මෙවර වැනිස් ෆිල්ම් ෆෙස්ටිවල් එකේ අළුත්ම තොරතුරු


ලොව ප්‍රමුඛතම ෆිල්ම් ෆෙස්ටිවල් එක වෙන Venice Film Festival එක මෙවරත් 78 වන වරට ඉතාලියේ පවත්වන්න නියමිතයි. මේ ෆිල්ම් ෆෙස්ටිවල් එක සැප්තැම්බර් 1 සිට 11 දක්වා කාලය තුළ පවත්වන්න නියමිතව තියෙනවා. Dune ඇතුළු ඉස්සරහට එන්න තියෙන සුපිරිම ෆිල්ම් ගොඩක් මේ ෆෙස්ටිවල් එකේ ප්‍රීමියර් කරන්න තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. ෆිල්ම් ෆෙස්ටිවල් එකේ ආරම්භය සඳහන් කරමින් Venice Film Festival එකේ ඔෆීසියල් පෝස්ටර් එක ඊයේ රිලීස් කරලා තියෙනවා. ඉතාලි ජාතික ඉලස්ට්‍රේටර් සහ කතුවරයෙක් වෙන Lorenzo Mattotti විසින් මේ පෝස්ටර් එක නිර්මාණය කරලා තියෙනවා. මේ පොස්ටර් එක පහළින් බලාගන්න පුළුවන්.

Venice Film Festival's Official Poster 

එමෙන්ම ෆිල්ම් ෆෙස්ටිවල් එකේ pre-opening එක අගෝස්තු 31 පවත්වන්න නියමිතයි. Pre-opening එක Covid -19 පැන්ඩමික් එක යටතේ ෆෙස්ටිවල් එක පැවැත්වුණු ආකාරය ගැන කියවෙන ෆිල්ම් එකකින් ආරම්භ වෙන්න නියමිතයි. ෆිල්ම් එකේ නම "La Biennale di Venezia: il cinema al tempo del Covid" English වලින් නම් "The Venice Biennale : Cinema In the Time of Covid". මීට අමතරව 1971 නිෂ්පාදනය වූ ඉතාලි ක්ලැසික් ෆිල්ම් එකක් වෙන "Per grazia ricevuta"(Between Miracles) වල නැවත සම්පාදනය කරපු කොපි එකක් ස්ක්‍රීන් කරන්න නියමිතයි. සැප්තැම්බර් 1 වනදා ෆිල්ම් ෆෙස්ටිවල් එක ආරම්භ වෙන්නේ Penelope Cruz ඉන්න අළුත්ම ෆිල්ම් එක වෙන "Parallel Mothers" ෆිල්ම් එකෙන්.

Penelope Cruz

ඒ වගේම ෆිල්ම් ෆෙස්ටිවල් එකේ ප්‍රධාන ජූරියේ ඒ කියන්නේ ජජ් බෝඩ් එකට මේ අවුරුද්දේ Oscar වල "Nomadland" ෆිල්ම් එක වෙනුවෙන් Best Picture සහ Best Director සම්මාන ලබාගත් චයිනීස්-ඇමෙරිකන් ඩිරෙක්ටර් කෙනෙක් වෙන Chloe Zhao එකතු වෙනවා. මෙයා තමයි ඉස්සරහට එන MCU ඉටර්නල්ස් එකෙත් ඩිරෙක්ටර්. මේ Nomadland චිත්‍රපටයත් ප්‍රීමියර් වුණේ කලින් අවුරුද්දේ තිබුණ මේ Venice Film Festival එකේම වීම විශේෂත්වයක්. එයාට අමතරව මේ ජජ් බෝඩ් එකේ (ජූරියේ) "Parasite" ෆිල්ම් එක ඩිරෙක්ට් කරපු Bong Joon Ho (මෙයා තමයි මේ ජූරි ජබ් බෝඩ් එකේ ප්‍රධානියා), ෆ්‍රෙන්ච් ඇක්ට්‍රස් කෙනෙක් වෙන Virginia Efira, U.K. වල ඇක්ට්‍රස් Cynthia Erivo, කැනේඩියන් ඇක්ට්‍රස් සහ ප්‍රොඩියුසර් කෙනෙක් වෙන Sarah Gadon සහ ඉතාලියේ ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් වෙන Saverio Costanzo සහ Romanian Helmer කෙනෙක් වෙන එහෙම නැත්නම් ඩිරෙක්ටර් කෙනෙක් වෙන Alexander Nanau කියන අය ඇතුළත් ව ඉන්නවා.

Chloe Zhao

මේ ෆිල්ම් ෆෙස්ටිවල් එකට වැඩිම අවධානයක් ගෙනල්ලා තියෙන්නේ Denis Villeneuve ගේ අළුත්ම ෆිල්ම් එක වෙන Dune. සිනමාලෝකයට එන අළුත්ම  ෆ්‍රැන්චයිස් එකක ආරම්භය මේ ෆිල්ම් එක වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ Dune ෆිල්ම් එක Venice Film Festival එකේ ප්‍රීමියර් එකෙන් පස්සේ ඒක බලපු අය දෙන රිවීව්ස් ෆිල්ම් එකේ සාර්ථකත්වයට සෑහෙන හේතු වෙන්න පුළුවන්. මීට කලින් ඩිරෙක්ටර්ස් ලා කීප දෙනෙක් ම විවිධ කාල වල මේ ෆිල්ම් එක හදන්න උත්සාහ කළත් ඒ කිසිම ෆිල්ම් එකක් සාර්ථක වුණේ නෑ. Dune ෆිල්ම් එකට තියෙන මේ කර්ස් එක (ශාපය) නැති කරන්න Denis ට පුළුවන් වෙයි ද යන කාරණය අපිට Venice ෆිල්ම් ෆෙස්ටිවල් එකෙන් ලැබෙන තොරතුරු වලින් බලාගන්න පුළුවන්. ඒ වගේම Dune වල ස්පෙෂල් ප්‍රස්න්ටේෂන් එකක් Toronto Film Festival එකේ ප්‍රදර්ශනය කරන්න නියමිතයි. මේ Dune ෆිල්ම් එකට අමතරව මේ ෆිල්ම් ෆෙස්ටිවල් එකේ බලාගන්න පුළුවන් ෆිල්ම් වල ලිස්ට් එක මේ ජූලි 26 නිකුත් වීමට නියමිතයි. ඒ ගැන තොරතුරුත් ඉදිරියේ දි අපි ඔයාලට ගේනවා. ඉතාලිය කියන්නේ Malena, A Room With a View සහ Call Me by Your Name වගේ ලෝකේ විශිෂ්ටතම ෆිල්ම් නිෂ්පාදනය කරපු ෆිල්ම් ඉන්ඩස්ට්‍රියක් තියෙන රටක්. අදටත් මම බලපු හොඳම ෆිල්ම් අතරින් එකක් විදිහට මම සලකන A Beautiful Life ෆිල්ම් එකත් ඉතාලියේ නිෂ්පාදනය කරපු ෆිල්ම් එකක්. ඉතින් මේ Venice ෆිල්ම් ෆෙස්ටිවල් එක ඉතාලියේ සිනමා ඉන්ඩස්ට්‍රිය ට සෑහෙන පිටිවහලක් වෙන ඉවෙන්ට් එකක්. ඉතින් මේ ෆිල්ම් ෆෙස්ටිවල් එකෙන් ප්‍රීමියර් කරන International ෆිල්ම් වලට අමතරව ඉතාලියේ නිෂ්පාදනය වෙන ලෝකල් ෆිල්ම් වලටත් අපි අවධානය දෙන්න ඕනේ.

A Visual Still from the Dune Movie

( Source - Variety )

Dune ෆිල්ම් එකේ අළුත්ම කැරැක්ටර් පෝස්ටර්ස් බලන්න පහළින් තියෙන ලින්ක් එක ක්ලික් කරන්න⬇️

https://reviewwhocares.blogspot.com/2021/07/blog-post_21.html




Post a Comment (0)
Previous Post Next Post