කවුද නෙට්ෆ්ලික්ස් ටුඩුම් එක ගල් කරේ? | TUDUM - A GLOBAL FAN EVENT (2021)

ලූපින් උස්සපු නෙට්ෆ්ලික්ස් ටුඩුම් එකේ මොනාද උනේ



මොකද්ද මේ ටුඩුම් කියන්නෙ ? 

මේක ඇවිල්ල DC ෆැන්ඩම් එක ආයෙ ඩිස්නිලා Investor Day එක තියනව වගේ නෙට්ෆ්ලික්ස් එකෙන් එයාලගෙ ප්‍රොජෙක්ට් ගැන දැනුවත් කරන්න ඕගනයිස් කරපු ඉවෙන්ට් එකක්. ඉවෙන්ට් එකේ කොටස් තුනක් තිබ්බ එක්කට පැය ගානෙ. හැම කොටසකටම වෙනම හොස්ට් කෙනෙක් හිටියා. ලංකාවෙ වෙලාවෙන් රෑ 9.30 ට වගේ පටන්ගත්තෙ. ඉවරවෙනකොට පාන්දර 1 ටත් කිට්ටු කරල තිබ්බෙ. ඒ වගේම ඉවෙන්ට් එක තනිකරම ග්‍රීන් ස්ක්‍රීන් පාවිච්චි කරල ශූට් කරල තිබ්බෙ. ඉතින් එකේ පැනල් එක්කින් තවත් එක්කට මාරු උන විදිය ඒම මරු හැබැයි. අනිත් එක මේක Multi-language Event එකක්. භාෂා කීපෙකින්ම සබ් තිබ්බ. ඒ බලන අයට ලේසි වෙන්න. (නෑ නෑ සිංහල නෑ😁)

ඉවෙන්ට් එක පටන්ගන්න කලින් ඇනිමේ පැනල් එක වෙනම තිබ්බ. ඉවෙන්ට් එක මැදදිත් මේක ආයෙම පෙන්නුවා. මේක හොස්ට් කරේ CGI කරපු කැරැක්ටර් එකක්. නම N-ko Mei Kurono. විනාඩි 43 විතර තිබ්බ මේ පැනල් එක. අපේ වෙලා

(මේ ඉන්නෙ N-ko කෙම්ල) 

වෙන් හවස 6 ට වගේ පටන්ගත්තෙ. මේකෙදි නෙට්ෆ්ලික්ස් එකේ ඇනිමේ  ප්‍රොජෙක්ට් 5ක් ගැන විස්තර කිව්ව.


1) මාක් මිලර් ක්‍රියේට් කරන Super Crooks ඇනිමේ සීරිස් එක. 

මේකෙ ට්‍රේලර් එක ආවා. නොවැම්බර් 12 සීරිස් එක රිලීස් වෙනවලු.

ඊට අමතරව මේවත් නෙට්ෆ්ලික්ස් එකෙන් ඉස්සරහට බලාගන්න පුළුවන්.

2) Drifting home (Whisker away කරපු ස්ටූඩියෝ එකේ වැඩක්)

3) Pretty Guardian Sailor Moon

4) ULTRAMAN

5) Aggretsuko

6) Bright: Samurai Soul 


එතකොට රෑ 9.30ට පටන් ගත්ත මේන් ඉවෙන්ට් එකේ Lily Singh Host කරපු පැය. මේක Red Notice පැනල් එකෙන් පටන් අරන් Bridgerton පැනල් එකෙන් ඉවර උනා. මේකෙදි පැනල් 15 විතර තිබ්බ. බෝම්බ ගැහැව්ව වගේ සුපර් හයිප් පැනල් තුනක් තිබ්බ එකදිගටම.

(ලිලී සින්ග්)

ඉවෙන්ට් එකේ මුල්ම පැනල් එක විදියට තිබ්බෙ Red Notice පැනල් එක. මේක Host කරේ Dwayne “The Rock” Johnson. මේකට රයන්, ගැල් දෙන්න ආවෙ නෑ. ෆිල්ම් එකේ පොඩි ක්ලිප් එකක් රිලීස් කරා. මං හිතන්නෙ ට්‍රේලර් එකත් එන්න තිබ්බෙ මේකෙදි. හැබැයි ලීක් උන නිසා මීට සති කීපයකට කලින් ට්‍රේලර් එක රිලීස් කරා. රොක් කියන විදියට නෙට්ෆ්ලික්ස් එකෙන් මේ අවුරුද්දෙ එන ෆිල්ම් අතරින් වැඩියෙන්ම බජට් තියෙන්නෙ මේකටලු.



ඊට පස්සෙ තිබ්බෙ Stranger Things පැනල් එක. මේක හොස්ට් කරේ Duffer සහෝදරයො දෙන්නයි, Gaten Matarazzo සහ Joe Keery ඩබල. මේකෙදි කිව්ව ඊලග සීසන් එකට අදාලව තවත් ක්ලිප් දෙකක් එනව කියල. එතනින් එකක් මේකෙදි රිලීස් කරා.  

(ස'ලා හතර දෙනා)

ඊට පස්සෙ තිබ්බෙ Money Heist පැනල් එක. Alvaro Morte එහෙමත් නැත්තම් අපේ ප්‍රොෆා තමා හොස්ට් කරේ. මේකෙදි S05 Vol2 එකේ පොඩි ක්ලිප් එකක් රිලීස් කරා.

(ප්‍රොෆා)

ඊට පස්සෙ තිබ්බෙ Ozark පැනල් එක. මේකෙදි Final Season එකේ පොඩි ක්ලිප් එක රිලීස් කරා. සීසන් 04 රිලීස් වෙන්නෙ 2022.

Idris Elba එක්ක Jonathan Majors (MCU එකේ කෑන්ග්) හොස්ට් කරපු The Harder They Fall පැනල් එක තිබ්බෙ ඊලගට. මේකෙ First Looks වගයක් රිලීස් කරා. ඒ වගේම මේකෙ රගපාන්නෙ කළු ජාතික නලුවො විතරයි.

ඕකට පස්සෙ තව පොඩි පොඩි පැනල් වගයක් ගියා. ඒවට ලොකුවට  අවධානයක් තිබ්බෙ නෑ. මේ පැනල් ටික තමා ගියේ.

Sing Me A Story

De Volta Aos 15

Maldives

කට්ටිය මග බලන් හිටිය එක තිබ්බෙ ඊලගට. Sex Education පැනල් එක. මේක හොස්ට් කරේ Ncuti Gatwa සහ Kedar Williams-Stirling දෙන්න. මේකෙදි Sex Education සීරිස් එක හතරවෙනි සීසන් එකට රිනීව් කරා. 



ඕකෙන් පස්සෙ ආයෙම පොඩි පැනල් දෙකක් තිබ්බෙ

Through My Window

Dark Desire


ඊට පස්සෙ තිබ්බෙ Indian Spotlight එක. මේක හොස්ට් කරේ රාධිකා ආප්තේ. 

(රාධිකා)

1) මේකෙදි සංජේ ලීලා බන්සාලි Heeramandi කියල ප්‍රොජෙක්ට් එකක් අරන් එනව කිව්ව. මෙක ඇවිල්ලා හයි බජට් වැඩක්. බන්සාලිගෙ ඩ්‍රීම් ප්‍රොජෙක්ට් එක කියලා කියන්නෙ මේකට. දෙයි දොදොඹෙන් යන්ඩම හැබැයි 🔥✌️

2) ඒකෙන් පස්සෙ තිබ්බෙ Finding Anamika පැනල් එක. හොස්ට් කරේ අපි කවුරුත් දන්න මධුරි දික්සිත්.

මේකට පස්සෙ Bridgerton පැනල් එක තිබ්බ. කාස්ට් එකේ කට්ටිය තමා මේක හොස්ට් කරේ. මේකෙදි සීසන් 2 එකේ ක්ලිප් එකක් රිලීස් කරා.

ඔතනින් පලවෙනි පැය ඉවරයි. ඊට පස්සෙ තිබ්බෙ දෙවෙනි පැය. ඒක හොස්ට් කරේ Finn Wolfhard සහ Caleb Mclaughlin ඩබල. හොස්ට් කිරිල්ල කෙසේ වෙතත් මුන් දෙන්න ජාතික ආතල් එකක්නම් දුන්න.  

(ස'ලා ඩබල)

1) Second Half එක පටන්ගත්තෙ Sandman පැනල් එකෙන්. මේක හොස්ට් කරේ Sandman කොමික් එක ලියපු Neil Gaiman මහත්තය එක්ක Tom Surridge, Kirby Howell-Baptiste දෙන්න. අච්චර වෙලා Money Heist, Stranger Things, Red Notice, Sex Education වලට තිබ්බ Attention එක එකපාරට ඇදල අරන් තියාගත්ත. මං හිතන්නෙ මුළු ඉවෙන්ට් එකේම හොදම පැනල් එක මේක කියල. මේකෙදි  පලවෙනි ඔෆීශියල් Sandman First Look එක රිලීස් කරා. සෑහෙන්න හොද කියල තිබ්බ සෝශල් මීඩියා වල. මොකද මේක කොමික් එකට මාර විදියට Accurate. කොමික් බේස්ඩ් සීරිස් අතරින් බෙස්ට්ම ලයිව් ඇක්ශන් සීරිස් එක මේක වෙනව ඒකාන්තයි. 



2) ඕකෙන් පස්සෙ ආයෙම Anime පැනල් එක රිපීට් උනා. 

3) Cobra Kai පැනල් එක තිබ්බෙ මේකෙන් පස්සෙ. දරුණුවටම ආතල් දුන්න පැනල් එක. ඉවෙන්ට් එක නොබැලුවට මේක බලන්න. මාර ක්‍රියේටිව් විදියට ඕගනයිස් කරල තිබ්බ. කාස්ට් එකේ ගොඩක් අය මේකට ආවා. අපේ වෙන්ඩ බීටල් කොල්ලත් හිටියා. මේකෙදි සීසන් 04 ටීසර් එකක් රිලීස් කරා. ඒකත් ජාතික ආතල් එකක් දීලා.

4) මේකට පස්සෙ තිබ්බෙ අපේ තෝර් අයියා ක්‍රිස් හෙම්ස්වර්ත්ගෙ Extraction පැනල් එක. මේකෙදි පොඩි ටීසර් කෑල්ලක් එක්ක Extraction 2 ෆිල්ම් එක අනවුන්ස් කරා. කලින් රූමර්ස් ගියේ පලවෙනි ෆිල්ම් එකට කලින් කතාවක් යයි කියල. හැබැයි මේකෙදි ඔෆීශියලිම කිව්ව මේක යන්නෙ පලවෙනි එකෙන් පස්සෙ ටයිම්ලයින් එක්ක කියල. මේක හොස්ට් කරේ ඔඩින්ගෙ පුතා හෙවත් Chris Hemsworth. ශූටින් ඔස්ට්‍රේලියාවෙදි පටන්ගන්නවලු. සුපුරුදු පරිදි සෑම් හාග්‍රේව් අධ්‍යක්ෂණය කරන ෆිල්ම් එක ඇවෙන්ජස් ඩිරෙක්ටර්ස්ලා ඩබල වෙන රූසෝ බ්‍රදර්ස් ල තමා ප්‍රොඩියුස් කරන්නෙ. 

5) ඔයිට පස්සෙ Action Movie Panel කියල එකක් තිබ්බෙ. විශේෂත්වය තමා මේකෙ හිටියෙ ගෑණු අය විතරයි. එයාල සම්බන්ධ උන ෆිල්ම් වල විස්තර තමා මේකෙ කතාකරේ. මේකට නතාලි එමානුවෙල්, රෙජීනා කිංග්, චාලිස් තෙරෝන් වගේ අය ඇවිල්ල හිටියා. ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් ෆෑන්ස්ලා දන්න කෙනෙකුත් ඇවිල්ලා හිටියා. මේකෙදි Harder They Fall එකේ ක්ලිප් එකක් වගේම Army Of Thives එකේ නතාලිගෙ පොඩි ෆයිට් සීන් එකක් රිලීස් කරා. (ඇපත් නෑ ගුටිකන සෙට් එකට. මැඩම් මදි නොකියන්න සැලකුව හැබැයි)

6) ඊට පස්සෙ තිබ්බෙ Bruise පැනල් එක. MMA ෆයිටර් කෙනෙක්ගෙ කතාවක් යන්නෙ. Halle Berry තමා මේන් කැරැක්ටර් එක කරන්නෙ . ඒ වගේම මේක එයාගෙ පලවෙනි අධ්‍යක්ෂණය.

7) ඕං ඊට පස්සෙ LOL ෆෑන්ස් ලගෙ පැනල් එක. League Of Legends එකෙන් ඇනිමේශන් සීරිස් එකක් නෙට්ෆ්ලික්ස් එකට එනවා. නම Arcane. මේකෙ ටීසර් එකත් ආවා. කුපිරිම එකක්.  සාන්ත මරියා කියවෙන්නම තිබ්බ. මේකනම් Finn ලම තමා හොස්ට් කරේ.

දෙයියෝ සාලෙ ඊළඟට කොරියන් පැනල් එක. රැවුල නැති උන්ග් අරක මේක කිය කිය හිටිය උන්ට ලෙප්ට් වෙන්නම දීල තිබ්බ. බටසට එහා ලෝකයක් දකින උන්ග්ට විතරයි මේවා හැබැයි :3 අර තාම ඉස්කෝලේ යන පොඩි කෙල්ලලන්ග බටස ෆෑන්බේස් එක එක්ක එල්ලෙන්ඩ යන උන්ග් නම් මේ කොරියන් කන්ටෙන්ට් ගැන අහලවත් නැතුව ඇති හැබැයි :3



1) Train to Busan කරපු Yeon Snag-Ho ගෙ Hellbound කොරියන් ෆිල්ම් එක නොවැම්බර් 19 නෙට්ෆ්ලික්ස් එකට එනවා.  අපායෙ Executioner ල පොලවට ඇවිල්ල යන සිද්ධි සමුදායක් වටා තමයි කතාව යන්නෙ. නිකමට ට්‍රේලර් එක බලන්න. අති සුපිරියක් මේක.

2) අනිත් කොරියන් ෆිල්ම් එක My Name. මේකෙ ටීසර් එකක් ආවා දවස් 6 කට කලින්. මේ පැනල් එකෙන් පොඩි ක්ලිප් එකක් රිලීස් කරා. තනිකර ජෝන් වික් වයිබ් එකේ ෆිල්ම් එකක්.

3) තව කිව්ව ඉස්සරහට හැම මාසෙම නෙට්ෆ්ලික්ස් එකට කොරියන් ෆිල්ම් එකක් එනව කියල. සැප පුතා සැප 🥺❤🔥

4) ඊට පස්සෙ Vikings: Valhalla එකේ පැනල් එක. ටීසර් එක ආවා මේකෙ. So, see you in Valhalla

5) ඕකෙන් පස්සෙ Chestnut Man  පැනල් එකයි. TV Spotlight එක්කුයි තිබ්බෙ.


Say Georgiana 

New World

Life Of a K-Star

Young, Famous & African

Floor Is Lava : TUDUM Edition 


6) ඕව තමා ඒකෙ තිබ්බෙ වැඩිය වැදගත් නෑ. මේක අස්සෙම කිව්ව Tiger King දෙවෙනි සීසන් එක නොවැම්බර් 17 ස්ට්‍රීම් වෙනව කියල.

7) ඊට පස්සෙ Cowboy Bepop එක. මේකෙ Opening Sequence එක රිලීස් උනා. මේක නවුන්ස් කරපු දවස්වල කට්ටිය කිව්ව අවුල් වේවි කියල.  ඇනිමි ෆෑන්ස්ල දැන් මෝකෝ කියන්නෙ? මේක ගැන සැටිස් ද?

(Cowboy Bepop)

ඔතනින් දෙවෙනි පැය ඉවරයි. ඊට පස්සෙ අන්තිම පැය තිබ්බෙ. මේකෙන් පස්සෙ අන්තිම පැය තිබ්බෙ. ඒකෙ හොස්ට් විදියට හිටියේ බ්‍රිජටන් නිළි Nicola Coughlan. 

(මේ ඉන්නෙ නිකොලා සුදු පාටට බෝලෙ වගේ)


1) ඒක පටන්ගත්තෙ Emily In Paris එකෙන්. Lily Collins ඇතුළු මුළු කාස්ට් එකම වගේ හිටියා හොස්ට් කරන්න. මේකෙ ටීසර් එකක් දාල දෙවෙනි සීසන් එකේ Date Announcement එක කරා. දෙවෙනි සීසන් එක  දෙසැම්බර් 22 එනව. 

2) ඊට පස්සෙ The Crown පැනල් එක. Imelda Sheldon තමා හොස්ට් කරේ. මේකෙදි කිව්ව සීසන් 5  2022 නොවැම්බර් මාසෙ එනව කියල.

3) ඕකෙන් පස්සෙ Umbrella Academy පැනල් එක. මේජර් කාස්ට් එකේ ඔක්කොම හිටියා. ට්‍රේලර් එකක් එයිම කියල හිතන් හිටියෙ. හැබැයි වැදගත් දේවල් මුකුත් කිව්වෙ නෑ. සෙට් එක ඇවිල්ල ෆෑන්ලට කතාකරල, ගොක් එකක් කරල ගියා. 

(සැට් එක)

4) ඊලගට තිබ්බෙ Army Of Thieves පැනල් එක. විනාසයි. ඇටි හැලෙන්නම දුන්න. මතායස් ලොක්ක ඇතුළු මුළු කාස්ට් එකත් එක්ක ස්නයිඩර් කපල් එක, බොසයි වයිෆුයි ඇවිල්ල හිටියා. මේකෙදි මතායස් ලොක්ක කාස්ට් එකේ ඉන්න අයගෙ චරිත මොනවද, ඒ චරිත කරන පාට් එක මොකද්ද, එයාලගෙ පර්සනැලිටි මොන වගේද කියල ලොකු විස්තරයක් දුන්න. ඒ වගේම ට්‍රේලර් එක රිලීස් කරා. ඇග හීතල වෙලා යන්ඩම තිබ්බ ට්‍රේලර් කෑල්ල. කලින් ෆිල්ම් එකේ හිටපු Hiroyuki Sanada  ත් මේ ෆිල්ම් එකේ ඉන්නව. ෆිල්ම් එක යන්නෙ වේගාස් වල වෙච්ච Incident එක වෙච්ච කාලෙට සමාන්තරව. (ඒ කිව්වෙ සොම්බි කේස් අස්සෙ තමා මුං හොරකමේ යන්නෙ).  ෆිල්ම් එක ඔක්‍තෝම්බර් 29 එනවා. ඒ වගේම මේකෙ මියුසික් කරන්නෙ හාන්ස් සිමර් මහත්තය. 




6) ඕකට පස්සෙ තිබ්බෙ Colin In Black And White පැනල් එක.  Colin Kaepernick මයි මේක හොස්ට් කරෙත්. ඔක්තෝබර් 29 නෙට්ෆ්ලික්ස් එකට රිලිස් වෙනව.

7) ඊට පස්සෙ තිබ්බෙ 

Ritmo Salvaje

Rebelde 


වල පැනල් ඒව වැඩිය වැදගත් නෑ.

ඊට පස්සෙ ඇඩල්ට් ඇනිමේශන් පැත්තෙ වැඩ ටික.

සෙට් එක වැඩ ඇල්ලුවෙම HBO MAX එකටයි, Disney+ එකටයි දාර කිංඩියක් දාල. මේකෙදි ප්‍රොජෙක්ට් දෙකක විස්තර කිව්ව. අම්බෝව් ඒකෙ සැප...

1) Big Mouth 

මේකෙ සීසන් 5 එනවලු නොවැබර් 05 වෙනිදා. මේක ඇඩල්ට් ඇනිමේශන් ඈ. 

2) Inside Job

මේකත් හෙනම ආතල් සීරිස් එකක් වගේ. ට්‍රේලර් එකක් ආවා. ඔක්තෝබර් 22 ඉදන් ස්ට්‍රීම් වෙන්න පටන්ගන්නව. 


ඊට පස්සේ තිබ්බෙ Don’t Look Up පැනල් එක. මේකට හිටියෙ Adam Mckay එක්ක Jennifer Lawrence ඩිකැප්‍රියෝ එහෙම ආවෙ නෑ. ෆිල්ම් එකේ පොඩි ක්ලිප් එකක් දැම්ම. අනිවා ඒක බලන්න. විනාඩි ගානක් උනාට සිස්ටම් එකේ ලොකු Corruption එකක් පෙන්නුව. දෙසැම්බර් 24 වෙනිදට ෆිල්ම් එක එනවා. 

ඊට පස්සෙ Enola Holmes පැනල් එක. හොස්ට් කරේ Millie Bobby Brown. තව Louis Patridge ආවා. මේකෙ ලොකු විස්තරයක් කිව්වෙ නෑ. දෙවෙනි ෆිල්ම් එක එනව කිව්ව. මේ වෙද්දි කාස්ට් එක පිටපත කියවල ඉවරලු. ශූටින් පටන්ගන්නලු යන්නෙ. 

අන්තිමටම තිබ්බෙ The Witcher පැනල් එකයි Witcher Blood Origins එකයි. මේ දෙක එකටම වගේ තිබ්බෙ. Blood Origin එකේ වැඩිය කතාවක් නෑ. සීරිස් එකේ ශෝරනර්  Declan De Barra මහත්තයා ඇවිල්ල පොඩ්ඩක් කතා කරා එතනින් එහා ලොකුවට මුකුත් ගියේ නෑ සහ සීරීස් එකේ ශූටින් ලොකේශන් එක පෙන්නුවා... 

අනිත් අතට The Witcher එකේනම් ස්ප්‍රයිස් ලන්තයක්. හෙන්රි කැවිල් මයි හොස්ට් කරේ. ක්ලිප් 2 රිලීස් කරා. ඒ වගේම Road To The Trailer කියල First look  වගයක් එක්ක පොඩි ටීසර් එකක් එලියට දැම්ම. (මේකෙ අපිට ගැරල්ට් ගෙ ගුරුතුමා වෙසෙමියර් ව බලාගන්න පුළුවන් උනා). පලවෙනි ක්ලිප් එකේ ගැරල්ට් එක්ක කතා කර කර හිටපු Nivellen ට රගපාන්නෙ GOT එකේ Tomund ට හිටපු Kristofer Hivju.🥺

ඔය අලකලංචි අස්සෙ ලෝරන් ඇවිල්ල විචර් සීසන් 3 එනව කියල කන්ෆර්ම් කරා. (Lauren Schmidt Hissrich කියන්නෙ නෙට්ෆ්ලික්ස් ලගෙ Witcher ප්‍රොජෙක්ට් වල Executive Producer කෙනෙක්. මෙයා ලගදි නෙට්ෆ්ලික්ස් එකත් එක්ක ගිවිසුමකුත් අත්සන් කරල තිබ්බ. Nightmare Of The Wolf එකේ ගැරල්ට්ගෙ පොඩි කාලෙ පෙන්නුව මතකද. ආං ඒ Young Geralt ට හඩකැව්වෙ මෙයාගෙ පුතා)


ඔයිට අමතරව කෙවින් හාට් ඉන්න True Story ලිමිටඩ් සීරිස් එක ලබන අවුරුද්දෙ එනව කිව්ව.

තව ඇඩම් සැන්ඩ්ලර් එක්ක ජෙනිෆර් ඇනිස්ටන් ඉන්න Murder Mystery 2 එකත් නෙට්ෆ්ලික්ස් එකට එනවලු

ඔය ඔක්කොම හරි කියමුකො. ඉවෙන්ට් එක මැද්දෙදි ටික් ටොක් චැලෙන්ජ් එක්කුත් කරා කියහන්කො. ඉවෙන්ට් එකටම හදපු ට්‍රැක් එක්කට තමා මේ නටල චැලෙන්ජ් කරේ. කෝමහරි ටික් ටොක් ෆෑන්බේස් එකත් අල්ලගන්න කට්ට ගැහුව ඕං. එව්වා මරු වැඩ හැබැයි (මේ පලවෙනි පාර නෙවේ හැබැයි. නිකමට හොයල බලන්න He’s All That එකේ ප්‍රධාන නිළියට ගත්තෙ කවුද කියල).

ඔය ඔක්කොම අටමගල් පෙන්නල ඉවෙන්ට් එක ඉවරවෙනකොට රෑ12.53 ට වගේ ඇති. පාඩු නෑ Once In A Lifetime (ජීවිත කාලෙටම එකක්) එක්ස්පීරියන්ස් එකක් ගත්ත. ඔය අටමගල් ඔක්කොම ඉවර උනේ අන්තිමට ක්‍රෙඩිට් දාල. මෙතනදි සිංදුවක් ප්ලේ උනා. සම්පූර්ණ ඉවෙන්ට් එකේම උන දේවල් තිබ්බ ඒකෙ.

හැබැයි මෙහෙම කතාවක් තියෙනව.

ලයිව් ඇක්ශන් ගත්තම

Last Kingdom

Lost In Space

Shadow And Bone

Avatar Live Action Series

One Piece

Letter For The King

Ranganarok


ඇනිමේ අතින් ගත්තම

Record Of Ragnarok

Trese

Pacific Rim : The Black


ඇනිමේශන් සීරිස් ගත්තම

Camp Cretaceous

Blood Of Zeus

Fast And Furious : Spy Racers

DOTA The Dragon’s Blood

Masters Of The Universe : Revelations 


වගේ සීරිස් ගැන නෝ කතා නෝ සිනා. ඒක ලොකුම අඩුපාඩුවක්. මොකද ඕනෙම නෙට්ෆ්ලික්ස් ෆෑන් කෙනෙක්ගෙ ෆේවරිට් එකක් මේ උඩ කියපු ලිස්ට් එකේ තියෙනව. මේ වගේ ලොකු ඉවෙන්ට් එක්ක ඒවා ගැන නොකිව්ව කියන්නෙ සෑහෙන අවුල්.

අනිත් එක නෙට්ෆ්ලික්ස් ල ලොකුම බජට් එකක් දාල හදන Knives Out Sequel එක. 

ඒ ගැන හූවක් වත් නෑ. අච්චර ලොකු ඉවෙන්ට් එකක් තියල තමන්ගෙ Major ම ෆිල්ම් එක ගැන කතා නොකරපු එක අපරාදෙ.

ගිය මාසෙද කොහෙද කිව්ව ස්ටීවන් ස්පීල්බර්ග් මහත්තය හැම අවුරුද්දකටම නෙට්ෆ්ලික්ස් සමාගම වෙනුවෙන් ෆිල්ම් එකක් කරන්න ගිවිසුම් ගත උනා කියල. හැබැයි මේකෙදි ඒ ගණුදෙනුවෙන් එන්න තියන ප්‍රොජෙක්ට් වල Title එකක් වත් කිව්වෙ නෑ. 

ඔන්න ඕව තමා මං දැක්ක අඩුපාඩු. හැබැයි ඒ එක්පීරියන්ස් එක පට්ටම පට්ට. දුක කියන්නෙ එච්ච්‍ර පට්ට ඉවෙන්ට් එක පටන්ගද්දි හිටියේ 47K ගානක් ඉවරවෙද්දි හිටියේ 2k ටත් අඩු ගානක්. පුදුම පින තියෙන්නෙ ලංකාවට විතරක් නෙවේ වගේ.

සමහර එවුන් හිටියා එච්චර ලොකු වැඩක් වෙද්දි රෑ දෙගොඩහරියක් වෙනකම් වෙන වෙන වැඩ කර කර හිටපු.

රෑ 12 ටත් ඔන්ලයින් ඉදපු සම හරක් එවුන් ඉවෙන්ට් එක ඉවර උනාම ඇවිල්ල අහනව අඩෝ මොකද උනේ කියල. ඔය අතරෙ සෙට් එකක් හිටියා  පැනල් එක ඉවර වෙලා පැයක් විතර ගියාටත් පස්සෙ පස්සට ගිණි තියාගෙන ඇවිල්ල  අඩෝ පට්ට පට්ට කියපු උන් හිටියා. (ස්පෙශලි Sandman, Witcher)

අනේ අපරාදෙ ජීවිත කියල පාඩුවෙ කට පියාගෙන ඉන්න තමා ඉතින් ඉන්න වෙන්නෙ. අන්ධයට මැණික පෑගුනට වැඩක් නෑනෙ.

ඩේට කපාගෙන පැය ගණන් බලන්න ඕනෙත් නෑ. මුළු ඉවෙන්ට් එකම කවර් වෙන්න පෝස්ට් 70 දැම්ම පේජ් එකේ. ඕක බලන්න ආවෙ කීයද? රෑ දෙක වෙනකම් ඇහැරගෙන ඉන්නෙ පාඩම් වැඩක් කරන්නත් නෙවෙයිනම්, ගෙදර මොනා හරි වැඩකටත් නෙවෙයිනම්, වට්සැප් ගෲප් වල, පේස්බුක් කාලෙ කකා ඉන්න වෙලාවෙ විනාඩි 20 කට සැරයවත් ඇවිල්ල පේජ් එකේ අප්ඩේට් ටික බලාම් නිකමට හරි. ඒකත් නෑ. 

මේක කියවල ටුඩුම් එක බලන්න ආසාවක් ආවනම් Netflix ලගෙ යූටියුබ් චැනල් එකේ සම්පුර්ණ ඉවෙන්ට් එකම දාල තියෙනව.


ඔක්කොම පැනල් බලන්න බෝරින් වගේනම්  ඒකෙ Description එකේ අදාල පැනල් එක පටන්ගන්න වෙලාවත් එක්කම ලිස්ට් එකක් දාල තියෙනව. ඒක පාවිච්චි කරන්න. 

මං නම් කියන්නෙ පැනල් දෙක තුනක් හරි කමක් නෑ බලන්න. මාරම එක්ස්පීරියන්ස් එකක් ඒක.

ඊලගට ෆැන්ඩම් එකටත් මෙහෙම හෑල්ලක් ලියමු. 😁

එහෙනම් ලබන සතියෙ What If බ්‍රේක්ඩවුන් එකෙන් හම්බවෙමු.

2 Comments

  1. Sacred Games එන්නෙ නැතිවෙයිද? Squid Games 2 එකටත් මොකුත් කිව්වේ නැද්ද? 😞

    ReplyDelete
Post a Comment
Previous Post Next Post