ඔන්න එහෙනම් තවත් සුපිරිම සීරීස් එකක පළවෙනි සීසන් එක ගින්දර එන්ඩින් එකක් එක්ක ඉවර උනා. කතා කරන්න දේවල් සෑහෙන්න තියෙනවා. ගොඩක් දුරට මේක මං ගේන දිගම බ්‍රේක්ඩවුන් එක වෙයි. සීරීස් එකේ සමස්තය ගැන ලිපියේ අවසානයට කතා කරමු. මොකද 09 වෙනි එපිසෝඩ් එකේ කතා කරන්න දේවල් සෑහෙන්න තියෙනවා. ඉතිං වෙනදා වගේ ඒ ඒ චරිත බේස් කරන් බ්‍රේක්ඩවුන් එක කරන් යමු 09 එපියට. ඊට පස්සේ 10 ගැන කතා කරලා අවසානේ සමස්ත සීරීස් එක ගැනම කතා කරමු. නිදහස් වෙලාවක් අරන් කියවන්න එහෙනම් ❤️
එපිසෝඩ් 09
සැල්වෝ සහ ටර්මිනස්
09 වෙනි එපිය පටන් ගන්නෙම සැල්වෝගේ පොඩි කාලේ කතාවකින්. මෙතනදී ගේල්ගේ දෙබස් වලින් හරි ලස්සන වචන ටිකක් ඇහෙනවා.
History isn't facts, it's narrative...
ඔය ඉංග්‍රීසි වචන වල සිංහල තේරුම පැත්තකින් තියන්නකෝ.. ඉස්සෙල්ලාම කියන්න බලන්න ඉතිහාසය ගැන ඔයා මොකක්ද හිතන්නේ???
මං පොඩි උදාහරණයක් මුලින් ගන්නම්.. අපේ දෙමාපියෝ ඉන්නවානේ. සමහරවිට මේක කියවන ඔයාගේ අම්මයි තාත්තයි දෙන්නම මේ වෙනකොට ජීවතුන් අතර නැති වෙන්න පුලුවන්. ඒත් එයාලගෙ මතක ඔයාලා ලග තියෙනවා. අපි හැමතිස්සෙම එයාලව දකින්නේ සියට සීයක් සර්වසම්පූර්ණ අය විදියට. උදාහරණයක් විදියට අම්මා හෝ තාත්තා කරන්න එපා කිව්ව දෙයක් අපි කලොත් ගොඩක් වෙලාවට අපිට කෙලවෙනවා නේද? ඒ වගේම අපි වැරද්දක් කලොත් එයාලා බනිනවා. සමහර බැනිලි ඇහෙනකොට හිතෙන්නේ "එයාලා කවදාවත් මේ වැරදි කරලා නැද්ද?".. උදාහරණයක් විදියට ස්කෝලෙ යන කාලේ කෙල්ලෙක්/කොල්ලෙක් එක්ක යාලු වෙච්ච එක එහෙම..
ඊලගට ටිකක් ලොකු උදාහරණයකට යං. අපි ගමු අපේ ලංකාවේ ඉතිහාසය. මං ඔයාගෙන් අහනවා අපේ ඉතිහාසයේ ඔයා දකින පර්ෆෙක්ට්ම රජතුමා කවුද කියලා??? නමක් ඔලුවට ආවා නේද.. ඔයාට මතක් උන නම මතකෙ තියාගෙන නිකමට වගේ වට්සැප් ස්ටේට්ස් එකක් දාන්න ඔය ප්‍රශ්නෙ. එක්කො පේස්බුක් පෝස්ට් එකක්. එහෙම කරලා බලන්න ඒකට එන උත්තරත් සේරම එකම ටික නේද කියලා.. හරියට ප්‍රෝග්‍රෑම් කරලා වගේ..
සරලව ඔන්න ඕකයි ඉතිහාසය කියන්නේ. ඉතිහාසය කියන්නේ ෆැක්ට්ස්, එහෙම නැත්තම් සිදුවීම් නෙමෙයි.. බොහොම ලස්සනට ගොඩනගපු කතාවක්. එතකොට ඒ කතාව බොරුවක්ද? නෑ.. අන්න එතනයි ඒ කතාවේ තියෙන විශේෂත්වය. කාටවත් බෑ මේක බොරුවක් කියන්න. තේරෙන විදියට මෙහෙම කියන්නද? ඔයා මෙච්චර කාලෙකට ලියපු එක්සෑම් ටික ගැන කල්පනා කරන්න. කවදාවත් එක උත්තරයක් හරි කොපි කරලා නැද්ද??? හැබැයි ඔයා කවදාවත් ඒක කියෝ කියෝ යනවද??? මොළයක් තියේනම් කවදාවත් ඒක කියන්නේ නෑ. කිව්වත් කියන්නේ ඔයාට ඕනි විදියට අඩුම කුඩුම එකතු කරලා. අන්න ඒ විදියට තමා ඔයා ඔයාගේ ඉතිහාසය ලියන්නේ. ඔයා දවසක ඔයාගේ ළමයින්ට කියයි "අපේ කාලේ අපි නිදිමාරගෙන, මැරෙනකම් පාඩම් කරලා විභාග කරලා තමා අද මේ තැන ඉන්නේ" කියලා. මේක රිජෙක්ට් කරන්න ඔයාගෙ ළමයින්ට බෑ. මොකද ඔයා ඇත්තටම විභාග පාස් වෙලා තියෙනවා. ඒත් ඒ පාස් උන විදිය??? අන්න ඒ විදිය ඔයා ඔයාට ඕනි විදියට කතාවක් හදාගන්නවා. අන්න ඒකයි ඔයාගෙ ඉතිහාසය. ඔය විභාග කියන වචනෙට ඔයාට කැමති දෙයක් දාගන්න. ඔයා කියන වචනෙට ඔයා කැමති රටක්, ආගමක්, ජාතියක්, සමාජයක් දාගන්න. ඒ ඒ කතාවන් ඔයාගේ විභාග කතාව එක්ක රිප්ලේස් කරන්න. එන්න එතකොට ඔයාට එනවා පර්ෆෙක්ට් නැරේටිව් එකක්, එහෙම නැත්තම් සර්ව සම්පූර්ණ කතන්දරයක්. අන්න ඒකට තමා අපි ඉතිහාසය කියන්නේ. ඉතිහාසයට අනුව අපි පර්ෆෙක්ට්. ඒත් ඇත්තටම අපි, කාලයේ ගලායෑමත් එකක් නිර්මාණය වුන සැබෑ යතාර්ථය ඇතුලේ නිර්මාණය වුන/වෙන ව්‍යාකූලත්වයක කොටස්කාරයෙක් විතරයි.
A villain becomes a hero, A lie becomes a truth...
උඩ කියපු දේ ඔලුවට ගියානම් ඔය දෙබස ඔයාට තේරෙන්න ඕනි. ඔයාගෙ කතාව ඇතුලේ ඔයා වීරයෙක්. හැබැයි තව කෙනෙක්ගේ කතාව ඇතුලේ ඔයා දුෂ්ඨයෙක්. එතකොට ඇත්තටම අපි කවුද? 2020 වෙනකොට ලෝකේ ජනගහණය බිලියන 7.5ක් වගේ. ඒ කියන්න ඔන්න ඔය බිලියන 7.5න් එක්කෙනෙක් විතරයි ඔයා. තේරෙනවද කොච්චර පොඩි සම්බාවිතාවයක්ද කියලා. ඔයා හිටියත් නැතත් ඔය බිලියන 7.5ට දැනෙන්නෙවත් නෑ. ඔයාගේ කතාවේ ඔයා වීරයා උනා කියලා ඔය බිලියන 7.5ට අදාලත් නෑ. එහෙනම් ඔයාගෙ ලෙගසි එක, සරලව කිව්වොත් ඔයාගෙ කතාව ඔය බිලියන 7.5 අතරට යන්නනම් ඒ කතාව සෑහෙන්න පර්ෆෙක්ට් වෙන්න ඕනි. මේ කියන්නේ ඔයා මාර දේවල් කරන්න ඕනි කියලා නෙමෙයි. ඔයාගෙ කතාව පර්ෆෙක්ට් වෙන්න ඕනි. උදාහරණයක් විදියට ආතර් රජතුමාව (King Auther) ගන්න, රාවණාව ගන්න. එයාල ඇත්තටම හිටියද නැද්ද කියලවත් අපි දන්නේ නෑ. හැබැයි අදටත් කතාවක් විදියට එයාලා ජීවත් වෙනවා. අදටත් සමස්ත සමාජයටම එයාලා ඉෆෙක්ට් එකක් වෙනවා. ඉතිං රටේ ඉන්න පාලකයන්ටයි, දේශපාලනේ කරන අයටයි, අල්ලපු ගෙවල් වල මිනිස්සුනටයි බැන බැන ඉන්න වෙලාවේ තමගෙ කතාව ගොඩනගාන්න. නැත්ත එහෙම කවදාහරි දවසක මැරිලා ගියාම ඉතුරු වෙන්නේ ලියපු පේස්බුක් හෑලි ටික විතරයි. ඒ වගේම මතක තියාගන්න. එක දවසකට පබ්ලිශ් වෙන මිලියන ගානක් වෙච්ච පේස්බුක් පෝස්ට් වලින් එකක් විතරයි ඔයාගේ හෑල්ලත් ✌️
ඔය අල්ලපනල්ල අස්සේ අපි දැනගන්නවා පට්ටන ඉන්ට්‍රස්ටින් ෆැක්ට් එකක්. සැල්වෝ එයාගේ තාත්තගෙන් අහනවානේ මිනිස්සුන්ගේ ඔරිජින් එක කොහෙද කියලා.
ඔතන කියන තැන් අතරේ Earth (පෘථිවිය) කියලත් කියවෙනවා. දැන් මං අර උඩ කිව්ව ටික හරියට ඔලුවට ගිය කෙනෙක්ට කට කොනකින් කින්ඩි හිනාවක් යන්න ඕනි සැල්වෝගේ තාත්තා ඒක කියපු හැටි මතක් වෙනකොට.
පෘතුවිය කියන්නේ නිකම්ම නිකන් ප්ලැන්ට් එකක් ගානට දාලා කියන්නේ. ඒත් දැන් අපිට පෘථිවිය කියන්නේ අපේ හැමදේම නේද? මේක නැති උනොත් අපිත් නෑ වගේ නේද? හැබැයි මිනිස්සු මෙතනින් ඉවෝල් වෙලා සමස්ත අභ්‍යවකාශය පුරාවටම විසිරෙන්න පටන් ගත්ත කාලෙක පෘතුවිය කියන්නෙත් ඒ ගැලැක්සි එකේම එක ප්ලැන්ට් එකක් විතරයි. ඒ වගේම කාලයක් යද්දී තිබ්බද නැද්ද කියලත් අමතක වෙන තැනක් විතරයි. ආයෙත් ඔන්න කියනවා. පෘතුවිය වගේ තැනකට ඒම වෙනවානම් ඔයා නැති උන කාලෙක ඔයාට වෙන දේ හිතලා බලන්න. තුන් මාසේ දානෙන් පස්සේ ගෙදර මිනිස්සුන්ට මතකත් නෑ. ඒ නිසා ජීවත් වෙන පොඩි කාලේ ඇතුලේ පුලුවන් තරම් පර්ෆෙක්ට් නැරේටිව් (කතාවක්) ඔයාගෙ ජීවිතේ වටා හදාගන්න.
ආයෙ සැල්වෝගෙ තාත්තා ලස්සන කතාවක් කියනවා. ට්‍රැන්ටෝර් වල ස්ටාර් බ්‍රිජ් එකට කරපු මරාගෙන මැරෙන ප්‍රහාරය නිසා මිලියන ගානක් මැරුන. ඒකට පළිගැනීමක් විදියට එම්පයර් ඇන්ක්‍රීන් සහ තෙස්පිස් වලට කරපු ප්‍රහාර වලින් මිලියන ගානක් මැරුනා. හැබැයි කවුරුහරි ඕකෙන් දින්නද??? මං කලින් බ්‍රේක්ඩවුන් එකේ කිව්වා මලමිනී උඩින් ලබාගන්න ජයග්‍රහණ, සැබෑ ජයග්‍රහණ නෙමෙයි කියලා. හිමිහිට ඉන්න ගමන් හිතලා බලන්න.
ඔන්න ඊලගට අපි දකිනවා Invictus ශිප් එක ජම්ප් කරන අතරතුර වගේ සිදුවීම්. මේ වෙලාවේ සැල්වෝට පේනවා නේද කලින් උන දේවල්. ඒ කියන්නේ ජම්ප් කරන්න ටිකකට කලින් උන දේවල්.
3 Dimensions |
අපිට එහෙම යන්න පුලුවන් අපි ත්‍රිමාණ ජීවින් නිසා. අපි සතරමාන ජීවීන් උනානම් කාලය කියන්නෙත් ඔය වගේ දෙයක් විතරයි. ඒක පැහැදිලි කරන්න බෑ සහ ලොකුවට හිතන්නත් එපා. සංකීරණ වැඩී.. මෙතන සැල්වෝට වෙන්නෙත් එහෙම දෙයක්. ජම්ප් එක කරනකොට කාලයේ ඇති වෙන නැම්ම නිසා වෙන්න ඕනි අර කලින් උන දේවල් ආයේ ආයේ පේන්නේ. මගේ ඔලුවට එන ලොජිකල් ආන්සර් එක ඒක. ඊට වෙනස් දෙයක් තියේනම් කමෙන්ට් එකක් දාන් යන්න.
කොහොමහරි ඔන්න Invictus ශිප් එක ජම්ප් කරන්නේ ටර්මිනස් වලටමයි. අපේ ලුවිස් බොසා තමා වැඩේ කරන්නේ ගානට. හැබැයි මේ ප්‍රොසෙස් එක නිසා ලුවිස් මැරෙනවා.
කලින් බ්‍රේක්ඩවුන් එකේ මං පැහැදිලි කලා ජම්ප් කරන ප්‍රොසෙස් එක කොච්චර සංකීරණද කියලා. ඒක මනුස්සයෙක්ගේ මොළේට දරාගන්න අමාරුයි. ඒ නිසා තමා ලුවිස් මැරෙන්නේ.
ජම්ප් එක ඉවර වෙනවත් එක්කම සැල්වෝට සිහිය ආවට ෆාරා එහෙම තාමත් සිහි නැතුව ඉන්නේ. ඒ වගේම අපි දකිනවා Invictus ශිප් එකත් එක්ක තෙස්පියන් ශිප් ටිකත් ජම්ප් කරලා කියලා.
හැබැයි ඒ ශිප් වල ඉන්න අයත් තාම සිහි නැතුව ඉන්නේ ජම්ප් එක නිසා. ටර්මිනස් ලගට ආවට සැල්වෝට ටර්මිනස් වලට ගොඩබහින්න පොඩි ශිප් එකක් ඕනි. උදව්වක් ඉල්ලන්න කතා කලත් ටර්මිනස් වලිනුත් ප්‍රතිචාරයක් නෑ. තේස්පියන් ශිප් වලිනුත් එහෙමයි. ඔය අතරේ තමා සැල්වෝ දකින්නේ ටර්මිනස් වටා කක්ෂයේ පරිභ්‍රමණය වෙන අපේ හියුගෝ බොසාගේ The Beggar ශිප් එක.
මතකනේ.. කලින් එපියක පෙන්නුවා හියුගෝ මේක ටර්මිනස් වල කක්ෂයේ නවත්තලා පොඩි ශිප් එකකින් ටර්මිනස් වලට එනවා.
එපිසෝඩ් 03 එකේ පෙන්නන හියුගෝගේ The Beggar ශිප් එක |
ඒ ආවට පස්සේ තමා සැල්වෝ දකින්නේ ටර්මිනස් වල තියෙන Vault එකේ නල් ශීල්ඩ් (Null Feild) එක වර්ධනය වෙලා සේරම සිහි නැතුව වැටිලා කියලා.
අපි මුල ඉදන් දන්නවානේ මේ නල් ශීල්ඩ් එකෙන් සැල්වෝට හානියක් නෑ කියලා. ඒ වගේම ඔතන සත්තුත් (කුරුල්ලෝ එහෙම) සිහි නැතුව බිම වැටිලා ඉන්නවා. ඔතනදී සැල්වෝ අතට ගන්න පොඩි කුරුල්ලව මතකද?
ඔය වගේම එකෙක් අරන් තමා සැල්වෝ නල් ෆීල්ඩ් එක එන්න එන්න වර්ධනය වෙනවා කියන එක හොයාගන්නේ.
එපිසෝඩ් 03 එකේ තමා මුලින්ම සැල්වෝ මෙ පොඩි කුරුල්ලව යොදාගෙන නල් ෆීල්ඩ් එක චෙක් කරන්නේ |
ඊලගට සැල්වෝ එයාගේ අම්මගෙ අතේ තිබ්බ ප්‍රයිම් රේඩියන්ට් එක අරන් Vault එක ගාවට යනවා. සැල්වෝගෙ අම්මා Vault එක ලගමයිනේ වැටිලා හිටියේ.
ඒ කියන්නේ එයත් මේ ප්‍රයිම් රේඩියන්ට් එක අරන් එන්න ඇත්තේ මේකෙන් හරි මොනාහරි කරලා නල් ෆීල්ඩ් එක වර්ධනය වෙන එක නවත්තන්න. සැල්වෝ ප්‍රයිම් රේඩියන්ට් එක අතට ගත්තට ඒක ඇක්ටිව් කරන්න ඕනි විදිය දන්නේ නෑ. මොකද මීට කලින් එක පාරක් විතරයි සැල්වෝ ප්‍රයිම් රේඩියන්ට් එක දැකලා තියෙන්නෙත්. හැබැයි එක පාරටම සැල්වෝට අර කලින් වගේම විශන් එකක් පේන්න ගන්නවා. සැල්වෝට මේක විශන් එකක් උනාට සීරීස් එක බලපු අපිටනම් මේක කලින් දැකපු දෙයක්. ගේල් ප්‍රයිම් රේඩියන්ට් එක ඇක්ටිව් කරන එක තමා මේ සැල්වෝ දකින්නේ.
පළවෙනි එපිසෝඩ් එකේ ගේල් මුලින්ම ප්‍රයිම් රේඩියන්ට් එක ඇක්ටිව් කරන විදිය |
09 වෙනි එපිසෝඩ් එකේ ගේල් ප්‍රයිම් රේඩියන්ට් එක ඇක්ටිව් කරන එකේ මතක සැල්වෝට පේන විදිය |
සිහිය ආවට පස්සේ ෆවුන්ඩේශන් එකේ සෙට් එකට ඇනක්‍රීන්ලා තුවක්කු දික් කරලා භය කරනවානේ. ඊට පස්සේ තෙස්පියන්ලා ඇවිත් අර ශිප් වල තියෙන තඩි ගන් ටික පෙන්නනවා. ඕක දැක්ක ගමන් පට්ට මීම් එකක් මතක් උනා. එමිනම්ගේ ගොඩ්සිලා සිංදුවේ තිබ්බ සීන් එකකින් හැදුන මීම් එකක් මේ 👇
Invictus ශිප් එකේ සිහි නැතුව හිටිය ෆාරා පැනගෙන කියලා අපි කලින් දැක්කනේ. ඔන්න මැඩම් තෙස්පියන් ශිප් එකක් උස්සලා ඒකෙන් ටර්මිනස් වලට එනවා. ඒ තෙස්පියන් ශිප් වල තියෙන වෙපන් ටෙක්නොලජි එකනම් මරු නෙහ්. සෑහෙන්න හිත ගියා ඒකටනම්.
හැබැයි මෙතනදී ෆාරා මැරුන විදියටනම් මං කැමති නෑ. ෆාරා කියන්නේ වොරියර් කෙනෙක්. සරලව කිව්වොත් අති දක්ශ රණකාමියෙක්. එහෙම කෙනෙක්ට පිටි පස්සෙන් ඇරෝ එකක් වැදිලා මැරෙනවා කියන එක ටිකක් අවුල් වගේ නේද?
ඒකත් සැල්වෝගේ අතින්.. ඊට වඩා හොද එන්ඩින් එකක් ෆාරාගේ චරිතෙට දෙන්න තිබ්බා. කොහොමහරි ඔය සේරටම පස්සේ ඔන්න ජාතික ප්ලොට් ටුවිස්ට් එකක් තිබ්බා. අපේ හැරී බොසා Vault එක ඇතුලෙ ඉදන් එලියට එනවා.
ඔය ගැන කතා කරමු අන්තිමට. දැන් යං අපේ මල් කුමාරයා, බ්‍රදර් ඩෝව්න්ගේ කතාවට
බ්‍රදර් ඩෝව්න් සහ අසූරා
පටන් ගද්දිම කියන්න තියෙන්නේ බ්‍රහ්මචාරී පතං ගෑනු නොපතන් කියලා සගෝ.. මං මුල ඉදන්ම කිව්වා නේද අසූරා එන පොට හොද නෑ කියලා. මෙහෙමයි ඉතිං. සාමාන්‍යයෙන් ඕනිම කොල්ලෙක් ජීවිතේ එක පාරක් හරි කෙල්ලෙක්ට ඇන්දෙනවා. කෙල්ලෙක් උනත් ජීවිතේ එක පාරක් හරි කොල්ලෙක්ට ඇන්දෙනවා. ඒම නොවුන මිනිස්සු ඉන්න විදියක් නෑ. ඔය ඇන්දිල්ල එකිනෙකාට සාපේක්ෂයි. බ්‍රදර් ඩෝව්න් කියන්නේ සෑහෙන්න ප්‍රශ්න ගොඩක් හිටිය කෙනෙක්. එම්පයර් කෙනෙක් උනත් එයාට උත්තර හොයාගන්න බැරි ප්‍රශ්න ගොඩක හිටිය කෙනෙක්. ඒ නිසාම තමා බ්‍රදර් ඩෝව්න්, අසූරට අහු වෙන්නේ. මීට කාලෙකට කලින් අපි සමහරුන්ට අහු වුන විදිය සහ යූස් උන විදිය වගේම තමයි. එකම කතාව, වෙනස් චරිත. කොහොමහරි අසූරා, බ්‍රදර් ඩෝව්න්ට කියා දෙනවා පැලස් එකෙන් එලියට පැනගන්න විදිය ගැන.
හැබැයි මෙයාලා ප්ලෑන් කරන් ඉන්නේ ඊලග දවසේ එලියට පැනගන්න. ඒත් වැඩේ කනපිට හැරෙනවා බ්‍රදර් ඩස්ක්ගේ ලස්සන ප්ලෑන් එකක් නිසා. මතකද බ්‍රදර් ඩස්ක් එක්ක බ්‍රදර් ඩෝව්න් දඩයමේ ගිය පළවෙනි දවස (06 වෙනි එපිසෝඩ් එකේ)? අන්න එදා බ්‍රදර් ඩෝව්න් අර කුරුල්ලෝ 6 දෙනෙක් මරනවා.
හැබැයි බ්‍රදර් ඩස්ක් මෙච්චර කාලෙකට වැඩිම මරලා තියෙන්නේ කුරුල්ලෝ 3 දෙනයි. ඔය හේතුව නිසා බ්‍රදර් ඩෝව්න් එයා මරපු කුරුල්ලෝ තුන් දෙනෙක් හංගනවා.
අනිත් තුන් දෙනා විතරයි පෙන්නන්නේ. මේ සිදුවීම වලින් පස්සේ අපි දකිනවා ශැඩෝ මාස්ටර් ඇවිත් අර හංගලා තිබ්බ මැරුණු කුරුල්ලෝ තුන් දෙනාව අරන් යනවා.
06 වෙනි එපිසෝඩ් එකේ ශැඩෝ මාස්ටර් ඇවිත් බ්‍රදර් ඩෝව් මරලා හැංගුව කුරුල්ලො තුන් දෙනා හොයාගන්නවා |
හැබැයි අපිට පෙන්නන්නේ නෑ මෙයා ඒ කුරුල්ලො තුන්දෙනා අරන් යන්නේ කොහාටද කියලා. ඔන්න දැන් අපි දන්නවා ඒ කුරුල්ලෝ තුන් දෙනා අරන් යන්නේ බ්‍රදර් ඩස්ක් ගාවට කියලා.
බ්‍රදර් ඩස්ක් පට්ට ප්ලෑන් එකක් මෙතන ගහන්නේ. මතකද බ්‍රදර් ඩෝව්න් පොඩි ඩ්‍රෝන් එකක් හදනවා බත් කූරෙක්ගේ හැඩේ තියෙන.
ඒ ඩ්‍රෝන් එකෙන්නේ මුල්ම දවස්වල අසූරා දිහා බලන්නේ. ඒ වගේම බ්‍රදර් ඩෝව්න් ඔය ඩ්‍රෝන් එක දෙනවා අසූරට. දීලා කියනවා එයාටත් පිට ලෝකේ පෙන්නන්න කියලා ඩ්‍රෝන් එක හරහා. අසූරා ඒක කරනවා.
07 වෙනි එපිසෝඩ් එකේ අසූර එයාගේ ගෙදරට යන විදිය දිහා ඩ්‍රෝන් එකෙන් බලන් ඉන්න බ්‍රදර් ඩෝව්න් |
හැබැයි මේ දෙන්නම දන්නේ නැති දේ තමා මේ වෙනකොටත් බ්‍රදර් ඩස්ක් මේ සේරම මොනිටර් කරනවා. බ්‍රදර් ඩස්ක් කොහොමත් සෑහෙන්න කල්පනාවෙන් ඉන්න කෙනෙක්. බ්‍රදර් ඩස්ක් මේ ඩ්‍රෝන් එක මාර්ගයෙන් දැනගන්නවා අසූරා ඇතුලු මේ විප්ලවයක් කරන්න හදන් එවුන්ගේ ප්ලෑන් එක. හැබැයි ඩස්ක් කලබල වෙන්නේ නෑ. මං හිතන්නේ අසූරා සහ එයාගේ මිනිස්සු කතා කරන දෙවල් වලින්ම තමා බ්‍රදර් ඩස්ක් දැනගන්නේ බ්‍රදර් ඩෝව්න්ට වර්ණ අන්ධතාවය තියේ කියලා.
මුල් එපිසෝඩ් වල ඉදන්ම අපි දැක්කනේ අර බිත්ති වල ඇදලා තියෙන චිත්‍ර. ඔය චිත්‍ර මේන්ටේන් කරම එක තමා බ්‍රදර් ඩස්ක්ගේ වගකීම. ඒ වගේම තමා ඒ චිත්‍ර වලින් රිප්‍රසන්ට් කරන්නේ එම්පයර්ගේ ඉතිහාසය. බ්‍රදර් ඩස්ක්ම මෙතනදී කියනවා එම්පයර්ගේ ලෙගසි එක ආරක්ශා වෙන්න තමා මේ ඉතිහාස කතාව නිර්මාණය කරන් යන්නේ කියලා. මං අර උඩදි කියපු දේවල් මතක් වෙනවා නේද 😁 ඒ වගේම ඔයාලට මතකද පළවෙනි එපිසෝඩ් එකේදී ඔය බිත්‍තියේ චිත්‍ර ඇදපු කෙනෙක්ව බ්‍රදර් ඩේ මරලා දානවා.
එපිසෝඩ් 01 |
එදා හිටිය බ්‍රදර් ඩේ තමා අද මේ බ්‍රදර් ඩස්ක් වෙලා ඉන්නේ.
බ්‍රදර් ඩස්ක් |
ඔන්න මේ එපියේ තමා අපි දැනගන්නේ ඇයි ඒ චිත්‍ර ශිල්පියාව මැරුවේ කියලා. ඒ චිත්‍ර ඇදපු මනුස්සයා වැරදි පාටක් පාවිච්චි කරපු නිසා තමා මරලා තියෙන්නේ. දැන් මං අර උඩදි කියපු ටික නොකියා මේ කතදරේ කිව්වානම් ගොඩ දෙනෙක්ට තේරෙන්නෙ නෑ පාටක් වැරදියට යූස් කලා කියන එක මිනිහෙක් මරන්න තරම් දෙයක් කියලා. තේරෙනවා නේද.. ඉතිහාස කතාව හරියට මේන්ටේන් කරන එක, තමගෙ ලෙගසි එක මේන්ටේන් කරන එක සෙල්ලමක් නෙමේ කියලා. අර පාට වැරදුන එක ගන නොගෙන හිටියනම් ඕකෙන් මුලු කතාවම වෙනස් වෙන්න තිබ්බා. අමුතුවෙන් කියන්න ඕනි නෑනේ චිත්‍රය පාට වල තියෙන තේරුම් ගැන. ආයෙත් සැරයක් ගේල්ගේ දෙබස් මතක් කරගමු 👇
History isn't facts, it's narrative.
A villain becomes a hero, A lie becomes a truth
දෙබසක් දෙබසක් ගානේ මේ ප්ලොට් එක ගොඩනගලා තියෙන විදියනම් මාරම පර්ෆෙක්ට්.
කොහොමහරි බ්‍රදර් ඩස්ක් කරන්නේ මේ බිත්තියේ අර කුරුල්ලන්ගේ චිත්‍රයක් අදිනවා. හැබැයි අදින්නේ එකම පාටෙන් නෙමෙයි. මේ කුරුල්ලෝ තුන් දෙනෙක් නිල් පාටින් අදිනවා. අනිත් තුන් දෙනා රතු පාටින් අදිනවා.
මේ තියෙන්නේ කුරුල්ලෝ 6 දෙනාගේ චිත්‍ර අපිට පේන විදිය |
ඒකට හේතුව තමා බ්‍රදර් ඩෝව්න්ට රතු-කොළ වර්ණ අන්ධතාවය තියෙනවා. කලින් බ්‍රේක්ඩවුන් වල පැහැදිලි කලා වගේ අපේ ලෝකෙත් වර්ණ අන්ධතාවය තියෙන අය අතරින් වැඩිම දෙනෙක්ට තියෙන්නේ මේක. රතු-කොළ වර්ණ අන්ධතාවය තියෙන අයට රතු පාට පේන්නේත් කොළ පාටට හුරු පාටකින්. සරලව කිව්වොත් වෙන් කරලා අදුරගන්න බෑ. පහල තියෙන ෆොටෝ එක බලන්න 👇
වර්ණ අන්ධතාවය නිසා බ්‍රදර් ඩෝව්න්ට පේන්නේ කුරුල්ලෝ 3 දෙනයි |
එතකොට ඇයි මේ කුරුල්ලොම අදින්නේ? මෙහෙමනේ.. මේ කුරුල්ලෝ දඩයම් කරපු ගාන ගැන බ්‍රදර් ඩෝව්න් බොරුවක්නේ කියන්නේ බ්‍රදර් ඩස්ක්ට. ඉතිං මෙතන කුරුල්ලෝ 6 දෙනෙක් ඇදලා තියෙන එක බ්‍රදර් ඩෝව්න්ට හරියටම පෙනුනානම් මිනිහා අනිවාර්යයෙන් කියනවා "මෙතන කුරුල්ලෝ 6 දෙනෙක් හිටියට මං හන්ට් කලේ 3 දෙනයි" කියලා. හැබැයි පොරට පාට වෙන් කරගන්න බෑනේ. ඒ නිසා එයාට පේන්නේ නිල් පාටින් ඇදලා තියෙන කුරුල්ලෝ තුන්දෙනා විතරයි. එතකොට බ්‍රදර් ඩස්ක් ඇයි මේක කරන්න මෙච්චර දවස් බලන් හිටියේ?
මෙහෙමයි.. අසූරා එක්ක බ්‍රදර් ඩෝව්න් පැනලා යන එක ප්ලෑන් කරනකම් තමා බ්‍රදර් ඩස්ක් ඉවසන් ඉන්නේ. සරලව කිව්වොත් බඩුත් එක්ක හොරු අල්ලගන්න. හැබැයි දෙන්නා ප්ලෑන් කරපු දවස වෙනකම් හිටියොත් වැඩේ අවුල් වෙන්න පුලුවන්. මොකද ප්ලෑන් එකක් පර්ෆෙක්ට්නේ. ඒ නිසා වෙන්න ඕනි ප්ලෑන් කරපු දවසට කලින් මේ වැඩේ කරලා බ්‍රදර් ඩෝව්න්ව ඉක්මන් කරනවන්නේ. එතකොට සේරම වෙන්නේ අසූරා ඇතුලු සෙට් එකකගේ ප්ලෑන් කරපු වෙලාවල් වලට කලින්. එලිමන්ට් ඔෆ් සප්‍රායිස් (පුදුම කිරීමෙන් ලැබෙන වාසිය) කියලා ඕකට කියන්නේ.
කොහොමහරි ඊට පස්සෙ තවත් ප්ලොට් ටුවිස්ට් එකක් තියෙනවා ඔන්න. බ්‍රදර් ඩෝව්න් වගේම එකෙක් ඉන්නවා අසූරාලගෙ ලගත්.
ඒක දැක්කාමනම් කම්ෆියුස් උන්ගා බුන්ගා උනා. මං ජීවිතේට ප්‍රෙඩික්ට් කරපු නැති සීන් එකක් ඒ. කොහොමහරි වෙලා තියෙන්නේ මේකයි. ක්ලියෝන්ලව ක්ලෝන් කරන්න ඕනි ටෙක්නොලජි එක මේ විප්ලව කරන්න හදන උන් ටික හොයාගෙන තියෙනවා. ඒ වගේම ඒ වැඩේට ඕනි කරන ක්ලියෝන්ගෙ ජානත් අරන් තියෙනවා. මෙයාලා මේ ජාන අරගන්නේ පළවෙනි ක්ලියෝන්ගෙ. ඒ කියන්නේ ඔරිජනල් ක්ලියෝන්ගෙන්. හිතාගන්න පුලුවන්නේ කොච්චර කාලෙක ඉදන් මේ වැඩේ ප්ලෑන් කරලද කියලා. හැබැයි නිකන්ම ක්ලියෝන් කෙනෙක් ක්ලෝන් කරලා පැලස් එකට යවන්න බෑ. ඒකට ප්ලෑන් එකක් තියෙන්න ඕනි. අන්න ඒ නිසා තමා විප්ලව කරන උන් තීරණය කරන්නේ ක්ලියෝන් ක්ලෝන් කරන ප්‍රොසෙස් එකට පොඩි වෙනසක් කරන්න. එම්පයර් නෙමේ මේ ලෝකේ ඕනිම පිරිමියෙක්ගේ ලොකුම වීක්නස් එක තමා කාන්තාවක් කියන්නේ. ඒවා ෆැක්ට්ස් 😂 අන්න ඒ වීක්නස් එකෙන් වැඩක් අරගන්න ගමන් බ්‍රදර් ඩෝව්න්ව අල්ලෙ නටවන එක තමා අසූරා කරන්නේ. ගානට එයාලට ඕනි දේ කරගන්න බ්‍රදර් ඩෝව්න්ව මෙහයවනවා. බ්‍රදර් ඩෝව්න් ඉතිං පළමු ප්‍රේමයෙන් කුල්මත් වෙලානේ ඉන්නේ.. මතකනේ අපේ පළමු ප්‍රේමය 😂😂😂
කොහොමහරි මේ විප්ලවකාරීන් හදන්නේ එයාලා ක්ලෝන් කරපු ක්ලීයෝන්ව (බ්‍රදර් ඩෝව්න්ව) ප්ලැස් එකට යවලා බලය අල්ලගන්න.
කොහොමත් ඊලගට එම්පයර් (බ්‍රදර් ඩේ) වෙන්නේ බ්‍රදර් ඩෝව්න්නේ. ඉතිං මරු ප්ලෑන් එකක් ඒක. මෙතන ඉන්න බ්‍රදර් ඩෝව්න්ලා දෙන්නා එහෙම වෙනස් වෙන්නේ කොහොමද වගේ හිතෙනවානේ තාපස ආරමයට වැටුන ගිරවයි, හොරු කල්ලියට වැටුන ගිරවගෙයි කතාව මතක් කරගන්න. කලින් බ්‍රේක්ඩවුන් වල කිව්වා වගේම අපේ ගති පැවතුම් වලින් බහුතරයක් හැදෙන්නේ අපි උපන් විදිය(ජාන) අනුව නෙමෙයි. අපි හැදී වැඩෙන පරිසරය අනුව.
හැබැයි ඉතිං බ්‍රදර් ඩස්ක්ගේ තිබ්බ ඊටත් වඩා සුපිරිම ප්ලෑන් එක නිසා විප්ලවකාටින්ගේ වැඩේ කරගන්න වෙන්නේ නෑ. මෙතනදී අසූරව අල්ලගන්නවා සහ අනිත් සේරම විප්ලවකාරීන්ව මරලා දානවා අර ෆේක් බ්‍රදර් ඩෝව්න් එක්කම.
එහෙනම් ඔන්න 09 වෙනි එපියේ කතාව ඉවරයි.. දැන් යං සීසන් 01 එකේ අවසානය වෙන 10 වෙනි එපිසෝඩ් එක ගැන කතා කරන්න. මේතනත් අපි චරිත මූලික කරන් කතා කරමු.
එපිසෝඩ් 10
බ්‍රදර් ඩේ සහ අධිරාජ්‍යයේ කතාව
බ්‍රදර් ඩෝව්න් ආයේ පැලස් එකට අරන් ආවට පස්සේ එයා ගැන අවසන් තීරණය ගන්න එකේ අයිතිය තියෙන්නේ බ්‍රදර් ඩේට. අපි දැනටම දන්නවානේ බ්‍රදර් ඩේගේ පාලනය අනිත් අයට වඩා වෙනස් කරලා. මෙයාගේ ඇග්‍රසිව් ගති අඩුයි. බලේට වඩා මොළේ පාවිච්චි කරන කෙනෙක්. ඔතනදී බ්‍රදර් ඩේ සහ බ්‍රදර් ඩෝව්න් අතර යන කතාවනම් හෙන සෙන්සිටිව්. හරියටම තාත්තා කෙනෙක් සහ පුතෙක් අතර යන කතාවක් අහන්නේ. බ්‍රදර් ඩෝව්න් අහන්නේ බ්‍රදර් ඩේ ගෙන් ඔයාට කවදාවත් මෙතනින් යන්න ඕනි උනේ නැද්ද කියලා..
හරියට නිකන් අපිට මල පැන්නාම තාත්තලගෙ අහන්නේ ඇයි මෙච්චර කාලයක් මේ රටේ හිටියේ කියලා එහෙම 😂 ඒ වගේම බ්‍රදර් ඩෝව්න් කියනවා එයා බ්‍රදර් ඩේට තාත්තා කියන්න ගොඩක් ආසා කලා කියලා. මතකනේ බ්‍රදර් ඩෝව්න් ඉපදුන දවසේ මුලින්ම ඉන්නෙත් බ්‍රදර් ඩේගේ අතේ. මේ ඉන්නේ එකම කෙනා උනාට තාත්තා කෙනෙක්ගේ සහ පුතෙක්ගේ බැදීම මේ දෙන්නා අතර තියෙනවා. බ්‍රදර් ඩෝව්න් මැරුනට පස්සේ බ්‍රදර් ඩේ එයාව අරන් යන විදිය, අඩන විදිය ඒම මාරම සෙන්සිටිව්.
බ්‍රදර් ඩෝව්න්ට දඩුවමක් නොදී ඉන්න තමා බ්‍රදර් ඩේ තීරණය කරන්නේ. හැබැයි ඒකට බ්‍රදර් ඩස්ක් විරුද්ධ වෙනවා. ඔය අතරේ බ්‍රදර් ඩෝව්න්, ඩෙමෙර්සෙල් ලගට දුවන් යනවා මාව මරන්න දෙන්න එපා කියලා. ළමයෙක් අම්මා කෙනෙක් ගාවට යනවා වගේ. හැබැයි ඩෙමෙර්සෙල්, බ්‍රදර් ඩෝව්න්ව මරලා දානවා.
ඩෙමෙර්සෙල් කියන්නේ රොබෝ කෙනෙක්නේ. ඉතිං එයාගේ ප්‍රෝග්‍රෑම් එකේ මූලික දේ තමා එම්පයර්ගේ ජාන විවිධත්වය එකම විදියට පවත්වාගෙන යන එක. ඩෙමෙර්සෙල් බ්‍රදර් ඩෝව්න්ට කොච්චර ආදරය කලත් අන්‍තිමේදී මරලා දාන්නේ ඒකයි. මොන තරම් ඇඩ්වාන්ස් උනත් රොබෝ කෙනෙක් වැඩ කරන්නේ ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා. උසස් මනසක් හිමි මනුස්සයා කියන අපිත් එකම රවුමක් අස්සේ, එකම ප්‍රෝග්‍රෑම් එකකට වැඩ කරන එකේ රොබෝලා ගැන කවර කතාද 😂 කොහොමහරි ඉතිහාසේ පුරාවට අපි දන්න ගොඩක් ආදර කතා වගේ මෙතනත් කොල්ලා මලා අන්තිමේට
බ්‍රදර් ඩෝව්න්, අසූරට දෙන්න පුලුවන් හොදම දඩුවම දෙනවා. අර මං උඩම කිව්ව ටික තේරුන අයට බ්‍රදර් ඩෝව්න් දෙන දඩුවමේ බරපතලකම ගැනත් තේරිලා ඇති. අපිට භෞතික ශරීරයක් තිබ්බට අපේ පැවැත්ම තියෙන්නේ අපේ ලෙගසි එකත් එක්ක. අසූරට වෙන දෙයිනම් ඕක පැහැදිලි කරන්නම්. සරල සිංහලෙන් කිව්වොත් එහෙම අසූරට ගෑවිච්ච ගෑවිච්ච හැම එකාම බ්‍රදර් ඩේ මරලා දන්නවා.
ඒ කියන්නේ දැන් මේ ගැල්ක්සි එකේ ඉන්න කිසිම කෙනෙක් දන්නේ නෑ අසූරා කියලා කෙනෙක් හිටියා කියලා. භෞතිකව මේ ලෝකේ නැති මිනිස්සුත් තව කෙනෙක්ට මතක තියෙනවා. ඉතිං නිකමට හිතලා බලන්න තමන් ජීවත් වෙලත් තමන්ව මතක තියෙන කෙනෙක් මේ ලෝකේ නෑ කියන එක කොච්චර ලොකු දඩුවක්ද කියලා. නිකමට හිතන්න ලගම යාලුවෙක් එහෙම තරහ උනාම කොච්චර අවුල්ද කියල. මෙතන තව දෙයක් තියෙනවා.
බ්‍රදර් ඩේ මේ කරපු දේ නිසා අසූරා කියලා කෙනෙක් හිටියා කියන එක විතරක් නෙමෙයි, එයා කරපු දේවල් පවා ඉතිහාසයෙන් අතුගෑවිලාම යනවා. නිකන් මතක් කරලා බලන්න අපි දන්න ඉතිහාසයේ මාධ්‍යවේදීන්, වෙනස් මත දරපු මිනිස්සු කොච්චර නම් ඔහොම අතුරුදහන් වෙලා තියෙනවද කියලා. එතනදී අතුරුදහන් වෙන්නේ මනුස්සයා විතරක් නෙමෙයි. ඒ මනුස්සයා කරපු දේවලුත් අතුරුදහන් වෙනවා. අන්න ඒකයි ඉතිහාසය ඇතුලේ පොරවල් වෙලා ඉන්න හැමෝම පර්ෆෙක්ට්. මොකද එයාලගෙ ප්‍රධාම වීක්නස් ඔය ඉතිහාස කතාවල නෑ.
ඔය සිදුවීම වලින් පස්සේ තවත් පට්ටම ප්ලොට් ටුවිස්ට් එකක් තියෙනවා. ඒ තමයි අපි දැගන්නවා මැරුණ බ්‍රදර් ඩෝව්න් විතරක් නෙමෙයි පළවෙනි ක්ලියෝන්ගෙන් පස්සේ ක්ලෝන් කරපු හැම ක්ලියෝන් කෙනෙක්ගෙම ජානමය වෙනස් තියෙනවා කියලා.
මේක අහම්බෙන් ඇති උන වෙනසක් නෙමෙයි. විප්ලවකාරීන් කරපු වෙනසක්. ඔන්න ඔය හේතුව නිසා තමා මේ එම්පයර්ස්ලා සේරම ලොකු වෙනස්කම් තියෙන්නේ. ඊලග සීසන් එක තවත් රසවත් වෙනවා මේ සීන් එක නිසා. එහෙනම් යමු හැරී, සැල්වෝ ඇතුලු ටර්මිනස් වල කතාවට.
හැරී, සැවෝ සහ ටර්මිනස්
දැන් හැමෝටම තියෙන ප්‍රශ්නෙ තමා "හැරී ජීවත් වෙනවද?" කියන එක. අපි දැක්කනේ කලින් ගේල් හිටිය ශිප් එකේ හැරීගේ ප්‍රොජෙක්ශන් එකක් තිබ්බා.
හෙලිකෝන් වලට යන ශිප් එකේ තිබ්බ හැඊගේ ප්‍රොජෙක්ශන් එක |
මේ ඒක නෙමෙයි ඈ. මේ ඉන්නේ හැරීම තමා. හැබැයි අර පොඩි ළමයා හැරීව අල්ලනකොට ප්‍රිසිකලි ඇගක් නෑ වගේ නේද?
මෙතනදී හැරී මේ ප්‍රොසෙස් එකේ බයොලොජිකලි එක්ස්ප්ලේන් කරනවා. හැරී මැරෙන්න කලින් ඇගේ තියෙන සෛල පිටපත් කරන්න පුලුවන් පෙත්තක් ගිලිනවා.
මේකෙන් වෙන්නේ හැරීගේ ඇගේ හැම සෛලයක්ම නැවත නැවත කොපි වෙන එක. මේක ටිකක් සංකීරණ වැඩී නෙහ්. මෙහෙමයි.. සරලව කිව්වොත් හැරීට ආයේ පණ ඇවිත් නෙමෙයි මේ. මේ Vault එක තමා හැරී කියන්නේ. අර ශිප් එකේ ප්‍රොජෙක්ශන් එකටම සමාන දෙයක්. හැබැයි ඊට වඩා ඇඩ්වාන්ස්. මෙහෙම හිතන්නකෝ. දැන් ඔයා මේ ලිපිය කියවන්නේ ස්ක්‍රීන් එකකින්නේ.. ඒ ස්ක්‍රීන් එකට තමා අපි යූසර් ඉන්ටර්ෆේස් එක කියන්නේ. එතකොට මේ ඉන්ටර්ෆේස් එක තමා අපි පාවිච්චි කරන ෆෝන් එක, ලැප් එක හෝ ටැබ් එක රිප්‍රසන්ට් කරන්නේ. අන්න ඒ වගේ තමා මෙතන ඉන්න හැරී. Vault එක තමා හැරී. රිප්‍රසන්ට් කරන එක තමා අර හැරීගේ රූපයක් වගේ මෙතන ඉන්නේ. තවත් සරලව කිව්වොත් හැරීට භෞතික ශරීරයක් නෑ දැන්.
අනික තමා තමා හැරී අහනවා ගේල් නැද්ද කියලා. ඒ කියන්නේ මේ ඉන්නේ අර ශිප් එකේ හිටිය හැරීගේ ප්‍රොජෙක්ශන් එක නෙමේ. මොකද එයා දන්නවානේ ගේල්ට ටර්මිනස් වලට එන්න බැරි උනා කියලා. එපිය පටන් ගත්දිම අපිට පෙන්නන විදියට හැරීගේ බොඩි එක දාලා ෆවුන්ඩේශන් ශිප් එකෙන් එලියට දාපු පොඩි එක තමා මේ Vault එක වෙලා තියෙන්නේ.
ඒ නිසාම තමා ෆවුන්ඩේශන් එකේ කට්ටිය එනකොටත් මේ Vault එක මේ විදියටම තිබ්බේ. මොකද ෆවුන්ඩේශන් ශිප් එකට වඩා ඉක්මනින් හැරීගේ බොඩිය තියෙන පොඩ් එකට ටර්මිනස් වලට එන්න පුලුවන්. ඒ වගේම Vault එකේ ආරක්ශාවට තමා අර නල් ෆීල්ඩ් එක දාලා තියෙන්නේ.
කොහොමහරි ඉතිං හැරී බොස් එන එන සැරයක් ගානේ මොකක්හරි බෝම්බයක් අතාරිනවානේ. මේ පාරත් ආව ගමන් කියන්නේ ඇනක්‍රීන්ලගෙයි, තෙස්පියන්ලගෙයි අවුරුදු ගානක් පුරාවට තිබ්බ යුද්ධෙට හේතුව වෙලා තියෙන්නෙත් එම්පයර් කියලා. මෙහෙමයි වෙලා තියෙන්නේ.
ඇනක්‍රීන්ලගෙ විශිෂ්ඨතම දඩයක්කාරිය (ෆාරා වගේ කෙනෙක්) සහ තෙස්පියන් වල රජතුමා අතර විවාහයක් වෙන්න තිබිලා තියෙනවා. මේ ලෝක දෙක තමා ගැලැක්සි එකේ අවසානයට වෙන්න පිහිටලා තියෙන ප්‍රභලම ලෝක දෙක. ඉතිං නිකමට හිතන්නකෝ විවාහයක් වගේ දේකින් මේ දෙගොල්ලො එකතු උනොත්??? ඒකේ බලපෑම එන්නේ එම්පයර්ට. ඒ නිසා දෙවෙනි ක්ලියෝන්, ඒ කියන්නේ ක්ලියෝන්ගේ පළවෙනි ක්ලෝන් එක තමා අර විවාහයට සම්බන්ධ වුන ඇනක්‍රීන් වල විශිෂ්ඨතම දඩයක්කාරිව මරලා දාන්නේ. සරලව කිව්වොත් වෙඩිමේ මනමාලිය මරලා ඒකේ වැරද්ද මනමාලයට පටෝනවා. අන්තිමේට දෙපැත්ත මරාගන්නවා. ස්කෝලේ කාලේ එහෙම මතකද.. ස්කෝල ස්කෝල ගහගන්න තඩි වලි වල පවා මුල හොයන් ගියාම තියෙන්නේ ගවුම් කෑල්ලක් 😂
ඔය කතන්දරේ කියලා හැරී ඇනක්‍රීන්ලා සහ තෙස්පින්ලව සමාදාන කරවනවා. ඒ වගේම හැරී කියනවා ෆවුන්ඩේශන් එක කියන්නේ දැනුම මත විතරක්ම පදනම් උන දෙයක් නෙමෙයි මේක විප්ලයවක් කියලා. කොහොමහරි මේ දෙගොල්ලෝ එකතු වෙනවා සහ ටර්මිනස් වල ජනාවසය එන්න එන්න වැඩි දියුණු වෙනවා. අපි දැක්කනේ ෆාරා ලග තිබ්බ දුන්න සැල්වෝට දෙනවා. සැල්වෝට කරන ගෞරවයක් විදියට තමා ඒක දෙන්නේ.
හැබැයි ඉතිං තමන්ගේ ලෝකේ විශිෂ්ඨතම දඩයක්කාරියට පිටිපස්සේ ඉදන් ඇරෝ එකකින් විදලා මරපු කෙනාට මේ දුන්න දෙන එක හරිද කියන එකනම් ප්‍රශ්නයක්.
ඔය සේරම අස්සේ අපිට එක දෙයක් අමතක වෙනවා. හැරී බොසා මුලදිම ෆවුන්ඩේශන් එකේ අයව රවට්ටලා තියෙනවානේ එයාලගෙ අරමුණ ගැන. එතකොට දැන් මේ ආයේ වලෙන් නැගිටලා ඇවිල්ලා කිව්වේ ඇත්තද??? නෑනේ.. ආයෙත් මේකා මේ මිනිස්සු ටික ඇන්දුවා. මතකද අර ශිප් එකේ තියෙන හැරීගේ ප්‍රොජෙක්ශන් එක ගේල්ට කියනවා ටර්මිනස් වල තියෙන ෆවුන්ඩේශන් එක නිකන් නොමග යවන්න හදපු එකක් සහ හරිම ෆවුන්ඩේශන් එක තියෙන්නේ හැරීගේ ලෝකේ (හෙලිකෝන්) කියලා. ඔය කතන්දරේ ගැන හැරී මෙතන මුකුත් කියන්නේ නෑ. ඒ කියන්නේ ආයෙත් සැරයක් හැරී ෆවුන්ඩේශන් එකේ අයව රවට්ටනවා. මරු හැබැයි :)
ඔය කතන්දර වලට පස්සේ හැරී ආයෙත් Vault එකට යනවා. ඒ වගේම ඔන්න ඊලග දැවැන්ත ප්ලොට් ටුවිස්ට් එක අපි දැනගන්නවා. ඒ තමයි සැල්වෝ කියන්නේ ගේල්ගේ සහ රේච්ගෙ ළමයා.
ටසිරි නෙහ්.. ඔය හේතුව නිසා තමා සැල්වෝට පට්ට ලක් එකක් තියෙන්නෙ. මතකද මං එදා බ්‍රේක්ඩවුන් එකේ කිව්වා ඒක ලක් එකක්ම නෙමෙයි කියලා. ඔන්න දැන් අපි දන්නවා ඒක ලක් එකක් නෙමෙයි කියලා. අපි දැනටම දන්නවානේ ගේල්ට අනගාතේ ෆීල් වෙනවා කියලා. අන්න ඒකම තමා සැල්වෝට ලැබිලා තියෙන ගිෆ්ට් එක. අම්මට වගේම දුවටත් අනාගතේ ෆීල් වෙනවා. මතකද කලින් එපිසෝඩ් එකක ගේල්ගේ දෙබස් වලින් කියනවා "Repeated luck is never luck" කියලා. ඕක මං ඒ එපිසෝඩ් බ්‍රේක්ඩවුන් එකේ හොදටම පැහැදිලි කලා. ඔන්න ඒක හරි කියලා අපි දැන් දන්නවා 😁
මතකනේ ෆවුන්ඩේශන් එකේ අය ශිප් එකට ආවට පස්සේ ඒ තියෙන පරිසරයත් එක්ක ළමයි හදන්න හොද නෑ කියලා එයාලා කතාවෙනවා. ඒ නිසා මෙයාලා කරන්නේ එයාලගෙ කළල මූලික කාලෙම වෙනම ගබඩා කරලා තියාගන්නවා. ගේල් සහ රේච් එකට හිටියනේ ශිප් එකේ. හැබැයි ගේල් සහ රේච් දෙන්නම ශිප් එකේ නෑනේ ටර්මිනස් වලට ෆවුන්ඩේශන් එකේ අය එනකොට. ඒ නිසා තමා ගේල්ගෙ කළලෙ සැල්වෝගේ අම්මා අරගන්නේ. ඕකෙදි වෙන්නේ අර ළමයි වෙන කෙනෙක්ගේ ගර්භාශයක් අරන් හදන දේම තමා. මතකනේ ෆ්‍රෙන්ඩ්ස් එකේ ෆීබිට තුන් නිවුන්නු හම්බවෙන්නේ ඒ විදියට.
ෆීබි |
ඉතිං ඔය දේ නිසා තමා සැල්වෝට අර පොඩි පිරිමි ළමයෙක්ව පේන්නේ. ඒ පේන්නේ රේච්ගේ පොඩි කාලේ. රේච්ගේ මතකයන්..
සැල්වෝ දකින රේච්ගේ මතකයන් |
සැල්වෝ දකින ගේල්ගේ මතකයන් |
කොහොමහරි ඔය දේවල් වලින් පස්සේ සැල්වෝ යනවා ගේල්ව හොයාගෙන. ඒ වගේම අපි දකිනවා අවුරුදු 138කට පස්සේ ගේල් ටර්මිනස් වලට එනවා.
එක පාරටම කාලය සෑහෙන්න ඉස්සරහට ගියා. ඊලග සීසන් එක බලනකොට අනිවාර්යයෙන් ඕක ඔලුවේ තියන් ඉන්න. නැත්තම් එහෙම අන්ද මන්ද වෙයි. ඔන්න අවසානයේ සීසන් 01 ඉවර වෙන්නේ ගේල් සහ සැල්වෝ, එහෙම නැත්තම් අම්මයි දුවයි එකතු වෙලා.
ඔන්න ඔය විදියට තමා ෆවුන්ඩේශන් සීසන් 01 ඉවර වෙන්නේ. අන්තිම එපියේ ලොකුවට පැහැදිලි කරන්න දෙයක් තිබ්බේ නෑ. ඉමෝශනල් පැත්තට බර එපිසෝඩ් එක. 09 වෙනි එපියේ තමා සෑහෙනන් දේවල් තිබ්බේ. මුලු සීසන් එකම 09 වෙනි එපියට ලින්ක් වෙලා තිබ්බේ.
තව පොඩි දෙයක් පැහැදිලි කරලම වැඩේ ඉවර කරමු. මතකද මං බ්‍රේක්ඩවුන් එක පටන් ගද්දිම කියපු දේ. සමහර අයට ඒක බයිලයක් වගේ තේරන්න ඇති. හැබැයි ඒ දේවල් අතරේ මං කිව්වා වැදගත් වෙන්නේ ඔයා මාර මාර දේවල් කරන එක නෙමෙයි ඔයාගෙ කතාව කොච්චර පර්ෆෙක්ට් වෙන්න ඕනි ද කියන එකයි කියලා. දැන් ඒකට උදාහරණයක් දෙන්නම් සීරීස් එකෙන්. අවසානයේ අපි දැනගත්තනේ පළවෙනි ක්ලියෝන්ගෙන් පස්සේ ක්ලෝන් කරපු හැම ක්ලියෝන් කෙනෙක්ගෙම වගේ ජාන වල වෙනසක් කරලා කියලා. හැබැයි ඒ හැමෝම සවයි උනා. මැරිච්ච බ්‍රදර් ඩෝව්න්ට වගේම එයාලටත් වීක්නස් තියෙන්න ඇති, වෙනස්කම් තියෙන්න ඇති. ඒත් එයාලා සවයි උනා. හැබැයි බ්‍රදර් ඩෝව්න්??? ඊලගට එම්පයර් වෙන්න (බ්‍රදර් ඩේ) හිටිය කෙනා. මේ ගැලැක්සි එකේම බලවත් කෙනා. ගැලැක්සි එකේ තිබ්බ හැම සැප සම්පතක්ම තිබ්බ කෙනා. ඇගිලි දෙකක් උස්සලා ප්ලැන්ට් ගනන් විනාස කරලා දාන්න පුලුවන් තරම් බලයක් තිබ්බ කෙනා. අවසානේ මොකද උනේ.. නිකාන් මැරිලා ගියා. දැන් තේරෙනවද? උපතෙන් ඔයාට මොනවා ලැබුනත් වැඩක් නෑ, වාසනාවෙන් ඔයාට මොනවා ලැබුනත් වැඩක් නෑ. ඔයා ඉගෙන ගන්න ඕනි ලැබෙන නොලැබෙන හැමදෙයක්ම බැලන්ස් කරලා පර්ෆෙක්ට් නැරේටිව් එකක් ඔයා වගේ ගොඩනගාගන්න. සරලව කිව්වත් කවුරුහරි ඔයාව දැක්කාම "අරූ නම් මාර පොරක්" කියලා කියවෙන ගානට. ඔය ගමනේ පළවෙනි පියවර තමා කවදාවත් ඔයාගේ වීක්නස් මිනිස්සුන්ට පෙන්නන්න එපා. කොච්චර වීක්නස් තිබ්බත් ඒවා ගානට මේන්ටේන් කරන්න. සාම්ප්‍රදායික ලද බොළද දේවල් පස්සේ මැරීගෙන දගලන්න එපා. සරලව කියන්නද.. රටක ජනාධිපති කෙනෙක්, රජෙක් වෙන්න නෙමෙයි රජෙක් උනත් අල්ලෙ නටවන්න පුලුවන් පොරක් වෙන්න. ඒකට ඕනි පාත් එක තෝරගන්න එක ඔයාට භාර රාජකාරියක්.
ඉතිං.. ෆවුන්ඩේශන් සීසන් 01 එක ඔයාට කොහොමද දැනුනේ??? (කමෙන්ට් එකක් දාන්න)
මටනම් සෑහෙන්න පර්ෆෙක්ට්. අත දිගඇරලා 8/10ක් දෙන්න පුලුවන්. අපි සාමන්‍යයෙන් මේ වගේ සීරීස් කම්පෙයා කරන්නේ Game of Thrones එක්කනේ. ඉතිං ගොට් එක්ක බලනකොට මේකේ අඩුපාඩු තියේ. මට දැනුන ලොකුම අවුල තමා මේකේ කාල පරාසය එහෙට මෙහෙට පනින එක. ඒ වගේම තමා එම්පයර්ගේ සහ සැල්වෝගේ චරිත ඇරුනාම අනිත් චරිත ෆෝකස් වෙලා මදි වගේ එකක් තේරුනා. හැබැයි ඒක අවුලක් නෑ. මොකද මේක පළවෙනි සීසන් එක. එතකොට මේකේ හොද පැත්ත ගැන කතා කලොත් එහෙම CGI/VFX පැත්තෙන් මං දැක්ක බෙස්ට්ම සීරීස් එක මේ. එකෙනම් ආයේ කතන්දර දෙකක් නෑ. බහුතරයක් සීන් ෆිල්ම්ස් වලට වඩා පර්ෆෙක්ට්. මාරම විදියට මහන්සි වෙලා තියෙනවා විශුවල් ඉෆෙක්ට්ස් ආටිස්ලා. ඒ වගේම මේකේ ගේල්ගේ නැරේටිව් එකට මං මාරම ආසයි. අර පසුබිමෙන් ඇහෙන ගේල්ගේ දෙබස්. ඒවා නිසා කතාව තේරුම් ගන්න පහසුයි. ඒ වගේම මේකේ කාස්ට් එකත් මට පර්ෆෙක්ට්. ඒ ඒ චරිත වලට යුනික් වෙන පට්ටම කාස්ට් එකක් සිලෙක්ට් කරලා තිබ්බා. ස්පෙශලි බ්‍රදර් ඩේ සහ හැරීට රගපාන නලුවො දෙන්නා. සීරීස් එකක දැක්ක පර්ෆෙක්ට්ම කැරැක්ටර්ස් දෙකක්.
කොහොමහරි අපි බලාපොරොත්තු උන මට්ටමට 90%ක් විතරම ලංවෙන්න පුලුවන් උනා සීරීස් එකට. මගෙ ලොකු බලාපොරොත්තුවක් තියෙන සීසන් 02 මීට වඩා සෑහෙන්න හොද වෙයි කියලා. දැනටම සීසන් 02 එනවුස් කරලා ඉවරයි. ගොඩක් දුරට ඊලග අවුරුද්දේ හෝ 2023 මුල එයි. ඒ වගේම ඒකෙදි මීට වඩා සෑහෙන්න පරාසයක විහිදුන කතාවක් බලගන්න පුලුවන් වෙයි කියලත් ලොකු විස්වාසයක් තියෙනවා.
එහෙනම් මේ සති 8 පුරාවට සීරීස් එකත් එක්ක වගේම බ්‍රේක්ඩවුන් ටිකත් එකතු වෙලා හිටිය හැමෝටම ගොඩක් ස්තූති. කමෙන්ට් දාපු, ශෙයා කරපු හැමෝටම ගොඩක් ස්තූති. අපේ සයිට් එකේ සීරීස් එකක එපිසෝඩ් සේරටම කම්ප්ලීට් වෙන වෙනම බ්‍රේක්ඩවුන් වැටුන පළවෙනි සීරීස් එක තමා මේ. පර්සනලි මාත් සෑහෙන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා මේ බ්‍රේක්ඩවුන් වලින්. මං මේක පටන් ගත්තෙම 10 දෙනෙක් කියෙව්වත් දිගටම ලියනවා කියලා. හැබැයි හැම ආටිකල් එකක්ම 250ක් විතර කියවලා තිබ්බා. ඒක මටත් ලොකු ඇචියුමන්ට් එකක්. මං කියනවට ගිහින් ෆවුන්ඩේශන් සීරීස් එකේ ඔෆීශියල් ටුවිටර් එකවුන්ට් එක බලන්න.
Can you hold your breath as long as a Synnaxian? pic.twitter.com/4XMFUitt9I
— Foundation (@Foundation_) November 22, 2021
මේ සීරීස් එකට දුන්න මාකටින් අන්තමයි. මිනිස්සු අතරට ගියේම නෑ ඒ නිසා. ඕක ඔෆීශියල් ටුවිටර් එකවුන්ට් එක වෙලත් ඕකේ පෝස්ට් වල රිඇක්ට් වලට වඩා වීව්ස් තියෙනවා මේ බ්‍රේක්ඩවුන් වල 😂 ඒ තරම් සුපිරි මාකටින් පාරක් දීලා තියෙන්නේ. මේක ඇමසෝන් ප්‍රයිම් එකෙන් ආවානම් මීට වඩා සෑහෙන්න මිනිස්සු අතරට යනවා. ඇපල් එකෙන් දන්නේ නෑ මාකට් කරන්න. බොසාලා හිතන් ඇත්තේ ඇපල් ෆෝන් වගේ ඇපල් සීරීස් ටිකත් නිකන්ම මිනිස්සු අතරට යයි කියලා වෙන්ඩ ඇති. සමහරවිට අර ගොට් වගේ සීසන් දෙක තුනක් ආවාම යන්න ඉඩ තියෙනවා. බලමුකෝ.. සීසන් 02 ආවට පස්සේ අනිවාර්යයෙන් ඒකටත් එපිසෝඩ් එකෙන් එපිසෝඩ් එකට බ්‍රේක්ඩවුන් ගේනවා. ආයෙනම් ටික කාලෙකට ලිපියක් ගේන්න බැරි වෙයි. හැබැයි අපේ සයිට් එකේ කොල්ලො ටික දිගටම ආටිකල් දානවා. ඇමසෝන් ප්‍රයිම් එකෙන් ආව The Wheel of Time එකටත් ලිපි සීරීස් එකක් සචින්ගේ මූලිකත්වයෙන් පටන් ගනී. ඒ සේරම එක්ක එකතු වෙලා ඉන්න.
ගිහින් එන්නම් එහෙනම්.. ආයෙත් සැරයක් හැමෝටම ස්තූති සීරීස් එකත් එක්ක වගේම බ්‍රේක්ඩවුන් එකක් එකතු වෙලා හිටියට. ජය වේවා හැමෝටම ❤️
ෆවුන්ඩේශන් නවල් සීරීස් එක සහ ටීවීස් සීරීස් එකේ වටපිටාව ගැන දාපු ආටිකල් එක 👇
https://www.reviewwhocares.com/2021/09/appletv-foundation-overview-origin.html
ෆවුන්ඩේශන් S01E08 බ්‍රේක්ඩවුන් එක 👇
https://www.reviewwhocares.com/2021/11/foundation-s01e08-breakdown.html
Breakdowns walata bohomathma sthuthi wenawa, series eka witharak newei jiwithetath dewal ekathu karaganna puluwan una.
ReplyDeleteMe breakdown eke Episode 1 eke inna artist wa marana reason eka eyage choice of colors wala thiyen waraddakmada? Mn dan aaye eh kotasa baluwa Empire(Brother Day in Ep01 or Brother Dusk in Ep10) kiyanne 'a tract authored by Seldon was found in your quarters', 'Words have a way of fanning into wildfires'. Mata hithenne porata awula eya yatathe wada karana ayama Hari ge dakmawal gana wishwasa thiyaganna eka saha ewa athulen pathirenna gani kiyana eka, pora komath nurussana charithayak nisa artist wa marala ethanin eh branch eka iwara karapu eka neda kale.
Thanks for the post 😍👊
ReplyDeleteසුපිරිම sci-fi series එකක් 💯🔥 season 2 එනකම් ඉවසිල්ලක් නෑ😌
ReplyDeletehama episyama supiriyata explain karala breakdown karata thankx bro...
ReplyDeleteThank you for your valuable time.
ReplyDelete