ඔන්න ලමායි, කිව්වා වගේම දෙසැම්බර් කෝබ්‍රා කායි ට්‍රේලර් එක රිලීස් උනා. සුපිරි ම ට්‍රේලර් එකක් මේ පාරත් අපිට ලැබිලා තියනවා. කරාතේ කිඩ් එහෙම බලපු අය දන්නවා ට්‍රේලර් එකේ ආතල් එක එහෙම. මේක දෙසැම්බර් 31 Netflix හරහා තමා Streaming වෙන්නේ. ලොකු හයිප් එකක් මේකටත් හැදිලා තියනවා මොකද කරාතේ කිඩ් ෆෑන්ස්ලා දන්නවා මේකට හේතුව මොකක්ද කියලා. කෝබ්‍රා කායි සීසන් 5 ගැනත් එනවුස්මන්ට් එකක් කන්ෆර්ම් කරලා තියනවා නෙට්ෆ්ලික්ස් වලින්. වැඩි කතා නැතුව බහිමු එහෙනම් ට්‍රේලර් බ්‍රේක්ඩවුන් එකට.
සීන් එක පටන් ගද්දිම අපිට Portable Radio එකක් පෙන්නනවා එකේ "Johnny's Badass Mixtape 4" කියලා Type එකක් දාලා Play කරනවා පෙන්නනවා. සීසන් 3 එහෙම බලපු උන් දන්නවා ජොනියා පොඩි කාලේ ඉදන් යූස් කරන එකක් තමා ඔය portable radio එක කියලා ඒත් එක්කම ප්‍රැක්ටිස් යන්න Suit up වෙනවා අපේ ජොනියා. සීන් එකේ හැටියට මේ පාර්ට් එක එන්නේ තරමක් මැද එපිසෝඩ් එකක වෙන්න ඕනේ ඔච්චර කික් එකකින් වැඩේට බහිනවා කියන්නේ ඩැනියල් හා ජොනී වැඩේ යම්තාක් දුරට සාර්ථක විදියට ගිහින් තියනවා කියලා අනුමාන කරන්න පුලුවන්. ජොනී එයාගේ නළලට දාන බැන්ඩ් එක දාලා තියනවා වගේම අතට හොද ග්ලවු දෙකකුත් යූස් කරනවා සීන් එකෙන් තේරෙනවා ටිකක් Hard Practice එකකට යන්නෙ කියලා.
සීසන් 3 එකේ කට්ටිය එකඟතාවයකට එනවා All Valley Karate Tournament එකෙන් පරදින කට්ටිය කරතේ කණ්ඩායමත් අරන් අයින් වෙලා යන්න ඔනේ කියලා. ඉතින් මේ සීන් එකේ ඇමැන්ඩාට ඩැනියල් කියනවා "If Johnny and I can actually work together, and we win, Cobra Kai will be out of Business" කියලා. දිනන්න ඕනේ වෙනුවට ජොනී එක්ක එකතු වෙලා වැඩේ කරලා දිනන්න පුලුවන් නම් කියලා ඩැනියල් කියන්නේ, ජොනිගෙයි ඩැනියල් ගෙයි තවමත් තියන පොඩි පොඩි ගැටුම් වගේම අදහස් වල නොගැලපීම් වගේ සීන් එකක් නිසා. මොකද ඩැනියල් දන්නවා ජොනී එයාගේ මත වලට සම්පූර්ණයෙන්ම කැමති වෙන පොරක් නෙමේ කියලා ඒ වගේම හවුල් වෙලා වැඩ කරලා ඩැනියල්ට කලින් ලොකු අත්දැකීමක් නැති නිසා. සරලවම මෙතනත් කරාතේ කණ්ඩායම් තුනක් තියනවා මියාගි ඩෝ කරාතේ(ඩැනියල් ලරූසෝගේ), ඊගල් ෆෑන්ග් කරාතේ(ජොනී ලෝරන්ස්ගේ), කෝබ්‍රා කායි(ජෝන් ක්‍රීස්ගේ) ට්‍රේලර් එකේ විදියට ජොනීගෙයි ලරූසෝ ගෙයි කරාතේ කණ්ඩායම් දෙක එකතු වෙලා වැඩ කරනවා පේනවා.
මේ සීන් එක තමා මුලින්ම දැක්ක ආතල් එක 😂😂 මෙඩිටේශන් කරද්දි ජොනියා හොරෙන් බලනවා.කාට කාටත් මතකනේ පොඩි කාලේ එහෙම 😂😂කොහොමත් පොරට හිත එක තැනක තියාගෙන ඉන්න බෑනේ 😂😂 සීන් එක නම් සුපිරි ආහ් 😂😂
ජොනී ලමයි කට්ටියය හොද ට්‍රේනින් එකක් දෙන සීන් කිහිපයක් නෝට් වෙනවා. ලේසිම ට්‍ර්‍ර්නින් එකක් නෙමේ ගොඩාක් අමාරු වගේම වේදනාකාරි ඒවා ඒ වගේම ගොඩාක් අවදානම් ටාස්ක් ටිකක් එතන ලරූසෝ පේන්න නැහැ එක ෆ්‍රේම් එකකවත්, ඒකට ගොඩක්ම හේතුව වෙන්නේ මේකත් හරියට ස්කෝලේ පීරියඩ් බෙදලා වගේ ආතල් එකක් දීලා ඇති මෙඩිටේශන්, කාතා වගේ ඒවා ඩැනියල් බාරව හාර්ඩ් ප්‍රැක්ටිස් ෆිට්නස් ඔක්කොම ජොනී බාරගෙන කරනවා වගේ සීන් එකෙක් ඒ වගේම ලමයි කට්ටියවත් කණ්ඩායම් වලට බෙදලා ඒ ට්‍රේනින් ට්ක අරගෙන යනවා වගේ සීන් එකක් තියනවා. කට්ටියගේ ෆිට්නස් වගේම දරාගැනීමේ හැකියාවගෙ වගේ ගොඩාක් දේවල් ජොනීගේ පැත්තෙන් සුපිරියටම වෙනවා හරියට මිලිටරි ට්‍රේනින් එකක් හා සමානව.
කෝබ්‍රා කායි අයත් ලේසියෙන් අත්හැරලා නෑ සීන් එක එයාලාගේ ප්‍රැක්ටිස් එකත් කරගෙන යනවා මෙ ෆ්‍රේම් එකේම ක්‍රීස් කියනවා "Our Enemies are working together. They combining their styles to beat us"කියලා ඒ work ටික යන ෆ්‍රේම් වල තියනවා සුපිරිම ශොට්ස් ටිකක් ජොනී වාහන ටික Wax කරනවා හරියට ඩැනියල් මුල් කාලේ කරාතේ ඉගෙනගත්තා වගේ, ඒ වගේම පොන්ඩ් එක මැඩ එයාගේ බැලන්ස් එක ගැන වෙනම ට්‍රේනින් වෙනවා. ඊලග ෆ්‍රේම් වල තියනවා ඩැනියල්, ජොනීගේ ස්ටයිල් එකත් පුරුදු වෙන ශොට්ස් ටිකක්. ගොඩාක් මතභේද දෙන්න අයින් කරලා අනිත් කෙනාගේ ස්ටයිල් ඉගෙනගන්නවා දැක්කම පට්ටම ගැම්මක් එන්නේ ඉතින් ඒ වගේම Unstoppable වගේ ෆීලින් එකක් එනවා 😍😍
මේකට පිළියමක් ක්‍රීස් ට ඕනෙ වෙනව ඉතින් එයා එයාගේ පරණ යාලුව ඉන්න තැන හොයාගෙන යනවා. ඒ අරුන් දෙන්නගේ එකතුවට හොද පහරක් ගහන්න හොද ට්‍රේනර් කෙනෙක්ව ගෙන්නන්න. කට්ටිය දැනටම දන්නවා පොර කවුද කියලා. කරාතේ කිඩ් පාට් 3 බලපු අය දන්නවා හොදටම පොර කවුද කියලා වගේම පොරගේ ට්‍රේනින් එක මොන වගේද කියලා. එයා තමා ක්‍රීස් එක්ක හමුදාවේ මුල් කාලේ ඉදන් එකට සෙට් එකේ හිටිය "Terry Silver". එතන කරාටේ කිඩ් 3 එකේ Flashback සීන් එකකුත් පෙන්නනවා. ලොකු සීන් ටිකක් යයි පොරත් ඉන්නවා කියන්නේ ලේසි නෑ මේ පාර ඩැනී කොල්ලට නම් 😍😍
ඊලග සීන් එකෙම පේනවනේ පොරගේ ගැම්ම කොහොමද කියලා ටෙරී සිල්වර් කෝබ්‍රා කායි එකට ඇවිල්ලා ක්‍රීස් ඉස්සරහා කික් එක්ක් ගහලා පන්ච් එකක් ගහනවා (වදින්න නෙමේ) ගැම්ම ඉතින් දකින්න ඇතිනේ කොච්චර කල් ගිහින් දැක්කාත් ටෙරීගේ ගැම්ම හයිය ඒ වගේම පෙන්නලා තියනවා ආයේ ඉතින් සුපිරිම බෑඩෑස් කෙනෙක් තමා සිල්වර් කාරයා. පොරත් සූට්අප් වෙලා කෝබ්‍රා කායි එකේ ට්‍රේනින් පටන් ගන්නවා. මේ පාර මිනිහා ලොකු විස්වාසක් ඇතිකරගන්නවා දිනනවා කියලා. කලින් පාර වෙච්ච අඩුපාඩු හදාගෙන. පොරන ඕනේ මේ ආර දින්නා කියලා සහතික කරගන්න ඒ තරමටම කෝබ්‍රා කායි කොල්ලො සෙට් එකට සුපිරිම ට්‍රේනින් එකක් දෙයි.
ඊලගට රොබීව Main කරගෙන කෝබ්‍රා කායි එකේ ට්‍රේනින් ටිකක් යනවා පොර කියන්නේ හතුරව පරාද කරන්න එයාගේ උපායමාර්ග දැනන් ඉන්න ඔනේ කියලා ඒ එක්කම පොර කෝබ්‍රා අයටත් ඌ මියාගි ඩෝ වලදි ඉගෙනගත්ත් හැම Self Defense එකක්ම කියලා දෙනවා. ඇත්ටම ෆ්‍රේම් ටික දකිද්දි සුපිරිම ෆීලින් එකක් එන්නේ. දෙගොල්ලොම කරට කර මේ පාර එක පැත්තකින් වත් දුර්වලකමක් පේන්නම නැති තරම් අරූ දිනයිද මූ දිනයිද හිතන්නම බෑ 😍😍😍 එපික්ම සීන් ටිකක් වෙයි ආහ් 😍 "Man can't stand, He can't fight" 😍😍 මේ ඩයලොග් එක අහලා තියේනේ 😍 කරාතේ කිඩ් 3 වෙනි එකේදි 😍😍 ඔන්න අපේ සිල්වර් කාරය තවත් බෑඩෑස් කෙනෙක් කරන්න යන්නේ රෝබිව. ඩැනියල් උනත් ඒ ට්‍රෙනින් එකෙන් පස්සේ ආපහු පරණ විදියට හැඩ ගැහුනා ඒත් රොබී කොහොම වෙයිද දන්නේ නෑ.
ඩැනියල් මිස්ටර් මියාගි එක්ක ලොකු ඇරියස් එකක් නොතිබ්බට, රොබී, ජොනී එක්කයි ඩැනියල් එක්කයි පුදුම ඇරියස් එකෙන් ඉන්න නිසා එයාලාව පරද්දන්න විදියක්ම හොයනවා මිසක් ආයේ පැත්ත මාරු කරන සීන් එකක් නම් හිතාගන්න අමාරුයි.
ඔන්න ට්‍රේලර් එකේ ඇඟ හිරි වැටෙනම සීන් එක 😍😍
ටෙරී සිල්වර් ඩැනියාගේ ප්ලේස් එකට ගිහින් 😍 මිගෙල් හා ජොනී නම් පොරව දන්නේ නෑ ෆ්‍රේම් එකේදි දෙන්නාගේ මූණෙන් පොඩි කන්පියුස් ලුක් එකක් තියන නිසා. ඩැනීයා නම් තරමක් දුරට කේන්තියක් වගේම බයකින් ඉන්න ලුක් එකක් තියනවා වගේම ට්‍රේලර් එකේ Flashback සීන් එකකුත් එවෙලෙම යනවා සමහරවිට ඩැනියල් ටෙරීව දැක්ක ගමන් පරණ උන් සිද්දි හැමදේම මතක් වෙන්න ගන්නවා වෙන්න පුලුවන් 1984 තිබ්බ තරගේ බයක් තිබ්බට කොහොම හරි මුහුණ දුන්නට 1989 තිබ්බ එකේදී නම් ඩැනියල් තරගේ ඇත්හැරලා ගෙදර යන්නම බය උනා. ඒ මයික් බාන්ස් වගේම ටෙරී සිල්වර්ගේ ට්‍රේනින් නිසා.ඉතින් මේ සීන් එකෙදි කොල්ලාබය නොවුනොත් තමා පුදුමේ🙏😎
මේ ෆ්‍රේම් දැක්කම ටිකක් හිතන්න පුලුවන් කෝබ්‍රා කායි උන් එක පැත්තකින් හාර්ඩ් ට්‍රේනින් වෙනවා වගේම අනිත් පැත්තෙන් හතුරන්ව දුර්වල කරන්නයි භේද කරවන්නයි වගේ සීන් එකක් තියනවා මොකද ජොනීගෙන් ක්‍රීස් අහනවා "උබ මෙච්චර පහලට වැටිලද වගේ සීන් එකක් ඒකෙන් ගොඩක් දුරට ජොනි උනත් කල්පනා කරන්න ඉඩ තියනවා එයා ඩැනියල් ගේ රූකඩයක් වගේ වැඩ කරන සීන් එකක්. සමහර තැන් වලදි දෙන්නගේ රණ්ඩු එහෙමත් ආතල් එකට බලාගන්න පුලුවන් වෙයි මේ හින්දා. ජොනී උනත් ඩැනියල් මිගෙල්ට උගන්වනවා බලාගෙන ඉන්නවා ෆෝකස් එකෙන් පොරට ජෙලස් එකක් එහෙමත් එනවා වෙන්න පුලුවන් ක්‍රීස් කිව්ව සීන් එකත් එක්ක ඩැනියල් මිගෙල්ව තමන්ගේ පැත්තට ගන්නවා වගේ එකක් හිතලා. දෙන්නගේ සැරින් සැරී ආගියුමන්ට් එහෙමත් වෙනවා බලාගන්න පුලුවන්. ජොනී කියනවා ඩැනියල් හැමදාන එන ප්‍රශ්න ගෙදර දොර ලගට එනකන් බලන් ඉන්නවා කියලා. මේ සීන් එක ගොඩක්ම කියන්නේ ටෙරී සිල්වර් මියාගි ඩෝ එකට ආපු නිසා වෙන්න ඕනේ. ඒ වගේම ඩැනියල් පැහැදිලි කරනවා කෝබ්‍රා කායි එකෙදී ජොනී ඉගෙනගත්ත Stricke First කියන දේ ටෙරී සිල්වර් එක්ක කරලා බෙරෙන්න බෑ කියලා මොකද ජොනී නොදන්නවා උනාට ඩැනියල් සිල්වර් එක්ක ගොඩක් දුරට Involve වෙලා තියන නිසා.
ඔන්න සිල්වර්කාරයායි ඩැනියලුයි ආයේ Meet වෙනවා. මෙතන ගොඩා දුරට සුපර්මාකට් එකක් වෙන්න ඕනේ. ඒ වගේම සිල්වර් කියනවා "You don't wanna admit there's always been a little cobra kai in you" මේ ඩයලොග් එක සිරාම කතාවක්. මොකද කරාතේ කිඩ් 3 වෙනි එකේදි මයික් බාන්ස් එක්ක සටන් කරන්න මියාගි පුරුදු කරන්නේ නැති නිසා ඩැනියල් කෝබ්‍රා කායි එකට ගීහින් ටෙරී සිල්වර් ගෙන් ඉගෙනගන්නවා ඉතින් කොච්චර අකමැති උනත් ඒ Strike First Strike Hard No Mercy කියන දේ ඩැනියල් පවා කලා. ඒක පුහුණුවෙන් වගේම ප්‍රායෝගික වත් කලා මතක ඇති. ඩැනියල් උනත් ඒ පුහුණුව නියම විදියට කලා මතකත් ඇති කට්ටියට උඩ සීන් එකයි මේ සීන් එකයි එක්ක සසදලා බලලා ඩබල දෙන්නගෙම ස්ටයිල් වලට කරතේ උගනවන්න පටන් ගන්නවා වෙන්න පුලුවන් මොකද මෙ පාර කෝබ්‍රා කායි පරද්දන්න අමාරුයි කියලා හොදටම දන්නවා ටෙරී ආවත් එක්ක.
දෙගොල්ලන්ගේ ට්‍රේනින් එහෙම යන විදිය ෆ්‍රේම්ස් කිහිපයකම තියනවා.
හැම සීසන් එකකම තිබ්බා වගේ මේකෙත් සුපුරුදු විදියට ඩැනියල් යනවා මියාගිගේ සොහොන ලගට. ගොඩාක් වෙලාවට ඩැනියල් ට තීරණයක් ගන්න අමාරු වෙලාවට හො මොකක් හරි ප්‍රශ්නෙකට උත්තරයක් ඕනෙ වෙලාවට එයා මේක කරනවා ඉතින් මේකත් එහෙම සිද්දියක්ම තමා ඒත් මොන වගේ එකක්ද කියලා හිතාගන්න අමාරුයි සමහරවිට ටෙරී ආපු සීන් එකම වෙන්න ඕනේ මොකද කරාතේ කිඩ් 3 වෙනි එකේදි ටෙරීගෙන් ඩැනියල් ව බේරගන්න මිස්ටර් මියාගි නිසා. එහෙමත් නැත්තම් ඩැනියල් ඔකිනාවා වලට ගිහින් අලුතින් ඉගෙනගත්තු දෙවල් ලමයි එක්ක බෙදාගන්න ඕනේද කියන ප්‍රශ්නෙත් එක්ක වෙන්න පුලුවන්.
මේ ෆ්‍රේම් එකෙ හිටිය කොල්ලා කලින් ටීසර් එකේදිත් හෝක් ගෙන් ගුටි කන සීන් එකක් තිබ්බා. මම හිතන්නේ මොකක් හරි සීන් එකක් නිසා ඌ ඇරියස් එකක් දාගන්නවා පස්සේ ඌව ස්කෝලේ උන් කොන් කරන සීන් එකක් නිසා පොර කෝබ්‍රා කායි එකට යනව් ඉගෙනගන්න. තවත් හෝක් ඌට සීන් දානව වගේ ෆ්‍රේම් එකක් තියනවා ඒ වෙලාවේ රෝබිත් ඉන්නව. මේ සීන් එකක් එක්ක නම් පොඩි අවුලක් යනවා වෙන්න පුලුවන් මොකද ටෙරී සිල්වර් කියනවා කට්ටියට "No fighting until the tournament" කියලා. කරාතේ කිඩ් 1 බලපු උන්ට මතක ඇතිනේ ඔය රූල් එක එහෙම අපෙ ඩැනී කොල්ලා හැමදාම ගුටිකන නිසා මියාගි, කෝබ්‍රා කායි එකට ගිහින් කතා කරන්නේ.
පස්සේ බලාගන්න පුලුවන් ක්‍රීස් හා සිල්වර් බාවු කරනවා(ආචාර කරනවා) වගේම ඩැනියල් හා ජොනීත් බාවු කරනවා.ඒත් සීන් දෙකේ ලොකේශන් නම් දෙකක්. ක්‍රීස් ගේ සීන් එක වෙන්නේ කෝබ්‍රා කායි එක ඇතුලේ මෙක බොහෝ දුරට සිල්වර් ආපු දවසේ ට්‍රෙනින් පටන් ගද්දි හරි අන්තිම දවස හරි වෙන්න ඕනේ. ඩැනියල් බාවු කරන්නේ කරාතේ තරගේ තියන තැනදි. දෙන්නම කලින් ශූරයෝ දෙන්නෙක් නිසා එයාලාගේ තරගයක් එහෙමත් බලාගන්න පුලුවන් වෙයි අපිට සමහරවිට
"It's time to step into future. This proposal will revolutionize the tournament." මේ සීන් එක පට්ටම කන්ෆියුස් තැනක් මොකක්ද ඇත්තටම වෙන්න යන්නේ මුන් තව අඩියක් ඉස්සරහට යනවා වගේම මේ තරගය ට අලුතින් ගෙනාපු යෝජනාවක් නිසා ලොකු විප්ලවයක් ඇති වෙයි කියලා සින් එකක් යනව. ඇත්තටම මේක පැටලිලි සහගත සීන් එකක්. නිගමන ගොඩාක් තියනවා. සමහරවිට ටෙරී තහනම් පහරවල් රෝබිට ඉගෙන්නුව හේතුව මේක වෙන්නත් පුලුවන් මේ පාර All Valley Karate Tournament එකේ නිතීරීති ලිහිල් වෙයිද? ඒ ෆ්‍රේම් එකකම තිබ්බා සැමැන්තා Sai Weapon එකක් තියාගෙන ඉන්නවා ඒකෙන් කියන්නේ මේ පාර Weapon වලිනුත් තරගයක් තියනවද ? එහෙම නැත්තම් ප්‍රතිවාදී ගුරුවරු මැරෙන්කන් ගහගන්න තරගයක් තියනවද ? මේ වගේ ගොඩක් උදාහරණය වලට එන්න පුලුවන් තත්ත්වයක් ඇති වෙලා තියනවා මේ පාර ඉතින් නිකන් නිගමන වලට ඇවිල්ල ස්පොයිල් කරගන්නේ නැතුව එන දවසට ආතල් එක ගමු.
මීට අමතරව් මට පෞද්ගලික ව මතුවුන ගැටලු තියනවා. මේ සීරීස් එක පුරාවටම පරන හතුරන්ව එකතු කරගත්තා. ජොනී, චෝසන්, ක්‍රීස්, සිල්වර්. ඒ ඒ අය කරාතේ කිඩ් 1 2 3 නියෝජනය කරපු අය ඉතින් පොඩි බලාපොරොත්තුවක් තියනවා මේකට මයික් බාන්ස්ගේ මොකක් හරි සම්බන්ධයක් ඇති කියලා මොකද හැමෝම ගෙන්නපු එකේ එයාව මගහරින්න එහෙම විශේෂ හේතුවක් නෑ වගේම එයාව ගෙන්නන්නත් ලොකුම හේතුවක් නෑ ඇත්තටම. ඒත් පොරත් පොඩි කෑල්ලකට හරි ආවොත් මේක සම්පූර්ණයි වගේ සීන් එකක් වෙනවා. ඒත් ඒ තුරුම්පු ව ඊලග සීසන් එකට තියාගෙන ඉන්නවා වෙන්න පුලුවන්
අනිත් කාරණය සීසන් 5කට මේක ගියා කියන්නේ මේ පාර මියාගි ඩෝ පරාද වෙයිද? ඒක සාපේක්ෂව වෙන්න පුලුවන් ඒත් ගැටලුව එහෙම උනොත් එයාලා අයින් වෙලා යන්න ඕනේ එතකොට ආයේ තරගයක් තියන්න විදියක් නෑ. එහෙමත් නැත්තම් අන්තිම තරගේ ලකුණු සමාන වෙලා Sudden Death Overtime එකකට යන්න ඉඩ තියනවා එතනින් දිනුමක් නැති වෙලා කට්ටිය සමතයකට එන්න වෙන මාර්ගයක් හොයාගන්නවා වෙන්න පුලුවන්. ඒක ගොඩක් වෙලාවට වෙයිද කියලා හිතන්න පුලුවන් මොකද මේ සීරීස් එකෙන් අපිට පෙන්නුවා හොද කෙආ හොදම නෑ නරක කෙනා නරකම නෑ එයාලාට අතීතයේ වෙච්චි සිදුවීම් එක්ක උන දේව තියෙන්නේ කියලා. ඉතින් මේ දේ අනුව දෙගොල්ලොම එකතු වෙන්න දෙයක් කරන්න ඉඩ තියෙන්න පුලුවන් මියාගි ගේ අනුව හැමෝම දවසකට වැරදි අමතක කරලා එකට ඉන්න කියලා ගොඩාක් පාඩම් තිබ්බා. ඉතින් බලමු අපි දෙසැම්බර් 31 මේක රිලීස් උනාම මොන වගේ අත්දැකීමක් ගන්න පුලුවන්ද කියලා
තව දෙයක් තමා අනිවාර්යයෙන් මේක බලන්න කලින් ඔයාලා
The Karate Kid Part 1
The Karate Kid Part 2
The Karate Kid Part 3
Cobra Kai Season 1
Cobra Kai Season 2
Cobra Kai Season 3
අනිවාර්යයෙන් ම බලන්න එහෙම නැතුව මේකේ සිරා ආතල් එක ගන්න බෑ. එහෙනම් කට්ටිය බ්‍රේක්ඩවුන් එක ඉවරයි සීරීස් එක සුපිරියටම එන්ජෝයි කරන්න අර උඩ කිව්ව ඒවා කාට හරි ඩවුන්ලෝඩ් කරන්න අමාරු නම් අපිව සම්බන්ධ කරගන්න.
Great article 😍❤️
ReplyDelete