මල්ටිවර්ස් පිස්සුවේ ආරම්භය | Doctor Strange in the Multiverse of Madness Trailer Breakdown

 


ඔන්න අද අපි කතා කරන්න යන්නේ 22 දා ආපු Dr.Strange MoM trailer එකේ Detailed Breakdown එකක්.

Marvel ල ඕක දන්න කලින් ම Spider-Man: No Way Home එකේ දෙවෙනි Credit Scene එකේ පෙන්නනවා . එක Theatre එකේම බැලුව නම් ඔයාල දන්නවා ඇති එක කොච්චර epic ද කියලා.

 හරි දැන් අපි Breakdown එකට යමු....

Trailer එක පටන් ගන්නේ Black screen එකකින්. එතකොට අපිට Ominous music එකක් ඇහෙන්න ගන්නවා. Ominous කියන්නේ ඉස්සරහට මොනා හරි වැරැද්දක් වෙන්න යනවා වගේ හැගීමක් දැනෙන එකට. දන්නවනෙ දැනටම කියල තියෙන්නෙ ෆිල්ම් එක හොරර් ටයිප් එකට යන්නෙ කියලා.

එතකොට අපිට ඇහෙනවා Wong කියනවා "Strange, Don't Cast That Spell" කියලා. අපිට NWH movie එකේ මේක කියනවා බලාගන්නේ ලැබුනේ නැතත් Spiderman NWH පලවෙනි trailer එකේ Wong ක කියනවා බලාගන්න පුළුවන් උනා.

 


පස්සේ ඩොකා කියනවා "We Tempered With the stability of spacetime ." කියලා. පස්සේ අපිට බලන්න ලැබෙනවා Kamar Taj එකේ තියන පහන් ටිකක් නිමෙනවා. පහනකින් symbolize කරන්නෙ ආලෝකය සෞභාග්‍ය වගේ දේවල්. (ඒකනෙ සුබ වැඩකට කලින් පහනක් පත්තු කරන්නෙ). එතකොට පහනක් නිවිලා යන එකෙන් කියන්නෙ ලොකු විනාසයක් එන්න යන්නෙ කියලා. Seems like darkness is upon us.

 එතකොට ඩොකා කියනවා "Multiverse is a concept that we know frighteningly little" කියලා. මේ සීන් එක නම් NWH එකේ ඩොකා peter ට කියන කැල්ලක තිබ්බා. මට හිතෙන්නේ මේකෙන් කියන්න හදන්නේ NWH එකේ සිද්ද වෙච්ච වැඩේ නිසා strange ට කල කල දේ පල පල දේ වගේ සින් එකක් වෙන්න යනවා කියන එක. මතක තියාගන්න මුළු ලෝකෙටම පීටර් පාකර් කියන එක අමතක කරන එකෙන් ස්ට්‍රේන්ජ් ටත් ඒක අමතක වෙනවා. So මිනිහා දන්නෙ නෑ මල්ටිවර්ස් එක Crack උනේ කොහොමද කියලා.

 



මේකට පස්සේ තියන ඊලග සින් එකෙත් මේක හොදට පෙන්නුම් වෙනවා. අපිට බලන්න ලැබෙනවා ඩොකා ගේ පරණ watch එක . මේක තමය් එයා විකුනන්නේ නැතුව තිබ්බ එකම දේ . එයා sorcerer කෙනෙක් උනාට පස්සෙත් එයා කට මුකුත් කලේ නැ . ඉතින් අපිට දකින්න ලැබුනේ ඔරලෝසුව කැඩිලා තිබුණු එක. එතන ඩොකා ගේ reflection එක තිබ්බා . ඉතින් එකෙන් පෙන්නුම් වෙන්නෙත් ඩොකා broken වෙලා වගේ සීන් එකක් තමයි. ඒවගේම මේකෙන් මල්ටිවර්ස් එක සහ ටයිම්ලයින් එකත් crack වෙලා කියලා පෙන්නනවා.

අනික reflection එකෙන් බලාගන්න පුළුවන් උනේ ඩොකා full වුලෙන් ඉන්නවා වගේ . එකෙන් symbolize වෙන්නේ multiverse එකත් අවුලෙන් කියන එක වෙන්න පුළුවන්.

 


ඊලග ශොට් එකෙන් පෙන්නන්නෙ ඩොකා alley එකකින් ඇවිදන් එනවා. අපි මෙච්චර කල් MCU කේ දැක්ක කොස්ටියුම් එක නෙවේ මේ තියෙන්නෙ වෙනස් කොස්ටියු එකක්. මේක තමා කොමික් වල තියෙන කොස්ටියුම් එක. What IF..? බැලුවනම් මතක ඇති Supreme Strange ට තිබ්බෙත් මේ සූට් එකමයි. එතකොට මේ ඉන්නෙ Supreme Strange ද. (Panik😖). මේ ලොකේශන් එකේ සම්පූර්ණයෙන්ම හිම වලින් වැහිල තියෙන්නෙ. NWH එකේදි ඩොකා කිව්ව සයිබීරියාවට යන්න දොරටුවක් ඇරියා කියලා. ඒ වගේම Wong අර බෑග් උස්සගෙන යන්නෙත් හිම තියෙන තැනකට. දෙකේ මොනා හරි සම්බන්ධයක් වත් තියෙනවද?   ඒත් එක්කම පෙන්නනවා වටපිටාවෙ තියෙන දේවල් රියැලිටියෙන් මැකීගෙන යනවා කියලා. මේක අපි what if එකේදි දැක්ක දේවල් වලට සමානයි. ඒ කියන්නෙ මේක මල්ටිවර්ස් එක නිසාම වෙන දෙයක් නෙව්වෙ කවුරුහරි ටයිම්ලයින් එකෙත් absolute point එකක් වෙනස් කරල තියෙනවා. ලොකේශන් එක දැක්කම මට හිතෙන්නෙ මේ නිව්යෝක් කියලා.


ඊලගට පෙන්නවා ඩොකා Sactum Sancturum එකට යනව. මේකනම් ගරා වැටිල තියෙන්නෙ. මේ අර මැරීගෙන යන රියැලිටියේ එක වෙන්න ඇති. මේ තැනම හමා ඊලග ශොට් එකේ දූවිලි පිහදාන්නෙත්.


මේක මගේ (මලින්ද) තියරියක්. නිකමට හිතෙන්නෙ නැද්ද මේ ඩොකා යන්නෙ අර What if? වලදි Supreme Strange මකපු යුනිවර්ස් එකට කියලා. ඒකෙ ඉන්න ඩොකා සුප්‍රීම් එක්ක්ක වලියට යනව්ත් එක්කම වගේ අපේ ඩොකා ඒ යුනිවර්ස් එකට එනව ඇති. Just a theory ඈ✌.

 


කිසි කතන්දරයක් නෑ මේ තියෙන්නෙ අපේ යුනිවර්ස් එක. ඔය මිනිස්සු දුවන්නෙ ඇයි කියල ඉස්සරහට කියන්නම්.



මේ ඉන්නෙ වන්ඩා. පේන හැටියට කාත් එක්ක හරි වලියකට යන්න වගේ.

 



ක්‍රිස්ටීන් පාමර් ගෙ වෙඩින් එක බලාගන්න පුළුවන්. මෙයා මැරි කරන්නෙ ඩොකාව නෙවේ වගේ. (ගෑණු ගෑණුම තමයි අෆ්ෆා 😂😂). අර කලින් ඩොකා අප්සට් ගහල හිටියේ ඕකද දන්නෙ නෑ. (හොඳ වැඩේ කියල යටිහිතෙන් සතුටු උන මම. මගේකා පීතරගෙ පරම පිවිතුරු ආදරේ කෑවා මෝම්ඩයා 😒).



ඉස්සරහට වෙන්නෙ ලෝක විනාසයක් කියන එකට දීපු ලොකුම හින්ට් එක මේකනම්. කපුටා කියන්නෙ අවාසනාවෙ සංකේතයක්නෙ. මෙතන ඉන්න එකා හෝල් එකේ දකිද්දි මටත් අය හිතුන හැබැයි. (හෝල් නොගිය ඇත්තො වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක් තියමු. එයාම්ලට ඉප්පොයිල් මං ගානෙ. 😁)



මේ ඉන්නෙ America Chavez a.k.a. Ms. America  මෙයාට පුළුවන් මල්ටිවර්ස් එක හරහා ගමන් කරන්න. මෙයා ස්ටෝරි එකේ ලොකු කොටසක් කරනව කියලයි ආරංචිය. පේන හැටියට ලොකු අලකලංචි වගේ මුහුණ දීල ඉන්නෙ. දූවිලි නාගෙන. මේ ඉන්නෙ Kamar Taj වල වෙන්න ඕනෙ.

 


Wong මැරෙනව වත් ද? 😨 පේන්නෙනම් ඒ වගේ. Eternals කේ Ajax, Gilgamesh මරනව දැක්ක, NWH එකේ Aunt May ව මැරුව. එතකොට මේකෙ මැරෙන්නෙ Wong ද? (If pain was a cinematic universe 😪 )


ඔය ලොකු තරුවක් වගේ තියෙන්නෙ Ms. America මල්ටිවර්ස් එක හරහා යන්න පාවිච්චි කරන Portal එකක්. මේකට ඇඳිල යන්නෙ මොකාද දන්නෙ නෑ. පොරට පොඩි ponytail එකක් තියෙනවා. කැසීලියස්?? අනේ මන්ත කවුරු උනත් මේ ඉන්නෙ sorcerer කෙනෙක්.

මේ පාර මාවල් ලෝගෝ එක දාන්නෙ ටිකක් වෙනස් විදිහකට. මෙතන අපිට පරණ phases වල ඉන්ට්‍රො වගේම Fox universe කේ ඉන්ට්‍රො එකත් බලාගන්න පුළුවන්. එතකොට මේකෙන් Fox universe එකත් canon කරනවද. හැබැයි පොඩි කේස් එකක් තියෙනවා. X-men ෆිල්ම් වල සහ MCU එකේ ටයිම්ට්‍රැවල් තියරි හාත්පසින්ම වෙනස්. එතකොට එකම යුනිවර්ස් එකක ටයිම්ට්‍රැවල් තියරි දෙකක් තියෙන්නෙ කොහොමද ?  What if? වල Infinity Stones ටිකෙන් මල්ටිවර්ස් එක පුරාම වැඩ දැම්ම වගේ මෙතනත් පිස්සුවක් කෙලියද දන්නෙ නෑ. අනේ පිස්සුනං කෙලින්ඩ එපා මහත්තයො ඈ 🙏.


මල්ටිවර්ස් එක බේරගන්න ඩොකා යනව වන්ඩගෙන් උදව් ඉල්ලන්න. WandaVision කේ අන්තිමට වොන්ඩ ඉන්නව කියල පෙන්නුවෙ විලක් ගාවනෙ. හැබැයි මේ ඉන්නෙ නම් වෙනම ප්ලේස් එකක. මේ Wundagore Mountains වෙන්න පුළුවන්. මෙතන තමා කොමික් වලදි Darkhold එක නිර්මාණය කරන්නෙ.

වන්ඩා පොඩි මල් වගාවක් කරගෙන යනවනෙ. මේ තියෙන්නෙ White Blossoms. මේවගෙන් පෙන්නන්නෙ සාමය සහ නිදහස කියන දේ. ඒ වගේම මෙතන පොඩි බැටළු රෑනක් බලාගන්න පුළුවන්. මේක Westview වලදි වොන්ඩා මීනිස්සුන්ව හිරකරගෙන බැටළුවො වගේ පාලනය කරා කියන්න පාවිච්චි කෙරුව වෙන්න පුළුවන්.

 

                                                                                           

මට හිතෙන හැටියට මේ තියෙන්නෙ Ms. America ගෙ යුනිවර්ස් එක. නැත්තම් පස්සෙ පෙන්නන ඩොකාගෙ වේරියන්ට් එක ඉන්නෙ මෙතන.


ඩොකා පිටිපස්සෙ Ms. America එක්ක ඉන්න ක්‍රිස්ටින්ව බලාගන්න පුළුවන්. එතකොට මේ ඉන්න ක්‍රිස්ටින්ගෙ වෙන වේරියන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. සමහරවිට වෙන යුනිවර්ස් එකක ඉන්න ක්‍රිස්ටින් පාමර් කියන්නෙ Ms. America ගෙ අම්මා වෙන්න පුළුවන්.


අම්බෝව් සාංත Mordo ලොක්කගෙ ඝැම්ම. සික් ඈ සික් 👏. මිනිහා මේකෙ මේන් විලන් වෙන එකක් නෑ කියල තමා කියන්නෙ. බට් බලමු පොර ලොකු දේකට ලෑස්ති වෙනව වගේ


මං හිතන්නෙ මේ ඉන්නෙ වන්ඩා නෙවේ එයාගෙ වෙනම වේරියන්ට් එකක් කියලා. ෆිල්ම් එකේ big bad මෙයා කියලයි කියන්නෙ. සමහර විට ඩාක් පැත්තට ගියපු කෙනෙක් වෙන්න ඇති. ඩොකා වන්ඩ ව හම්බවෙන්න යන්නෙ මෙයාව නවත්තගන්න වෙන්න ඇති. මෙතනදි මෙයා කවුරුහරි කෙනෙක්ව summon කරනව වෙන්න පුළුවන්. Cththon?/? 🐙



ඩොකා vs මොර්ඩෝ ස’ ඝැම්මක් ආයෙ ඈ. මොර්ඩෝ ගාව තියෙන්නෙ Staff of Living Tribunal එක. ඩොකාගෙ අත් දෙකට මාංචු වගේ දෙයක් දාල තියෙනව. මැජික් බ්ලොක් කරන්න වෙන්න ඇති. ඕකට වෙන්න ඇති කලින් I’m sorry කිව්වෙ.


Kamar Taj වලට කවුරුහරි ඇටෑක් කරනව. මෙතන Sorcerer ල අතරෙ Minotaur කෙනෙක්ගෙ පෙනුම තියෙන අතෙක් ඉන්නව කියල බලාගන්න පුළුවන්. සමහරවිට මේ තැන Taj නොවෙන්න ඇති. Ta Lo වගේ වෙනම තැනක් වෙන්න පුළුවන්.


ඩොකා Chaos Magic යූස් කරනවා. මේ ඉන්නෙ අර විනාස උන Sactum Sancturm එකේ. මල්ටිවර්ස් එක හරහා යන්නද දන්නෙ නෑ මේ Chaos Magic පාවිච්චි කරන්නෙ. එහෙම උනොත් මගේ තියරිය ඇත්තවෙන්න ඉඩ තියෙනවා.


What IF..? එපි වලදි වගේම මෙතන්දි ඩොකා Dark Dimension කේ ඉන්නෙ සතෙක්ව summon කරනවා. මේ ඇතිවුන emergency (මල්ටිවර්ස් එකේ ඇතිවුන කලබගෑණියට අපි එහෙම කතාකරමු). එකට මූණ දෙන්න ඩොකා Chaos Magic සහ Dark Dimension එකෙන් බලය ඇදගන්නව වගේ. කොහොමත් Dark Dimension එකෙන් බලය ඇඳගන්න කෙනෙක්ගෙ බය ගොඩක් වැඩීනෙ. What IF..? වලදි Ancient One  ටයිම්ලයින් එක පවා දෙකට බෙදනව.


ලොම්කු ස’ කෙනෙක් කියල තිබ්බ මේ Shuma-Gorath කියලා. අනේ නෑ මේ ඉන්නෙ Gargantos. මෙයාට බයේ තමා අර මිනිස්සු දිව්වෙ. දැනට එලියට ආපු ඩීටේල්ස් වල හැටියට ක්‍රිස්ටීන්ගෙ වෙඩින් එක දවසෙ මේ රාස්සයා Ms. America ගෙ පස්සෙ ඇවීල්ල NY වලට වැටෙනවලු. මේකෙන් පස්සෙලු ඩොකා මල්ටිවර්ස් එකේ අවුලක් කියලා දැනගන්නෙ. Gargantos ව එවන්නෙ Scarlet Witch ලු. මේ දමල ගහන බස් එකේ ලියල තියෙනවා unlock a lucky day කියලා. හැබැයි අහක යන ඕනෙ බඩකඩිත්තුවක් පිටසක්වල යානයක් වේවා, රාස්සයෙක් වේවා ඔක්කොම කඩන් වැටෙන්නෙ නිව්යෝක් වලට. පුදුම පින ලයිව් ඇක්ශන් මල්ලි. අහක යන ගෑස් යක්කයන්ගෙ ගෙවල් වල පුපුරනව වගේ තමා. (දැං ඇයි මං ඒක කීවෙ? 😂)

 


ඉවර වෙන්ට ඔන්න මෙන්න තියල ජාතික ඩෑල් එකක් පෙන්නනවා. ඩොකාගෙ Evil වේරියන්ට් එකක්. මේ ඉන්නෙ Strange Supreme කියලත් අපි පෝස්ට් පවා දැම්ම. හැබැයි මේ මිනිහා නෙවේ. මේ යකා වෙනම ඒකෙක්. යූටියුබ් ට්‍රේලර් එකේ කැප්සන් වල පවා දාන්නෙ Stephen Strange කියලා. Supreme Strange නෙවේ.

මේකට දාපු පෝස්ටර් එකේ ඩොකාල තුන්දෙනෙකුයි වොන්ඩල දෙන්නෙකුයි ඉන්නව. ඩොකාල දෙන්නෙක් දන්නවනෙ. නෝමල් ඩොකා, අර Evil වේරියන්ට් එක, අනිත් කෙනා තමා Defender Strange. එතකොට වොන්ඩල දෙන්න? අන්න ඒකයි මම කිව්වෙ අර හිටපු කෙනා වේරියන්ට් කෙනෙක් වෙන්න පුළුවන් කියලා. එහෙනම් ඊළග ට්‍රේලරය එනකම් දත කට මැදන් බලන් ඉමු මිත්‍රවරුණි.

අන්තිම වශයෙන් කියන්න තියෙන්නෙ මේක සෑඇහෙන්න බොන්න වෙන ප්‍රස්නයක් කියලා (ඩොකාට නෙවේ අපිට). So, මං යනව දේසිය සාකසාර ටිකක් බොන්ට. බායි බායි variants. ✌

 ඔබේ නෝ වේ හෝම් නොබලපු මිත්‍රයා තනි නොකරන්න, මේ ඔබ ඔහුට ස්පොයිල් කල යුතුම කාලයයි.

#නෝ_වේ_හෝම්_ස්පොයිල්_කරමු

 

හෑල්ල ගෙනාවේ - මලින්ද බණ්ඩාර සහ රකීබ් අමීන්

2 Comments

Post a Comment
Previous Post Next Post