ජේසන් රෙඩ් හුඩ් උන හැටි - Titans S03E05 Breakdown

 


ඔන්න ඒනම් පස්වෙනි එපිසෝඩ් එකටත් කතාව ඇවිල්ලා තියෙන්නෙ... මේකෙ මුලින්ම ජේසන් වතුර දිහා බලන් ඉදිද්දි නයිට්වින්ග්ව පේන දර්ශනයක් තියනවා.ස්කෙයාර්ක්‍රොව්ගෙ ෆියර් ගෑස් එකෙන් වෙන්නෙ ඒ ගෑස් එක වැදුන කෙනෙක්ට ඒ වෙලාවෙ එයා බයම දෙයක් පෙන්නන එක. මේ එපිසෝඩ් එකේ පස්සෙ පෙන්නවා ජේසන් මේක Re Engineer කරලා ඩෙත්ස්ට්‍රෝක් එක්ක උන සිද්දි වලින් පස්සෙ තමන්ගෙ හිතේ ඇතිවෙන බය නැති කර ගන්න Anti-Fear Chemical එකක් පස්සෙ හදා ගන්නවා පේනවා.ඒ උනාට ඒ වෙද්දි ඒ කෙමිකල් එකේ පවර් එක බැහැලා තියෙන්නෙ.මේ නිසා ජේසන්ට වතුරෙන් ඒ වෙලාවෙ ජේසන් බය දේ උන නයිට්වින්ග් ව පේනාවා වෙන්නත් පුලුවන් ...



එහෙම නැත්නම් මේක කොමික් Based නිසා කොමික් වල කවර් වල ,බොහෝ වෙලාවට Variant කවර් වල තියනවා වගේ හීරෝවයි විලන්වයි මේ විදිහට පෙන්නවා වෙන්න පුලුවන්.බැට්මෑන් ගෙ කොමික් වල ගත්තොත් මේ විදිහට ගොඩක් කවර් ආට් දකින්න හම්බවෙනවා.

ඊට පස්සෙ Crane කියනවා කුරුලු නම් තියෙන Heroes ල වැඩි කියල.මේක ඇත්ත Batman / Robin / Dove / Hawk / Red Robin / Raven වගෙ කුරුලු නම් තියෙන හීරෝස්ලා සෙට් එකක්ම ඉන්නවා 😅

ජේසන්ට පේන හීනේ ජේසන්ට ඩොනාව පේන තැන නිකන් ඇත්තම ඩොනාගෙ ආත්මෙ කතා කියල මට හිතෙනවා.මෙතන "You Still Have Time" කියලත් එයා කියනවා.ඒ වගේම ජේසන්ට වෙඩි තියෙන තැන එයාට වෙඩි තියන්නෙ Red Hood කියලත් ලාවට පෙන්නනවා.මේක නිකන් Jason ගෙ Death එකයි Red Hood ගෙ Birth එකයි Symbolize කරල වගේ.සමහරවිට ජේසන් මැරුනම Spirit World එකේදි Donna ව හම්බුනාද දන්නෙත් නැ.



පස්සෙ ජේසන් යනවා එයාගෙ යාලුවෙක් වෙච්චි Molly ව හම්බෙන්න.මෙහෙම කෙනෙක්නම් කොමික් වල නැ දන්න තරමින්. Miracle Molly කියල කෙල්ලෙක්නම් ඉන්නව දුප්පත් මිනිස්සුන්ට උදව් කරන.මෙයාට Tech Wizard කෙනෙක්.සමහරවිට මේ මොලිත් එයාමද දන්නැ.මෙයා ජේසන්ගෙ යාලුවෙක් කියල කියන්නෙ.දන්න තරමින් පොරට ලොකුවට යාලුවො නැ Red Hood වුනාට පස්සෙනම් රෝයි බිසාරෝ ඒම සෙට් වෙනවා.යාලුවො තියා පොරට හරි හමන් Love Interest එකක්වත් නැ.Outlaws Arc එකේනම් Artemis කියල ඇමසෝනියන් කෙනෙක් සෙට් වුනා.ඒත් ඒක එච්චර කල් තිබ්බෙ නැ.

(මොලී)

ඒ වගේම මොලී මෙතන Joker පාරෙ ජීවත් වෙන ලමයිව උස්සන සීන් එකක් කියනවා.ජේසන් බැට්මෑන් එයාලව බේර ගනී කිව්වම මොලී කියනව එයා බේරගන්නෙ සල්ලිකාරයන්ව විතරයි කියලා.මේකනම් හැබැයි ඇත්තක් නෙමෙ  Batman Year One එකෙ බෲස් බැට්මෑන් වුන ගමන්ම කරන දෙයක් තමා ගෝතම් වල ධනපතියන්ගෙ Dinner එකක් Ambush කරල "You've Eaten Well.You've Eaten Gotham's Wealth...From This Moment on None Of You Are Safe" කියල තර්ජනය කරන එක ( පට්ට බෑඩෑස් තැනක් මෙතන  මේක ඇනිමෙශන් එකෙත් ඒ විදිහටම තිබ්බා 🔥 ) ඉතින් මේ බැට්මෑන් සල්ලිකාරයන්ට විතරක් උදව් කරනව කියන එකනම් බොරු.බැට්මෑන් හැමතිස්සෙම ගන්නෙ අසාධාරණයක් වෙච්චි කෙනාගෙ පැත්ත.එයා දුප්පත් කෙනෙක් වුනත් පොහොසත් කෙනෙක් වුනත්.


ඒ වගේම මේ එපිසෝඩ් එකෙන් අපිට බැට්මෑන් ගෙ ජීවිතේ වැදගත් චරිතයක් වෙන Leslie Thompkins වත් බලාගන්න හම්බෙනවා.Gotham Series එක බලපු අයනම් මෙයාව දන්නව ඇති.ඇල්ෆ්‍රඩ් කියන්නෙ බෲස්ගෙ Father Figure එක කියලා හැමෝම දන්නවනෙ.ලෙස්ලි කියන්නෙ බෲස්ගෙ Mother Figure එක.ලෙස්ලි වේන්ලා මැරුනට පස්සෙ බෲස් ගැන ගොඩක් හොයල බැලුව.ඒ වගේම බැට්මෑන් වුනයින් පස්සෙත් ඇල්ෆ්‍රඩ් ට බෙහෙත් කරන්න බැරි ලොකු තුවාල වලට එහෙම බෙහෙත් කලේ මේ ලෙස්ලි.බැට්මෑන් විතරක් නෙමෙ මුලු බැට්ෆැමිලි එකටම මෙයා උදව් කරල තියෙනවා.මෙයා කොච්චර හොද කෙනෙක්ද කිව්වොත් විලන් කෙනෙක්ට වුනත් බෙහෙත් කරන්න පසු බට වෙන්නැ. No Man's Land arc එකේදි මේක නියමට පෙන්නනවා.ඒකෙ මෙයා ජීවිත අවධානම තියාගෙන වික්ටර් සෑස්ට බෙහෙත් කරනවා.ඒත් පස්සෙ මෙයාව වික්‍ටර් මරන්න එද්දි Black Mask ( හරි Two Face හරි මට හරියට මතක නැ ) මෙයාව බේරගන්නවා...

(ලෙස්ලි)


කොහොම උනත් කොමික් වලදි නම් ලෙස්ලි ඇල්ෆ්‍රඩ් ගෙ වයසෙ වගේ උනාට මේකෙදි නම් බෲස්ටත් වඩා බාලයි කියලා පැහැදිලිවම පේනවා.

මේ එපියෙදි අපිට බෲස්ගෙ Trophy Room එක එහෙම පැහැදිලි දකින්න පුලුවන් වගේම Villain ල සෙට් එකකගෙ Tropies වගයකුත් පෙන්න්වා


📌️ Ventriloquist ගේ Scareface 



📌️ Two Face ගෙ Coin එක

(මේක ගොඩක් ඩැමේජ් වෙලා තියෙන්නෙ ...මෙ Universe එකේ බැට්මෑන් Two Face එක්ක ලොකු Clash එකක් යන්න ඇති ) 2008 ආපු ද ඩාක් නයිට් එකෙත් මතකනෙ ටූ ෆේස්ගෙ කාසියෙ සීන් එක එහෙම ඔයාලට...


(ඩාක් නයිට් එකේ සීන් එක)

📌️ Ra's Al Ghul ගෙ කඩුවක්

( මේක සමහරවිට බෲස් ට තෑග්ගක් විදිහට හම්බෙච්ච එකක් වෙන්න පුලුවන්.රාස්ට ඕන වුනා එයාගෙ පස්සෙ Demon Head විදිහට බෲස්ව නම් කරන්න ඒත් බෲස් මේකට කැමති වෙන්නෙ නැ.සමහරවිට ඒ සීනෙකෙදි මේක හම්බුනා වෙන්නත් පුලුවන්.නැත්තන් බැට්මෑන් රාස්ව පරාද කරල මෙ කඩුව ගත්ත වෙන්නත් පුලුවන් )



📌️ Joker Card තුනක් තියනවා.



කොමික් වල Darkseid War ස්ටෝර් එකේදි බැට්මෑන් දැනගන්නවා ජෝකර් ලා තුනක් ඉන්නවා කියලා.මේ එක කාඩ් එකකින් එක ජෝකර් කෙනෙක් ගානෙ නිරූපණය කරනවා වෙන්න ඕනෙ.ඒවගේම එක කාඩ් එකක ලේ තැවරිලා තියෙන්නෙ ඉස්සරහට බෲස් මරන ජෝකර් ගැන ඉගියක් වගේ.

ඒවගේම තමා Non Canon ස්ටෝරි එකක් උන "Three Jokers" ස්ටෝරි එකේදි මේකෙදි උනා වගේම ජේසන් ජෝකර්ව මරන්න ගිහින් ජෝකර්ටම අහුවෙනවා.

අමතර දෙයක් කිව්වොත් කලින් එපිසෝඩ් වල බාබ්රා රෝද පුටුවක ඉන්නෙ කියලා දැක්කනෙ.කොමික් වල බබ්රාට මෙහෙම වෙන්නෙ Three Jokers එකට Prequel උන Killing Joke ස්ටෝරි එකේ ජෝකර් අතින්මයි.සමහර විට මේ Universe එකෙත් එහෙම වෙන්න ඇති.


📌️ Catwoman ගෙ Goggles එකයි Whip එකයි




📌️ Scarecrow ගෙ Fear Toxin එකයි Mask එකයි






ඔයිට පස්සෙ වෙන සීන් එකේදි බෲස් ජේසන්ට කියනවා "If Your Girl Like Cats...Run" කියලා 😂 මෙතන බෲස් කියන්නෙ මොලී ගැන වෙන්න ඕනෙ.ඒත් ජේසන් එයාව මෙන්ශන් කරන්නෙ නැ.මේකෙන් බෲස්ගෙ Detective Skill එක පේනවා.ඒ වගේම කැට්වුමන්ගෙයි බැට්මෑන්ගෙයි අතර ලව් කෙස් එකක් තිබ්බ කියල ඔය කිව්ව එකෙන් පේනවා 😅 

පස්සෙ බෲස් ජේසන්ව එයාගෙ දෙමව්පියො මැරුන වීදියට එක්කන් ගිහින් රොබින් විදිහට තවදුරටත් ඉන්න ඕන නෑ කියලා කියනවා.ජේසන් කියන විදිහට රොබින් කියන්නෙ එයාගෙ ජීවිතේට ඕනෙම දෙයක්.මේක ඩික් රොබින් ටයිටල් එක ගැන තිබ්බ ආකල්පයෙ සම්පූර්ණ විරුද්ධ පැත්තවගේ. ඩික් බෲස්ගෙ හෙවණල්ලෙන් මිදිලා යන්න ගොඩක් මහන්සි උනා වගේ ජේසන්ට ඕනෙ දිගටම රොබින් එහෙමත් නැත්නම් බැට්මෑන්ගෙ සයිඩ්කික් එක විදිහට දිගටම ඉන්න.අන්තිමේදි මේ හේතු දෙක තමා ඩික් රොබින් වෙනුවට නයිට්වින්ග් වෙන්නෙයි ජේසන් රොබින් වෙනුවට රෙඩ්හුඩ් වෙන්නයි බලපාන්නෙ

බෲස් ජේසන්ව Robin කියන තනතුරෙන් අයින් කරයින් පස්සෙ ජේසන් යනවා ආකම් අසයිලම් එකට Scarecrow ගෙ Fear Toxin එකත් අරන්.මෙතන ජේසන් ඒ Toxin එක පෙන්නුවම ක්‍රේන් අදුරගන්නව ඒ ඉන්නෙ රොබින් කියල.මේ වගේම සමාන දේකුත් වෙනවා බැට්මෑන් ට New 52 arc එකෙදි.බැට්මෑන්ට එයාගෙ බෝට්ටුවෙ ( Bat Boat )  තිබිල හම්බෙච්ච Joker Card එකක් ආකම් අසයිලම් එකෙ ඉන්න ජෝකර් ට දෙනවා බෲස් වේන් විදිහට ගිහින්.😮 බෲස් සැක කරනවා ජෝකර් බැට්කේව් එකට ඇතුල් වෙලා කියලා.මොකද එයා කේව් එකට බෝට්ටුවෙන් ඇතුල් වෙද්දි මේක දකින්නැ.පස්සෙයි දකින්නෙ.ඒක නිසාමයි පොර බෲස් විදිහට ආකම් අසයිලම් එකට යන්නෙ.මෙතන බෲස් එයාගෙ තියරියක් Test කරන්නෙ.ඒ ජෝකර් ට බෲස් වේන්ගෙන් වැඩක් නැ වැඩක් තියෙන්නෙ බැට්මෑන්ගෙන් විතරයි කියන එක.කිව්වත් වගේ බෲස් ඒ කාඩ් එක පෙන්නුවම ජෝකර් කිසි ගාණක් නැතුව බලන් ඉන්නවා.ඉතින් මේ වගේ සීන් එකක්ම තමා මේ එපියෙත් වුනේ.


ජේසන් Lazarus Pit එකක පිහිටෙන් ආයෙ Rebirth වෙන එකත් පෙන්නුවා.ජෝකර් එයාගෙ මූණට කරල තියෙන ඩැමේජ් එක Lazarus Pit එකට දාන්න කලින් Shot එකෙ දකින්න ඇති 😬 මේ Lazarus Pit කියන්නෙ රාස් අල් ගුල්ගෙ Immortality බවෙ රහස.මේ Pits පෘථිවියෙ වටේම තියෙනවා.ගෝතම් වලත් මේවලින් එකක් තියෙනවා.(ක්‍රේන් කියන විදිහට මේ Universe එකේ බැට්මෑන් ගෝතම් වල තියන ලාසරස් පිට් එක ගැන දන්නෙ නෑ)ඒ වගේම මේකට දාපු කෙනෙක් ආයෙ එන්නෙ එයාගෙ ආත්මෙ කොටසක් නැතුව.ඉතින් එයා ගොඩක් දරුණු වෙනවා. Arrow TV Series එක බලපු අයනම් මෙක දන්නවත් ඇති. ඒකෙ නම් ලාසරස් පිට් එක හැමෝම නාන ළිඳක් වගේ උනානෙ පස්සෙ පස්සෙ. කොහොමහරි කොමික් වල වගේම මේකෙදිත් ජේසන් නැවත ඉපදුනෙ ලාසරස් පිට් එක නිසා.

(හකු ලෙප්ට් වෙන්ඩ් දීලා තියෙන්නෙ මේ...)


මේක කලින් ඉදන්ම වෙනවා කියන්න එපිසෝඩ් එකේම ඉගියක් දීලා තිබ්බා.මේ එපිසෝඩ් එකේ නම තමා  Lazarus කියන එක...

(සචින් යූටියුබ් එකෙන් අරන් එන එපිසෝඩ් බ්‍රේක්ඩවුන් එකෙන් මේකෙ තිබ්බ බ්‍රේකින් බෑඩ් ගැන කිව්ව තැනක් ගැන ඔයාලට කියයි... ඒකත් බලන්න අනිවාර්‍යෙන්... )


Titans S03E04 බ්‍රේක්ඩවුන් එක 👇

https://www.reviewwhocares.com/2021/08/titans-s03e04-breakdown.html


Titans S03E05 බ්‍රේක්ඩවුන් එක 👇

https://www.reviewwhocares.com/2021/09/titans-s03e06-breakdown.html


ලිපි නිර්මණය සහ අදහස - ශෙහාන් පෙරේරා සහ සුනෙර ජයසංඛ 

Post a Comment (0)
Previous Post Next Post