Disney ලගෙ Marvel යුනිට් එක Creators ලට එරෙහිව එක එක චරිත වල සම්පූර්ණ අයිතිය ගන්න නඩු පවරලා තියනවා.මේ විදිහට සම්පූර්ණ අයිතිය ගන්න මාවල්ලට අවශ්‍ය වෙලා තියන චරිත තමා Spider-man ,Dr.Strange ,Falcon ,Black Window,Thor,Iron man,Hawkeye,Ant man සහ ඒ ආශ්‍රිත චරිත.
මේකෙදි නඩු පැවරෙන්නෙ ස්ටෑන් ලී,ස්ටීව් ඩිට්කො,ජීන් කෝල්සන් කියන කොමික් බුක් රයිටර්ස්ලගෙ අයිතිය වර්තමානයෙ තියන අයට.
මේ නඩුව මාවල් ආයතනය පැරදුනොත් මාවල් වල Mother Company එක වෙන ඩිස්නිලට සිද්ද වෙනවා මේ චරිත වල අයිතිය බෙදාගන්න.
පහුගිය අගෝස්තුවලදි ස්ටීව් ඩිට්කොව නියෝජනය කරන Ditko's Estate එක Copyright Law එක යටතෙ තියන යම්කිසි කාල පරාසයකට ප්‍රකාශකයන්ට (මේකෙදි නම් Marvel ලා) ලබා දුන්නට පස්සෙ ඒ කාල සීමාව අවසන් උනාම Creators ලට නැවත අයිතිය ගන්න පුලුවන් කියන නිසා මාවල් සමාගමට Termination Note එකක් යවලා තියනවා.ඒකෙ හැටියට 2023 ජූනි වෙද්දි මාවල් සමාගම Ditko ගෙ නිර්මාණයක් උන Spider-man ගෙ අයිතිය Ditko's Estate එකට දෙන්න ඕනෙ.ඔය විදිහට තව රයිටර් ලා කීප දෙනෙක්ම Termination Note එවලා තියනවා මාවල් ආයතනයට
මේ නඩුවෙදි කොමික් බුක් රයිටර්ස්ලව නියෝජනය කරන්නෙ මාක් ටෙබෙරොෆ් නීතිඥයා.ජෙරී සීගල්, ජෝ ශටර් සුපර්මෑන් ගෙ අයිතියට DC ආයතනට විරුද්ධව තිබ්බ නඩුවෙත් Creatorලා දෙන්නව නියෝජනය කරපු නීතිඥයාම තමා ටෙබෙරොෆ් කියන්නෙ.ඒවගේම ඒ නඩුවෙදි DC ආයතනය නියෝජනය කරපු නීතිඥයා උන ඩෑන් පෙට්‍රොසෙලි කියන නීතිඥයා තමා මේ නඩුවෙදි මාවල් ආයතනය නියෝජනය කරන්නෙ.
ඒවගේම 2013 ජැක් කර්බි නියෝජනය කරන Kirby Estate එක Hulk , X-men වගේ චරිත වල අයිතිය ඉල්ලලා තිබුන නඩුවෙදි මාවල් ආයතනය ගෙනව තර්කය තමා ආයතනය නිර්මාණකරුවෙක්ව හයර් කරලා චරිතයක් හැදුවොත් ඒ චරිතයේ අයිතිය ප්‍රකාශකයන්ට ලැබෙනවා කියන එක.ඒවගේම ඒ නඩුවෙන් මාවල් ආයතනය දින්නවා.මේ නඩුවෙදිත් ඒ තර්කයම ඉදිරිපත් කරනවා කියලා තමා වාර්තා වෙන්නෙ.
කොහොම උනත් මොකක් හරි විදිහකින් ඩිස්නි/මාවල් ආයතනයට සිද්ද වෙනව මේ නඩුවෙන් පරාද උනොත් ඒ ඒ චරිත වල සම අයිතීන් ඒ ඒ චරිතවල නිර්මාණකරුවො එක්ක බෙදාගන්න.ඒවගේම ඒ චරිතවලින් උපයන ලාබය බෙදා ගන්න.
(Source:Hollywood Reporter)