ශූරයින්ගේ ලෝකය | Arcane Series Overview


2021 අවුරුද්දෙ ආපු බෙස්ට් ම ඇනිමේටඩ් සීරීස් එකක් අරන් තමයි ඉතින් ඔන්න අද ආවෙ. මට නම් මේක තමා මෙතෙක් මේ අවුරුද්දට බලපු හොඳම ඇනිමේශන් සීරීස් එක. ඔයාලටත් එහෙම හිතෙයි බලන්න ගත්තම....

එහෙනම් යමු කතාවට...

League of Legends කිව්වම ගේම් සීන් එකෙ ඉන්න ඕන කෙනෙක් නම් මේ මොකද්ද කියලා දන්නවා. සරලවම Online Platform එක ඇතුලෙ ජනප්‍රියම ගේම් වලින් එකක් විදිහට LOL හඳුන්වන්න පුලුවන්.


මේ ගේම් එකෙ වෙන්නෙ 5vs5 Battle එකක්. Oppenent ලගෙ පැත්ත ටිකින් ටික ආක්‍රමණය කිරීමක් තමා සරලව කරන්න තියෙන්නෙ(මෙහෙම කිව්වට ලොකු ලොකු දේවල් ගොඩක් තියනවා ඇ. මම බොහොම පොඩියට කිව්වෙ). ඉතින් මේ වෙද්දි LOL ගේම් එක ලෝකෙම මිලියන ගානක් ගහන ගේම් එකක්. මේ ගේම් එක අයිති වෙන්නෙ Riot Games ආයතනයට.


Riot Games ලා මේ Lol ගේම් එකෙ season එකක් introduce කරද්දි අමුතුම දෙයක් කලා. අමුතුම කිව්වට ලොකු අමුත්තකුත් නෑ ඉතින්. එයාලා Cinematic Visual එකක් හැදුවා ඒ ඒ සීසන් වලට. ඒවා පට්ට ෆේමස් වුනා සහ ඒවා මාරම කොලිටි. ඔයාලා දන්න Legends Never Die සින්දුව එහෙමත් තිබ්බෙ ඒ Cinematic Trailer එකක. මේවත් එක්ක ගොඩක් අය ඉල්ලපු දෙයක් තමා ඒ විදිහෙ සීරීස් එක. ඔන්න ඉතින් Riot Games ලා එක්ක Netfilx එකතු වෙලා තමා අපිට මේ සුපිරිම සීරීස් එක අරන් එන්නෙ තීරණය කරනවා.

මුලින්ම මේ දේ කියන්න ඕනෙ ගේම් එක ගැන පොඩි හඳුන්වාදීමක් දුන්නා කියලා හිතන්න එපා සීරීස් එක බලන්න ගේම් එක ගහලා තියෙන්න ඕනෙ කියලා. එහෙම කිසි එකක් නෑ. ආයෙත් කියනවා ඔයා ගේම් එක ගහලා නෑ කියලා ඔයාට කිසිම ප්‍රශ්නයක් නෑ සීරීස් එක බලන්න. කොටින්ම මම වටින් ගොඩින් විස්තර දැනන් හිටියට LOL ගේම් එක මමවත් ගහලා නෑ. හැබැයි ගේම් එක ගහලා තියෙන කෙනෙක්ට ටිකක් වැඩිපුර Enjoy කරන්න පුලුවන් වෙයි. මොකද මේ එයා දන්න අඳුරන කැරැක්ටර් නෙ ඒක නිසා. එහෙම නැතුව වෙන දෙයක් නෑ. 

සීරීස් එක යන්නෙ Piltover කියන Rich City එක සහ Zaun කියන Under city එක අතරෙ. Zaun කියන්නෙ තනිකර නිර්ධන පන්තියෙ නගරයක්. Piltover කියන්නෙ ධනපති පන්තියෙ නගරයක්. Zaun වල පාලනය අයිතිත් Piltover වලටම තමා. හැබැයි zaun ගැන එහෙම ලොකුවට piltover වලට තැකීමක් නෑ. මේක නිසාම හොරු මංකොල්ල කාරයො වගෙ ගොඩක් අය zaun වලින් බිහි වෙනවා. කොහොම හරි කතාව ගලන් යන්නෙ VI සහ Powder කියන ගෑනු ළමයි දෙන්නත් එක්ක. මෙයාලගෙ දෙමව්පියො  Piltover city එකට විරුද්ධව කරපු කැරැල්ලකින් මැරිලා. එදා ඉඳලා මෙයාලව බලාගන්නෙ Vander. Vander ගැන කිව්වොත් Undercity එකෙ නිලනොලත් පාලකයා විදිහට Vander හඳුන්වන්න පුලුවන්. Vi,powder එක්ක තව දෙන්නෙක් එකටම ඉන්නවා. ඒ Mylo සහ Clagger. මේ හතර දෙනා අතරෙ ලොකු බොන්ඩ් එකක් තියෙනවා. දවසක් Vi මේ කට්ටියවත් එක්කගෙන හොරෙන්ම Piltover වලට යනවා. ඒ හොරකම් කරන්න. මෙන්න මෙතනින් තමා මේ අයගෙ ජීවිත වෙනස් වෙන සිදුවීම වෙන්නෙ. මේ හතර දෙනාගෙ විතරක් නෙමෙ මුලු Piltover City එකයි Zaum එකයි වෙනස් වෙන්නෙත් මෙන්න මේක නිසා..

ඒක මොකද්ද කියලා මම කියලා වැඩක් නෑනෙ ඔයාලම බලන්නකෝ.

මේ සීරීස් එක සුපිරියක් වෙන්න දේවල් කීපයක් බලපෑවා. එකක් තමා යුනික් ඇනිමේශන් කොලිටිය. සුපිරිම කොලිටියකට සීරීස් එක හදලා තියෙනවා. ඒ ගැන නම් කතා නෑ. ඒක මරෙ මරු. අනික colors පාවිච්චි කරලා තියෙන විදිහ නෙක්ස්ට් ලෙවල්. Neon colors එහෙම දාලා තියෙනවා තැන් කීපයක. හම්මෙ ඒවා නම් ගිනි ගින්දර🔥


අනිත් හේතුව තමා මේකෙ මියුසික්. ඒක නම් ෆීල් වෙනවා ආයෙ බොක්කටම. මේකෙ Theme Song එක කියන්නෙ එකතු වෙලා තියෙන්නෙ Imagine Dragon ලා එක්ක J.I.D

J.I.D.

Imagine Dragon

ඒක නම් පට්ටම සින්දුවක්. එපි නවයෙම තත්පරයක් ස්කිප් නොකර සින්දුවා ඇහුවා මම. හෙන ගැම්මක් ඒක.  වගේම හැම එපියක් අවසානෙමත් සින්දුවක් යනවා. ඒ ටිකත් මරු. ෆීල් වෙනවා ලොවෙත්. ඩබින් කාස්ට් එකත් නෙක්ස්ට් ලෙවල් කාස්ට් එකක්. චරිත වලට පර්ෆෙක්ට්ම කාස්ට් එක. විශේෂයෙන්ම Powder ට හඬකවන Ella Purnell නම් මරු (Army Of The Dead එකෙ එහෙම හිටියෙ). ඒ වගේම සීරීස් එකේ Vi ට හඬකවන්නෙ අපේ කේට් බිශොප් වස්තුව Hailee Steinfeld.

Ella Purnell

Hailee Steinfeld 

ඉතින් IMDB දර්ශකයෙ 9.4ක් ගත්තු සුපිරිම සීරීස් එකක් මිස් නොකර බලන එක ඔයාලගෙ යුතුකමක්. ඒ වගේම මේ වෙද්දි Arcane සීසන් 2 එනවා කියලා ඔෆීශියල් ම කියලා තියෙන්නෙ. මේ හැදෙන්නෙ මාස්ටර්පීස් සීරීස් එකක්. බලන්නකො නැද්ද කියලා😉.

තව ලිපියකින් ආයෙ හමුවෙමු.

සුබ දවසක්...!

Arcane (2021) on IMDb

Arcane: League of Legends | Official Trailer

2 Comments

  1. Balapu Supirima animation series eka.Music,animation,visual effects next level...Lipiyath godak watinawa...series eka baluwata danagena hitiye nathi karunu wagayak danagatha

    ReplyDelete
  2. Supiriyak.Music nm niyamai series eke. enemy song eka maratama feel una mata nm.

    ReplyDelete
Post a Comment
Previous Post Next Post