ඉස්සරහට එන්න තියෙන සියළුම Star Wars ප්‍රොජෙක්ට්ස් ගැන විස්තර දැනගන්න



ලෝකප්‍රකට Star Wars ෆ්‍රැන්චයිස් එකේ අනාගතය මොනවගේ වෙයි ද කියන එක මේ දවස් වල ගොඩක් අය අහන ප්‍රශ්නයක්. Star Wars: The Rise of Skywalker ෆිල්ම් එකෙන් පස්සේ ආපු The Mandalorian සහ The Bad Batch සීරීස් වලින් Star Wars ෆ්‍රැන්චයිස් එකේ අනාගතය අළුත් පැත්තකට අරන් යනවා කියලා අපිට පෙන්නලා තියෙනවා. Star Wars ප්‍රොජෙක්ට්ස් නිර්මාණය කරන LucasFilm ආයතනය 2019 රිලීස් වුණ Star Wars: The Rise of Skywalker එකෙන් පස්සේ Star Wars ෆ්‍රැන්චයිස් එක සෑහෙන විවිධත්වයක් තියෙන සහ අපි මෙතෙක් ලයිව් ඇක්ෂන් හෝ ඇනිමේෂන්ස් වලින් නොදුටු galaxy far far away හි පැති කීපයක් ම ආවරණය කරලා එන ෆිල්ම්ස් සහ සීරීස් මාලාවක් නිර්මාණය කරන්න පදනම හදලා තියෙනවා. ඉදිරි වසර කිහිපය ඇතුළත එන මේ හැම ප්‍රොජෙක්ට් එකක් ම කෙටි විස්තරයක් එක්ක පහළින් බලා ගන්න පුළුවන්.


Star Wars ෆිල්ම්ස්


Star Wars: Rogue Squadron

Patty Jenkins

2023 දෙසැම්බර් 22 රිලීස් වෙන්න නියමිත මේ අළුත් Star Wars ෆිල්ම් එක ඩිරෙක්ට් කරන්නේ Wonder Woman 1984 ඩිරෙක්ට් කරපු Patty Jenkins. සමහර අය මේ ෆිල්ම් එක ඩිරෙක්ට් කරන්න මෙයාට දුන්න එක ගැන ටිකක් සැකයෙන් හිටියත් Patty Jenkins කාලයකට පෙර එයාගේ Air Force එකත් එක්ක තිබුණ සම්බන්ධකම සහ ලෝකේ හොඳම පයිලට් ෆයිටර් ෆිල්ම් එක හදන්න එයාගේ තියෙන හීනයත් නිසා Patty මේ ෆිල්ම් එකට උපරිම සාධාරණයක් කරයි කියලා අපිට හිතන්න පුළුවන්. ෆිල්ම් එක තියෙන්නේ Star Wars යුනිවර්ස් එකේ අපිට දකින්න ලැබෙන Starfighters වල පයිලට් ලා ගැන කතාව. පයිලට් ලා එයාලගේ Starfighters හිමිකරගන්න විදිහ ඒවා වලින් සටන් කරන විදිහ සහ ඒවා පදවන විදිහ ෆිල්ම් එකේ හදවත විදිහ ට අපිට බලාගන්න පුළුවන්. ඒ වගේම ෆිල්ම් එකේ ස්ක්‍රිප්ට් එකේ වැඩකටයුතු මේ වනවිට බොහෝදුරට අවසන් කියලා Patty කියලා තියෙනවා.

Starfighters


Taika Waititi ගේ Star Wars

Taika Waititi

ඩිස්නි ෆිල්ම් රිලීසීන් කැලැන්ඩර් එකේ 2025 දෙසැම්බර් 19 සහ 2027 දෙසැම්බර් 17 කියන දවස් දෙක Star Wars ෆිල්ම් දෙකක් වෙනුවෙන් වෙන් වෙලා තියෙනවා. මේ දින දෙක අතරින් එකක් අනිවාර්යෙන් Taika Waititi ඩිරෙක්ට් කරන අළුත්ම Star Wars ෆිල්ම් එක වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. මේ වනවිට ෆිල්ම් එකේ නිෂ්පාදන කටයුතු ආරම්භ කරලා නොතිබුණත් ෆිල්ම් එක ඩිරෙක්ටර් කරන්න Taika Waititi හා ස්ක්‍රිප්ට් එක ලියන්න Taika ට අමතරව එයාගේ 1917 ෆිල්ම් එකේ ස්ක්‍රිප්ට් එක ලියන්න උදව් වුණ Krysty Wilson-Cairns එකතු වෙලා තියෙනවා කියලා දැන ගන්න ලැබෙනව. ෆිල්ම් එකේ ප්ලොට් එක ගැන විස්තර මොනවත් දීලා නැතත් LucasFilm හි සභාපතිවරිය වන Kathleen Kennedy කියලා තියෙනවා මේක Taika Waititi ට ම තියෙන හැකියාව සහ හියුමර් එක පෙන්නන ෆිල්ම් එකක් වෙයි කියලා.

Kathleen Kennedy


Rian Johnson ගේ Star Wars ට්‍රයිලොජිය

Rian Johnson

Rian Johnson මීට කලින් ඩිරෙක්ට් කරපු Star Wars: The Last Jedi ෆිල්ම් එක රිලීස් වෙන්නත් කලින් LucasFilm සහ Disney ලා Rian Johnson ට අළුත් Star Wars ට්‍රයිලොජියක් හදන වැඩේ භාරදුන්නා. කාලයක් යද්දී මේ ප්‍රොජෙක්ට් එක නවත්තලා කියලා සමහර අය හිතුවත් 2021 දී Rian Johnson මේ ට්‍රයිලොජි ය කන්ටිනියු වෙනවා කියලා කන්ෆර්ම් කරලා තියෙනවා. Galaxy far far away හි මෙතෙක් අපි ගවේෂණය නොකරපු ප්‍රදේශ සහ අපි නොදුටු චරිත ඇසුරින් මේ ෆිල්ම් ට්‍රයිලොජිය නිර්මාණය වෙනවා කියලයි කියන්නේ. ට්‍රයිලොජියේ පළවෙනි ෆිල්ම් එකේ රිලීස් ඩේට් එක තාම අනවුන්ස් කරලා නැතත් ඒක ඩිරෙක්ට් කරන්නේ සහ එකේ ස්ක්‍රිප්ට් එක ලියන්නේ Rian Johnson කියලා සඳහන් කරලා තියෙනවා.

A visual still from The Last Jedi movie


Kevin Feigi ගේ Star Wars ෆිල්ම් එක

Kevin Feigi

MCU හි නිෂ්පාදකයා වෙන Kevin Feigi ත් Star Wars ෆිල්ම් එකක් නිෂ්පාදනය කරන්න LucasFilm හි සභාපති Kathleen Kennedy සමඟ එකතු වෙලා තියෙනවා. මේක ගැන Disney හි Co-chairman වෙන Alan Horn කිව්වේ ඉස්සරහට එන අළුත් Star Wars යුගයේ ප්‍රොජෙක්ට් එකකට Kathleen සහ Feigi කියන ලෝකේ හොඳම නිෂ්පාදකයන් දෙන්නෙක් එකතුවෙන එක අසාමාන්‍ය සිදුවීමක් කියලා. ෆිල්ම් එක ගැන කිසිම තොරතුරක් මේ වෙනකන් දැනගන්න නොලැබුණත් Feigi එයාගේ මේ අළුත්ම Star Wars ෆිල්ම් එකට හොලිවුඩ් වල ප්‍රධානම නළුවෙක් සම්බන්ධ කරගන්න උත්සාහ කරලා තියෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. ෆිල්ම් එකේ රිලීසින් ඩේට් එක තවම දීලා නැහැ.


J.D. Dillard ගේ Star Wars

J.D. Dillard

2016 රිලීස් වුණ Sleight ෆිල්ම් එක ඩිරෙක්ට් කරපු J.D. Dillard Star Wars ප්‍රොජෙක්ට් එකක් කරනවා කියලා මුලින්ම දැනගන්න ලැබුණේ 2020 දී. මේ ෆිල්ම් එක ගැන තොරතුරු නම් ඇත්තෙම නැති තරම්. කොහොමවුණත් මේ ෆිල්ම් එක Exegol කියන Sith ප්ලැනට් එක පාදක කරගෙන් නිර්මාණය වෙනවා කියලයි සඳහන් වෙන්නේ. ෆිල්ම් එකේ රිලීස් ඩේට් එක තවම කියලා නැහැ.

Exegol


මීට අමතරව නිර්මාණය වීමට තිබූ Star Wars ෆිල්ම්ස්

A visual still from the Solo movie

Disney ආයතනය විසින් LucasFilm ඩොලර් බිලියන 4 ක ට මිලදී ගැනීමෙන් පස්සේ තිබුණ සැලසුම තමයි Star Wars saga එක යන අතරතුර saga එකට කෙලින්ම සම්බන්ධ වෙන්නේ නැති ඒ කියන්නේ anthology ෆිල්ම්ස් නිර්මාණය කරන එක. එහෙම නිර්මාණය වුණ Solo හි බොක්ස් ඔෆිස් වල ලබපු අසාර්ථකත්වයත් එක්ක ඒ සැලසුම් ගැන ආයේ හිතන්න Disney ලට සිදුවෙලා තියෙනවා. Boba Fett සහ Obi-Wan පාදක කරගෙන ෆිල්ම්ස් නිර්මාණය කරන කටකතාවක් තිබුණත් ඒවා Disney+ හී සීරීස් විදිහට එන්නේ Disney ලා එයාලගේ සැලසුම් වෙනස් කරපු නිසා කියලා හිතන්න පුළුවන්. 


Star Wars TV Shows


The Mandalorian Season 3

A visual still from The Mandalorian

The Mandalorian සීසන් 2 එක Disney+ එකට එන්නත්  කලින් ඒකේ සීසන් 3 එක Disney ලා අනවුන්ස් කරා. සීසන් 2 එක ලබපු සාර්ථකත්වයක් එක්ක Star Wars ෆෑන්ස් ලා The Mandalorian සීසන් 3 එක රිලීස් වෙනකන් සෑහෙන හයිප් එකක ඉන්නවා. The Mandalorian සීසන් 3 එක මේ දෙසැම්බර් වල රිලීස් වෙන්න තියෙන The Book of Boba Fett ට පස්සේ රිලීස් වෙයි කියලයි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ 2022 මුලදී වගේ මේක රිලීස් වෙන්න පුළුවන්.


The Book of Boba Fett සීරීස් එක

Boba Fett

The Mandalorian සීසන් 2 එකෙන් නැවත Star Wars ලයිව් ඇක්ෂන් යුනිවර්ස් එකට ආපු Boba Fett ගේ Spin Off සීරීස් එකක් ඒත් එක්කම අනවුන්ස් කරා. The Mandalorian සීරීස් එක යන ටයිම්ලයින් එකේම යන මේ Boba Fett සීරීස් එක අපිට මේ දෙසැම්බර් වල බලාගන්න පුළුවන්. 


Obi-Wan Kenobi සීරීස් එක

Obi-Wan Kenobi

"Hello there!"

2019 තිබ්බ Disney Expo එකේ Kathleen Kennedy Obi-Wan Kenobi චරිතය පාදක කරගෙන ස්පින් ඕෆ් සීරීස් එකක් නිර්මාණය කරනවා කියලා නිවේදනය කරා. Star Wars ෆෑන්ස් ල ට මේක සෑහෙන හයිප් එකක් දුන්න අනවුන්ස්මන්ට් එකක්. ගොඩක් අය ආසාවෙන් බලාහිටියේ Obi-Wan ව නැවත ලයිව් ඇක්ෂන් Star Wars ප්‍රොජෙක්ට් එකකින් බලාගන්න. ෆෑන්ස් ලගේ හයිප් එක තවත් වැඩකරමින් මේ වෙනකොට Obi-Wan වෙනුවෙන් Ewan Mcgregor සහ Darth Vader වෙනුවෙන් Hayden Christensen මේ සීරීස් එකට එකතු වෙනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙනවා. සීරීස් එක Revenge of The Sithඅවුරුදු 10 කට පසු Obi-Wan මුහුණදෙන සිදුවීම් ඇසුරින් නිර්මාණය වෙනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම Obi-Wan Jedi master සහ Darth Vader අතර duel එකක් බලාගන්න පුළුවන් කියලත් ආරංචි වෙනවා. අපිට මේ සීරීස් එක 2022 අවුරුද්දේ බලන්න පුළුවන් වෙයි කියලා සඳහන් වෙනවා. 


Rogue One ස්පින් ඕෆ් සීරීස් එක Andor

Cassian Andor and K-2SO droid

Rogue One ෆිල්ම් එකේ prequel එක විදිහට එන Andor සීරීස් එකක් මේ වෙනකොට Disney ලා අනවුන්ස් කරලා තියෙනවා. Rebel Alliance හි ස්පයි කෙනෙක් වෙන Cassian Andor සහ එයාගේ droid එක වෙන K-2SO ගේ Empire එකට විරුද්ධව කරන මිෂන් ඇසුරෙන් මේ සීරීස් එක නිර්මාණය වෙනවා කියලයි සඳහන් වෙන්නේ. සීරීස් එකට ෆිල්ම් එකේ හිටපු නළු නිළියන් ම නැවත සිය චරිත නිරූපණය කරන්න එකතු වෙලා තියෙනවා. සීරීස් එක රිලීස් වෙන දිනයක් නම් තාම දීලා නෑ.


Ahsoka සීරීස් එක

Ahsoka Tano

"I'm no Jedi."

The Mandalorian සීසන් 2 එකෙන් පස්සේ Anakin Skywalker ගේ padawan වෙන Ahsoka Tano ගේ සීරීස් එකක් අනවුන්ස් කරලා තියෙනවා. සීරීස් එකේ නම Ahsoka. Star Wars ෆෑන්ස් ලා ගොඩ කාලයක් තිස්සේ බලන් හිටපු Ahsoka Tano ගේ ම තනි ලයිව් ඇක්ෂන් සීරීස් එකක් ඒ අනුව අපිට ඉස්සරහට බලාගන්න පුළුවන්. මේ සීරීස් එක ගැන වැඩි විස්තර දැන ගන්න නොලැබුණත් සීරීස් එක The Mandalorian සීරීස් එකේ ටයිම්ලයින් එක සමාන්තරව යනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙනවා. බොහෝවිට සීරීස් එක Ahsoka Tano විසින් Grand Admiral Thrawn ව සෙවීම පාදක කරගෙන නිර්මාණය වෙනවා කියලා හිතන්න පුළුවන්. Ahsoka හි Sabine Wren  චරිතයට නිළියක් මේ දවස් වල සොයමින් ඉන්නවා කියලා සඳහන් වෙලා තියෙනවා. මේ සීරීස් එකේ රිලීස් ඩේට් එකක් තාම දීලා නෑ.

Sabine Wren


Lando සීරීස් එක

Donald Glover as Lando Calrissian

Lando Calrissian ගේ කැරැක්ටර් එකට Star Wars ෆෑන්ස් ලා ගේ තියෙන ජනප්‍රියත්වයත් එක්ක එක්ක ඒ චරිතය පාදක කරගෙන නිර්මාණය කරන සීරීස් එකක් මේ වෙනකොට අනවුන්ස් කරලා තියෙනවා. Lando ගේ චරිතය අන්තිමට නිරූපණය කරපු Donald Glover මේ සීරීස් එකට එකතු වෙනවා කියලා නම් තවම කන්ෆර්ම් වෙලා නෑ. මේ සීරීස් එක රිලීස් වෙන දිනයක් තවම කියලා නෑ.


Acolyte සීරීස් එක

Acolyte Series

ෆීමේල් ලීඩ් සීරීස් එකක් වෙන Acolyte සීරීස් එක Disney Investors day එකේදී ඔෆීෂියලි අනවුන්ස් කරා. මේ සීරීස් එක High Republic යුගයේ අවසාන කාලයේ සිදුවීම් පාදක කරගෙන නිර්මාණය කරනවා කියලයි සඳහන් වෙන්නේ. High Republic යුගය Phantom Menance එකට වසර 350 ක ට කලින් තිබුණ යුගයක්. මේ යුගයේ තිබුණ ගුප්ත රහස් සහ Dark Side හි බලයේ ව්‍යාප්තිය ගැන සීරීස් එකේ කතා වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මේ සීරීස් එකේ රිලීසින් ඩේට් එක තාම එළියට දීලා නැහැ.

The High Republic age

ඇනිමේෂන් ප්‍රොජෙක්ට්ස්


A Droid Story

R2-D2 and C-3PO

"Oh, my dear friend.How I've missed you."

LucasFilm Animations ලා සහ ලෝක ප්‍රසිද්ධ Visual Effects ආයතනයක් වන ILM එකතු වෙලා කරන A Droid Story ඇනිමේෂන් ෆිල්ම් එක Star Wars යුනිවර්ස් එකට එන යුනික් ම ප්‍රොජෙක්ට් එකක් කියලා කියන්න පුළුවන්. මේ ෆිල්ම් එක Star Wars යුනිවර්ස් එකේ යුනික්ම අයිකන් දෙකක් වෙන R2-D2 සහ C-3PO කියන droid දෙක Star Wars යුනිවර්ස් එකට හඳුන්වාදෙන අළුත්ම කැරැක්ටර් එකක් එක්ක කරන ගවේෂණයක් පාදක කරගෙන නිර්මාණය වෙනවා කියලයි සඳහන් වෙන්නේ. මේක එන දවසක් නම් තවම කියලා නැහැ.


Star Wars: Visions

Star Wars: Visions a concept art

Star Wars යුනිවර්ස් එක තවත් දිගට විහිදුවමින් Star Wars: Visions කියලා ඇනිමෙ යක් නිර්මාණය කරන්න මේ වනවිට පටන් අරන් තියෙනවා. ජැපනීස් ඇනිමේ ස්ටූඩියෝ කිහිපයක් විසින් Star Wars හි සිදුවීම් 10 තමන්ගේ ස්ටයිල් එකෙන් එහෙම නැත්නම් විෂන් එකෙන් ඇන්තොලොජි ශෝර්ට් මූවිස් 10 ක් මේ ප්‍රොජෙක්ට් එක වෙනුවෙන් නිර්මාණය කරනවා කියලයි සඳහන් වෙන්නේ. මේක Star Wars ෆෑන්ස්ල ට අළුත්ම අත්දැකීමක් වෙයි කියලා හිතන්න පුළුවන්. මේක රිලීස් වෙන දිනයක් තවම කියලා නැහැ.


Star Wars: The Bad Batch season 2

The Bad Batch

ළඟදී Disney+ හරහා රිලීස් වුණ The Bad Batch සීසන් 1 එක සීසන් 2 එකට කන්ටිනියු කරලා තියෙනවා. The Bad Batch Star Wars ෆෑන්ස් ලා අතර සෑහෙන ජනප්‍රිය සහ හයිප් වුණ ඇනිමේෂන් සීරීස් එකක්. සීසන් 2 රිලීස් වෙන ඩේට් එකක් නම් තවම කියලා නැහැ.

Star Wars new titles for the future projects

දැන් ඔයාලට තේරෙනවා ඇති ඉස්සරහට එන්නේ Star Wars ෆෑන්ස් ල ට සෑහෙන සතුටු වෙන්න පුළුවන් කාලයක් කියලා. Star Wars යුනිවර්ස් එකේ ප්‍රසිද්ධම කැරැක්ටර්ස් සහ සිදුවීම් පාදක කරගෙන නිර්මාණය කරන ප්‍රොජෙක්ට්ස් වලට අමතරම මීට කලින් කතා නොකරපු සහ නොපෙන්වපු galaxy far far away හි විවිධ චරිත, ප්‍රදේශ, යුග සහ සිදුවීම් පාදක කරගෙන නිර්මාණය කරන ප්‍රොජෙක්ට්ස් විශාල ප්‍රමාණයක් අපට බලාගන්න පුළුවන්. 


( Source - Total Film )

1 Comments

  1. ඉස්සරහට star wars fanලට සුපිරි කාලයක් එන්නෙ😍😍🔥🔥

    ReplyDelete
Post a Comment
Previous Post Next Post