පහුගිය 23 වෙනිදා ආරම්භ වුන Cinema Con Convention එක ගැන මුලු ලෝකෙම ලොකු අවදානයක් යොමු උනේ Spiderman: No Way Home ට්‍රේලර් එක රිලීස් කරනවා කියලා ආරංචි ආව නිසා. ඉතිං අපි බලාපොරොත්තු උනා වගේම Cinema Con සමුලුවේ පළවෙනි දවසේ සෝනි ආයතනය කරපු ප්‍රසන්ටේශන් එක අතරතුරු No Way Home පළවෙනි ටීසර් ට්‍රේලර් එක රිලීස් කලා.
Spiderman No Way Home | Official Teaser Trailer
මේ ට්‍රේලර් එක ගැන අපේ සයිට් එකෙන් ගෙනාව සම්පූර්ණ බ්‍රේක්ඩවුන් එක කියවන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න 👇
https://www.reviewwhocares.com/2021/08/spider-man-no-way-home-teaser-trailer.html
හැබැයි සාමාන්‍යයෙන් සිනෙමාකොන් එකේදී ප්‍රසන්ට් කරන ගොඩක් දේවල් සෝශල්/ඩිජිටල් මීඩියා හරහා ප්‍රසිද්ධ කරන්නේ නෑ. හැබැයි ලොකුවටම හයිප් තියෙන මොනාහරි ආවොත් ඒක ඒ වෙලාවෙම සෝශල් මීඩියා වලටත් රිලීස් කරනවා (No Way Home ට්‍රේලර් එක වගේ).
නෝ වේ හෝම් එකට වඩා ගොඩක් ප්‍රොජෙක්ට්ස් ගැන අලුත් විස්තර මේ ඉවෙන්ට් එකේදී ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා කියන්න කලින් මොකක්ද මේ සිනමාකොන් කියන්නේ කියලා පොඩියට පැහැදිලි කරන්නම්.
මේ පාර පැවැත්වෙන සිනෙමා කොන් ඉවෙන්ට් එක අවසන් වෙන්නේ අපේ වෙලාවෙන් හෙට. මේ වෙනකොට ප්‍රධාන පෙලේ ස්ටූඩියෝස් කීපයක් එයාලගෙ ප්‍රසන්ටේශන් කරලා ඉවරයි. ඒ අතරින් විශේෂම ප්‍රොජෙක්ට්ස් කීපයක් ගැන විස්තර දැන් කතා කරමු.
Sony
ලිපියේ මුල කිව්වා වගේම මේ පාර සිනෙමා කොන් එක පටන් ගත්තේ සෝනිලා. No Way Home ට්‍රේලර් එක රිලීස් කලාට පස්සේ එයාලගෙ ස්ටූඩියෝ එක යටතේ එන්න තියෙන අනිත් ප්‍රොජෙක්ට්ස් ගැනත් කියලා තියෙනවා. මේවා අතර,- David Leitch අධ්‍යක්ෂණය කරන බ්‍රැඩ් පිට් ප්‍රධාන චරිත නිරූපණය කරන Bullet Train ෆිල්ම් එකේ පළවෙනි ෆුටේජ් එක,
- ටොම් හොලන්ඩ් ප්‍රධාන චරිත නිරූපණය කරන Uncharted ෆිල්ම් එකේ පළවෙනි ෆුටේජ් එක පෙන්නලා තියෙනවා.
මීට අමතරව,
- ඩෙන්සිල් වොශින්ටන්ගේ A Journal for Jordan, ඔලීවියා නිව්මන්ගේ Where The Carwdad's Sing සහ Devotion ෆිල්ම්ස් වල අලුත් ලුක්ස් ඉදිරිපත් කරලා තියෙනවා.
- ඒ වගේම අවසාන වශයෙන් සෝනි යටතේ ඉස්සරහට රිලීස් වෙන්න තියෙන ටොම් හාර්ඩිගේ Venom: Let There Be Carnage සහ ජෙරාඩ් ලෙටෝගේ Morbius ෆිල්ම් එකෙත් අලුත්ම ෆුටේජස් පෙන්නලා තියෙනවා.
Warner Bros.
වෝර්නර් බ්‍රෝස් කියන්නේ කොහොමත් පෙරලිකාර ස්ටූඩියෝ එකක්නේ. ගිය අවුරුද්දේ මෙයාලා එනවුස් කලා මේ අවුරුද්දේ එයාලගෙ ස්ටූඩියෝ එකෙන් එන හැම ෆිල්ම් එකක්ම තියටර්ස් වලට එන දවසෙම HBOmax එකටත් එනවා කියලා. අමුතුවෙන් කියන්න ඕනි නෑනේ මේ තීරණේට මුලු ඉන්ඩ්‍රස්ට්‍රි එකෙන්ම කොච්චර විරෝධයක් ආවද කියලා. ඉතිං සිනෙමා කොන් එක පටන් ගද්දිම සෝනි එකෙනුත් මේ තීරණේට විරෝධය පළකලා. කොහොමහරි මේ ඉවෙන්ට් එකේදී WB ලා ඉදිරිපත් කරපු ෆිල්ම්ස් මෙන්න මෙහෙමයි.
- 2022 එන්න තියෙන මැට් රීව්ස් අධ්‍යක්ෂණය කරන රොබර්ට් පැටින්සන් ප්‍රධාන චරිත නිරූපණය කරන The Batman ෆිල්ම් එකේ අලුත්ම ෆුටේජ් එකක් රිලීස් කලා.
ඔන්න මේ ෆුටේජ් එක ගැන සම්පූර්ණ විස්තරේ දැනගන්න ඕනිනම් මේ ලින්ක් එකට යන්න 👇
https://www.reviewwhocares.com/2021/08/cinemacon-batman-footage.html
- ඒ වගේම ඉස්සරහට එන්න තියෙන Matrix 4 එකේ පළවෙනි ට්‍රේලර් එක රිලීස් කලා. ඒ වගේම ෆිල්ම් එකේ නම The Matrix: Resurrection කියලා එනවුස් කලා. ෆිල්ම් එක රිලීස් වෙන්නේ 2022 දෙසැම්බර් වල.
- මේ අවුරුද්දේ ඔක්තෝබර් 22 රිලීස් වෙන්න තියෙන Dune ෆිල්ම් එකෙත් අලුත් ෆුටේජ් එකක් රිලීස් කලා.
ඔයාලට Dune ෆ්‍රැන්චයිස් එක ගැන දැනගන්න ඕනිනම් මේ ලින්ක් එකට යන්න 👇
https://www.reviewwhocares.com/2021/07/dune-novel-and-movie-franchise.html
මේ ප්‍රධාන ෆිල්ම්ස් 3ට අමතරව,
- ජේම්ස් වෝන්ගේ Malignat,
- ක්ලින්ට් ඊස්ට්වුඩ්ගේ Cry Macho,
- The Sopranos ෆිල්ම් එකේ ප්‍රීක්වල් ෆිල්ම් එක වෙන The Many Saints of Network,
- විල් ස්මිත්ගේ King Richards,
ෆිල්ම් වලත් අලුත්ම ෆුටේජස් පෙන්නලා තියෙනවා.
Universal Pictures
සෝනිලගෙ ප්‍රසන්ටේශන් එක පටන් ගත්තේ Sing 2 ෆිල්ම් එකේ First Look එකකින්. Sing 2 ෆිල්ම් එකට Mathew McConaughey, Scarlet Johnson, Reese Witherspoon වගේ ජනප්‍රිය නලු නිලියෝ ගොඩක් හඩකැවීම් එකතු වෙනවා. ෆිල්ම් එක රිලීස් වෙන්නේ මේ අවුරුද්දේ දෙසැම්බර් 22.
ඊලගට තිබුනේ මයිකල් බේ අධ්‍යක්ෂණය කරන ජේක් ජිලන්හෝල් එක්ක Yehya Abdul-Mateen II ප්‍රධාන චරිත නිරූපණය කරන Ambulance ෆිල්ම් එකේ පැනල එක. මේකෙදී ෆිල්ම් එකේ ෆුටේජ් එකක් පෙන්නලා තියෙනවා. මේ ෆුටේජ් එකෙන් ෆිල්ම් එකේ ප්ලොට් එක ගැන අදහසක් දීලා තියෙනවා..
Mateen ගේ කැරැක්ටර් එකේ වයිෆ්ගේ සර්ජරි එකක් කරන්න ලොකු මුදලක් ඕනි වෙනවා. ඒකට උදව්වක් ගන්න Mateen ගේ කැරැක්ටර් එක යනවා ජේක්ගේ කැරැක්ටර් එකෙන් උදව්වක් ගන්න. ඊට පස්සේ දෙන්නා එකතු වෙලා මිලියන 32ක් හොරකම් කරන්න ලෑස්ති වෙනවා (රොබරියක්). මේ රොබරිය වැරදිලා මෙයාලා ඇම්බියුලන්ස් එකකින් පැනලා යනවා..
ඔන්න ඕක තමා ෆිල්ම් එකෙ ප්ලොට් එක. නමට සියට දාහක් ගැලපෙනවා නෙහ් 😂 ෆිල්ම් එක රිලීස් වෙන්නේ ලබන අවුරුද්දේ පෙබරවාරි 28.
මීට අමතරව,
- ඊතන් හ්වාක්ගේ The Black Phone,
- බෙන් ප්ලැට්ගේ Dear Evan Hansen,
- ජෙමී ලී කර්ටිස්ගේ Halloween Kills,
- Lupita Nyong'o ගේ The 355,
- රොබර්ට් එගර්ස්ගේ The Northman,
- ඩ්‍රීම්වර්ක්ස් ඇනිමේශන් එකෙන් කරන The Bad Guys
ෆිල්ම්ස් වල අලුත් ෆුටේජස් පෙන්නලා තියෙනවා.
ඒ වගේම ජෙනිෆර් ලෝපේස්ගේ Marry Me සහ Downton Abby: A New Era ෆිල්ම්ස් වල අලුත්ම ට්‍රේලර්ස් රිලීස් කරලා තියෙනවා.
![]() |
Downton Abbey: A New Era First Look |
යුනිවර්සල්ලා එයාලගෙ පැනැල් එක අවසාන කලේ ලබන අවුරුද්දේ එන Jurassic World: Dominion ෆිල්ම් එකේ බිහයින්ඩ ද සීන්ස් ෆුටේජස් එක්ක. මේකෙදි ෆිල්ම් එකේ අධ්‍යක්ෂක කොලින් ට්‍රෙවේරෝ ෆිල්ම් එක ගැන මේ විදියේ අදහසක් දක්වලා තියෙනවා.
This movie asks a single question: if dinosaurs lived amongst us, would you be safe? And the answer is no.
ඔන්න ඔහොම තමා සිනෙමා කොන් එකේ පළවෙනි දවස් තුන ගෙවුනේ. පේනවානේ... මේකේ ගොඩක් අලුත් දේවල් රිලීස් කරලා තියෙනවා සහ ඒ අතරන් අපි දැක්කේ නෝ වේ හෝම් ට්‍රේලර් එක විතරයි කියලා. අද පවත්වන්න නියමිත Paramount සහ Lionsgate ස්ටූඩියෝස් වල පැනල් වලින් පස්සේ සිනෙමා කොන් (2021) සමුලුව අවසන් වෙනවා. අවසන් දවසේ විස්තරත් එක්ක මේ වගේම ආටිකල් එකක් හෙට අරන් එන්නම්...!
Cinema Con සමුලුවේ අවසන් දිනයේ තොරතුරු 👇
https://www.reviewwhocares.com/2021/08/cinema-con-last-day.html
(Source - The Hollywood Reporter)