TV Series දැන් ගොඩක්ම කතා වෙන දෙයක් වෙලා තියනවා. ඉස්සර හැමෝම ෆිල්ම් එකක් බලලා ඒ ගැන කතා කලාට දැන් TV Series ඒ කරලියට ඇවිල්ල තියනවා. මේ දේට හේතුව විදියට මගේ පෞද්ගලික මතය ෆිල්ම් එකකට වඩා Series එකකින් ප්‍රේක්ෂකයාට ඒ ඒ චරිත ගැන වෙන වෙනම හැදින්වීමක් හා ඒ චරිත වල සැබෑ පසුබිම මනා ලෙස පෙන්වන්න. ඒකට හොදම උදාහරණය විදියට මම දකින්නේ Cobra Kai Series එක. වර්තමානයේ එන ගොඩාක් Films & Series වගේ දේවල් වල අන්තිම ප්‍රතිඵලය වීරයා දිනන එක ඒත් මේ කතා මාලාව බලද්දි හැමෝම ඒ ඒ එයාලගෙ තනි කතාවේ නියම වීරයෝ වගේ. හොද කෙනා හොදම නෑ නරක කෙනා නරකම නෑ එයාලාටම වෙනස්ම අතීත කතාවක් තියනවා මේ සම්බන්ධයෙන් ගොඩාක්ම දැකගන්න ලැබුනේ Season 2 හා 3 එකේදි. ඉතින් ඇත්තටම මොකක්ද මේ Cobra Kai කියන්නේ. සමහරුන්ට මේක Series එකක් වෙද්දි සමහරුන්ට පොඩි කාලේ ආසවෙන් බලපු කරාතේ ෆිල්ම් එකක තිබ්බ දුශ්ටම අය ඉන්න කරාතේ ඩෝජෝ එකක්. ඔව් ඇත්තටම මේ Cobra Kai විතරක් බලපු අයට ගොඩාක් කුතුහලයක් එන්නම ඕන දෙයක් තමයි මොනවද මේ Flashback Scene කියලා, ඒකට හේතුව මේ සීරීස් එකට පාදක වෙන්නේ 1984 ඉදන් 1989 දක්වා ආපු John G. Avildsen විසින් අධ්‍යක්ෂණ වූ The Karate Kid Part 1 | 2 | 3 කියන Film Trilogy. 2010 දිත් Karate Kid Film එකක් Release උන ඒත් ඒක මේත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ.
The Karate Kid Trilogy
Cobra Kai එකේදී මේ කතාව ගලාගෙන යන්නේ කරාතේ ඩෝජෝ දෙකක් අතර (යම් අවස්තාවක තුනක් | හේතුව ජොනී කෝබ්‍රා කායි එක්ක උන අමනාපයත් එක්ක "Eagle Fang Karate" නමින් වෙනත් ඩොජෝ එකක් පටන් ගත්ත නිසා) කෝබ්‍රා කායි හා මියාගි ඩෝ කරාතේ එක්ක.
1984 දි පටන් ගත්ත මේ ඩැනියල් ලරූසෝ ගෙයි ජෝන් ලෝරන්ස් ගෙයි පලහිලව්ව අවුරුදු 30 ගානකටත් පස්සේ නැවත අලුත් වෙලා තියන විදියට මේ කතාව ගලාගෙන යනවා. ගොඩාක්ම Interesting part එකතමයි 1984 දි ඩැනියල් ලරූසෝට, ජෝන් ලෝරන්ස් ට වගේ රංගනයෙන් දායකත්වය දුන්න ඒ නලු නිළියොම මේ සීරීස් එකෙන් දැකගන්න ලැබෙනවා.
ඉතින් මේ ඩැනියල් ලරූසෝ හා ලෝරන්ස් තමන්ගේ High School ජ්විතෙන් පස්සේ මුහුණ දීපු විදියත් එයාලගෙ පුතාලා දුවලා මේ කරාතේ පරිසරයත් එක්ක අභියෝග වලට මුහුණ දෙන එකත් මේ සීරීස් එකෙන් තාත්වික විදියට තියනවා. Karate Kid Trilogy එකේදි ලරූසෝ හා ලෝරන්ස් 1984 රිලීස් උන එකේ විතරක් ඉන්න අතර අනිත් දෙකේදි ලරූසෝට අභියෝගයක් වෙන්නේ තවත් වෙනස් ආකාරයේ තරහාකාරයන් එක්ක. නරක ගුරුවරයෙක්ගේ හා හොද ගුරුවරයෙක්ගේ පාරේ යන තමන්ගේ ගෝලන්ට වෙන්නේ මොකක්ද කියලා මේ ෆිල්ම් තුනේම පට්ට තාත්වික විදියට තියනවා. මේ ෆිල්ම් 3ම අපිට පොදු චරිතයක් උනේ Mr. Miyagi, ටීවි සීරිස් එක එන කාලේ මියාගිට රංගනයෙන් දායකත්වය දුන්න Pat Morita නම් නළුවා සැබෑ ජීවිතයෙන් සමුදිලා තිබ්බත් සම්පූර්ණ කාතා මාලා 3දිම මියාගි සමබරතාව ගැනයි කරතේ ගැනයි කියලා දුන්න පාඩම් මතක් කරපු නිසා මුලු කතාවෙම මියාගිගේ අඩුව දෙනෙන්න අධ්‍යක්ෂකවරුන් ඉඩ තියලා නෑ.
ජීවිතේ සමබරතාව කරතේ වලට පමණක් සීම කරන්නේ නැතුව හැම අවස්තාවකම භාවිතා වෙන විදිය මුල් ෆිල්ම් තුනේ වගේම සීරීස් එකෙදි ත් බලාගන්න පුලුවන් ඉතින් මේ හින්දා මුල් කාලේ ආපු මේ ෆිල්ම් 3ට පට්ටම සාධාරණයක් කරලා තියනවා මේ සීරීස් එකෙන්. ඉතින් මේ කරාතේ කොල්ලාගේ මුල් ෆිල්ම් තුන ගැන වෙනම ලිපියකින් 4 වෙනි සීසන් එකට කලින් ගේනවා. අපිට තවත් මේකේ විශේෂයෙන් දකින්න පුලුවන් උනේ මේ ෆිල්ම්ස් වල හිටිය දුශ්ට චරිත වලට ලැබුනු දෙවෙනි අවස්තාවක් ගැන වගේම කෙනෙක්ගේ දුශ්ටකම පිටිපස්සේ තිබ්බ අතීත කතාව ගැන. මම ඒකයි කලින්ම කිව්වේ මේ කතාවේ දි හොද කෙනා හොදම නෑ නරක කෙනා නරකම නෑ කියලා. මේ සිරීස් එක ලොකු හේතුවක් උනා මේ එක එක්කෙනාගේ ජීවිතේ ඇත්ත පැතිකඩ අපිට කියලා දෙන්න හරියට හැරී පොටර් කතාවේ ස්නේප් ගේ චරිතේ වගේ තමා මතුපිටින් කොච්චර ප්‍රචණ්ඩ සහගත් උනත් අපි නොදන්න ලොකු කතාවක් තියනවා. තවත් දෙයක් තමයි හැම කතාවකම අපිට දකින්න පුලුවන් "බලය" කියන දේ අයුතු විදියට පාවිච්චි කරන එකත් අහිංසක ගොඩක් චරිත "බලය" වගේ දේවල් නිසා තමන් ප්‍රචණ්ඩකාරි කෙනෙක් විදියට පරිවර්තනය වෙන එක ඉතින් මේ සීරිස් එකෙන් අපිට දකින්න පුලුවන් ලොකුම දේ ඒක කරතේ වගේ ක්‍රීඩාවක් නිස ගොඩක් අය වෙනස් උන හැටි ඒ කරතේ ආත්ම ආරක්ෂාව ට වඩා කෙනෙක්ට හින්සා කරන්න භාවිතා කරපු හැටි වගේ ගොඩාක් දේවල්. ඒ හැම සිද්දියක්ම මේ සීරීස් එකේදි ක්‍රමානුකූලව පෙන්නලා දීලා තියනවා. ඉතින් දැනට මේකේ සීසන් 3ක් රිලීස් වෙලා තියනවා එකෙ පළමු සීසන් දෙකම Youtube Original එකෙන් ද 3 | 4 | 5 Netflix හරහාද රිලීස් වෙනවා. දැනට තියන Confirmation අනුව සීසන් 5ක් දක්වා මේක දික් කරලා තියනවා සීසන් 4 එකත් මේ අවුරුද්දේ නොවැම්බර් වගේ වෙද්දි හෝ දෙසැමබර් වගේ වෙද්දි බලාගන්න පුලුවන්. ඒ කියන්නේ Teaser Trailer එකක් අපිට ලබන මාසේ වගේ බලාගන්න පුලුවන් වෙයි. දැනට සීසන් 4 එකට The Karate Kid Part 3 එකේ හිටිය Terry Silver ව අපිට බලාගන්න පුලුවන් Trilogy එක පුරාවටම හිටිය දුශ්ටකම් කරපු ඔක්කොම දැනට රිලීස් වෙලා තියන සීසන් 3න් බලාගන්න පුලුවන් එකේ මගේ එක Theory එකක් අනුව අපිට The Karate Kid Part 3 එකේ ප්‍රතිවාදී Cobra Kai තරඟකරුට හිටිය මයික් බාන්ස්වත් බලාගන්න පුලුවන් වේවී. ඉතින් ඊලග ලිපිය වැටෙන කලින් මේ The Karate Kid තුනම බලන්න ඕන අය අනිවා බලන්න මොකද බලලා රසවිදිනවා තරම් කියවලා රසයක් ගන්න අමාරු ෆිල්ම් එකක්. ජීවිතයට හොඳ පාඩම් ටිකක් කියලා දෙන ෆිල්ම් 3ක් හා සීරිස් එකක් තමයි මේ. එහෙනම් All Valley Karate Champion ගේ ලිපියෙන් ඉක්මනින් හම්බවෙමු ලමයි.