Cinema Con සමුලුවේ අවසන් දිනයේ තොරතුරු



ලොකෙ පුරාම සිනමාවේ දැවැන්තයින් එකතු වුන Cinema Con 2021 කන්වෙන්ශන් එක ඊයේ ඉවර උනා. පහුගිය දවස් කීපය පුරාම සිනෙමා කොන් එකේ අලුත් තොරතුරු ගැන ආටිකල් එකක් මං ඊයේ අරන් ආවා. බලාපොරොත්තු උනාට වඩා ලොකු පිරිසක් ඒක කියවලා තිබ්බා. එක අතකට පුදුමයි.. හයිප් නැති දේවල් වලටත් ඉන්ට්‍රස්ට් එකක් තියෙන අය ඉන්නවා දකින එක. කොහොමහරි ඒක කියවපු හැමෝටම පර්සනලි තෑන්ක්ස් කරන්න ඕනි. ඒ මෝටිවේශන් එක නිසයි ඉස්සරහටත් මේ වගේ දේවල් ගැන විස්තර අරන් එන්න හිතෙන්නේ. නැත්තම් ඉතිං හැමදාම හැරී පෝටර්, ලෝඩ් ඔෆ් ද රින්ග්ස්, MCU, ගේම් ඔෆ් ත්‍රෝන්ස් ගැනම පට්ට ගගහා ඉන්න තමා වෙන්නේ 😂

ඊයේ ආටිකල් එක කියවපු නැති අය මේ ලින්ක් එකෙන් ගිහින් කියවන්න. ඒක ඉවර කරපු තැනින් මං මේක පටන් ගන්නේ 👇

https://www.reviewwhocares.com/2021/08/Cinema%20Con%202021.html


එහෙනම් සිනෙමා කොන් එකේ ඊයේ දවස පටන් ගත්තේ පැරමවුන්ට් එකෙන්.


Paramount Pictures



සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම වගේ සිනෙමා කොන් එකේ ලොකු අවදානයක් දිනාගන්න කෙනෙක් තමා ටොම් කෲස් කියන්නේ. ස්පෙශලි Mission Impossible ෆිල්ම් එකක ටොම් කරපු පට්ට ස්ටන්ට් වර්ක් එකක් මේ ඉවෙන්ට් එකේදී ඉදිරිපත් කරනවා. ඔන්න මේ පාර ඒ සේරම ඩබල්. 

පැන්ඩමික් එකත් එක්ක දරුණුවටම කල් ගිය ෆිල්ම් එකක් තමා ටොම් කෲස්ගේ Top Gun: Maverick ෆිල්ම් එක.

Top Gun: Maverick Official Poster


1986 ආවා ටොම් කෲස්ගේ Top Gun ෆිල්ම් එකේ සීක්වල් එක තමා මේ. පළවෙනි එකේ රගපානකොට ටොම්ට වයස අවුරුදු 24යි. මේ එන්න තියෙන සීක්වල් එකේ රගපානකොට ටොම්ට වයස අවුරුදු 58යි. හිතාගන්න පුලුවන්නේ වයස කියන ඉලක්කමට කිසිසේත්ම නවත්තන්න පුලුවන් මනුස්සයෙක් නෙමෙයි මේ කියලා. නොවැම්බර් 19 තමා Top Gun: Maverick ෆිල්ම් එක ලොවපුරා තිරගතවීම ආරම්භ කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතිං ඒ ෆිල්ම් එකේ පළවෙනි විනාඩි 13ම ඊයේ පැරමවුන්ට් එකේ ප්‍රසන්ටේශන් එකේදී පෙන්නලා තියෙනවා. මේකට සෑහෙන්න හොද ප්‍රතිචාර හම්බවුනා කියලා තමා ආරංචි වෙන්නේ.

ඊලගට තමා හොදම එක. උඩදි කිව්වා වගේ ටොම්ගේ හැම Mission Impossible ෆිල්ම් එකකම තියෙනවා අපිව වාව් කරන්න පුලුවන් ස්ටන්ට් වර්ක් එකක්. මේවා තවත් විශේෂම වෙන්නේ මේ හැමදේම කරන්නේ ටොම් නිසා. ඒ කියන්නේ ටොම්ගේ කිසිම ස්ටන්ට් එකකට ස්ටන්ට් ඩබල් කෙනෙක් ගන්නේ නෑ. ඔය හෙතුව නිසාම තමා ටොම්ගේ ෆිල්ම් හැම එකම ටොම් ප්‍රඩියුස් කරන්නේ. මොකද වෙන කෙනෙක් ෆිල්ම් එක ප්‍රඩියුස් කලොත් එයා කැමති වෙන්නේ නෑ ෆිල්ම් එකේ ප්‍රධාන නලුවට ඩැමේජ් එකක් වෙලා ශූටින් කල් යන එකට. කොහොමහරි ඔන්න ලබන අවුරුද්දේ එන්න තියෙන Christopher McQuarrie අධ්‍යක්ෂණය කරන Mission Impossible 7 ෆිල්ම් එකටත් ටොම් මේ වගේ පට්ටම ස්ටන්ට් වර්ක් එකක් කරලා තියෙනවා සහ ඒ ගැන සම්පූර්ණ විස්තර මේ ඉවෙන්ට් එකේදී ඉදිරිපත් කරලා තියෙනවා.

මේ ස්ටන්ට් එක කරන්න ටොම් අවුරුද්දක විතර කාලයක් පුහුණුවීම් කරලා තියෙනවා. මේ පුහුණුවීම් අතරේ ස්කයිඩයිවින් වාර 500ක් සහ මෝටර් බයික්ස් ජම්ප්ස් 13,000ක් සිදු කරලා තියෙනවා. ස්කයිඩයිවින් කියන්නේ ප්ලේන් එකක ඉදන් පැරශුට් එකක් ආධාරයෙන් පහලට පනින එක. පනින එකම විතරක් නෙමේ.. පැරශුට් එක දිගාරින්න කලින් උඩදී කරන දේවල් ගොඩක් තියෙනවා. Mission Impossible: Fallout (2018) ෆිල්ම් එකේ තිබ්බා මෙහෙම සීන් එකක්.

Mission: Impossible - Fallout (2018) - HALO Jump Stunt Behind The Scenes



ටොම් එක්ක කැවිල් පනින්නේ. අන්න ඒකත් ටොම් ඇත්තටම කරලා තිබ්බා සහ ඒකටත් සෑහෙන්න කාලයක් පුහුණුවීම් කරලා තිබ්බා. බයික් ජම්ප්ස් ගැනනම් දන්නවානේ. කොහොමහරි ෆිල්ම් එකේ තියෙන්නේ ඊතන් හන්ට් (ටොම්) බයික් එකේ ගිහින් කදු ගැටයකින් බයික් එක පන්නලා, පැරශුට් එකක් ආධාරයෙන් බිමට එන සීන් එකක්. 

ඒ සීන් එක ශූට් කරන්න හදපු සෙට් එක තමා මේ තියෙන්නේ


අන්න ඒක කරන්න තමා ටොම් මේ පුහුණුවීම් කරලා තියෙන්නේ. ඒ සීන එක ශූට් කරපු විදියේ වීඩියෝ එකක් මේ ඉවෙන්ට් එකේදී පෙන්නලා තියෙනවා. ඒ වගේම මේ ෆිල්ම් එකේම කෝච්චියක් ප්‍රපාතයකට පෙරලෙන සීන් එකක බිහයින්ඩ් ද සීන් වීඩියෝ එකක් පහුගිය දවසක රිලීස් වෙලා තිබ්බා. ඒකත් අපි සයිට් එකේ දාලා තියෙන්නේ. මේ ලින්ක් එකෙන් ගිහින් ඒකත් බලන්න 👇

https://www.reviewwhocares.com/2021/08/mission-impossible-7.html


ෆාස්ට් ෆ්‍රැන්චයිස් එක එහෙම කොච්චර සල්ලි හෙව්වත් දවසින් දවස මිනිස්සුන්ගේ ප්‍රතික්ෂේප වෙනවා. හැබැයි මොකක්දෝ කරුමෙකට බැන බැන බලන්නේ ඒවමයි. මෙහේ මෙගා නාට්‍ය වගේ. හැබැයි ටොම්ගේ Mission Impossible ෆ්‍රැන්චයිස් එකනම් එහෙම ප්‍රතික්ෂේප වෙලා නෑ. හැම ෆිල්ම් එකක්ම එනකම් බලන් ඉන්න තැනට මිනිස්සු වැටිලා තියෙන්නේ ටොම් ඇතුලු ෆිල්ම් කෲ එකේ කැපවීම නිසා. ඒ Mission Impossible 7 එකේ අධ්‍යක්ෂක මහත්තයා මෙන්න මෙහෙම දේකුත් කියලා තියෙනවා අවසානයට

The only thing that scares me more is what we have planned for Mission 8

ඔන්න ඔහොමයි සිනෙමා කොන් ඉවෙන්ට් එකේ පැරමවුන්ට් එකේ පැනල් එක ඉවර උනේ.


Lionsgate 



ලයන්ස්ගේට් එකෙන් එයාලගෙ ඉවෙන්ට් එක පටන් ගත්තේ මේ අවුරුද්දේ දෙසැම්බර් 25 රිලීස් වෙන්න තියෙන American Underdog ෆිල්ම් එකේ විස්තර එක්ක. මේ ෆිල්ම් එකේ තියෙන්නේ ඇමෙරිකන් ෆුට්බෝල් ප්ලේයර් කෙනෙක් වන කර්ට් වෝනර්ගේ කතාවක්.

කර්ට් වෝනර්ගේ 

ග්‍රොසරි ස්ටෝ එකක සුලු සේවකයෙක් විදියට වැඩ කරලා කොහොමහරි ඇමෙරිකන් ෆුට්බෝල් වලට එකතු වෙලා ඇමෙරිකානු ජාතිජාතික ෆුට්බෝල් ලීග් එකේ (NFL) දෙවතාවක්ම වටිනාකමින් වැඩිම ක්‍රීඩකා (MVP) වෙන්න පුලුවන් වුන කෙනෙක් තමා කර්ට් කියන්නේ. කර්ට්ගේ චරිතෙ කරන්නේ Shazam ෆිල්ම් එකේ Shazam ගේ චරිතෙ නිරූපණය කල Zachary Levi. 

Zachary Levi


ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ එර්වින් බ්‍රදර්ස්ලා (ජෝන් එර්වින් සහ ඇන්ඩෘ එර්වින්). ඒ වගේම ෆිල්ම් එකේ විධායක නිශ්පාදනයෙන් නිශ්පාදනය කරන්නේ කර්ට් සහ එයාගේ බිරිද එකතු වෙනවා. කර්ට්ගේ අම්මත් එක්ක කරපු ඉන්ටර්වීව් එකක් බේස් කරන් තමා ෆිල්ම් එකේ ස්ක්‍රිප්ට් එක ලියලා තියෙන්නේ. මේ තියෙන්නේ ෆිල්ම් එකේ රිලීස් ඩේට් එක එනවුස් කරලා ඊයේ සිනමා කොන් ඉවෙන්ට් එකේදී රිලීස් කරපු American Underdog ෆිල්ම් එකේ ඔෆීශියල් පෝස්ටර් එක 👇

American Underdog Official Poster


මේකෙන් පස්සේ නිකලස් කේජ් ගේ මීලග චිත්‍රපටය වන Unbearable Weight of Massive Talent ෆිල්ම් එකේ පළවෙනි ෆුටේජ් එක පෙන්නලා තියෙනවා. නිකලස් එක්ක නීල් පැට්‍රික් හැරිස් (HIMYM එකේ බාර්නි), පේඩ්‍රො පැස්කල්, ශැරොන් හෝර්ගන් ෆිල්ම් එකේ ප්‍රධාන චරිත වලින් එකතු වෙනවා. 2022 අප්‍රේල් 22 තමයි ෆිල්ම් එක රිලීස් කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ.


නිකල්ස්ගේ පැනල් එකෙන් පස්සේ Moonfall ෆිල්ම් එකේ First Look ට්‍රේලර් එකක් රිලීස් කරලා තියෙනවා. රෝලන්ඩ් එමරික් අධ්‍යක්ෂණය කරන මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ හේලි බැරී එක්ක පැට්‍රික් විල්සන් (කන්ජූරියන් ෆ්‍රැන්චයිස් එකේ එඩ් වොරෙන්). මේක ඩිසෑස්ටර් ෆිල්ම් එකක්. සද සහ පෘථිවිය වෙන ගැටීමක් නිසා වෙන විනාසයක්. මරුවට තියෙයි නෙහ් 🤩 මේ ෆිල්ම් එකත් ලබන අවුරුද්දේ එනවා.


මීට අමතරව ජෙනිෆර් ලෝපේස්ගේ Shotgun Wedding ෆිල්ම් එකේ සහ Borderlands ෆිල්ම් වල First Look කීපයක් පෙන්නලා තියෙනවා. 


ඔන්න ඔහොම තමා සිනෙමා කොන් 2021 නිමාවට පත්වුනේ. පැන්ඩමික් එක නිසා සෑහෙන්න ගැටලු වලට මුහුණ දෙන්න වුන තවත් ප්‍රධානම ඉන්ඩ්‍රස්ට්‍රි එකක් තමා ෆිල්ම් ඉන්ඩ්‍රස්ට්‍රි එක. ඉතිං මේ ඉවෙන්ට් එකේ සාරාංශය දිහා බලනකොට දෙයියනේ කියලා ආයෙත් සිනමාව ඔලුව උස්සලා එයි කියලා හිතන්න පුලුවන්. බලමු... 


දිගටම මේ වගේ විස්තර දැනගන්න අපේ සයිට් එකට එකතු වෙලා ඉන්න..


ජය..!


(Source - The Hollywood Reporter)

Post a Comment (0)
Previous Post Next Post