වෙනද වගේම පටන්ගන්නෙ Watcher මේක Narrate කරන තැනින්. සීරිස් එක හරියට බැලුවනම් Watcher ගෙ පොඩි වෙනසක් පේන්නෝනෙ. සීරිස් එකේ මුල Watcher පෙන්නපු විදිය මතකද? Universe එකේ කොටසක් වගේ හිටියෙ. හැබැයි එපි යන්න යන්න මිනිහව ටික ටික ලංකරල පෙන්නුව.
Thor (2011) ෆිල්ම් එකේ වගේම මේකෙත් ජේන්ට තමා මුලින්ම තෝර් එන එක දැනගන්න ලැබෙන්නෙ.
හැබැයි ෆිල්ම් එකේනම් මේ දෙන්න එක්ක එරික් සෙල්විග් හිටියා. මේකෙ නැත්තෙ ඇයි දන්නෑ. ඒ වගේම අපි Solo ෆිල්ම් එකේ දැක්ක වගේ මේකෙ තෝර්ට රැවුලක් නෑ. අපි ෆිල්ම් වල දැක්කෙ ඔඩින්ගෙ අඩිපාරෙ යන තෝර් කෙනෙක්. හැබැයි මේකෙ ඉන්නෙ ජොලියට බර එකෙක්. රැවුල නැති එකෙන් Hint කරේ තෝර් ඔඩින්ගෙ අඩිපාරෙ යන්නෙ නෑ කියල වෙන්නෝනෙ.
මිඩ්ගාඩ් (ඇස්ගාඩියන්ලා පෘථිවියට කියන්නේ මිඩ්ගාඩ් කියලා) වලට එන තෝර් යන්නෙ Las Vegas වලට.
ජේන් දැක්කම තෝර් කියන්නෙ "You are so tiny" කියල. Avengers පලවෙනි ෆිල්ම් එකෙත් තෝර් Helicarrier එකේදි කියනව ඔය වචන ටිකම. ඒ වගේම මිනිහ දන්නෙත් නෑ Norse God of Thunder කියන්නෙ පොරට කියල. මිනිහ ආපිට කියන්නෙ Horse God of Thunder කියල. මේක Beta Ray Bill ට දීපු හින්ට් එකක් වෙන්න ඕනෙ.
කොමික් වලදි තෝර්ගෙ හොදම යාලුව වගේම තෝර් වැඩියෙන්ම විශ්වාස කරන කෙනා වෙන්නෙත් Bill. ඒ වගේම කොමික් වලදි Stormbreaker එක හදන්නෙත් බිල් ට දෙන්න. Endgame එකේ අර නෙබියුලා තනියම පිටසක්වලයො වගයක් එක්ක සටන් කරන එක පෙන්නන්නෙ.
ඒ ඉන්නෙ බිල් ගෙ ජාතියෙ සෙට් එකක්. ඉතින් ගොඩක් දුරට ඉස්සරහට අපිට Live Action Beta Ray Bill කෙනෙක් බලාගන්න ලැබේවි. එපියෙ මං දැක්ක Awkward ම තැන තමා ඩාර්සි Howard the Duck ව බදින තැන.
මුන් දෙන්ව බන්දල දෙන පොරව දැකල පුරුදු නැද්ද? පොර ටිකක් හරියට තරුණ Kurt Russell වගේ. MCU එකෙත් කර්ට් හිටියනෙ Ego ට.
ඉතින් මේක Coincidence එකක් වෙන්න බෑ.
ජේනුයි තෝරුයි ටැටූ දෙකක් ගහගන්නව. ටැටූ දෙකේ තියෙන්නෙ Magic සහ Science කිඅයන වචන දෙක.
ආතර් සී. ක්ලාක් කියල තියෙනව මෙහෙම කතාවක්. "Magic is Just Science that we don't understand yet". Thor (2011) පලවෙනි ෆිල්ම් එකේදිත් මේක කියනව.
ඒ වගේම Doctor Strange (2016) එකේදි Ancient One ඩොකාට මේ වගේම කතාවක් කියනව. (මාවල් විශ්වයේ මැජික් ගැන දැනගන්න ඕනෙනම් තරිදු අයියා කරපු වීඩියෝ එක බලන්න මෙතන ක්ලික් කරන්න )
තෝර් ඇවිල්ල මේ කරන සන්තෑසිය නවත්තන්න ශීල්ඩ් එකෙන් කැප්ටන් මාවල් ට කතාකරනව.
මෙතනදි මරියා හිල් කියනව කැප්ටන් මාවල් තමා පෘථිවියට ආව පලවෙනි Alien කියල. හැබැයි කැරොල් කියන්නෙ ක්‍රී කෙනෙක් නෙවේ. Kree DNA එක්ක මිශ්‍ර උන මනුස්සයෙක්. හැබැයි කොමික් පැත්තෙන් ගත්තම මේ කතාව හරි. කොමික් වලදි කැරොල්ගෙ අම්මා මාරි ඩැන්වර්ස් (Mari-Ell) කියන්නෙ මෙහෙයුමකට පෘථිවියට ආව ක්‍රී කෙනෙක්.
පස්සෙ මෙයා ජෝ එක්ක හුටපටයක් පටන් අරන් කැරොල් ව හම්බවෙනව.
ආයෙම ටොපික් එකට බැස්සොත් තෝර්ව හම්බවෙන්න ලෝකි එනව.
හැබැයි අපි දැක්කට වඩා වෙනස් ලෝකි කෙනෙක් මේ ඉන්නෙ. ලෝකි Frost Giant කෙනෙක් උනාට පොරට තිබ්බෙ මනුස්ස පෙනුමක්නෙ. ඒක එහෙම උනේ Frigga (තෝර්ගෙ අම්මා) ලෝකිට Asgardian Magic කියල දුන්න එක සහ දීර්ඝ කාලයක් ඇස්ගාඩ් වල ආහාර වගේ දේවල් එක්ක හිටිය නිසා තමා ලෝකිගෙ පෙනුම වෙනස් වෙන්නෙ. තෝර්ව Frost Giant ල යටතෙ උස් මහත් උන What IF..? කොමික් එකකදි තෝර් Frost Giant කෙනෙක් විදියට පෙනුම වෙනස් වෙනව.
ඒකට හේතුව අරකෙම අනිත් පැත්ත.
ඔතනට කඩන් පනිනව කැප්ටන් මාවල්. මෙතනදි කැරොල් තෝර්ට කතාකරන්නෙ White Snake කියල. White Snake කියන්නෙ 80 ගණන් වල හිටිය බෑන්ඩ් එකක්.
කැරොල් 90 ගණන් වලින් පස්සෙ පෘථිවියට එන පලවෙනි පාරනෙ මේ. මෙහෙම කියන්නෙ එයා මේ කාලෙ ගැන මුකුත් දන්නෙ නැති නිසා. පස්සෙ මුන් ඩබල මරාගන්නව. මෙතනදි කැරොල් කියනව තෝර්ට මිටිය බිම දාන්න කියල. Avengers පලවෙනි ෆිල්ම් එකේ කැපා තෝර්ට කියනව මේක. මතකනෙ අර කැලෑවක් මැද්දෙ ගිය වලිය.
ඔය වලිය මැද්දෙදි තෝර් මාවල් ට ගහනව ස්ටෝන්හෙජ් වලට විස්වෙන්නම. Thor: the Dark World (2013) බලපු උන්ට මතක ඇති මේ ප්ලේස් එක. සෙල්විග් කාරයා හෙලිවැල්ලෙන් ගිහිල්ල හෙන පිස්සුවක් කෙලියෙ 😂😂
ඊට පස්සෙ මාවල් ව සෙනග මැද්දට ගෙනල්ල මිටිය තියන නැගිටින්න බැරි වෙන්න.
හරියට Thor ෆිල්ම් එකේ අන්තිමට ලෝකිට කරා වගේ.
ඔඩින්ගෙ පුතා දාපු පාටිය මේ වෙද්දි නැගලම යනව. සිඩ්නි වල පාටියෙ අපිට Korg ගෙ ඩාන්ස් එක පෙන්නන්නෙ, ඔතන ඉන්නව Mantis.
හැබැයි මේ වෙද්දි මැන්ටිස් ට ගාඩියන් ටීම් එක හම්බෙලා නෑ. ඒ කියන්නෙ මෙයා ඇවිල්ල ඉන්නෙ Ego එක්ක.
ඔතනට ආයෙ පාරක් කඩන් වදිනව කැප්ටන් මාවල්. ඊට පස්සෙ මුන් දෙන්න ආයෙම මරාගන්නව. ඔය අතරෙ ජේන් යනව Frigga ව හොයන්න.
Frigga ට වැඩේ මාට්ටු උනා කියල දැනගත්ත ගමන් තෝර් කාරය ගිණි පත්තුවෙලා තිබ්බ දේවල් ආයෙ හරිගස්සන්න පටන්ගන්නව. වැඩේ කියන්නෙ මේ යකා ඇලවෙන කුළුණ කෙලින් කරවල හිටවන්නෙ (Superman 2 එකේ තිබ්බ නේ මේ වගේ සීන් එකක්. මීටර් නෑ).
Diary of A Wimpy Kid: Rodrick Rules මතක් උනේ කාටද? ඒකෙත් මතකනෙ අම්මල නැති වෙලාවක රොඩ්රික් පාටිය දාල වෙච්ච සන්තෑසිය. බාත්රූම් එකේ දොර ලෙප්ට් 😂
එපිය ඉවර වෙන්නෙ තෝර් ජේන් එක්ක Date එක්කට එලියට යන්න ප්ලෑන් කරල. හැබැයි මේක සතුටින් ඉවර වෙන්නෙනම් නෑ. මෙතනට එනව Ultron Infinite එනව.
මේක අල්ට්‍රොන් එයාගෙ වැඩේ සාර්ථක කරගත්තු රියැලිටියක් වෙන්න ඕනෙ.(කොමික් වලදිනම් අල්ට්‍රොන් ව නිර්මාණය වෙන්නෙ හෑන්ක් පිම් Robotics ගැන කරන Experiment එකක ප්‍රථිපලයක් විදියට).
ඒ වගේම මේ අල්ට්‍රොන් ගාව Infnity Stones ඔක්කොම තියෙනව. දැනට පෙන්නන හැටියට මේ අල්ට්‍රොන් ඇවිල්ල Multivesal Threat එකක්. හැබැයි Stones වල බලේ තියෙන්නෙ ඒව අයිති යුනියෙ විතරයිනෙ. එතකොට ගොඩක් දුරට මේ Party Thor ඉන්න යුනියෙම අනාගතේ වෙන්න පුළුවන්.
ලගදි ආව Mid-Season Sneak Peek එකේ වගේම මේකෙ ට්‍රේලර් එකෙත් පෙන්නුව සීරිස් එකේ අන්තිමට ටීම් අප් එකක් වෙනව කියල.
ඒ වගේම Sneak peek එකේදි අපිට Party Thor, Strange Supreme එක්ක ඉන්න ශොට් එකක් වගේම Vegas වලම Ultron Robots ල එක්ක වලියක් දාගන්නව පෙන්නුව.
ඉතින් මේ ටිම් අප් එක වෙන්න හේතුව Ultron Infinite වෙන්න ඕනෙ.
මට හිතෙනව මේ ටීම් එක එකතු කරන්නෙ Watcher කියල. මොකද කලින් කිව්ව වගේ Uatu කියන්නෙ අනිත් Watcher ල වගේ පැත්තක්ට වෙලා ඉන්න කෙනෙක් නෙවේ.
What If සීරිස් එක සමගාමීව Hyundai එකේ Commercial එකක් එලියට ආව.
මේකෙ පෙන්නුව කට්ටියම එකතු වෙලා Ultron එක්ක සටන් කරනව. ඒ වගේම මේකෙ Party Thor ට එන්න Portal එක අරින්නෙ Watcher.
ඒනම් බ්‍රේක්ඩවුන් එක ඉවරයි. ලබන සතියෙ එපිය බොහෝදුරට Thanora ව බේස් කරගෙන යයි.
Au revoir!!!
What IF..? S01E05 බ්‍රේක්ඩවුන් එක 👇
https://www.reviewwhocares.com/2021/09/what-if-s01-episode-6-breakdown.html
ගැම්මක් තමා
ReplyDeleteNice ❤
ReplyDeleteela
ReplyDelete