ස්ටාර් වෝර්ස් ෆෑන් කෙනෙක් වෙන්නේ මෙහෙමයි | A Guide to Star Wars Saga

"A long time ago in a galaxy far, far away...."

Star wars Franchise එක කියන්නෙ එසේ මෙසෙ එකක් නෙමෙ. සමහර අයට මේක ළමා කාලෙ ඉඳන් තමන්ගෙ ජීවිතෙ සුන්දර කරපු ලස්සන අත්දැකීමක්; සමහර අය ලොකු වුනෙ star wars එකත් එක්ක; සමහර අයට මේක ආගමක්...

මෙතන මම 'සමහර' කියන එකට ලංකාවෙ චිත්‍රපටි බලන අයව දාන්න ගොඩක් වෙලාවට බෑ. මොකද අපි ගොඩක් 1977 ඉඳන් මේකත් එක්ක හිටියෙ නෑනෙ. හැබැයි හරි විදිහට චිත්‍රපටි සහ අනෙකුත් දේවල් බැලුව අයට නම් බැලුව දවසෙ ඉඳන් මේක සුන්දර අත්දැකීමක් වෙන්න ඇති.. Lightsaber එකක් අතට ගන්න, Millennium Falcon එකෙ රවුමක් යන්න, Tatooine වලට ගිහින් එන්න, R2d2 තමන්ගෙ කරගන්න වගෙ විවිධාකාර ආසාවල් තාමත් තියෙනවා ඇති.

මේ හැම දෙයක්ම හරියට වෙන්න නම්, ලොකෙ ලොකු pop culture එකක සාමාජිකයෙක් වෙන්න නම් ඔයා මේ මූලික Star Wars චිත්‍රපටි ටික සහ සිරීස් ටික හරි පිලිවෙලකට බලන්න ඕනෙ. හැබැයි කනගාටුවට කරුණ නම් ගොඩක් අය පිලිවෙලක් දන්නෑ. නැත්නම් හොයන්නෑ. එහෙම නැතුව තමන්ට හිතෙන හිතෙන විදිහට පටන් අරන් අපො වැඩක් නෑනෙ කියලා අතඇරලා දානවා. පාඩුව එයාටමයි ඉතින්.

ඉතින් මේක කියවන ඔයත් Star Wars Franchise එක බලන්න අරන් බාගෙට බලලා එපා වෙලා ඉන්න කෙනෙක්ද? නැත්නම් හැමෝම කතා වෙන Star Wars බලන්නෙ කොහොමද කියලා දන්නෙ නැතුව ඉන්න කෙනෙක්ද? එහෙනම් මේ ආර්ටිකල් එක ඔයාටමයි.. ලස්සන ජ'නි එකක් යන්න ආරාධනා කරන ගමන් අපි යමු වැඩේට.

මුලින්ම කියන්න ඕනෙ Star Wars Franchise එකෙ නිර්මාතෘ තමා George LucasLucas මහත්තයා ගෙ සිතුවිල්ලක් හින්දා තමා මේ හැම දේම නිර්මාණය වුනෙ. ඉතින් ලූකස් මහත්තයව ආදරෙන් ගෞරවෙන් සිහිපත් කරන්න ඕනෙ.

(George Lucas)

Star Wars ෆිල්ම් සීරීස් එකට චිත්‍රපටි එකොලහක් අඩංගු වෙනවා. මෙතනින් දෙකක් Spinoff චිත්‍රපටි.අනිත් නවයම ප්‍රධාන සිදුවීම් එක්ක තමා දිවෙන්නෙ. මේ චිත්‍රපටි නවය Trilogy තුනකට අපි කඩනවා.ඒ Original Trilogy, Prequel Trilogy සහ Sequel Trilogy වශයෙන්. දැන් එතකොට මොකද්ද මුලින් ම බලන්නෙ? හරි සරලයි උත්තරෙ. ඔයා මුලින්ම බලන්න Original Trilogy ය. ඒකෙදි තමයි අපිට ගොඩදෙනෙක් දන්න Darth Vader ව හම්බවෙන්නෙ. ඔන්න ඔයාට ඊළඟට පුලුවන් Prequel Trilogy ට අතගහන්න. ඒකෙ වෙන්නෙ Original Trilogy යට කලින් සිදුවීම් දාමයක්. මේ සිද්ධි හැම එකක්ම Original Trilogy යට සියයට සීයක් සම්බන්ධයි. දැන් ඔයා චිත්‍රපටි හයක් බලලා ඉවරයි. මේ වෙද්දි ඔයා Skywalker Saga කතාවෙන් දැනගන්න ඕනෙ ගොඩක් දේවල් දැනගෙන තියෙන්නෙ. දැන් ඔයාට තේරීම් දෙකක් කරන්න පුලුවන්. එක්කො ඔයාට Sequel Trilogy බලන්නත් පුලුවන්. නැත්නම් Spinoff චිත්‍රපටි දෙක බලන්නත් පුලුවන්. මෙතනින් මම නම් යෝජනා කරන්නෙ ඔයා spinoff චිත්‍රපටි දෙක බලන්න කියලා. මොකද මේ දෙකම අයිති වෙන්නෙ Prequel Trilogy කාලයට සහ Original Trilogy කාලයට. ඉතින් මේ Spinoff චිත්‍රපටි දෙකත් Original එකයි Prequel එකයි බලපු ගමන් බලන එක තමා හොඳම වැඩේ. හොඳයි ඊළඟට ඔයා Sequel Trilogy බලන්න. මේක සිද්ධ වෙන්නෙ Original Trilogy සිද්ධ වෙන දේවල් සිද්ධ වෙලා තරමක් කාලෙ ගත වුනාට පස්සෙ. හරි අපි දැන් මේ කතා කරපු අනුපිලිවෙල තමා පහතින් දාලා තියෙන්නෙ වඩා පැහැදිලි වෙන්න. මේ පිලිවෙලට ඔයා චිත්‍රපටි ටික බලන්න. ඒකෙන් ඔයාට Star Wars Universe එක ගැන හොඳ අවබෝධයක් එනවා විතරක් නෙමෙ සිනමා ඉතිහාසයෙ හොඳම Plot twist එකක් හොඳහැටි රසවිඳින්නත් ඔයාට හැකියාව ලැබෙනවා. මේ තියෙන්නෙ ඒ අනුපිලිවෙල,

Original Trilogy

A New Hope (1977)


The Empire Strikes Back (1980)


Return of the Jedi (1983)


Prequel Trilogy 

The Phantom Menace (1999)


Attack of the Clones (2002)


Revenge of the Sith (2005)


Spin-off Films

Rogue One: A Star Wars Story (2016)


Solo: A Star Wars Story (2018)


Sequel Trilogy 

The Force Awakens (2015)


The Last Jedi (2017)


The Rise of Skywalker (2019)


හරි. දැන් ඔයා Star wars Universe එකේ ප්‍රධාන සිද්ධි ගොඩක් දේවල් දැනගෙන තියෙන්නෙ චිත්‍රපටි එකොලහක් එක්ක. දැන් තියෙන්නෙ සීරීස් ටික බලන්න. මුලින්ම ඔයා බලන්න ඕනෙ Clone Wars ඇනිමේටඩ් සීරීස් එක. සීසන් හතක් පුරා දිව යනවා මේක. මේක හරහා Skywalker Saga එකෙ බොහොම වැදගත් ප්‍රබල චරිතයක් ප්‍රධානව හඳුන්වා දෙනවා. Clone wars බැලුවට පස්සෙ ඔයා Rebels බලන්න. මේක නම් සීසන් හතරයි තියෙන්නෙ. Clone wars සහ Rebels දෙකම අයිති වෙන්නෙ Prequel Trilogy කාලපරාසයට සහ Prequel-Original Trilogy අතර කාලපරාසයට. මේ දවස් වල Bad Batch සීරීස් එක ongoing streaming වෙනවා Disney + හරහා.ඒක බලන්න නම් කොහොමත් Clone wars සහ Rebels දෙකම බලලා ඉන්න ඕනෙ. ඊට පස්සෙ ආයෙ ඔයාට බලන්න පුලුවන් Resistance සීරීස් එක. මේක අයිති වෙන්නෙ Sequel Trilogy කාලපරාසයට. සීසන් දෙකයි තියෙන්නෙ මේකෙ.

එතකොට ඒ අනුපිලිවෙල වෙන්නෙ,

Clone Wars (2008-2020)


Rebels (2014-2018)


Bad Batch (2021)


Resistance (2018-2020)


මෙච්චර වෙලා කතා කරේ ඇනිමේටඩ් සීරීස් ගැන විතරනෙ. කෝ Star Wars live action සීරීස් නැද්ද? එහෙම හිතුනද ඔයාට? බයවෙන්න එපා තියෙනවා තියෙනවා.

ඒ තමයි The Mandalorian.ඇත්තම කතාව Sequel Trilogy යත් එක්ක Star Wars රසිකයො එච්චර සතුටකින් නෙමෙ හිටියෙ. ඒ චිත්‍රපටි තුන තාක්ෂනික පැත්තෙන් ඉහල මට්ටමක තිබුනා උනත් චිත්‍රපටි වල කතා හරය ගැන ගොඩක් Star Wars රසිකයන්ට එච්චර ලොකු පැහැදීමක් තිබුනෙ නෑ. මේ හේතුව නිසාම Star wars රසිකයන් අතරින් ගිලිහෙන්නත් ඉඩ තිබුනා. මෙන්න මේක නැති කරන්න රසිකයන්ට ලැබුනු ඉෂ්ඨ දේවතාවා තමයි The Mandalorian සීරීස් එක. Star Wars කලින් බලලා නැති අය පවා මේක බලන්න පෙළඹුනා. (හැබැයි ඒ අය නම් සීරීස් එක බලන්න ගත්තට පස්සෙ හරි ෆිල්ම් ටික බලන්න ඇති🌚. ලංකාවෙ ටික දෙනෙක් නම් මුකුත් බලන්නැතුව "මට මැන්ඩලෝරියන් තේරුනා" කියලා නැටුව එක නෙ කරේ😂)


දැන් Mandalorian බලන්නෙ මොකෙන් පස්සෙද?

ඒකට මට කියන්න වෙන්නෙ හරි විදිහට නම් ඔයා Clone wars සහ Rebels දෙකම බලලා ඉවර වෙලා Mandalorian බලන එක තමා ගොඩක් හොඳ. එතකොට අවබෝධ වෙන ප්‍රමාණෙ සහ රසවිඳින්න පුලුවන් පරාසෙ වැඩී. ඒත් කාටහරි මේක ඉක්මනට බලන්න ඕනෙ නම්, Clone Wars සීසන් හතක් බලලා ඉවර වෙනකම් ඉන්නම බැයි නම් Mandalorian, Clone wars සහ Rebels බලන්නෙ නැතුව බැලුවට ප්‍රශ්නයක් නෑ.හැබැයි සමහර චරිත, දේවල්, ස්ථාන දැක්කම උන්ගා බුන්ගා වෙයි. ඕක ගොඩක්ම වෙන්නෙ The Mandalorian S02 වලදී. අඩුම ගානෙ ඒ දේවල් ගැන වටින් ගොඩින් හරි දැනගන්න පොඩ්ඩක්. නැත්නම් අපරාදේ..

ඉතින් මෙන්න මේ විදිහට ඔයාට Star Wars Fandom එකෙ සාමාජිකයෙක් වෙන්න පුලුවන්. Star wars කියන්නෙ දවසින් දවස විශාල වෙන යුනිවර්ස් එකක්. Disney + හරහා අනාගතේදි  අපිට දේවල් රාශියක් බලාගන්න පුලුවන් වෙයි Star Wars Universe එකට. මන් ආයෙත් කියනවා මේක එසේ මෙසෙ යුනිවර්ස් එකක් නෙමෙ. Box Office ආදයම් අතරින් යුනිවර්ස් එකක් විදිහට Star Wars දෙවැනි වෙන්නෙ MCU එකට විතරයි. අනික Disney එකට Star Wars සම්බන්ධයෙන් ලොකු සැලසුමක තියෙනවා. දැක්කනෙ Disney Investor Day එකෙ announce කරපු Star Wars content ගනන 😍. ඔන්න ඒ එනවුස් කරපු Content අතරින් අලුත්ම Star Wars Anthology සීරීස් එක වෙන Star Wars: Visions සීරීස් එක අද (2021 සැප්තැම්බර් 22) Disney+ හරහා ස්ට්‍රීම් වෙන්න පටන් ගන්නවා.



ජපානයේ Anime Studios 7ක් එකතු වෙලා තමා මේ සීරීස් එක නිර්මාණය කරන්නේ. මේක Anime සීරීස් එකක්. Anime වගේම Star Wars ෆෑන්ස්ලටනම් අද මරු දවසක්. ඉතිං මේකේ තියෙන්නේ එකිනෙකට සම්බන්ධයක් නැති (Anthology) Episode. හරියට Short Films වගේ. එහෙනම් මේ ටික බලලා ඒ සීරීස් එකත් බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඒ වගෙ සුවිශේෂ Fandom එකකට එකතු වෙන්න කියලා මම සමුගන්නම්...

May the force be with you...!

3 Comments

  1. Clone War 2008 ඇනිමේෂන් මූවි එක බලල clone war සීරිස් එක බලන්න පටන් ගන්න.

    ReplyDelete
  2. Las Vegas' Wynn Casino - JTM Hub
    Casino. Wynn is a $4 billion resort with www.jtmhub.com four hotel towers 출장샵 with 5,750 https://vannienailor4166blog.blogspot.com/ rooms and suites. Each ventureberg.com/ of the hotel towers includes https://deccasino.com/review/merit-casino/ a 20,000 square foot casino and a

    ReplyDelete
Post a Comment
Previous Post Next Post