හැරී පෝටර් රීයූනියන් ගැන සරලව | Harry Potter Reunion


අද ආවෙ Wizarding World එකේ ඒමත් නැත්තන් මායා ලෝකයේ නැත්තන් හැමෝම දන්න Harry Potter Universe එක ගැන පොඩි විස්තරයක් අරගෙන. අපේ ළමා කාලෙ ආසාවෙන් බලපු ළමා කාලෙ ලස්සන කරපු ෆ්‍රැන්චයිස් එකක් තමයි හැරී පොටර් ෆ්‍රැන්චයිස් එක. 1997 - 2007 වෙනකන් ආපු පොත් හතක් සහ ඒ ඇසුරෙන් 2001 - 2011 දක්වා ආපු ෆිල්ම් අටක් තුලින් ලෝකේ තියෙන ලොකුම ෆෑන් බේස් එකක් හිමිකරගන්න මේ ෆ්‍රැන්චයිස් එකට පුලුවන් වෙලා තියෙනවා (ඕකෙන් බාගෙට බාගයක් ටොක්සික් ඒක වෙනම කතාවක් 😅). ඉතින් මේ සාර්තක ෆ්‍රැන්චයිස් එක Big Screen එකට ඇවිල්ලා ඊලග අවුරුද්දට අවුරුදු 20ක් වෙනවා.



මේ නිසා WB ආයතනය තීරණය කරලා තියෙනවා මේ ෆ්‍රැන්චයිස් එකේ කාස්ට් එක ඒ කියන්නෙ නලු නිලියො ටික ගෙන්නලා රීයුනියන් එකක් කරන්න. ඉතින් මොකක්ද මේ රීයුනියන් එකක් කියන්නෙ. සරලවම කියනවා නම් නැවත එක්වීමක්. මේක ෆිල්ම් එකක් නෙවෙයි. මේකෙදි වෙන්නෙ කාස්ට් එක ආයෙ එකතුවෙලා එයාලගෙ එක්ස්පීරියන්ස් එක වගේ දේවල් ගැන ඩිස්කස් (සාකච්ඡා) කරන එක. මේක ප්‍රෝග්‍රෑම් එකක් කියලා හිතුවත් ප්‍රශ්නයක් නෑ. පහුගිය කාලෙ ලෝකේ හොදම Sitcom එක විදියට සලකන Friends සිට්කොම් එකෙත් රීයුනියන් එකක් තිබුනා කියලා ගීක් ජනතාව නම් දන්නවා ඇති නේ. මේකත් ඒ වගේ තම.



මේ රීයුනියන් එකේ Title එක තමයි Harry Potter 20th Anniversary: Return to Hogwarts. ඒ වගේම මේක රිලීස් වෙන්නෙ ලබන අවුරුද්දෙ ජනවාරි පලවෙනිදා. ඒ කියන්නෙ 2022 ජනවාරි 1.



ඔයාලට පුලුවන් මේක අලුත් අවුරුදු තෑග්ගක් හරි නත්තල් තෑග්ගක් හරි කියලා හිතාගන්න. ඉතින් මේක කොහෙද ස්ට්‍රීම් වෙන්නෙ? අපි දන්නවා HBOmax එකට ස්තුතිවන්ත වෙන්න Warner Bros. ලට දැන් ස්ට්‍රීමින් සර්විස් එකක් තියෙනවා (අනේ දැන් ස්ට්‍රීමින් සර්විස් කියන්නෙ මොනාද අහන්නෙපා බුදුහත්වලාමෙ. Netflix කියන්නෙත් ස්ට්‍රීමින් සර්විස් එකක්). ඉතින් ඒ කිව්ව HBOmax එකේ තමා මේ රීයුනියන් එක ස්ට්‍රීම් වෙන්නෙ. HBOmax තියෙන කෙනෙක්ට මේක එදාට බලන්න පුලුවන්. එනිවේ අපේ පින නිසා HBOmax එක ලංකාවට නෑ දැනට. අපිට වෙන විදියකින් තමා බලන්න වෙන්නෙ.

එතකොට කවුද මේ රීයුනියන් එකට සම්බන්ද වෙන්නෙ? ඔෆීශියලි මෙන්න මේ අය මේකට සම්බන්ද වෙනවා 👇,


Daniel Radcliff (Harry Potter)

Emma Watson (Hermione Granger)

Rupert Grint (Ronald Weasley)

Helena Bonham Carter (Bellatrix Lestrange)

Robbie Coltrane (Rubeus Hagrid)

Ralph Fiennes (Lord Voldemort)

Jason Isaacs (Lucius Malfoy)

Gary Oldman (Sirius Black)

Tom Felton (Draco Malfoy)

James Phelps (Fred Weasley)

Oliver Phelps (George Weasley)

Mark Williams (Arthur Weasley)

Bonnie Wright (Ginny Weasley)

Alfred Enouch (Dean Thomas)

Matthew Lewis (Neville Longbottom)

Evanna Lynch (Luna Lovegood)


මීට අමතරව අපිට තව තව කැරැක්ටර්ස් එදාට බලාගන්න පුලුවන් වෙයි. තව දෙයක් කියන්න ඕනෙ. මේ ඇක්ටර්ස්ලගෙ කැරියර් එකට මේ හැරී පොටර් සාගා එක ලොකු බූස්ට් එකක් වෙලා තියෙනවා. ඒක මතක් කරන්නම ඕනෙ දෙයක්.



එතකොට J.K. Rowling මේකට සම්බන්ද වෙන්නෙ නැද්ද? Unfortunately නෑ. මෙයා රීයුනියන් එක හෝ ඒකෙ ඉවෙන්ට් වලට සම්බන්ද වෙන්නෙ නෑලු. මෙයාගෙ ෆූටේජ් එකක් රීයුනියන් එක අතරතුර පෙන්නනවාලු. සම්බන්ද වෙන්නෙ නැති හේතුවක් නම් හරියටම දන්නෙ නැ. සමහරවිට මෙයා බිසී නිසා වෙන්න පුලුවන්. ඒම නැත්තන් මෙයාගෙ පහුගිය කාලෙ Transgender වලට විරුද්ද කතාවක් ගියානෙ. ඒක වැරදි වැටහීමක් ඈ. ඒ නිසා වෙන්නත් පුලුවන්.



ඉතින් මොනවද අපිට මේ Reunion එකේදි බලාගන්න පුලුවන් වෙන්නෙ? Harry Potter Behind the Scenes (තිරය පිටුපස), ශූටින් කරද්දි උන ආතල් සීන්, ඒ වගේම පොඩි පොඩි රහස් ඒමත් දැනගන්න පුලුවන් වෙයි. සාගා එකේ Iconic Locations, එක එක ඇක්ටර්ස්ලගෙ පර්සනල් එක්ස්පීරියන්ස් එක වගේම පොත් වලින් කැරැක්ටර්ස් සහ ස්ටෝරී Big Screen එකට ගන්න ප්‍රොසෙස් එක ගැනත් අපිට මේ රීයුනියන් එකේදි දැනගන්න ලැබෙයි. පහුගිය කාලෙ HBOmax එකෙන් හැරී පොටර් යුනිවර්ස් එකට අදාල සීරීස් එකක් එනවා කියලා කියලා තිබ්බනේ. එතනින් එහාට වැඩිදුර විස්තරයක් කිව්වෙ නෑ. සමහර විට ඒ ගැන විස්තරයක් ඒමත් මේකෙදි එලියට දාන්න පුලුවන්. ඒනම් ඉතින් කියන්න ඕන ටික නම් කිව්වා. වෙනත් ආටිකල් එකකින් සෙට් වෙමු.


Merry Christmas And Happy New Year All!!!!


Harry Potter 20th Anniversary: Return to Hogwarts | Official Trailer

2 Comments

Post a Comment
Previous Post Next Post