ස්පයිඩර් මෑන් හයිප් අස්සෙ ඔන්න ට්‍රේලර් එකෙන් හම්බුන තවත් ඩීටේල්ස් ටිකක් අරගෙන ආවා පොඩි බ්‍රේක්ඩවුන් එකකට. මලින්දත් කලින් බ්‍රේක්ඩවුන් එකක් අරගෙන ආවා. ඒක බැලුවෙ නැත්තන් මෙතනින් ගිහින් ඒකත් කියවලම ඇවිත් මේක කියවන්න.
මුලින්ම යමු මැට් මර්ඩොක් ගෙ ඩෙයාඩෙවිල් රෙෆරන්ස් එකට. උඩ ෆොටෝ එකේ පේනවා ඇති තැන් දෙකක අපි මේ මැට් මර්ඩොක් කියලා හිතන කෙනා ඉන්නවා. මේ තැන් දෙකේම පැහැදිලි දර්ශනයක් දකින්න ලැබෙන්නෙ නෑ. ඒ වගේම මැට් මර්ඩොක් නෙවෙයි මයි කියන්නත් බෑ. 50/50 වගේ තමයි තියෙන්නෙ. අනිත් එක තමයි චාලි නෝ වේ හෝම් එකට සම්බන්ද උනා කියලා තාම ඔෆීශියලි කන්ෆර්ම් කරලත් නෑ. කැත ආතල් එකක් දෙයිද දන්නෙ නෑ අන්තිමේදි. එනිවේ මැට් ට වඩා මේ ඉන්න කෙනා මහතයි වගේ ලුක් එකක් තියෙනවා. හරියටම දැනගන්න නම් ටික කාලයක් ඉවසන් ඉන්න වෙනවා. මේ ගැන මලින්දගෙ බ්‍රේක්ඩවුන් එකෙත් කියලා තිබුනා. මොනා උනත් වැඩි බලාපොරොත්තු තියාගන්න් එපා. රූමර්ස් (කටකතා) ඔෆීශියල් විදියට ගන්න යන්න එපා. මටත් ඔය පේන්නම බැරි වැඩක් තමයි රූමර්ස් ඔෆීශියල් වගේ දාලා හයිප් හදන එක. කරන්න පුලුවන් චාටර්ම වැඩ වලින් එකක් තමයි ඒ. ඉතින් ඒ පේස්බුක් රීච් කාක්කන්ට් අහුවෙන එක නොවෙන එක තමන්ගෙ වැඩක්...
උඩ ෆොටෝ එකේ තියෙන චිත්‍රෙ මතක ඇතිනේ. මලින්දගෙ බ්‍රේක්ඩවුන් එකේ මේක කියලා තිබ්බා. කට්ටියට අමතක ද දන්නැති නිසා මම මේකෙ ෆොටෝ දෙකම දැම්මා.
පීටර් ව අත්අඩංගුවට අරගෙන තියෙන්නෙ DODC එකෙන්. ඒ කියන්නෙ Department of Damage Control එකෙන්. මේ ගැන Spiderman Homecoming එකේදිත් සඳහන් උනා මතක ඇතිනේ...
ෆොටෝ දෙකේම පීටර් ඇදන් ඉන්න කලිසම සහ ඇදුම එකක් වගේ තමයි පේන්නෙ. යට ෆොටෝ එකේ සමහර අය කියල තිබ්බ ඒ එයාලා බලන් ඉන්නෙ ටෝබි/ඇන්ඩෲ දිහා කියලා. ඒත් වෙන්න බෑ. ජනේලෙ ළගින් පේන්නෙ නිල් රතු එලිය අනිවාරෙන් DODC අයගෙ ලයිට් එක වෙන්න ඕනෙ. එවෙලෙ තමයි පීටර්ව අරගෙන යනවා ඇත්තෙ DODC එකෙන්. ඒ වගේම පීටර්ට අර විදියෙ මාංචුවක් කඩලා දාලා පැනලා යන්න පුලුවන් කම තියෙද්දිත් යටත් වෙලා ඉන්නවා කියලා හිතාගන්න පුලුවන්. ඔහොම සීන් එකක් තියෙනවා සැකාගෙ මෑන් ඔෆ් ස්ටීල් (2013) ෆිල්ම් එකෙත්...
![]() |
(අතේ මාංචු මේ, මතකනෙ සීන් එක) |
මෙතනදි පීටර් නිදාගෙන ඉන්නෙ කවිච්චියක වගේ තැනක. ඒ කියන්නෙ බොහෝ දුරට පීටර් ගෙදර නෙවෙයි ඇත්තෙ. වෙන කොහේහරි ගිහිල්ලා ඉන්නවා ඇත්තෙ. නැත්තන් ඇදේ නිදාගන්න තිබ්බනේ.
උඩ කොන්ඩෙ සුදු (බ්ලොන්ඩ්) ඩයල් එක ෆ්ලෑශ් වෙන්න ඕනෙ. කොමික් වලත් මිනිහගෙ කොණ්ඩෙ ඔය වගේ බ්ලොන්ඩ් වගේ තමයි තියෙන්නෙ. එතනත් ඇකියුරසි එක වැඩි කරලා තියෙනවා. ඒක හොදයි... (ඔය බ්ලොන්ඩ් කියන්නෙ සාමාන්‍යෙන් කෙල්ලන්ට ඈ. මම මෙතන ෆ්ලෑශ්ට කිව්වට 😂)
එමු ඩිරෙක්ටර් Sam Raimi ගෙ ස්පයිඩර් මෑන් ට්‍රියොලොජියෙ දෙවෙනි ෆිල්ම් එකට. ඔය ෆොටෝ එකේ තියෙන්නෙ ෆයිනල් බැට්ල් එකේත් අන්තිමම හරියෙ කොටසක්. යටම ෆොටෝ එකේ තියෙන්නෙ නෝ වේ හෝම් ට්‍රේලර් එකේ කොටසක්. ඩොක් ඔක් ගෙ Iron Arms වල හරි මැද තියෙන ලයිට් එක රතු පාටටත් දෙවෙනි ෆොටෝ එකේ ඒක සුදු පාට වෙලා තියෙන හැටිත් බලාගන්න පුලුවන්. මතකනේ ඩොක් ඔක් ඕක මුලින්ම දාගන්න තැනදි කියනවා චිප් එකක් ගැන. ඒ චිප් එක විනාශ වෙනවා එතනදි වෙන සිදුවීමේදී. ඒ චිප් එක විනාශ උනාම ඩොක් ඔක් ට ඔය ආර්ම්ස් වල කන්ට්‍රෝල් එක නැතිවෙලා ආර්ම්ස් වලට ඩොක් ඔක්ගෙ කන්ට්‍රෝල් එක එනවා වගේ එකක් තමයි වෙන්නෙ. ඒ කියන්නෙ රතු ලයිට් එක තියෙද්දි ආර්ම්ස් ඔක්ටේවියස් ව පාලනය කරනවා. සුදු ලයිට් එක තියෙද්දි ඔක්ටේවියස් ආර්ම්ස් පාලනය කරනවා. කෝමහරි ෆිල්ම් එකේ අන්තිමේදි ලයිට් එක සුදු වෙනවා. ඒ වගේම නෝ වේ හෝම් එකේදි අපිට ආපහු ලයිට් එක රතු වෙලා තියෙනවා කියලා බලාගන්න පුලුවන්.
මෙතනදි අපිට පේනවා ඩොකාගෙ ස්පෙල් එකේදි ලයින්ස් තුනක් තියෙනවා. මේ ලයින්ස් තුන සමහර විට අනිත් ස්පයිඩිලගෙ ටයිම් ලයින් වෙන්න පුලුවන්. නැත්තන් ඒ ආපු විලන්ස්ලගෙ ටයිම් ලයින් වෙන්න පුලුවන්. ගොඩක් අය කියනවා මෙතන ඉන්නෙ අපේ ඔරිජිනල් ඩොකා නෙවෙයි කියලා. ඒක වෙන්නත් පුලුවන්. මොකද ඉන්ෆිනිටි වෝ එකේදි පීටර්ට තමන්ව අදුන්නලා දෙන්නෙ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් කියලා. හෙන සීරීයස් පොරනේ අනික. ඒ උනාට මෙතනදි ඩොකාම කියනවා අපි එකට එකතු වෙලා ලෝකෙ බේරගත්ත නිසා මට ස' කියන්න එපා කියලා. ඒක නිසා ම මේ ඉන්නෙ අපේ ඔරිජිනල් ඩොකා වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.
උඩ ෆොටෝ දෙක එකමයි නේද? ඒ උනාට ඔය වම් පැත්තෙ තියෙන්නෙ Doctor Strange (2016) ෆිල්ම් එකේ ඩොකාට ඒන්ශන්ට් වන් මල්ටිවර්ස් එක පෙන්නන තැනදි තියෙන ෆොටේජ් එකක්. දකුණු පැත්තෙ තියෙන්නෙ අපි දැකපු ස්පයිඩර් මෑන් නෝ වේ හෝම් ට්‍රේලර් එකේ තියෙන ෆූටේජ් එකක්. ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ෆිල්ම් එකෙන් අරගෙන ආයෙ මේකටම දාලා වගේ තියෙනවා.
ඊළගට ඔය ඩොක් ඔක් ගෙ එන්ට්‍රන්ස් එකේදි අපිට පිටිපස්සෙන් පේන බිල්ඩින් එකම තමයි ඊළග සීන් එකේදි ස්පයිඩිගෙ පිටිපස්සෙනුත් තියෙන්නෙ කියලා බලාගන්න පුලුවන්. ඒ කියන්නෙ බොහෝ දුරට මේ දෙන්න අතර තමයි වලිය යනවා ඇත්තෙ. සමහරවිට ටෝබි ඔතන පැත්තකින් ඉන්නවා වෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්.
උඩ ෆොටෝ එකම නම් ට්‍රේලර් එකෙත් පට්ටම අපැහැදිලි තැනක්. ඉතින් ගොඩක් අය කියනවා මේ ඉන්නෙ ලිසාර්ඩ් කියලා. ලිසාර්ඩ් කෑ ගහනවා වගේ සද්දෙකුත් ඇහුන නිසා. මට නම් හුගක්ම හිතෙන්නෙ මේ ඉන්නෙ ස්කෝපියන් කියලා. පල්ලෙහා ඉන්නෙ මැක් ගාර්ගන්. මිනිහා තමයි ස්කෝපියන් වෙන්නෙ. 2017 හෝම්කමින් එකේදි ක්‍රෙඩිට් සීන් එකෙත් මිනිහව හයිලයිට් කරලා පෙන්නුවා. ඒ නිසා මම නම් ගොඩක්ම හිතන්නෙ මේ ඉන්නෙ ලිසාර්ඩ් නෙවෙයි ස්කෝපියන් කියලායි. මේක මගේ තියරියක්. මොනා වෙයිද නම් දන්නෙ නෑ. වෙනම් වගේ කියලත් කිව්වා සමහරු. වෙනම් උනත් ටොම් හාඩිගෙ වෙනම් නම් මේකෙ ඉන්න එකක් නෑ. ඇරත් පස්සෙ කාලෙක ස්පයිඩිගෙන් වෙනම් වෙන් වෙලා ඉන්න වෙලාවක ස්කෝපියන් වෙනම් එක්ක සෙට් වෙනවා. MCU එකේදි කෝම වෙයිද දන්නෙ නෑ. (උඩ පොටෝ එක පේන්නැත්තන් බ්‍රයිට්නස් වැඩි කරලා බලන්න ඈ)
ෆොටෝ එකේ ඉන්නෙ නම් සෑන්ඩ් මෑන් ඉලෙක්ට්‍රෝ සහ ස්පයිඩර් මෑන්. මේකෙ වීඩියෝ එක හොදට බැලුවොත් පෙනෙයි ඉලෙක්ට්‍රෝගෙ පාරකින් සෑන්ඩ් මෑන් ස්පයිඩිව කවර් කරනවා කියලා. මතකනේ Sam Raimi ගෙ ට්‍රියොලොජියෙ අන්තිමටම සෑන්ඩ් මෑන්ට ස්පයිඩර් මෑන් සමාව දුන්නා. ඒකෙන් මිනිහා තව දුරටත් විලන් කෙනෙක් නෙවෙයි වෙන්න පුලුවන්. එනිවෙ ට්‍රේලර් එකේ ඕම තියලා ෆිල්ම් එකට එද්දි කැත ආතල් එකක් දෙයිද දන්නෙත් නෑ. මාවල් ට්‍රේලර්ස් ශුවර් කරන්න නම් බෑ.
ඊළගට අපේ ග්‍රීන් ගොබ්ලින් ගෙ පම්කින් බෝම්බ් එක වැටෙන තැන එතන පොලොව බලන්නකෝ. පොලොවෙ නිකන් ඉරි ඉරි වගේ ගිහින් තියෙනවා. සහ ඩොක් ඔක්ගෙ එන්ට්‍රන්ස් එක එන තැන තියෙන පොලොවත් එහෙම්මමයි. ඒ වගේම ස්පයිඩි අර උඩ කිව්ව බිල්ඩින් එක ඉස්සරහ ඉන්න තැන තියෙන පොලොවත් ඒ වගේමයි. එතකොට මේ ඔක්කොම ඉන්නෙ එකම තැනකද? මරු හැබැයි ස්පයිඩි තනියෙම නම්.
ඊළගට ඔය ෆොටෝ එකේ පේනවා ඇති උඩ කියපු විදියට තමයි පොලොව තියෙන්නෙ සහ තැඹිලි පාට කැඩිලා ගියපු බැරල් හරි මොනවා හරිත් අපිට බලාගන්න පුලුවන් මෙතනදි. ෆිල්ම් වල වතුර පුරෝපු බැරල් වගේ එව්වා දාලා තියෙනවා දැකලා තියෙන්වනෙ ඔයාලා මාර්ග බාදක වගේ දාලා තියෙන්නෙ... ඕවට කියන්නෙ Impact attenuator කියලද කොහෙද... හරියටම මීටර් නෑ...
මේ පොටෝ එකේදිත් අපිට උඩ කිව්ව බැරල් වගේ අයිටම් ටික බලාගන්න පුලුවන්. ඉතින් මේ කියන ටික ඔක්කොම එකම තැනක වෙනවා කියලා හිතාගන්න පුලුවන්. ඒ වගේම පාලම කැඩිලා තියෙනවා පේනවා ඇති. (මේ පාලම ගැන සචින් චැනල් එකෙන් ගේන ට්‍රේලර් බ්‍රේක්ඩවුන් වීඩීයෝ එකේ ලොකු විස්තරයක් කියයි...) ඒ කියන්නෙ කාර් එකක් වගේ මොකක් හරි කඩාගෙන වැටිලා ඇති එතනින්. ඔය කහ පාට කාර් එකට ඉස්සරහින් තියෙන්නෙ පීටර් සූට් එක දාගනිද්දි උඩ නැගලා හිටපු කාර් එක. අර කලු ගෑනු කෙනා හිටියෙත් මේකෙ වෙන්න ඕනෙ. කෝමහරි පීටර් මේ ගෑනු කෙනාවයි ඩ්‍රයිවර් වයි බේරගන්න ඇති. පීටර් ඒක උඩ හිටපු නිසා විලන් කෙනෙක් කාර් එකට ඇටෑක් කරලා කාර් එක ඔය වගේ හැරවෙන්න ඇති. ඔය ගෑනු කෙනා මයිල්ස්ගෙ අම්ම වෙන්න පුලුවන් කියලත් කියනවා. නැත්තන් MJ ගෙ අම්ම වෙන්නත් පුලුවන්. හැබැයි කොමික් වල නම් මයිල්ස්ගෙ ඔරිජින් එක වෙන්නෙ අල්ටිමේට් යුනිවර්ස් එකේදි.
අන්තිම එක. මේක තමයි උඩ කිව්ව පීටර් නැගලා ඉන්න කාර් එක. මෙතනදි පීටර් ඇදන් ඉන්න ඇදුම ටෝබි ඇදන් හිටපු ඇදුමකට සමානයි සහ අර ගෑනු කෙනා එක්ක කතා කර කර ඉද්දි හැරිලා බලන සීන් එකේදි පීටර්ගෙ ලුක් එක පට්ට ශාප්. සමහරවිට ටෝබි ඇන්ඩෲගෙ ස්පයිඩිලටත් ටොම් ම රගපානව වෙන්න පුලුවන්. හරියට අර Spiderman Into The Spider Verse එකේ වගේ. ඒකෙත් පීටර් ලගෙ මූණු එක වගේ සහ ටෝබිගෙ ස්පයිඩි කියලා ගන්න පුලුවන් කෙනා ඒකෙදි මැරෙනවා. හැබැයි ටෝබිට නම් අයන් ස්පයිඩර් මෑන් සූට් එක නම් නෑ. හැබැයි එක වගේ ඇදුම් ඇදන් ඉන්න එක අහම්බයක් වෙන්නත් බෑ. ට්‍රේලර් එකේ ඔහොම තියලා ෆිල්ම් එකේ ටෝබි ඉදීද දන්නත් නෑ.........අන්තිමට ඔය ටැක්සි එකේ උඩ රවුම් කරලා තියෙන එක බලන්න. ඒකෙ නම්බර්ස් 1228. ඕක මෙහෙම ගත්තොත් 12/28 අපේ ස්ටැන්ලි බොසාගෙ උපන්දිනේ. ස්ටැන් ලී රෙෆරන්ස් එකක් දුන්නෙ නැත්තන් තමයි පුදුමෙ.
(පොඩි දෙයක් කියන්නම්. ඔයා මේ මල්ටිවර්ස් කන්සෙප්ට් එකට අලුත් නම් CW එකෙන් ආපු ෆ්ලෑශ් සීරීස් එකේ සීසන් තුනක් විතර බලන්න. දැන් ඉතින් මට කෑගහන්න එපා ඕක බලන්න කිව්වා කියලා. කැමති නම් බලන්න. කන්සෙප්ට් එක තේරෙයි ඔයාට.)
ඉතින් ඕක තමයි No Way Home මගේ බ්‍රේක්ඩවුන් එක. ආයෙත් වෙනත් ලිපියකින් හම්බෙමු.
ජයවේවා!!!!
(සචින්ගෙ ට්‍රේලර් බ්‍රේක්ඩවුන් එක පහල තියෙනවා ඒකෙ මේකෙ නැති විස්තර ගොඩක් තියෙනවා, ඒකත් බලන්ඩෝ...)
Supiri ♥️
ReplyDeleteTrailer ek nm pissuwak😵