කවුද මේ Chainsaw Man..? | Chainsaw Man Manga Overview


ඔන්න ෆිල්ම්ස් ටිවි සීරීස් අරන් එන මම අද වෙනමම දේකට අතගැහුවා. මේ ඉතින් මාන්ගා/ඇනිමෙ ගැන ගේන පලවෙනි ආර්ටිකල් එක. හොඳ නරකත් කියාගෙනම යන්නකො ඉතින් කියවලා ඉවර වෙලා. ඇනිමෙ කියන මාතෘකාව ගත්තොත් මෙ දැන් වෙනකොට යම්තාක් දුරට ඉස්සරහට ගියත්(ඒකත් එච්චර ලොකුවට නෑ හොඳේ) මාන්ගා වලට මම තාම කෝඩුකාරයි. ඉතින් මේකට හේතුව වෙන්නෙ මාන්ගා එකක් කියවලා කතාව දැනගන්නවට වඩා ඇනිමෙ එකක් බලලම කතාව දැනගන්න තිබුන ආසාව. මම හිතනවා මේ විදිහට ගොඩක් අය හිතනව ඇති. හැබැයි ඇත්තටම මාන්ගා කියවන්න ගත්තම තමා හිතුනෙ මෙච්චර කල් පිස්සුවක් නෙ කරලා තියෙන්නෙ මේවා කියවන්නැතුව කියලා. මාන්ගා කියන්නෙ වෙනමම ආතල් එකක්. මෙච්චර වෙලා මෙ වැල් බයිලා ගැහුවේ මාන්ගා නොකියවන හැමෝටම කියවන්න පටන් ගන්න කියන එක කියන්න. එහෙනම් අපි දැන් කතාවට යමු...

Shounen Jump(Weekly) කියන්නෙ මාන්ගා ඉතිහාසයෙ නොමැකෙන නමක් තිබ්බ මාන්ගා ගනනාවක් ම serialized කරපු මැගසින් එකක්. මෙන්න මේ මැගසින් එකම තමා මෙ Chainsaw Man ත් අපිට අරන් එන්නෙ. මේ මාන්ගා එකෙ Mangaka(මාන්ගා ආර්ටිස්ට්) තමා Tatsuki Fujimoto. Fire punch කියන මාන්ගා එක කලින් කරපු fujimoto කියන්නෙ වැඩ්ඩෙක්.


සරලවම වැඩ්ඩෙක්. ඉතින් 2018 ඉඳන් ආරම්භ වුනු Chainsaw Man මාන්ගා එක මේ වෙද්දි 11 Volumes තුලින් 97 Chapter ක් ඇවිත් Public Safety Arc එක ගෙනෙල්ලා තියෙනවා. ඉතින් මේ 2018 දෙසැම්බර් ඉඳලා 2020 දෙසැම්බර් වෙනකොට මේක හුඟක් ඉහල ජනප්‍රියත්වක් අරගෙන තියෙනවා. 2020 දෙසැම්බර් වෙද්දි මිලියන 5කට එහා කොපීස් අලෙවි වෙලා තියෙනවා. 2021 මාර්තු වෙද්දි මිලියන 9.3ක කොපීස් අලෙවි වෙලා. හිතාගන්න පුලුවන් නෙ කොහොම ජනප්‍රියත්වක්ද කියලා. Myanimelist වල Most popular කැටගරියෙ නම වැනි ස්ථානය දිනාගන්න Chainsaw Man ට හැකි වෙලා තියෙනවා. ඒ බොහොම ජනප්‍රිය Bleach, Solo leveling, Demon Slayer, Promised Neverland වගෙ මාන්ගා,මාන්වා පහුකරමින්. ඒ වගේම Mal ratings වල 8.69 ලබාගෙන 49 වැනි ස්ථානය ගන්න Chainsaw Man ට හැකි වුනා. Chainsaw Man කියන්නෙ සුපිරියක් කියලා පෙන්වන්න ඕනවටත් වඩා කරුණු කිව්වා මම. ඉතින් Chainsaw Man මාන්ගා එක කියවන්න. Anime එකම තමා බලන්නෙ කියලා ඉන්න එපා. නිකමට කියවන්න ගන්නකෝ. 

දැන් මෙ Chainsaw හාදයා කියන්නෙ මොකාද?මොකද්ද මේක මෙච්චරටම ෆෑන් ෆේවරිට් වෙන්න හේතුව?

මේක මෙහෙම ජනප්‍රිය වෙන්න හේතුව තමා මේකෙ තියෙන කතාව,කතා සංකල්පය සහ Art style එක. කතාව ගැන කතා කරොත් එහෙම මේකෙ තියෙන්නෙ අපි මේ ඉන්න ලෝකෙ. හැබැයි වෙනසකට තියෙන්නෙ මේ ලෝකෙ Devils ලා ඉන්නවා. මේ Devils ලා එක එක වර්ගයෙ අය වෙන්න පුලුවන්. උදාහරණයක් විදිහට zombie devil,blood devil,bat devil ව කියන්න පුලුවන්. අපි එදිනෙදා ජීවිතෙ දකින Object එකක් විදිහට ත් Devils ලා ඉන්න පුලුවන්. ඒකට හොඳම උදාහරණෙ Chainsaw Devil. Chainsaw කියන්නෙ මොකද්ද කියලා දන්නවනෙ. අර බෲම් බෲම් සද්දෙන් ගස් කපන්නෙ. ආන් ඒක.


මේ ඉන්නෙ Chainsaw devil තමා. හරි හුරතල් නෙ? ඒ වුනාට මෙයාගෙ වැඩ නම් හරි ඩේන්ජරස් වෙන්න පුලුවන්.

ආයෙ කතාවට ගියොත් අපෙ කතාවෙ කතා නායකයා නැත්නම් Protoginst වෙන්නෙ අවුරුදු දාසයක කොලු ගැටයෙක්. නම Denji. ගොඩක් Protoginst ලා අපි දකිනවා එයාලට ඕනෙ වීරයෙක් වෙන්න,ලෝකෙට සාමෙ උදාකරන්න,තමන් ආදරේ කරන අයව ආරක්ෂා කරන්න,දුස්ටයින්ට විරුද්ධව සටන් කරන්න වගෙ දේවල්. හැබැයි අපෙ ඩෙන්ජිට ඕනෙ ගෑනු ළමෙක් බදාගන්න,ගෑනු ළමෙක් එක්ක නටන්න,බර්ගර් එකක් කන්න,බූබ්ස් අල්ලන්න,sex කරන්න වගෙ දේවල්.


ඇහුවමත් හිනා නේද? හැබැයි මෙහෙම වෙන්න ලොකු හේතුවක් තියෙනවා. ඩෙන්ජිගෙ එකම ඥාතියා වෙච්ච තාත්තා එයාව දාලා මේ ලෝකෙන් යන්න ගියෙ Yakuza clan එකට වෙච්ච ලොකු ණයක් ඩෙන්ජිගෙ ඔලුවට දාලා. ඉතින් මේ ණය ගෙවන්න ඩෙන්ජිට මහන්සි වෙන්න සිද්ධ වෙනවා. ඒකෙන් සාමාන්‍ය ළමෙක්ගෙ ජිවිතයක් ඩෙන්ජිට අහිමි වෙනවා. ණය ප්‍රමාණෙ කොච්චර වැඩිද කියනවනම් ඩෙන්ජි තමන්ගෙ ඇහැක් පවා ගලෝලා ඒක විකුණලා ඒ සල්ලිත් ණය ගෙවන්න පාවිච්චි කරනවා. ඉතින් එක දවසක් ඩෙන්ජිට තුවාල වෙලා ඉන්න Chainsaw dog ව හම්බෙනවා. Devil ලා දුර්වල වුනාම ආයෙ ශක්තිය ලබා ගන්න පුලුවන් මනුස්ස ලේ බීලා. ඉතින් මේ වෙලාවෙ ඩෙන්ජි Chainsaw devil ට ලේ දෙනවා ඒ පොරොන්දුවක් පිට. ඒ තමන්ට උදව් කරන්න කියන එක. සාමාන්‍යයෙන් Devil ලා එක්ක මිනිස්සුන්ට ගනුදෙනු කරන්න බැරි වුනත් සමහර Human friendly ඩෙවිල්ලා එක්ක contract එකක් ගහන්න පුලුවන්. ඩෙන්ජිත් මෙතන කරන්නෙ එහෙම එකක්. මේකෙන් පස්සෙ Chainsaw dog ට ඩෙන්ජි පොචිටා(Pochita) කියලා නම තියලා එයාව තියාගන්නවා. පොචිටව පාවිච්චි කරලා ගස් කපන වැඩ විතරක් නෙමෙ hunter කෙනෙක් වෙලා මිනිස්සුන්ට කරදර කරන ඩෙවිල් ලවත් ඩෙන්ජි මරනවා සල්ලි වලට. මේ හැමදේම කරන්නෙ ණය පියවන්න. ඩෙන්ජි මෙහෙම ණය පියවන් යද්දි එකදවසක් Yakuza ලා ඩෙන්ජිට ද්‍රෝහි වෙලා ඩෙන්ජිව මරන්න හදනවා. ඉතින් මේ වෙලාවෙ ඩෙන්ජි ට හොඳටම ආමාරු වෙලා මරණාසන්නව ඉන්නෙ. මේ වෙලාවෙ Pochita ඩෙන්ජි එක්ක contract එකක් ගහනවා. ඒ පොචිටා ඩෙන්ජිගෙ හදවත වෙලා එයාව ජීවත් කරවනවා. ඒකට ඩෙන්ජි පොචිටට එයාගෙ හීන හැබැකරලා පෙන්වන්න ඕනෙ. කලින් කිව්වෙ ඩෙන්ජිගෙ හීන ටික. ආන් ඒවා. ඉතින් මෙන්න වෙලාවෙ තමා Chainsaw Man බිහි වෙන්නෙ.


මෙන්න මෙ විදිහට තමා කතාව ආරම්භ වෙන්නෙ. ඉතින් මීට වඩා නම් කතාව ගැන කියන්න බලාපොරොත්තු වක් නැ.මොකද ස්පොයිල් වෙන නිසා.

මම මේකෙ කැරැක්ටර් ගැන විස්තරයක් ගේන්නදෝ කියල හිතලත් ආයෙ ඕන්නෑ කියලා හිතුවා නිකන් විස්තර ගේන්න ගිහින් ඕවා ස්පොයිල් නොවී දාන්න ගිහින් අපබ්‍රංස ලියවුනොත් කියලා. කමෙන්ට් එකක් දාන් යන්න ගේන්න ඕන්නම්. මම Main character ගැන minor spoilers එක්ක වෙනම ආර්ටිකල් එකක් ගේන්නම්.

මොකද්ද මේ ස්පොයිල් කරන්න තියෙන බය?

මෙහෙමයි. මේක පට්ටම ත්‍රිලර් කතාවක්. ඒ වගේම Plot twist වගෙ දේවල් එමටයි. ඒ වගේම shoking moments, sad moments, depressing moments එහෙමත් බොහොම. ඉතින් එව්වා මන් මේකෙ කිව්වම කියවද්දි/බලද්දි එන ඔරිජිනල් ෆීලින් එක නැති වෙනවනෙ. ඒකයි මෙ ස්පොයිල් කරන්න බය. ඔයාලා වුනත් එප්බි ගෲප් අස්සෙයි වස්සැප් ගෲප් අස්සෙයි ඔලුව දාන්න ගිහින් නිකන් ස්පොයිල් කරගන්න එපා. අපරාදේ.

Chainsaw Man ඇනිමෙ එකක් එනවද?

සරලම උත්තරෙ තමා ඔව්. ඇනිමෙ එකක් එනවා. ඒත් ඒ හරියටම කවද්ද කියන එක නම් කියන්න බෑ. හැබැයි මේ වෙද්දි Official Trailer එකත් නිකුත් කරලා තියෙන්නෙ. බැලුවෙ නැති කෙනෙක්ට යටම ඒක දාලා තියෙන්නෙ. ඒකත් බලාගෙනම යන්න. මේ ඇනිමෙ එක කරන්නෙ Mappa Studio එක. දන්නවනෙ සුපිරි Studio එකක් නෙ ඉතින්. වැඩේ ගින්දර එකටම තියෙයි කියලා අපිට හිතන්න පුලුවන්. Trailer එක එහෙම බැලුවම උනත්. ඉතින් මේක ඩිරෙක්ට් කරන්නෙ Ryuu Nakayama. මෙයා The Rising of the shield hero, Sword Art online, One punch man වගෙ සුපිරිම ඇනිමෙ වලට තමන්ගෙ දායකත්වය දුන්න කෙනෙක්. ඉතින් එහෙනම් මම නවතිනවා මෙතනින්. තව ලිපියකින් ආයෙ හම්බෙමු.

Sayonara! 

1 Comments

  1. Boom kiyanna nathuwa thana kiuwa nam hari

    ReplyDelete
Post a Comment
Previous Post Next Post