
ඉතාලි සිනමා කර්මාන්තය නඟා සිටුවීම අරමුණු කරගෙන වාර්ෂිකව පවත්වන අන්තර්ජාතික සිනෙමා ප්‍රදර්ශනයක් තමයි මේ Venice Film Festival කියන්නේ. ලෝකයේ අන්තර්ජාතිකව තියෙන හොඳම ෆිල්ම් ෆෙස්ටිවල් එකක් විදිහට තමයි මේක සලකන්නේ. මේකේ දි හොලිවුඩ් සහ වෙනත් රටවල් වල ඉස්සරහට රිලීස් කරන්න තියෙන ෆිල්ම්ස් premiere එහෙම නැත්නම් තෝරාගන්න ඕඩියන්ස් එකකට පළමු වතාවට ප්‍රදර්ශනය කරනවා. ඊට අමතරව මෙහෙම premiere කරන ෆිල්ම්ස් වලට සුප්‍රසිද්ධ Golden Lion වගේ සම්මාන ලබාදීමත් අන්තර්ජාතිකව තෝරගන්න ජූරි සභාවක් මඟින් සිදුකරනවා. (Venice Film Festival එක ගැන වැඩිදුර විස්තර දැනගන්න මෙතැන ක්ලික් කරන්න.) මෙවර Venice Film Festival එක සැප්තැම්බර් පළමු වෙනිදායින් පටන් අරන් සැප්තැම්බර් 11 දක්වා පවත්වන්න නියමිතයි. ඉතින් මේ කාලය තුළ අපිට ඉස්සරහට එන සුපිරිම ෆිල්ම්ස් ගැන රිවීව්ස්, ෆැක්ට්ස්, නිව්ස් සහ අනවුන්ස්මන්ට් ඒ වගේම ඉස්සරහට Oscar වගේ සම්මාන වලට නිර්දේශ වෙන ෆිල්ම්ස් ගැන හොඳ අවබෝධයක් මේ ඉවෙන්ට් එක ගැන ටච් එකේ හිටියොත් ලබාගන්න පුළුවන්. (Venice Film Festival හි premiere වෙන ෆිල්ම්ස් ලයින් අප් එක දැනගන්න මෙතැන ක්ලික් කරන්න) Venice Film Festival එකේ ඊයේ දවස ඇතුළත වුණේ මොකක් ද සහ ලබාදුන්නු තොරතුරු මොනව ද කියලා දැනුවත් කරන්න තමයි මේ සූදානම් වෙන්නේ.
 |
Offial Poster for the 78 th VFF
|
Dune සහ Spencer ෆිල්ම් දෙක premiere වුණ Venice Film Festival එකේ most awaited දවස තමයි ඊයේ දවස. මේ ෆිල්ම් දෙකෙන් ඉස්සෙල්ලාම premiere කරේ Dune ෆිල්ම් එක. Dune ෆිල්ම් එක බලන්න සෑහෙන පිරිසක් ඇවිල්ලා හිටියා කියලා තමයි කියන්නේ. වාර්තාකරුවන් ඒක වාර්තාකරලා තිබ්බේ මිනිස්සු පිස්සුවෙන් වගේ හෝල් වල සීට්ස් ගන්න පොරකෑවා කියලා. සෝෂල් මීඩියා වල විවිධ polls ඒ කියන්නේ ඔය වෝට් කරන්න තියෙන ඒවා වලින් No Way Home ට්‍රේලර් එක ආවටත් පස්සේ දිනන්න Dune ෆිල්ම් එකට පුළුවන් වෙලා තියෙනවා. ඒ තරම් හයිප් එකක් තමයි ලෝකේ Dune ෆිල්ම් එකට තියෙන්නේ. ෆිල්ම් එක ගැන බලපු අයගේ කිසිම අදහසක් හෝ රිවීව් එකක් ඊයේ රෑ වෙනකන් රිලීස් කරන්න දීලා නැහැ. ඒ ඔෆීෂියලි කරන premier එක ඉවරවෙනකන්. හැබැයි ෆිල්ම් එක බලලා goosebumps ඇවිල්ලා ටොප් ලෙවෙල් හයිප් එකේ හිටපු සමහර අය එයාලගේ අදහස් කලින්ම දීලා තියෙනවා. එයාලා කියන්නේ මේක මේ දශකයේ ආපු සිනමාව shape කරපු ඒ කියන්නේ හැඩ කරපු ෆිල්ම් අතළොස්සෙන් එකක් කියලා. ඒ කියන්නේ 1990 දශකයේ Jurassic Park වගේ 2000 දශකයේ The Avatar වගේ 2010 ඉඳන් මේ වෙනකන් තිබ්බ ෆිල්ම් වලින් හොඳම තියටර් එක්ස්පීරියන්ස් එකක් ලැබිලා තියෙන්නේ මේ Dune ෆිල්ම් එකේ. කොහොම නමුත් ෆිල්ම් එකට සමහර ක්‍රිටික්ස් ලගෙන් ලැබිලා තියෙන රිවීව්ස් නම් mixed ඒවා. ඒ අයගෙන ගොඩක් අයගේ මතය ෆිල්ම් එකේ පළවෙනි භාගය සුපිරි වුණත් අන්තිම ටික ටිකක් අවුල් කියලා. ඒ බොහෝවිට ෆිල්ම් එක කොටස් දෙකකට එන නිසා වෙන්නැති. ඒ වගේම සමහර අය මේක Star Wars සමඟ කම්පෙයාර් කරන්න ගිහිල්ලා වගේ කියලත් තේරෙනවා. පෞද්ගලිකව මම වේවි කියලා බයවුණ දේම වෙලා තියෙනවා. මේකේ තියෙන්නේ සෑහෙන ඩීප් සයන්ස් සහ පොලිටිකල් කන්සෙප්ට්ස්. ඒ නිසා මේකටම යුනික් වුණ වයිබ් එකක් ෆිල්ම් එකේ ඇති. පුළුවන් තරම් ඒ වයිබ් එක හොයාගන්න ට්‍රයි කරන්න ඕනේ. දශක ගාණක් තිස්සේ නිර්මාණය කරන්න ට්‍රයි කරපු Sci Fi එක Denis නිර්මාණය කරලා තියෙනවා කියලයි ගොඩක් අයගේ මතය. එයාලා කියනවා වගේ Story must flow. කතාව ඉස්සරහට කන්ටිනියු වෙන්න ඕනේ.
 |
Dune |
Dune එකේ premier එකට ෆිල්ම් එකේ කාස්ට් එකේ සහ කෲ එකේ අය ඇවිල්ලා හිටියා. ඒ වගේම ෆිල්ම් එකේ ඩිරෙක්ටර් වෙන Denis Villeneuve ෆිල්ම් එක ගැන එයාගේ අදහස් කියලා තිබ්බා. එයා කියන්නේ එයා ෆිල්ම් එක හැදුවේ තියටර් එකක බලන්නමයි කියලා. කොවිඩ් ප්‍රශ්න තිබුණත් ආරක්ෂාකාරීව තියටර් එකකම බලන්න පුළුවන් තරම් උත්සාහ කරන්න කියලා තමයි එයා කියලා තියෙන්නේ.
"It has been dreamed, designed, and shot thinking Imax. When you watch this movie on the big screen, it's a physical experience."
Denis ගේ Dune ෆිල්ම් එක Frank Herbert ගේ ඔරිජිනල් පළවෙනි Dune නවල් එක කොටස් දෙකකට බෙදලා ඒකේ පළවෙනි කොටස විදිහට එන එකක්. ඉතින් මේකේ දෙවෙනි ෆිල්ම් එක එනවද නැද්ද කියන එක තාම ප්‍රශ්නයක් නු. ඒ තීරණය තනිකර තියෙන්නේ Warner Bros. සහ Legendary ස්ටූඩියෝ දෙක අතේ. එයා කියන්නේ ස්ටූඩියෝ දෙකම එයාලට පුළුවන් උපරිම උත්සාහය යොදනවනු sequel ෆිල්ම් එක නිර්මාණය කරන්න. ඉතින් ඔබ ඔබේ යුතුකම ඉටුකරොත් එයාලා එයාලගේ යුතුකම ඉටුකරයි. ඒ නිසා ෆිල්ම් එක රිලීස් වෙන දවසෙම උදේම හෝල් වලට ගිහිල්ලා පෝලිමේ ඉඳලා හරි ෆිල්ම් එක බලන්න. කොවිඩ් නිසා බලකරන්න කිසිම අයිතියක් නෑ. ඒත් අවස්ථාව තියෙනවනම් මොනවිදිහකට වත් ඒක මිස් කරන්න එපා. ඒ වගේම කාස්ට් එකේ අයත් මේ ෆිල්ම් එක ගැන අදහස් කියලා තියෙනවා. ඒ අය කියන්නේ ෆිල්ම් එකට සහභාගි වෙන්න ලැබීම එයාලා ලබපු ගෞරවයක් සහ sequel එකක් ආවොත් ඒක හීනයක් වගේ තියේවි කියලා.
 |
Denis Villeneuve on the Dune set |
Dune premiere එකට එන ඒකේ කාස්ට් එක බලන්න මිනිස්සු සෑහෙන ආසාවෙන් ඉඳලා තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. වැඩිම ජනප්‍රියත්වයක් හම්බෙලා තියෙන්නේ Timothee Chalamet ට. මිනිස්සු පොරකකා "Timothee! Timothee! Timothee!" කියලා කෑගහලා තියෙනවා. මේ වගේ ජනප්‍රිය ප්‍රතිචාරයක් Venice Film Festival එක තුළදී හම්බෙලා තියෙන්නේ 2018 Lady Gaga ට විතරයිනු. මේ Dune ෆිල්ම් එකෙන් Titanic එකෙන් Dicaprio ට හම්බුණ ජනප්‍රියත්වය හා සමාන ජනප්‍රියත්වයක් Timothee ට බොහෝ වෙලාවට ලැබේවි.
 |
Timothee Chalamet in Dune |
ඊළඟට වැඩිම හයිප් එක තිබුණේ Spencer ෆිල්ම් එකට. Dune එක කොච්චර ජනප්‍රිය වුණත් Venice Film Festival ඉතිහාසයේ වාර්තාගත ලෙස ටිකට් මිලදී ගැනීමක් එක්ක වැඩිම ටිකට්ස් ගාණක් මිලදී අරන් තිබ්බේ Spencer ෆිල්ම් එක බලන්න. Pablo Larrain ඩිරෙක්ට් කරපු මේ ෆිල්ම් එකේ Princess Diana ගේ චරිතය කරන්නේ Kristen Stewert විසින්. Diana ගේ සහ Charles ගේ විවාහය බ්‍රේක්අප් වෙන සිදුවීම් වටා යන කතාවක් තමයි මේක. දුකහිතෙන, සංවේදි සහ මානසිකව බලපාන දේවල් ගැන මේ ෆිල්ම් එකේ හොඳට කතාකරනවා කියලා සඳහන් වෙලා තියෙනවා.
 |
Kristen Stewert as the Princess Diana
|
සමහර අයගේ මතය දැනට මේ අවුරුද්දේ ආපු හොඳම ෆිල්ම් එක මේක කියලයි. ඒ වගේම Kristen Stewert ගේ ඇක්ටින් unparallel සහ ඉතා විශිෂ්ට විදිහට තිබුණා කියලා සඳහන් කරලා තියෙනවා. අනිවාර්යෙන් Oscar එකක් හම්බවෙන මට්ටමේ රඟපෑමක් තමයි Kristen කරලා තියෙන්නේ. ප්‍රීමියර් එකත් එක්කම ෆිල්ම් එකේ තව ෆස්ට් ලුක් එකක් රිලීස් කරලා තියෙනවා.
 |
Official first look for the Spencer movie |
මීට අමතරව Trenches ෆිල්ම් එකේ රිවීව්ස් ත් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. රශියන් බෙදුම්වාදීන් සමඟ සටන් කරන යුක්‍රේන් සෙබළුන් එක්ක ඉන්න ප්‍රංශ ජර්නලිස්ට් කෙනෙක් ලබන අත්දැකීම් ගැන තමයි ෆිල්ම් එකේ කතා කරන්නේ. මේක ප්‍රංශ ෆිල්ම් එකක්. යුද්ධ ගැන (සටන් ම නෙවේ War කියන කන්සෙප්ට් එක) උනන්දු අයට බලන්න හොඳ ෆිල්ම් එකක්නු.
 |
Trenches |
ඒ වගේම Maggie Gyllenhall ඒ කියන්නේ Jake Gyllenhaal ගේ වැඩිමහල් සොහොයුරිය ඩිරෙක්ට් කරපු The Lost Daughter ෆිල්ම් එකත් ඊයේ premier කරා. මේක එයා ඩිරෙක්ට් කරපු පළවෙනි ෆිල්ම් එක. ඒ වුණත් විනාඩි 4 ක standing ovation එකක් මේ ප්‍රීමියර් එකේදී ෆිල්ම් එකට හම්බවෙලා තියෙනවා. ඒ වගේම Maggie විසින් කවදහරි එයාගේ සහෝදරයා ඇක්ට් කරන ෆිල්ම් එකක් ඩිරෙක්ට් කරන්න ආසාවෙන් ඉන්නවා කියලත් සඳහන් කරලා තියෙනවා.
 |
The Lost Daughter |
පළවෙනි වතාවට ඕඩියන්ස් එකකට Dune සහ Spencer ෆිල්ම් දෙක premiere කරලා තවදුරටත් ලෝකේ හොඳම Film Festival එක විදිහට Venice Film Festival එකට තියෙන නම තහවුරු කරන්න ඊයේ දවසේ පුළුවන් කම ලැබුණා. ඒ වගේම අදත් සුපිරිම ෆිල්ම් සෙට් එකක් premiere වෙන්න තියෙනවා. Anya Taylor Joy ඉන්න Last night in Soho සහ Sundown කියන ගොඩක් අය හයිප් එකේ ඉන්න ෆිල්ම්ස් දෙකත් ඒ අතරේ තියෙනවා. ඒ විස්තරත් එක්ක අපි හෙට දවසේ හමුවෙමු.
Venice Film Festival එකේ තොරතුරු (Day 01) 👇
Venice Film Festival එකේ තොරතුරු (Day 02) 👇
Venice Film Festival එකේ තොරතුරු (Day 04) 👇
Venice Film Festival එකේ තොරතුරු (Day 05) 👇
( Source - La Biennale di Venezia )