෙක් පෙන්නන්නේ. ආන් එයා තමා ගැලක්ටස් කියන්නේ. ඒ වගේම Fantastic Four: Rise of the Silver Surfer ෆිල්ම් එකේදී අර පෘථිවිය වහගන්න විශාල කුණාටුවක් වගේ වෙලා එන්නෙත් මෙයාම තමා. මෙයාගෙ විශාලත්වයක් හරියටම කියන්න බෑ. මොකද මෙයා අවශ්‍ය කෙනාගෙ විදියට හැඩගැහෙනවා. මිනිහෙක්ටනම් මෙයා මිනිහෙක් වගේමයි. නිකමට ගානක් හදලා කිව්වොත් මෙයාගේ විශාලත්වය මීටර් මිලියන 51ක් වගේ.


02. Abstract Entities


කවුද මල්ලි මේ...මෙයාලා ඇවිත් විශ්වීය ශක්තියේ ජිවීන් කට්ටියක්. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් මෙයාලා මූලික පදාර්තයන් වල ජිවින් වගේ. මේ ගැන එක්ස්ප්ලේන් කොරන්න ගියොත් පුතේ හෙට එලිවෙනකම් මේ ලිපිය ලියන්න වෙනවා. මෙයාලටත් ශාරීරික පෙනුමක් නෑ. ගැලක්ටස් කාරයට වගේ. විශාලත්වය කියන්න බෑ. මුලු යුනිවර්ස් එකේම විශාලත්වය වගේ කියලා හිතාගන්නකෝ.


01. The Living Tribunal


මෙයා ඇවිල්ලා සමස්ත යුනිවර්ස් එකෙ ආරම්භයත් එක්කම ඉපදුන කෙනෙක්. ඒ වගේම තමා මාර්වල් විශ්වයේ දෙවෙනි ප්‍රධානියා මෙයා. ඔව්..මෙයාටත් උඩින් තව කෙනෙක් ඉන්නවා. මුලු මලිටිවර්ස් එකම රන් කරන් ඉන්නේ. විශාලත්වය ගැන සරලව කිව්වොත් කලින් කියපු Abstract Entities ලටත් මෙයාව පෙන්නේ ගොඩක් විශාල කෙනෙක් වගේ. මාරයි නෙහ්...සරලව කිව්වොත් මාර්වල් විශ්වයේ විශාලතම කෙනා තමයි මේ. මීටර් හෝ කිලෝමීටර් වලින් සයිස් එක කියන්න බෑ. වෙනම ප්‍රිසිස් ඩිග්‍රියක් කරන්න වෙනවා ඒකට.


ඔන්න ඒනම් කතාව ඉවරයි. ගිහින් එන්නම්. ඔයාලත් දාන්න දේවල් තියේනම් පහළින් කොමෙන්ටුව දාගෙන යන්න.


(Source - MarvelFandom/Wikipedia)


ලිපි නිර්මාණය හා අදහස - සනිදු ලක්ඛිත

1 Comments

  1. Guardians of the Galaxy 1st movie eke pennanne Galactus neme bro , E thamai Celestial , comic walata anuwa ETERNALS lawa nirmanaya kale celestials la , ekek neme godak innawa , Jack kirby thamai creator

    ReplyDelete
Post a Comment
Previous Post Next Post