Netflix ලාගෙ Tudum ඉවෙන්ට් එකේදි Comic Book වල සුපිරිම නිර්මාණය වලින් එකක් උන Sandman සීරීස් එකේ Live Action adaptation එකේ First Look එක බලන්න පුලුවන් උනා. ගොඩක් අය DC Mainstream දේවල් දැනගෙන හිටියට Vertigo පැත්තට තියන නුහුරුකම නිසා Sandman ගැන වැඩිය දන්නෙ නෑ. ඉස්සර වෙලාම Sandman නිර්මාණය උන විදිහ බලමු.
Sandman කියන්නෙ කවුද? සහ Sandman නිර්මාණය වීම.
DC Universe එකේ පටන් ගැනීමෙ ඉදන්ම Sandman කියන නම තියන චරිත කීපයක්ම ඉදලා තියනවා. Sandman කියන නම මුලින්ම ගත්ත චරිතය තමා Wesley Dodds කියන්නෙ.DC වල මුල්ම චරිත වලින් එකක් තමා Wesley Dodds කියන්නෙ.1939දි ඒකාලෙ Legend කෙනෙක් උන Gardener Fox සහ Bert Christman තමා Wesley Dodds ව නිර්මාණය වෙන්නෙ.කොහොම උනත් Wesley Dodds කියන්නෙ prophetic dreaming ( අනාවැකියක් වගේ සිහින දැකීමේ හැකියාව) පවර්ස් තියන මනුස්සයෙක්.
![]() |
Wesley Dodds |
ඊට පස්සෙ Sandman කියන නම ලැබෙන කෙනා තමා Morpheus aka Lord of the Dreaming aka The Nightmare King aka Sultan of Sleep aka.....
1974 ඉදන් 1976 වෙනකන් නිකුත් උන Wesley Dodds ප්‍රධාන චරිතය ඉන්න Sandman Series එකට පස්සෙ DC සමාගම Neil Geiman ට දෙනවා 80 දශකය අග වෙද්දි අලුත් Sandman කෙනෙක් නිර්මාණය කරන්න කියලා.ඒ විදිහට 1989 දි DC ලගෙ Vertigo කොමික් යටතෙ Sandman #1 න් Morpheus ගෙ පලවෙනි appearance එක සිද්ද වෙනව.
![]() |
Sandman #1 (1989) |
Neil Geiman එක්ක Sam Kieth ආටිස්ට් විදිහට එකතු වෙනවා.Sam මේක ඇදලා තියෙන්නෙ ගොඩක් Gothic Style එකට.
![]() |
Neil Geiman |
Neil මේක ලියද්දි ගොඩක් ආගමික දේවල්, සංකල්පමය දේවල් සහ මිත්‍යා වලින් ගොඩක් අභාශය අරන් තියනවා.මේක ඇත්තටම කොමික් බුක් ඉතිහාසයේ තියන හොදම කියලා ගන්න පුලුවන් කොමික් බුක් වලින් එකක්.නූතන සාහිත්‍යයේ එක සන්ධිස්ථානයක් කියලා කියන්න පුලුවන්.මේ අති සාර්ථක නිර්මාණයක් පස්සෙ මේකට Sequel ,Spin off ගොඩක් හැදෙනවා.උදාහරණයක් විදිහට කිව්වොත් DC Universe එකේ Lucifer ගෙ පලවෙනි appearance එක තියෙන්නෙ මේ කොමික් සීරීස් එකේ 4 වෙනි ඉෂූ එකේ.පස්සෙ Sandman Presents Lucifer කියලා Sandman Spin off එකක් විදිහට Lucifer ට Solo Series එකකුත් ලැබෙනවා.පස්සෙ Lucifer Tv Series එකකුත් හැදෙනවා කියලා හැමෝම දන්න දෙයක්නෙ.
Sandman Presents Lucifer #1 |
Morpheus කියන්නෙ DC Universe එකේ ඉන්න පවර්ෆුල්ම ජීවින් කොටසක් වෙන Endless ගෙන් කෙනෙක්.Endless ලා කියන්නෙ Universe එකේ පරණම ජීවීන් කොටසක්. Time සහ Night කියන දේවල් වල Personification (පුද්ගලාරෝපණය :-අජීවී දේවල් හරි සංකල්පමය දේවල් පුද්ගලයන් විදිහට සලකන එක) දරුවො කියලත් බොහොම පොඩි මෙන්ශන් එකක් කොමික් වල තියනවා. ඒවගේම Endless ලා කියන්නෙත් ස්වභාවික දේවල් වල සහ එක එක සංකල්ප වල පුද්ගලාරෝපණ තමා.Endless ලා ගත්තොත් ඉන්නෙ හරියට කිව්වොත් හත් දෙනයි.ඒ අය තමා පහල දාලා තියෙන්නෙ 👇
Destiny - දෛවය
Death - මරණය
Dream -සිහින
Destruction - විනාශ වීම
Desire - ආශාව
Despair - බලාපොරොත්තු සුන් වීම
Delirium- ව්‍යාකූලත්වය / කලින් Delight - ප්‍රීතිය
![]() |
Endless Family |
මෙයාලගෙන් සමහර අයට වෙන වෙනම Duties තියනවා සමහර අය ඒවට කැප වෙලා ඉන්නවා(Death,Dream) සමහර අය ඒදා මග හරින්වා.සමහර අය එයාලට වඩා ප්‍රාථමික ජීවීන්ව සෙල්ලමට අර ගන්නවා (Desire). හරියටම කිව්වොත් ඇත්ත ලෝකයේ ඒ ඒ සංකල්ප වලින් ජීවීන්ට වෙන බලපෑම සහ ඒ ඒ සංකල්ප වල ස්වභාවය Endless ලගෙ පෞර්ශත්වය, කැමති අකමැති දේවල්, කරන දේවල් වලින් නිරූපණය වෙනවා. Morpheus කියන්නෙ Dream කියන සංසිද්ධියේ පුද්ගලාරෝපණය.Morpheus ගෙ ඇත්ත නම, හරියටම කිව්වොත් එයාව විස්තර වෙන නම තමා Dream කියලා කියන්නෙ. මෙයාගෙ Duty එක තමා විශ්වයේ ඉන්න ජීවීන්ට සිහින දකින්න සලස්වන එක.මේ Series එකේදි පවා Dream වලින් සාමාන්‍ය අයට සිහින වලින් වෙන බලපෑම බලාගන්න පුලුවන්.පෞර්ශත්වය ගත්තොත් බොහොම කරුණාවන්ත කෙනෙක් වෙන්නත් පුලුවන් බොහොම දරුණු කෙනෙක් වෙන්නත් පුලුවන්. හරියට කිව්වොත් හොද හීන දකින්න සලස්වන්නත් පුලුවන් බියකරු සිහින පෙන්නත් පුලුවන් (Dream and Nightmare) ඒ නිසාම තමා Lord of The Dream සහ King of Nightmare වගේ අන්වර්ථ නාම ගොඩක් Morpheus ට තියෙන්නෙ.
ඒවගේම තමා Morpheus කියන්නෙ ලිංගිකත්වය අතින් ගත්තාම Non-Binary හෝ Binary කියලා තමා හදුන්වන්නෙ. (Non-Binary ගැහැණුත් නොවන පිරිමිත් නොවන කියන එක. Binary- ගැහැණුත් වන පිරිමිත් වන) ගැහෑණුත් වන පිරිමිත් වන කියලා ගත්තොත් Morpheus ට වඩා නිවැරැදියි.ඒවගේම ගැහැනුත් වන පිරිමිත් වන පුද්ගලයෙක් කියලා ගත්තත් කමක් නෑ.කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් පුද්ගලයෙක් නම් ලිංගිකත්වයක් තියෙන්න ඕනෙ කියලා.තව කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් සංකල්පමය දේකට කොහොමද ලිංගිකත්වයක් තියෙන්නෙ කියලා.හැබැයි ඉස්සර ඉදන් එන දෙයක් තමා හැම දෙයක්ම පුරුෂවාදී විදිහට හරි ස්ත්‍රීවාදී (Feminism නෙවෙයි ) විදිහට හරි බෙදන්න පුලුවන් කියන එක.ඔව්! හැම ගති ගුණයක්ම හැම රුචි අරුචි කමක්ම එහෙම බෙදන්න පුලුවන්.හැබැයි වරදවා වටහා ගන්න එපා පිරිමි කැමති දේවල් පුරුෂවාදී සහ ගැහැණු කැමති දේවල් ස්ත්‍රීවාදී දේවල් කියලා.ඇත්තටම ඒක සමබරතාව පෙන්නන පාවිච්චි කරපු වචන දෙකක්.මේකම තමා Yin සහ Yang කියලා ටිකක් වෙනස් විදිහට විස්තර වෙන්නෙත්.කෙනෙක්ට පුරුෂවාදී සහ ස්ත්‍රීවාදී කියලා හදුන්නවන එක අල්ලන් නෑ වගේ නම් Possitive සහ Negative කියලා වෙන් කරගන්නත් පුලුවන්.ස්ත්‍රීවාදී දේවල්වලට අයිති වෙන්නෙ සීතල,සද,අදුර,පොඩි,දුර්වල බව,වෛරය,මරණය,අසන්සුන් බව වගේ වගේ දේවල්. පුරුෂවාදී විදිහට ගන්නෙ රස්නය,හිරු,ආලෝකමත්බව,ලොකු,ශක්තිමත් බව,ආදරය,ජීවිතය,සන්සුන්බව වගේ දේවල්.ඕනෑම පුරුෂවාදී දෙයකට විරුද්ධ ස්ත්‍රීවාදී දෙයක් තියනවා.තව දෙයක් තමා ඕනෑම කෙනෙක් සම්පූර්ණයෙන් ස්ත්‍රීවාදී චරිතයක් වෙන්නෙත් නෑ සම්පූර්ණයෙන් පුරුෂවාදී චරිතයක් වෙන්නෙත් නෑ.ඕක කොහොමද Morpheus ගෙ Non-Binary තත්වයට අදාල වෙන්නෙ? කලින් කිව්වනෙ Morpheus ට බොහොම කරුණාවන්ත වෙන්නත් පුලුවන් බොහොම දරුණු වෙන්නත් පුලුවන් කියලා හරියට හොද සිහින සහ බියකරු සිහින වගේ කියලා. ඉතින් මේ Dream සහ Nightmare අවස්තා දෙක ස්ත්‍රීවාදී සහ පුරුෂවාදි දේවල් දෙකක්. මේ දේවල් Morpheus ගෙ පෞර්ශත්වයෙන් වගේම ලිංගිකත්වයෙනුත් පෙන්නවා හරියට අනික් Endless ලාගෙ ස්වභාවය එයාලගෙ ලිංගිකත්වයෙන් පෙන්නවා වගේ.ඉතින් Morpheus කියන්නෙ ගැහැණු සහ පිරිමි දෙකටම අයිති චරිතයක් කිව්වාම වඩාත් නිවැරැදියි කිව්වෙ ඒකයි.
කලින් කිව්වනෙ Neil Geiman මේ චරිත හදද්දි ගොඩක් Myth වල ආභාෂය ගත්තා කියලා.Morpheus ව හදලා තියෙන්නෙ ග්‍රීක මිත් වල එන Oneiros කියන Primordial God ගෙන්. Oneiroi කියන වචනයේ ග්‍රීක තේරුම තමා Dream කියන එක. ඒවගේම තමා Oneiros ට කියපු තව නමක් තමා Morpheus කියලා කියන්නෙ. Oneiros කියන්නෙ ග්‍රීක වැසියො සිහින වලට පුද්ගලාරෝපණක් දීලා කියපු නම තමා හරියට බැලුවොත්.DC Morpheus වගේම Oneiros කියන්නෙත් Night (Nyx) ගෙ දරුවෙක්.සමහර තැන්වල Nyx සහ
Erebus ( Darkness ) ගෙ දරුවෙක් විදිහටත් සලකලා තියනවා.
![]() |
Oneiros |
Sandman සහ Live Action
1989 ආව Sandman කොමික් සීරීස් එකේ සාර්ථකය නිසාම ඒක Live Action ගේන්න හදලා තියෙන්නෙ 1991 අවුරුද්දෙ ඉදන්මයි.ගොඩක් ෆේමස් සීරීස් වගේම මේකත් මුලින්ම ෆිල්ම් වලට තමා ගන්න හදලා තියෙන්නෙ. 1996 දි Warner Bros සමාගම Roger Avaryගෙ අධ්‍යක්ෂ්ණයෙන් Ted Elliot සහ Terry Rossioගෙ ස්ක්‍රිප්ට් එකකට ෆිල්ම් එකක් හදන්න සූදානම් වෙලා තියනවා.Neil Geiman මේ Script එකට කැමති උනත් Producer ලා අකමැති වෙන නිසා Roger Avary ව ෆිල්ම් එකෙන් අයින් කරනවා ඊට පස්සෙ William Farmer 1998දි ලියන ස්ක්‍රිප්ට් එක Neil හදුනවන්නෙ ඒක තමන් දැකපු Worst ම Sandman ස්ක්‍රිප්ට් එක විදිහට විතරක් නෙවෙයි දැකලා තියන Worst ම ස්ක්‍රිප්ට් අතරින් එකක් කියලා.මේ ස්ක්‍රිප්ට් එකේ හැටියට Morpheus කියන්නෙ Villain කෙනෙක්.ඒ වගේම Lucifer Morningstar ගෙ සහෝදරයා.මේක Sandman චරිතයට කරන කොච්චර හානියක්ද කියලා තේරෙනවා ඇති නෙහ්.Neil එක පාරක් කියන්නෙ තියනවා එයා නරක Sandman ෆිල්ම් එකක් තියනවට වඩා Sandman ෆිල්ම් එකක් නැති තරමට සතුටුයි කියලා. 2013 දි David Goyer (TDK Triology එකෙ සහ Man of Steel වල Script ලිව්ව කෙනා)යටතෙ ආයෙ Warner Bros ලා Sandman ෆිල්ම් එකක් කරන්න සූදානම් වෙනවා.මෙක DC Extended Universe එකෙන් පිට ෆිල්ම් එකක් විදිහට තමා කරන්න සූදානම් වෙන්නෙ.Producer ලා විදිහට Neil Geiman ,Joseph Gordon-Levitt ඉදිද්දි ස්ක්‍රිප්ට් එක ලියන්න Jack Thorneට දෙනවා. 2016 දි Warner Bros ආයෙතනයේ Sub Division එකක් වෙන New Line ආයතනය Eric Heisserer ව ගන්නවා ෆිල්ම් එකට ආයෙ ස්ක්‍රිප්ට් එකක් ලියන්න. හැබැයි Producer වෙන Joseph Gordon-Levitt වලියක් දාගන්නවා Warner ආයතනය එක්ක මේක අඩු ගානෙ ෆිල්ම් Triology එකක් විදිහටවත් නිර්මාණය කරන්න හොද නෑ ,මේක TV Series එකක් විදිහට හදන්න ඕනෙ කියලා.හැබැයි TV Series එකක් හදන අදහස පලවෙනි පාරට දකින්න ලැබ්‍ර්න්න ඔතන නම් නෙවෙයි.2012 - 2013 කාලෙදි Supernatural Tv Series එකේ Creator එක්ක Sandman Tv Series එකක් හදන්න උත්සහ කරත් ඒ කාලෙ ෆිල්ම් එක ගැන ලොකු බලාපොරොත්තු තිබ්බ නිසා එහෙම්ම ඒ අදහස යට ගිහින්.2019 දි Netflix ආයතනය Warner Brothers සමාගම එක්ක ගිවිසුමක් ගහලා Sandman Tv Series එකක් නිර්මාණය කරන්න මුල් අඩිතාලම දානවා.මේක HBO (WB එකේ තව Sub Division එකක්) වෙනුවට Netflix ආයතනට දීලා තියෙන්නෙ සීරීස් එකට යන බජට් එක නිසා කියලා තමා කියන්නෙ.
ටීවී සීරීස් එකකට වෙන් කරන දෙවනි විශාලතම මුදල වෙන ඇමරිකානු ඩොලර් මිලියන 500ක් Sandman ටීවී සීරීස් එකට Netflix ආයතනය වෙන් කරනවා.Producer ලා සහ Script Writers ලා විදිහට Neil Geiman , David Goyer සහ Allan Heinberg ඉන්න මේක බ්‍රිතාන්‍යයේ තමා රූගත කිරීම් කරන්නෙ.පැන්ඩෙමික් තත්වය නිසා රූගත කිරීම් පරක්කු උන ටීවී සීරීස් එකක් තමා මේකත්.පලවෙනි සීසන් එකේ එපිසෝඩ් 11 ක් තියනවා කියලා තමා දැනට කියන්නෙ.ඒවගේම මේ එපිසෝඩ් 11 දි Sandman (1989) කොමික් සීරීස් එකේ මුල් Volume දෙක වෙන Preludes & Nocturnes සහ The Doll's House ඇසුරෙන් නිර්මාණය වෙනවා කියලා තමා තියෙන්නෙ.Sandman ටීවී ශෝ එකේ Casting ගැන අන්තිමට කියන්නම්!
First Look එකේ Footage වලට ගියාම දැක ගන්න පුලුවන් දෙයක් තමා මේක කොච්චර කොමික් accurate ද කියන එක.සමහර තැන් කොමික් පැනල් වල තියන දේම අරන් වගේ.ඒ වගේම තියන දෙබස් පවා කොමික් එකෙන් අරන් තියෙන්නෙ.
හරි දැන් video clip එකට යමු! බැලුවෙ නැති අය මෙතනින් බලන්න 👇
ඇත්තටම වැඩි වෙලාවක් නම් නෑ First Look එක නිසා.විනාඩියට පොඩ්ඩක් අඩුයි මේ ක්ලිප් එකේ Duration එක.ඒවගේම වැඩිය දේවල් කියන්න ගියොත් කතාව Spoil වෙන්න පුලුවන්.ඒ නිසා මතුපිටින් බැලුවාම පේන දේවල් විතරක් කියන්නම්
මේ වීඩියෝ ක්ලිප් එකේ ඇත්තටම තියෙන්නෙ එකම එක මොහොතක් ගැන. හරියටම කිව්වොත් සීරීස් එක පටන් ගන්න තැන සහ සීරීස් එකේ වෙන්න තියන දේවල් වලට මූලික උන හේතුව.කොහොමද ඒක හරියට කියන්නෙ ? කලින් කිව්වනෙ මේක කොමික් එක වගේමයි කියලා. Sandman #1 එකේ තියන දේවල් ටිකක් තමා ඔය අපිට First Look විතරයි දීලා තියෙන්නෙ.ඒක මොකක්ද? ඒක ඉස්සරහට සම්බන්ධ වෙන්නෙ කොහොමද? වගේ දේවල් මේකෙ කියන් නෑ මොකද ඉස්සරහට් මේ ඇකියුරසි එක තිබ්බොත් කලින් කිව්වා වගේ ගොඩක් දේවල් ස්පොයිල් වෙන්න පුලුවන් නිසා. First Look එකේ Footage එක්ක කොමික් එකේ ඒ ඒ දේවල් තිබ්බෙ කොහොමද කියලා ත් දාන්නම්!
මුල ඉදන්ම පේන දෙයක් තමා මොකක් හරි ආගමික Cult එකක් Ritual එකක් එහෙමත් නැත්නම් චාරිත්‍රයක් ඉටු කරන්න යන එක.මේ ජාතිය චාරිත්‍ර නම් මධ්‍යතන යුගයේ ඉදන්ම එන දේවල්.ඒවගේම ඔය Hood එක එක එක්ක තියන Cult ගොඩක් වෙලාවට භාවිතා වෙන්නෙ Evil දෙයක් කරන්න යන පිරිස් නිරුපණය කරන්න.හැම වෙලාවෙම එහෙම නොවුනත් ඒක ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නෙ Evil දේවල් කරන පිරිස් දක්වන්න.ඊට පස්සෙ එතන ඉන්න High Prist එහෙමත් නැත්නම් ප්‍රධාන පූජකයා කියනවා
" Tonight, We will achieve what no one has even attempt.We will Summon and imprisone Death"
පැහැදිලිවම මේ Ritual එක කරන්නෙ Endless ලගෙ Death ව අල්ලලා හිරකරන්න කියන එක පැහැදිලි නෙ. මේක කරන්නෙ හැමෝගෙම යහපතද නැත්නම් පෞද්ගලික හේතුවකට කියලා ක්ලිප් එකේනම් කියන් නෑ.(ඒ උනාට තේරෙනවා ඇති නෙ අරමුණ මොකක්ද කියලා )දැන් හිතනවා ඇති කොහොම උනත් Death ව හිර කරන එක හොද දෙයක් නෙවෙයි ද කියලා.ඇත්තටම ඒක එහෙම නෑ. Death උනත් මේ විශ්වයට කරන Duty එකක් තියනවා.ඒ Duty එක නිසා විශ්වය සමබරව තියනවා.(හිතන්න කිසි කෙනෙක් මැරුන් නැත්නම් කොච්චර ජනගහනය වැඩි වෙලා සම්පත් නැතුව ජීවීන් දුක් විදීද කියලා) .ඒවගේම තමා මරණය කියන්නෙ නපුරු දෙයක්ද? සමහර අය මරණයට වෛර කරද්දි සමහර අය මරණය ගනං නොගෙන ඉන්නවා ඒ වගේම බලෙන්ම මරණය ලගා කර ගන්න අයත් ඉන්නවා.සමහර හරි සාමකාමීව මැරෙද්දි සමහර ඊට සම්පූර්ණයෙන් වෙනස් විදිහට මැරෙනවා.ඔහොම දේවල් උනා කියලා මරණය කාගෙ හරි පැත්තක් ගන්නවද? නෑ! මරණය කියන්නෙ බොහොම අපක්ෂපාතී දෙයක්.කාට උනත් හැමෝටම අවසානයේදි මරණයට මුහුන දෙන්න වෙනවා.මේ කතාවෙ ඉන්නෙ Morpheus ට ඒව්ගේම අනිත් Endlessලාට උනත් ඒක පොදු දෙයක්.එහෙම එකේ මරණය හිර කරන එක හොද දෙයක් නෙවෙයි.ඒවගේ කෙනෙක්ගෙ/දෙයක බලය මිනිස්සු වගේ කොටසක් අතට ගියාම වෙන විනාශය හිතලම බලන්න.
ඊට පස්සෙ තියෙන්නෙ Ritual එක කරන හරිය.ඕකෙ දෙබස් නම් ඇත්තටම කොමික් එකේ තියන් ටිකමයි!
I gave you a coin made from Stoneඔතන ඔයිට වඩා දෙබස් තියෙන්න ඕනෙ.හැබැයි විනාඩියක ක්ලිප් එකකට සේරම දාන්න බෑනෙ.
I gave you a feather pull from an angel's Wing
I gave you blood from my veins
We Summon you together!
"Death has family.Desire,Destiny,Despair.Which one of I got"
"Dream!"
ඔතනදි අපිට පලවෙනි පාරට Morpheus ව දකින්න ලැබෙනවා.Morpheus ගෙ ඇග වටේට රෙද්දක් වගේ දෙයක් තියන නිසා Morpheus ව හරියට පේන්න් නෑ. හැබැයි ඔතනදි පෙන්නනාවා Morpheus පාවිච්චි කරන වස්‍තූන් තුනක්.
Desire කියන වචනෙ අහන්න ලැබෙද්දි පෙන්නන වස්තුව තමා Helmet of Dreams කියන්නෙ.මේකට සුපිරිසිදු සිහිනවල වෙස්මුහුණ කියලාත් කියනවා (Mask of Pure Dreams) මේ Helmet එක හදලා තියෙන්නෙ මැරුන දෙවි කෙනෙක්ගෙ අස්ථි වලින් Dream විසින්මයි.මේකනෙ Dream ට ආරක්ෂාවක් ලැබෙනවා.
Destiny කියද්දි පෙන්නන මැණික තමා Dreamstone එක.(හරි නම Materioptikon) පස්සෙ Dream-Ruby කියලත් කියනවා.Dreamstone එක කියන්නෙ Dream විසින් තමන්ගෙ බලය පාවිච්චි කරලා හදපු මාණික්‍ය දොලහෙන් එකක්.හරියටම කිව්වොත් බලවත්ම මාණික්‍ය.මේ දොලහෙන් සමහර ඒවා විනාශ වෙලා තියෙන්නෙ.Dreamstone එකට පුලුවන් ඒක පාවිච්චි කරන කෙනා දකින හීන යතාර්තයක් ගේන්න.ඒවගේම ඒ නිසා Dreamstone එකෙන් යතාර්තය වෙනස් වීමකුත් වෙනව.අමතර දෙයක් කිව්වොත් ඔය මොහොතට පස්සෙ ඉස්සරහට ඔය Dreamstone එක Justice League එකට විරුද්ධව පාවිච්චි වෙනවා.ඒක කරන්නෙ කවුද කියලා මන් කියන් නෑ මොකද ඉස්සරහට ඒ කවුද කියලා පෙන්නයි.කොමික් බුක් එකේ විදිහටම ගියොත් සමහර ජස්ටිස් ලීග් මෙම්බර්ස්ලා මේ සීරීස් එකේ පෙන්නන්නත් ඉඩ තියනවා.
Despair කියද්දි පෙන්නන් වස්තුව තමා Sand of Sleep කියන්නෙ.මේකෙන් කෙනෙක්ව නිදි කරවලා සිහින දකින්න සලස්වන්න වගේම සිහින සැබෑ ලෝකයට ගේන්න හැකියාවත් තියනවා.
මේ වස්තූන් තුන Dream ව නිරූපණය කරන සංකේත වගේම එයාගෙ බලයටත් බොහොම වැදගත් වෙනවා.මේ තුන මතක තියාගන්න.ඉස්සරහට මේවා හම්බවෙයි!
වැඩි දෙයක් පෙන්නුවෙ නැති උනාට Perfect ම Cast එකක් වගේ.Tudum ඒකේදි Actor Sandman ගෙ වොයිස් එකෙන්ම කතා කරානෙ.Sandman Audiobook එක අහපු අයට ඒ කටහඩයි මේ කටහඩයි කොච්චර සමානද කියලා දැනෙන්න ඇති.Lucifer ට Cast අරලා තියෙන්නෙ Female කෙනෙක් කිව්වම ගොඩක් අය ඒකට කැමති උන් නෑ.හැබැයි Lucifer ගෙ පලවෙනි Appearance එකේ Lucifer ගෙ Gender එක පෙන්නන් නැති උනාට තියෙන්නෙ Female පෙනුමක් කියලා පේනවා.Lucifer කියන්නෙ Angel කෙනෙක් නිසා Sandman කොමික් එකේ Artist උන Sam Kieth ඒ ස්ත්‍රී ස්වරූපයක් එක්ක Lucifer ව ඇන්දා කියලා තමා එක මතයක් වෙන්නෙ.
![]() |
Lucifer (Sandman #4) |
තව ගොඩක් අය වරදවා වටහා ගත්ත දෙයක් තමා John Constantaine ව Gender Swap කරලා කියන එක.ඇත්තටම ඒ ඉන්නෙ John Constantaine නම් නෙවෙයි.ඒ ඉන්නෙ ජෝන්ගෙ පරම්පරාවෙ ජෝන්ට කලින් හිටපු Johanna Constantaine කියන කෙනා.
![]() |
Johanna Constantine |
Casting අතින් ගත්තොත් ගොඩක් Fans ලා අකමැති උන තවත් දෙයක් තමා Death ට Black American නිලියක් ව ගත්ත එක. Endless ලාගෙ Death ව විස්තර කරද්දි කියන්න පුලුවන් දෙයක් තමා "Pale as Death" කියන එක එහෙමත් නැත්නම් මරණය තරමට සුදුමැලී කියන එක.
![]() |
Death (Comics) |
![]() |
Death (Tv Show) |
හැබැයි Fan කෙනෙක් Death ගෙ Casting එක සහ Desire මේකෙදිත් Non-binary වෙයිද කියලා ෆෑන් කෙනෙක් අහපු ප්‍රශ්නයකට දුන්න උත්තරය තමා මේ
I give all the f---s about the work,I spent 30 years successfully battling bad movies of Sandman. I give zero f---s about people who don't understand/haven't read Sandman whining about a non-binary Desire or that Death isn't white enough. Watch the show, make up your minds"
සරලවම කියලා තියෙන්නෙ බලහං නැත්නම් හු#ගනිං කියන එකනෙ!
එහෙනම් අන්තිමට දාන්නම් ටීවී ශෝ එකේ Cast එක සහ එයලා රගපාන චරිත
Tom Sturridge - Morpheus /Dream
Gwendoline Christie - Lucifer
Vivienne Acheampong - Lucienne
Boyd Holbrook - Corinthian
Charles Dance - Roderick Burgess
Asim Chaudhry - Abel
Sanjeev Bhaskar - Cain
Kirby Howell-Baptiste - Death
Mason Alexander - Desire
Donna Preston - Despire
Jenna Coleman - Johanna Constantine
David Thewlis - John Dee
Kyo Ra as - Rose Walker
Stephen Fry - Gilbert
Razane Jammal - Lyta Hall
Sandra James-Young - Unity Kinkaid
Patton Oswalt (voice) - Matthew
❤️😎
ReplyDelete(☞^o^) ☞
ReplyDelete