ඉතාලි සිනමා කර්මාන්තය නඟා සිටුවීම අරමුණු කරගෙන වාර්ෂිකව පවත්වන අන්තර්ජාතික සිනෙමා ප්‍රදර්ශනයක් තමයි මේ Venice Film Festival කියන්නේ. ලෝකයේ අන්තර්ජාතිකව තියෙන හොඳම ෆිල්ම් ෆෙස්ටිවල් එකක් විදිහට තමයි මේක සලකන්නේ. මේකේ දි හොලිවුඩ් සහ වෙනත් රටවල් වල ඉස්සරහට රිලීස් කරන්න තියෙන ෆිල්ම්ස් premiere එහෙම නැත්නම් තෝරාගන්න ඕඩියන්ස් එකකට පළමු වතාවට ප්‍රදර්ශනය කරනවා. ඊට අමතරව මෙහෙම premiere කරන ෆිල්ම්ස් වලට සුප්‍රසිද්ධ Golden Lion වගේ සම්මාන ලබාදීමත් අන්තර්ජාතිකව තෝරගන්න ජූරි සභාවක් මඟින් සිදුකරනවා. (Venice Film Festival එක ගැන වැඩිදුර විස්තර දැනගන්න මෙතැන ක්ලික් කරන්න.)  |
Official Poster for the Venice Film Festival 2021 |
 |
Jury board for the 78 th VFF |
මෙවර Venice Film Festival එක ඊයෙන් ඒ කියන්නේ සැප්තැම්බර් පළමු වෙනිදායින් පටන් අරන් සැප්තැම්බර් 11 දක්වා පවත්වන්න නියමිතයි. ඉතින් මේ කාලය තුළ අපිට ඉස්සරහට එන සුපිරිම ෆිල්ම්ස් ගැන රිවීව්ස්, ෆැක්ට්ස්, නිව්ස් සහ අනවුන්ස්මන්ට් ඒ වගේම ඉස්සරහට Oscar වගේ සම්මාන වලට නිර්දේශ වෙන ෆිල්ම්ස් ගැන හොඳ අවබෝධයක් මේ ඉවෙන්ට් එක ගැන ටච් එකේ හිටියොත් ලබාගන්න පුළුවන්. (Venice Film Festival හි premiere වෙන ෆිල්ම්ස් ලයින් අප් එක දැනගන්න මෙතැන ක්ලික් කරන්න) ඊයේ (සැප්තැම්බර් 01) හවස් වරුවේ ආරම්භ වුණ Venice Film Festival එකේ ඊයේ දවස ඇතුළත වුණේ මොකක් ද සහ ලබාදුන්නු තොරතුරු මොනව ද කියලා දැනුවත් කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. |
Some of the movies which are to be premiered at 78 th VFF |
78 වෙනි Venice Film Festival එකේ Opening Night ඉවෙන්ට් එක එහෙම නැත්නම් සමාරම්භක උත්සවය හොස්ට් කරන්න ඉතාලියේ ජනප්‍රිය නිළියක් වෙන Serena Rossi එකතු වෙලා තියෙනවා.  |
Serena Rossi |
Vence Film Festival එක ඊයේ ආරම්භ වුණේ Palazzo Del Casino හි පැවැත්වුණු press conference එකකින්. මේකේ දි Parasite ෆිල්ම් එකේ ඩිරෙක්ටර් වෙන Bong Joon Ho කොවිඩ් නිසා සිනමාවට ඇතිවුණු බලපෑම් ගැන එයාගේ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. එයා කියන්නේ මේ කොවිඩ් වසංගතය කියන්නේ සිනමාවට හම්බුණු එක් ආකාරයක ටෙස්ට් එකක් බවත් මේකෙන් සිනමාවේ ජීව ගුණය ඉස්මතු කරලා පෙන්නපු බවයි. කොවිඩ් ඉවර වෙලා ගිහින් සිනමාව තවදුරටත් පිහිටනු ඇති බවත් Bong Joon Ho ප්‍රකාශ කරලා තියෙනවා.
“But in a way looking back on it, it feels like this was a test and it showed the life force of cinema.....As a filmmaker, I don’t believe that the history of cinema and cinema could be stopped so easily. So COVID will pass and cinema will continue.”
 |
Bong Joon Ho at 78 th VFF |
ඒ වගේම මේ සතියේ Venice Film Festival හි premier කරන The Card Counter ෆිල්ම් එක නිර්මාණය කරපු Paul Schrader එයාගේ ඊළඟ ෆිල්ම් එක අනවුන්ස් කරලා තියෙනවා. ඒ ෆිල්ම් ෆෙස්ටිවල් එකේ pre opening conference එක අතරතුරේදී යි. ෆිල්ම් එකේ නම The Master Gardener. ෆිල්ම් එකේ මේන් කාස්ට් එකට Joel Edgarten සහ Sigourney Weaver එකතු වෙනවා.  |
Joel Edgarten and Sigourney Weaver |
78 වෙනි Venice Film Festival එකේ පළවෙනියට premiere කරන්න යෙදිලා තිබුණ ෆිල්ම් එක තමා Penelope Cruz ඉන්න Parallel Mothers කියන ස්පැනිෂ් ෆිල්ම් එක. ඒත් ප්‍රධාන වශයෙන් premier කරන ෆිල්ම් වර්ගයට අයිති නොවන වෙනස් ම මාතෘකා ඔස්සේ (අදහස් ප්‍රකාශ කිරීම අතින්) අන්තර්ජාතිකව නිර්මාණය කරන ෆිල්ම්ස් ORIZZONTI කියන කැටගරිය යටතේ වෙනම premiere කරනවා. මේ කැටගරියට අයිති පළවෙනි ෆිල්ම් එක අද උදේ premiere කරලා තියෙනවා. ඒ Les Promesses (The Promises) කියන ප්‍රංශ ෆිල්ම් එකයි.  |
Penelope Cruz at 78 th VFF |
 |
A visual still from Parallel Mothers movie |
ෆිල්ම් ෆෙස්ටිවල් එකේ official opening ceromony එක ආරම්භ වුණේ ඊයේ රෑ 10.30 ට. මේ opening ceromony එක අතරතුර Life is Beautiful ෆිල්ම් එක ඩිරෙක්ට් කරපු සහ ඒකේ ඇක්ට් කරපු ලෝක ප්‍රකට ඉතාලි ජාතික නළුවෙකු වෙන Roberto Beningi හට career achievement සම්මානයක් ලබා දුන්නා. Life is Beautiful ෆිල්ම් එකේ Robert ගේ රඟපෑම ඒක බලපු අයට කවදාවත් අමතක නොවන ඉතා සංවේදි රඟපෑමක් කියලා ලෝකේ ගොඩක් දෙනා එකඟ වෙන කාරණයක්. ඒ වගේම ඉතාලි සිනමාව ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධ කරන්න සෑහෙන උපකාරයක් මේ ෆිල්ම් එකෙන් කරලා තියෙනවා.
 |
Robert Beningi recieving Golden Lion career achievement award |
ඊයේ ආරම්භ වුණ Venice Film Festival එකේ red carpet එකේ ෆොටෝස් පහළින් බලාගන්න පුළුවන්. |
Cynthia Erivo |
 |
Serena Rossi |
 |
Bong Joon Ho |
 |
Helen Mirren |
 |
Isabelle Ruppert |
 |
Mariacarla Boscono |
 |
Chloe Zhao |
 |
Penelope Cruz |
 |
Kirsten Dunst |
 |
Jury Board for the Venice Film Competition |
ඊයේ Venice Film Festival එකේ opening ceromony එකෙන් පස්සේ පවත්වපු Parallel Mothers premiere එකෙන් පස්සේ එදාට තිබ්බ ඉවෙන්ට්ස් ටික ඉවරවුණා. සමස්ථයක් වශයෙන් ගත්තොත් ඉතා හොඳ ආරම්භයක් තමයි මේකට ලැබුණේ. ඒත් තියටර්ස් වලට ඇතුළු වීමේ දී යම් ගැටළුකාරී තත්වයක් ඇතිවෙලා තියෙනවා. ඒ කොවිඩ් මෙශර්මන්ට්ස් නිසා ආරක්ෂාකාරී පියවර අනුගමනය කිරීමේ දි ෆිල්ම් එක බලන්න ආපු අයට දිගු පෝලිමක ඉන්න වෙලා තියෙනවා. ජනප්‍රිය නළුවන්ට පවා මේකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. නමුත් කිසිම කම්ප්ලේන්මන්ට් එකක් නැතුව සියළු දෙනා ඉවසීමෙන් සහ උනන්දුවෙන් සහ සතුටින් මේකට සම්බන්ධ වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් අද දවසේ (සැප්තැම්බර් 02) තියෙන ඉවෙන්ට්ස් ගැන තොරතුරු දැනගන්නත් සයිට් එකත් එක්ක ටච් එකේ හිටියොත් පුළුවන්. The Card Counter සහ The Power of the Dog වගේ සුපිරි ෆිල්ම්ස් premiere කරන්න අද නියමිත වෙලා තියෙනවා.
Venice Film Festival එකේ තොරතුරු (Day 02) 👇
https://www.reviewwhocares.com/2021/09/venice-film-festival-day-02.html
Venice Film Festival එකේ තොරතුරු (Day 03) 👇
https://www.reviewwhocares.com/2021/09/venice-film-festival-day-03.html
Venice Film Festival එකේ තොරතුරු (Day 04) 👇
Venice Film Festival එකේ තොරතුරු (Day 05) 👇
( Source - La Biennale di Venezia )