Netflix ලගේ Films/TV Series ගැන තොරතුරු ගේන අළුත්ම Global Fan Event එක


Disney
ලගේ Disney Expo වගේ WB ලගේ DC Fandome වගේ Netflix ලත් දැන් එයාලගේම global fan event එකක් පටන් අරන් තියෙනවා. ඒ කියන්නේ Netflix ලා විසින් නිෂ්පාදනය කරන Films, TV Shows සහ අනික් ස්පෙෂල් ප්‍රෙජෙක්ට්ස් ගැන තොරතුරු ෆෑන්ස් ලා එක්ක බෙදාගන්න ඉවෙන්ට් එකක්. මේක TUDUM: A Netflix Global Fan Event කියන නමින් තමයි හඳුන්වන්නේ. ඔයාලා ට මතක ඇති ඕනම Netflix show එකක් පටන් ගන්නකොට Netflix logo එක එක්ක එන මියුසික් එක නැත්නම් ටෝන් එක. ටු ඩුම්ම්ම් කියලා ටෝන් එකක් එනවා කියලා මතක ඇති. අන්න ඒ ටෝන් එක ඉන්ස්පයර් කරලා තමයි මේ TUDUM කියන නම මේකට දීලා තියෙන්නේ.

Official poster for the Netflix's TUDUM event

මේ ඉවෙන්ට් එක පවත්වන්න සූදානම් වෙන්නේ මේ සැප්තැම්බර් 25 වන සෙනසුරාදා. වර්චුවල් විදිහට පවත්වන මේ ඉවෙන්ට් එකට හොඳම නළු නිළියන් සහ ෆිල්ම්/ ටීවී ශෝ ක්‍රියේටර්ස් ලා ලෝකේ පුරාම ඇති රටවල් වලින් එකතු වෙනවා. Netflix ප්‍රොජෙක්ට්ස් 70 කට වඩා වැඩි ගණනක exclusive විස්තර, ටීසර්ස්, ට්‍රේලර්ස් සහ ෆස්ට් ලුක් ඇතුළු දේවල් රැසක් මේ event එකේ දී අපිට බලාගන්න පුළුවන්. මේ event එකේ දී ලෝකේ පුරාම විසිරි ලා ඉන්න Netflix ෆෑන්ස් ලව එකම මොහොතක එන්ටර්ටේන් කරන්න තමයි ඉවෙන්ට් එකේ සංවිධායකයෝ උත්සාහ කරන්නේ. මේ ඉවෙන්ට් එක සැප්තැම්බර් 25 ලංකාවේ වෙලාවෙන් රෑ 9.30 ට ආරම්භ කරලා පැය තුනක් පුරාවට ලයිව් ස්ට්‍රීම් කරන්න නියමිතව තියෙනවා. ඊට අමතරව Netflix නිෂ්පාදනය කරන Indian සහ Korean ෆිල්ම්ස් සහ ටීවී ශෝව්ස් සහ Anime කන්ටෙන්ට් ගැන විස්තර ගේන Special pre-show එකක් එදාම හවස 5.30 ට ඒ ඒ regions වල Netflix youtube චැනල්ස් වල ස්ට්‍රීම් කරනවා කියල සඳහන් කරලා තියෙනවා. රෑ 9.30 ආරම්භ වෙන ඔරිජිනල් ඉවෙන්ට් එක Netflix ල ට තියෙන සෑම youtube channel එකක් හරහාම ලයිව් ස්ට්‍රීම් කරනවා. ඒ වගේම Twitter සහ Twich හරහා ද අපිට මේ ඉවෙන්ට් එක බලාගන්න පුළුවන්. Bridgerton, The Crown, Cobra Kai, Cowboy Bebop, The Sandman, The Witcher, Stranger Things, Army of Thieves, Big Mouth, Colin in Black and White, Emily in Paris, La Casa De Papel, Ozark සහ Sex Education මේ ඉවෙන්ට් එකේ ෆීචර් වෙන ප්‍රධානම ප්‍රොජෙක්ට්ස් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඉවෙන්ට් එකේ ෆීචර් වෙන  ප්‍රධානම ෆිල්ම්ස් සහ ටීවී ශෝව්ස් ඇතුළු Netflix ප්‍රොජෙක්ට්ස් වල ලිස්ට් එක පහළින් බලාගන්න පුළුවන්.

Some characters who are to be
 featured at the event


Aggretsuko / アグレッシブ烈子


A Whisker Away / 泣きたい私は猫をかぶる


A Traves De Mi Ventana


Arcane


Army of Thieves


Black Crab


Big Mouth


Bridgerton


Bright: Samurai Soul / ブライト: サムライソウル


Bruised


The Chestnut Man


Cobra Kai


Colin in Black and White


Cowboy Bebop


The Crown


Oscuro Deseo


De Volta Aos 15


Don’t Look Up


Emily in Paris


Extraction 


Finding Anamika


Floor is Lava


The Harder They Fall


Hellbound / 지옥


Heeramandi 


Human Resources


Interceptor


Inside Job


La Casa De Papel 


The Old Guard


Ozark


Maldivas


My Name / 마이 네임


New World / 신세계로부터


Pretty Guardian Sailor Moon Eternal: The Movie / 劇場版美少女戦士セーラームーンEternal: 前編・後編


Rebelde


Ritmo Salvaje


Red Notice


The Sandman


Sex Education


The Silent Sea / 고요의 바다


Soy Georgina


Stranger Things


Super Crooks / スーパー・クルックス


Ultraman 


The Umbrella Academy


Vikings: Valhalla


The Witcher


The Witcher: Blood Origin


Young, Famous and African





( Source - Netflix )



Post a Comment (0)
Previous Post Next Post