මේ දෙසැම්බර් 17 වෙනිදා ග්ලෝබලි රිලීස් වෙන්න තියෙන Marvel ලගේ Spider Man: No Way Home ෆිල්ම් එකේ pre-watch guidance එක තමා මේ පෝස්ට් එක හරහා අපි ඔයාලට ගේන්නේ. Spider Man: No Way Home තමා මේ අවුරුද්දේ most anticipated ෆිල්ම් එක විදිහට සැලකෙන්නේ. ඒ කියන්නේ වැඩිම හයිප් එකක් තියෙන ෆිල්ම් එක. Endgame එකට පස්සේ all time ලෝකේ වැඩිපුරම හයිප් එකක් තියෙන/තිබුණ ෆිල්ම් එක විදියටත් මේක ගන්න පුළුවන්. ඉතින් හැමෝම ට්‍රයි කරන්නේ මේ ෆිල්ම් එක ස්පොයිල් නොවී බලාගන්න. හැමෝම දන්නවනේ සෑහෙන සප්‍රයිසස් ප්‍රමාණයක් මේ ෆිල්ම් එකේ තියෙනවා කියලා. ඒ නිසා Marvel, MCU, Spiderman ඇතුළු ලෝකේ ඉන්න හැම මූවි ෆෑන් කෙනෙක් ම උපරිම ට්‍රයි කරන්නේ තමන් තියටර් එකකට ගිහින් ෆිල්ම් එක බලන්න කලින් ස්පොයිල් නොවී ඉන්න එකටයි. ඒ නිසා එයාලට සෝෂල් මීඩියා වගේ ප්ලැට්ෆෝර්ම්ස් වලින් මේ දවස් ටිකේ අයින් වෙලා ඉන්න වෙනවා. ඒකට හේතු කීපයක් තියෙනවා.
1. දෙසැම්බර් 14 - Spider Man: No Way Home ෆිල්ම් එකේ World Premiere එක තියෙන්නේ මේ දවසේ. එදාට ෆිල්ම් එකේ කාස්ට් එකට, කෲ එකට, විශේෂ ආරාධිතයන්ට සහ ක්‍රිටික්ස් ලට ෆිල්ම් එක ප්‍රීමියර් කරනවා. මතක ඇති කලින් Eternals එකේ ලොකුම සර්ප්‍රයිස් එක ස්පොයිල් කරා ක්‍රිටික් කෙනෙක්. ඒ නිසා මේකෙත් එහෙම ස්පොයිල් වෙන එක වැළක්විය නොහැකි දෙයක්. හැබැයි ක්‍රිටික්ස්ලට හෝල් එක ඇතුළට මොබයිල් ෆෝන්ස් අරන් යන්න දීලා නැහැ. ඒත් කියන්න බැහැ. වීඩීයෝ එකක් ලීක් කරේ නැත්නම් අඩුමතරමේ සෝෂල් මීඩියා වල හරි පෝස්ට් එකක් දාලා ස්පොයිල් කරයි.
2. දෙසැම්බර් 15 - මේ දවසේ දි NWH ෆිල්ම් එක UK (බ්‍රිතාන්‍ය) ඇතුළු රටවල් කිහිපයකට රිලීස් කරානවා. එදා ඉඳන් නම් කොහොමත් වීඩීයෝ පිටින් ස්පොයිලර්ස් දායි සෝෂල් මීඩීයා වල.
3. දෙසැම්බර් 16 - මේ දවසේ දි NWH ෆිල්ම් එක ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකට රිලීස් කරනවා. බිලියනයකට වඩා මිනිස්සු ඉන්න රටකින් ඕක ස්පොයිල් නොකර තියෙන්න විදිහක් නම් ඇත්තෙම නැහැ.
ඔය දවස් වල සිදුවීම් නිසා ලංකාවේ ඉන්න ෆෑන්බේස් එකට ස්පොයිල් නොවී ඉන්න සෑහෙන ගේමක් දෙන්න වෙනවා. කරන්න පුළුවන් හොඳම දේ සෝෂල් මීඩියා වලින් අයින් වෙන එක. ඒත් සමහර ඩයි හාර්ඩ් ෆෑන්ස් ලට දැනගන්න ඕනේ මේ ෆිල්ම් එකට ලැබෙන රිවීව්ස්, රේටින්ග්ස් සහ නිව්ස් වගේ දේවල්. මොකද මේ සතියේ අපිට මේ ෆිල්ම් එක සම්බන්ධ බොහෝදේවල් දැනගන්න ලැබේවි. ඒවා සමහරවෙලාවට ෆිල්ම් එක බලනකොටත් වැදගත් වේවි. හැබැයි ප්‍රශ්නේ සෝෂල් මීඩීයා වලින් අයින් වුණාම කොහොමද මේ විස්තර දැනගන්නේ කියන එකනේ. ඔන්න අපි මේ පෝස්ට් එක හරහා ඔයාලට spoiler free ඒ කියන්නේ ස්පොයිලර්ස් නැති විදිහට Spider man: No Way Home ෆිල්ම් එකේ මේ දවස් වල අප්ඩේට්ස් ගේනවා. ඒ කියන්නේ නිව්ස්, රිවීව්ස්, රේටින්ග්ස් සහ ආදායම් වාර්තා වගේ දේවල්. මේ පෝස්ට් එක ලයිව් අප්ඩේට් වෙන පෝස්ට් එකක්. ඒ කියන්නේ අද(13) මේ පෝස්ට් එක පබ්ලිෂ් කරාම ඔයාලට 17 වෙනිදා වෙනකම් ම මේ පෝස්ට් එකෙන්ම NWH ගැන කලින් කියපු අප්ඩේට්ස් බලාගන්න පුළුවන්.
අපි නිතරම මේ ලින්ක් එක අපේ කමියුනිටිය ඇතුළේ ශෙයාර් කරනවා. ඔයාලට තියෙන්නේ ලින්ක් එකෙන් පෝස්ට් එකට ගිහින් විස්තර බලන එක. අපි සම්පූර්ණ වගකීමෙන් කියනවා මේ පෝස්ට් එකෙන් කිසිම විදිහේ ස්පොයිලර් එකක් දාන්නේ නැහැ කියලා. පල්ලෙහා තියෙන කන්ටෙන්ට්ස් වලින් ඉස්සෙල්ලාම තියෙන්නේ NWH එක ගැන විශේෂ දැනුම්දීම්. ඒ කියන්නේ Alerts(ස්පොයිලර්ස් ගැන අනතුරු ඇඟවීම්) සහ ඔෆීෂියලි ෆිල්ම් එක සම්බන්ධව දෙන අනවුන්ස්මන්ට්ස් ගැනයි. ඊට පස්සේ තියෙන්නේ Rotten Tomatoes, IMDb සහ Metacritics කියන ලෝකේ ප්‍රධානම රේටින් සිස්ටම්ස් තුනෙන් NWH එකට ලැබෙන රේටින්ග්ස් Live Update වෙන පැනල් එක. ඔයා කැමති වෙලාවක ඇවිල්ලා ඒක බලලා රේටින්ග්ස් ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. ඊට පහළින් ඒ ඒ දවස් වල NWH පිළිබඳ spoiler free විස්තර Live Updating කරන පැනල්ස් ටික බලාගන්න පුළුවන්. ඒ ඒ දවසට පැනල් එක ගාණේ වෙන් කරලා තියෙනවා.
Spider Man: No Way Home ෆිල්ම් එකේ Reviews, Ratings, News සහ Box Office Records (LIVE UPDATING)
Special Announcements (LIVE)
ALERT: මේ වෙනකොට එක එක රූමර්ස් යනවා ෆිල්ම් එකේ ස්පොයිලර්ස් තියෙනවා කියලා සෝෂල් මීඩීයා වල. ගොඩක්වෙලාවට ඒක ඇත්ත වෙන්න පුළුවන්. ඒ නිසා කවුරුහරි සෝෂල් මීඩියා යනවනම් සෑහෙන පරිස්සමින්. Youtube නම් යන්න හිතන්නවත් එපා. ස්පොයිලර්ස් තියෙනවා කියලා සමහර අයගෙන් දැනගන්න ලැබිලා තියෙනවා. ඒ වගේම කිසිම පෝස්ට් එකක කමෙන්ට්ස් බලන්න එපා. කමෙන්ට්ස් වල තමා වැඩිපුරම ස්පොයිල් කරන්නේ.
ALERT: මේ වෙනකොට දැනගන්න ලැබිලා තියෙනවා Doctor Strange in the Multiverse of Madness ෆිල්ම් එකේ ටීසර් එකක් ලීක් වෙලා කියලා. මේ වීඩීයෝ එක ඇත්තට ම තියෙනවා. හැබැයි ඒක ඇත්ත එකක්ද නැත්නම් එඩිට් කරපු එකක්ද කියලා දන්නේ නැහැ. ඒ නිසා ගොඩාක් පරිස්සම් වෙන්න වෙනවා. මේක ඇත්ත නම් NWH එක යම් විදිහකට ස්පොයිල් වෙන්න පුළුවන් ට්‍රේලර් එකේ තියෙන දේවල් දැක්කොත්. ප්ලොට් එක පවා. ඒ වගේම සමහර විට NWH ෆිල්ම් එකෙන් ම debut කරන ටීසර් එකක් වෙන්න පුළුවන් මේක. එතකොට NWH බලනකොට ලැබෙන සප්‍රයිස් එක අඩුවෙන්න පුළුවන්. ඒ වීඩීයෝ එක ෆෝන් කැමරා එකකින් වීඩීයෝ කරපු එකක් විදිහට තියෙන්නේ. ඒක එඩිට් එකක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒ වගේ වීඩීයෝ එකක් හම්බුණොත් නොබලා සහ ශෙයාර් නොකර ඉන්න එක වඩාත් සුදුසුයි.
ALERT: මේ වෙනකොට දකුණු කොරියාව, UK ඇතුළු රටවල කිහිපයකම NWH ස්ක්‍රීන් කරලා නිසා ස්පොයිලර්ස් සෝෂල් මීඩීයා වල සෑහෙන ශෙයාර් වෙමින් තියෙනවා. විශේෂයෙන් ලංකාවෙත් ඒක වෙනවා. බහුතරයක් ස්පොයිලර්ස් දාලා තියෙන්නේ පෝස්ට්ස් වල කමෙන්ට් සෙක්ෂන් එකේ. ඒ නිසා වැරදිලාවත් කිසිම පෝස්ට් එකක කමෙන්ට්ස් කියවන්න යන්න එපා.
Announcement: SONY ආයතනය විසින් මේ වෙනදොට සෝෂල් මීඩීයා හරහා ශෙයාර් වෙමින් තියෙන NWH ස්පොයිලර් වීඩීයෝස් ඉවත් කිරීමට කටයුතු කරමින් ඉන්නවා කියලා වාර්තා වෙනවා. මේ විදිහට ෆිල්ම් එක ස්ක්‍රීන් වුණාට පස්සෙත් ස්පොයිලර්ස් අයින් කරන්න කටයුතු කරන එකෙන් කියන්නේ ෆිල්ම් එක ස්පොයිල් කරගන්නේ නැතුව බලන එකේ සෑහෙන වැදගත්කමක් තියෙනවා කියන එකනේ. ඒ නිසා කොහොමහරි හෙට වෙනකන් ස්පොයිල් නොවී ඉන්න උත්සාහ කරන්න.
Ratings (LIVE)
Rotten Tomatoes - 94% (274 reviews) (Audience Score - 99%)
IMDb - 9.1 (147K reviews)
Metacritic - 72% (56 reviews) (User Score - 9.1)
- දෙසැම්බර් 14
Spider Man: No Way Home ෆිල්ම් එකේ World Premiere එක අද පැවත්වුණා. ඒ Los Angeles වල. ප්‍රීමියර් එක පටන් ගත්තේ ලංකාවේ වේලාවෙන් උදේ 7.20 ට. මේ ප්‍රීමියර් එකට ෆිල්ම් එකේ කාස්ට් එක, කෲ එකේ සමහර මෙම්බර්ස් ලා, ප්‍රොඩියුසර්ස් ලා, MCU වෙනත් ෆිල්ම් වල කාස්ට් මෙම්බර්ස් ලා, Sony Marvel ෆිල්ම්ස් වල කාස්ට් මෙම්බර්ස් ලා සහ ක්‍රිටික්ස් ලා ඇවිල්ලා තිබ්බා. තියටර් එක ඇතුළට මොබයිල් ෆෝන්ස් ගෙනියන්න දීලා නැති නිසා වීඩියෝ නම් බොහෝදුරට ලීක් වෙන්නේ නැති වෙයි. හැබැයි ඒකත් හරියටම කියන්න බැහැ. ඒ වගේම අද දවල් ඉඳන් ෆිල්ම් එකේ රිවීව්ස් එන්න පටන් අරන් තියෙනවා.
Rotten Tomatoes වල NWH ෆිල්ම් එක 100% ක අගයක් එක්ක ආරම්භයක් ලබලා තියෙනවා. ඒ ක්‍රිටික්ස් රිවීව්ස් 13 ක් එක්ක. රිවීව්ස් 29 වෙනකොටත් ඒ 100% අගයම තියාගන්න පුළුවන් වෙලා තියෙනවා. ෆිල්ම් එකට Rottened රිවීව්ස් ඒ කියන්නේ නෙගටිව් රිවීව්ස් එකක් වත් RT වලින් ලැබිලා නැහැ ඒ 29 ඇතුළේ. ඒ වගේම Metacritics වල රිවීව්ස් 18 ක් එක්ක 71% ක අගයක් සහිත ආරම්භයක් ගන්න පුළුවන් වෙලා තියෙනවා.
World Premiere එක අවසානයේදි ෆිල්ම් එකට ලැබුණු crowd reaction එක, ඒ කියන්නේ crowd චියර් එක Endgame එකට පස්සේ ආපු ෆිල්ම් වලින් වැඩිම මට්ටමේ එක කියලා වාර්තා කරලා තියෙනවා.
NWH ෆිල්ම් එකට ලැබිලා තියෙන ක්‍රිටික්ස් ලගේ රිවීව්ස් ඉතා හොඳ මට්ටමක තියෙනවා. ෆිල්ම් එකේ සෑහෙන හියුමර් සීන්ස් තියෙනවනු. ඒ වගේම ඩ්‍රාමා පැත්තකුත් ෆිල්ම් එකෙන් කවර් කරලා තියෙනවා. ක්‍රිටික්ස් ලා වැඩිපුරම එයාලගේ අවධානය දීලා තියෙන්නේ ෆිල්ම් එකේ එන්ඩින් එකට. සෑහෙන ශක්තිමත් සහ ඉමෝෂනල් එන්ඩින් එකක් නු ෆිල්ම් එකට තියෙන්නේ. ඉමෝෂනල් පැත්තෙන් සෑහෙන දේවල් කවර් කරලා තියෙනවා ෆිල්ම් එකේ. ඒ වගේම එන්ඩින් එක තව Spider Man Arc එකකට, ඒ කියන්නේ කතා මාලාවකට පාර හදනවා කියලා වාර්තා කරලා තියෙනවා. ෆෑන්ස් ලට සප්‍රයිසස් ගොඩක් ෆිල්ම් එකෙන් බලාගන්න පුළුවන් නු. ඒ වගේම් ෆිල්ම් එකේ ක්‍රෙඩිට් සීන්ස් දෙකක් තියෙනවනු. දෙවෙනි ක්‍රෙඩිට් සීන් එක යන්නෙ රන් ටයිම් එකේ අන්තිම හරියෙනු. Sony ලෝගෝ එකත් ගියාට පස්සෙනු යන්නේ. ඒ නිසා ඒක ගැන අවධානෙන් ඉන්න කියලා කියලා තියෙනවා. පහළින් තියෙනවා ෆිල්ම් එකට දීලා තියෙන spoiler free රිවීව්ස් ටිකක්.
Erik Davis (Fandango සහ Rotten Tomatoes) -
"I can confidently say #SpiderManNoWayHome is THE BEST live-action Spider-Man movie. A thrilling & emotional end to the “Homecoming” trilogy, but also a smart, fun & exciting tribute to 20 years of Spider-Man movies. Both hilarious & heartbreaking, I honestly loved every second... Tom Holland is terrific in #SpiderManNoWayHome - my favorite performance of the trilogy. His Spidey battles are epic (the stuff w/ Willem Dafoe is especially frightening), and his journey as Peter Parker has this great balance of humor & hardship. He grows up a lot in this one... make no mistake there’s a lot of weirdness & multiverse shenanigans in this film, and we will debate & celebrate it for all eternity. I think it’s great. I was tearing up in a lot of spots. By the end, you realize just how invested you’ve become in this family & these friendships"
Tessa Smith (Hollywood Critics Association) -
"Spider-Man: No Way Home didn't meet my expectations, it EXCEEDED them. This movie is worth every excruciating moment we had to wait! The visuals, the score, the heart, the story, the villains.... talk about an EPIC creation. Tears, chills, happiness... these villains are not back just to put fans in seats, they are actually used incredibly. Every one of them has a story, a plot point, and a meaningful arc."
Aaron Couch (The Hollywood Reporter) -
"#SpiderManNoWayHome: wow, tears and the loudest crowd I’ve heard since Endgame."
Perri Nemiroff (Collider) -
"The first half of #SpiderManNoWayHome is a lil messy, but that second half SOARS. In that part of the movie, the multiverse of it all FAR exceeded my expectations -- fun, exhilarating, often very emotional and hugely satisfying material."
Grace Randolph -
"Start strong, finishes strong
but gets a bit like an SNL sketch in the middle...
A fun experience at the movies!"
NWH වර්ල්ඩ් ප්‍රීමියර් එකේදි කාස්ට් එක ඇතුළු කිහිප දෙනෙක් MCU එකේ අනාගතය ගැන අදහස් පළකරලා තියෙනවා. Tom Holland විසින් රිපෝටර් කෙනෙක් එයා ඉදිරි MCU ෆිල්ම් එකක එකතු වෙලා වැඩකරන්න කැමති අළුතින් MCU එකට ආපු කැරැක්ටර් එකක් ඉන්නවද කියලා අහපු ප්‍රශ්නෙට උත්තරය විදිහට කියල තියෙන්නේ එයා Black Widow ෆිල්ම් එකේ Yelena Belova (Florence Pugh) සමඟ MCU ෆිල්ම් එකක් කරන්න කැමැත්තෙන් ඉන්නවා කියලා. Tom පර්සනලි කැමතිම ඇක්ට්‍රස් කෙනෙක් නු Florence Pugh. ඒ වගේම ටොම් කියලා තියෙනවා කෙවින් ෆයිගි ඉස්සරහට කරන්න ඉන්න Spider Man ට්‍රයිලොජියට එයාට එකතු වෙන්න කිව්වොත් එයා අනිවාර්යෙන් එකතු වෙනවා කියලා. කෙවින් ෆයිගි ත් මේ ප්‍රීමියර් එකේ දි MCU එක ගැන අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. එයා කියන්නේ ඉස්සරහට කරන Spider Man ට්‍රයිලොජියේ පළවෙනි ෆිල්ම් එකේ වැඩ කටයුතු මේ වෙනකොටත් Marvel Studios සහ Sony ආයතනය සමඟ එකතු වෙලා ආරම්භ කරලා තියෙනවා කියන එක සහ ඒ ෆිල්ම් එකට ටොම් හොලන්ඩ් ගේ Spider Man එකතු වෙනවා කියලයි. ඒ වගේම එයා Eternals ෆිල්ම් එකෙන් රිවීල් කරපු කැරැක්ටර් එකක් වෙන Eros එහෙම නැත්නම් Star Fox ගේ කැරැක්ටර් එකේ අනාගතය ගැනත් අදහස් කියලා තියෙනවා. ෆයිගි කියන්නේ MCU එක කොස්මික් ලෙවල් එකට යනකොට ඒ පැත්තෙන් ඉන්න කැරැක්ටර් එකක් විදිහට Harry Styles ගේ Eros ඉඳීවි කියලා.
- දෙසැම්බර් 15
Spider Man: No Way Home ෆිල්ම් එකේ පළවෙනි වීකෙන්ඩ් ඒකේ ඩොමස්ටිකලි ලබන බොක්ස් ඔෆිස් වාර්තාව මේ වෙනකොට ඔෆීෂියලි ප්‍රෙඩික්ට් කරලා තියෙනවා. එයාලා කියන්නේ මේ ඉරිදා වෙනකොට ෆිල්ම් එකට ඩොලර් මිලියන 150 ක පමණ ආදායමක් ලබන්න පුළුවන් වේවි කියලා. සෝනි ආයතනය ඉස්සෙල්ලාම ප්‍රෙඩික්ට් කරලා තිබ්බේ ඩො.මි. 130 පමණ ආදායමක් වුණත්, මේ වෙනකොට මිනිස්සු ෆිල්ම් එකට දක්වන උනන්දුවක් එක්ක ෆිල්ම් එක ඩො.මි. 175 ට ළඟා වෙනකන් බොක්ස් ඔෆිස් ඕපනින් එකක් ලබාගන්න පුළුවන් වේවි කියලා ප්‍රෙඩික්ට් කරලා තියෙනවා. ජෙනරල් ටාගට් එක තමයි ඩො.මි. 150. ප්‍රෙඩික්ට් කරපු විදිහටම ආදායම් ලබාගත්තොත්, පැන්ඩමික් කාලේ පළමු වීකෙන්ඩ් එකක ඩො.මි. 100 පහු කරලා ආදායම් ලබාගත්තු පළවෙනි ෆිල්ම් එක බවට මේක පත්වෙනවා. ඒ වගේම ටොම් හොලන්ඩ් ගේ ස්පයිඩර් මෑන් ට්‍රයිලොජියේ පළමු වීකෙන්ඩ් එකක ලබපු වැඩිම ආදායම බවට පත්වෙන්නෙත් මේ ෆිල්ම් එකයි. කලින් තිබ්බ Homecomig එකේ පළමු වීකෙන්ඩ් එකේ ආදායම ඩො.මි. 117 සහ Far From Home එකේ ඩො.මි. 92 යි. දැනට ඕපනින් වීකෙන්ඩ් එකක් සඳහා වැඩිම ආදායම ලබාගෙන තියෙන Tobey Maguire ගේ Spider Man 3 එක ලබපු ඩො.මි. 151 රෙකෝර්ඩ් එකත් කඩන්න NWH එකට පුළුවන් වේවි කියලා ප්‍රෙඩික්ට් කරලා තියෙනවා.
මේ වෙනකොට Rotten Tomatoes වල NWH ෆිල්ම් එකට දීලා තියෙන පළවෙනි Rotten රිවීව්ස් එහෙම නැත්නම් නෙගටිව් රිවීව්ස් වාර්තා වෙලා තියෙනවා. අද උදේ 10 වෙනකොට RT වල රිවීව්ස් 82 ක් වාර්තා වෙලා තිබ්බා. ඒ 82 න් තුනක් Rotten රිවීව්ස්. මේ නෙගටිව් රිවීව්ස් වල ප්‍රධාන වශයෙන් සඳහන් කරලා තියෙන්නේ සප්‍රයිස් කැරැක්ටර්ස් වලට වඩා දෙයක් ලබාදෙන්න මේ ෆිල්ම් එකෙන් බැරි වෙලා තියෙනවා කියලා. හැබැයි බහුතරයක් ක්‍රිටික්ස් ලා කියපු strong ending එක සහ ඉමෝෂනල් ගතිය ගැන කිසිම කමෙන්ට් එකක් එයාලා දීලා නැහැ. පහළින් බලාගන්න පුළුවන් ඒ නෙගටිව් රිවීව්ස් ටික.
Radheyan Simonpillai (NOW Toronto) -
"The latest, laboured movie in Tom Holland's up-to-this-point winning iteration of the web-slinger is all about webbing characters through multiverse magic from previous iterations of the franchise to deliver fleeting dopamine hits."
Fred Topel (United Press International) -
"No Way Home should have focused on making new viewers fall in love with the characters so they want to discover their previous movies. Some poignant moments show what could've been."
Jake Cole (Slant Magazine) -
"There's no attempt to hide that the film is pure fan service, a greatest-hits mashup of Spider-Man's cinematic legacy."
NWH ස්ක්‍රීන් කරපු පළවෙනි මේජර් රට බවට පත්වෙමින් දකුණු කොරියාවේ අද ෆිල්ම් එක ස්ක්‍රීන් කරලා තියෙනවා. මේ වෙනකොට අද දවස ඇතුළත කරපු කොරියාවේ ස්ක්‍රීනින් වලින් ෆිල්ම් එකට ලැබුණු ආදායම් වාර්තා එළියට ඇවිල්ලා තියෙනවා. ඒ අනුව බලාපොරොත්තු වුණ විදිහටම බොක්ස් ඔෆිස් රෙකෝර්ඩ්ස් කඩමින් පළමු දවසේම ඩොලර් මිලියන 5.28 ක ආදායමක් ලබාගෙන තියෙනවා. Far From Home එකේ ඉන්ටර්නැෂනල් ආදායම් අතරින් චීනෙට පස්සේ දෙවෙනි තැන ලබාගත්තේ දකුණු කොරියාව. අද කොරියාවේ NWH ලබපු ඕපනින් දවසේ ආදායම, Far From Home ඕපනින් දවසේ ලබපු ආදායමට වඩා 11% කින් වැඩී කියලා වාර්තා කරලා තියෙනවා. ඒ වගේම පැන්ඩමික් කාලේ ෆිල්ම් එකක් ඕපනින් දවසේ කොරියාවේ ලබලා තියෙන ඉහළම ආදායමත් මේක තමයි. මේකෙන් අපිට හිතාගන්න පුළුවන් NWH එක ඉදිරි දවස් වලදී අපි බලාපොරොත්තු වුණ විදිහටම ඉහළම ආදායම් වාර්තා ලබාගනීවී කියලා. ඒවගේම UK වලට ත් ෆිල්ම් එක රිලීස් වෙන්න නියමිත වෙලා තියෙනවා. ඒකේ ආදායම් වාර්තා ගැනත් සැලකිල්ලෙන් ඉන්න වෙනවා. මොකද දැන් UK වල යන කොවිඩ් වේව් එක ඒ රටේ මෙතෙක් වාර්තා වුණ විශාලම වේව් එක කියලා තමයි කියන්නේ. ඒක මොන විදිහට ෆිල්ම් එකට බලපායිද කියන කාරණය හෙට අපිට බලාගන්න පුළුවන් වේවි.
ඒ වගේම මේ වෙනකොට ඔෆීෂියල් ප්‍රෙඩික්ෂන් වලට අනුව NWH එක මේ වීක්එන්ඩ් එක අවසානයේදි ග්ලෝබලි ඩොලර් මිලියන 290 ක පමණ බොක්ස් ඔෆිස් වාර්තාවක් ලබා ගනීවී කියලා වාර්තා කරලා තියෙනවා. ඒ වගේම සමහරවිට ඒක ඩොලර් මිලියන 380 දක්වා ඉහළ යන්න පුළුවන් කියලත් ප්‍රෙඩික්ට් කරලා තියෙනවා. මේ අවුරුදු කිහිපයේ දෙසැම්බර් මාසයේ රිලීස් කරපු මේජර් ෆිල්ම්ස් වෙන Star Wars: The Last Jedi ($220M) 2017, Star Wars: The Rise of Skywalker ($177.3M) 2019 සහ Star Wars: Rogue One ($155M) 2016 වගේ ෆිල්ම්ස් එකකට වත් මේ ප්‍රෙඩික්ෂන් එකට ළඟා වෙන්න පුළුවන් වෙලා නෑ. ඒ වගේම පැන්ඩමික් කාලේ හොලිවුඩ් ෆිල්ම් එකක් ලබපු වැඩිම ඕපනින් වීකෙන්ඩ් ආදායම වෙන්නත් හැකියාව තියෙනවා. දැනට ඒ වාර්තාව තියෙන්නේ ඩොලර් මිලියන 163 ක් සමඟ F9 ෆිල්ම් එකටයි. Eternals එකට තියෙන්නේ ඩො.මි. 161 යි. දැනට වැඩිම ඕපනින් වීකෙන්ඩ් ආදායමක් ලබපු ස්පයිඩර් මෑන් ෆිල්ම් එක තමයි ඩො.මි. 381 ක ආදායමක් ලබපු Spider Man 3. Far From Home එක ඩො.මි. 295 යි. සමහරවිට මේ ආදායම් වාර්තා දෙකම පාස් කරලා යන්න NWH ෆිල්ම් එකට පුළුවන් වේවි.
ඒ වගේම මේ වෙනකොට IMDb වල NWH එකට රේටින් සිස්ටම් එක ඕපන් කරලා තියෙනවා. ඒ අනුව අද දවස අවසානයේ යූසර්ස් 4,300 ක් අතින් 9.3 ක අගයක් ෆිල්ම් එකට ලැබිලා තියෙනවා.
- දෙසැම්බර් 16
NWH ෆිල්ම් එක අද ඉඳන් ඉන්දියාවේ ස්ක්‍රීන් කරන්න පටන් අරන් තියෙනවා. මේ වෙනකොට ඉන්දියාවේ alltime හොලිවුඩ් බොක්ස් ඔෆිස් රෙකෝර්ඩ්ස් පාස් කරමින් වාර්තා පිහිටුවීමට NWH ෆිල්ම් එකට පුළුවන් වෙලා කියලා අපිට දැනගන්න ලැබෙනවා. ඒ අනුව මෙතෙක් ඉන්දියාවේ හොලිවුඩ් ෆිල්ම් එකක් වෙනුවෙන් වෙන්වුණු වැඩිම තියටර් ස්ක්‍රීන්ස් ගණන NWH එකට ලැබිලා තියෙනවා. ඒ ගණන දැනට 3264 ක් වන අතර ඉස්සරහට ඒ ගණන තවත් වැඩිවෙනවා කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ. මීට කලින් ඒ වාර්තා තැබූ Avengers: Infinity War (2000+) 2018 සහ Avengers: Endgame (2845) 2019 කියන ෆිල්ම් දෙක ඒ ආසන්නයේවත් නැහැ.
NWH ෆිල්ම් එක ඊයේ දවසේ UK වල ඕපනින් ඩේ එකේ ලබපු ආදායම් වාර්තා මේ වෙනකොට එළියට දාලා තියෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු නොවුණු විදිහට අති සාර්ථක බොක්ස් ඔෆිස් වාර්තාවක් පිහිටුවීමට ෆිල්ම් එකට පුළුවන් වෙලා තියෙනවා. අවංකවම අපි බලාපොරොත්තු වුණේ නැහැ UK වල ලොකු බොක්ස් ඔෆිස් රෙකෝර්ඩ් එකක් ලබාගනීවී කියලා NWH එක. මොකද දැන් UK වල යන කොවිඩ් වේව් එක තමා දැනට ඒ රටේ විශාලම කොවිඩ් වේව් එක. එහෙම තියෙනකොටත් ෆිල්ම් එක ඩොලර් මිලියන 10.1 ක විශාල බොක්ස් ඔෆිස් රෙකෝර්ඩ් එකක් ලබාගෙන තියෙනවා. ඒක තමා පැන්ඩමික් කාලයේ UK තුළ ෆිල්ම් එකක් ලබපු විශාලම ආදායම් වාර්තාව. මීට කලින් ඒ රෙකෝර්ඩ් එක තිබුණේ ඩො.මි. 6.4 ක් එක්ක No Time to Die ෆිල්ම් එකටයි. පේනවා ඇති almost භාගෙට භාගෙකින් වැඩි බොක්ස් ඔෆිස් රෙකෝර්ඩ් එකක් තමයි NWH එක වාර්තා කරලා තියෙන්නේ. ඒ වගේම alltime ඕපනින් ඩේ බොක්ස් ඔෆිස් රෙකෝර්ඩ්ස් වලින් ඊයේ NWH ලබපු රෙකෝර්ඩ් එක දෙවෙනි වෙන්නේ ඩො.මි. 15 ක පමණ ඕපනින් ඩේ ආදායමක් ලබපු Avengers: Endgame ෆිල්ම් එකට පමණයි.
- දෙසැම්බර් 17
ඊයේ වනවිට NWH ෆිල්ම් එක රටවල් 15 ක ට රිලීස් කරලා තිබ්බා. ඒ රිලීස් කරපු රටවල් 15 ඕපනින් ඩේ (කොරියාව දෙවැනි දවසත් සමඟ) එකේ ලබපු ආදායම් වාර්තාව මේ වෙකොට එළියට දාලා තියෙනවා. ඒ අනුව NWH ෆිල්ම් එක ඩොලර් මිලියන 43.6 ක බොක්ස් ඔෆිස් වාර්තාවක් එක් දිනක් තුළ ලබාගෙන තියෙනවා. මේ වාර්තාව බොහෝ රටවල් වල දෙවැනි වෙන්නේ Avengers: Endgame ලබපු වාර්තාවට පමණක් වන අතර සමහර රටවල් වල ඒක Endgame රෙකෝර්ඩ් එකත් පාස් කරන් ගිහින් තියෙනවා. පහළින් තියෙනවා මේජර් රටවල් කිහිපයක් ඕපනින් ඩේ එකේ ලබපු බොක්ස් ඔෆිස් වාර්තා ගැන විස්තර කිරීමක්.
මෙක්සිකෝව - ඩො.මි. 9 (මෙක්සිකෝවේ alltime විශාලම ඕපනින් ඩේ බොක්ස් ඔෆිස් රෙකෝර්ඩ් එක)
ප්‍රංශය - ඩො.මි. 4.3 (IW ලබපු ආදායමට වඩා 2% කින් වැඩියි.)
රුසියාව - ඩො.මි. 3.5 (රුසියාවේ alltime තුන්වෙනියට විශාලම බොක්ස් ඔෆිස් රෙකෝර්ඩ් එක)
Italy - ඩො.මි. 3.4 (Sony ෆිල්ම් එකක් ලබපු විශාලම බොක්ස් ඔෆිස් රෙකෝර්ඩ් එක)
Taiwan - ඩො.මි. 1.4 (Sony ෆිල්ම් එකක් ලබපු විශාලම බොක්ස් ඔෆිස් රෙකෝර්ඩ් එක)
Korea - ඩො.මි 8.58 (දින දෙකක්) (Far From Home ලබපු බොක්ස් ඔෆිස් රෙකෝර්ඩ් එකට වඩා වැඩියි. FFH වල දෙවැනියට වැඩිම ඉන්ටර්නැෂනල් රෙකෝර්ඩ් එක තිබ්බේ කොරියාවට)
UK - ඩො.මි. 10.1 (Sony ෆිල්ම් එකක් ලබපු විශාලම රෙකෝර්ඩ් එක)
- දෙසැම්බර් 18
- දෙසැම්බර් 19
Spider Man: No Way Home ෆිල්ම් එකේ පසුබිම සහ කැරැක්ටර්ස් ගැන දැනගන්න පහළ ලින්ක් එක ක්ලික් කරන්න 👇
https://www.reviewwhocares.com/2021/11/road-to-no-way-home-01.html
Spider Man: No Way Home ෆිල්ම් එකේ පළවෙනි ටීසර් ට්‍රේලර් බ්‍රේක්ඩවුන් එක කියවන්න පහළ ලින්ක් එක ක්ලික් කරන්න 👇
https://www.reviewwhocares.com/2021/08/spider-man-no-way-home-teaser-trailer.html
Spider Man: No Way Home ෆිල්ම් එකේ දෙවැනි ටීසර් ට්‍රේලර් බ්‍රේක්ඩවුන් එක කියවන්න පහළ ලින්ක් එක ක්ලික් කරන්න 👇
https://www.reviewwhocares.com/2021/08/spider-man-no-way-home-teaser-trailer_31.html
Spider Man: No Way Home ෆිල්ම් එකේ ෆයිනල් ට්‍රේලර් බ්‍රේක්ඩවුන් එක කියවන්න පහළ ලින්ක් එක ක්ලික් කරන්න 👇
https://www.reviewwhocares.com/2021/11/spider-man-no-way-home-official-trailer.html