Shivaji Rao Gaekwad එහෙමත් නැත්නම් Superstar Rajinicanth. මෙයාව නොදන්න කෙනෙක් අහල පහල රටවල් දෙක තුනේ නැතුව ඇතිනෙ. රජිනිගෙ ෆිල්ම් එකක් බොක්ස් ඔෆිස් කරන්න කිසිම ප්‍රමෝශන් එකක් ඕනෙ නෑ. ලංකාවෙ උනත් හෝල් එකක් හව්ස් ෆුල් වෙන්ඩ රජිනි කියන නම විතරක් ඇති. ඉන්දියාවෙ දේවත්වෙන් අදහන කෙනෙක් කිව්වට වැරැද්දක් නෑ. බොසා ඉපදෙන්නෙ 1950 දෙසැම්බර් 12වෙනිදා. දැන් අවුරුදු 71ක්. ලේසි නෑ. අවුරුදු 71ක් වෙලත් කොලිවුඩ්වල නම්බර් වන් ඇක්ටර් වෙලා ඉන්න එකෙන්ම හිතාගන්න පුලුවන්නෙ. රජිනිව අපි දන්නෙ නලුවෙක් විදිහට උනාට ප්‍රඩියුසර් කෙනෙක් සහ ස්ක්රීන්රයිටර් කෙනෙක් විදිහටත් වැඩ කරනවා. ඒ වගේම මේ වෙද්දි රජිනි දායක වෙලා තියන චිත්‍රපට ගනන 90කට වැඩියි.
කාලයක් ආසියාවෙ නලුවෙක් විදිහට වැඩිම අය කිරීම ජැකී චෑන්ට විතරක් දෙවෙනි වුනු රජිනිගෙ පරන රස්සාව දන්නවද? බස් කන්ඩක්ටර් කෙනෙක්. ඔව් ඉන්ඩ පුලුවන් පහලම තැන ඉදන් මේ තැනට ඇවිත් තියෙන්නෙ. රජිනිව Acting කියන සයිඩ් එකට යොමු කරලා තියෙන්නෙ මේ කාලෙදි රජිනි ආශ්‍රය කරපු ගෑල්ලමයා. වාසනාව තමයි එක අතකින්. කොහොම හරි මේ රිලේශන්ශිප් එක ඒ කාලෙම නැති වෙලා තියනවා. Duca... ටික කාලෙකින් රජිනි, ලතා රාගචාරිව මැරි කරනවා. දෙයියනේ කියලා අනිත් නලු නිලියො වගේ නොවී රජිනි මේ වෙනකන් එක කසාදයයි කරගෙන තියෙන්නෙ.
තව මරු ෆැක්ට් එකක් තියේ. දනුශ්ව මැරි කරලා තියෙන්නෙ කව්ද දන්නවද? ඒ තමයි රජිනිගෙ ලොකු දූ පොඩ්ඩ. මරු කම්බිනේශන් එකක් මාමන්ඩි කෙනෙක් සහ මස්සිනා කෙනෙක් විදිහට.
රජිනිගෙ කැරියර් එක පටන් ගන්නෙ Apoorva Raagangal මූවි එකෙන්. මේකෙදි රජිනිට ලැබෙන්නෙ සුලු චරිතයක්. මේ චිත්‍රපටියට වගේම රජිනිටත් මේකෙන් හොද විචාරක ප්‍රසාදයක් ලැබුනා වගේම නැශනල් අවෝඩ් තුනක් දිනාගන්නත් සමත් වුනා. තව මේ වගේ ෆිල්ම් දෙක තුනකට පස්සෙ රජිනි රගපානවා Aval Oru Thodar Kathai චිත්රපටියෙ. මේකෙදි තමයි ඉන්දියන් ඕඩියන්ස් එක රජිනිගෙ ස්ටයිල් එකට පිස්සු වැටෙන්නෙ. කොහොමින් කොහොම හරි රජිනි එයාගෙ පලවෙනි ලීඩ් රෝල් එක කරනවා 16 Vayadhinile කියන තෙලිගු චිත්රපටියෙදි. ඊට පස්සෙ තවත් කාලයක් සුලු චරිත සහ දුශ්ටයගෙ චරිත කරනවා 1980 විතර වෙනකන්. Bairavi කියන්නෙ රජිනිගෙ ටර්නින් පොයින්ට් එක.
ටැමිල් ෆිල්ම් එකක පලවෙනි වතාවට වීරයාගෙ චරිතය ලැබෙනවා රජිනිට. මේ චිත්රපටියෙදි තමයි "Superstar" කියන නම රජිනිට ලැබෙන්නෙ. ඊට පස්සෙ රජිනිගෙ Kaali මූවි එක ඒ අවුරුද්දෙ ෆිල්ම්ෆෙයාර් අවෝඩ් එක වින් කරනවා හොදම ටැමිල් මූවි එක විදිහට ඒ. ඒ වගේම ස්පෙශල් ප්‍රයිස් එකකුත් රජිනිට ලැබෙනවා හොදම නලුවා විදිහට.
ඊට පස්සෙ රජිනි එයාගෙ පලවෙනි මලයාලම් මූවි එක විදිහට Allauddinum Albhutha Vilakkum චිත්‍රපටියට සම්බන්ද වෙනවා. රජිනි, අමිතාම් බච්චන්ගෙ මූවි රීමෙක් 11කට සම්බන්ද වෙලා තියනවා මේ කාල සීමාවෙදි.
Billa මූවි එකේ රගපෑවට පස්සෙ රජිනි සවුත් ඉන්දියන් සිනවමාවෙ ටොප් ස්ටාර් වෙනවා කමල් හසන්වත් ඉක්මවා ගිහිල්ලා. මේක රජිනිට යන්ඩ පුලුවන් වුනු ලොකුම ඇචිව්මන්ට් එකක් කිව්වට වැරැද්දක් නෑ. 1983 වෙද්දි දෙමල, කන්නඩ, මලයාලම් සිනමාවෙ ප්‍රසිද්ධම නලුවා වුනේ රජිනි. මේ කාලෙදිම තමන්ගෙ පලවෙනි බොලිවුඩ් මූවි එකටත් එයා සම්බන්ද වුනා. ඒ අමිතාබ් බච්චන් එක්ක.
ඒ අවුරුද්දෙ ඉන්දියාවෙ වැඩිම බොක්ස් ඔෆිස් ආදායමක් ලබා ගත්ත චිත්‍රපටය වුනේ මේක. Nallavanuku Nallavan චිත්‍රපටියටත් රජිනිට ෆිල්ම් ෆෙයාර් අවෝඩ් එකක් ලැබෙනවා. දැනටම දෙකයි ඈ. මෙහෙ ෆිල්ම් ඔස්තාර්ලා දෙකයි පනහට දාලා කතාකරන නලුවෙක් මේ. මේ කාලෙ වෙද්දි රජිනිගෙ නමෙන් විතරක් බ්ලොක්බස්ටර් හදන්න පුලුවන් වෙලා තිබ්බෙ. නම විතරයි. ඩිරෙක්ටර් කව්ද, ෆීමේල් ලීඩ් රෝල් කව්ද, ප්‍රඩක්ශන් කම්පැනි එක මොකක්ද, මේ මුකුත් ෆෑන්ලට අදාල උනේ නෑ. කොහොම හරි මේ ජනප්‍රියතාව ඇදන් එනවා 2005 විතර වෙනකන්ම. ඒ ටයිම් පීරියඩ් එක රජිනිගෙ ස්වර්නමය යුගය කිව්වට වැරැද්දක් නෑ. 2007දි රජිනිගෙ Chandramuki තුර්කි සහ ජර්මන්වලට ඩබ් කරලා රිලීස් කරනවා. හිතාගත්තෑකිනෙ කොහොම තැනකද ඉන්නෙ කියලා. ඊට පස්සෙ රජිනිගෙ Sivaji රිලීස් වෙනවා.
මේක UKවල පලවෙනි ටොප් 10 බෙස්ට් ටැමිල් බොක්ස් ඔෆිස් ෆිල්ම් එක බවට පත් වෙනවා. මේ මූවි එකට විතරක් රජිනිට ලැබෙන ගාන ඉන්දියානු රුපියල් කෝටි 26ක්. ආසන්නව ඇමරිකානු ඩොලර් මිලියන 9ක් විතර. Again ලංකාවෙ ෆිල්ම් ඔස්තාර්ලට අනුව දෙකයි පනහෙ නලුවෙක් මේ.🤣 රජිනිගෙ ඊලග චිත්‍රපටිය බොක්ස් ඔෆිස් රෙකෝඩ් කඩපු මූවි එකක් උනා. ඒ තමයි Enthiran.
Sci Fi/ Action ෆිල්ම් එකක් වුනු එන්දිරන් කියන්නෙ ඉන්දියාවෙ ඒ වෙනකොට වැඩිම මුදලක් වියදම් කරලා හදපු ෆිල්ම් එක වගේම ඉන්දියාවෙ දෙවෙනියට වැඩිම බොක්ස් ඔෆිස් ආදායමක් හෙව්ව ෆිල්ම් එක. පෞ මෙහෙ එව්න්.🤣 Enthiran සදහා ඇමරිකන් ඩොලර් මිලියන 11 රජිනි ලබාගෙන තිබුනා.
තවත් ෆිල්ම්ස් කිහිපයකට පස්සෙ රජිනිගෙ Kabali 2016දි රිලීස් වෙනවා. මේක ලෝකෙ පුරා පිස්සුවක් උනා රිලීස් වෙන්න කලින් ඉදන්ම.
ෆිල්ම් එකේ මියුසික්වලට එහෙම අදටත් ගූස්බම්ප්ස්. 2018දි පලවෙනි වතාවට රජිනි + ධනුශ් ප්‍රොජෙක්ට් එකක් ෆෑන්ස්ලට බලාගන්න ලැබෙනවා. ධනුශ් ප්රඩක්ශන්වලින් විතරක් සම්බන්ද උනත් මේකත් බ්ලොක්බස්ටර් ෆිල්ම් එකක් වුනා 2018දි. 2018දි රජිනි සමස්ත ඉන්දියානු සිනමාවෙම ටර්නින් පොයින්ට් එකක් වෙන 2.0 සදහා ජොයින් වෙනවා.
මේක රජිනිගෙ Enthiran චිත්‍රපටියේ Sequel එකක් විදිහට රිලීස් උනේ. කාස්ට් එක එහෙම දෙන්ඩ පුලුවන් උපරිමෙන්ම දීලා තිබ්බා. ඇන්ටොගොනිස්ට් විදිහට අක්ශේ කුමාර් සහ ෆීමෙල් ලීඩ් රෝල් එක විදිහට එමී ජැක්සන් Cast කරලා කියලා දැනගත්තහම ෆෑන්ස්ලට පිස්සු හැදුනෙ නැති ටික විතරයි. 2.0 කියන්නෙ ඉංග්‍රීසි නොවන හත්වෙනියට වැඩිම මුදලක් ප්රඩක්ශන්වලට යට කරපු ෆිල්ම් එක. ඉන්දියාවෙ නෙවේ ඈ. ලෝකෙන්ම. නිකමට හිතලා බලහන් කොච්චර ලෙජන්ඩරි ඇක්ටර් කෙනෙක්ද ලංකාවෙ ෆිල්ම් ඔස්තාර්ලා දෙකයි කොලේට දාන්නෙ කියලා. 2.0වලට පස්සෙ රජිනිගෙ Petta ෆිල්ම් එක රිලීස් උනා. මේකෙදි සේතුපතිව රජිනිකාන්ත් සමග පලවෙනි වරට ෆෑන්ස්ලට බලාගන්න ලැබුනා. 2020දි රජිනිව Darbarවලින් බලාගන්න පුලුවන් වුනා. කාලෙකට පස්සෙ බලන්න ලැබුනු හොදම මසාලා ටයිප් ෆිල්ම් එකක්. වැඩ්ඩොන්ට වයස කියන්නෙ අංකයක් විතරයි කියලා රජිනි ඔප්පු කරා Darbar ෆිල්ම් එකේදි. රජිනිව අපිට අන්තිමට බලාගන්න ලැබුනෙ Annaatthe චිත්‍රපටයෙන්.
රජිනි මේ වෙනකොට පද්ම භූශන සම්මානය සහ ඉන්දියාවෙ පුද්ගලයෙක්ට ලබා ගන්න පුලුවන් ඉහලම සම්මානය වෙන පද්ම විභූශන සම්මානයත් ලබාගෙන තියෙන්නෙ. ඒ වගේම ඉන්දියානු සිනමාවෙ ලබාගන්න පුලුවන් වෙන ඉහලම සම්මානය වෙන Dadasaheb Phalke සම්මානයත් රජිනි දිනාගන්නවා 2020දි.
මේ තරම් ලෙජන්ඩරි ඇක්ටර් කෙනෙක්ගෙ උපන්දිනයක් තමයි අද දවසට යෙදිලා තියෙන්නෙ. අනිත් ගීක් පේජස්වල නිකමටවත් විශ් එකක්නම් දැක්කෙ නෑ අපි. පොඩි පොඩි මොඩ්ල්ස්ලටත් බර්ත්ඩේ විශස් දාන වෙලාවෙ රජිනි වගේ කෙනෙක්ට විශ් එකක් දාන්නැති වෙන්ඩ හේතුවක් මට නම් හිතාගන්න බෑ.🤷♂️ කොහොම හරි රජිනිට පස්සෙ මිනිස්සුන්ව මේ වගේ හෝල්වට අද්දවන්න ඉන්නෙ විජේ, ධනුශ් වගෙ කිහිපදෙනෙක් විතරයි.
So Long Live Thalaiva ❤️