
ඉතාලි සිනමා කර්මාන්තය නඟා සිටුවීම අරමුණු කරගෙන වාර්ෂිකව පවත්වන අන්තර්ජාතික සිනෙමා ප්‍රදර්ශනයක් තමයි මේ Venice Film Festival කියන්නේ. ලෝකයේ අන්තර්ජාතිකව තියෙන හොඳම ෆිල්ම් ෆෙස්ටිවල් එකක් විදිහට තමයි මේක සලකන්නේ. මේකේ දි හොලිවුඩ් සහ වෙනත් රටවල් වල ඉස්සරහට රිලීස් කරන්න තියෙන ෆිල්ම්ස් premiere එහෙම නැත්නම් තෝරාගන්න ඕඩියන්ස් එකකට පළමු වතාවට ප්‍රදර්ශනය කරනවා. ඊට අමතරව මෙහෙම premiere කරන ෆිල්ම්ස් වලට සුප්‍රසිද්ධ Golden Lion වගේ සම්මාන ලබාදීමත් අන්තර්ජාතිකව තෝරගන්න ජූරි සභාවක් මඟින් සිදුකරනවා. (Venice Film Festival එක ගැන වැඩිදුර විස්තර දැනගන්න මෙතැන ක්ලික් කරන්න.) මෙවර Venice Film Festival එක සැප්තැම්බර් පළමු වෙනිදායින් පටන් අරන් සැප්තැම්බර් 11 දක්වා පවත්වන්න නියමිතයි. ඉතින් මේ කාලය තුළ අපිට ඉස්සරහට එන සුපිරිම ෆිල්ම්ස් ගැන රිවීව්ස්, ෆැක්ට්ස්, නිව්ස් සහ අනවුන්ස්මන්ට් ඒ වගේම ඉස්සරහට Oscar වගේ සම්මාන වලට නිර්දේශ වෙන ෆිල්ම්ස් ගැන හොඳ අවබෝධයක් මේ ඉවෙන්ට් එක ගැන ටච් එකේ හිටියොත් ලබාගන්න පුළුවන්. (Venice Film Festival හි premiere වෙන ෆිල්ම්ස් ලයින් අප් එක දැනගන්න මෙතැන ක්ලික් කරන්න) Venice Film Festival එකේ ඊයේ දවස ඇතුළත වුණේ මොකක් ද සහ ලබාදුන්නු තොරතුරු මොනව ද කියලා දැනුවත් කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. |
Official Poster for 78th VFF |
Venice Films Festival එකේ දෙවෙනි දිනය ඊයේ ආරම්භ වුණේ The Hand of God සහ The Card Counter ෆිල්ම් දෙක ප්‍රීමියර් කරලා. මේ ෆිල්ම්ස් දෙක ප්‍රීමියර් කරන කොට පොඩි අවුල් සහගත තත්වයක් ඇති වෙලා තියෙනවා. ඉතාලි පොලීසියේ ආරක්ෂක ක්‍රියාවලි නිසා සමහර අයට නියමිත වෙලාවට වඩා විනාඩි 10 ක් විතර පහු වෙලා තමයි හෝල්ස් වලට ගිහිල්ලා තියෙන්නේ. Journalists ලා සහ Critics ලා 30 දෙනෙක් විතර මේ විදිහට පහුවෙලා ගිහිල්ලා කියලා තමයි කියන්නේ. මේ ගැන ෆිල්ම්ස් ස්ටූඩීයෝස් ටිකක් අවුලෙන් ඉන්නේ. මොකද ෆිල්ම් එකක කොටසක් බලන්නේ නැතුව රිවීව් දෙනකොට ලොකු අසාධාරණයක් වෙනවා ෆිල්ම්ස් වලට.
 |
The Card Counter |
ඒ වගේම ෆිල්ම් ෆෙස්ටිවල් එකේ ප්‍රීමියර් වුණ කාම්බෝජියාවේ පළවෙනි සයි ෆයි ෆිල්ම් එක ගැන රිවීව්ස් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. බෞද්ධ පසුබිමක් යටතේ සයි ෆයි පැත්තෙන් හදලා තියෙන මේ ෆිල්ම් එකේ නම Karmalink. තමන් ට පේන හීන බ්‍රේක්ඩවුන් කර කර ට්‍රෙෂර් එකක් හොයන් යන කතාවක් තමයි මේකේ තියෙන්නේ.
 |
Karmalink |
ඒ වගේම Promises කියන ෆිල්ම් එකේ රිවීව්ස් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. ෆිල්ම් එක තියෙන්නේ Mayor කෙනෙක් විදිහට සෑහෙන සේවයක් අවංකව කරපු කාන්තාවක් ආණ්ඩුවේ ඇමති කමක් ලැබුවට පස්සේ කරප්ට් එහෙම නැත්නම් දූෂණ වංචා ආදියේ යෙදෙන ආකාරය ගැන කියලයි සඳහන් වෙන්නේ. ලංකාවේ අයට නම් බලන්න හොඳ ෆිල්ම් එකක් වේවි මේක. Similarities එහෙම සෑහෙන ඇති.
 |
Promises |
හැමෝම සෑහෙන උනන්දුවකින් හිටපු Power of Dog ෆිල්ම් එකේ රිවීව්ස් ත් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. බලපු අයගේ මතය නම් මේක සුපිරිම ෆිල්ම් එකක් කියන එකයි. Benedict Cumbperbatch සහ Kirsten Dunst එකතු වෙන මේ ෆිල්ම් එක අස්ථාන බියක් ගෙන එන මානසික රෝගයක් සහිත ගොවියෙක් ගේ ආදරය ගැන තමයි තියෙන්නේ. මේ ෆිල්ම් එක අවසානයේදි ඕඩියන්ස් එක විසින් විනාඩි හතරක් පුරාවට ovation එකක් නැත්නම් අත්පොළසන් දීමක් සිදුකරලා තියෙනවා.
 |
Power of Dog |
ඊට අමතරව Oscar Isaac ඉන්න The Card Counter ෆිල්ම් එකත් ඊයේ දිනයේ premiere කරලා තියෙනවා. ෆිල්ම් එක ගැන විස්තර නම් තාම එළියට ඇවිල්ලා නෑ.
ඊයේ දිනයේ Venice Film Festival එකේ red carpet එකේ ෆොටෝස් පහළින් බලාගන්න පුළුවන්
 |
Tiffany Haddish |
 |
Oscar Isaac |
 |
Zoe Saldana |
 |
Bennedict Cumberbatch and Sophie Hunter |
 |
Jane Campion, Bennedict Cumberbatch and Kirsten Dunst |
 |
Kirsten Dunst |
 |
Raya Abirached |
Venice Film Festival එකේ දෙවැනි දිනය ට පොඩි පොඩි ප්‍රශ්න මැද වුණත් ලොකු සාර්ථකත්වයක් ඉවෙන්ට් එකට ගේන්න පුළුවන් වෙලා තියෙනවා. අද තමයි ෆෙස්ටිවල් එකේ වැදගත්ම එහෙම නැත්නම් වැඩිම හයිප් එකක් තියෙන ෆිල්ම් දෙක ප්‍රීමියර් කරන්නේ. Dune සහ Spencer. මුළු සිනමා ලෝකයම දැන් බලාගෙන ඉන්නේ මේ ඊළඟ Avatar ෆිල්ම් එක ලෙස හඳුන්වන Dune ෆිල්ම් එක සහ Kristen Stewert ට Oscar එකක් ගෙනත් දෙන්න පුළුවන් කමක් තියෙන Spencer ෆිල්ම් එක ප්‍රීමියර් වෙනකන්. මේ වෙනකොටත් හොඳ හොඳ නිව්ස් එනවා ඒ ගැන. ඒ ගැන සම්පූර්ණ විස්තරයක් හෙට සහ අනිද්දා දවස් දෙකේදී ම ඔයාලට ගේන්න අපි සූදානමින් ඉන්නවා. Dune සහ Spencer ඇතුළු අද දිනයේ ප්‍රීමියර් කරන ප්‍රධාන ෆිල්ම්ස් වල නිව්ස් සහ රිවීව්ස් ඇතුළු සියළු විස්තර හෙට දිනයේ මේ විදිහටම ගේන්න බලාපොරොත්තු වෙනවා.
Venice Film Festival එකේ තොරතුරු (Day 01) 👇
Venice Film Festival එකේ තොරතුරු (Day 03) 👇
Venice Film Festival එකේ තොරතුරු (Day 04) 👇
Venice Film Festival එකේ තොරතුරු (Day 05) 👇