කින්පින් ගේ ආගමනයද මේ? | Hawkeye S01E02 Breakdown


අද අපි කතා කරමු අපේ ඊතල අයියාගේ කතාවේ දෙවෙනි එපිය ගැන. පලවෙනි එපියේ අපි දැක්කේ කතාව හදන විදිහ. දෙවෙනි එපියේ කතාවට පොඩි ආරම්බයක් සෙට් කරනවා. සහ පට්ට ending එකක් දුන්නා, අලුත් hero කෙනෙක් ව පෙන්නලා. අපි ඒ ගැන ඉස්සරහට කතා කරගෙන යමු.


ඊට කලින් කියන්න ඕනි විශේෂ දෙයක් තමය් මේ Hawkeye series එකේ ප්‍රදාන හතුරා කව්ද කියලා. මට නම් ලාවට වගේ හිතෙනවා ඒ කින්පින්(Kingpin) කියලා. ඔයාලට බඩාව අළුත්න් introduce කරන්න ඕනි නැනේ. බඩා හිටියනේ Spider-Man into the Spider-verse එකේ. 



ළගදි ආපු Hit-Monkey සීරිස් එක බැලුවනම් ඒකෙත් Kingpin ට පොඩි Easter egg එකක් තියෙනව. (ටිකක් ලොකු එකක් හැබැයි... හිහී😁)

ඉතින් series එකේ හුගක් දේවල් වලට බඩා link වෙනවා. අපි ඒවා ගැනත් ඉස්සරහට කතා කරමු. 


එහෙනම් බහිමු වැඩේට.

කතාව පටන් ගන්නේ පලවෙනි එපිය ඉවර උණු තැනින් මය . එතන clint ට තේරෙනවා රොනින් ට හිටියේ පොඩි කෙල්ලෙක් කියලා . ඉතින් ක්ලින්ට් ට තේරෙනවා kate ව දාල ගියොත් සිද්ද වෙන්නේ රොනින් ට හිටපු ඔක්කොම නරක හතුරෝ kate ව හොයන එක කියලා . 

පස්සේ දෙන්නම යනවා kate ගේ apartment එකට. ඉතින් එක තියෙන්නේ Harmond pizza කඩේ උඩ තට්ට්ටුවේ.



ඉතින් Lucky the pizza dog, pizza කන්නේ කොහෙන්ද කියල අමුතුවෙන් හොයන්න දෙයක් නැනේ. කොමික් වලදිනම් මුලින් මෙයාගෙ නම Arrow. ඒ වගේම මෙයා අයිති වෙලා තිබ්බෙ Tracksuit එකට. ක්ලින්ට් ට හම්බුනාම තමා මෙයාට Lucky කියන්නෙ. 



ඉතින් මෙයාලා apartment එකට ගියාම අපිට පෙන්න ලැබෙනවා kate ගේ දක්ෂතා වලට ලැබිල තියන කුසලාන, medal වගේ දේවල්. කොමික් වලත් කේට් කියන්නෙ පොඩි කාලෙ ඉඳන්ම ට්‍රේන් වෙච්ච කෙනෙක්.



ඉතින් එතනම Clint reveal කරනවා Kate ට ගහන්න ආපු gang එකේ නම Tracksuit Mafia කියලා. එතකොට Kate අහනවා tracksuit ලද අර්මන්ඩ් III ව මැරුවේ කියලා. කොමික් වල නම් Armand කියන්නේ Jack ගේ තාත්තා. එත් Marvel කතාව වෙනස් කරන දක්ෂයෝ නිසා series එකේ Armand කියන්නේ jack බාප්පා . 

ආර්මන්ඩ් සහ ජැක්


එවගේම Clint පැහැදිලි කරනවා රොනින් කියන නමේ බරපතලකම. එයා crime lords ලව මරපු හැටි සහ දැන් ඒ යට රොනින් එක්ක තියන තරහ ගැන. 

එතැනදී Clint අහනවා Kate ගෙන් එයාගේ මුණ කව්රු හරි දැක්කත කියලා. Kate කියනවා නෑ කියලා. එත් Tracksuit ල බල්ලව පන්නන් ඇවිල්ල ඇති. ඉතින් එතනින් එයාල හොයා ගන්නවා Kate ඉන්නේ Harmond පිසා කඩේ උඩ ගෙදර කියලා . 

ඉතින් ඔතන තමය Hawkeye (Clint) ගේ පට්ටම scene එක බලන්න හම්බවෙන්නේ. කොහොමද මොලොටෝව් එක අල්ලලා විසික් කරපු හැටි. පට්ට නේ.. (ජ'පුර ගියපු එකෙක් වෙන්ඩ ඇති😂 )



ඒවගේම අනිත් මොලොටෝව් එක විසික් කරද්දී Kate දුන්නෙන් එකට විදිනවා. ඉතින් එතන Kate එයා හොද archer කෙනෙක් කියල Clint ට පෙන්නන්න වෙන්නැති කරලා ඇත්තේ. 



ඔතන ඉදන් තමය Kate - Clint සුසංයෝගය පටන් ගන්නේ. ඉස්සල්ලාම Kate මේක serious අරන් Avengers Tower එකට යනවද වගේ ප්‍රශ්න අහනවා. එත් Clint කියනවා එක Tony වික්ක කියල. Tony ටවර් එක විකුණපු කතාව කට්ටිය දන්නේ නෑ වගේ. මතකනේ, Spider-Man Homecoming එකේ තමා Avengers Tower එක විකුණන්න බඩු එහෙම අයින් කරන්නේ. ඒ වගේම අලුත් Avengers HQ එක Upstate වලට අරන් යනවානේ. හැබැයි ඉතිං Endgame එකේදී තානෝස්ගෙ ඇටෑක් එක නිසා අලුතෙන් හදපු Avengers HQ එක සම්පූර්ණම විනාස වෙනවා. ඊට පස්සේ තමය අපිට පට්ට Easter Egg එකක් හම්බෙන්නේ. ඒ තමා Moira Brandon.

Moira Brandon (Marvel Comics)

කොමික් වලට අනුව මෙයා චිචාගෝ වල හැදුන වැදුන පස්සේ California වලට ගිහින් actress කෙනෙක් උනා. පස්සේ retire උනාම මෙය මෙයාගේ ගෙදර West Cost Avengers ලට විකුනනවා. West Coast Avengers ලව එකතු කරන්නෙ සහ ලීඩ් කරන්නෙත් කේට් සහ ක්ලින්ට් දෙන්න. පට්ට සින් එක කියන්නේ මේක වෙන්නේ series එකේ Clint, Tony ටවර් එක වික්ක කියල ටික වෙලාවකට පස්සේ මේක සිදු වීම. හැබැයි series එකට අනුව මේ ඉන්නේ kate ගේ නැන්ද.



පස්සේ Clint, Kate ව ඇරලවල යනවා ගින්නට අහු වෙච්ච suit එක ගන්න. එතන suit එක තිබ්බේ නැති උනාට එක ගත්තේ NYC LARPERS කෙනෙක් කියල දන ගන්නවා. අපි මේක ගැන කතා කරමු ඉස්සරහට.



පස්සේ Clint යනවා Moria ගේ ගෙට. එතන Clinti, Kate ට බෙහෙත් දාන්න උදව් කරලා උදෙන්ම යනවා එයාගේ පවුලේ කට්ටියව යවන්න . 

ඔයාලට fun fact එකක් කියන්නම්. ඔතන Clint ගේ දුවට රග පාන්නේ Joe Russo (Endgame, Infinity War, Civil War, Winter Soldier සම අධ්‍යක්ෂක ) ගේ දුව



පස්සේ අපිට පෙන්නවනවා Clint එයාගේ පොඩි පුතා එක්ක sign language එකෙන් කතා කරනවා . එත් ඇත්තටම කොමික් වල clint sign language එකෙන් කතා කරනවට එච්චර කැමති. එත් දන්නවනේ Marvel ලගේ හැටි .  



පස්සේ Clint යනවා Mairo ගේ apartment එකට. එතන Kate ඉන්න සින් එකක පෙන්නනවා Mairo රගපපු ශෝ එකක් .



පස්සේ Kate කියනවා එයා එයාගේ අම්ම ගාවට ගියොත් හොදයි කියලා. මොකද අම්ම security companiy එකක් run කරන නිසා. ඉතින් එයාල යනගමන් Clint කියනවා එයාගේ කන කොහොමද ආබාධ උනේ කියලා. ඉතින් explosions නිසා තමා. 

මෙතන කාටද notice උනේ Disney logo එක. 



එකෙන් පස්සේ අපිට බලන්න ලැබෙනවා Clint bite වෙන සින් එකක් පොඩි එකෙක්ට.

පස්සේ Clint, Kate ගේ number එක අරන් කියනවා හැමදේම හොදට උනොත් අපි හම්බ නොවෙයි කියලා. එත් හම්බ වෙනවා නෙතේ.

පස්සේ Kate අම්මගේ office එකට ගියාම එයාට හම්බ වෙනවා Jack ව. ඉතින් Jack කියනවා ස්ටේප් ෆාදර් කෙනෙක් වෙන්න පොතක් ගත්ත කියල. Lol  😂

පස්සේ Jack dinner එකකකට Kate ව invite කරනවා. එත් kate කොන්දේසි මත එය බාරගන්නවා.

ඉතින් එකෙන් පස්සේ Clint යනවා NYC එ කියන්නේ New York City Larpers ගාවට.



Larpers කියන්නේ Live Action Role Play කියන එකට. ඉතින් Minecraft, GTA , Roblox එකේ අතල් ගන්න ය දන්නවා role play කියන්නේ මොනා වගේ ආතල් එකක් ද කියලා. එතන Clint ට register වෙන්න වෙනවා ඇතුලට යන්න ඕනි නම්. අන්තිමට එයත් ආතල් එකක් අරන් රොනින් suit එක ගන්නවා. මේ සූට් එක ගත්ත කෙනා කොමික් වල ඉන්න කෙනෙක්. මෙයා ඉන්නෙත් ක්ලින්ට්ගෙම apartment එකේමයි. පස්සෙ Clown මෙයාව මරල දානව.



ඉන් පස්සේ ඔතන locker එක ගාව Laura ටය Clint ටය් call එකක් යනවා. එතන Clint කියනවා Tracksuit ලගේ උඩම level එක ගැන කියන්න අමරුයි කියලා. මන් හිතන්නේ උඩම level එකේ ඉන්නේ කින්පින්. මොකද කොමික් වල කින්පින් තමය Tracksuit ලට Sponser කරන්නේ . 



එතන Clint කියනවා එයාගේ plan එක. එයම උගුලට අහු වෙලා Tracksuit ලගේ boss ව අල්ලන්න හදන එක.

පස්සේ සෙට් වෙන්නේ Jack, එලනොර්, Kate dinner එක . 

එතන Kate කඩු සටන් ගැන කතා කරනවා. ඉතින් Jack කියන්නේ Swordmaster නෙහ් (පළවෙනි එපිසෝඩ් එකේ බ්‍රේක්ඩවුන් එකෙන් ඔය ගැන කතා කලා). එත් Jack එය හොද stepfather කෙනෙක් කියල පෙන්නන්න එයාගේ දුර්වල හැකියාව පෙන්නනව. එත් මෙතන වෙන්නේ Kate ට මල පැනලා දෙන්නම මාස්ක් එක ගලව්වම පස්සේ Kate අපව් Jack ට ගහන්න යද්දී Jack එයාගේ ඇත්ත ස්වරුපයෙන් ටිකක් පෙන්නවා. මේ කඩු සටන Brian Michael Bendis ගෙ Young Avengers කොමික් එකට දීපු reference එකක්.



මේ කොමික් එකෙන් තමා කේට් බිශොප් ව කොමික් වලට ගේන්නෙ. මේකෙ එක පැනල් එකක් තියෙනව කේට් කඩු සටන් කරන. ඒ වගේම කේට් කොමික් වල පාවිච්චි කරන පලවෙනි සූට් එකේ Mockingbird ගෙ කඩුවත් තියෙනව. 



ක්ලින්ට් Tracksuit එක අහුවෙන තැනත් කොමික් reference එකක්. Matt fraction ගෙ Hawkeye රන් එකේ එක තැනක Tracksuit ල ක්ලින්ට් ට ගෙවනව Tracksuit ලගෙන් ගුටි කන්න. ඒ කිව්වෙ ක්ලින්ට් කන හැම පාරකටම Tracksuit එකෙන් ක්ලින්ට් ට ගෙවනව. හැබැයි පොරොන්දු වෙච්ච ගාන ගත්තට පස්සෙ ක්ලින්ට් Tracksuit එකට හොඳට නෙලනව.

ඉතින් අන්තිමට Clint, Tracksuit ලට අහු වෙද්දී එකෙක් කියනවා "She wants you" කියලා. මන් හිතුවේ ඒ ඉලනොර් වෙන්න ඇති කියලා. එත් ඒ හිටියේ Alaqua cox ගේ Echo.



ඉතින් කින්පින් Main Villian වෙන්න තව හේතුවක් තමය Echo. Echo ව හදන්නේ කින්පින්, එයාගේ තාත්තව මරන්නෙත් කින් පින්. 

Echo ගැන කියන්න ඕනි තව දෙයක් තමයි එයාට කන් ඇහෙන්නේ නෑ. එත් දෙයක් එයාට vibrations දැනෙනවා. Only Muders in the Building බැලුවනම් මතක ඇති ඒකෙ The boy from 6B කියන එපියේ මේ වගේ සීන් එකක් තිබ්බ. ඒකයි එයා අන්තිමට Music එක යද්දී අත Speaker එකේ තියන්නේ.

ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ Kate තමය් හොදටම කරේ මැද්දට පැනල. කොමික් වල ඉන්න කේට් සහ සීරිස් එකේ කේට් ගෙ තියෙන එක නොගැලපෙන කමක් මේක. කොමික් වලදි කේට් ට මේවගේ spy වැඩවලට හොඳ skill එකක් තියෙනව. Madripoor වලට ගිහින් Madame Masque වගේ වෙස්වලාගත්ත කියන්නෙ.


අයෙත් Hawkeye තුන්වෙනි එපියෙන් හම්බ වෙමු.


ලිපි නිර්මාණය හා අදහස - රකීබ් අමීන් සහ මලින්ද බණ්ඩාර


Hawkeye S01E01 බ්‍රේක්ඩවුන් 👇

https://www.reviewwhocares.com/2021/11/hawkeye-s01e01-breakdown.html

Post a Comment (0)
Previous Post Next Post