ඝින්ධර ටීවී සීරීස් එකක ආරම්භය | The Wheel of Time S01E01,E02,E03 Breakdown


ඔන්න ඒනම් තවත් කුපිරිම ටීවී සීරීස් එකක ආරම්භයක් ආරම්භ උනා, කාලයේ රවුම වියෙන්ඩ පට්ටාන් අරන් තියෙන්නෙ 😻😻😻 ( ඒ මොන හරුපයක්ද කීවෙ කියලා සීරීස් එක බලන් යනකොට තේරෙයි ඔයාට) 

මේක කියවන්න කලින් අපි සයිට් එකේ දැම්ම "සංසාර චක්‍රයද මේ" කියන වීල් ඔෆ් ටයිම් ගැන හැඳින්වීමක් කරපු ලිපිය කියවලා එන්න... නැත්තං තේරෙන්නෙ නෑ පහල බ්‍රේක්ඩවුන් එකේ දේවල් මෙලෝ සංසාරයක්... ආ ඒකෙ ලින්ක් එක 👇 කියෝලා එන්න... 

https://www.reviewwhocares.com/2021/09/wheel-of-time-introduction.html

ඒ කියෝලත් මොනාහරි ගැටලු තියෙනවා නම් මේ ලිපියේ හරි සිරීස් එකේ හරි අනිවාර්‍යෙන් අපේ වීල් ඔෆ් ටයිම් පේස්බුක් ගෲප් එකට දාන්න ඔයාගෙ ගැටලුව. අනිවාර්‍යෙන් මං හරි ශෙවාන් බොස් හරි අපේ පාං බට්ටා සර් හරි දායි ඒවට උත්තර... ගෲප් ලින්ක් එක ලිපියෙ යටම තියෙනවා...

ඉතින් මේ බ්‍රේක්ඩවුන් එක ලිව්වෙ අපේ වීල් ඔෆ් ටයිම් ඔස්තාර් ශෙවාන් බොස්, මං (සචින්) ඒකට මගෙ දේවල් දාලා සමහර තැන් පැහැදිලි කරලා කම්ප්ලීට් කරලා තියෙන්නෙ මෙතන... ඉතින් ශෙවාන්ට තැන්කූ කියන ගමන් යමු බ්‍රේක්ඩවුන් එකට... 

වීල් ඔෆ් ටයිම් එකේ එපිසෝඩ් 3ක් ආවනෙ පළවෙනි සතියෙම, ඒක හැමෝම දන්නවනේ, පළවෙනි එපිසෝඩ් එකේ අපි මුලින්ම දැක්කේ සුපිරි නිළි රෝසමන්ඩ් පයික් රඟපාන චරිතෙ වෙන මොව්රේන්ව (Moiraine - මේක සමහරු මොයිරේන් කියලත් කියනවා, හැබැයි ඇහෙන්නෙ මොව්රේන් කියලා සීරීස් එකේ නම්) 

(මොව්‍.රේන්)

ඊට පස්සේ අපි රෙඩ් ආජලා කීප දෙනෙක් ව දකිනවා ඔවුන් මිනිසුන් දෙදෙනෙක් ට මොනාද හරි කරන්න යනවා ඒක එතන හරියටම තේරුම් කරන්නේ නෑ ඉස්සරහට ඒක ගැන පැහැදිලි කරන්නම්. (මේ ආජා කියන්නෙ මොකක්ද කියලා එහෙම අර උඩ කිව්ව ලිපියෙ තියෙනවා)


ඊට පස්සේ එග්වේන්ව (Egwene) අපි දකිනවා මෙයා අලුතෙන් තමයි Women Circle (විමෙන් සර්කල්) එකට බැදිලා තියෙන්නේ මෙතනදී මෙයාව වතුරට තල්ලු කරනවා මේක නිකම් එයාගේ ශක්තිය මැනීමට කරපු දෙයක්...


ඉතින් ඊට පස්සේ පොතේ විදියටම එනවා රෑන්ඩ් (Rand) හා ටැම්ලින් (Tamlin) දෙන්නා...


අපි ඊට පස්සේ මෙයාලගෙ ගම කියලා හඳුන්වන්ඩ පුලුවන් එමන්ඩ්ස් ෆීල්ඩ් (Emond's Field) එක හා එයාලා කන බොන රෙස්ටුරන්ට් + බාර් වගේ ප්ලේස් එකක් තියෙන්නෙ, ඒකට කියන්නෙ වයින්ස්ප්‍රින්ග් ඉන් (Winespring inn) කියලා... ඒකත් දකින්ඩ පුලුවන් වෙනවා... 

(එමන්ඩ්ස් ෆීල්ඩ් (Emond's Field)

(වයින්ස්ප්‍රින්ග් ඉන් (Winespring inn)


එතනදී (එග්වේන්) Egwene, නයිනීව් (Nynaeve), මැට් (Mat), පෙරින් (Perrin) ව දැක ගන්න ලැබුනා... 

(පෙරින්, මැට් සහ රෑන්ඩ්)

(ගඟ දිගේ ආපු කෙම්ල එග්වේන්)

(නයිනීව්)

මෙතනට ලෑන් (Lan) හා මොව්රේන් (Moiraine) ආවා... ඒ කියන්නෙ වයින්ස්ප්‍රින්ග් ඉන් එකට...



අපි දැක්කා මොව්රේන් එයාගේ ළග තියෙන බ්ලූ ආජලගෙ මුද්ද පෙන්නුවා මේක කරලා එයා අදහස් කරේ අයි සෙඩායි (Ase Sedai) කෙනෙක් මට කාමරයක් දෙන්න කියලා මේක ලාවට තර්ජනයක් කියලත් කියන්න පුළුවන් සහ සාමාන්‍ය මිනිස්සු අයි සෙඩායිලට බයක් තියෙනවා සහ ලොකු කැමැත්තකුත් නෑ කියලත් වයින්ස්ප්‍රින්ග් ඉන් එකේ හිටපු අයගෙ හැසිරීමෙන් බලාගන්න පුලුවන් උනා...

(මුද්ද)


අපි පලවෙනි එපිසෝඩ් එකේ (ෆේන්) Padam Fain වත් දැක්කා බලපු අය දකින්න ඇති ඇර කලු මනුස්සයෙක් බඩු වගයක් අරන් ආවේ එමන්ඩ්ස් ෆීල්ඩ් (උඩ කිව්ව ගම) එකට කරත්තෙක.



මෙයා හොද කෙනෙක් නම් නෙමේ මෙයා ඩාක්ෆ්‍රෙන්ඩ් (Darkfriend) කෙනෙක් ඒ කියන්නේ මෙයා වැඩ කරන්නේ ඩාක් වන්ට (Dark One)ට. (ඩාක් වන් කියන්නෙ කතාවෙ හතුරා කියලා දැනට ඔලුවට දාගන්ඩකො) මේ ෆේන්ව ඉස්සරහටත් දකින්න පුළුවන් වෙයි අපිට ටීවී සීරීස් එකෙන්. හැම වසන්ත කාලෙම පොර එනවා එමන්ඩ්ස් ෆීල්ඩ් එකට...

අපි ෆෙස්ටිවල් ඔෆ් ලැන්ටර්න්ස් (Festival of Lanterns) එක දැක්කා හැබැයි මේ එක දෙයක් ගැන වත් ලොකු අවධානයක් දුන්නේ ගොඩක් දේවල් මේ අයට පෙන්නුම් කරන්න තිබ්බා ඒක නම් අඩුපාඩුක් කතාවේ, මොකද පොතේ එමන්ඩ්ස් ෆීල්ඩ් (ගම)  එක ගැන ගොඩක් දේවල් විස්තර කරලා තිබ්බා...

(ෆෙස්ටිවල් ඔෆ් ලැන්ටර්න්ස් එක)

අපි එදා රෑ දැක්කා මර්ඩ්‍රෝල් (Myrddral) කෙනෙක් ඇවිත් ගියා, අර හැරී පෝටර් ෆිල්ම් වල වෝල්ඩමෝට් වගේ ඩෑල් එකක් ආවෙ... 



ඊට පස්සෙන්දා තමයි ට්‍රොලොක්ස්ලා (Trollocs) නමින් හඳුන්වන අර රන් කෙවිටෙ හිටපු යකා වගේ කැත එවුන්  අර ගම ලෙප්ට් කරේ ඇවිල්ලා, 

(රන් කෙවිටෙ යකා වගේ නෙවෙයිද කියහන්කො මුන් :D)


ට්‍රොලොක්ස්ලා රෑ එඩ්මන්ඩ්ස් ෆීල්ඩ් එකට ඇටෑක් කරනකොට අපි මොව්රේන්ගෙ වන් පවර් (One Power) එක දැක්කා මුල් වතාවට (One Power එක මේ අයට ලැබෙන බලයක් එක එක අයට වෙන වෙන පවර්ස් තියෙනවා)


(මෙතන එහෙම නම් අමු ඝැම්මක් ඈ 🔥)

ට්‍රොලොක්ස්ලා එක්ක ගිය වලිය නම් කුපිරී මහත්තයො ඈ, මරා ගැනිලි, ලේ වැගිරීම් නම් දොඹෙන් යන්ඩම දුන්නා. සටන අවසානයේ නයිනීව්ව ට්‍රොලොක්ස්ලා අරන් ගියා අපි ඔක්කොම 2වෙනි එපිසෝඩ් එකේ අන්තිමට දැක්කා මෙයා කොහොම හරි බේරිලා ඇවිල්ලා කියලා.



අන්තිමට මොව්රේන් කතාව කිව්වා එයා Reborn (නැවත ඉපදුන) වුන ඩ්‍රැගන් කියලා සැක කරන අයට පොතේ තියෙන වචන ටිකමයි ඒ, ඒ තැන නම් මට (ශෙවාන්) සුපිරි.

දෙවෙනි එපිසෝඩ් එක ගැන කතා කරොත් අපි දැක්කා මුලින්ම චිල්ඩ්රන් ඔෆ් ද ලයිට් (Children of The Light), එකේ නැත්නම් වයිට්ක්ලෝක්ස් (Whitecloaks) එකේ නායකයා අයි සෙඩායි කෙනෙක්ව මරනවා. මේක නම් මරු ආරම්භයක් දුන්නා අනිත් එපිසෝඩ් වලට වඩා... ඒ මිනිහා මරු කියලා පෙන්නුවට තව සීන් එකක් තමයි කෑම එකට ගහල තිබ්බ කෝටුව පිටින්ම කෑවා 😶🙂


(අයි සෙඩායි ලෙප්ට්)

ඊට පස්සේ පට්ටම ඉන්‍ට්‍රො එකත් එක්ක වීල් ඔෆ් ටයිම් නම දාද්දී දුන්න රූප ටික මරු මට ඇස ගැටුනු තැනක් තමයි එතන නූල් අපි දැක්කා මේකෙන් අදහස් කරේ  මිනිසුන් ගේ ජීවිත මේව වගේ දේවල් ගැන කලින් කතා කරා Review Who Cares අපේ The Wheel of Time Sri Lanka පෙස්බුක් ගෲප්  එකේ. ඉන්ට්‍රො එකේ කුපිරිය සහ ඒක කතාවෙ කන්සෙප්ට් එකට ගැලපෙන හැටි ගැන ඉස්සරහට බ්‍රේක්ඩවුන් වලින් කතා කරමු.

(මේ නූල් වලින් හැදිලා තියෙන්නෙ)


අපි දැක්කා මොව්රේන් හා දැන් එයත් එක්ක යන ‍රෑන්ඩ්, එග්වේන්, මැට් සහ පෙරින් මේ අයට  හම්බුනා ඔන්න චිල්ඩ්රන් ඔෆ් ද ලයිට් (පන්සල් යන්ඩ වගේ සුදු ඇඳලා හිටපු සෙට් එක අනේ) 



එකේ අයව යන ගමන් ඉද්දී, මොවුන් සාමය උදා කරන්න හදන්නේ අයි සෙඩායිලාව විනාශ කරලා දාලා ඒ හින්දා මොව්රේන් ඔවුන් එනවා දැකලා ලෑන්ට මුද්ද දුන්නා, මේ මුදු වලින් තමයි හදුනා ගන්නේ මේ අය අයි සෙඩායි කෙනෙක් කියලා... නැතුව පිට පෙනුමෙන් හොයන්න බෑ...

වයිට්ලෝක්ස්ලා නැත්තං චිල්ඩ්රන් ඔෆ් ද ලයිට් එකේ නායකයා ගේ අතේ අපි දැක්කා ගොඩක් මුදු තියෙනවා ඒකෙන් අදහස් කරේ මෙයාට කලින් හමුවුන හැම අයි සෙඩායි කෙනෙක්වම මරලා දාලා කියලා එකයි. එතකොට අපිට හිතන්න පුලුවන් අයි සෙඩායිලා විශාල ප්‍රමාණයක් අපිට මේ කතාවෙ දකින්න පුලුවන් වෙයි කියලා සහ ඉන්නවා කියලා...

(මුදු සෙට් එක)

මේ අයගේ ගමනාන්තය තියෙන්නේ වයිට් ටවර් එකට වයිට් ටවර් එක ගැන වෙනම ලිපියක් ඉස්සරහට ගේන්නම්. මේ අය ටිකක් නවතින්න තමයි ශැඩාර් ලෝගාත් (Shadar Logoth) වල ගියේ මේ ශැඩාර් ලෝගාත් (Shadar Logoth) කියන්නේ ට්‍රොලොක්ලා වත් යන්නෙ නැති බව ප්‍රදේශයක්. මෙහෙ විනාශ කරෙත් ට්‍රොලොක්ස්ලා සහ මර්ඩ්‍රෝල්ලා තමා...

(ශැඩාර් ලෝගාත්)


කොහොම හරි මෙතන මැට් අර පිහිය ගත්ත නිසා තමයි අර අඳුර පැතිරෙන්න ගත්තේ ඒ හරයෙම දැන් මේ අය හැම තැනටම බෙදුනා... 



අපි අන්තිමට දැක්කා නයිනීව් මැරිලා නෑ බේරිලා කියලා. 



3 වෙනි එකේනම් කතා කරන්න දේවල් ටිකක් තියෙනවා ඒ ගැන දැන් බලමු. නයිනීව් බේරුන හැටි තමයි මුලින්ම දැක්කේ එතැන නයිනීව් වතුරට පැන්න වෙලේ අර ට්‍රොලොක් වතුරට පැන්නා කිසිම බියක් නැතුව සාමාන්‍යයෙන් ට්‍රොලොක්ලා ගැඹුරු වතුරට ගොඩක් අකමැතියි ඒක ගැඹුරු නැති පොඩි තැනක් නිසා වෙන්නත් පුළුවන් මොකද ඒක තැනකදී ට්‍රොලොක්ස්ලා වතුරට ගියේ නෑ. මතකනෙ අර දිය සුළියකට අර පාලම් පාරුව වගේ අයිටම් එක යවන්නෙ මොව්රේන් වන් පවර් එක පාවිච්චි කරලා... 



දැන් ලෑන්, මොව්රේන්, නයිනීව් එක තැනක රෑන්ඩ් සහ මැට් තව තැනක වගේම එග්වේන් සහ පෙරින් තවත් තැනක.මේ අය මේ ගිය තැන් ගැන වෙනම කතා කරන්නම්,නැත්නම් ලිපිය දික් වෙනවා.

Episode එක අන්තිමට මම දකිනකන්ම හිටපු චරිතයක් දැක්කා, ඒ ලෝගේන් (Logain) මේ පාරත් මමයි Dragon කිය කිය පොයි කෙල කෙල (බොරු කිය කිය) ගිහින් රෙඩ් ආජලා අල්ල ගෙන, කලින් දවසක කිව්වා වගේම ලෝගේන් කියන්නේ ෆෝල්ස් ඩ්‍රැගන් (False Dragon) කෙනෙක්. හොඳටම දන්න කියන ඩෑල් එකක් ඉන්නෙ... මේ...

(මනී හේයිස් ප්‍රොපෙසූරී 😻😻😻)

පොර තමන්ම තමන්ට Reborn වුන Dragon (මකරෝප්පත්තිය) කිය කිය සොයංවින්දයක් ගන්න ඩෑල් එකක් 😂😂 

කොහොම හරි දේවල් කිහිපයක්ම බ්‍රේක්ඩවුන් එකේ අද කතා කරා, මේ එපිසෝඩ් කිහිපය ගැන මගේ (ශෙවාන්) අදහස නම් කතාව ගොඩක් ‌පොත කියවලා නැති අයටනම් කතාව සුපිරි ඇති... ඒත් පොතට වඩා චරිත වල වෙනස් කම් තිබ්බා ඒ වගේම කතාවේ එමන්ඩ්ස් ෆීල්ඩ් (ගම) එක ගැන අවධානය දුන්නා මදි තාම මොකද එමන්ඩ්ස් ෆීල්ඩ් එකේ පෙන්නන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ වගේම අර ට්‍රොලොක් සීන් එක ටිකක් මට (ශෙවාන්) අවුල්. 

කොහොම හරි කතාවේ හොදට ඉස්සරහට වැරදි හදා ගෙන ඉදිරියට යන්න ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.කොහොම හරි ඉස්සරහටත් The Wheel of Time ගැන කතා කරමු 😊.

එහෙනම් ඉස්සරහට තවත් The Wheel of Time ගැන කතා කරන බ්‍රේක්ඩවුන් එකකින් හමුවෙමු, ශැඩාර් ලෝගාත් (Shadar Logoth), වයිට් ටවර් (White Tower), ඩාක්ෆ්‍රෙන්ඩ්ස් (Darkfriends) හා දැන් අනිත් අය ගිය තැන් ගෙන වෙන් වෙනම කතා කරමු. ඉතින් කට්ටියගේ අදහස් comment කරන්න යන්නේ මුල් episode ගැන.මේ breakdown එකේ වැරද්දක් තිබ්බොත් ඒකත් කියන්න, මොකද මේ මම (ශෙවාන්) ලිව්ව පලවෙනි Breakdown එක.

අපේ වීල් ඔෆ් ටයිම් පෙස්බුක් ගෲප් එකටත් ජොයින් වෙලා සීරීස් ගැන නොදන්න දේවල් ඉගෙන ගන්න ළමායී. ආ ලින්ක් එක 👇

https://www.facebook.com/groups/453362446121748/

එහෙනම් ඊළග ලිපියෙන් හමුවෙමු...

Post a Comment (0)
Previous Post Next Post