Halo ෆ්‍රැන්චයිස් එක ගැන සරලව | Halo Overview + Explain


HALO කියලා කියන්නෙ ගේමින් ෆ්‍රැන්චයිස් අතර තියෙන සාර්ථකම ෆ්‍රැන්චයිස් එකක්. අද වෙනකොට HALO ගේම් එකක් ප්ලේ නොකරපු ගේමර් කෙනෙක් හොයාගන්නත් නැති තරම්. Games වලින් ඔබ්බට ගිහිල්ලා මේ වෙනකොට පොත්, කොමික්, ෆිල්ම්ස් වගේම ඇනිමේ වලින් පවා මේ ෆ්‍රැන්චයිස් එක සමන්විතයි. ඒ දවස්වලනම් ටිකක් වැඩිපුර කතා බහට ලක්වෙන මාතෘකාවක් තමා HALO කියන්නෙ. මේකට හේඑතුව තමා මෙ දවස්වල යන HALO ටීවී සීරිස් එක. ඉතින් ගේම් එක නොගහපු ටීවී ඊරිස් එක බලන අයට පහසුවෙන්න තමා අද මේ ලිපිය අරන් ආවෙ. කියවන්න කලින් මතක තියාගන්න මේකෙන් පොඩි සාරාංශයක් විතරයි තියෙන්නෙ. මොකද HALO කියලා කියන්නෙ සෑහෙන්න ගැඹුරට expand උන ගොඩක් ලොකු lore එකක් තියෙන ෆ්‍රැන්චයිස් එකක්. එහෙනම් මේ තමයි HALO විශ්වයේ කෙටි හැඳින්වීම.

අදින් ශතවර්ශ ගණනාවකට පස්සෙ (හරියටම කිව්වොත් ක්‍රිස්තු වර්ශ 2552) සිද්ධවෙන කතාවක් තමා HALO වල අඩංගුවෙන්නෙ. ඒ වෙනකොට අභ්‍යවකාශයේ ජනාවාස පිහිටුවලා ඉන්න මිනිස් වර්ගයා සහ Covenant කියලා හඳුන්වන ජීවීන් කොට්ඨාශය අතර ඇතිවෙන යුද්ධයක් තමා HALO වල කතා තේමාව. මේක ගැන හරියට පැහැදිලි කරලා දෙන්නනම් අපිට තවත් අතීතයට ගමන් කරන්න සිද්ධවෙනවා.



මීට වසර මිලියන ගානකට කලින් මන්දාකිණියේ තාක්ශණය අතින් දියුණු ශිෂ්ටාචාරයක් ජීවත් උනා. මේ අයට කියන්නේ Precursors ලා කියලා. මේ අය ජීවත් වුනේ Mantle of Responsibility a.k.a The Mantle එක මත. මේඑකෙන් අදහස් කරේ දියුණු ජීවීන් විසින් ජීවය ආරක්ශා කිරීමට කැපවිය යුතුයි කියන එක. මේ විශ්වාසය මත මෙයාල forerunners කියන ජීවීන් වර්ගය නිර්මානය කරනවා. ඒ precursors ලගෙ inheritors ලා හැටියට. නමුත් පස්සෙ තීරණය කරනවා මේ අය inheritance එක සුදුසු නැහැ ඒ නිසා  forerunners ලව විනාශ කල යුතුයි කියලා. මේකට විසඳුමක් හැටියට forerunners ලගේ තැන අරගන්න precursors ලා තවත් inheritor කෙනෙක්ව තෝරගන්නව. ඒ තමා මනුෂශ්‍යයින්.කමේ නිසා forerunners ලා සහ precursors ලා අතර යුද්ධයක් හටගන්නවා. මේක ඉවරවෙන්නෙ precursors ලා පරාජය වීමත් එක්ක.

 

Forerunners

මේකෙන් පස්සෙ forerunners ලා මන්දාකිණිය තුළ අධිරාජ්‍යක් පිහිටුවාගන්නවා. මේක කියන්නෙ Ecumene කියලා. මේ අධිරාජ්‍යයේ අගනුවර වෙන්නෙ Maethrillian. මේකට ග්‍රහලෝක මිලියන 3 විතර අයිති උනා කියල තමා කියන්නෙ.කෙසේවෙතත් forerunners ලා බයවෙනවා ආපහු ඉතුරුවෙලා ඉන්න precursors ලා මෙයාලට පහරදෙයි කියල. මේක නිසා  Ecumene එකේ පැවැත්ම තහවුරු කරන්න මෙයාල Halo Rings 12 නිර්මාණය කරනවා. Halo rings කියලා කියන්නෙ forerunners ලා නිර්මාණය කරන super weapon එකක්. මේ ring එකක් ක්‍රියාත්මක උනාම ඒකෙ පරාසය ඇතුලත තියෙන හැම ග්‍රහලෝකයකම තියෙන ජීවය wipeout වෙලා යනවා. Halo rings ටික පාලනය කරන්න installation zero එහෙමත් නැත්තම් Great Ark එක කිර්මාණය කරනවා.

Great Ark



Halo ring එකක්

කලින් කිව්වනේ precursors ල කොටසක් ඉතුරුවුනා කියල. මේ අය තමන්ගෙ physical form එක දූවීලක් බවට පත්කරගන්නවා. ඒ අනාගතේ දවසක නැවත තමන්ගේ සැබෑ ස්වරූපයට පත්වීමේ අදහසින්. මේ ක්‍රියාවලිය අතරතුරදී precursors ලව transmutation එකකට ලක්වෙලා Flood කියන පරපෝෂිත ජීවීන් වර්ගය ඇතිවෙනවා. (ගේම් එක ගහපු අයට මතක ඇති මෙයාලව) මේ Flood බවට පරිවර්තනය උන precursors ලා තීරණය කරනවා විශ්වය තුල සිටිය යුත්තේ එකම ජීවීවර්ගයක් පමණක් බව. මේක නිසා Flood ලා විසින් මන්දාකිණියේ ඉන්න ජීවීන්ට පහරදෙන්න පටන්ගන්නව. මේකෙන් පස්සෙ forerunners සහ flood අතර යුද්ධයක් ඇතිවෙනව (technically මේක තමා දෙවෙනි forerunner vs precursors යුද්ධය). නමුත් එන්න එන්නම වර්ධනයවෙන Flood ගහනය හමුවේ forerunners ලා යුද්ධා පරදිනව. මේ නිසා forerunners ලා තීරණය කරනව Flood ලගෙ  food source එක (ජීවය) ඉවත් කිරීම මගින් Flood එක විනාස කරල දාන්න. මේක නිසා මෙයාල Halo rings 12 ම එකවර ක්‍රියාත්මක කරල සියලුම ජීව්‍ය විනාශ කරන්න කටයුතු කරනව. මේකෙන් rings 05 විනාශ වෙලා 07 ඉතුරුවෙනව. මේකෙන් පස්සෙ forerunners ලා වෙනත් මන්දාකිණියකට පලායනවා. හැබැයි යන්න කලින් මෙයාල තවත් එක වැඩක් කරනව.

The Flood

කවදා හෝ halo rings ක්‍රියාත්මකවෙයි කියන සැකය මත Librarian කියන forerunner හැම ජීවී කොට්ඨාශයකින් ජීවීන් ගෙනල්ල halo rings ඇතුලෙ preserve කරන්න කටයුතු කරනව. ඉතින් forerunners ලා යන්න කලින් මේ preserve කරපු ජීවීන්ව වෙනත් ග්‍රහලෝක වලට පිටත් කරනවා. මේ අනුව විනාශ වෙච්ච ජීවය ආපහු ඇතිවෙන්න පටන්ගන්නව.

    The Librarian (මෙයා ගොඩක් Humans ලට ආස කරා කියල තමා කියන්නෙ)

මේ සිදුවීම් වලින් සියවස් ගණනාවකට පස්සෙ forerunners ලව අදහපු San’Shyuum සහ Sangheili කියන ජාති දෙක අතරෙ ඇතිවෙන යුද්ධයක ප්‍රතිපලයක් හැටියට මේ ජීවීන් කොට්ඨාශ දෙක එකතුවෙලා Covenant Empire එක ඇතිවෙනව. පස්සෙ මේකට තවත් ජීවින් විශේෂ කීපයක්ම ඈඳා ගන්නව. මෙයාල forerunners ලව දේවත්වයෙන් අදහනව සහ මේ අය forerunner technology එක ඇතුළත් relics පූජනීය ලෙස සලකලා එව්ව හොයන්න පටන්ගන්නව. Covenant Empire එක පාලනය කරන්නෙ Council එකක් මගින්. Council එකට ඉහලින් බලය තියෙන්නෙ Hierarchy එකට. Council එක සහ Hierarchy තමයි මුළු Empire එකම පාලනය කරන්නෙ.  Hierarchs ලා තුන්දෙනෙක් ඉන්නව. 

1. Prophet of Mercy

2. Prophet of Truth

3. Prophet of Truth

 

San’Shyuum (Prophets)

මෙයාල තමා Hierarchy එක හැටියට කටයුතු කරන්නෙ. San’Shyuum සහ Sangheili දෙගොල්ලන් විතරයි council එකේ ඉන්නෙ. Empire එක ඇතුලෙ ඉන්න highest ranking ම කොටස තමා San’Shyuum කියන්නෙ.

Sangheili (Elites)


අධිරාජ්‍යයේ යුද්ධ කටයුතු බාරව ඉන්නෙ මෙයාල. ඒ වගේම San’Shyuum ල ගාවට දෙවෙනියට ඉන්න higher rank එක තමා මෙයාල. Sangheili ල අතරෙ තවත් කොටසක් ඉන්නව Arbiter කියල. මෙයාල hierarchs ලට අතිශයින් පක්ෂපාතී රණකාමීන් කොටසක්. මේක කාලෙන් කලෙට එක එක අයට පවරන mantle එකක් වගේ. ඒ අයගෙ ආමර් එක අනිත් Elite ලගෙ තරම් ශක්තිමත් එකක් නෙවේ. ඒ වගේම Aribter වෙන කෙනා ජීවත් උනත් මැරුනා කියල තමා Covenants ලා තඅතර සැලකෙන්නෙ. ඒකට හේතුව තමා සටනකදි මුලින්ම සතුරා හමුවට යන්න ඕනෙ Aribter. මේ හේතුව නිසා මුලින් පක්ශපාතීත්වයට හා ගෞරවයට දෙන තනතුරක් විදිහට සැලකුණ Arbiter තනතුර වර්තමානය වෙනකොට ලැජ්ජාවේ සළකුණක් විදිහට තමා සළකන්නෙ.

Armor එක ගලවපු Sangheili කෙනෙක් (මෙයාලව දැක්කම කාවහරි මතක් උනාද? 😁).  


Kig-Yar (Jackals)



කලින් කිව්වනෙ Covenant එකට පස්සෙ කාලෙක ජීවී විශේෂ කීපයක් එකතු වුනා කියල. ඒ විදිහට එකතුවුන කොටසක් තමා මේ.  Covenants ල ප්‍රදානය කරපු ධනය සහ සම්පත් වගේ දේවල් නිසා Kig-Yar ල කැමතිවෙනව empire එකට එකතුවෙන්න. ඒ වගේම Kig-Yar කියන්නෙ mercenary race එකත්. මේ නිසා මෙයාල සටන් ඉමේදි බොහොම දරුණු විදිහට තමා හැසිරෙන්නෙ.

 

Unggoy (Grunts)


හමුදාබලය කොහොම උනත් covenants ලට යුධබිමේදි බිල්ලට යවන්න පුළුවන් සොල්දාදුවෝ කොටසක් අවශ්‍ය වෙනව. මේක නිසා covenants unggoy ලගෙ මව් ග්‍රහලෝකය ආක්‍රමණය කරල මෙයාලව වහල්කමට ගන්නව. අනිත් covenants ලා එක්ක බලද්දි  මෙයාල පහත් ජීවිත තමා ගතකරන්නෙ. 

Lekgolo (Hunters)


ටීවී සීරිස් එකේදි Oracle අර UNSC යානයකට පහරදෙන්න අරගන්නෙ පණුවො වගේ සෙට් එකක්. අන්න ඒ උදවිය. මෙයාල කීපදෙනෙක් එකතුවෙලා තනි ජීවියෙක් වගේ හැදෙන්නත් පුළුවන්.

Yanme’e


මෙයාලව ඉස්සරහට හම්බවෙයි පියාඹන්න පුළුවන් කුරුමිණියො වගේ සෙට් එකක්.

 

Jiralahane (Brutes)


මෙයාල covenant ලට එකතුවෙන්නෙ ක්‍රි.ව.2494 කාලෙදි. එතකම් මෙයාල වනගත ගෝත්‍රික කොටසක් විදිහට තමා ජීවත්වෙන්නෙ. Spartan ලට උනත් ප්‍රශ්ණයක් නැතුව මුහුණ දෙන්න පුළුවන් කොටසක් තමා මේ. මතකනෙ සීරිස් එකේ මාස්ටර් චීෆ්ට ඩිස්ප්ලේ යැව්ව හැටි. HALO ෆෑන්ස්ලා අතර ෆේවරිට් එකක් වෙන Atriox කියන්නෙ Brutes ල කියන්නෙ කොච්චර බෑඩෑස්ද කියන්න හොඳම උදාහරණයක්. මගේ පර්සනල් ෆේවරිට් HALO කැරැක්ටර් එක තමා Atriox කියන්නෙ. 

Atriox

Covenant Empire එක ඔය විදිහට තියෙනකොට මන්දාකිණියෙ තවත් කෙලවරක ඉන්න මිනිස්සු මේ වෙනකොට 25 වෙනි සියවස වෙනකම් ඇවිල්ල තියෙන්නෙ. පෘථිවියෙන් ඔබ්බට ගිහිල්ල ජනාවාස බිහිකරන තරමට මානව ශිෂ්ටාචාරය දියුණුවෙලා අවසන්. කියන හැටියට මිනිස්සු මේ වෙනකොට ග්‍රහලෝක 800 පුරා විහිදිලා තමයි ඉන්නෙ. මේ කොලනි ටික පාලනය කරන්න තමා United Nations Space Command එහෙමත් නැත්තම් UNSC එක පිහිටුවන්නෙ. අභ්‍යවකාශ ගමනාගමය ඇතුළු වෙනත් කටයුතු සඳහා අවශ්‍ය සම්පත් අරගන්නෙ outer colonies වලි. නමුත් UNSC එක outer colonies වල ජනතාව ගැන සොයාබැලීමක් නොකරන නිසා මේ කොලනි අතරින් කැරැල්ලක් පටගන්නව. මේක සිද්ධවෙන්නෙ ක්‍රි.ව.2494 කාලෙදි. දිගින් දිගටම මේක දුරදිග ඇදෙන නිසා UNSC එකෙන් Orion project එක පටන්ගන්නව. මේක තමා පස්සෙ කාලෙක Spartan program එක බවට පත්වෙන්නෙ. මෙතනදි ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වෙන සොල්දාදුවන්ව රසායනික ක්‍රියාවලීන් භාජනය කරල සුපිරි සොල්දාදුවන් නිර්මාණය කිරීම තමා වෙන්නෙ. මේ වැඩසටහන යටතේ පලමු ස්පාර්ටන් පරම්පරාව නැත්තම් Spartan-I බවට පත්වෙනව. මෙයාල නිකන්ම නිකන් biologically enhanced කරපු සෙට් එකක් විතරයි. ආමර් එකක්වත් නෑ.

Spartans 

හැබැයි කාලයක් යනකොට Spartans ල ඵලදායි මදි කියන එක UNSC එක තේරුම් යනව. හේතුව මේ Orion ප්‍රොජෙක්ට් එකේ අයට කාලයක් යනකොට අතුරු ප්‍රතිලප ඇතිවෙන්න පටන්ගන්නව. මේක නිසා මේ ගොඩක් අය ඉක්මනට මැරෙනව. ගේම් ටික පටන්ගන්න කාලෙ වෙනකොට ඉතාම සුළුතරයක් තමා මෙයාලගෙන් පණපිටින් ඉන්නෙ (ඒ අතරින් එක්කෙනෙක් තමා Sgt.Avery Johnson). මේකට විසඳුමක් හැටියට ඒ කාලෙ Spartan program එක භාරව හිටපු Dr. Catharine Halsey වැඩසටහනට වෙනස්කමක් සිද්ධ කරනව. ඒ අනුව ස්වේච්ඡා සෙබළුන් වෙනුවට කුඩා ළමුන් පැහැරගෙන පරීක්ෂන වලට ලක්කරල Spartan සොල්දාදුවන් සෑදීමට පටන්ගන්නව. පැහැරගන්නා ළමුන් වෙනුවට ඒ අයගෙ ඉක්මනින් මියයන හැටියට program කරපු ක්ලෝනයක් ඒ පවුල් වලට යවනව. මෙන්න මේක තමා දෙවෙනි Spartan පරම්පරාව (Spartan-II) හැටියට හඳුන්වන්නෙ. මේ Spartans ලට විශේෂිත වූ ආමර් එකක් පලඳිනව. ඒ තමයි Mjolnir Armor එක. මේක සාමන්‍ය සොල්දාදුවෙක් ඇන්දොත් අස්ථි බිඳෙනව. අපේ කතා නායකයා වෙන Master Chief 117 කියන්නෙ මේ දෙවෙනි පරම්පාවෙ Spartan කෙනෙක්. (ගේම්ස්වල හැටියට. සීරිස් එකේ වෙනස්)  Master Chief ගෙ තරුණ කාලෙ ගැන දැනගන්න ආස අය Fall of Reach ෆිල්ම් එක බලන්න.

Master Chief 117

ඔන්න ඔය අතරෙ තමා ක්‍රි.ව.2524 සැප්තැම්බර් 03 වෙනිදා Harvest colony එකේ ඉඳන් Madrigal වලට Melon ගෙනියපු vessel එකක් spacedrive එකේ සිද්ධවෙච්ච කාර්මික දෝෂයක් නිසා අභ්‍යවකාශයේ වෙනත් කොටසකට ගමන් කරන්නෙ. මේ යානය හම්බවෙනව Kig-Yar raider ship එකකට. Covenant ල මේ යානයට පහරදිල ඒකෙ crew එක මරලම දානව. මේක තමා ඉතිහාසයේ පලවෙනි වතාවට covenant ල සහ මිනිස්සු එකිනෙකා හමුවුන තැන. UNSC එක මුලින් සැක කරන්නෙ මේක Rebels ලගෙ වැඩක් කියල. හැබැයි පස්සෙ දැනගන්නව මේක පිටසක්වල ජීවීන් කොට්ඨාශයක් කියල. මේක දැනගත්තට පස්සෙ මිනිස්සු Covenant ලා එක්ක සමාදාන වෙන්න හැදුවත් දෙපාර්ශවය අතර දිගින් දිගටම සටාන් ඇතිවෙනව. මොකද මේ වෙනකොට Covenant Harvest වල තියෙන Forerunner artifact එකක් ගැන දැනගෙනයි හිටියෙ.

මේ සටන් අතරතුරේදි prophets shocking fact එකක් හොයාගන්නව. ඒ තමයි මිනිස් වර්ගයා කියන්නෙ පණපිටින් ඉන්න Forerunners ලා කොටසක් කියන එක. මොකද ඒ දෙගොල්ලොම precursors ලගෙ නිර්මාණ. (මාස්ටර් චීෆ් සහ මැකී දෙන්නට Madrigal Object එක වැඩකරපු හැටි දැන් තේරෙන්න ඇතිනෙ) ඉතින් මෙතනදි මෙයාලට තේරුම් යනව මේක එලිවුනොත් Covenant Empire එක බිඳ වැටෙනව කියල. මේ නිසා Prophets ලා බොරුවක් ගොතනව Harvest වල තිබුන Forerunner artifact එක මිනිස්සු විනාස කරා කියල. ඔය විදිහට තමා Covenant-Human War එක පටන්ගන්නෙ.

හත්වෙනි එපියෙදි කාන්තාරෙ ඉන්න සෙට් එක Kwan Ha ට කියනව Ha පරපුරේ අය වෙනත් මානයක ඉන්න ජීවියෙක් එක්ක අමන්ධතා පැවැත්වුවා සහ මේ ජීවියා Ha පරපුරේ අයට එයාලගෙ true purpose එක ගැන හෙලිකරා කියල. ගොඩක් දුරට මේ කියන්නෙ Forunners ලා හෝ Precursors ලා ගැන වෙන්න ඕනෙ එතකොට මේ කිව්ව පර්පස් එක mantle of responsibility එක හෝ Forunners ලා මිනිස්සුන්ට පවරපු Halo rings ගැන වූ වගකීම ගැන වෙන්න පුළුවන්. 

මොකද්ද මේ Great Journey එක කියලා කියන්නෙ ?

අන්තිම එපියෙදි මේක ගැන සඳහනක් වෙනවා කියල ඔයාලට මතක ඇති. මං කලින් කිව්වනෙ Covenants අදහන්නෙ Forunners ලා දෙවියන් කොට සලකපු ආගමක් කියල. ඉතින් ආගමක් අදහනකොට අවසාන ඉලක්කයක් කියල එකක් තියෙනවනෙ. බෞද්ධයන්ගෙ අවසාන ඉලක්කය තමා නිර්වාණය කියන්නෙ. ඔඅය වගේම කන්සෙප්ට් එකක් තමා මේ Great Journey එක කියලා කියන්නෙ. Covenants ලා විශ්වාස කරනව මේ Halo rings ඔක්කොම ක්‍රියාත්මක කරොත් මෙයාලට ආධ්‍යාත්මික සුවය ලබාගන්න පුළුවන් කියල. මේ The Great Journey එක අත්පත් කරගැනීමෙ අරමුණින් තමා මෙයාල Covenant empire එක පිහිටුවන්නෙ (හැබැයි කතා දන්න අපි දන්නවා මේකෙ ඇත්ත මොකද්ද කියල 😒).

සීරිස් එකේදි අපිට හම්බවෙන Spartan ල සෙට් එක තමා Silver Team එක. මේක මෙයල සීරිස් එකටම හැදුව එකක්. Lore එකේ හම්බවෙන Blue Team එක තමා මේ විදිහට වෙනස් කරලා මෙයාල අරන් තියෙන්නෙ. Blue Team  ගැන කිව්වොත් මේක ඇවිල්ල Spartan-II generation එකේ එන ටීම් එකක්. හරිවිදිහට අපේ මාස්ටර් චීෆ් අයිතිවෙන්නෙ මේ  Blue Team එකට. මුලින්ම Covenant ලා එක්ක සටන් කරන Spartan team එක වෙන්නෙත් ඒ Blue Team එකමයි. ( මේ කතා හරි ශෝක් එකට තියෙනවා fall of reach ෆිල්ම් එකේ). 

තව ඔයාල සීරිස් එක බලනකොට දකින්න ඇති යෝධ බිම්මලක් වගේ පත structure එකක්. මේ ඇවිල්ල Covenant Capital City එක වෙන High Charity එක. නගරයක් කිව්වට ඇත්තටම මේක Space Station එක. අවශ්‍යය වෙලාවට මේක ඕනෙම තැනකට ගෙනියන්නත් පුළුවන්.   

ඔතනින් මම ලිපිය නවත්තනව මොකද ලිපිය දිගවෙන නිසා. කතා කරනවම් මීට වඩා සෑහෙන දේවල් තියෙනවා කතා කරන්න. Summarize කරපු විස්තරයකුත් තවත් summarize කරලා තමා ඔය උඩ තියෙන්නෙ.  ඔයිට අමතරව Didact ගෙ කතාව, forerunners ලා අතර සිවිල් යුද්ධය, San’Shyuum  සහ Sangheili දෙගොල්ලන්ගෙ යුද්ධය, Ungggoy ලා Covenant Empire එකට විරුද්ධව කැරලි ගහපු හැටි වගේ සෑහෙන අතුරු කතා තියෙනව මේ Lore එක ඇතුලෙ.

ඔයා දැනටම සීරිස් එක බලන කෙනෙක්නම් මම පහල තියෙන ටිකත් බලන්න කියල රෙකමන්ඩ් කරනව.

👉 Halo: Fall of the Reach

👉 Halo: Forward unto Dawn

👉 Halo Legends

 

එහෙනම් අදට අපි ගියා.......!

2 Comments

  1. එතකොට Covenant එකේ ජීවී විශේෂ නිර්මාණය කළේ precursors ලද Forunners ලද?

    ReplyDelete
Post a Comment
Previous Post Next Post