අපි වගේම මුලු ලෝකෙම ෆෑන්ස්ලා බලන් ඉන්න ෆිල්ම් එකක් තමා Avatar 2, එහෙම නැත්තම් Avatar (2009) ෆිල්ම් එකේ සීක්වල් එක. ඉතිං මේ වෙනකොටත් මීලග ඇවටාර් ෆිල්ම් දෙකේම රූගතකිරීම් කරලා ඉවරයි. ඒ වගේම හැමෝගෙම අවධානය දිනාගත්ත Avatar 2 එකේ කන්සෙපෙට් ආට් එකකුත් පහුගිය දවස්වල රිලීස් කරලා තිබ්බා.
![]() |
Avatar 2 Concept Art |
2009 ආව පළවෙනි Avatar ෆිල්ම් එක රිලීස් වෙන්න සතියකට වගේ කලින් තමා 20th Century FOX ස්ටූඩියෝ එකෙන් කිව්වේ ඇවටාර් ෆිල්ම් සීරීස් එකක් නිර්මාණය කරන්න එයාලා බලාපොරොත්තු වෙනවා කියලා. කොහොමහරි ඒ හැම ප්ලෑන් එකක්ම අති සාර්ථක කරමින් පළවෙනි ඇවටාර් ෆිල්ම් එක ලොව වැඩිම ආදායමක් ලබාගත් චිත්‍රපටය බවට පත්වුනා. Avengers: Endgame (2019) ෆිල්ම් එක ඇවටාර් පාස් කරලා බොක්ස් ඔෆීස් ලැයිස්තුවේ පළවෙනි තැනට එන්න පුලුවන් උනත් ආයෙත් චීනය ඇතුලේ ඇවටාර් රිලීස් කලාට පස්සේ බොක්ස් ඔෆීස් ලැයිස්තුවේ පළමු තැනට එන්න ඇවටාර් ෆිල්ම් එකට පුලුවන් උනා. මේ ගැන කැමරන් ඇතුලු ඇවටාර් කෲ එකට ස්තූති කරලා රූසො බ්‍රදර්ස්ලා (එන්ඩ්ගේම් එකේ ඩිරෙක්ටර්ස්ලා) දාපු ටුවිටර් පණිවිඩය තමා මේ
Passing the gauntlet back to you... @JimCameron
— Russo Brothers (@Russo_Brothers) March 13, 2021
Thanks for the beautiful art @bosslogic. pic.twitter.com/URSxUMzf8D
කොහොමහරි පළවෙනි ඇවටාර් ෆිල්ම් එකේ කර්නල් මයිල්ස්ගේ චරිතෙ කරපු ස්ටෙෆන් ලෑන්ග් පසුගියදා කොලයිඩර් සමග තිබුන සාකච්ඡාවකදී මීලග ඇවටාර් චිත්‍රපට ගැන අදහස් දක්වලා තිබුනා. Don't Breathe (2016) ෆිල්ම් එකේ ඇස් පේන්නේ නැති වයසක හාදයට හිටියෙත් ලෑන්ග්. ඒ වගේම Don't Breathe 2 මේ අවුරුද්දේ එනවානේ. ආන් ඒ ගැන තිබ්බ ඉන්ටර්වීව් එකකදී තමා ලෑන්ග් ඇවටාර් මීලග ෆිල්ම් ගැනත් පොඩි අදහස් දැක්වීමක් කරලා තිබ්බේ.
![]() |
Stephen Lang in Avatar |
ඉතිං ලෑන්ග් කියලා තිබ්බේ Avatar 5 වෙනි ෆිල්ම් එකේ ස්ක්‍රිප්ට් එක කියවලා ඉවර වෙනකොට එයා ගොඩක් ඉමෝශනල් උනා කියලා. දැන් ඔයා බලනවා ඇති Avatar 2 රිලීස් නොවී Avatar 5 ස්ක්‍රිප්ට් එක කියවන්නේ කෝමද කියලා. මෙහෙමයි.. කලින් කිව්වා වගේ මේ වෙනකොටත් Avatar දෙවෙනි සහ තුන්වෙනි ෆිල්ම් වල රූගතකිරීම් අවසන් කරලා තියෙන්නේ. ඒ වගේම Avatar 4 වෙනි ෆිල්ම් එකෙත් යම් යම් දර්ශන කීපයක් රූගත කරලා අවසන් කියලා නිව්ස් ඇවිත් තිබුනා. හිතාගන්න පුලුවන්නේ කැමරන් මහත්තයගෙ විශන් එක.
![]() |
Avatar Director James Cameron |
ඉතිං මෙහෙම එක ලග රූගතකිරීම් කලත් මේ ෆිල්ම් 5ටම වෙන් වෙන් වූ කතා තියෙනවා කියලා තමා ආරංචි වෙන්නේ. ෆ්‍රැන්චයිස් එකක් විදියට ෆිල්ම් 5 සම්බන්ධ උනත් හැම ෆිල්ම් එකකටම ඒකටම විශේෂ වුන කතාවක් තියෙනවා. සරලව කිව්වොත් පාලම් ෆිල්ම් නෙමෙයි මේ 😂 පාලම් ෆිල්ම්/සීරීස් කියන්නේ වෙන මොකක්හරි ෆිල්ම් එකකට හෝ සීරීස් එකට ෆවුන්ඩේශන් එකක් හදලා දෙන ෆිල්ම් එකක් හෝ සීරීස් එකක් (එහෙම කිව්වාම තේරෙන්න ඕනි මොනවා ගැනද කියන්නේ කියලා).
Avatar (2009) ෆිල්ම් එක හදන්න ඇමෙරිකානු ඩොලර් මිලියන 236ක මුදලක් ගිහින් තිබ්බා. ඒ වගේම මේ ඉස්සරහට එන්න තියෙන ඇවටාර් ෆිල්ම්ස් 4ටම ඇමෙරිකානු ඩොලර් බිලියන 2කට ආසන්න මුදලක් යනවා කියලයි වාර්තා වෙන්නේ. ලේසි පාසු ගානක් නෙමෙයි. ඒ වගේම තමා පළවෙනි ඇවටාර් චිත්‍රපටය සිනමා ලෝකේ තාක්ශණික පෙරලියක් කරපු චිත්‍රපටයක්. ගොඩක් දෙනෙක් මත පළකරන විදියට ඊලග ඇවටාර් ෆිල්ම් වලත් මේ වගේ විශේෂ දේවල් ගොඩක් අපිට බලාගන්න පුලුවන් වේවි. සරලව කිව්වොත් නිකන්ම නිකන් ෆිල්ම් එකකට එහා ගියපු නිර්මාණ.
ඊලගට එන්න තියෙන ඇවටාර් ෆිල්ම්ස් 5 රිලීස් කරන්න සූදානම් කරලා තියෙන්නේ මෙන්න මෙහෙම 👇
Avatar 2 (2022) - Release Date: Dec 16, 2022
Avatar 3 (2024) - Release Date: Dec 20, 2024
Avatar 4 (2026) - Release Date: Dec 18, 2026
Avatar 5 (2028) - Release Date: Dec 22, 2028
පේනවානේ... අවුරුදු දෙකෙන් දෙකට 2028 වෙනකම් අපිව සප්‍රායිස් කරන්න කැමරන් මහත්තයා ලෑස්ති වෙලා ඉන්නවා. මේවා ගැන හිතලවත් පරිස්සම් වෙලා ඉන්න. හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට කියනවානේ..