පළවෙනි එපිසෝඩ් දෙක කොහොමද??? බලාපොරොත්තු උනා වගේම තිබ්බද???
හැබැයි පර්සනලි මං බලාපොරොත්තු වුන විදියටම සීරීස් එකේ ලොකු අඩුවක් මේකේ පොත කියවපු සමහරුන්ට තේරිලා තියෙනවා. හැබැයි 95%ක් විතර මේ වැඩේට සැටිස්ෆයි. මමනම් බලාපොරොත්තු උනාටත් වඩා කොලටියක් එක්ස්පීරියන්ස් කලා සීරීස් එක බලනකොට. එහෙනම් ඔන්න පළවෙනි එපිසෝඩ් දෙකෙම බ්‍රේක්ඩවුන් එක තමා මේ අරන් ඇවිල්ලා තියෙන්නේ. ආටිකල් එක දික්වෙයි. මොකද පැහැදිලි කරන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ වගේම තමා සයන්ස් සම්බන්ධ කරණු මාර විදියට තියෙනවා. කතා කරන් යමු. ෆ්‍රී වෙලාවක් අල්ලලා මේ ලිපිය කියවන්න. එපිසෝඩ් දෙකම එකටම පැහැදිලි කරලා තියෙන්නේ. ඒ වගේම Foundation සීරීස් එක සහ නවකතා වල වටපිටාව ගැන මං ආටිකල් එකක් දැම්මා. මෙතන ක්ලික් කරලා ගිහින් ඒක කියවන්න කියෝපු නැති අය. ඒකෙ කතා කරපු දේවල් මේ ආටිකල් එකට ගාවගන්නේ නෑ. එහෙනම් යමු කතාවට. තව පොඩි දෙයක් කියන්න ඕනි..
සාමන්‍යයෙන් මං මේ වගේ බ්‍රේක්ඩවුන් එක්ක ලියනකොට දෙබස් වලින් කියවෙන දේවල් පවා පැහැදිලි කරනවා. ඒක මගේ විදියක්. හැබැයි මේ බ්‍රේක්ඩවුන් වලදී මට එක පැත්තක් තෝරගන්න වෙනවා. මොක්ද මං බලාපොරොත්තු උනාටත් වඩා ටිකක් දරුණු දේශපාලනික සහ සාමාජීය වටපිටාවක් මේකේ තියෙනවා. සරලව කිව්වොත් එහෙම හතර වටේට කෙලලා ඇරලා තියෙනවා. ඒ වගේම සයන්ස් සම්බන්ධ කරණු නොසෑහෙන්න තියෙනවා. ස්පෙශලි මැත්ස් පැත්ත. ඒක නිසා මං තීරණය කලා සයන්ස් මැත්ස් එක්ක මෙකේ ප්ලොට් එක විස්තර කරන් යන්න. අර පොලිටිකල් සහ සොසයිටි එක ගැන කියවෙන පැත්ත ගැන කතා නොකර ඉන්න. අවශ්‍යම තැනක විතරක් ඒ දේවල් ගැන කතා කරන්නම්. මෙතන ඉදන් මේ හැම බ්‍රේක්ඩවුන් එකකම වෙන්නේ ඒ විදියට. හැබැයි මේ සීසන් එක ඉවර උනාම මං වෙනම ලිපියක් අරන් එන්නම් අනිත් දේවල් ගැන. එහෙනම් යං කතාවට.
![]() |
Terminus |
කතාව පටන් ගන්නේ ටර්මිනස් (Terminus) වලින්. මේ මොකක්ද කියලා හරියටම පැහැදිලි කරන්නම් ඉස්සරහට යනකොට. මෙතන පසුබිමෙන් ඇහෙන දෙබස් ටික කියන්නේ ගේල් (Gaal). ඒ වගේම ටර්මිනස් කියන්නේ ගැලැක්ටික් අධිරාජ්‍යයටම අයිති මිනිස්සු වාසයෙන් තොර ග්‍රහලෝකයක්. එතකොට මෙතන ඉන්න පොඩි ළමයි ටික කවුද? ඉස්සරහට පැහැදිලි කරන්නම් ඒකත්...
![]() |
Vault |
අන්න ඒ පොඩි ළමයි ටික ත්‍රිකෝණෙක වගේ හැඩයක් තියෙන දෙයක් ලගට යනවා නේද? මේකට කියන්නේ Vault කියලා. මේක වටේටම එනර්ජි ෆීල්ඩ් (ෆෝර්ස් ෆීල්ඩ් එකක් කියලත් කියන්න පුලුවන්) එකක් දාලා තියෙන්නේ. මේවානම් ඔයාලා ෆිල්ම්ස්/සීරීස් වල දැකලා තියෙනවානේ. මේ ෆෝර්ස් ෆීල්ඩ් එක නිසා මිනිස්සුන්ට වගේ සතෙක්ටවත් Vault එක ලගට යන්න බෑ (අඩුම තරමේ කෘමියෙක්ටවත්). පළවෙනි එපිසෝඩ් දෙකේදිම අපිට මේ Vault එක ගැන පැහැදිලි කිරීමක් ලැබුනේ නෑ. ඉතිං ඒ ගැන දැනගන්න නම් තව ටික කාලයක් බලන් ඉන්න වෙනවා. හැබැයි අපි දැක්කා මේ ළමයි ටිකට මේ ෆෝර්ස් ෆීල්ඩ් එක හරහා යන්න බැරි උනාට අර වැටිලා හිටිය ළමයව බේරගත්ත ගෑණු කෙනාට මේ හරහා යන්න පුලුවන් කියලා.
![]() |
සැල්වෝ හාර්ඩින් |
මෙයාගේ නම සැල්වෝ හාර්ඩින් (Salvor Hardin). ඒත් එක්කම ආයෙත් ගේල්ගේ කටහඩින් සැල්වෝගේ නම ඇතුලුව තව නම් දෙකක් කියවෙනවා. ඒ තමයි හොබර් මැලොව් (Hober Mallow) සහ ද මියුල් (The Mule). ඒකෙන් අපිට පැහැදිලි වෙනවා මේ සැල්වෝ කියන එක්කෙනා මේ කතාව ඇතුලේ ලොකු චරිතයක් කරනවා කියලා.
![]() |
ට්රැන්ටෝර් |
ඔන්න ඊලග අපිට පෙන්නනවා ට්රැන්ටෝර් (Trantor). හැබැයි මේ පෙන්නන්නේ අපි අර මුලින්ම දැකපු සිද්දීන් වලට අවුරුදු 35කට කලින් වුන සිදුවීම්. ඔය කාල පරාසය මතක තියාගන්න. මේ කතාව ඇතුලේ කාලය මාරම වැදගත්. මෙතනදී තමා මුලින්ම හැරී සෙල්ඩන්ව අපිට පෙන්නන්නේ. කලින් ආටිකල් එක කියෝපු අය දන්නවානේ හැරී කියන්නේ කවුද කියලා. ඉතිං ආයේ ඒක ගැන මං කියන්නේ නෑ. හැබැයි ආයෙත් මෙතනදී අපිට ගේල්ගේ කටහඩින් හැරීව විස්තර කරන දෙබස් වගයක් ඇහෙනවා.
"A Mathematician. A Martyr. A Murderer. And the most important player of all, Hari Seldon"
හැරීට මෝස්ට් ඉම්පෝටන් ප්ලේයර් කියන්නේ ඇයි කියලා කලින් ලිපියේ මං කියලා තිබ්බා. ඒ වගේම මෙතනදී ගේල්, හැරීට මිනීමරුවෙක් කියලත් කියනවා. පේනවානේ.. ඒ පොඩි දෙබස ඇතුලේ කතාවේ මුලු ප්ලොට් එකම හැංගිලා තියෙනවා. ස්පොයිල් කරන්න ඕනි නැති නිසා මං මෙතනින් එහාට ඒ ගැන නොකියා ඉන්නම්. හැබැයි ඔය දෙබස හොදට මතකතියාගන්න.
![]() |
Synnax |
ඊට පස්සේ අපිට බලාගන්න පුලුවන් ගේල්ගේ ග්‍රහලෝකයක් වෙන සිනැක්ස් (Synnax). මේකත් ගැලැක්ටික් අධිරාජ්‍යයේම කොටසක්. මෙතනදී මුලින්ම ගේල්ව පෙන්නනකොට ගේල් ගනන් කරනවා වගේ එකක් කරනවා නේද. මේ ගාන පටන් ගන්නේ 86,960,947 (අසූ හය මිලියන නම ලක්ශ හැටදාස් නමසිය හතලිස් හතයි) කියන ඉලක්කමෙන්. බලපු එපිසෝඩ් දෙක පුරාවටම ගේල් මේ වගේ ගනන් කරනවා ගොඩක් තැන් වලදි. ගේල් මේ ගනන් කරන්නේ Prime Numbers (ප්‍රථමක සංඛ්‍යා). ප්‍රථමක සංඛ්‍යා කියන්නේ විශේෂ ඉලක්කම් කාණ්ඩයක්. ප්‍රථමක සංඛ්‍යා වලට තියෙන්නේ සාධක දෙකයි. උදාහරණයක් විදියට,
![]() |
2 ඉදන් 100 වෙනකම් තියෙන ප්‍රථමක සංඛ්‍යා |
2,3,5,7,9,11,13,17,19..... කියන සංඛ්‍යා ටික අරගන්න. ඔය තියෙන්නේ ප්‍රථම සංඛ්‍යා වල ආරම්භක සංඛ්‍යා ටික. ඔය හැම ඉලක්කමකටම තියෙන්නේ සාධක දෙකයි. ඒ කියන්නේ ඔය හැම ඉලක්කමක්ම ඉතිරි නැතිව බෙදන්න පුලුවන් ඒ අදාල සංඛ්‍යාවෙන් සහ 1න් විතරයි. ආයෙත් උදාහරණයක් විදියට 2 ගන්න. 2 ඉතිරි නැතුව බෙදන්න පුලුවන් 1 සහ 2 කියල අගයන් දෙකෙන් විතරයි. ඔතන ඉදන් ඉස්සරහට තියන හැම ප්‍රථමක සංඛ්‍යාවක්ම බෙදන්න පුලුවන් ඒ අදාල සංඛ්‍යාවෙන් සහ 1න් විතරයි.
![]() |
ගේල් |
ඊට පස්සේ එපිසෝඩ් එකේ ටිකක් ඉස්සර තැනක ගේල් කියනවා එයා මෙහෙම ප්‍රයිම් නම්බර්ස් (ප්‍රථමක සංඛ්‍යා) ගණන් කරන්න ගන්නේ එයා කලබල උනාම කියලා. ඒ වගේම එපිසෝඩ් දෙක පුරාවට ඔයාලා දකින්න ඇති එයා ගණන් කරන ඉලක්කම් එන්න එන්න වැඩි වෙනවා කියලා. අන්තිම එපිසෝඩ් එකෙ අන්තිමට අපිට ඇහෙන්නෙත් 86,981,953 කියන ඉලක්කම. ඒකෙන් කියවෙන දේ පැහැදිලි ද? ගේල්ගේ ජීවිතේ කොහේ හරි කාලෙක එයා මේ වැඩේ පටන් අරන් තියෙනවා. නිකන් හිතමුකෝ එයා ප්‍රථමක සංඛ්‍යා කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්ත දවසෙ ඉදන් මේක කරන්න පටන් ගත්තා කියලා. ඒ වගේම එයා මෙහෙම ගණන් කරන්නේ කලබලෙන් ඉන්න වෙලාවට විතරයි. එතකොට වර්තමානය වෙනකොට මේ ගාන (කවුන්ට් එක) මිලියන 86ත් පහු කරලා තියෙනවා. හිතලා බලන්න ගේල් එයාගේ ජීවිතේ කොච්චර අවස්තා ප්‍රමාණයක් මෙහෙම කලබලෙන් (අසහනෙන්/සැනසීමක් නැතුව) ඉන්න ඇතිද කියලා. ඒත් ඇයි එහෙම උනේ?
ගේල් කියන්නේ ජීනියස් කෙනෙක්. ජීනියස් කියන වචන අමතක කලොත් විද්‍යාව හදාරන මනුස්සයෙක්. අවිද්‍යාව රජ කරන ලෝකෙක විද්‍යාව හඹා යනවා කියන්නේ බොහොම අමාරු වැඩක්. ඔයත් රැල්ල ගහන පැත්තට ගහන් යන කෙනෙක් නෙමෙයි නම් මං කියන දේ තේරෙනවා. ෆවුන්ඩේශන් ෆ්‍රැන්චයිස් එකේ නෙමෙයි. අපි ජීවත් වෙන සැබෑ ලෝකෙදිවත් අපිට අවිද්‍යාවට එරෙහිව තර්ක කරන්න බෑ. භෞතිකව අපිව මරන්න බැරි උනත් මාන්සිකව හරි අපිව මරලා දානවා. ගේල් කියන්නෙත් අන්න එහෙම දරුණුවට කොන් වෙච්ච කෙනෙක්. ඉස්සෙල්ලාම ගේල්ගේ අතේ තියෙන ගල් 6 දැක්කද.
![]() |
ප්රෙයාර් ස්ටෝන්ස් (Prayer Stones) |
ඒ ගල් වලට කියන්නේ ප්රෙයාර් ස්ටෝන්ස් (Prayer Stones) කියලා. ඔය ගල්, ගේල්ගේ අම්මගෙ තාත්තගෙ ඇතුලුව අනිත් අයගේ මූණෙ තමා තියෙන්නේ.
හැබැයි ට්රැන්ටෝර් වලට යන්න පුලුවන් උන නිසා ගේල් එයාගේ මූණෙන් මේ ගල් ගලවලා අයින් කරනවා. ගලනවා කියන්නේ මේක පොඩි ඔපරේශන් එකක් වගේ. මේ සීන් එකත් අපිට පෙන්නනවා.
කොහොමහරි ගොඩක් දරුණුවට තමා මේ ගල් මූණට ඔබ්බවලා තියෙන්නේ. ඕක කරන්නේ සිනැක්ස් (ගේල්ගේ ලෝකේ) වල පල්ලියෙන්. ඒ පල්ලියට තමා Church Doctrine (ඩොක්ට්රියන් පල්ලිය) කියන්නේ. ඒත් ඇයි පල්ලියකින් එහෙම කරන්නේ?
හැමෝම දන්නවා නේද මද්‍යකාලීන යුගයේ (කාර්මික විප්ලවයට කලින්) හිටියේ විද්‍යාඥයෝ කොච්චර ප්‍රශ්න වලට මුහුණ දුන්නද කියලා? මේ හැම ප්‍රශ්නෙකටම මුල් උනේ පල්ලිය. ඒකට හේතුව තමා විද්‍යාඥයන්ගේ මේ ප්‍රකාශයන් නිසා පල්ලියේ මතවාද වලට කෙලින්ම පහර එල්ල උනා. අනික තමා බහුතරයක් ආගම් රැකිලා තියෙන්නේ මිනිස්සු ඒවා ගැන තර්ක නොකර තාක්කල්. එහෙම තර්ක කරන්න ගත්තොත් මේ ලෝකේ ආගම් ඉතුරු වෙන්නේ නෑ. දැන් මෙහෙම කියද්දී කවුරුත් තොප්පිය දාගන්න එපා. අන්න ඒ වගේම පරිසරයක් තමා ගේල්ගේ ලෝකෙත් (සිනැක්ස්) තියෙන්නේ. මේ ගැන තව හොදට පැහැදිලි කරන්න පුලුවන් පට්ට දෙබසක් තියෙනවා ගේල් සහ සෙල්ඩන් උසාවියේ ඉන්න වෙලාවේ. එතනදී උසාවියේ ඩෑල් එක ගේල්ගෙන් අහනවා "Are they still killing scientists and mathematicians? (එයාලා තාමත් විද්‍යාඥයෝ සහ ගණිතඥයෝ මරණවද?)" කියලා. එතකොට ගේල් කියනවා "If you're talking about the Purge,then (ඔයා කතා කරන්නේ පවිත්‍රකරණ ගැනනම්)" කියලා. ඕක සරලව පැහැදිලි කරන්නද. Purge කියලා ෆිල්ම් ෆ්‍රැන්චයිස් එකක් ආවා. ඒක අරන් බලන්න. ඒකේ තියෙනවා ඔය කන්සෙපෙට් එක ලෙසටම. සරලව ඕකෙන් කියවන්නේ ඒ සමාජයට සුදුසු නැති අයව මරලා දානවා කියන එක. එතකොට ෆවුන්ඩේශන් ෆ්‍රැන්චයිස් එකට අනුව ගේල්ගේ ලෝකේ (සිනැක්ස්) වල එහෙම සමාජයට සුදුසු නැත්තේ විද්‍යාඥයෝ. දැන් තේරෙනවද.. මොන තරම් අසහනයකින්ද ගේල් මෙච්චර කාලයක් සිනැක්ස් වල ජීවත් වෙන්න ඇත්තේ කියලා... දැන් තේරෙනවද ගේල් ප්‍රථමක සංඛ්‍යා ගනන් කරන එක අච්චර ලොකු ගානක් වෙනකම් ගියේ කොහොමද කියලා... පුලුවන්නම් අද ඉදන් ඔයා පටන් ගන්න ඕක. ප්‍රථමක සංඛ්‍යා ඕනි නෑ. ඔත්තෙ/ඉරට්ටෙ සංඛ්‍යා වලින් ගනන් කරන් යන්නකෝ. දැන් මෙතන ගේල්ගේ මිලියන ගාන දැක්කම ඔයා පුදුම උනානේ. හැබැයි අද ඔයා ඕක පටන් ගත්තොත් තව අවුරුද්දක් යනකොට ඔයාට තේරෙයි ඔයා කොච්චර අසහනයෙන්ද ජීවත් වෙන්නේ කියලා. මේ අසහනය කියන්නේ වලත්කම එමෙයි හොදේ. සැනසීමක් නැතිකම 🙏
![]() |
ඉම්පීරියල් ජම්ශිප් |
මේවාගෙන් කරන්නේ සතර මානයන් අතරින් ගමන් කරන එක. ඕක තේරුම් ගන්න අමාරුනම් මෙහෙම හිතන්න. වෝම් හෝල් එක ගැන දන්නවානේ. Interstellar (2014) සහ Netflix's Dark බලලත් වෝම් හෝල් ගැන දන්නේ නැත්තම් ඇත්තටම ඔයා ඒ දෙකම හරියට බලලා නෑ. වෝම් හෝල් එකක් කියන්නේ කාලය හා අවකාශයේ තැන් දෙකක් යා කරන ශෝට් කට් එකක්.
![]() |
Wormhole |
ඒක තමා සරලම පැහැදිලි කිරීම. එතකොට මේ ජම්ප්ශිප් වලිනුත් කරන්නේ එහෙම වැඩක්. ආලෝක වර්ශ දාස් ගානක් ඈත තියෙන තැනකට යන්න වෝම් හෝල් එකක් වගේ ශෝර්ට් කට් එකක් හදාගෙන යන එක. ඒකත් එක්කම ඔලුවට දාගන්න මේ ෆවුන්ඩේශන් ෆ්‍රැන්චයිස් එකේ මිනිස්සු සතර මානයන් (ප්‍රධාන මානයන් 3ට අමතරව කාලය හා අවකාශය) පාවිච්චි කරන්න පුලුවන් අය කියලා. ඒ ජම්ශිප් අවකාශය හරහා ගමන් කරනකොට තමා අර මාරම ලස්සන ආලෝක ධාරාවක් නිර්මාණය වෙන්නේ.
![]() |
Interstellar එකේ බ්ලැක් හෝල් එක |
බ්ලැක් හෝල් සහ වෝම් හෝල් කියන්නේ අහසට පොළව වගේ වෙනස් සංකල්ප දෙකක්. එතකොට ජම්ප්ශිප් එකක් මෙහෙම කරනකොට ඒකේ ඇතුලෙ ඉන්න මිනිස්සුන්ව නිද්‍රාවකට පත් කරන්නේ ඇයි?
Grave කියන්නේ ගුරුත්වජ ත්වරණය මනින මිනුම් ඒකකය (යුනිට් එක).
Grave 1 = 9.80665ms-2 (තප්පරයට තත්පරයට මීටර් 9.8ක්)
පොළවට ඇදගැනීමේ බලය තමා ගුරුත්වාකර්ෂණ කියන්නේ. දැන් තේරෙනවානේ.. මෙන්න මේ ග්‍රේව් ජෙනරේටර් එකෙන් පිටවෙන තරංගයන් නිසා ජම්ප් ඩ්‍රයිව් එකට හානි වෙනවා. ජම්ප් ඩ්‍රයිව් එකෙන් තමා ඒ ජම්ප්ශිප් එක අර විදියට අවකාශය හරහා ගමන් කරන්නේ. එතකොට එහෙම කරන වෙලාවට මේ ග්‍රේව් ජෙනරේටර් එක ඔන් කරලා තිබ්බත් වැඩේ අල වෙනවා. ඒ නිසා ඒ වෙලාවට ග්‍රේව් ජෙනරේටර් එක ඕෆ් කරනවා. ඒක ඕෆ් කලාම ගුරුත්වාකර්ෂණ බලය නැති වෙනවා. මේක සාමාන්‍ය මිනිස්සුන්ට දරාගන්න අමාරු වෙන්න පුලුවන්. මොකද අභ්‍යවකාශගාමියෝ උනත් අවුරුදු ගානක් මේවට පුරුදු වෙලා තමා අභ්‍යාවකාශ ගතවෙන්නේ. මෙන්න මේ නිසා තමා මිනිස්සුන්ව නිද්‍රාවකට පත් කරලා පොඩ් එකක (තොටිල්ලක් වගේ) තියලා තියෙන්නේ. හැබැයි මේ සිද්දිය අස්සේ ගේල් ඇහැරෙනවා.
![]() |
ස්ටාර් බ්‍රිජ් එක එක සහ ට්රැන්ටෝර් ස්ටේශන් එක |
ඔන්න ඊට පස්සේ අපි දකිනවා ට්රැන්ටෝර් වල ස්ටාර් බ්‍රිජ් එක එක සහ ට්රැන්ටෝර් ස්ටේශන් එක. මේ ට්රැන්ටෝර් කියන්නේ ලෝකයක් නෙමෙයි. ඒ ගැන මං පැහැදිලි කලා කලින් ලිපියේ. මෙතන ක්ලික් කරලා ගිහින් ඒක කියවන්න කියෙව්වේ නැත්තම්. මේ ස්ටර් බ්‍රිජ් එක අපේ එයාපෝට් එකේ ටර්මිනල් එක වගේ.
![]() |
එයාපෝට් එකේ ටර්මිනල් |
ඒ කියන්නේ ජම්ශිප් එකකින් ඇවිල්ලා මේ ස්ටාර් බ්‍රිජ් එක හරහා තමා ට්රැන්ටෝර් වලට එන්න ඕනි. මේක තියෙන්නේ එලිවේටර් එකක්. මේකට කියන්නේ Car එක කියලා.
![]() |
Car (එලිවේටර් එක) |
මෙයාලගෙ ටෙක්නොලජි එක එහෙම කොච්චර ඇඩ්වාන්ස් ද කියලා ඔයාලා දකින්න ඇතිනේ. ඒ ගැන කතා නොකර ඉන්නම් ලිපිය ගොඩක් දික් වෙන නිසා. කොහොමහරි මේ ස්ටාර් බ්‍රිජ් එකේ උඩ (ට්රැන්ටෝර් ස්ටේශන්) ඉදන් ට්රැන්ටෝර් වල නැවතුමට (ග්‍රහ ලෝකයේ මතුපිටට) යන්න පැය 14ක් ගතවෙනවා. සාංත මොසරැල්ලා නෙහ්.. නිව්යෝර්ක් වල ජෝන් F කෙනෙඩි එයාපෝට් එකේ ඉදන් සිංගප්පූරුවට එන්න පැය 18යි විනාඩි 40ක් යනවා. දන්න විදියට ඒක තමා දිගම ගුවන් කාලයක් තියෙන ගමනාන්ත දෙක. දැන් මේකේ පැය 14ක්. ගුවන් ගමනක් නෙමෙයිනේ.. ලිෆ්ට් එකක පැය 14 කියන්නේ 😳
ඒ වගේම ඔය එලිවේටර් එකේ යනකොට ගේල්ගේ කටහඩින් තව වැදගත් දෙබසක් ඇහෙනවා. ඒ තමයි මේ ලෝකේ මතුපිට විතරක් නෙමෙයි, තව යටට වෙන්නත් වෙනම ලෙවල් තියෙනවා කියලා. සබ් ලෙවල් සීයකට වඩා තියෙන කියලා තමා ගේල් කියන්නේ. ඒ වගේම ඒ මිනිස්සු කවදාවත් මතුපිටට ඇවිල්ලා නෑ, සූර්යා දැකලා නෑ. මතුපිට තියෙන ස්භාවික වටපිටාව/පරිසරය අයිති අධිරාජ්‍යයට විතරයි. සාමන්‍ය මිනිස්සුන්ට ඒ ස්භාවික පරිසරය උරුම නෑ. එයාල දකින අහස පවා සර්වර් එකක රන් වෙන ආටිෆිශල් වීඩියෝ ෆුටේජ් එකක්. මේ දේවල් වලින් ගැඹුරුව අදහස් වෙන දේවල් ගොඩක් තියෙනවා. ඒවා හිමිහිට කල්පනා කරන්න. පොඩි උදාහරණයක් දෙන්නම්. ඔයාගේ ජීවිතේ මේ ගෙවුන කාලයටම ඔයාට නොලැබුන, සමහරවිට ඔයාගේ ජීවිත කාලෙම ඔයාට නොලැබෙන, ඒත් ඔයාගෙම වයසේ වෙන කෙනෙක්ට කිසිම වෙහසීමක්, කැපකිරීමක් නැතුව ලැබුන දේවල් තියෙනවා නේද? ආන් එතනින් පටන් අරන් කල්පනා කලාම ඔයාට තේරෙයි මේ අපි ජීවත් වෙන ලෝකේ ඔයා ඉන්නේ කොයි සබ් ලෙවල් එකේද කියලා... ඊටත් වඩා ටිකක් ඩීප් විදියට හිතන්න ඕනි නෙට්ෆ්ලික්ස් එකෙන් ආව The Platform (2019) ෆිල්ම් එක බලන්න. එතකොට කවුද මේ අධිරාජ්‍යයා???
මෙතන ඉන්නවා තුන් දෙනෙක්. මෙයාලගෙ නම් මෙහෙමයි 👇
![]() |
බ්‍රදර් ඩේ (Brother Day) |
![]() |
බ්‍රදර් ඩෝව්න් (Brother Dawn) |
![]() |
බ්‍රදර් ඩස්ක් (Brother Dusk) |
Dawn කියන එකේ සිංහල තේරුමට උදාව/අරුණෝදය වගේ වචන ගන්න පුලුවන්. ඒකෙන් පැහැදිලි වෙනවානේ මෙයාලෙගෙ පොඩි කාලට තමා ඩෝව්න් කියන්නේ කියලා. ඊලගට Day කියන්නේ දවහල සහ Dusk කියන්නේ සැදෑ සමය. දැන් පැහැදිලී නේද. සාමන්‍ය මනුස්සයෙක්ගේ ජීවිතේ තියෙන්නෙත් මේ කාලයන් තුන. ළමාවිය, මැදිවිය, මහලුවිය.. වයසක උදවියටත් අපි කියන්නේ එයාලා එයාලගෙ සැදෑ සමය ගෙවන්නේ කියලා. හැබැයි මෙතන විශේෂත්වය තියෙන්නේ මේ අධිරාජ්‍යයාගේ ඒ කාල තුනම නියෝජනය කරන කෙනෙක් හැම මොහොතකම ඉන්නවා. එතකොට කොහොමද එහෙම ඉන්නේ???
මේ තුන් දෙනාම එක්කෙනෙක්. ඒ කියන්නේ මේ තුන් දෙනා ක්ලෝන් තුනක්. ක්ලෝන් කියන වචනෙ අවුල් වගේනම් එකම දේක ෆොටෝ කොපි තුනක් කියලා හිතන්නකෝ. ක්ලියෝන් ද 1 කියන අධිරාජ්‍යයා තමා මේ වැඩේ මුලින්ම පටන් අරන් තියෙන්නේ. එතන ඉදන් දිගින් දිගටම එයා එයාවම ක්ලෝන් කරන් ඇවිල්ලා තියෙනවා මතකද පළවෙනි එපිසෝඩ් එකේ තිබ්බ කෑම මේසේ සීන් එක. ඒ වෙලාවේ මේ තුන් දෙනාම සර්වියට් එක ගසලා අර ඔඩොක්කුව උඩින් තියාගන්නේ එකම වෙලාවට.
වැඩිම බලයක් කියලා කිව්වොත් ඒක වැරදි. මොකද මේ තුන් දෙනාම එක්කෙනෙක්. හැබැයි තීරණයක් ක්‍රියාත්මක කරන්නේ බ්රදන් ඩේ. ආයේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අධිරාජ්‍යයක්. දැක්කනේ දෙවෙනි එපිසෝඩ් දෙකේ අර ලෝක දෙකට ගහන ගැහිල්ල. අත උස්සලා ඇගිලි දෙක එහෙ මෙහෙ කරනවා විතරයි.
ඒ චරිතෙටම මවලා වගේ. අනිත් දෙන්නත් මරු. මේ එපිසෝඩ් දෙක බලනකොට ඔයාලට තේරෙන්න ඇති මෙතන උපදෙස් දෙන්නේ බ්‍රදර් ඩස්ක් (වයසක කෙනා) කියලා. බ්‍රදර් ඩෝව්න් (පොඩි ළමයා) කරන්නේ මේ දෙන්නගෙන්ම ඉගෙන ගන්න එක. මේ දෙන්නගෙන්ම අත්දැකීම් ලබාගන්න එක. බ්‍රදර් ඩේ (මැදි වයසේ කෙනා) තමා මේ දෙන්නගෙම අදහස් විමසලා අවසානයේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම මෙයාලා තුන් දෙනාම ගොඩක් උගත් කියලා ඔයාලාට පේන්න ඇති. මුලු ගැලැක්සියක් පාලනය කරනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. මේකට ලොකු දැනුමක් ඕනි. ස්පෙශලි භාශාව වගේ කරුණු එක්ක බලද්දී. තව ඉස්සරහට ඒ ගැන කතා කරමු.
ඊට පස්සේ හැරී (හැරී සෙල්ඩන්) සයිකොහිස්ට්රි තියරි එක ගැන ගේල් එක්ක සාකච්ඡා කරන්න පටන් ගන්නවා. ඒ වගේම හැරී පැහැදිලිවම කියනවා මේක තියරියක් නෙමෙයි ඔප්පු අනිවාර්යයෙන් වෙන දෙයක් කියලා. මේ කරණාව ගැන මං ලස්සනට පැහැදිලි කලා කලින් ලිපියේ. ඒක බලන්න. කෙටියෙන් මතක් කලොත් හැරීගේ තියරිය අනුව තව අවුරුදු 500කින් හෝ ඊට අඩු කාලෙකින් ගැලැක්ටික් අධිරාජ්‍යය සම්පූර්ණයෙන්ම බිද වැටෙනවා කියලා. මේක ප්‍රකාශ කරපු නිසා අධිරාජ්‍යයා, හැරීව අත්අඩංගුවට අරන් උසාවියට ඉදිරිපත් කරනවා. හැබැයි දැනට ට්රැන්ටෝර් වල හැරීට වඩා බුද්ධිමත් කෙනෙක් නෑ. ඉතිං නඩුවක් කිව්වත් මේ මනුස්සයා කියන දේ හොයලා බලලා ඇත්තද බොරුද කියන්න තරම් බුද්ධිමත් කෙනෙක් ට්රැන්ටෝර් වල නෑ. ආන් ඒ වැඩේට තමා ගේල් එන්නේ. ඒ වගේම මං හිතන විදියටනම් හැරීට වඩා ගේල් බුද්ධිමත්. හැබැයි මතක තියාගන්න.. බුද්ධිය සහ අත්දැකීම් කියන්නේ අහසට පොළව වගේ දෙයක්. කොල්ලො වෙච්ච අපි ගොඩක් වෙලාවට ඉගෙන ගත්ත දේවල් තාත්තලට අතෑරලා ලොකු ලයින් දානවානේ. හැබැයි වැඩක් කරන්න ගියාම කෝමද.. තාත්තා නොහිටියනම් ගොඩක් වැඩ ඇදගෙන නාගන්නවා අපි. දැනුම ලැබෙන විදි ගොඩක් තියේ. උදාහරණයක් විදියට කෙනෙක් උපතින්ම ජීනියස් කෙනෙක් වෙන්න පුලුවන්. හැබැයි අත්දැකීම් කියන දේ ලැබෙන්නේ වයසත් එක්ක. ඒ වගේම අත්දැකීමවලට පුලුව දැනුම පරද්දන්න. ඒ හොද පැත්තට ද නරක පැත්තකට ද කියලා කල්පනා කරන්න යන්න එපා.
ඊලගට උසාවියේ සීන් එක ගැන ලොකුවට කතා කරන්න දෙයක් නෑ. කලින් ලිපිය කියෝපු අයට ඒ උසාවියේ කතා වෙන එක ලස්සනට තේරෙන්න ඇති.
ඔන්න ඊලගට තමා සීරීස් එකම කනපිට ගහන සිද්දිය වෙන්නේ. ස්ටාර් බ්‍රිජ් එකේ වෙන මරාගෙන මැරෙන පිපිරීම. හැබැයි ඔයලා හරියටම බලන් හිටියනම් මීටර් වෙන්න ඇති මේ සිද්දිය වෙන්න පොඩි වෙලාවකට කලින් ගේල් හැරීට කියනවා අහස දිහා බලන්න කියලා.
ඒ ඇයි දන්නවද? ඊට කලින් දවසේ තමා ගේල් හරියටම සයිකොහිස්ට්රි එකෙන් කරන පුරෝකතනය තේරුම් ගන්නේ/අධ්‍යණය කරන්නේ. ගේල් මේක හරියටම තේරුම් අරන් කියන්න හොද උදාහරණයක් තමා ඕක. ගේල් කියන්නේ ස්ටාර් බ්‍රිජ් එකේ වැරද්දක් තියෙනවා කියලා. ඒ කියන්නේ වෙන්නේ මොකක්ද කියලා 100%ක් හරියටම දන්නේ නෑ. හැබැයි වෙන්නේ හොද දෙයක් නෙමෙයි සහ ඒක වෙන වෙලාව සෑහෙන්න හොදට ගේල් තේරුම් අරන් තියෙනවා. ඒ වගේම මතකද දෙවෙනි එපිසෝඩ් එකේ එක තැනක ගේල් රේච්ට කියන හැරීගේ ප්‍රෙඩික්ශන් එක 100%ක් හරි නෑ කියලා. ගේල් මේක කියන්න උදාහරණෙට ගන්නේ පසල් එකක්.
![]() |
පසල් එකක් |
සරලව කිව්වොත් හැදෙන්න හැදෙන්න වැඩේ ලේසි වෙනවා. එතකොට මේ සයිකොහිස්ට්රි වැඩෙත් එහෙමයි. සමස්තය දිහා බලලා හොද අදහසක් ගන්න පුලුවන්. තව ටිකක් සරල කරන්නද? අපි හැමෝම කවදාහරි මැරෙනවානේ. හැබැයි ඒ කොහොමද කියලා කවුරුත් දන්නේ නෑ. හැබැයි වර්තමානයේ මිනිස්සු ජීවත් වෙන අවුරුදු ගානේ ඇවරේජ් එකක් අරන් අපිත් මේ වයස් වෙනකම් ඉදී කියන්න පුලුවන්. හැබැයි මැරෙන විදිය කියන්න් බෑ. අවසානයේ ඉතිං කොහොම මැරුනත් මැරෙන නිසා මැරෙන විදිය ඒ තරම් ලොකුවට බලපාන්නේ නෑ
මෙතනදී එලිවේටර් එක ඇතුලේ බෝම්බෙ පුපුරෝගන්න කෙනා සිංදුවක් වගේ දෙයක් මුමුණනනවා ඇහුනද?
මතකද එම්පයර්ව හම්බවෙන්න ලෝක දෙකක (ගෝත්‍ර දෙකක් කියලත් කියන්න පුලුවන්. හැබැයි මෙයාලා ජීවත් වෙන්නේ වෙන වෙනම ග්‍රහලෝක දෙකක) නියෝජිතයෝ එනවා.
කොහොමහරි මේ සිදුවීම නිසා එම්පයර් තීරණය කරනවා තෙස්පිස් සහ ඇනක්රීන් ලෝක දෙකටම දඩුවම් දෙන්න. මෙතනදි අර ආව රාජතාන්ත්රිකයන්ගෙ ප්‍රධානීන් දෙන්නා ඇරුනම අනිත් සේරම මරනවා. නිකන් නෙමෙයි, එල්ලලා මරන්නේ.
ලෝකේ තියෙන දරුණුම මරණ දණ්ඩනයන්ගෙන් එකක් තමා මේ. ඒ වගේම ඔයාලා අවදානයෙන් බලන් හිටියනම් තේරෙන්න ඇති ඒ ඒ ලෝක වල කෙනෙක් එල්ලනවත් එක්කම ඒ ලෝකෙට ප්‍රහාරයක් එල්ල වෙනවා.
එම්පයර්ගේ යානාවන් ගිහින් තමා මේ ග්‍රහලෝක දෙකට ගහන්නේ. ඒ වගේම මේ හැමදේකටම එම්පයර් සිග්නල් එක දෙන්නේ එයාගේ ඇගිලි දෙකෙන්.
එල්ලන්නේනම් ටික දෙනයි. ඒත් හිතලා බලන්න අර ලෝක දෙකට ගහපු ගැහිල්ලේ හැටියට මිලියන කීයක් මැරෙන්න ඇතිද කියලා. බලය කියන්නෙ අන්න එහෙම බයානක දෙයක්. අපි ජීවත් වෙන වර්තමාන ලෝකයේ පවා මිනිස්සු බලය ගන්න මේ තරම් දගලන්නේ ඒ නිසා. ඔය අධිරාජ්‍යයගෙ ඇගිලි දෙකම උදාහරණෙකට ගන්න. ගොඩක් වෙලාවට මනුස්සයෙක් පෑනක් අල්ලන්න පාවිච්චි කරන්නේ ඇගිලි 3යි. එහෙම ඇගිලි දෙකකින් පෑනක් අල්ලලා එයාලා අත්සන් කරන ගිවිසුම් වලින් එහෙම රටට ලොකෙට කොච්චර විනාසයක් වෙලා තියෙනවද කියලා මං අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. බලය කියන්නේ එහෙම දෙයක්. එහෙනම් ආයෙත් යං හැරීගේ සහ ගේල්ගේ පැත්තට.
මරණ දණ්ඩයන දෙයි කියලා හිතන් හිටිය හැරීට සහ ගේල්ට මරණ දඩුවම නොදෙන්න එම්පයර් තීරණය කරනවා. ඒ වෙනුවට මෙයාලව ටර්මිනස් කියන මිනිස්සු වාසයෙන් තොර ලෝකයට යවන්න තීරණය කරනවා. මේක එක්තරා විදියක පිටුවහල් කිරීමක්. හැබැයි 100%ක් පිටුවහල් කිරීමක් නෙමෙයි. මොකද මෙයාලට අවශ්‍ය කරන දේවල් ටික දීලා තමා පිටත් කරන්නේ. හැබැයි ඉම්පීරියල් ජම්ප්ශිප් එකක් දෙන්නේ නෑ. අර කලින් ගේල් එයාගේ ලෝකේ (සිනැක්ස්) වල ඉදලා ට්රැන්ටෝර් වලට ආවා වගේ ශිප් එකක් දෙන්නේ නෑ. ඒ වෙනුව සාමන්‍ය යානාවක් දෙන්නේ.
![]() |
ගේල් සහ හැරී ඇතුලු ෆවුන්ඩේශන් එක වෙනුවෙන් ටර්මිනස් වලට යවන අයගේ ශිප් එක. මේක අර ඉම්පීරියල් ශිප් එක වගේ නෙමෙයි. පරණ පෙනුම එහෙම හොදට පේනවා. |
මේකේ අරකෙ වගේ සනික මාරු බෑ.. ඒ වගේම තමා මේ පිටුවහල් කිරීම ගැනත් හැරී කලින් දැනන් ඉදලා තියෙනවා. ඒ කියන්නේ සයිකොහිස්ට්රි වලින් හැරී මේ දේත් තේරුම් අරන් තියෙනවා. මෙතන සයිකොහිස්ට්රි කියන්නේ හැරිගේ තියරි එක හොදේ. ෆවුන්ඩේශන් එක හදන්න පටන් ගන්නේ මේ සයිකොහිස්ට්රි එකෙන් ලැබිච්ච භයානක පුරෝකතනය නිසා. කොහොමහරි මෙයාලට ටර්මිනස් වලට යන්න දවස් 878ක් විතර යයි කියලා ගේල් කියනවා. ටර්මිනස් තියෙන්නේ ට්රැන්ටෝර් ඉදන් ආලෝක වර්ෂ 50,000ක් විතර දුරින්. මතකද සූර පප්පා එකේ තිබ්බා වෙද පප්පව ලෝකෙ ගැට්ටටම අරන් ගිහින් කැටපෝලෙකින් එලියට විසි කරනවා වගේ සීන් එකක් 😂 මේකත් නිකන් ඒ වගේ නෙහ්. තොපි ඕනි බම්බුවක් ගහගනින් කියලා ගැලැක්සි එකේ ගැට්ටටමට ගෙනිහිල්ලා දානවා. තීන්දුව ලැබිලා උසාවියෙන් එලියට එනකොටනේ ගේල් සහ හැරී මේ දේවල් කතා කරන එන්නේ. මෙතන වගේම තවත් දැන් දෙක තුනකම ගේල් ප්‍රයිම් රේඩියන්ට් කියලා වචනයක් කියනවා නේද? ප්‍රයිම් රේඩියන්ට් කියන්නෙ මෙන්න මේ ඩිවයිස් එකට 👇
![]() |
ප්‍රයිම් රේඩියන්ට් |
හරි.. තව ටිකායි...
මේ වෙච්ච පිපිරීම ගැන එම්පයර් කතා කරන වෙලාවේ එයා අහනවා පිපිරීමෙන් මැරුණු මිනිස්සුනේ මළසිරුර වලට මොකද කරන්නේ කියලා.
එතකොට සේවකයෙක් කියනවා ඒක ගැන වැඩිය හෙව්වේ නෑ කියලා. සරලව කිව්වොත් ඩෝන්ට් කෙයා. හැබැයි එම්පයර් කියනවා ඒ ටික සේරම අයින් කරන්න කියලා. මේ පිපිරීම වෙන්නේ ඈත අභ්‍යවකාශයේ නෙමෙයි. ට්රැන්ටෝර් වල කක්ෂය ඇතුලේ. ඉතිං මේ මළසිරුර කක්ෂය වටේට පරිභ්‍රමණය වෙවී තියෙනවා. ඒ වගේම තමා වායූන් වර්ග කිසිම දෙයක් නැති නිසා මේ සිරුර දිරාපත් වෙන්නෙත් නෑ. අනික තමා මෙතම මළ සිරුර 127,000ක් විතර තියෙනවා කියලා කියන්නේ. නිකන් හිතන්නකෝ මෙහෙම ලෝකයක් වගේ මළ සිරුර පරිභ්‍රමණය වෙනකොට කොහොම තියෙයිද කියලා. අනික මේ එම්පයර් ඉන්න ලෝකේ. මේ නිසා සම්පූර්ණම අධිරාජ්‍යයේ නමට හානියක් වෙනවා. ඊටත් වඩා මේකෙන් අධිරාජ්‍යයා ෆේල් වෙලා කියලා මුලු ගැලැක්සි එකම දැනගන්නවා. පේනවානේ මේ මිලියන 21ක් ඉන්න රටේ මහ උන්දෑ ෆේල් කියලා මිනිස්සු දැනගෙන දැන් වෙලා තියෙන හරිය.. එතනින් පටන් අරන් හිතලා බලන්න ග්‍රහලෝක මිලියන ගානක් තියෙන, මිනිස්සු ට්‍රිලියන ගානක් ඉන්න විතර ඉන්න ගැලැක්සි එකක එම්පයර් එහෙම ෆේල් කියලා දැනගත්තොත් මොකක් වෙයිද කියලා 😂
ඊලගට තියෙන්නේ මං සීරීස් එකක් දැක්ක පට්ටම පොයින්ට් එකක් පැහැදිලි කරන්න. ඔයාලා දන්නවානේ නේද අපේ ලෝකේ අපි ප්‍රධානව භාවිතා කරන ගණිත ක්‍රමය හැදිලා තියෙන්නේ දහයේ පාදයෙන් කියලා (Base 10). මේකට අමතරව ද්විමය සංඛ්‍යා පාවිච්චි කරනවා පරිඝණක වලදී. ආයේ වර්ණ හදුන්වා දෙන්න ශඩ් දශමය සංඛයා භාවිතා කරනවා.
![]() |
දශමය සංඛ්‍යාවල (දහයේ පාදය) 1 ඉදන් 15 වෙනකම් අගයන් වලට අදාල ශඩ් දශමය (16 පාදය) සහ ද්විමය (2 පාදය) සංඛ්‍යා |
ඒලියන්සා ගැන ලෝකේ හැමෝම වගේ ඉන්ට්රස්ට්නේ. හැබැයි ඔයලා එක දවසක් හරි හිතලා තියෙනවද මෙයාලා ගණන් කරන්න පාවිච්චි කරන පාදය මොකක් වෙන්න ඇතිද කියලා. සරල උදාහරණෙකට ගන්නකෝ ඔයා සහ ඔයාගේ කම්පියුටර් එක. ඔයා කම්පියුටර් එකකට මොන විධානයක් ඇතුල් කලත් කම්පියුටර් එකට ඒක යන්නේ ද්විමය (1 සහ 0) සංඛ්‍යාවක් විදියට. ඒ වගේම එයා ඒකට උත්තර දෙන්නෙත් ද්විමය සංඛ්‍යා මගින්. ඒ අවුට්පුට් එක තමා අපිට තේරෙන විදියට ඉන්ටර්ෆේස් එක හරහා අපිට පේන්නේ. හිතන්න ඔයාගේ කම්පියුටර් එකත් තව මනුස්සයෙක් කියලා. අන්න එතකොට ඔයා කියන දේ කොහොමද ඒ මනුස්සයා තේරුම් ගන්නේ. මේකත් අර ලැන්වේජ් දෙකක් කතා කරන දෙන්නෙක් එකට හම්බෙලා දෙන්නම අනිත් කෙනා කතා කරන ලැන්වේජ් එක දන්නේ නෑ වගේ දෙයක්. හැබැයි ඊට වඩා බොහොම සංකීරණයි. ඔන්න ඔය දේ ගැන තමා ගේල් අර ෆවුන්ඩේශන් එකේ මීටින් එකේදී තර්ක කරන්නේ.
මෙතනදී ගේල් පැහැදිලි කරනවා මේ අනිත් කවුන්ටින් සිස්ටම් වලත් තියෙන වටිනාකම. උදාහරණ විදියට,
12 පාදය භාවිතා කරන ලෝක 1000කට වඩා තියෙනවා කියලා. 12 පාදයත් විශේෂයි. මොකද අපි භාවිතා කරන 10 පාදයට වඩා සාධක ප්‍රමාණයක් 12 පාදයට තියෙනවා.
10 පාදයේ සාධක --> 1,2,5,10
12 පාදයේ සාධක --> 1,2,3,6,12
මේ කවුන්ටින් සිස්ටම් එකත් අපේ ලෝකයේ තිබිලා තියෙනවා. නැමීබියා වල භාවිතා වෙලා තියෙනවා,
ඒ වගේම 27 පාදය භාවිතා කරන ලෝක 300කට වඩා තියෙනවා කියලා. 27 පාදය හැදෙන්නෙ මනුස්සයෙක්ගේ ඇගේ තියෙන බොඩි පාට්ස් වලින්. වම් අතේ මහපටැගිල්ලෙන් පටනරන් නහය දක්වා සහ එතනින් දකුණු අතේ සුලැගිල්ලෙන් ඉවර වෙනවා. පහල රූපෙ බලන්න 👇
මේක ෆික්ශනල් ලෝකේ තියෙන දෙයක් නෙමෙයි හොදේ. පැපුවානිව්ගිනියා වල Oksapmin ගෝත්‍රයේ මිනිස්සුන්ගේ කවුන්ටින් සිස්ටම් එක තමා මේක.
ඒ වගේම 10 පාදය (අපි පාවිච්චි කරන එක) භාවිතා කරන්නේ ට්රැන්ටෝර් ඇතුලව සමස්ත ගැලැක්සි එකේම ඇතුලට වෙන්න තියෙන ලෝක වලින් 3%ක් වගේ පොඩි ප්‍රමාණයක් විතරයි. ඔන්න ඔය තර්කෙ දාලා තමා ගේල් අහන්නේ එහෙම තියෙද්දි අපි කොහොමද මේ නම්බර්ස් ගන්නේ දහයෙ පාදයට කියලා එකග වෙන්නේ කියලා. ඒ වගේම ගේල් අහනවා අපි කවුන්ට් කරන එකටවත් එකග වෙන්න බැරිනම් අනිත් දේවල් කොහොමද කරන්නේ කියලා. මේ වැල් බයිලේ ඔයාලට තේරුනේ නැත්තම් මෙහෙම හිතන්න. ලංකාවේ ජාතික ගීය දෙමළෙන් කියන්න ගිහින් වෙච්ච අලකලංචි මතකද. ඒ කිව්ව එකෙන් වෙන හොද හෝ නරක ගැන අපි අමතක කරමු. හැබැයි ඒකෙන් සිංදුවේ අර්තයට වෙච්ච හානියක අරන් බලන්න. ඔය භාශා දෙකක් කතා කරන මිනිස්සුන්ට සාධාරණයක් කරන්න ගිහින්. ඉතිං හිතලා බලන්න සමස්ත ගැලැක්සි එකක ඉන්න මිනිස්සුන්ට සාධාරණයක් කරන එක කොච්චර අමාරු දෙයක් ද කියලා.
ඔන්න ඔය සේරටම පස්සේ අවසානයේ තනිකරම ප්ලොට් ටුවිස්ට් එකක් වෙනවා. හැරීගේ පුතෙක් වගේ ලගින් හිටිය රේච් හැරීව මරනවා. ඒ වගේම මේ සිද්ධිය වෙන්න කලින් ගේල් පූල් එකේ ඉන්නවා පෙන්නනවානේ. ඔතනදී ගේල් කලින් වගේම ප්‍රයිම් නම්බර්ස් ගනන් කර කර ඉන්නකොට එක පාරටම ගාන වැරදෙනවා. 86,981,849 එන්න ඕනි එකට ගේල්ට කියවෙන්නේ 86,981,848 කියලා.
මේ සිද්ධිය ගැන මෙහෙම පැහැදි කරන්නද? මොකක් හරි වැඩක් කරන්න ගත්තාන අම්මලා එහෙම අපිට බනින්නේ "මේ ලෝකේ නෙමෙයි ඉන්නේ" කියලා. අපි මොනාහරි දෙයක් ගැන ලොකුවටම කල්පනා කර කර ඉන්නකොට තමා ඕක වෙන්නේ. අපිට කොච්චර පුපුවන් දෙයක් උනත් වරදිනවා වෙන සිහියක ඉදලා කරන්න ගියාම. සම්මා සතිය කියලා බුදු දහමේ උගන්වන්නෙත් ඕක. මෙතන ගේල්ට වෙන්නත් ඕක. මිලියන 86ත් පහු වෙනකම් ප්‍රයිම් නම්බර්ස් කවුන්ට් කරපු කෙල්ලට එක පාරම ගාන වරදිනවා. ඒක හේතුව තමා ගේල් තාමත් හිත හිත ඉන්නේ සයිකොහිස්ට්රි එක ගැන. කතා කරන භාශාවෙන් අපි කියන්නේ පත්තු උනා කියලා. අන්න ඒ වගේ මෙතනදිත් එක පාරටම ගේල්ගේ ඔලුවට එනවා මොකක්හරි අවුලක් වෙන්න යන්නේ කියලා. එයා හරියටම දන්නේ නෑ වෙන්නෙ මොකක්ද කියලා. හැබැයි හරියටම වෙන තැනට යනවා නේද.. මට හිතෙන විදියට මේ සිද්දි වලින් අපිට පැහැදිලි කරවන්නේ මේ සයිකොහිස්ට්රි තියරිය හැසිරෙන විදිය සහ ගේල් ඒක තේරුම් ගන්න විදිය. ගේල්ට තේරෙන විදියට එයාට දැනෙනවා මේ වෙන්න යන දේට රේච් සහ හැරී සම්බන්ධයි කියලා. ඒකයි කෙලින්ම රේච්ගෙ කාමරේට ගිහින් එතන රේච් නැති නිසා ඊලග හැරීගේ කාමරේට යන්නේ.
මේ සිද්ධියෙන් පස්සේ රේච් ගේල්ව එක්කන් ගිහින් පොඩ් එකකට දාලා ශිප් එකෙන් එලියට දානවා.
ඒ වගේන මෙතනදී රේච්ගේ හැසිරීම දකිනකොට මටනම් හිතුනෙම මේ සිද්ධි ටික හරි ලස්සන ප්ලෑන් එකක කොටසක් කියලා. මතක තියාගන්න.. හැරී සෙල්ඩන් සහ ගැල්ක්ටික් එම්පයර් එක අතර චෙස් සෙල්ලමක් තමා අපි මේ බලන් ඉන්නේ.
අපි මේ ටික ගැන ඊලග එපිසෝඩ් එකෙන් කතා කරමු...
ඔන්න දැන් උඩදිම කියපු දේවල් දෙකක් පැහැදිලි කරන්න යන්නේ. මතකද මේ එපිසෝඩ් දෙකේම රොබෝලගෙ යුද්ධයක් ගැන සදහන් වෙනවා. එක තැනක බ්‍රදර් ඩෝන් අහන ප්‍රශ්නෙකට ඩෙමෙර්සෙල් කියනවා ඔයාලගෙ අය අපිව විනාස කලා කියලා.
ඊලගට ගේල් සහ හැරී ටර්මිනස් වලට යන යානාවේ තියෙන ඇපල් ගහක් ලග ඉදන් කතා කර ඉන්න තැන මතකද? එතනදි හැරී කියනවා "There's an apple orchard in the Imperial Gardens" කියලා. Orchard කියන්නේ පලදාව නෙලාගන්න වවලා තියෙන වගාවට (පළතුරු උයනක් වගේ) කියන ඉංග්‍රීසි වචනය. Imperial Gardens කියන්නේ අර මං ලිපිය උඩම කිව්වා වගේ අධිරාජ්‍යයට අයිති උද්‍යානය. මොකද ට්රැන්ටෝර් වල මතුපිට පෘෂ්ඨයේ සම්පූර්ණම අයිති අධිරාජ්‍යයාට. ඊලග වචනේ තමා වැදගත්ම. ඒ තමා Robots Wars. ෆවුන්ඩේශන් නවල් සීරීස් එක ලියපු අයිසැක් ඇසිමොව් මහත්තයා ලියපු කෙටි කතා මාලාවක් තියෙනවා Robot කියලා.
මෙන්න මේකට දුන්න රෙෆරන්ස් එකක් තමා මේ. කලින් ලිපිය කියෝපු අය මේ ගැන දන්නවා. ඇසිමොව් මහත්තයා එයාගේ අනිත් නවල්ස් ටිකත් ෆවුන්ඩේශන් යුනිවර්ස් එකටම කනෙක්ට් කරන්න උත්සහ කරලා තියෙනවා. සීරීස් එක ඇතුලෙත් ඒකට දෙන රෙෆරන්ස් තමා මේ. සීරීස් එකේ ක්‍රියේටර් ඩේවිඩ් ගෝයර් කියලා තියෙනවා මේ නවල් සීරීස් එකම ලයිව් ඇක්ශන් ගේන්න එයා සූදානම් වෙලා ඉන්නවා කියලා. මරු නෙහ්.. මුල ඉදන්ව ඒවට රෙෆරන්ස් දීගෙන යන එක සේරටම වඩා මරු.
ඒ වගේම තවත් ඉන්ට්‍රස්ටින් ෆැක්ට් එකක් කියන්නද.. Robotics කියන වචනේ ඔක්ස්ෆර්ඩ් ඩික්ශනරි එකට ඇතුලත් කිරීමේ ගෞරවය හිමි වෙන්නේ අයිසෙක් මහත්තයට. මේ ෆවුන්ඩේශන් ෆ්‍රැන්චයිස් එක නිසා තමා ඒ වචනේ ඔක්ස්ෆර්ඩ් ඩික්ශනරි එකට ඇතුලත් කරන්නේ.
ඔන්න එහෙනම් අවසාන ෆැක්ට් එක. මතක අර උඩම පෙන්නපු පොඩි ළමයි ටික.
ඒ සිදුවීම වෙන්නේ ගේල්, හැරී කට්ටියගේ සිදුවීම් වලින් අවුරුදු 35කට පස්සෙනේ. ඒ වගේම තමා එයාලා ටර්මිනස් වලට යනකොට ඒ ග්‍රහලෝකයේ මිනිස්සු නෑ. මෙයාලා තමා පළවෙනි මිනිස්සු. එතකොට මේ පොඩි ළමයින්ට අවුරුදු 15ක්වත් නෑ කියලා පේනවානේ. ඒ කියන්නේ මේ ළමයි ටර්මිනස් වල ඉපදුන අය. ගොඩක් දුරට මේ ඉන්නේ ටර්මිනස් වල පළවෙනි පරම්පරාව.
ඇත්තටම මේ ලිපිය ලියන්න දවස් ගානක් ගියා. මේ ටිකේ වැඩ ගොඩකට හිර වෙලා ඉන්නේ. කොටින්ම ගිය සිකුරාදා ඉදන් මේ වෙනකම් මං එපිසෝඩ් දෙක තුනයි බලලා ඇත්තෙත්. දෙනෙකොට දෙනවා කියනවානේ එලො එලෝ. ආන් ඒ වගේ දවස් ටිකක් මේ ගෙවෙන්නේ. ඉතිං මේ බ්‍රේක්ඩවුන් එක හරියටම ආවේ නෑ. මිස් වෙච්ච කරණු ඇති, ෆෝටෝ අඩු ඇති, සමහර පැහැදිලි කිරීම් මදි ඇති.. ඒ සේරට සමාවෙන්න. හෙට එනවානේ අලුත් එපිසෝඩ් එක. මේකේ අවුල් යන්නත් එක්කම ඒක අරන් එන්නම්. සහමහරවිට ඒකත් පරක්කු වෙයි. හැබැයි අනිවාර්යයෙන් මීට වඩා හොදට ගේන්නම්. ඔයාලගෙ අදහස් තියේනම් කමෙන්ට් එකක් දාන් යන්න. ස්පෙශලි මේ කියපුවගෙ වැරදි තියේනම් කමෙන්ට් කරන් යන්න. ප්‍රශ්න තියේනම් අහන්න මං රිප්ලයි කරන්නම්. ගිහින් එන්නම් ඒනම්.. ජය ❤️
පට්ටම රිවීව් එකක්...සුබ පතනවා..පොඩි නිවරදි කිරීමක් කරන්න ..1 primary number එකක් නෙමේ...
ReplyDeleteඔව් නේන්නම්.. තෑන්ක්ස් මචං.. ඒක හදන්නම් මං ❤️🔥🙏
Deleteතව දෙයක්..ගේල්ට අනාගතේ වෙන දේවල් කලින් පේන්නේ එයාගේ ආගමේ(seer)තියෙන බලයක් නිසා වෙන්නත් පුලුවන් නේ...
ReplyDeleteවෙන්න පුලුවන්. හැබැයි අපි දැනට දැක්ක විදියට ප්‍රයිම් රේඩියන්ට් එක දැනගත්තට පස්සේනේ මෙයාට මේ දේවල් පෙන්න ගත්තේ. ඒ නිසයි මං අරහෙම උපකල්පනයකටා ආවේ. බලමු ඉස්සරහට ❤️🔥🙏
Deleteබ්‍රේක්ඩවුන් එක නම් නියමයි මචං. පැහැදිලි වෙන්න ඕනෙ දේවල් ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. මේක අනිවාරෙන්ම ලෙජන්ඩරි සීරීස් එකක් වෙනවා. සැල්වෝ හාර්ඩින් ගැන ඒම ඉස්සරහට ලොකුවටම පෙන්නන්න ඕනෙ. හැරී සෙල්ඩන් ගහන ගේම ගැනත් ඉස්සරහට බලාගන්න පුලුවන් වෙයි. හයිප් හදලා බ්‍රේක්ඩවුන් කරලා හරි මෙහෙ අය මේක බලනව නම් වටිනවා. ❤🔥🙏
ReplyDeleteමාරම වටිනවා 🔥❤️
ReplyDeleteBreack dwn එක පට්ට ♥️
ReplyDeleteමරු මචං..දිගටම ලියන්න තෙරුවන් සරණයි ..!
ReplyDeleteSupiri
ReplyDeleteGaal Dornick ,salvor Hardin Characters wala gender swap karala thiyenne ai?
ReplyDeleteYour site is best. Yt channel is worst and this is a great break down. Thanks and I hope so u will break down episode by episode this season thank u again
ReplyDeleteකතා කරන්න දෙයක් නෑ නියමයි. අැත්තටම එපිය බලල මේකත් කියෙව්වට පස්සෙ තමයි හරියටම කතාව තේරෙන්නේ. අනික තමයි මේක අැතුෙළෙ තිෙයන පොලිටිකල් ගේම් එක මාරම ඉන්ටරස්ටිං.
ReplyDelete