2018 දී ඊලෝන් මස්ක් ලෝන්ච් කරපු Tesla Roadster එකේ 5D ඔප්ටිකල් ස්ටෝරේජ් එකේ තිබුණ දේවල් අතරේ Foundation නවල් සීරීස් එකේ කොපි එකක් තිබිලා තියෙනවා.
Dune නවල් සීරීස් එක නිර්මාණය වෙන්න වගේම Star Wars ෆ්‍රැන්චයිස් එක නිර්මාණය වෙන්නත් Inspired වෙලා තියෙන්නේ Foundation නවල් සීරීස් එකෙන්
ආයූබෝවන්.. වනක්කම්.. අස්වලාම් වලෙක්කුම්.. වෙල්කම් ටු රිවිව් හූ කෙයාස් කියන්න කලින් ඔය ෆැක්ට් දෙක කිව්වේ ඇයි කියලා දන්නවද? මිනිස්සු වෙච්ච අපිට මොනාහරි දෙයක් කරන්න හේතුවක් ඕනි. ඒ හේතුව ස්පෙශල් වෙන්න වෙන්න අපි අනිවාර්යයෙන් ඒ දේ බදාගෙන කරනවා. සරලව කිව්වොත් එහෙම ලංකාව ඇතුලේ මෙලෝ හයිප් එකක් නැති, වැල යන පැත්තට මැස්ස ගහනවා වගේ හයිප් තියෙන ටිකටම පෝස්ට්, වීඩියෝස් කෙලින ගීක් කමියුනිටි එකකට මේ වගේ දෙයක් දෙන්න නම් අනිවාර්යයෙන් අර වගේ ෆැක්ට්ස් ටිකක් මුලින්ම කියන්න ඕනි. කොහොමහරි කරලා අන්න ඒ වගේ පට්ට හයිප් එකක් හැදෙන්න ඕනි සීරීස් එකක් අද (2021 සැප්තැම්බර් 24) AppleTV+ එකෙන් රිලීස් වෙනවා. ට්‍රේලර්ස් එහෙම බලපු අය දන්නවා ඇති මෙකේ එසේ මෙසේ සීරීස් එකක් නෙමෙයි කියලා.. රයිට්.. දැන් දිගටම කියවන් යන්න.. ඔය ආරම්භය විතරයි.. එහෙනම්... මේ සීරීස් එක හැදෙන්න බේස්ඩ් වුන, සයන්ස් ෆික්ශන් ඉතිහාසය වෙනස් කරපු Foundation නවල් සීරීස් එකේ පසුබිම් කතාව ගැනයි මේ කතා කරන් යමු ❤️
ෆවුන්ඩේශන් පටන් ගත්ත විදිය
සයන්ස් ෆික්ශන් ඉතිහාසය වෙනස් කරපු Foundation නවල්ස් නිර්මාණය කරපු නිර්මාතෘ තමයි අයිසෙක් ඇසිමොව් (Issac Asimov) කියන්නේ.
![]() |
Isaac Asimov |
මෙතුමා රුසියාවේ ඉපදිලා පසු කාලීනව ඇමෙරිකාවට ආව කෙනෙක්. ෆවුන්ඩේශන් ට්‍රිලොජිය නිසා තමයි අයිසෙක්ව මුලු ලෝකෙම දැනගන්නේ. හැබැයි අයිසෙක් කියන්නේ බයෝ කෙමෙස්ට්‍රි වලින් PhD එකක් තියෙන බොස්ටන් සරසවියේ හිටිය මහාචාර්යවරයෙක්. පේනවා නේද.. තමගේ පැශන් එක ෆලෝ කරන් යන්න තමන් කවුද කියන එක අදාල වෙන්නෙම නෑ කියලා. ඒ වගේම අවුරුදු ගානක් මහන්සි වෙලා ඉගෙන ගන්නේ අවසානයේ රස්සාවක් කරන්න විතරක්ම නෙමෙයි කියලා.. අයිසෙක් මහත්තයව හදුවන්වන්නේ "Master of Science Fiction" කියලා. එතනින්ම හිතාගන්න කොච්චර විශන් එකක් තිබ්බ මනුස්සයෙක් ද කියලා.
![]() |
Isaac Asimov |
1942 මැයි මාසේ ඉදන් 1950 ජනවාරි වෙනකම් අයිසෙක් මහත්තයා Astounding මැගසීන් එකට කෙටි කතා 8ක් නිර්මාණය කරනවා. මේ කෙටි කතා අටේ තිබුන කතාව හදන්න මූලික අදහස (ප්‍රවේශ අදහස) අරන් තිබුනේ එඩ්වර්ඩ් ගිබ්සන් රචනා කල කොටස් හයකින් සමන්විත The History of the Decline and Fall of the Roman Empire කියන පොතෙන්.
![]() |
The History of the Decline and Fall of the Roman Empire |
මේ පොතේ තියෙන්නේ 15 වන සියවසේ රෝමානු අධිරාජ්‍යයේ ආරම්භයේ ඉදන් අවසානය වෙනකම් බටහිර මානව ශිෂ්ඨාචාරය ගැන. ඒකෙන් අපිට තේරුම් ගන්න පුලුවන් Game of Thrones එකේ වගේ පට්ට පොලිටිකල් ස්ටෝරි එකකුත් මේකේ ඇති කියලා. අයිසෙක් මහත්තයා මේ කතාවේ මූලික අඩිතාලම නිර්මාණය කරන්න පටන් අරන් තියෙන්නේ බටහිර පිලඩෙල්ෆියා වල නේවල් යාඩ් එකේ (නැව් තටාකාංගණය) වැඩ කරන කාලේ එයාගේ එපාට්මන්ට් එකේදී. ඔන්න දැන් කියන්න යන්නේ ටිකක් බරපතල කන්සෙපෙට් එක්ක. බොහොම කල්පනාවෙන් කියවන් යන්න 👇
ක්ලියෝඩයිනමික්ස් (Cliodynamics) ගැන අහලා තියෙනවද? සරලව කිව්වොත් ක්ලියෝඩයිනමික්ස් වලින් කරන්න ඉතිහාසයට විද්‍යානුකූලව සලකන එක.
![]() |
ක්ලියෝඩයිනමික්ස් වලට භාවිතා කරන ඉතිහාසය සම්බන්ධ කරුණු අඩංගු දත්ත එකතුවක් (ඇමෙරිකාවේ දේශපාලනික ප්‍රචණ්ඩත්වය) |
මෙහෙමයි... මේ කන්සෙපෙට් එකට විෂයන් ගොඩක් එකතු වෙනවා. සම්ප්‍රදායන් වල විකාශයන, අර්ථික ඉතිහාසය (ක්ලියෝමෙට්‍රික්ස්) සහ මැක්‍රොසෝසියොලොජි (සමජා විද්‍යාව ගැන විශාල පරාසයකින් කතාකරන විෂයක්) කියන විෂයන්ගේ එකතුවක් ඇසුරෙන් තමා ක්ලියෝඩයිනමික්ස් හැදෙන්නේ. තවත් සරල කලොත් ඉතිහාසයේ වුන සිදුවීම් ඇනලයිස් කරලා ඒවට ගණිතමය සූත්‍ර නිර්මාණය කරන එක තමා මේකෙන් කරන්නේ. මේ සබ්ජෙක්ට් එක ඇසුරෙන් ලෝකේ අධිරාජ්‍යන්ගේ පිබිදීම සහ බිදවැටීම, ජනගහනයේ වෙනස්වීම සහ විවිධ ආගම් වල පිබිදීම සහ බිදවැටීම ගැන තියරීස් නිර්මාණය කරනවා. ඒ වගේම මේ තියරීස් ගණිතමය ආකෘති වලට (මැතමැටිකල් මොඩල්ස්) පරිවර්තනය කරනවා. අවසානයේ මේවාගෙන් එන ප්‍රෙඩික්ශන්ස් (අනාවැකි) සහ දැනට තියෙන දත්ත (ඇක්චුවල් ඩේටා) එක්ක කම්පෙයා කරනවා. මේ සේරම එක්ක විශාල ඩේටාබේස් එකක් නිර්මාණය කරලා ඒ මාර්ගයෙන් ඉතිහාස විකාශනය ඇනලයිස් කරන එක තමා ක්ලියෝඩයිනමික්ස් කියන්නේ.
දැන් මං මේ හැල්ල කිව්වේ මේක මේ ලිපියේ ඉස්සරහට ඕනි වෙන නිසා. උනන්දුවක් තියෙන කෙනෙක් ඉන්නවානම් ක්ලියෝඩයිනමික්ස් ගැන තව ටික හොයන්න. විකිපීඩියා සහ යූටියුබ් එකේ ඕනි තරම් විස්තර තියෙනවා. හැමදාම කියනවා වගේ දැනුම හොයන් යන මනුස්සයට් බිම වැටිලා තියෙන කොළ කෑල්ල පවා ඇති. පේස්බුක් එකෙයි, වට්සැප් ගෲප් අස්සේ කාලෙ කන වෙලාවේ ඉන්ටර්නෙට් එකෙන් මේ වගේ ප්‍රයෝජනයක් හරි ගන්න.
අපි ඔය කතා කරපු ක්ලියෝඩයිනමික්ස් කන්සෙපෙට් එකම ටිකක් ඇඩ්වාන්ස් කරලා අරන් තියෙනවා මේ ෆවුන්ඩේශන් එකේ කතාවට. කතාව ඇතුලේ මේ කන්සෙපෙට් එකට කියන්නේ සයිකොහිස්ට්‍රි (Psychohistory) කියලා. මේ කන්සෙපෙට් එක තේරුනේ නැත්තම් ඔයාලට මේ කතාවේ වෙන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න බෑ. ඒකයි මං කලින්ම කිව්වේ අවදානෙන් මේ ගැන කියවන්න කියලා. සයිකොහිස්ට්‍රි කියන්නේ අයිසෙක් මහත්තයගෙ ෆවුන්ඩේශන් කතාවේ තියෙන ෆික්ශනල් සබ්ජෙක්ට් එකක්. මේකෙදි කරන්නේ අර උඩ කිව්ව විදියටම ඇනලයිස් කරලා ගන්න ඩේටා වලින් අනාගතයේ වෙන දේවල් පුරෝකතනය (ප්‍රෙඩික්ට්) කරන එක.
ඔන්න ඔහොම තමා ෆවුන්ඩේශන් කතාවේ ඔරිජින් එක වෙන්නේ.
ෆවුන්ඩේශන් නවකතා වල විකාශනය
![]() |
Foundation |
ඊට පස්සේ ඊලග කෙටි කතා පොත් 4න් තමා නවල් ට්‍රිලොජියේ ඊලග පොත් දෙක වෙන Foundation and Empire (1952) සහ Second Foundation (1953) ප්‍රකාශයට පත්කරන්නේ.
![]() |
Foundation and Empire (1952) |
![]() |
Second Foundation (1953) |
මෙන්න මේ පොත් තුන තමා ෆවුන්ඩේශන් ට්‍රිලොජිය විදියට සලකන්නේ. ඒ වගේම සයන්ස් ෆික්ශන් ඉතිහාසය වෙනස් කරපු නවල් ට්‍රිලොජිය විදියට සලකන්නෙත් මේක.
මේකෙන් පස්සේ 1982 දී මේ ට්‍රිලොජියේ හතරවෙනි පොත විදියට Foundation's Edge ප්‍රකාශයට පත්වෙනවා. ඒ වගේම 1986දී ඒ පොතේ සීක්වල් එකක් විදියට Foundation and Earth පොත ප්‍රකාශයට පත්වෙනවා.
ඔය දෙකටත් පස්සේ Prelude to Foundation (1988) සහ Forward the Foundation (1993) කියලා ප්‍රීක්වල් දෙකක් නිර්මාණය වෙනවා.
ඔන්න ඕක තමා නවල් සීරීස් එකේ කතාව. එහෙනම් දැන් කතා කරමු මේ නවල් සීරීස් එකෙන් ලයිව් ඇක්ශන් හැදෙන්න පටන් ගත්ත විදිය ගැන.
ෆවුන්ඩේශන් නවල් ට්‍රිලොජියේ ලයිව් ඇක්ශන් ඉතිහාසය
ඉස්සෙල්ලාම 1998 දී New Line Cinema එකෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක මුදලක් වියදම් කරනවා මේ ෆවුන්ඩේශන් නවල් ට්‍රිලොජියේ ලයික් ඇක්ශන් ෆිල්ම් ඇඩප්ටේශන් එකක් වෙනුවෙන්. හැබැයි ඒ වැඩේ සාර්ථක වෙන්නේ නෑ. හැබැයි මේ වැඩේ අසාර්ථක වීමත් එක කරුණක් වෙනවා New Line Cinema එක Lord of the Rings ලයිව් ඇක්ශන් ෆිල්ම් ට්‍රිලොජියකට අතගහන්න. කොහොමහරි අවසනායේ වෙලා තියෙන්නේ හොද දෙයක් කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.
ඔන්න ඊට පස්සේ ආයෙත් 2008දී New Line Cinema එකෙන්ම ආයෙත් ෆවුන්ඩේශන් ලයිව් ඇක්ශන් වැඩේට අතගහනවා. ඒත් මේ පාර වෙන්දේසියකින් තමා ට්‍රිලොජියේ අයිතිය ගන්න වෙන්නේ. මේ වෙන්දේසියේදී ෆවුන්ඩේශන් ට්‍රිලොජියේ ලයිව් ඇක්ශන් රයිට්ස් ගන්න පුලුවන් වෙන්නේ Colombia Pictures (වර්තමානයේ සෝනි) එකට.
ඔන්න ඊට පස්සේ 2014 දී HBO එකෙන් මේ නවල් ට්‍රිලොජියේ රයිට්ස් අරගන්නවා. මේ 2014 කියන්නේ Game of Thrones සීරීස් එක නිසා HBO එක පීක් එකේම හිටිය කාලයක්. ඒ කාලෙදිම මේකෙත් සීරීස් එකක් ආවානම් ඒම ඉතිං 🙏 කොහොමහරි 2014දිම නිව්ස් එකක් එනවා ක්‍රිස්ටෝපර් නොලන්ගේ මල්ලි ජොනතන් නොලන් ෆවුන්ඩේශන් සීරීස් එකෙන් HBO එකට හැදෙන්න යන සීරීස් එකට ස්ක්‍රිප්ට් එක ලියනවා කියලා.
![]() |
ක්‍රිස්ටෝපර් නොලන් සහ ජොනතන් නොලන් (නොලන් බ්‍රදර්ස්) |
ඒ වගේම 2015දී ජොනතන්ම මේ ගැන තහවුරු කරනවා එයා මේ වැඩේට එකතු වෙලා ඉන්නේ කියලා. හැබැයි ඒකත් කෙරෙන්නේ නෑ. පර්සනලි මට හිතෙනවා HBO එකෙන් මේ වැඩේ ගැන එච්චර අවදානයක් නොදෙන්න ඇත්තෙත් GoT එක අතිසාර්තකව ටෙලිකාස්ට් උන නිසා වෙන්නත් පුලුවන්.
ඔය සේරටම පස්සේ තමා 2017දී ඩෙඩ්ලයින් එකෙන් රිපෝට් කරන්නේ Skydance Media එකෙන් ෆවුන්ඩේශන් නවල් ට්‍රිලොජිය ඇසුරෙන් සීරීස් එකක් කරනවා කියලා. ඒ වගේම 2018දී AppleTV+ එකෙන් එනවුස් කරනවා එයාලා මේ සීරීස් එකේ ස්ට්‍රීමින් රයිට්ස් අරගත්තා කියලා.
![]() |
AppleTV+ එකෙන් එන Foundation සීරීස් එකේ ඔෆීශියල් පෝස්ටර් එක |
ඔන්න ඔහොම සෑහෙන්න කාලයක් අතින් අතට ගිහින් තමා ෆවුන්ඩේශන් සීරීස් එක අපිට ඇපල්ටීවී+ එකෙන් බලන්න පුලුවන් වෙන්නේ. හැබැයි මේකෙ රූගතකිරීම් වලටත් ආයෙත් හෙනයක් පාත් වෙනවා. ඒ තමා කොරෝනා. පහුගිය කාලේ කොරෝනා නිසා ප්‍රඩක්ශන් ලොකුවට කල් ගිය ෆිල්ම්/සීරීස් අතරින් එකක් තමා මේ. කොරෝනා නාවානම් 2020 අපිට බලන්න තිබ්බ සීරීස් එකක් තමා මේක.
දැන් මෙච්චර වෙලා මං මේ කියපු ඉතිහාසය දිහා බලනකොට ඔයාලට තේරෙන්න ඕනි මේ වැඩේට සම්බන්ධ වෙන්න හදපු හැමෝම එසේ මෙසේ අය නෙමෙයි කියලා. ඒ වගේම ඒ ඒ කාලවල් වල පීක් එකේම හිටපු අය කියලා. HBO එක සහ රෝලන්ඩ් එමරික් ගැන මං කිව්වනේ. ජොනතන් නොලන් උනත් එහෙමයි. නොලන්ගෙ ඩාක් නයිට් ට්‍රිලොජිය ඇවිත් ඉවර උනේ 2013දී. ඒකෙත් ස්ක්‍රිප්ට් එක නොලන් බ්‍රදර්ස්ලා එකතු වෙලා කරන්නේ. ඉතිං මේ වැඩේට ඉස්සර ඉදන්ම සම්බන්ධ වෙලා තියෙන්නේ ඒ ඒ කාලවල් වල පීක් එකේම හිටිය අය. එතකොට දැන් මේ ඇපල් එකෙන් හැදෙන්න යන සීරීස් එකේ ප්‍රධානියා කවුද???
ෆවුන්ඩේශන් සීරීස් එකේ ක්‍රියේටර්ස්ලා, නලු නිලියන් සහ ප්‍රඩක්ශන් එකේ විස්තර
![]() |
ඩේවිඩ් S. ගෝයර් |
ඩේවිඩ් S. ගෝයර් කියන නම අහලා තියෙනවද? නම මතක නැති උනත් ගෝයර් මහත්තයගෙ ෆිල්ම් ලිස්ට් එකේ එකක් හරි මේ ලිපිය කියෝන හැමෝගෙම ෆේවරිට්ම ලිස්ට් එකේ තියෙනවා. ඩේවිඩ් ගෝයර් කියන්නේ කොමික් රචකයෙක්, නවකතාකරුවෙක් වගේම ෆිල්ම්මේකර් කෙනෙක්. Blade ට්‍රිලොජිය (1998 - 2004), ඩාක් නයිට් ට්‍රිලොජිය, Man of Stee (2013), Batman vs Superman: Dawn of Justice (2016) වගේ අති සුපිරි ෆිල්ම්ස් වල ස්ටෝරි/ස්ක්‍රිප්ට් එක ලියන්න මූලික උන කෙනා තමා ඩේවිඩ් ගෝයර් කියන්නේ. ඒ වගේම Call of Duty: Black Ops, Call of Duty: Black Ops II, Call of Duty: Black Ops Cold War වගේ සුපිරිම ගේම්ස් වලත් ස්ක්‍රිප්ට් එක කියන්න මූලික උන කෙනෙක්. සරලවම වැඩ්ඩෙක්. ඒ වගේම තමා ගෝයර් මහත්තයව සලකන්නේ ඇඩප්ටේශන් එක්ස්පර්ට් කෙනෙක් විදියට. ඒ කියන්නේ කොමික් වලින් හරි, නවල් වලින් හරි ස්ක්‍රිප්ට් එකක් හෝ ස්ටෝරි එකක් ලියන්න උපන් හපනෙක් විදියට. ඒ ඒ ඩිරෙක්ටර්ගේ විශන් එකට ගැලපෙන්න හරි ලස්සනට ඒ වැඩේ කරනවා. කොමික් පිටු දිහා බලන් ඉන්නවා වගේ තියෙන BvS, MoS වගේ ෆිල්ම් සහ කොමික් චරිතයක් ඇත්ත ලෝකෙ හිටියොත් කෝම වෙයිද වගේ තියෙන ඩාක් නයිට් ට්‍රිලොජියත් ලිව්වා කියන එකෙන්ම මේ කියන දේ ගැන හිතාගන්න පුලුවන්නේ. ඉතිං ආන් ඒ වගේ ටැලන්ට් කෙනෙක් තමා ෆවුන්ඩේශන් සීරීස් එකේ ක්‍රියේටර් විදියට කටයුතු කරන්නේ. ඒ වගේම නවල් ට්‍රිලොජිය රචනා කල අයිසැක් ඇසිමොව්ගේ දුව, රොබින් ඇසිමොව් මේ සීරීස් එකේ එක්සෙකෙටිව් ප්‍රඩියුසර් කෙනෙක් විදියට ඉන්නවා.
![]() |
අයිසෙක් ඇසිමොව් සහ රොබින් ඇසිමොව් |
තවත් ඉන්ට්‍රස්ටින් දෙයක් කියන්නද... ඩේවිඩ් ගෝයර් මේ සීරීස් එකේ කතාව ගැන මෙන්න මෙහෙම කියලා තියෙනවා 👇
අධිරාජ්‍යය සහ හැරී සෙල්ඩන් අතර අවුරුදු 1000ක චෙස් ගේම් එකක් තමා මේක. අනිත් හැම කැරැක්ටර් එකක්ම මේ චේස් ගේම් එකේ පෝන්ස්ලා. ඒත් මේ කතාව ඇතුලේ පෝන්ස්ලා විදියට ඉන්න සමහර චරිත අවසානයේ කින්ග්ස්ලා සහ කුයින්ස්ලා වෙලා තමා එයාලගෙ ගමනාන්තයට ලගා වෙන්නේ
ඕක ඇහිච්ච ගමන් හරියට GOT බලපු කෙනෙක්ට හෙන හුරුපුරුදු බවක් තේරෙන්න ඕනි. මං ලිපියේ මුලදිම කිව්වේ ඒකයි. සයන්ස් ෆික්ශන් කියන කන්සෙපෙට් එක ඇතුලේ බිල්ඩ් කරපු පට්ට පොලිටිකල් ස්ටෝරියක් තමා මේ. GOT එක ඉවර උනත් හරි තාම ඒකට රිප්ලේස්මන්ට් එකක් ආවේ නෑ. ඉතිං අන්න ඒ රිප්ලේස්මන්ට් එක මේක වෙන්න පුලුවන්. සමහරවිට ඊටත් වඩා සාර්ථක වෙන්න පුලුවන්. බලමු...
මේකේ ස්ක්‍රිප්ට් එක සම්බන්ධව ගෝයර් මහත්තයා කියපු දෙයක් තමා මේක ෆිල්ම් එකකට ගන්න ගියානම් හරියට කරන්න වෙන්නෙ නෑ කියන එක. මොකද මේකේ තියෙන්නේ අවුරුදු 1000කට වැඩි කාල පරාසයක විහිදෙන කතාවක්. එච්චර පරාසයක කතාවක් පැය දෙක තුනක ෆිල්ම් එකකට ගොනු කරන්න අමාරුයි. අමාරුයි කියන එකටත් වඩා කරන්න බෑ. මීට කලින් මේකේ ලයිව් ඇක්ශන් ගේන්න හදපු ප්‍රොජෙක්ට් අසාර්ථක වෙන්න ඔන්න ඔය හෙතුවත් බලපාන්න ඇති. කොහොමහරි මේ සීරීස් එක එපිසෝඩ් අටකට තමා ප්ලෑන් කරලා තියෙන්නේ. සරලව කිව්වොත් පැය 8ක ෆිල්ම් එකක් වගේ.
![]() |
මෝල්ටා දූපත් |
මෝල්ටා දූපත්වල තමා (රිපබ්ලික් ඔෆ් මොල්ටා) සීරීස් එකේ රූගතකිරීම් වලින් වැඩි ප්‍රමාණයක් කරලා තියෙන්නේ. අයර්ලන්තයේදී සීරීස් එකේ මුල රූගතකරන්න පුලුවන් උනත් කොවිඩ් නිසා දිගටම ඒ වැඩේ කරන්න පුලුවන් වෙලා නෑ. ඒ වගේම ලන්ඩන් වලත් ශූටින් කරන්න පුලුවන් වෙලා නෑ කොවිඩ් නිසාම. මොල්ටා වලට අමතරව Fuerteventura සහ Tenerife දූපත් වලත් සීරීස් එකේ ශූටින් කරලා තියෙනවා. අපිටනම් සීරීස් එක ලෙසටම සෙට් වෙයි නිසා.. අපිත් දූපත්වාසීන් නෙහ් 😂
ඔන්න ඔහොම තමා සීරීස් එකේ ප්‍රඩක්ශන් පැත්ත සිද්ද වුනේ. ඕනිම ෆිල්ම්/සීරීස් එකක් සුපිරියක් වෙන්න එකේ ඉන්න නලු නිලියො ටිකත් ලොකු සාධකයක්. බලමු එහෙනම් මේකේ ඉන්න නලු නිලියෝ කවුද කියලා 👇
![]() |
Jerad Harris, Lee Pace, Lou Lolbell, Leah Harvey |
![]() |
Laura Birn, Cassian Bilton, Terrence Mann, Alfred Enoch |
මෙන්න මේ කට්ටිය තමා සීරීස් එකේ ප්‍රධාන චරිත වලින් එකතු වෙන්නේ.
ෆවුන්ඩේශන් සීරීස් එකේ තියෙන්නේ මොන වගේ කතාවක්ද???
ඔන්න දැන් වටපිටාව සේරම කියලා ඉවරයි. දැන් ඔයාලා බලනවා ඇති මේකේ මොන වගේ කතාවක්ද තියෙන්නේ කියලා. හැබැයි ඒ ගැන කියන්න කලින් ලිපියේ මුල හරියේ කතා කරපු සයන්ස් ෆැක්ට්ස් ටිකනම් හරියට ඔලුවට ගිහින් තියෙන්න ඕනි. නැත්තම් මෙතනින් එහාට කියන ටික අණ්ඩර දෙමළ වගේ තියෙයි ඈ.
ආ... තව එකක් කියන්න ඕනි. මේකේ ට්‍රේලර්ස්/ටීසර්ස් 4ක් ඔෆීශියලි රිලීස් කරලා තියෙනවා මේ වෙනකොට. ඒවා බලන්න (ආටිකල් එකේ පහල දාලා තියෙනවා ඔෆීශියල් ට්‍රේලර් එක). ඒවා දකිනකොට තඩි ස්ටාර් වෝර්ස් ෆෑන්ස්ලා බෙරිහන් දෙන්න එපා ස්ටාර් වෝර්ස් වලින් මේක කොපි කරලා කියලා එහෙම. ස්ටාර් වෝර්ස් නෙමේ.. Dune නවල්ස් හැදෙන්නෙත් ඉන්ෆ්ලුවෙන්ස් උන ස්ටෝරිය තමා ෆවුන්ඩේශන් කියන්නේ. ඒක නිසා ටිම්පර් වෙලා වැලලෙන්න කලින් ෆැක්ට් චෙක් කරලා ඉන්න.
රයිට්.. මෙහෙමයි.. ට්‍රේලර්ස්/ටීසර්ස් බලපු අයට මේ වෙනකොටත් පොඩි අවබෝධයක් ඇති මේ කතාව මොන වගේ එකක්ද කියලා. පොත් කියෝලා තියෙන අයනම් දන්නවා මේකේ හොද ප්ලොට් ටුවිස්ට් ඒම තියෙනවා කියලා. ඒක නිසා ඒවා ස්පොයිල් නොකර කතාව ගැන දළ අදහසක් මං කියන්නම්. ගැලැක්ටික් එම්පයර් කියන්නේ මේ ෆවුන්ඩේශන් යුනිවර්ස් එකේ මේ වෙනකොට තියෙන ප්‍රධාන අධිරාජ්‍යය.
![]() |
Brother Day (Emperor Cleon) |
මේක මේ එසේ මෙසේ අධිරාජ්‍යයක් එහෙම නෙමෙයි. ආසන්න වශයෙන් ග්‍රහලෝක මිලියන 25ක් විතර මේ අධිරාජ්‍යයේ පාලනයට අයිති වෙලා තියෙනවා. තවත් සරල කලොත් චක්‍රාවාටයේම (Milky Way Galaxy) පාලනය තියෙන්නේ ගැලැක්ටික් එම්පයර්ස්ලගෙ අතේ.
![]() |
ෆවුන්ඩේශන් යුනිවර්ස් එකේ වර්ල්ඩ් මැප් එක |
අවුරුදු 12,000කට ආසන්න කාලයක ඉතිහාසයක් තියෙන දැවැන්ත අධිරාජ්‍යයක් තමා මේ. මේ අධිරාජ්‍යයේ අගනුවරට(රාජධානිය පිහිටලා තියෙන තැන) තමා Trantor කියන්නේ. සීරීස් එකත් මෙතනින් පටන් ගනී ගොඩක් දුරට. මේක නගරයක් එහෙම නෙමෙයි. බිලියන 40ක විතර ජනගහනයක් ඉන්න තැනක් මේ. මේක ග්‍රහලෝකෙකුත් නෙමෙයි. මේකට කියන්නේ Ecumenopolis. මේක ග්‍රීක් වචනයක්. මේකෙන් "ලෝක නගරය" වගේ තේරුමක්. තේරෙන්නෙ නෑ නේද? ඉන්න වෙන විදියකට පැහැදිලි කරන්න..
පහුගිය චන්ද කාලේ "මේගාපොලිස්" කියලා වචනයක් එහෙම නොසෑහෙන්න ඇහුනා මතකද. මෙගා පොලිස් කියන්නේ ප්‍රධාන නගර කීපයක් එකතු කරලා හදන තනි යාන්ත්‍රිනයකට. මේ වෙනකොට ලෝකෙ භාවිතා කරන සෑහෙන්න සාර්ථක නවීන කන්සෙපෙට් එකක් තමා ඕක. සරල බාසාවෙන් කිව්වොත් ඔන්න ඕකේ අල්ට්‍රා ප්‍රෝ මැක්ස් වර්ශන් එක තමා Ecumenopolis කියන්නේ. මෙගාපොලිස් වල නගර දෙකක් හෝ කීපයක් එකතු වෙනවා වගේ Ecumenopolis වල ලෝක කීපයක් එකතු වෙනවා. 1967දී ග්‍රීක නගර සැලසුම් ශිල්පියෙක් වුන Constantinos Apostolou Doxiadia තමා මේ Ecumenopolis කියන වචනය ලෝකයට හදුන්වලා දෙන්නේ. අනාගතයේ දී විවිධ ලෝක එකතු වෙලා එකම තැනක එකතු වෙනවා වගේ කන්සෙපෙට් එකක් තමා ඔය. දැනට ලොකුවට හිතන්න එපා. සීරීස් එක බලනකොට ඕක ගැන හරියටම පැහදිලි වෙයි.
![]() |
Ecumenopolis concept |
මෙන්න මේ අධිරාජ්‍යයේ අති දක්ශ මැතමැටීශියන් කෙනෙක් ඉන්නවා හැරී සෙල්ඩන් කියලා. මෙයා නිර්මාණය කරනවා සයිකොහිස්ට්‍රි කියලා සබ්ජෙක්ට් එකක්. ලිපියෙ මුලම ඔය ගැන පැහැදිලි කලා වගේ මේ සබ්ජෙක්ට් එකේ තියරි වලින් පුලුවන් අනගාතයේ වන සිදුවීම් ප්‍රෙඩික්ට් (පුරෝකතනය) කරන්න පුලුවන්. මේ සබ්ජෙක්ට් එකේ තියරීස් වලින් සෙල්ඩන් ප්‍රෙඩික්ට් කරනවා තව අවුරුදු 300ක් යනකොට ගැලැක්ටික් අධිරාජ්‍යය සම්පූර්ණයෙන්ම බිද වැටෙනවා කියලා. "ආව් ඩඩා ඩඩ්ඩ ඩඩා" වගේ ෆීලින් එකක් ආවා නේද 😂 තරුණ ලේ නිසා අපි මාර ආසයිනේ අධිරාජ්‍යයන් (අපේ නම් රජය වගේ) සම්පූර්ණයෙන් බිදි වැටෙනවට. ඕක හිතනකොට හෙන චූන් වෙන ෆීලින් එක ආවට ඕකෙ ප්‍රතිපල මාර බයානකයි. පේස්බුක් එකෙන් සිස්ටම් චේන්ජ් කරනවා වගේ නෙමේ ප්‍රැක්ටිකලි කරන්න ගියාම. සිස්ටම් එකක් චේන්ජ් කරන්න අවුරුදු ගානක් යන්නේ ඒකයි. එක රැයක් එළිවෙනකොට කරන්න පුලුවන් දේවල් නෙමෙයි ඒ. පොලිටික්ස් කියන්නේ අපි ඔයාල දන්නවා වගේ සුලු දෙයක් නෙමෙයි. කොහොමහරි හැරීගේ ප්‍රෙඩික්ශන් අනුව ගැලැක්ටික් අධිරාජ්‍යයේ බිද වැටීමෙන් පස්සේ අවුරුදු 30,000 කට ආසන්න කාලයක් අදුරු යුගයක හිරවෙන්න මිනිස් සංහතියට සිද්ධ වෙනවා. මේ අදුරු යුගයක් කියන්නේ ඉර පායන් නැතුව කලුවර වෙන කාලයක් එහෙම නෙමෙයි. දන්න ඉතිහාසයෙන් සරල උදාහරණ දෙකක් දෙන්නද. අපේ රටේ තිස් අවුරුදු යුද්ධයත් ඒ වගේ අදුරු යුගයක්. ඒ වගේම 1988 - 1989 කියන්නෙත් ඒ වගේම අදුරු කාලයක්.
හැබැයි ගැලැක්ටික් එම්පයර්ස්ලා මේ ප්‍රෙඩික්ශන් පිළිගන්නේ නෑ. එයාලා හිතන්නේ මේක හැරී විස්වාස කරන දෙයක් කියලා. ඒ කියන්නේ එයාලා පිළිගන්නේ නෑ මේක විද්‍යාව මත පදනම් වෙච්ච පුරෝකතනයක් කියලා. පහුගිය ටිකේ අපේ රටේ වෛද්‍යවරු එහෙම කියපු උඩ ඉන්න ඇත්තෝ ක්‍රියාත්මක කරපු විදිය දැක්කනේ. අර අපි හැමදාම කියනවා වගේ ෆිල්ම්/සීරීස් වල වෙන දේවල් ඇත්ත ලෝකේ වෙන්නේ නෑ හොද වෙලාවට 😂
![]() |
හැරී සෙල්ඩන් |
ඉතිං මේ දේවල් වලට සොලූශන් එකකුත් හැරී ඉදිරිපත් කරනවා. එයා කියන්නේ අධිරාජ්‍යයේ විනාසය නවත්තන්න බැරි උනත් ඒ විනාසයෙන් පස්සේ එන අදුරු යුගයේ කාලය අඩු කරගන්න පුලුවන් කියලා. අන්න ඒ වෙනුවෙන් හැරී ඇතුලු කට්ටිය කරන්නේ මේ වෙනකොට මනුශ්‍ය සංහතියේ ලබාගෙන තියෙන සම්පූර්ණ දැනුම එකතු කරලා තනි විශ්වකෝෂයක් නිර්මාණය කරන එක. මේ විශ්වකෝෂයේ නම් කරන්නේ Encyclopedia Galactica කියලා. ඔන්න ඕක තමා Foundation කියලා කියන්නේ. හරිනේ.. ආනගතේ මිනිස්සු මුහුණ දෙන අදුරු යුගය අවුරුදු 1000කට ආසන්න කාලයක් වෙනකම් අඩු කරගන්න පුලුවන් මේ විශ්වකෝෂයේ තියෙන දැනුම හරහා. ඉතිං මේක ඒ මිනිස්සුන්ට ෆවුන්ඩේශන් (පාදමක්/ආරම්භයක්) එකක්. මරු ෆැන්ටසිය නෙහ්... හැබැයි දුවේ පුතේ ඔතන අරමුණ ඕක නෙමෙයි.............
ඔයිට එහා කියන්න යන්නේ නෑ. ඔය කිව්වේ කතාවේ ආරම්භය. මතකද මං ලිපියේ උඩදිම කිව්ව ඩේඩිඩ් ගෝයර් මේ කතාව එක්ස්ප්ලේන් කරලා තිබ්බ විදිය. අවුරුදු දාහක කාලයක් පුරාවට හැරී සෙල්ඩන් සහ ගැලක්ටික් එම්පයර් එක අතර යන චෙස් ගේම් එකක් වගේ දෙයක් මේ කියලා. චෙස් කියන්නේ මේ ලෝකේ තියෙන සංකීරණම ක්‍රීඩා වලින් එකක්. පොලිටික්ස් කියන්නෙත් එක්තරා විදියක චෙස් ගේම් එකක්. ඉතිං මේ සීරීස් එක බලනකොට හොද කල්පනාවෙන්, අවදානෙන් බලන්න. නැත්තම් ඔයාලා මේක දමලා ගහලා නිකා ඉන්නවා. රැල්ලට ගිය නිසා තමා ගොඩ දෙනෙක් GOT, Breaking Bad එහෙමත් බලලා තියෙන්නේ. ඒ කතා මොන වගේද කියලා ඇහුවාම දෙන උත්තර එක්ක බලන්කොට හරියටම තේරුම් ගන්න පුලුවන් කොච්චර හොදට ඒවා බලලා තියෙනවද කියලා 😂 ඔන්න එහෙනම් ආටිකල් එකේ අවසානයට තමා මේ ලගා වෙන්නේ.
AppleTV+ සහ Foundation
![]() |
Scene for Foundation Trailer |
ඇපල් එකෙන් කියලා තියෙන විදියට ෆවුන්ඩේශන් සීරීස් එකේ මේ සීසන් එකට විතරක ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක බජට් එකක් ගිහින් තියෙනවා. ඇත්තටම බැලුවොත් ඒ ගානෙන් මෙච්චර කොලටි වැඩක් කලේ කොහොමද කියලා හිතෙනවා. සමහරවිට මේ පළවෙනි සීසන් එක නිසා ස්ටෝරි එක ලොකුවට විහිදෙන්නේ නැතුව ඇති. GOT එකේ උනත් එහෙමනේ. ඉස්සරහට යන්න යන්න තමා හයි බජට් සීරීස් වෙන්නේ. බලමු කොහොම වෙයිද කියලා. දැනට ට්‍රේලර්ස් වල දැක්ක විදියට මේකේ සිනෙමටොග්‍රැෆි, විශුවල් ඉෆෙක්ට්ස් සහ මියුසික් වෙනම ලෙවල් එකක්. මෑත කාලයේ සීරීස් එකක දැක්ක හයි ක්ලාස් ට්‍රේලර් එකක් මේ.
![]() |
Foundation ට්‍රේලර් එකෙන් |
ඔන්න එහෙනම් කතන්දරේ ඉවරයි. සීරීස් එකේ පළවෙනි එපිසෝඩ් දෙකම මේ වෙනකොට AppleTV+ එකෙන් ස්ට්‍රීම් වෙන්න පටන් අරන් තියෙන්නේ. ඒ වගේම මේ හැම එපිසෝඩ් එකකටම සම්පූර්ණ බ්‍රේක්ඩවුන් එකක් සයිට් එක හරහා මං අරන් එනවා. බලන්නේ දහ දෙනෙක් උනත් කමක් නෑ ඒ දහ දෙනා වෙනුවෙන් සුපිරිම බ්‍රේක්ඩවුන් ටිකක් අරන් එනවා. එපිය ඇවිල්ලා උපරිම දවස් දෙකක් ඇතුලත ඒක ගේන්නම්.
ගිහින් එන්නම්.. පළවෙනි එපිසෝඩ් දෙකේ බ්‍රේක්ඩවුන් එකෙන් ඉරිදා හවස 5ට හම්බවෙමු. ආයෙත් කියනවා. ගොඩාක් දුරට සීරීස් ඉතිහාසයේ නිර්මාණය වෙන සුපිරි සීරීස් එකක් වේවි මේක. ඒක නිසා මිස් කරගන්න එපා. පළවෙනි සීසන් එක ඉවර වෙනකොට අපිට කියන්න පුලුවන් මේක කොහොම වෙයිද කියලා. අසාර්ථක වෙන්න තියෙන අවස්තාවනම් බොහොම අඩුයි. ඒක කෙසේ වෙතත් මේක බලන්න. මේ වගේම තව සුපිරි ආටිකල් දෙකක ලින්ක් තියෙනවා පළවෙනි කමෙන්ට් එකේ.. ඒවත් බලන්න.
ජය!
Dune නවල් සීරීස් එක සහ ලයිව් ඇක්ශන් ෆිල්ම් එකේ විස්තර ගැන ආටිකල් එක 👇
https://www.reviewwhocares.com/2021/07/dune-novel-and-movie-franchise.html
Star Wars බලන්න පටන් ගන්න ඕනි විදිය ගැන ආටිකල් එක 👇
https://www.reviewwhocares.com/2021/09/star-wars-saga.html
🔥🔥
ReplyDeleteGood job
ReplyDeletePatta 🔥
ReplyDeleteමේ වෙනුවෙන් ගත කරන කාලයට ගොඩක් ස්තුතියි. දැනගන්න අවශ්‍ය හැම කරුණක්ම මෙතන තියෙනවා. මම එපි 6ක් අාවට පස්සෙ මේ ලිපි ටික දැක්කේ. නියමයි.
ReplyDelete