කව්ද මේ HBO Max එකට එන කලු සුපර්මෑන්? - Val-Zod Superman (DC Uprising #2)

 DC Uprising #02: Val-Zod Superman




DC Uprising ලිපි සීරීස් එකේ කලින් ලිපිය (#1) මෙතන ක්ලික් කරලා කියවන්න -  DC Uprising #1 (මෙකේ තියෙන්නෙ රොක්ගෙ බ්ලැක් ඇඩම් ෆිල්ම් එක ගැන)

හරි එහෙනම්, ඩීසී අප්‍.රයිසින් ලිපි සීරීස් එකේ අපේ දෙවෙනි Article එකෙන් කතා කරන්න ලෑස්ති වෙන්නෙ මයිකල් බී ජෝර්ඩන්ගෙ Superman Project එකෙ Main Character එක වෙච්චි Val-Zod ගැන. මෙයාගෙ ඔරිජින් එක කෙලින්ම කියන්න අමාරුයි. ඊට කලින් පොඩ්ඩක් Background එක හදන්න ඕනෙ.

මෙයා ගැන දැනගන්නනම් අපිට Prime Earth එකෙන් මිදිලා අල්ලපු පෘථිවියකට යන්න වෙනවා.ඒ Earth-2 එක. ගොඩ දෙනෙක් දන්නව ඇති Earth-2 එකෙ ඉන්නෙ JSA කියන DC ලගෙ Golden Age Heroesල සෙට් එක කියලා.ඒත් New 52 වලදී මේ JSA එකෙ ඔරිජින් එක ටිකක් වෙනස් කරල පෙන්නල තියෙනවා. New 52 Earth-2 Arc එකට අනුව මේ පෘථිවිය ආක්‍රමණය කරන්නත් ඩාක්සෙයිඩ් එනවා.මේක නවත්තන්නත් Heroes ලා එකතු වෙනවා.ඒත් මෙතන එකතු වෙන්නෙ Superman / Wonder Woman & Batman විතරයි.

Prime Earth එකෙදි වගෙ JL එකම එකතු වෙන්නැ.ඉතින් මෙයාලා ඩාක්සෙයිඩ් ගෙ Invasion එක නවත්තනවා.ඒත් මේ තුන් දෙනාටම මැරෙන්න වෙනවා.ඒ වගේම ඕක වෙද්දි සුපර්මෑන් ලග Power Girl ( Kara Zor-El ) වගේම බැට්මෑන් ලග Robin ( Helena Wayne බෲස්ගෙයි සෙලීනගෙයි දුව ) හිටියා Sidekicks ල විදිහට.මෙයාලා මේකෙන් බේරෙනවා ඒ Boom Tube එකක් හරහා වැරදිලා Prime Earth එකට ඇවිල්ලා.ඒත් Batman / Wonder Woman / Superman ලනම් එච්චර වාසනාවන්ත වෙන්නෙ නැ.ඉතින් මේ Invasion එකෙන් කාලෙකට පස්සෙ Terry Sloan කියල ඩයල් එකක් Hellsphere වගයක් පෘථිවියෙ Activate කරල ස්ටෙපන්ෆුල්ෆ් ට පෘථිවිය ආක්‍රමණය කරගන්න උදව් කරනවා.මේ ආක්‍රමණයෙන් බේරෙන්න Heroes ල වගයක් ආයෙ එකතු වෙනවා.ඒ Doctor Fate / Flash ( Jay Garrick ) / Hawk Girl / Green Lantern ( Alan Scott ) / Batman ( Thomas Wayne ) කියන කට්ටිය.මෙයාලව හදුන්වන්නෙ WONDERS කියලා.

ඉතින් මේ දෙවෙනි ආක්‍රමණයෙදී ඩාක්සෙයිඩ් ගෙ පැත්තට Powerful Weapon එකක් තියෙනව කියල Wonders ල දැනගන්නවා.ඒ වෙන කවුරුත් නෙමෙ Brain Wash කරපු සුපර්මෑන්.ඒ කියන්නෙ මුල්ම ඩාක්සෙයිඩ් ගෙ ඇටෑක් එකෙන් සුපර්මෑන් මැරිලා නැ.ඩාක්සෙයිඩ් එයාව අල්ලගෙන එයාගෙ Brain Wash කරලා.

ඉතින් Wonders ල ඔක්කොම එකතු වුනත් ඩාක්සෙයිඩ් ගෙ Army එකයි Evil Superman කෙනෙක්වයි පරද්දන්න අමාරුයි.ඒක නිසා Wonders ලා මේ ආක්‍රමණය නවත්තන්න එයාලටම කියල Weapon එකක් හොයනවා.මෙතනදි මෙයාල දැනගන්නවා Terry Sloan ගෙ Asylum එකක එයාලට අවශ්‍ය Weapon එක තියෙනවා කියල.සෙට් එකම මේ Asylum එකට හොරෙන් ඇතුල් වෙනවා.මෙතනදි මෙයාලට Jimmy Olsen ව හම්බෙනවා.පොර Prime Earth එකෙ වගේ Daily Planet එකට වැඩ කරන ඩයල් එකක් නෙමෙ පොර Tech Wizard කෙනෙක්.කියන විදිහට එයාට Technology එකත් එක්ක කතා කරන්න පුලුවන්.ඉතින් මේ හැකියාවන් නිසාම Wonders ලා මෙයාව බේරගෙන ටීම් එකට එකතු කරගන්නවා.

ඔය යන අතරේ මෙයාලට Atlantis වල Queen ව හම්බෙනවා.එයාවත් ජිමී වගෙ හිර කරල තියෙන්නෙ.


පස්සෙ Red Tornadoවවත් හම්බෙනවා.ඒත් Red Tornado ට තියෙන්නෙ Lois Lane ගෙ Consciousness එක.ලොයිස්ගෙ Consciousness එක Tornado ගෙ Body එකට ඇතුලත් කරල තියෙන්නෙ ලොයිස්ගේ තාත්තා General Sam.ඒ ඩාක්සෙයිඩ්ගෙ මුල්ම ඇටෑක් එකෙන් ලොයිස් මාරාන්තික විදිහට තුවාල වුනාම.



ඉතින් මේ දෙන්නවත් බේරගෙන Wonders ලා එතනින් එලියට යන්න යද්දි ජිමී කියනවා Asylum එකේ පහලම තට්ටුවෙ රහස් කාමරයක් වගෙ එකක් තියෙනවා කියලා.ඉතින් මෙයාලා මේ කාමරෙ හොයාගෙන ඒක ඇරල බලද්දි තමා දකින්නෙ ඒක අස්සෙ මනුස්සයෙක් ( කිව්වට Alien කෙනෙක් ) ඉන්නව කියල.ඉතින් මේ වෙන කවුරුත් නෙමෙ Val-Zod.මෙතන එයා පෘථිවියට ආපු හැටි ගැන එහෙම එයා කියනවා,

එයාගෙ අම්මවයි තාත්තවයි ක්‍රිප්ටොන් වල දේශපාලන කුමන්ත්‍රණයක් නිසා ද්‍රෝහියො විදිහට නම් කරල Execute කරල තියෙනවා.ඉතින් මෙයා හැදෙන්නෙ Jor-El ලග.ඒ Kara Zor-El ( Power Girl ) & Kal-El ( Superman ) එක්ක.Krypton විනාශ වෙද්දි මේ තුන් දෙනාවම ජොර් එල පෘථිවියට එවනවා.මේ Capsule එකෙ එද්දි Val-Zod ව එයාගෙ දෙමාපියන් Educate කරල තියෙනවා.එයාල මෙයාට කියල දිල තියෙනවා Violence කියන්නෙ නරක දෙයක් කවදාවත් ඒක පාවිච්චි කරන්න එපා කියලා.ඉතින් ඒක නිසාම මෙයා Pacifist කෙනෙක් වෙනවා.මෙයා පෘථිවියට වැටුනම මෙයාව මුලින්ම හොයා ගන්නෙ අර උඩ කිව්ව Terry Sloan.එයා කියනවා මේ ලෝකෙ අනිත් අයගෙන් එයාව ආරක්ෂා කරන්නම් කියලා.ඒකට එයාව එක තැනකට කරල තියන්න වෙනවා කියලා.ඉතින් Val-Zod මේකට කැමති වෙනවා ( Kal El වගෙ නෙමෙ Val පෘථිවියට එනකොට දෙයක් තේරෙන මට්ටමෙ වයසක හිටියේ ) ඉතින් ඊට පස්සෙ තමා ටෙරී මෙයාව Asylum එකේ හිර කරන්නෙ.ඒකට එයා අකමැති වෙන්නෙත් නැ.විරුද්ධ වෙන්නෙත් නැ.කොහොමහරි ඔය කාලෙදි මෙයාගෙ ඇගට හිරු එළියක්වත් වැටුනෙ නැ.ඒ වගේම එයාට දැනීමක් තිබ්බෙත් නැ Kal-El / Kara Zor-El පෘථිවියට ආවද කියලවත්.ඒකනිසාම පොර කිසිම බලයක් නැතුව ටෙරීගෙ හිර කාරයෙක් වෙලා ඉන්නවා Wonders ලා ඇවිල්ල බේරගන්නකම්.මේ කාමරෙන් එලියට ආපු ගමන් පොරට Panik Attack එකක් එනවා.පොර Open Space වලට බයයි.මොකද එයා එයාගෙ ජීවිත කාලෙම ගත කලෙ අර කාමරෙ අස්සෙ නිසා.ඉතින් කොහොම හරි Wonders ලා ඔතනින් මෙයාවත් බේරගෙන Batcave එකට අරන් යනවා.ඒත් පොර පොඩි එකෙක් වගෙ හැසිරෙන්නෙ.ගොඩක් බය වෙනවා.ඉතින් බැටාට පොරව එපා වෙලා කේව් එකෙන් එලියට දාන්නත් හදනවා.පස්සෙ ලොයිස් Val-Zod ට එයාගෙ සහෝදරයා වෙච්චි Kal-El පෘථිවිය වෙනුවෙන් කරපු දේවල්, පෘථිවියෙ මිනිස්සුන්ට Symbol එකක් වෙච්චි දේවල් ගැන එහෙම කියල දෙනවා.ඒ වගේම දැන් ඩාක්සෙයිඩ් සුපර්මෑන්වම පාවිච්චි කරලා එයා පෙනී හිටපු දේවල් විනාශ කරනව කියලත් පෙන්නනවා.ඉතින් මෙතන තමා අලුත් සුපර්මෑන් කෙනෙක් බිහි වෙන්නෙ. House Of El Symbol එක ආයෙ පෘථිවියෙ Hope Represent කරන Symbol එක කරන්න Val-Zod ට පුලුවන් වෙනවා.


ඒ ගැන වැඩි විස්තර දැනගන්න කැමති අයට පුලුවන් Earth - 2 Arc එක කියවන්න.

ඒකෙ පිලිවෙල වෙන්නේ,

Earth - 2 

Earth - 2 World's End 

New 52 Futures End

The Multiversity

Convergence  

Earth - 2 Society 

මේක සුපිරිම Arc එකක් DC කොමික් වලට කැමතිනම් අනිව කියවන්න

Powers පැත්තෙන් ගත්තම මෙයාටත් සාමාන්‍ය Kryptonian කෙනෙක්ට Yellow Sun යටතේ ලැබෙන ඔක්කොම පවර්ස්, ඒ කියන්නෙ Flight / Stamina / Durability / Strength / Laser Beams / Cold Breath / X-ray Vision වගේ සේරම පවර්ස් හම්බෙනවා.

Weakness විදිහට සුපර්මෑන් වගේම Kryptonite / Magic & Red Sun වලට දුර්වල වෙනවා.ඒ වගේම මෙයාට සුපර්මෑන් තරම් ලොකුවට පවර් එකක් නැ. මොකද මෙයා එයාගෙ ජීවිතේ වැඩි කාලයක්ම හිරු එළිය වැටෙන්නෙ නැති කාමරේක ඉන්නෙ.ඒක නිසා Superman / Power Girl එහෙම මෙයාට වඩා පවර්ෆුල්.ඒත් පොරට ටික කාලෙකින් ඒ ලෙවල් එකටම එන්න පුලුවන් වෙනවා ගොඩක් Yellow Sun එක යට කාලය ගත කරන නිසා


ඕක තමා Val-Zod Superman ගෙ කතාව.මේක TV Series එකකට ගහන්න ටිකක් අමාරුයි.මොකද මේක ලොකු Arc එකක්.සමහරවිට මේකෙ Key Points විතරක් පාවිච්චි කරල TV Series එක හදයි.වාසනාව තිබ්බොත් අපිට JSA එක එහෙමත් බලාගන්න පුලුවන් වෙයි.බලමු මයිකල් ලොක්කා කොහොම කරයිද කියලා



DC Uprising #3 : Blue Beetle එකෙන් ආයෙ හම්බෙමු එහෙනම්.

(බ්ලූ බීට්ල්)
Post a Comment (0)
Previous Post Next Post