Netflix එකට එන සුපිරිම වැඩ්ඩෝ ටිකක් එකතු වෙන අළුත්ම සීරීස් එක


විවිධ මිතලොජි හා සම්බන්ධ ගුප්ත කතා ලියන සහ ෆිල්ම්  ඩිරෙක්ටර් කෙනෙක් වෙන Guillermo del Toro එයාගේ ලේඛක සහ සිනමා ජීවිතයට ඉන්ස්පයර් වුණ දේවල් සහ එයාගේ සටහන් සහ ජීවිතයේ ලබපු අත්දැකීම් වගේ දේවල් පාදක කරගෙන ලියපු Cabinet of Curiosties කියන පොතේ ලයිව් ඇක්ෂන් සීරීස් එකක් Netflix එකෙන් නිෂ්පාදනය කරන්න පටන් අරන් තියෙනවා. Toro විසින් නිර්මාණය කරපු Cronos, Helboy සහ Pan's Labyrinth වගේ ෆිල්ම් වලට පාදක වුණ දේවල් ගැනත් මේ පොතේ සඳහන් වෙනවා. ඒ නිසා එපිසෝඩ් 8 ක් එක්ක එන මේ සීරීස් එකේ ආටිස්ටික්, මිතලොජිකල් සහ පොයටික් ඇන්තොලොජි කතා 8 ක් අපිට බලාගන්න පුළුවන් වේවි. 

Cabinet Of Curiosities

ඒ ඒ එපිසෝඩ් එකේ කාස්ට් එක සහ ක්‍රියේටර්ස් ලාත් මේ වෙනකොට නිවේදනය කරලා තියෙනවා.


1 st Episode


Essie Davis, Andrew Lincoln සහ Hannah Galway රඟපෑමෙන් එකතු වෙන එපිස්සොඩ් එකක ස්ක්‍රිප්ට් එක ලියන්න සහ ඩිරෙක්ට් කරන්න Jennifer Kent (The Babadook, The Nightingale) එකතු වෙනවා. 


2 nd Episode


F. Murray Abraham, Glynn Turman සහ Luke Roberts රඟපෑමෙන් එකතු වෙන එපිසෝඩ් එකට David S. Goyer (Dark City; The Dark Knight; Batman Begins) විසින් ලියන්නත් David Prior ඩිරෙක්ට් කරන්නත් එකතු වෙනවා.


3 rd Episode


Tim Blake Nelson, Elpidia Carrillo, Demetrius Grosse සහ Sebastian Roché රඟපෑමෙන් එකතු වෙන එපිසෝඩ් එකට Regina Corrado (Deadwood; The Strain) සහ Guillermo del Toro විසින් ලියන්නත් Guillermo Navarro (Godfather of Harlem; Narcos) ඩිරෙක්ට් කරන්නත් එකතු වෙනවා.


4 th Episode


Crispin Glover සහ Ben Barnes රඟපෑමෙන් එකතු වෙන එපිසෝඩ් එකට Lee Patterson (Curve; The Colony) ලියන්නත් Keith Thomas (Firestarter; The Vigil) ඩිරෙක්ට් කරන්නත් එකතු වෙනවා.


5 th Episode


Peter Weller රඟපෑමෙන් එකතු වෙන එපිසෝඩ් එකට ඩිරෙක්ට් කරන්න Panos Cosmatos (Mandy)ත් ලියන්න එයාට අමතරව Aaron Stewart ත් එකතු වෙනවා.


6 th Episode


Mika Watkins (Origin; Black Mirror; Troy: Fall of a City) විසින් ලියන එපිසෝඩ් එක ඩිරෙක්ට් කරන්න Catherine Hardwicke (Thirteen; Lords of Dogtown; Twilight) එකතු වෙනවා. කාස්ට් එක තාම අනවුන්ස් කරලා නැහැ.


7 th Episode


David Hewlett රඟපෑමෙන් එකතු වෙන එපිසෝඩ් එක ලියන්න සහ ඩිරෙක්ට් කරන්න Vincenzo Natali (In The Tall Grass; Splice; Cube; Hannibal) එකතු වෙනවා.


8 th Episode


Haley Z. Boston (Brand New Cherry Flavor; Hunters) ලියන එපිසෝඩ් එක ඩිරෙක්ට් කරන්න Ana Lily Amirpour (A Girl Walks Home at Night; The Bad Batch) එකතු වෙනවා. කාස්ට් එක තාම අනවුන්ස් කරලා නැහැ.

Guillermo del Toro

හොඳම සෙට් එකක් තමයි මේ වැඩේට එකතු වෙලා තියෙන්නේ. මෙයාලගේ වැඩ ගැන කියන්න ඕනේ නෑනේ. ඒ නිසා අපිට ළඟදීම Netflix ලගෙන් සුපිරිම ඇන්තොලොජි සීරීස් එකක් බලාගන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙමු.


(Source - Netflix Geeked )


Post a Comment (0)
Previous Post Next Post