ක්ලින්ට් සහ කේටිගේ නත්තල | Hawkeye S01E01 Breakdown



හෙලෝ ගායිස්.. Hawkeye මුල් එපි දෙකේ බ්‍රේක්ඩවුන් එක අරගෙන ඇවිල්ල තියෙන්නෙ. වෙනද වගේ වැල් වටාරම් දාන්න බෑ ප්‍රෙන්ස් සෑහෙන වැඩ කන්දරාවක් මැද වෙලාවක් හම්බ වෙච්ච ගමන් ලියන්නෙ. කියන්න තියෙන ටික ඉක්මනට කියාගෙන කියාගෙන යන්නම්.

සීරිස් එක පටන්ගන්නෙ කේට් ගෙ බැක් ස්ටෝරි එක පෙන්නල. මේ යන්නෙ New York Attack එකට විනාඩි කීපෙකට කලින් යන සිදුවීම් පෙලක්. අවුරුද්ද 2012 කියල දාන්නෙ කහ පාට Card එකක්.



මේ හෝක්අයි  කොමික් වල තියෙන ඔරිජිනල් පාට 3න් එකක්. කේට් ගෙ කාමරේ අපිට බලාගන්න පුළුවන් Bullseye එකක්, කඩු සටන් ශිල්පියෙක්ගෙ අනුරුවක් සහ කේට් එයාගෙ තාත්ත එක්ක කඳු නගින ෆොටෝ එකක්.



මේ සීරිස් එකේ ඉස්සරහට වෙන දේවල් වලට foreshadow කිරීමක්. මේ Bulleseye එක කේට් ට දීපු සම්මානයක් කියලයි මට හිතෙන්නෙ. ඒ කියන්නෙ කේට් සෑහෙන කාලෙක ඉඳන් Archery Training එකක් අරන් තියෙනව. 

කේට් ගෙ දෙමව්පියො අතරෙ එච්චර ලොකු සම්බන්ධතාවක් නෑ වගේ. දෙන්න බැනගන්නවනෙ. ඕකෙන් පස්සෙ කේට් ගෙ තාත්ත කේට්ගෙ කාමරේට එන තැන දොර ගාව ලේනෙක් ඉන්නව.



කොමික් වලදි Squirrel Girl කියල Super hero කෙනෙක් ඉන්නව. මෙයත් Teenager කෙනෙක්. කේට්ගෙ ඇඳ ගාව බැලුවොත් එතනත් ලේනෙක් ඉන්නව.

Squirrel Girl (Marvel Comics)


ඒ වගේම ඔතන ගිරාෆ් කෙනෙක් සහ දුඹුරු පාට බල්ලෙක් ඉන්නව. බල්ල දන්නවනෙ (ලකී.) ජිරාෆ් ගෙන් Reference එක දුන්නෙ Giraffe Man ට වෙන්න ඕනෙ.


Giraffe Man (Marvel Comics)


කේට්ගෙ අම්ම පොඩි වැඩකෑල්ලක් දානව පෙන්නනව.



කොමික් වලදි Elanor කියන්නෙ Madame Masque ගෙ වැඩ බලාගන්න කෙනෙක්. මෙයා මැරිලා කියල තමා කේට් හිතන් ඉන්නෙ. සීර්ස් එකේ මෙයා Masque වෙයි කියල කියන්නෙ. බලමු මොනා වෙයිද කියලා. මෙතන Elanor ගෙ ලුක් එක Comic Accurate කරන්න ට්‍රයි කරල තියෙනව. හැබැයි මටනම් ඒක හෙන විකාරයක් වගේ. ගැලපෙන්නෙ නැති ගතියක් තියෙනව ඉන්න නිළියට ඔය වගේ ලුක් එකක් දෙන්න හදන එක. 

Eleanor Bishop (Marvel Comics)

මේ Alien Attack එක පෙන්න හැටිනම් හෙනම කාලකණ්ණියි ඈ. පේනවනෙ අපිට හෙන ලොකු වීරකමක් වගේ උනාට ඒ සිද්ධිය අනිත් මිනිස්සුන්ට කොහොම බලපාල තියෙනවද කියල. ඔතන මම ආසම දෙයක් අර ක්ලින්ට් බිල්ඩින් එකෙන් පනින සීන් එක Avengers (2012) ෆිල්ම් එකෙන්ම ගත්තු එක.



මොකද ඕක බලද්දි ඕනෙ කෙනෙක්ට පේනවා මේ කරන්නෙ හෙන බොරුවක් කියල. එඩිටක් කියල පේනව. ඔය වෙනස අපිට ඒ කාලෙ මීටර් උනේ නෑනෙ. ප්ලොට් කේස්, ටොක්සික් ෆෑන්බේස් මොනව තිබ්බත් MCU එකෙන් සිනමාවෙ Special Effect කියන දේට මාර තල්ලුවක් දීල තියෙනව. ඔය එඩිට් කරපු අයමයි ඊට අවුරුදු 6කට විතර පස්සෙ මූණෙ රැල්ලක් පවා කැපිල පේන්න තානෝස් ව ඩිසයින් කරේ. පේනවනෙ ඇවිත් තියෙන දුර. 



කේට් හෝක්අයි ව දකින තැන එහෙම මාරයි. ඒ ස්කෝර් එක එහෙම පට්ට. කොමික් වලනම් කේට් ව Hallway එකකදි ක්ලින්ට් ඇවිල්ල බේරගන්නව. ඒකෙන් තමා කේට් හෝක්අයි ව එයාගෙ වීරයා විදිහට සලකන්නෙ. 

ඇටෑක් එකෙන් කේට්ගෙ තාත්ත මැරෙනව.


කොමික් වලනම් මිනිහ පනපිටින් ඉන්නව සහ පොර මාෆියා එක රන් කරන ඩෑල් එකක්. බලමු මේකෙත් මැරුණ කිව්වට ඇත්තටම මළාද කියල.

ඊට පස්සෙ Intro එක වැටෙනව. මේකෙනම් තනිකරම Matt Fraction ගෙ කොමික් එකට Accurate කරල තියෙන්නෙ. Introරො එකේම පෙන්නනවා කේට් 03 ඉඳන් 01 එනකම් හිමීට උඩට යනව. මේ කියන්නෙ කේට් ට්‍රේන් වෙනවා කියලා.


ඕකෙන් පස්සෙ යන්නෙ වර්ථමායේ වෙන දේවල්. වර්ථමානයේ කිව්වට මේ Endgame එකෙන් අවුරුදු 2 කට පස්සෙ ඒ කියන්නෙ Spider-Man: No Way Home එකටත් පස්සෙ. ට්‍රේලර් එකේ පෙන්නුව Musical එක බලන්න පුළුවන් අපිට. මේකෙ හෝක්අයි ට ඉන්න ඩෑල් එකනම් ඇඳන් ඉන්නෙ කොමික් වල තියෙන සූට් එක. සීරිස් එකෙන් ඉස්සරහට හෝක්අයි කොමික් ව්ල තියෙන රෝසපාට සූට් එක අඳිනව කියල අපි දන්නවනෙ. සමහරවිට මේකෙන් අයිඩියා එක ගනී.


මේකෙ Antman ට ඉන්න පොරගෙ ශර්ට් එකේ තියෙන්නෙ කොමික් වල Franklin Richards ගෙ සූට් එකේ තියෙන ලෝගො එක.



ඉස්සරහට Fantastic 4 එකත් එන නිසා Franklin වත් කාලයක් යද්දි බලාගන්න ලැබෙයි.

ක්ලින්ට්ගෙ ඇසීමේ හැකියාව අඩුවෙලා වගේ මිනිහා Hearing Aids පාවිච්චි කරනව පෙන්නුවනෙ.


සීරිස් එකේනම් මිනිහ කියන්නෙ Avengers ලත් එක්ක ගියපු මෙහෙයුම් නිසා ඒක වුණා කියලා. Endgame එකෙනම් අපි එහෙම මුකුත් දැක්කෙ නැනෙ. හැබැයි මට හිතෙන්නෙ මේක යෙලේනගෙ වැඩක් කියලා. මොකද මේක යන්නෙ Black Widow Credit scene එකෙන් අවුරුදු 2 කට පස්සෙනෙ. බලමු. මේක වරදින්න ඉඩ තියෙනවා.

“Thanos was right” මේකනම් ටින් මෑන්ට ගහපු හින්ට් එකක් වගේ.


ඕකට හේතුව මං කියන්නෙ නෑ. හේතුව Eternals එක ස්පොයිල් වෙනව. රිවීව් එකක් අරන් ආපුහම කතාකරමු.

කේට්ගෙ අම්ම වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන්ගෙන වගේ. මේ ඉන්නෙ Jacques Duquesne.



මගෙ Road to the Hawkeye ලිපිය කියෝපු අය දන්නව මෙයා තමා Swordsman වෙන්නෙ. Matt Fraction ගෙ කොමික් එකේනම් මෙයා කිංපින් ඇතුළු Mob Boss ල කීප දෙනෙක්ව මංකොල්ල කනවා. ඒකටත් අහුවෙන්නෙ හෝක්අයිව. ඒ කොමික් රන් එකේ ක්ලින්ට් සහ කිංපින්ල අතර මුලින්ම වලි පටන්ගන්නෙ ඕකෙන් පස්සෙ. සීරිස් එකේදි පොර Swords වලට ආසකරනව කියල පෙන්නුව. ඉස්සරහට Live Action Swordsmaster කෙනෙක් බලාගන්න පුළුවන් වගේ.

Swordman (Marvel Comics)

කේට්ගෙ අම්ම එක තැනක කියනව Charity Auction එක ගැන එයාගෙ තියෙන අදහස.


අපිට ගානක් නැති උනාට ඇත්තටම අවුරුදු ගානක් ඇතුලත එයා වෙනස් වෙල තියෙන විදිහ පෙන්නල තියෙනව ඕකෙන්. මුලින් එයා කේට්ගෙ තාත්තත් එක්ක රණ්ඩු කරන්නෙ Financial Issues නිසා. හැබැයි සල්ලි අතට ආවට පස්සෙ එයා දුප්පත් මිනිස්සු ගැන කතාකරන්නෙ ඔහොම. සල්ලි නිසා මිනිස්සු වෙනස් වෙන හැටි ඔය. දැන් හිතන් ඉන්නව නේද සල්ලිකාරයෙක් උනොත් මිනිස්සුන්ට සලකනව කියලා. හැබැයි ඇත්තටම සල්ලිකාරයෙක් උනොත්. ඔය වැඩේ කරයිද? අපෝ නෑ ආ. යාචකයෙක් ගේ ඉස්සරහින් යනවටවත් කැමතිවෙන්නෙ නෑ. බලහන්කො නැද්ද කියලා.

කේට්ගෙ අම්ම ජැක් එක්ක Engage වෙලා ඉන්නෙ. මේක කියන්නෙ Armand නෙ.



කොමික් වලදිනම් Armand කියන්නෙ Jacques Duquesne ගෙ තාත්ත. මෙයා නිසා තමා පොර Swordsmaster වෙන්නෙ. මේකෙනම් Armand Variant ල ගොඩාරියක් ඉන්නව. 

Armand කේට්ගෙ අම්ම එක්ක වාද කරන්නෙ මොනාටද දන්නෑ.

සමහරවිට එයා ජැක්ව බඳින්න යන නිසා දෙන්න අතරෙ අවුලක් ගියා වෙන්න පුළුවන්. නැත්තම් මේ Underworld එකට සම්බන්ධ දෙයක්. එතකොට ඇත්තටම එලනෝර් කියන්නෙ Masque ද?

ට්‍රේලර් බ්‍රේක්ඩවුන් එකේ කියපු විදිහටම බේස්මන්ට් එකේ තියෙන්නෙ Black Market එකේ වෙන්දේසියක්.



කොමික් එකේනම් මේ වගේ එකක් තියෙනව මැඩ්‍රිපූර් වල. මේකෙදි ක්ලින්ට් ම්නීමරණ ටේප් එකක් වෙන්දේසියට තියනව. කොහොමහරි මෙතනින් ක්ලින්ට් ව බේරගන්න එන්නෙ කේට්. ඒ Madame Masque ව ගැට ගහල එයා වගේ වෙස්වලාගෙන. මෙතනදි Masque විදිහට එන කේට් බිලියන ගානක ලංසුවක් තියනව අර ටේප් එකට. ඒ වගේම Masque සහ කේට් අතර වලි පටන්ගන්නෙත් මේකෙන් පස්සෙ. 

මේකෙදි Ronin Suit එක වෙන්දේසියට තියෙනවා.



කොමික් වලනම් මැරුණා කිව්වට ක්ලින්ට් පණපිටින් ඉන්නව සහ එයා කේට් එක්ක සටනකට එනවා රොන්නින් විදිහට. ඒ ඇවිල්ල ක්ලින්ට් එයාගෙ දුන්න ආපහු අරන් යනවා. ඕකෙන් පස්සෙ ක්ලින්ට් කේට් ට කියනවා එයාව දුනු තරගෙකින් පරද්දන්න කියලා. ඕකෙන් කේට් අසමත් උනාට තෑග්ගක් විදිහට පස්සෙ කාලෙක ක්ලින්ට් එයාගෙ දුන්න කේට් ට දෙනවා. 

මෙතනදිත් අපිට ජැක් සහ Armand දෙන්නගෙ පොඩි Argument එකක් පෙන්නනවා.



මෙතෙන්ට කඩා පනිනවා Tracksuit ල.



මුන් එන්නෙනම් Avengers ලට සම්බන්ධ මොකක්හරි Watch එකක් අරගන්න.



මේක ටෝනිට සම්බන්ධ දෙයක් වෙන්න ඕනෙ. හරියටම මොකකද කියල කියන්න බැරි උනත් මේක ලොකු ප්ලෑනක කොටසක් කියල තමා හිතන්න පුළුවන්. ඉස්සරහට එන Armor Wars සීරිස් එකෙත් ටෝනිගෙ Tech එක පිට ගිහිල්ල වෙන සිද්ධි ටිකක්නෙ යන්නෙ. සමහරවිට මේක Armor Wars එකට සමන්ධ දෙයක් වෙන්න පුළුවන්. 

කේට් එඔනින් සූට් එක දාගෙන මේ අයව නවත්තනව.



මෙතන පේන්නෙ නම් රොනින් Tracksuit ලව දන්න්ව කියලා. ක්ලින්ට් මොන පිස්සුවක් කෙලියද දන්නෙ නෑ රොනින් විදිහට හිටපු කාලෙ.

ඒ වගේම ඔය කලබගෑනිය අස්සේ ජැක්, රොනින්ගේ කඩුව අරගන්නවත් අපි දැක්කා. පොර Swordman වීමේ පෙර සලකුණු පහල වෙනවා වගේ.



කොමික් වදි වගේම ලකී ව කාර් එකට හැප්පෙන්න යනවා. හැබැයි මේකෙනම් කේට් පැනල බල්ලව බේරගන්නව (හැප්පියාන් පරයා කියල බලන් හිටපු තිරිසන් මම).



මෙතනදි සීර්ස් එකේ පලවෙනි වතාවට Kazi ව පෙන්නනවා.



මෙයා තමා කොමික් වලදි Clown කියන විලන් වෙන්නෙ.

Kazimierz Kazimierczak aka CLOWN (Marvel Comics)


කොමික් වලදි ක්ලින්ට් ගෙ කන ඇහෙන්නෙ නැතිවෙන්නෙ මෙයා නිසා. Matt Fraction ගෙ රන් එකේදි මෙයා ඇවිල්ල ක්ලින්ට් ව මරන්න Tracksuit එකෙන් එවන Assassin කෙනෙක්. සීරිස් එකේනම් මිනිහා Echo ගෙ දකුණු අත වගේ ඉන්නව කියල තමා TV Spots වලින් පෙන්නුවෙ. මේකෙනම් මිනිහා Clown වෙලා නෑ වගේ. 

Armand ව මැරුවේ කවුද කියන එකනම් තාම එලියට ආවෙ නෑ.



මට හිතෙන්නෙ මේක ජැක්ගෙම වැඩක් කියලා. මොකද Armand ව මරල තිබ්බෙ කඩුවකින්. නැත්තම් මේ Elanor හෝ එයා එවපු කෙනෙක්ගෙ අතින් උන දෙයක් වෙන්නත් පුළුවන්. මොකද ඒ දෙන්නගෙත් පොඩි කෝන්තරයක් තියෙනවනෙ. 

Armand ගෙ ගෙදරින් පැනලා එන කේට්ව Tracksuit එකට අහුවෙනවා. මෙතනදිනම් කේට් අම්බානට කනවා.



අනිතිමට ඔතෙන්ට ක්ලින්ට් ඇවිල්ල කේට්ව බේරගෙන එයාගෙ මාස්ක් එක ගලවනවා. පලවෙනි එපිසෝඩ් එක ඔතනින් ඉවරයි.


ආතව එකක් මේ එපිසෝඩ් එකේ එකතැනක ජැක් කේට් ට කියනවා Katie කියලා.



කොමික් වලදි කේට් එයාට ඔය නම කියලා කතා කරනවට එච්චර ආස නෑ. දෙන්නගෙ සීතල යුද්ධය මේ වගේ පොයින්ට් එකකින් පෙන්නපු එක පට්ට. 

එපි දෙකේම බ්‍රේක්ඩවුන් දෙක එකපාර දෙන්න හිටියෙ ප්‍රෙන්ස් හැබැයි මේ වැඩ වැඩි නිසා දෙවෙනි එක වෙනම තමා ගේන්න වෙන්නෙ. කොරන්න දෙයක් නෑ ඉතින් මේක මගේ පුදුම පින.  


Au revoir Fellas!!!


කව්ද මේ හෝක්අයි එක්ක එන සුන්දර කේට් බිශොප් වස්තුව? | Road To the Hawkeye Series 👇

https://www.reviewwhocares.com/2021/09/road-to-hawkeye-series.html


කේටි සහ ක්ලින්ට් | Marvel Studios Hawkeye Official Trailer Breakdown 👇

https://www.reviewwhocares.com/2021/09/Hawkeye-Official-Trailer%20Breakdown.html

Post a Comment (0)
Previous Post Next Post