ජුරාසික් පාර්ක් ෆ්‍රැන්චයිස් එකේ හයවෙනි ෆිල්ම් එක වෙන ජුරාසික් වර්ල්ඩ් ඩොමීනියන් ෆිල්ම් එක මේ ජූනි 10 වර්ල්ඩ් වයිඩ් රිලීස් වෙනවා. මේ අවුරුද්දේ එන ලොකුම ෆිල්ම් රිලීස් එකක් තමයි මේක. අවුරුදු තිහක ෆ්‍රැන්චයිස් එකක ස්ටෝරියේ conclusion එක එහෙම නැත්නම් අවසානය තමයි මේ ෆිල්ම් එකෙන් අපිට දෙන්නේ. ඉතින් මේ අවුරුදු තිහක් පුරා ෆිල්ම්ස්, වීඩියෝ ගේම්ස්, කොමික්ස් සහ පොත් වගේ ප්ලැට්ෆෝර්ම්ස් ඔක්කොම රිෆර් කරලා තමයි ඩොමීනියන් එක හදලා තියෙන්නේ. ඉතින් එතකොට ඩොමීනියන් බලන්න යනකොට මේ ෆ්‍රැන්චයිස් එකේ බහුතරය නොදන්න සහ තේරුම්ගන්න බැරි වුණ දේවල් ඔක්කොම පැහැදිලි කරගෙන යන එක තමා සුදුසුම දේ. එතකොට තමා ෆිල්ම් එකේ එක්ස්පීරීයන්ස් එක 100% ක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකට තමා අපි මේ ආටිකල් එක ඔයාලට ගෙනාවේ. ඩොමීනියන් එක බලන්න කලින් දැනගන්න ඕන දේවල් ඕල්මෝස්ට් ඔක්කොම වගේ අපි මේකේ සඳහන් කරලා තියෙනවා. මේ ආටිකල් එක හදනකොට නෙට්ෆ්ලික්ස් එකෙන් ආපු කෑම්ප් ක්‍රිටේසියස් සීරීස් එක සහ ක්‍රයිච්ටන් ගේ ජුරාසික් පාර්ක් පොත් එහෙම අපි රිෆර් කරේම නැහැ. ජුරාසික් පාර්ක් පළවෙනි පොතේ තියරීස් විතරයි ගත්තේ. මොකද ඒ ඔක්කොම හරිම loose එහෙම නැත්නම් ලිහිල් විදිහට තමයි ෆිල්ම් ෆ්‍රැන්චයිස් එකට රිෆර් වෙලා තියෙන්නේ. සෑහෙන වෙනස් පොතේ වෙන දේවල් සහ ෆිල්ම් එකේ වෙන දේවල්. ඒවගේම කෑම්ප් ක්‍රිටේසියස් එකටත් ස්පින් ඕෆ් එකක් තරම්වත් තත්වයක් නැහැ මේජර් ෆිල්ම් ෆ්‍රැන්චයිස් එක ඇතුළේ. ඒ ටික සම්පූර්ණයෙන් අමතක කරලා මේ ආටිකල් එක කියවන්න.
![]() |
Jurassic Park Novels |
ජුරාසික් පාර්ක් ෆ්‍රැන්චයිස් එකේ ටයිම්ලයින් එක
ජුරාසික් පාර්ක් ෆ්‍රැන්චයිස් එක පටන් ගත්තේ 1993 රිලීස් වුණ ස්ටීවන් ස්පීල්බර්ග් ඩිරෙක්ට් කරපු ජුරාසික් පාර්ක් ෆිල්ම් එකෙන්. එතන ඉඳන් ඩොමීනියන් වෙනකන් ෆ්‍රැන්චයිස් එකේ ටයිම්ලයින් එක මොකක්ද කියන එක ගොඩක් අය හරියට නොදන්න දෙයක්. ඒ නිසා අපි ඉස්සෙල්ලාම ඒක පැහැදිලි කරගෙන ඉමු.
![]() |
Steven Spielberg |
1. 1525 දී ස්පැනිෂ් නාවිකයකු වුණ ඩියේගෝ ෆර්නැන්ඩස් විසින් Isla Nublar (ඉස්ලා නූබ්ලාර්) කියන දූපත සොයාගන්නවා. මේකට Cloud Island කියලත් කියනවා. ඒ මේ දූපත වටේට නිතරම තියෙන මීදුම් පටලය නිසා. මේ දූපත අයිතිවෙන්නේ මධ්‍යම ඇමෙරිකානු රටක් වෙන Costa Rica (කෝස්ටා රිකා) වලටයි.
2. ශතවර්ශ කීපෙකට පසු ඇමෙරිකානු ජාතික ධනවත් ව්‍යාපාරිකයකු වෙන John Hammond (ජෝන් හැමන්ඩ්) විසින් මේ දූපත මිලදී අරන් "Jurassic Park" කියන තීම් පාර්ක් එක නිර්මාණය කරන්න ගන්නවා.
![]() |
John Hammond |
හැමන්ඩ් ගේ කම්පැනි එකේ නම In-Gen (International Genetics Technologies Incorporated). හැමන්ඩ් ඉස්සෙල්ලාම ට්‍රයි කරලා තියෙන්නේ මේ පාර්ක් එක ඇමෙරිකාවේ සැන් ඩියේගෝ වල හදන්න. හැබැයි ඒක අනාරක්ෂිත වෙන්න පුළුවන් නිසා තමයි පාර්ක් එක දූපතක හදන්න තීරණය කරලා තියෙන්නේ.
![]() |
In-Gen |
ජෝන් හැමන්ඩ් විසින් DNA තාක්ෂණය යූස් කරලා ලෝකෙන් වඳ වෙලා ගියපු ඩයිනෝසරයන් නැවත නිර්මාණය කරන්න කටයුතු කරලා තියෙනවා. මේ ප්‍රොජෙක්ට් එකේ ප්‍රධාන ජාන විද්‍යාඥයා විදිහට කටයුතු කරන්නේ Dr. Henry Wu.
![]() |
Dr. Henry Wu |
ඒ වගේම ජුරාසික් පාර්ක් එකේ හැම ඩයිනො කෙනෙක් ම හදලා තියෙන්නේ ෆීමේල් විදිහට. මේවා ගැන විස්තර අපි ඉස්සරහට කතා කරනවා.
![]() |
Jurassic Park Map |
කොහොමහරි මේ ජුරාසික් පාර්ක් එක පබ්ලික් ඕපන් කරන්න කලින් පාර්ක් එකේ 'තත්ත්ව පරීක්ෂාවක්' කරන්න හැමන්ඩ් තෝරාගත් ගෲප් එකකට අයිලන්ඩ් එකට එන්න ආරාධනා කරනවා. මේ ගෲප් එකට මේ අය ඇතුළු වෙනවා.
1. Dr. Alan Grant (Paleontologist/පුරාපාෂාණ විද්‍යාඥ)
2. Dr. Ellie Sattler (Paleobotanist/පුරාඋද්භිද විද්‍යාඥ)
3. Ian Malcolm (Mathematician/ගණිතඥ)
4. Donald Gennaro (Lawyer)
5. Tim සහ Lex (හැමන්ඩ් ගේ මුණුබුරා සහ මිණිබිරිය)
3. ජුරාසික් පාර්ක් එක අවුල් යන්නේ පාර්ක් එකේ කම්පියුටර් ඔර්ගනයිසින් සහ ප්‍රෝග්‍රැමින් වැඩ භාරව හිටපු Dennis Nedry පාර්ක් එකේ ඩයිනෝ Embryos ඒ කියන්නේ ඩයිනෝ කළල කිහිපයක් හොරකම් කරලා හැමන්ඩ් ගේ කම්පැනි එකේ රයිවල් කම්පැනි එකකට විකුණන්න හදනකොටයි.
![]() |
Dennis Nedry |
![]() |
Dino Embryo |
මෙයා මේ එම්බ්රයෝස් ටික හොරකම් කරලා අයිලන්ඩ් එකේ හාබර් එකට යන්නේ පාර්ක් එකේ මුළු ඉලෙක්ට්‍රික් සිස්ටම් එකම අවුල් කරලා. මේ නිසා තමයි ඩයිනෝ ලට අයිලන්ඩ් එකේ ලොකු විනාසයක් කරන්න පුළුවන් වෙන්නේ. ඉස්සෙල්ලාම T-Rex. ඊට පස්සේ වෙලොසිරැප්ටර්ස් ලා එයාලගේ කර්තව්‍යය ඉටුකරාට පස්සේ හැමන්ඩ්, ඇලන් ග්‍රාන්ට්, එලී, ඉයන් සහ පොඩි ළමයි දෙන්නට විතරක් කොහොමහරි අයිලන්ඩ් එක බේරිලා යන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අයිලන්ඩ් එක අබන්ඩන්ඩ් කරනවා. ඒ කියන්නේ අතෑරලා දානවා. මේ සිදුවීම වෙන්නේ 1993 දී. ඒ වගේම අයිලන්ඩ් එකේ සිදුවුණ සිදුවීම් එකක්වත් පබ්ලික් එකට ලීක් වෙන්න නොදෙන්නත් හැමන්ඩ් ඇතුළු In-Gen එක වගබලා ගන්නවා.
4. ජුරාසික් පාර්ක් සිදුවීම් මාලාව සිදුවෙලා අවුරුදු හතරකට පස්සේ, ඒ කියන්නේ 1997 දී තමා The Lost World ෆිල්ම් එකේ සිදුවීම් වෙන්නේ. ඒ කියන්නේ ෆ්‍රැන්චයිස් එකේ දෙවෙනි ෆිල්ම් එක. මේ ෆිල්ම් එකේ වෙන්නේ තවත් වෙන අයිලන්ඩ් එකක් බේස් කරගෙන. අයිලන්ඩ් එකේ නම Isla Sorna එහෙම නැත්නම් ඉස්ලා සෝර්නා. මේ අයිලන්ඩ් එකේ තමා In-Gen එක ඉස්සෙල්ලාම ඩයිනෝ ලා හදලා ටෙස්ට් කරලා තියෙන්නේ. මේකට කියලා තියෙන්නේ Site-B කියලා. මේකේ නිර්මාණය කරන ඩයිනෝ ලා තමා පස්සේ ඉස්ලා නූබ්ලාර් එකට අරගෙන ඇවිත් තියෙන්නේ. මේ අයිලන්ඩ් එකත් ස්වභාවික විපත් නිසා In-Gen එකට අතෑරලා දාන්න වෙනවා. ඒ නිසා ඒ අයිලන්ඩ් එකේ හිටපු ඩයිනෝ ලා නිදහසේ ජීවත් වෙන්න අරගෙන දූපත ඩයිනෝ හැබිටන්ට් එකක් වෙලා තියෙනවා.
![]() |
Isla Sorna (Site-B) |
මේ වෙනකොට In-Gen එකේ හැමන්ඩ් වෙනුවෙන් පාලන කටයුතු කරේ හැමන්ඩ් ගේ බෑණා කෙනෙක් වෙන Peter Ludlow විසින්.
![]() |
Peter Ludlow |
ඉස්ලා සෝර්නා වලට ගිහින් ඒකේ නිදහසේ වෙසෙන ඩයිනෝ ලා ගැන ඩොකියුමන්ට්‍රියක් කරලා එන්න කියලා යෝජනාවක් හැමන්ඩ් ජුරාසික් පාර්ක් සර්වයිවර් කෙනෙක් වෙන ඉයන් මැල්කම් ට යෝජනා කරනවා. මැල්කම් මේකට කැමති වෙන්නේ එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් Sarah Harding ඒ වෙනකොටත් අයිලන්ඩ් එකට ගිහින් ඉන්න නිසයි.
![]() |
Sarah Harding |
මේ විදිහට ඉයන් මැල්කම් ඇතුළු ටීම් එකක් අයිලන්ඩ් එකට ගිහින් ඉන්නකොට එයාලා දකිනවා Peter Ludlow ඇතුළු පිරිසක් ඩයිනෝ ලා හන්ට් කරන්න ඇවිත් ඉන්නවා කියලා. එයාලා ට්‍රයි කරන්නේ මේ අයිලන්ඩ් එකේ ඩයිනෝ ලා කීප දෙනෙක් කලින් හැමන්ඩ් භාගෙට නිර්මාණයට කරලා තියපු සැන් ඩියේගෝ වල ජුරාසික් පාර්ක් එකට අරන් ගිහින් පබ්ලික් එකට ප්‍රදර්ශනය කරන්න. ඉයන් මැල්කම් ලා කොච්චර එපා කිව්වත් පීටර් එයා අල්ලගත්තු ඩයිනෝ ලා ටික මේන් ලෑන්ඩ් එකට ගේනව. ටී රෙක්ස් තාත්තයි පුතයි එක්ක!! ටී රෙක්ස් ගෙනාපු නැව අතරමඟදී ටී රෙක්ස් කැරලි ගහලා අල්ලගන්නවා. මෙහෙම අල්ලගත්තේ කොහොමද සහ නැවේ ඔක්කොම මැරුණේ කොහොමද කියන එකනම් පැහැදිලි නැහැ. සමහර අය කියන්නේ නැවේ වෙලෝසිරැපිටරයනුත් අරන් ආවා කියලා. ඒක කන්ෆර්ම් කරලා කියන්නනම් බෑ. සමහර විට ටෙරනොඩොන් ලා වෙන්නත් පුළුවන්. ඒ කොහොමවුණත් නැව සැන් ඩියේගෝ වලට ආවට පස්සේ ටී රෙක්ස් නැවෙන් පැනලා යනවා. ඊට පස්සේ සැන් ඩියේගෝ වල ලොකු කලබලයක් ඇති කරලා අන්තිමේ කොහොමහරි මැල්කම් සහ සාරා ට පුළුවන් වෙනවා ටී රෙක්ස් ව ආයේ ආපු නැවටම කන්ටේන් කරන්න. පැටියත් එක්කම. ඊට පස්සේ නැවයි අනික් ඩයිනෝ ලා ටිකයි ආයේ ඉස්ලා සෝර්නා වෙතට අරන් යනවා.
![]() |
Jurassic Park San Diego |
5. මේ සැන් ඩියේගෝ සිදුවීමෙන් එහෙමන් නැත්නම් සැන් ඩියේගෝ ඉන්සිඩන්ට් එකෙන් පස්සේ තමා පබ්ලික් මිනිස්සු දැනගන්නේ In-Gen ලා ඩයිනෝ ලා බ්‍රීඩ් කරලා තියෙනවා කියන එක සහ දැන් ලෝකේ ඩයිනෝ ලා ජීවත් වෙනවා කියලා. ඊට පස්සේ කෝස්ටා රිකා ගවර්මන්ට් එකෙන් ඉස්ලා සෝර්නා අයිලන්ඩ් එක Natural Preserve එහෙම නැත්නම් ස්වභාවික රක්ෂිතයක් ලෙස නම් කරලා කිසිම කෙනෙක්ට ඇතුළු වෙන්න තහනම් කරනවා.
![]() |
Costa Rica, Isla Nublar and Isla Sorna |
ඊට පස්සේ ඇමෙරිකන් ගවර්මන්ට් එක විසින් පනතක් අරන් එනවා මේ ඩයිනෝ ලා ආරක්ෂා කරන්න, කිසිම කෙනෙක් ඩයිනෝ ලා ඉන්න තැන් වලට යන එක තහනම් කරන්න සහ අළුතින් ඩයිනෝ ලා නිර්මාණය කරන්න බැරිවෙන්න. මේ පනතට කියන්නේ Ethical Negligence within Paleo-Genetic Resurrection (ENPGR) Bill කියලා. ඒ වගේම මේකට Gene Guard Act කියලත් කියනවා.
6. ඊට පස්සේ Simon Masrani විසින් In-Gen එක මිලදී ගන්නවා. ඒ 1998 දී. Jurassic Park III ෆිල්ම් එකේ සිදුවීම් වෙන්නේ In-Gen එක මස්රානි විසින් මිලදී ගත්තට පස්සේ. මේ ෆිල්ම් එකේ සිදුවීම් වෙන්නේ දෙවෙනි ෆිල්ම් එකෙනුත් තවත් අවුරුදු හතරකට පස්සේ. ඒ කියන්නේ 2001 දී. මේ ෆිල්ම් එකේ වෙන්නේ තමන් ගේ නැතිවුණ පුතාව හොයන්න ඉස්ලා සෝර්නා වලට යන කපල් (divorced වුණ) එකක් සහ තව පොඩි ටීම් එකක් මුහුණ දෙන සිදුවීම් ගැනයි. මේ ටීම් එක ගයිඩ් කරන්නේ පළවෙනි ෆිල්ම් එකේ සර්වයිවර් කෙනෙක් වෙන Dr. Alan Grant. ස්පයිනෝසෝරස් සහ වෙලෝසිරැප්ටර් කරදර වලින් බේරිලා කොහොමහරි කට්ටිය(ක)ට අයිලන්ඩ් එකෙන් බේරිලා යන්න පුළුවන් වෙනවා. ඒ වගේම එතකොට තමා ඒ අයට වගේම අපිටත් දැනගන්න පුළුවන් වෙන්නේ Isla Sorna වල ඉල්ලීගල් විදිහට අළුත් ඩයිනෝ ලා බ්‍රීඩ් කරලා ඉන්නවා කියලා. (මේක ගැන විස්තර අපි වෙනම කතා කරනවා) මේ අළුත් ඩයිනෝ ලා ගැන විස්තර මස්රානි විසින් බ්‍රයිබ් කරලා එහෙම නැත්නම් පගා දීලා යටගහලා තියෙනවා. තව අවුරුද්දකට පස්සේ සයිමන් මස්රානි විසින් Jurassic World තිම් පාර්ක් එක Isla Nublar වල හදන්න පටන් අරගෙන තියෙනවා.
![]() |
T Rex vs Spinosaurus |
7. Jurassic World ෆිල්ම් එකේ සිදුවීම් වෙන්නේ 2015 දී. මේ Jurassic World පාර්ක් එක පවත්වාගෙන යනකොට මස්රානි සෑහෙන සැලකිල්ලක් දක්වලා තියෙනවා පාර්ක් එකේ සිකියුරිටි සිස්ටම් එක ගැන. ඒ වගේම මස්රානි සෑහෙන සල්ලි ප්‍රමාණයක් වියදම් කරලා තියෙනවා අර ඩයිනෝ ලා බ්‍රීඩ් කරන එක සම්බන්ධ පනත තමන්ට වාසි වෙන විදිහට වෙනස් කරන්න. ඊට පස්සේ මස්රානි ට පුළුවන් වෙනවා කිසිම ලිමිට් එකක් නැතුව ඕනම ඩයිනෝ කෙනෙක් නිර්මාණය කිරීමේ හැකියාව ලබාගන්න.
![]() |
Simon Masrani |
මේ ජුරාසික් වර්ල්ඩ් පාර්ක් එක ඕපන් කරලා තියෙන්නේ 2005. ෆිල්ම් එකේදී ජුරාසික් වර්ල්ඩ් එකේ ඔපරේෂන් මැනේජර් විදිහට ඉන්න Claire Dearing (Bryce Dallas Howard). 2004 තමා Isla Nublar එකේ අළුතින් හදන පාර්ක් එකේ වැඩකටයුතු වලට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ intern කෙනෙක් විදිහට.
![]() |
Claire Dearing |
මේ පාර්ක් එකට ඉස්ලා නූබ්ලාර් එකේ ඉතුරු වෙලා හිටපු ඩයිනෝ ලට අමතරව, Isla Sorna වලිනුත් ඩයිනෝ ලා ගෙනල්ලා තියෙනවා. (ඒ ගැන වෙනම අපි කතා කරනවා ඉස්සරහට)
8. මේ ෆිල්ම් එකේ සිදුවීම් වලට හේතු වෙන්නේ In-Gen වල චීෆ් ජෙනටික් සයන්ටිස්ට් වෙන Dr. Henry Wu විසින් අළුතින් හයිබ්‍රිඩ් ඩයිනෝ ලා නිර්මාණය කරන්න ගත්තට පස්සේ.
![]() |
Henry Wu |
මේ විදිහට හදන පළවෙනි ඩයිනෝ (ෆිල්ම් එකට අනුව) තමා Indominus Rex (I Rex) කියන්නේ.
![]() |
Indominus Rex |
ඉස්ලා නූබ්ලාර් වල රැප්ටර් හර්ඩ් එකක් ට්‍රේන් කරන Owen Grady (Chris Pratt) වෝර්න් කරනවා මේ විදිහේ ඩයිනෝ කෙනෙක් හදන එක භයානකයි කියලා. මොකද මෙහෙම හයිබ්‍රීඩ් විදිහට හදන සත්තුන්ට ලෝකේ එකෝසිස්ටම් එකේ කිසිම ප්ලේස් එකක් කවදාවත් තිබිලත් නැහැ. ඇත්තෙත් නැහැ. ලෝකේ සත්තු ජීවත් වෙන්නේ අහාර දාම වලට අනුව.
![]() |
Food Web (ආහාර දාමයක්) |
![]() |
Owen Grady |
ඒත් ප්‍රොෆිට්ස් ගැන හිතන නිසා හරි ඇක්ෂන් එකක් මස්රානි ගන්නේ නැහැ. ඒ නිසා මස්රානි සහ විශාල පිරිසකට මැරෙන්න වෙනවා ඉන්ඩෝමිනස් සහ තවත් ඩයිනෝ ලගේ ඇටෑක්ස් වලින්. ඕවන් එයාගේ රැප්ටර් ටීම් එක ලව්වා ඉන්ඩෝමිනස් ව හන්ට් කරන්න ට්‍රයි කරනවා. ඒත් ඉන්ඩෝමිනස් ට රැප්ටර් පාර්ට් එකකුත් තියෙන නිසා ඉස්සෙල්ලාම රැප්ටර්ස් ලා ඉන්ඩෝමිනස් එයාලගේ ඇල්ෆා විදිහට සලකනවා. පස්සේ ආයේ ඕවන් ට රැප්ටර් ටීම් එකේ "විශ්වාසය" දිනාගන්න පුළුවන් වෙනවා. (අමතර දැනුමට: අළුත්ම රීසර්ච් වලට අනුව වුල්ෆ් පැක් එකක ඇල්ෆා වෙන්නේ පැක් එකේ පරිණතම කෙනා නෙවේ. පැක් එකේ වැඩිම විශ්වාසයක් හිමිවෙන වුල්ෆ් ට තමා ඇල්ෆා පොසිෂන් එක හම්බෙන්නේ) ඊට පස්සේ ඕවන්, රැප්ටර්ස්, ටී රෙක්ස් වර්සස් ඉන්ඩෝමිනස් ෆයිට් එකක් ගිහින් අන්තිමේ මොසොසෝරස් ගේ ෆිනිෂින් එකකට අහුවෙලා ඉන්ඩෝමිනස් මැරෙනවා.
![]() |
Final Battle |
9. ඒ වගේම Jurassic World: Fallen Kingdom ෆිල්ම් එක ගැන කතා කරන්න කලින් නෙට්ෆ්ලික්ස් එකට ආපු Camp Cretaceous CGI Animated සීරීස් එක ගැනත් කතා කරන්න ඕනේ. මේකේ ඇනිමේෂන් කටයුතු කරන්න Dreamworks Animation ස්ටූඩීයෝ එක තමා මූලික වෙලා තියෙන්නේ. මේ සීරීස් එක පටන් ගන්නේ ජුරාසික් වර්ල්ඩ් ෆිල්ම් එකේ සිදුවීම් එක්කමයි. මේක 100% ජුරාසික් පාර්ක් ෆ්‍රැන්චයිස් එකට කැනොන් කියලා කියන්න බැහැ. ගොඩක් දුරට ජුරාසික් වර්ල්ඩ් ෆිල්ම්ස් වල ඉවෙන්ට්ස් බේස්ඩ් කරගෙන හදපු සීරීස් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ සීරීස් එකේ ඉන්නේ ජුරාසික් වර්ල්ඩ් එකේ අළුතින් ඕපන් කරන්න තියෙන ලෙෂර් කෑම්ප් එකකට එන ටීනේජ් ළමයි හයදෙනෙක් මුහුණදෙන සිදුවීම් ගැනයි. මේ සීරීස් එකේ සීසන් හතරක් දැන් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඉස්සරහට පස් වෙනි සීසන් එකත් එන්න තියෙනවා. මේක සෑහෙන හොඳ සීරීස් එකක්. ඩොමිනියන් බලන්න මේක ඉසෙන්ෂියල් නැහැ. ඒත් අනිවාර්යෙන් බලන්න. සෑහෙන ලස්සනයි කතාව.
![]() |
Camp Cretaceous |
10. ජුරාසික් වර්ල්ඩ් සිදුවීම් වලින් ටික කාලෙකට පස්සේ සීක්රට් මර්සිනරි ටීම් එකක් අර මැරුණු ඉන්ඩෝමිනස් ගේ DNA ගන්න එනවා. එයාලට DNA ගන්න පුළුවන් වුණත්, ඒ අවස්තාවේ ඇතිවන කලබල එක්ක මොසොසෝරස් නිදහස් සාගරයට පැනගන්නවා.
ඊට පස්සේ තව කාලයක් ගතවුණාට පස්සේ හැමෝම දැනගන්නවා Isla Nublar වල තියෙන වොල්කැනෝ එකක් වෙන Mount Sibo ඇක්ටිව් වෙලා කියලා. මේ නිසා Isla Nublar වල ඉන්න ඩයිනෝ ලාට ලොකු අනතුරකට මුහුණ දෙන්න වෙනවා.
![]() |
Mount Sibo |
2018 දී US සෙනෙට් සභාව නඩු විභාගයක් (hearing) කරනවා Isla Nublar වල ඉන්න ඩයිනෝ ලා බේරගන්න ඕනෙද නැද්ද කියලා තීරණය කරන්න. මේ හියරින් එක යනකොට ක්ලෙයාර් ඩියරින් සංවිධානයක් පටන් ගන්නවා Isla Nublar වල ඉන්න ඩයිනෝ ලා බේරගන්න. මේ සංවිධානයේ නම Dinosaur Protection Group (DPG). (මේ සංවිධානයේ වෙබ්සයිට් එකක් ඇත්තට තියෙනවා. ඔයාලා ගිහින් සර්ච් කරලා බලන්න.) කොහොමහරි සෙනෙට් සභාව තීරණය කරනවා Isla Nublar වල ඩයිනෝ ලව බේරනොගන්න.
11. ඊට පස්සේ ක්ලෙයාර් ජෝන් හැමන්ඩ් ගේ former පාර්ට්නර් කෙනෙක් වුණ Benjamin Lockwood විසින් අයිලන්ඩ් එකේ ඉන්නා ඩයිනෝ ලා වෙන අයිලන්ඩ් එකකට ගෙනහින් දාන්න ප්ලෑන් කරන අයිඩියා එකට සපෝර්ට් කරන්න ඕවන් එක්ක ආයේ Isla Nublar වලට යනවා.
![]() |
Benjamin Lockwood |
මේ ප්ලෑන් එක හැන්ඩ්ල් කරන්නේ ලොක්වූඩ් ගේ බිස්නස් මැනේජ් කරන Elis Mills විසින්.
![]() |
Elis Mills |
කොහොමහරි ක්ලෙයර් සහ ඕවන් ඇතුළු ක්ලෙයාර් ගේ ටීම් එකට රවට්ටලා ඩයිනෝ ලා ටික මේන්ලෑන්ඩ් එකට ගෙනියන්න තමා ඩයිනෝ ලා මිල්ස් විසින් ඩයිනෝ ලා අල්ලගන්න එවපු ටීම් එක කටයුතු කරන්නේ. මිල්ස් ගේ අරමුණ වෙලා තියෙන්නේ මේ අල්ලගන්න ඩයිනෝ ලා බ්ලැක් මාකට් එකේ විකුණන්න. ක්ලෙයාර් සහ ඕවන් ව ඕන වෙලා තියෙන්නේ එයාලගේ ස්පෙෂල් ප්‍රොජෙක්ට් එකකට අවශ්‍යය වෙලොසිරැප්ටර් DNA ගන්න ඕවන් ට විතරක් ටිකක් හීලෑ බ්ලූ ව අල්ලගන්න.
![]() |
Blue |
කොහොමහරි ක්ලෙයාර් ඇතුළු ටීම් එකට පුළුවන් වෙනවා මේ කට්ටියට නොදැනී එයාලා යන ශිප් එකේම මේන්ලෑන්ඩ් එකට යන්න. ඒ වගේම ඉස්ලා නූබ්ලාර් වල හිටපු අනික් ඩයිනෝ ලා ගිනි කන්දේ පිපිරීමට අහුවෙලා මැරෙනවා. හැබැයි සමහරවිට ඩයිනෝ ලා කිහිපදෙනෙක් තාම අයිලන්ඩ් එකේ ඉතුරුවෙලා ඉන්න පුළුවන්. මොකද මේ ගිනිකඳු පිපිරීමෙන් මුළු අයිලන්ඩ් එකම විනාශ වෙලා නැහැ.
![]() |
Mount Sibo වොල්කැනෝ ඉරප්ෂන් එකෙන් පසුව ඉස්ලා නූබ්ලාර් වල දර්ශනයක් |
කොහොමහරි මිල්ස් ගේ මේ වැඩේ ගැන දැනගත්තම ලොක්වූඩ් කියනවා වහාම ඒක නවත්තන්න කියලා. ඒත් මිල්ස් ස්වභාවික මරණයක් විදිහට පේන්න ලොක්වුඩ් ව මරණවා.
12. ඒ වගේම අපිට මේ ෆිල්ම් එකේ අළුතින් Indoraptor කියලා තව හයිබ්‍රිඩ් ඩයිනෝ කෙනෙක් ඉන්ට්‍රොඩියුස් කරනවා. මේ Indoraptor ව හදන්න තමයි අර කලින් කිව්ව ඉන්ඩෝමිනස් රෙක්ස් ගේ DNA ගන්න ගිහිල්ලා තියෙන්නේ සහ බ්ලූ ගේ DNA ඕනේ වෙලා තියෙන්නේ. මොකද ඉන්ඩොරැප්ටර් කියන්නේ ඉන්ඩෝමිනස් රෙක්ස් සහ වෙලෝසිරැප්ටර් හයිබ්‍රීඩ් එකක්.
![]() |
Indoraptor |
ඒ වගේම මේ ෆිල්ම් එකේදි ලොක්වූඩ් ගේ මිණිබිරිය වෙන මේසි ලොක්වූඩ් ගැන ශොකින් විස්තරයක් අපිට දැනගන්න පුළුවන් වෙනවා. ඒ තමා මේ මේසි ව එයාගේ අම්මා ඒ කියන්නේ ලොක්වූඩ් ගේ දුවගේ ගේ DNA යූස් කරලා හදපු ක්ලෝන් එකක් කියන එක. ලොක්වුඩ් ගේ දුව නැතිවුණාට පස්සේ ඇතිවුණ කම්පාව නැතිකරගන්න තමයි මෙහෙම කරලා තියෙන්නේ. හැමන්ඩ් ලොක්වූඩ් එක්ක තරහා වෙන්නත් හේතුව ඒකයි. මොකද ලොක්වූඩ් කරපු දේ සෑහෙන භයානක දෙයක් නිසා.
![]() |
Maisie Lockwood |
13. ඕවන් සහ ක්ලෙයාර් ට කොහොමහරි බ්ලූ ගේ උදව් එක්ක මේ Indoraptor ව පරද්දන්න පුළුවන් වෙනවා. ෆිල්ම් එක ඉවරවෙන්නේ විකුණන්න ගෙනාපු ඩයිනෝ ලා ෆ්‍රී වර්ල්ඩ් එකට නිදහස් වෙලා. ඒ වගේම තව සෙට් එකක් ඒ වෙනකොටත් සල්ලි වලට අරන් ගිහින්. එතකොට ලෝකේ පුරා ඉන්න ජෙනටික්ස් කම්පැනි වලට DNA ගන්න ඩයිනෝ ලා කිසිම ආරක්ෂාවක් නැතුව ඉන්නවා. සරලව කිව්වොත් ඕන කෙනෙක් ට ඩයිනෝ කෙනෙක් හදන්න රිසෝර්සස් තියෙනවා. ෆිල්ම් එකේ අන්තිමේදී ඉයන් මැල්කම් කරන ස්පීච් එකක් පෙන්නනවා. ඒ කියන්නේ දැන් අළුත් යුගයක් ලෝකේ ඇතිවෙලා තියෙන එක සහ ඉස්සරහට මිනිස්සුන්ට ඩයිනෝ ලා එක්ක co-exist වෙන්න (සහජීවනයෙන් ජීවත් වෙන්න) සිදුවෙනවා කියලා.
14. ඒ වගේම ෆෝලන් කින්ග්ඩම් එකේ සිදුවීම් වලින් අවුරුද්දකට පස්සේ සිදුවීමක් ඇසුරින් හදපු ශෝර්ට් ෆිල්ම් එකක් Jurassic World යූ ටියුබ් චැනල් එකෙන් රිලීස් කරලා තියෙනවා. ෆිල්ම් එකේ නම Battle at Big Rock.
මේකේ වෙන්නේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ප්‍රදේශයක කෑම්පින් වලට ආපු ෆැමිල් එකක් රෑ වෙලාවක ඩයිනො ලගෙන් බාධාවකට ලක් වෙලා අන්තිමේ ඇලොසෝරස් ඇටෑක් එකකට ලක් වෙන එක ගැනයි. කොහොමහරි ඇලොසෝරස් අන්තිමේ පහුබැහැලා යනවා. මේක ටිකක් වැදගත්. මොකද මේ ශෝර්ට් ෆිල්ම් එකෙන් කියන්නේ ඩයිනෝ ලා ඉන්න එක මිනිස්සු ගේ එදිනෙදා ජීවිත වලට සෑහෙන බලපෑමක් එල්ල වෙලා තියෙනවා කියන එක. ඊට පස්සේ වෙන දේවල් ගැන අපිට බලාගන්න වෙන්නේ ඩොමීනියන් එකෙන් තමයි.
![]() |
Battle at Big Rock |
ඩයිනෝසරයෙක් හදන්නේ කොහොමද?
ඕක තමා Jurassic Park ෆ්‍රැන්චයිස් එක බලන කෙනෙක් ට තියෙන ලොකුම ප්රශ්නය. ජුරාසික් පාර්ක් ෆිල්ම් එකේදී මේ ඩයිනෝ කෙනෙක් හදන එකේ ප්‍රොසීඩියර් එක ගැන කෙටි දැනුවත් කිරීමක් කරනවා. හැබැයි ඊට වඩා ඩීටේල්ස් දීලා පැහැදිලි කරනවා ජුරාසික් පාර්ක් නවල් එකේ. ඒක බේස් කරගෙන තමයි අපි දැන් ඩයිනෝ කෙනෙක් හදන එක ගැන A-Z පැහැදිලි කරන්න යන්නේ.
In-Gen එකෙන් ඩයිනෝ ලා හදන්නේ DNA තාක්ෂණය යූස් කරලා. Dr. Henry Wu කියන ජාන විද්‍යාඥයා (geneticist) තමයි මේ DNA තාක්ෂණය යූස් කරලා ඩයිනෝ ලා හදන ප්‍රොජෙක්ට් එකේ ප්‍රධානියා. අපි ඉස්සෙල්ලාම කතාකරන්න ඕනේ දේ තමා කොහොමද ඩයිනෝ DNA ලබාගන්නේ කියන එක. ඩයිනොසෝර් DNA ලබාගන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි "Loy antibody extraction technique" කියන එක. මේකෙන් කරන්නේ ඩයිනෝ අස්ථි විශේෂ ක්‍රමයක් මඟින් අඹරලා ප්‍රෝටීන් ලබාගෙන ඒවා ඇසුරින් DNA yield එකක් එහෙම නැත්නම් ඵලදාවක් ලබාගන්න එක. මේක In-Gen එක යූස් කරන්නේ බැක්අප් ප්ලෑන් එකක් විදිහට විතරයි. මොකද ඒ ක්‍රමයෙන් ගන්න යීල්ඩ් එක ප්‍රමාණවත් නැහැ සම්පූර්ණ DNA දාමයක් නිර්මාණය කරන්න.
![]() |
ෆොසිල ගත වුණ ඩයිනොසෝරයෙක් |
ඊට වඩා හොඳ ක්‍රමයක් තමයි "Fossilized Amber" ක්‍රමය කියන්නේ. පොසිල බවට පත්වූ prehistoric එහෙම නැත්නම් පුරාතන යුගයේ ශාක වල ඉටි සාරය ඇසුරින් කරන ප්‍රොසෙස් එකකින් තමයි මේ ක්‍රමය වෙන්නේ. අර ෆිල්ම් එකේ තියෙන්නේ මදුරුවෙක් ඇතුළේ ඉන්න කහ පාට ගල්. අන්න ඒවට තමා ඇම්බර් කියන්නේ.
![]() |
Fossilized Amber |
ඩයිනෝ ලා හිටපු කාලේ මදුරුවෝ සහ ඒ වගේ කෘමීන් ඩයිනෝ ලගේ ඇඟවල් වලින් ලේ උරා බීලා ගස් වලට ඇවිත් ඉන්නකොට ගස් දිගේ බේරෙන ඉටි සාරයට මේ සමහට කෘමීන් අහුවෙලා ඒ ඇතුළේ හිරවෙනවා. ඊට පස්සේ කාලයත් එක්ක අවුරුදු මිලියන ගණන් යනකොට මේ ඇම්බර් පොසිල බවට පත්වෙනවා. හරියට නිකන් මැස්සෙක් වතුර කෝප්පෙකට වැටිලා ගිලිලා මැරුණ ට පස්සේ ඒ වතුර කෝප්පේ ෆ්‍රිජ් එකට දාලා ෆ්‍රීස් කරා වගේ. කොහොමහරි මේ ඇම්බර් පොසිල ගත වුණාම ඒ ඇම්බර් ඇතුළේ ඉන්න කෘමියා ට කිසිම හානියක් වෙන්නේ නැතුව අවුරුදු මිලියන ගාණක් ඉන්න පුළුවන් අර උරාබීපු ඩයිනෝ රුධිරයත් එක්ක. හරියට නිකන් අවුරුදු ගාණක් ෆ්‍රීස් වෙලා හිටපු කැපා වගේ. In-Gen එකේ කට්ටිය කරේ මේ විදිහේ පොසිල වුණ ඇම්බර් හොයාගෙන ඒවා ඇතුළේ ඉන්න කෘමීන් ගෙන් අර ඩයිනෝ ලේ වෙන් කරලා ගන්න එක. ඒ ලේ වලින් තමයි DNA ලබාගන්නේ. මේ විදිහට ගන්න DNA ඩයිනෝ DNA කියලා කන්ෆර්ම් කරගන්න විවිධ පරීක්ෂණ කරන්න වෙලා තියෙනවා.
![]() |
Extracting blood from insects trapped in fossilized Amber (ඇම්බර් වල ඉන්න කෘමීන්ගෙන් |
ඊට පස්සේ තමා ඩයිනෝ DNA දාමයක් හදන්න පටන් ගන්නේ. DNA දාම එහෙම නැත්නම් DNA Strands එකතු වෙලා තමයි අපේ ශරීරය ගොඩනැඟිලා තියෙන්නේ. මේ DNA වලින් තමා අපිට අපේම අයිඩන්ටිටි එකක් දෙන්නේ. අපිට වලිගයක් තියෙනවද, අපිට නහයක් තියෙනවද, අපේ හමේ ගොරෝසු කම වගේ හැමදෙයක් ම තීරණය කරන්නේ මේ DNA වලින්. DNA දාමයක බේස් ලේයර් එක හැදිලා තියෙන්නේ කොටස් වර්ග හතරකින්. ඒ තමයි ඇඩිනීන්, තයිමීන්, ගුවැනීන් සහ සයිටොසීන්. මේ බේසස් පෙයාර් වෙලා එහෙම නැත්නම් සම්බන්ධ වෙලා තමා DNA දාම හැදෙන්නේ.
![]() |
DNA දාමයක කොටසක් |
ඩයිනෝ DNA දාමයකට මේ සාධකයම තමයි අදාළ වෙන්නේ. හැබැයි ඇම්බර් වලින් ගත්තු DNA වලින් කම්ප්ලීට් DNA දාමයක් ලබාගන්න බැහැ. මොකද ඒක දූෂිත එහෙම නැත්නම් අසම්පූර්ණ වෙලා තියෙන්නේ. ඒක විසඳන්න In-Gen ලා හදනවා විශේෂ සුපර් කම්පියුටර් එකක්. මේකෙන් කරන්නේ මේ දූෂිත එහෙම නැත්නම් කම්ප්ලීට් නැති DNA දාමය රීඩ් කරලා අසම්පූර්ණ DNA කොටස් හොයාගෙන ඒවා රිප්ලේස් කරන්න පුළුවන් වර්තමාන ලෝකයේ තියෙන එන්සයිම නිර්දේශ කරන එක. ඉස්සෙල්ලාම කරන්නේ DNA දාමය රීඩ් කරන එකනේ. ඒක ලේසි වැඩක් නෙවේ. DNA දාමයක් කියන්නේ වචන බිලියන ගාණක් තියෙන පොතක් වගේ. අපිට අපේ ජීවිත කාලය පුරා කියෙව්වත් ඒ වගේ පොතක් කියවලා ඉවර කරන්න බැහැ. ඒකට තමා අර සුපර් කම්පියුටර් එක තියෙන්නේ. ඒකින් ඉතා පොඩිකාලයක් තුළ මේ DNA දාමයක් කියවලා ඉවරකරන්න පුළුවන්. ඒ වගේම ලෝකේ ජීවින් එකිනෙකාගේ DNA දාම වල සෑහෙන සමානකම් තියෙනවා. එතකොට මේ සුපර් කම්පියුටර් එකට ඒ සමානව තියෙන කොටස් අතෑරලා වෙනස් කොටස් වෙනමම ඇනලයිස් කරන්න පුළුවන්. ඒකින් මේ වැඩේ තවත් ස්පීඩ් වෙනවා,
![]() |
A reading frame of a DNA Strand |
මේ සුපර්කම්පියුටර් එක මඟින් කරන්නේ DNA දාමය කියවන එක විතරක් නෙවේ. කලින් කිව්වා වගේ මේ ඩයිනෝ DNA දාම අසම්පූර්ණයි. ඉතින් මේ කම්පියුටර් එකෙන් DNA දාමයේ අසම්පූර්ණ කොටස් ඩිටෙක්ට් කරලා ඒවා රිප්ලේස් කරන්න පුළුවන් ලෝකේ තියෙන ආදේශකත් නිර්දේශ කරනවා. එහෙම නිර්දේශ කරන ආදේශක වලට කියන්නේ එන්සයිම කියලා. එන්සයිම වලින් කරන්නේ අසම්පූර්ණ ජීව අණු සම්පූර්ණ කරන එක. මේක තේරුම් ගන්න පහළින් තියෙන සටහන බලන්න.
101 ||||||||||||||||||||||||||||||||||
151 ||||||||||||||||||||||||||||||||||
Enzyme 01
251 |||||||||||||||||||||||||||||||||||
301 |||||||||||||||||||||||||||||||||||
Enzyme 02
401 |||||||||||||||||||||||||||||||||||
451 |||||||||||||||||||||||||||||||||||
Enzyme 03
551 |||||||||||||||||||||||||||||||||||
601 |||||||||||||||||||||||||||||||||||
Enzyme 01
701 ||||||||||||||||||||||||||||||||||
751 ||||||||||||||||||||||||||||||||||
උඩ තියෙන සටහනේ තියෙන්නේ DNA දාමයක බේසස් වල කොටසක්. DNA දාමය කියන පොත කියවන්න පටන් අරන හම්බෙන 101 වන වචනේ ඉඳන් 751 වන වචනය වෙනකන් තමා ඔය තියෙන්නේ. වචන පණහෙන් පණහ වෙන් කරලා තියෙන්නේ තේරුම් ගන්න ලේසි වෙන්න. 101 ඉඳන් 200 වෙනකන් එක දිගට යනවා. හැබැයි ආයේ පටන් ගන්නේ 251 න්. ඒ කියන්නේ DNA දාමයේ 201 ඉඳන් 250 වෙනකන් කොටස් නැහැ. අපි එතන දාලා තියෙනවා Enzyme 01 කියලා. අන්න ඒක තමයි කම්පියුටර් එකෙන් නිර්දේශ කරන්නේ. ඒ එන්සයිම වලින් තමා DNA දාමය කම්ප්ලීට් කරන්නේ. මේ සියළු දේ කරන්න සුපර් කම්පියුටර් එකට යන්නේ තත්පර කිහිපයක් විතරයි.
මෙන්න මෙහෙම හදන DNA දාමය ක්ලෝන් කරලා තමයි ඩයිනෝ ලා හදන්නේ. ඉස්සෙල්ලාම මේ DNA එකෙන් embryo එහෙම නැත්නම් කළලයක් හදනවා. මේ කළලය විශේෂ කෘතිම බිත්තරයක් ඇතුළේ තැන්පත් කරනවා. එතකොට මේ බිත්තරය ඇතුළේ කළලය වර්ධනය වෙනකොට ඒ විශේෂ බිත්තරය සහ පිටතින් කළලය සාර්ථකව වර්ධනය වෙන විදිහට මේන්ටේන් කරනවා. ඒ වගේම කළලයේ වෙනස් කරන්න ඕනේ දේවල් තියෙනවනම් ඒ වැඩ කරන්නෙත් මේ අවස්ථාවේ දී තමයි. ඒකට තමයි ඩිසයිනින් වැඩ කියලා කියන්නේ.
මෙහෙම කරන ඩිසයිනින් වැඩ කිහිපයක් ම තියෙනවා. එකක් තමයි නිර්මාණය කරන හැම ඩයිනෝ කෙනෙක් ම ෆීමේල් කරන එක. ඒක කරන්නේ ඩයිනෝ ලා එයාලා විසින් ම ප්‍රජනනය කරන එක නවත්වන්න. ඒක කරන්නේ මෙහෙමයි. මන් කලින් කිව්වනේ බිත්තරය ඇතුළේ කළලය වර්ධනය වෙන කාලේ තමයි ඩයිනෝ ව ඩිසයින් කරන්නේ කියලා. ඒ කියන්නේ එන්නේ මොන ඩයිනො ද කියන එක නෙවේ ඈ. එක DNA වර්ගයකින් හදන්න පුළුවන් එක ඩයිනෝ කෙනෙක් විතරයි. එහෙම එන ඩයිනෝ කවුද කියලා හොයාගන්න DNA Mapping කියලා සිස්ටම් එකක් ඔස්සේ හොයාගන්න පුළුවන් එහෙම නැත්නම් ඉපදෙනකන් ඉන්න වෙනවා මොන ඩයිනො ද හැදුවේ කියලා හොයාගන්න.
![]() |
DNA Mapping |
DNA දාමය කවුරුහරි ඩයිනෝසෝරස් කෙනෙක් ගේ කියලා විතරයි කම්පියුටර් එකට කියන්න පුළුවන්. ඉතින් අර බිත්තර තුළ වර්ධනය වෙන කාලේදී කරන්නේ එන ඩයිනෝ ගේ එක එක ජීව විද්‍යාත්මක ලක්ෂණ පාලනය කරන එක. ඩයිනෝ ලා ඔක්කොම ෆීමේල් කරන එක එයාලා කරන්නේ කළලයේ ක්‍රොමොසෝම (Chromosomes) පාලනය කිරීමෙන්. ක්‍රොමොසෝම් එකක් කියන්නේ DNA දාම එකට වෙලිලා හැදුණ ස්ට්‍රක්චර් එකක්. හරියට නිකන් DNA දාමයක් කියන්නේ නූලක් නම් ක්‍රොමොසෝම් එකක් කියන්නේ ඒ නූල ඔතලා තියෙන නූල් පන්දුවට. ඒ නූල්පන්දු තමා අපිට ජීව සෛලයක් තුළ බලාගන්න පුළුවන් වෙන්නේ.
![]() |
Structure of a Chromosome |
සෑම පෘෂ්ඨවංශිකයෙක් (පිටකොන්දක් තියෙන සත්ත්වයන්) ගේ කළල පළමුව තියෙන්නේ ෆීමේල් විදිහට. ඒ කියන්නේ අපි හැමෝම ඉස්සෙල්ලාම ජීවිතය පටන් ගන්නේ ගෑනු ළමයි විදිහට. අම්මගේ බඩේ වෙන ප්‍රොසෙස් එක යටතේ ඉස්සරහට තමයි අපි මේල් නම් මේල් වෙන්නේ. මේක නිසා තමයි බයෝඉන්ජිනියරින් වල ෆීමේල් අය නිර්මාණය කරන්න ලේසි. කළල වර්ධනයේ හරියටම නියමිත කාලයේදී කළලයට පිටතින් ලබාදෙන හෝර්මෝනයකින් තමා කළලය මේල් වෙන්නේ. හරියටම ටයිමින් එකට මේ හෝර්මෝන් එක ලැබුණොත් සතා පිරිමි වෙනවා. එහෙම ලැබුණේ නැත්නම් ෆීමේල් විදිහට ඉන්නවා. (අමතර දැනුමට: පිනට ලැබුණු හෝර්මෝන් එකක් ලොකු කරගෙන තමන් ගේ ජාතකේ වත් ජාතකේ අයවත් දෙවැනියට දාන්න එපා) ඉතින් In-Gen එකේ සයන්ටිස්ට්ස් ලා කරන්නේ මේ හෝර්මෝන් එක කළලයට ලබා නොදෙන එක. ඒ නිසා තමා ජුරාසික් පාර්ක් එකේ සියළුම ඩයිනෝ ලා ෆීමේල් වෙන්නේ. (එහෙම වෙලත් ඩයිනෝ ලා බ්‍රීඩ් කරපු විදිහ ගැන ඉස්සරහට කතා කරනවා)
ඒ වගේම මේ ඩිසයිනින් වැඩවලදී කරන තවත් එක් ප්‍රධාන දෙයක් තමයි ලයිසීන් පරායත්නයක් (lysine dependant) මේ ඩයිනෝ ලගේ හදන එක. මේ ලයිසීන් කියන්නේ ශරීරය තුළ නිපදවෙන එන්සයිමයක් (ප්‍රෝටීන් අණු වල කොටසක්). ඩයිනෝ ලව ඩිසයින් කරනකොට මේ එන්සයිමය ශරීරය ඇතුළේ නිපදවෙන්න නැතිවිදිහට තමයි ඩිසයින් කරන්නේ. එතකොට අනිවාර්යෙන් මේ ඩයිනෝ ලට පිටතින් මේ ලයිසීන් දෙන්න වෙනවා. නැත්නම් පැය 12 ක් ඇතුළත කෝමා තත්වයට පත්වෙලා මියයනවා. මෙහෙම කරලා තියෙන්නේ ඩයිනෝ ලා දූපතෙන් පිටවෙලා ගිහින් සර්වයිව් වෙන්න බැරිවෙන්න. හැබැයි මේකත් සාර්ථක වෙන්නේ නැහැ කියලා දන්නවා ඇති. ඒවා ගැන තමයි අපි දැන් ඉස්සරහට කතා කරන්නේ.
![]() |
Genetics Lab (Jurassic Park) |
ඇයි ජුරාසික් පාර්ක් සහ වර්ල්ඩ් එක අසාර්ථක වුණේ?
ජුරාසික් පාර්ක් සහ වර්ල්ඩ් දෙකම අසාර්ථක වුණේ එක හේතුවක් නිසා. ඒක තමයි Chaos Theory කියන එක. ජුරාසික් පාර්ක් සම්පූර්ණ ෆ්‍රැන්චයිස් එකම යන්නේ මේ chaos theory කියන සංකල්පය ඔස්සේ. කේඕස් තියරි එකෙන් කියන්නේ සරලව අපිට ලෝකේ වෙන කිසිම දෙයක් ප්‍රෙඩික්ට් කරන්න බැහැ කියන එකයි. ඒ කියන්නේ ඉස්සරහට වෙන දේවල් ගැන කිසිම විදිහකින් තහවුරු කරලා කියන්න බෑ කියන එකයි. අපි ෆිසික්ස් ගණන් හදනකොට එක එක සමීකරණ දාලා ඇත්ත ලෝකේ අවස්ථා ප්‍රෙඩික්ට් කරනවා. නිකන් කොළඹ තැනක ඉඳන් මහනුවරට කිලෝමීටර් සීයක දුරක් පැයට කිලෝමීටර් පනහක ප්‍රවේගයකින් ගියොත් පැය දෙකකින් ගමනාන්තයට යන්න පුළුවන් කියලා ගාණක් හදලා යටින් ඉරි දෙකක් ගහනවා. ඒත් ඇත්තටම ඒක ඇකියුරේට් දෙයක් ද? කොළඹ ඉඳන් නුවර ට තියෙන කිලෝමීටර් සීය ඇතුළේ ෆිසිකලි අපිට ගණනය කරන්න බැරි කොච්චර නම් දේවල් තියෙනවද? ඒවා අපේ ගමනට බාධා හෝ සහභාගී වෙන්නේ නැද්ද? උදාහරණයක් විදිහට ට්‍රැෆික්. එහෙම් නැත්නම් පාරේ පස් කන්දක් වැටිලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් වැස්සක් ඇවිල්ලා බාධා වෙන්න පුළුවන්. අඩුගාණේ අවුරුදු උත්සවයක් නැත්නම් දන්සැලක් වත් තියෙයි පාර මැද. ඒ දේවල් අපිට ගණන් කරන්න බැහැනේ. ඒ නිසා අපි කොළඹ ඉඳන් පටන් ගත්තු ගමන නුවරට එන්න යන වෙලාව හෝ එතකොට තියෙන කන්ඩිෂන් එක ගැන අපිට කිසිම දෙයක් ප්‍රෙඩික්ට් කරන්න බැහැ. ජුරාසික් පාර්ක් එකේ මැල්කම් එලී ගේ අතට වතුර බිංදුවක් දාලා එක්ස්ප්ලේන් කරන්නෙත් ඒකම තමා. (මිනිහා ගණන් තියරීස් යූස් කරලා තමා කෙල්ලෝ ටෝල්ක් කරන්නෙත්) ඔයාගේ අතට වතුර බිංදුවක් දැම්මම ඒක ගමන් කරන දිශාවක් තියෙනවා. ඊට පස්සේ අත තියෙන විදිහ කිසිම විදිහකින් වෙනස් කරන්නේ නැතුව ඒ තැනටම ආයේ වතුර බිංදුවක් දාලා බලන්න. එතකොට ඒ වතුර බිංදුව පළවෙනි එක ගියපු දිශාවට වෙනස් විදිහකට තමා යන්නේ. ඒකට හේතු දාස් ගාණක් තියෙන්නෙ පුළුවන්. හමේ ස්වභාවය. රෝම කූප නැවිලා තියෙන විදිහ. වාතය. ඒ නිසා අපිට මේ වගේ ලෝකේ වෙන කිසිම දෙයක් ප්‍රෙඩික්ට් කරන්න බැහැ.
![]() |
Chaos Theory |
අපි කොච්චර බනිනවද හෙට වහින්නෑ කියලා නිව්ස් වලට කියලා පහුවදා හෙණ ගගහා වැස්සම. අප්‍රිකාවේ සමනළයෙක් අත්තටු ගහන එකෙන් නිව්යෝර්ක් වල කුණාටුවක් ඇතිවෙන්න බලපාන්න පුළුවන්. ඒවා ෆිසිකලි අපිට ගණන් හදලා කියන්න පුළුවන් දේවල් නෙවේ. Butterfly effect කියන්නෙත් ඕකටම තමයි.
![]() |
Chaos Theory AKA Butterfly Effect |
ජෝන් හැමන්ඩ් සහ මස්රානි එයාලගේ ඩයිනෝ තීම් පාර්ක් හදන්නේ එයාලට ඩයිනෝ ලා හරියට කන්ටේන් කරගෙන ඉන්න පුළුවන් කියලා හිතලා. ඒකට ලෝකේ හොඳම ටෙක්නොලොජීස් යූස් කරනවා. හැබැයි ඒක හරියන්නේ නැහැ. මොකද මේ කරන එකෙන් එයාලා කරන්නේ කවදාවත් ඩයිනෝ ලා පාර්ක් එකෙන් පැනලා යන්නේ නෑ කියලා ප්‍රෙඩික්ට් කරන එක. ඒක මත්තෙම තමා එයාලා ඉන්නේ. හැබැයි කේඕස් තියරි අනුව අපිට කිසිම දෙයක් ප්‍රෙඩික්ට් කරන්න බැහැ. ඒ නිසා තමා තීම් පාර්ක් දෙකම අසාර්ථක වෙන්නේ. Zoo එකක් ගත්තත් ඕන තරම් අවස්ථා තියෙනවා සත්තු කූඩුවලින් පැනගත්තු. ලෝකේ වැඩියෙන්ම ආරක්ෂාව දෙන සිරකරුවෙක් වෙන එල් චාපෝ කීපාරක් හිරෙන් පැනලා තියෙනවද කියලා බලන්න.
Life finds a way කියන එකත් ජුරාසික් පාර්ක් ෆ්‍රැන්චයිස් එකේ මේජර් තීම් එකක්. ඒ කියන්නේ ජීවය තම පැවැත්මට විදිහක් හොයාගන්නවා කියන එක. ඩයිනෝ ලා බ්‍රීඩ් කරන්න පටන් ගත්තෙත් මේ තියරි එකම අනුව තමයි. මතක ඇති අපි කිව්වා ඩයිනෝ DNA දාමයක් හදනකොට හිස්තැන් පුරවන්න වර්තමාන ලෝකේ තියෙන ආදේශක එහෙම නැත්නම් එන්සයිම ඇඩ් කරනවා කියලා. මෙහෙම ඇඩ් කරන එක එන්සයිම් එකක් ගෙම්බන්ගේ ගන්න එකක්. ඔයාලා අහලා ඇති සමහර උභය ජීවීන් (ගෙම්බෝ වගේ) ට හැකියාවක් තියෙනවා සේම් සෙක්ස් සත්තු ම ඉන්න අවස්ථාවක තමන්ගේ ජෙන්ඩර් එක මාරු කරලා ෆීමේල් නම් මේල් වෙන්න නැත්නම් මේල් නම් ෆීමේල් වෙන්න. හරියට නිකන් අපේ ලෝකි වගේ. මේ සීන් එක තමා ඩයිනෝ ලටත් වෙන්නේ. ඩයිනෝ DNA දාමයට ඇතුළත් කරපු මේ Frog Gene එක නිසා ඩයිනෝලට හැකියාවක් එනවා සේම් සෙක්ස් එන්වයරන්මන්ට් එකක් ඇතුළත ජෙන්ඩර් එක මාරු කරලා බ්‍රීඩ් කරන්න. ලෝකි ලා දෙන්නෙක් විතරක් ලෝකෙක ඉඳලා එක්කෙනෙක් සිල්වි විදිහට මාරු වෙලා බ්‍රීඩ් කරනවා වගේ වැඩක් තමා. මෙහෙම බ්‍රීඩ් කරලා එන ඩයිනෝ ලා සමහරවිට මේල්, ෆීමේල් විදිහට වෙන් වෙන්න පුළුවන්. මොකද කෘතිම දෙයක් වෙන්නේ නැහැ එතන.
ඊට පස්සේ එනවා අර ලයිසීන් නැතුව ඩයිනෝ ලා ජීවත් වුණේ කොහොමද කියලා. මොකද ඉස්ලා සෝර්නා වල විතරක් නෙවේ ඉස්ලා නූබ්ලාර් වලත් ඩයිනෝ ලා වඳවෙලා හිටියේ නැහැ මස්රානි අළුත් තීම් පාර්ක් එක හදන්න ගන්නකොට. අපි කිව්වනේ ලයිසීන් පිටින් දෙන ඕනේ නැත්නම් ඩයිනෝ ලා මැරෙනවා කියලා. ජුරාසික් පාර්ක් ද ලොස්ට් වර්ල්ඩ් ෆිල්ම් එකේ සාරා හාඩින් ට මේ විදිහට ඩයිනෝ ලා ලයිසීන් ලබාගෙන සර්වයිව් වුණ විදිහ හොයාගන්න පුළුවන් වෙනවා. එයා කියන්නේ Herbivores ලා ඒ කියන්නේ ශාක භක්ෂක සතුන් ලයිසීන් අධික ආහාර හොයාගෙන කාලා තියෙනවා කියලා. සෝයා බීන්ස් වගේ. එහෙම ලයිසීන් රිච් ශාක වර්ග කාපු හර්බ්වෝර් ලා ව carnivore ඒ කියන්නෙ මාංශ භක්ෂක ඩයිනෝ ලා කනවා. එතකොට කානිවෝර් ලටත් ඒ ලයිසීන් හම්බවෙනවා.
හැමන්ඩ්, ඩයිනෝ ලා මේ ලෝකෙට ගෙනාවම එයා හිතුවේ තමන්ට ඕන විදිහට එයාලව කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙයි කියලා. එයාලා ඩයිනෝ ලව සැලකුවේ තවත් එක් සයන්ස් අයිටම් එකක් විදිහට විතරයි. හැබැයි ඩයිනෝ ලා කියන්නේ ලිවින් බ්‍රීදින් ලයිෆ් ෆෝර්ම්ස්. නිකන්ම සත්තු ටිකක් නෙවේ අවුරුදු මිලියන 65 කට කලින් මේ ලෝකෙන් වඳ වෙලා ගියපු සතුන් විශේෂයක්. එහෙම වඳවෙලා ගතවුණ අවුරුදු මිලියන 65 තුළ ලෝකේ එකෝසිස්ටම් එක සෑහෙන වෙනස් වෙලා තියෙනවා. සත්තු, ශාක සහ වායුගෝලය පවා වෙනස් වෙලා. ඒ වගේම ආහාර දාම පවා වෙනස් වෙලා තියෙන්නේ. මුවා තණකොළ කනවා සිංහයා මුවාව කනවා හැබැයි සිංහයාව කන්න එකෙක් නැහැ. හැබැයි ඒ අස්සේ ඩයිනෝ ලා ආවම මොකද වෙන්නේ? ඩයිනෝ ලා මේ වර්තමාන ලෝකේ එකෝසිස්ටම් එකේ කොටසක් නෙවේ. වෙනත් එකෝසිස්ටම් එකක කොටසක්. එකෝසිස්ටම් එක කියන්නේ නිකන් බිල්ඩිමක් වගේ දෙයක් නෙවේ. පරීක්ෂණ කරලා තියෙනවා පොඩි කුරුල්ලන්ගේ බිත්තර වලින් පැටව් එන්න ටික දවසකට කලින් බිත්තර ළඟ ඉඳන් උකුස්සෙක් වගේ කෑගහුවම බිත්තරය එහෙට මෙහෙට පෙරළෙනවා. ඒ කියන්නෙ ඇතුළේ ඉන්න පැටියා දුවන්න හදනවා තමන්ගේ විලෝපිකයගෙන් බේරෙන්න. ජාන වලින්ම අපි කනෙක්ට් වෙලා තියෙන්නෙ එකෝසිස්ටම් එකට. හැබැයි ඩයිනෝසරයන් තනිකර සොම්බීස් ලා ආවා වගේ තමයි මේ ලෝකෙට. දැන් එතකොට ලෝකේ එකෝසිස්ටම් දෙකක් තියෙනවා. විශේෂයෙන් ෆෝලන් කින්ග්ඩම් ඒකෙන් පස්සේ දූපත ඇතුළෙම තියාගන්න හදපු නිසා දූපතෙන් පැනලා ලෝකෙට ගිහින් ෆ්‍රී වර්ල්ඩ් එකට නිදහස් වුණාට පස්සේ දැන් එකෝසිස්ටම් දෙකක් එකම ලෝකෙක තියෙනවා. මිනිස්සු vs සොම්බීස් තත්ත්වයක් තමයි මේ ලෝකේ දැන් තියෙන්නේ. එතකොට කරන්න තියෙන විකල්ප තුනක් තියෙනවා.
- එකක් ඩයිනෝ එකෝසිස්ටම් එක මූලික වෙලා දැන් තියෙන එකෝසිස්ටම් එක නැතිවෙන්න ඕනේ
- එහෙම නැත්නම් දැන් තියෙන එකෝසිස්ටම් එක මූලික වෙලා ඩයිනෝ එකෝසිස්ටම් එක නැතිවෙන්න ඕන
- එහෙම නැත්නම් දෙකම co-exist ඒ කියන්නේ සහජීවනයෙන් පවතින්න ක්‍රමයක් හොයාගන්න ඕනේ
අර ශෝර්ට් මූවි එකක් තියෙනවා කිව්වනේ Battle at Big Rock කියලා. මේකෙන් ව්‍යංගයෙන් කියන්නේ ගලක් උඩ කරන බැට්ල් එකක් ගැන. ඒ බැට්ල් එකේදී එක්කෝ එක සයිඩ් එකක් අනික් සයිඩ් එක ගලෙන් පල්ලෙහාට දාන්න ඕනේ, නැත්නම් ඒක අනිත් පැත්තට වෙන්න ඕනේ, නැත්නම් දෙන්නම එකට ඉන්න විදිහක් හොයාගන්න ඕනේ. ඩොමිනියන් එකේ අන්තිමට අපිට ඒ තුනෙන් එකක් බලාගන්න පුළුවන් වේවි.
ඉස්ලා සෝර්නා (Isla Sorna) වලට මොකද වුණේ?
ඉස්ලා සෝර්නා කියන්නේ තීම් පාර්ක් එක තියෙන ඉස්ලා නූබ්ලාර් වලට එහායින් තියෙන තව දූපතක්. මේක ඉස්ලා නූබ්ලාර් වලට වඩා සෑහෙන ලොකුයි. මේකේ තමයි හැමන්ඩ් ලා ඉස්සෙල්ලාම ඩයිනෝ ලා බ්‍රීඩ් කරලා තියෙන්නේ. ඒ 1986 දි. Site-B කියලත් මේ අයිලන්ඩ් එක හඳුන්වනවා. මේකේ බ්‍රීඩ් කරපු ඩයිනෝ ලා තමා පස්සේ ඉස්ලා නූබ්ලාර් වලට ගෙනත් ඇවිත් තියෙන්නේ. ජුරාසික් පාර්ක් ෆිල්ම් එකේ සිදුවීම් යන අතරතුර ඉස්ලා සෝර්නා අයිලන්ඩ් එකට බලපාපු කුණාටුවක් (Hurricane Clarissa) හේතුවෙන් මේ අයිලන්ඩ් එක In-Gen ලට අතෑරලා දාන්න වෙනවා (abandoned). එතකොට ඒ අයිලන්ඩ් එකේ කේජ් කරලා හිටපු ඩයිනෝ ලා නිදහස් වෙලා තියෙනවා. ඊට පස්සේ ඩයිනෝ ලා එයාලගෙම එකෝසිස්ටම් එකක් මේ ඉස්ලා සෝර්නා වල ඇතිකරගෙන තියෙනවා. ජුරාසික් පාර්ක් 3 ෆිල්ම් එකේ සිදුවීම් වෙනකොට ඉස්ලා සෝර්නා වල අළුත් ප්‍රොජෙක්ට්ස් වගයක් මස්රානි විසින් ආරම්භ කරලා තියෙනවා. ඒ කියන්නේ අළුත් ඩයිනෝ ලා හදන එක. ස්පයිනෝසෝරස් කියන්නේ ඒ විදිහට හදපු එක ඩයිනෝ කෙනෙක් කියලා තමා කියන්නේ. ඒ කියන්නේ ඒ වෙනකොට මස්රානි, ඉස්ලා සෝර්නා වල ඩයිනෝ හදන ලැබ් සහ තව ෆැසිලිටීස් හදලා තියෙන්න ඇති. කලින් කිව්වා වගේ ඉස්ලා සෝර්නා සෑහෙන ලොකු අයිලන්ඩ් එකක් නිසා ඇලන් ග්‍රාන්ට් ට ඒ ෆැසිලිටීස් බලාගන්න බැරිවෙන්න ඇති. ඒ වගේම දැන් දැන් Dinosaur Protection Group කියන සංවිධානයේ සයිට් එකෙන් පබ්ලිෂ් කරලා තිබ්බ ලීක් වුණ ඊමේල් වලට අනුව මස්රානි යටතේ ඉස්ලා සෝර්නා වල යම්කිසි ප්‍රොජෙක්ට්ස් වගයක් වෙලා තියෙනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙනවා. මේ Dinosaur Protection Group කියන්නේ අර ක්ලෙයාර් ගේ මූව්මන්ට් එක. ඒකට සයිට් එකක් හදලා තියෙනවා. ඒ වගේම ෆෝලන් කින්ග්ඩම් ආපු කාලේ ක්ලෙයාර් ඩියරින් එයා ජුරාසික් වර්ල්ඩ් තීම් පාර්ක් එකේ කැරියර් එක ඔෆීෂියල් විදිහට පටන් ගන්න කලින් intern කෙනෙක් විදිහට පාර්ක් එක ඕපන් කරන්න අවුරුද්දකට කලින් පාර්ක් එකේ වැඩවලට සම්බන්ධ වෙලා කරපු දේවල් රිෆර් කරලා ලියපු පොතක් රිලීස් වෙලා තිබ්බා. ඒකේ නම The Evolution of Claire. මේ පොතේ තියෙනවා ඉස්ලා නූබ්ලාර් වල ඉතුරු වෙලා හිටපු ඩයිනෝ ලා සහ ඉස්ලා සෝර්නා වලින් ගෙනාපු ඩයිනෝ ලගෙන් තමා අළුත් පාර්ක් එක හදලා තියෙන්නේ කියලා. ජුරාසික් වර්ල්ඩ් එකේ ඉන්න ටී රෙක්ස් ජුරාසික් පාර්ක් පළවෙනි ෆිල්ම් එකේ හිටපු ටී රෙක්ස් මයි.
![]() |
The Evolution of Claire |
ඊට පස්සේ එන ප්‍රශ්නේ තමයි ඇයි එහෙනම් ෆෝලන් කින්ග්ඩම් එකේ ඒ ගැන කතා වුණේ නැත්තේ කියන එක. අර බේරගත්තු ඩයිනෝ ලා ඇයි සෝර්නා වලට ගෙනිච්චේ නැත්තේ කියන එක සහ ඇයි ඩයිනෝ එක්ස්ටින්ක්ට් වෙනවා කියලා කිව්වේ සෝර්නා වල ඇත්තට ඩයිනෝ ලා ඉන්නවනම්? දෙවෙනි එක ඉස්සෙල්ලාම පැහැදිලි කරන්නම්. ඉස්ලා සෝර්නා වල වෙන දේවල් highly classified. ඉස්ලා සෝර්නා වල වෙන්නේ මොනවද කියලා ක්ලෙයාර් වත් දැනන් හිටියේ නෑ. ෆෝලන් කින්ග්ඩම් වෙනකන් ඉස්ලා සෝර්නා ගැන ලෝකේ දැනගෙන හිටියේ ඒකේ ඩයිනෝ ලා ඔක්කොම මැරිලා ඉතුරුවුණ ඔක්කොම ටික ඉස්ලා නූබ්ලාර් වලට ගෙනාවා කියලා. හැබැයි මේ ළඟදී තමයි අර ලීක් වුණ ඊමේල්ස් හරහා දැනගත්තේ ඉස්ලා සෝර්නා වල සෑහෙන ලොකු රහසිගත දේවල් වෙලා තියෙනවා කියන එක. ඒ වුණ දේවල් වල කනෙක්ෂන් එකක් ගැන කිසිම කන්ෆර්ම්ඩ් අදහසක් දැනට නැහැ. හැබැයි ඩොමිනියන් එකෙන් අපිට ඒකට උත්තරයක් අනිවාර්යෙන් හම්බවේවි. සමහරවිට Shield එක Hydra වුණා වගේ In-Gen එක BioSyn වුණාද දන්නෑ. (Bio Syn ගැන ඉස්සරහට කතා කරනවා).
ඊළඟට එනවා ඇයි ෆෝලන් කින්ග්ඩම් එකේදි ඩයිනෝ ලා ඉස්ලා සෝර්නා වලට ගෙනිච්චේ නැත්තේ කියලා. ෆෝලන් කින්ග්ඩම් එකේ ඩයිනෝ රෙස්කියු මිෂන් එක කරන්නේ Lockwood. එයා හැමන්ඩ් ගේ කලින් හිටපු පාට්නර් කෙනෙක්. In-Gen එක හදන්න එයත් මූලික වුණාට දැන් එයාට In-Gen එකත් එක්ක දැන් කිසිම සම්බන්ධයක් නැහැ. ජුරාසික් පාර්ක් සිදුවීම වුණ කාලේ එයා ට්‍රයි කරනවා එයාගේ නැතිවුණ දුව ක්ලෝන් කරන්න. ඒක දැනගත්තට පස්සේ හැමන්ඩ් එයාව අයින් කරනවා. ඊට පස්සේ එයාට ඉස්ලා සෝර්නා ඇක්සස් කරන්න බැහැ. දැන් ඉස්ලා සෝර්නා අයිති මස්රානි ගේ කම්පැනියට. (In-Gen ම තමා) හැබැයි ජුරාසික් වර්ල්ඩ් එක අසාර්ථක වුණාට පස්සේ Dr. Henry Wu ලොක්වූඩ් ළඟට යනවා. මොකද එයාව In-Gen එකට ගත්තු කාලේ ලොක්වූඩ් සහ හැමන්ඩ් දෙන්නම In-Gen එකේ ඉඳලා තියෙනවා.
ඩොමීනියන් එකේ මොකද වෙන්නේ?
Jurassic World: Dominion කියන්නේ ජුරාසික් වර්ල්ඩ් තුන් වෙනි ෆිල්ම් එකට වඩා ජුරාසික් පාර්ක් හය වෙනි ෆිල්ම් එක කියලයි ෆිල්ම් එක ඩිරෙක්ට් කරන කොලින් ට්රෙවාරෝ කියලා තියෙන්නේ. ඒ කියන්නේ ස්පීල්බර්ග් 1993 පටන් ගත්තු "ජුරාසික් පාර්ක් ස්ටෝරියට" අවසානයක් ගේන ෆිල්ම් එක තමයි මේක. හරියට නිකන් MCU එකේ ඉන්ෆිනිටි සාගා එක එන්ඩ්ගේම් එකෙන් ඉවරවුණා වගේ. ගොඩක් අය හිතන්නේ ජුරාසික් පාර්ක් ෆ්‍රැන්චයිස් එක මේ ඩොමීනියන් එකෙන් ඉවර වෙලා ඩන් ඇන්ඩ් ඩස්ටඩ් වෙයි කියලා. හැබැයි එහෙම කන්ෆර්ම් කරලා කියන්න බැහැ ඒක. ජුරාසික් පාර්ක් ෆිල්ම් එකෙන් පටන් ගත්තු සිදුවීම් දාමයට අවසානයක් අනිවාර්යෙන් ඩොමීනියන් එකෙන් දෙයි. ඒත් මේ ෆික්ෂනල් වර්ල්ඩ් එක ඇතුළේ තව තව ස්ටෝරි හදලා ඉස්සරහට තව ප්‍රොජෙක්ට්ස් එන්න පුළුවන් වෙන්න වෙනම චැප්ටර් එකක් ඩොමීනියන් එක අවසානයේදි අපිට බලාගන්න පුළුවන් වේවි. මොකද ජුරාසික් වර්ල්ඩ් ට්රයිලොජියේ ප්‍රොඩියුසර් වෙන Frank Marshall කලින් කියලා තිබ්බා ඩොමීනියන් එකෙන් පස්සේ ෆ්‍රැන්චයිස් එක තව කන්ටිනියු වෙන්න පුළුවන් කියලා. ඩොමීනියන් එකේ සාර්ථකත්වයත් එක්ක ඒක තීරණය වේවි. ඒ වගේම මේ ළඟදී ඉන්ටර්වීව් එකක ට්රෙවාරෝ කියලා තියෙන්නෙ ෆ්‍රැන්චයිස් එකේ ඉස්සරහට එන ෆිල්ම්ස් වලින් එකක් ෆිල්ම් එකේ Claire Dearing ට ඇක්ට් කරන Bryce Dallas Howard ට ඩිරෙක්ට් කරන්න දෙනවනම් එයා කැමති කියලා. Bryce මීට කලින් The Mandalorian සහ The Book of Boba Fett සීරීස් දෙකේ එපිසෝඩ්ස් කිහිපයක් ඩිරෙක්ට් කරලා තියෙනවා. ඊට අමතරව ඩිරෙක්ටින් පැත්තෙන් ලොකු දෙයක් තාම බ්‍රයිස් කරලා නැතිවුණත් ස්ටාර් වෝර්ස් ෆෑන්ස් ලා දන්නව ඒ ඩිරෙක්ට් කරපු එපිසෝඩ්ස් කිහිපය කොච්චර සුපිරි ද කියලා. මගේ පර්සනල් ෆේවරිට් ෆීමේල් ඩිරෙක්ටර් තමා බ්‍රයිස්. සෑහෙන ලොකු අනාගතයක් තියෙයි බ්‍රයිස් ට. ස්පීල්බර්ග් සහ කැමරන් ගේ ෆීමේල් වර්ශන් එක වෙයි කියලා හිතෙන්නේ. ඉතින් කොහොමහරි ඒකෙනුත් අපිට හිතාගන්න පුළුවන් ඩොමීනියන් එකෙන් පස්සේ ෆ්‍රැන්චයිස් එක කන්ටිනියු වෙයි කියලා. ඒක තමා ඩොමීනියන් ගැන විස්තර හොයන අයට එන පළවෙනි ප්‍රශ්නේ.
![]() |
Colin Trevorrow |
ඩොමීනියන් එකේ ස්ටෝරිය මොකක්ද කියන එක තමා ඒ එක්කම එන අනික් ප්‍රශ්නේ. ඉස්සෙල්ලාම අපි කන්ෆර්ම් කරගන්න ඕන දේ තමයි ඩොමීනියන් එක වෙන ටයිම්ලයින් එක. ජුරාසික් පාර්ක් ෆ්‍රැන්චයිස් එකේ හැම ෆිල්ම් එකක් ම සිදු වෙන්නේ ඒ කියන්නේ take place වෙන්නේ රියල් වර්ල්ඩ් ටයිම් ලයින් එකට. ඒ කියන්නේ ජුරාසික් පාර්ක් ඉන්සිඩන්ට් එක වෙන්නේ 1993 වගේම ජුරාසික් වර්ල්ඩ් ඉන්සිඩන්ට් එක වෙන්නේ රිලීස් වුණ අවුරුද්දෙමයි. ඒ කියන්නේ 2015. ෆෝලන් කින්ග්ඩම් එක වෙන්නෙ 2018. ඩොමිනීයන් එක වෙන්නෙත් ඒ අනුව 2022 කියලා අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ ෆෝලන් කින්ග්ඩම් ඉන්සිඩන්ට් එකෙන් අවුරුදු හතරකට පස්සේ. ෆෝලන් කින්ග්ඩම් එක ඉවර වෙන්නේ ඉස්ලා නූබ්ලාර් වලින් ගෙනාපු ඩයිනෝ ලා ෆ්‍රී වර්ල්ඩ් එකට නිදහස් වෙලා කියන එක ඔයාලා හැමෝම දන්නවා ඇති. එතකොට ඩොමීනියන් එකේ තියෙන බැක්ග්‍රවුන්ඩ් එක තමා ලෝකේ පුරා පැතිරිලා ඉන්න ඩයිනෝ ලා එක්ක මිනිස්සු ඩීල් කරන එක.
ට්රෙවාරෝ කියලා තියෙනවා ඩොමීනියන් එක සාම්ප්‍රදායික ෆිල්ම්ස් වල ස්ට්‍රක්චර් එකට යන්නැතුව යුනික් විදිහට හදන ෆිල්ම් එකක් කියලා. එයා කියලා තියෙන්නේ ෆිල්ම් එක ස්ටෝරිලයින් දෙකක යන ස්ට්‍රක්චර් එකකින් හැදිලා තියෙනවා කියලා. එක ස්ටෝරිලයින් එකකින් ක්ලෙයාර් ඕවන් සහ මේසි ගේ ස්ටෝරියකුත් අනික් ස්ටෝරිලයින් එකෙන් ජුරාසික් පාර්ක් ෆිල්ම් එකේ හිටපු ඇලන් ග්‍රාන්ට්, ඉයන් මැල්කම් සහ එලී සැට්ලර් ගේ ස්ටෝරියත් පෙන්නනවා. එහෙම ස්ටෝරිලයින් දෙකක ගිහින් ෆිල්ම් එකේ එක පොයින්ට් එකක මේ ස්ටෝරිලයින් දෙක එකතු වෙනවා. එහෙම නැතුව අර ඕල්ඩ් කාස්ට් එක ඉන්නේ කැමියෝ එකකට නම් නෙවේ. මේජර් රෝල්ස් වලට ඉන්නේ. ෆිල්ම් එකේ ස්ටෝරිලයින් දෙකේ වෙන දේවල් ගෙස් කරල අපිට කියන්න පුළුවන්. හැබැයි මන් හිතන්නේ එහෙම කියන එක ලොකු තේරුමක් නැති වැඩක් කියලා. ස්ටෝරිය කියන්න ෆිල්ම් එකට භාර දෙමු. අපි ඔයාලට නිකන් බැක්ග්‍රවුන්ඩ් එක ගැන දැනුවත් කිරීමක් විතරක් කරන්නම්. ස්ටෝරිලයින් දෙක ගැන සරලවම කිව්වොත් ක්ලෙයාර් ගේ ස්ටෝරිලයින් එකේ ට්‍රේලර් එකේ අර බ්ලූ ගේ පැටියා (පැටියා ගේ නම Beta) හන්ටර්ස් ලා වගයක් අල්ලගත්තට පස්සේ ඒ Beta ව හොයන් යන එකක් තමා ගොඩක් වෙලාවට ඇත්තේ.
![]() |
Blue and Beta |
මේ ස්ටෝරිලයින් එකට Kayla Watts කියලා පයිලට් කෙනෙකුත් මේජර් රෝල් එකක් විදිහට එකතු වෙනවා.
![]() |
Claire, Owen and Maisie |
ඒ වගේම අපේ ඕල්ඩ් කාස්ට් එක ඇලන් ග්‍රාන්ට් ලා ගේ ස්ටෝරිලයින් එක ඇත්තේ ඩයිනෝ ලා ලෝකේ පැතිරෙන නිසා ඇතිවෙන්න පුළුවන් ecological disaster එක නවත්වන එක වෙන්න පුළුවන්.
![]() |
Malcolm, Grant, Ellie |
ඩොමීනියන් ට්‍රේලර්ස් දෙක බැලුවම ගොඩක් අයට එන ප්‍රශ්නයක් තමයි ලෝකේ කොහොමද මෙච්චර ගොඩක් ඩයිනෝ ලා පැතිරුණේ කියන එක. අපි කලින් නොදැකපු පයිරෝරැප්ටර්, ඇට්රොසිරැප්ටර්, ජිගනොටොසෝරස් වගේ සෑහෙන සෙට් එකක් හිටියා. සහ ඒ සමහර ඩයිනෝ ලට පිහාටු පවා තිබ්බා. මේ අය ෆෝලන් කින්ග්ඩම් එකේ පෙන්නුවේ නැහැනේ. එහෙම කොහොමද මේ ඩයිනෝ ලා ඇවිල්ලා තියෙන්නේ? මේ ජුරාසික් පාර්ක් ෆ්‍රැන්චයිස් එක බලන අය බහුතරයක් දැනුවත් වෙලා ඉන්නේ ඩයිනෝ ලා හදන එකම කම්පැනි එක In-Gen එක කියලා. එක අතකින් ඒක හරි. අපේ දැනුවත්කම අනුව ඒ කියන්නේ අපේ රේඩාර් එකට අනුව ඩයිනෝ ලා හදන්නේ In-Gen විතරයි. හැබැයි 1993 කාලේ ඉඳන් තව කම්පැනි කීපයක් ම මේ Gene War එකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ ජාන තාක්ෂණය ඇක්සස් කරන්න ට්‍රයි කරන එක. ඒ අනුව In-Gen ලගේ ප්‍රධාන රයිවල් කම්පැනි එක වෙන්නේ BioSyn එක.
මේ BioSyn එක ෆ්‍රැන්චයිස් එකේ ෆිල්ම්ස් එකකවත් කොහේවත් මෙන්ෂන් වෙලා නැහැ. හැබැයි ඔයාලට මතක ඇති ජුරාසික් පාර්ක් එක වැටෙන්න මුල් වුණ human error එක කරපු Dennis Nedry ට ඩයිනෝ embryos හොරකම් කරන්න සල්ලි දුන්න කෙනාව. අර මීම් එකකුත් තියෙන්නේ See? Nobody Cares කියලා. ඒකේ රතු පාට ටී ශර්ට් එක ඇඳන් ඉන්න කෙනා ගේ නම තමයි Lewis Dodgson. ෆිල්ම් එකේ හරි හැඳින්වීමක් දුන්නේ නැතිවුණාට මෙයා තමයි ඒ කාලේ BioSyn එකේ රීසර්ච් භාරව ඉන්න කෙනා. In-Gen එකේ Dr. Henry Wu වගේ.
![]() |
Dr. Lewis Dodgson |
කොහොමහරි මේ බයෝසින් එක සෑහෙන ලොකු රෝල් එකක් ඩොමීනියන් ෆිල්ම් එකේ කරනවා. ගොඩක්වෙලාවට ඒක antagonist රෝල් එකක් වේවි. ඒ කියන්නේ දුෂ්ට රෝල් එකක්. ඩොමීනියන් එකේ ඔෆීෂියල් ස්ටිල්ස් වලට මේ Lewis Dodgson ඇපියර් වෙලා තියෙනවා. ඒ අනුව ඩොමීනියන් එකේ ඩොජ්සන් ටත් කැපීපෙනෙන රෝල් එකක් ඇති. අර අපි කලින් කියපු DPG සයිට් එකෙන් ලීක් කරපු ඩොකියුමන්ට්ස් වලට අනුව මේ ඩොජ්සන් දැන් බයෝසින් එකේ CEO නු. මේ බයෝසින් එක In-Gen තරම් "හොඳ" කම්පැනි එකක් නෙවේ. මෙයාලා කරපු රීසර්ච් එකක් නිසා චිලී වල ගමක මිනිස්සු සෑහෙන ගාණක් මැරිලා තියෙනවා. ඒක ලීඩ් කරේ ඩොජ්සන්.
![]() |
BioSyn ලට අයිති ජීප් එකක් |
ඉතින් අපි මේකෙන් කියන්නේ හදන්නේ මේ වෙනකොට බයෝසින් එකත් ඩයිනෝ ලා හදන්න පුළුවන් ටෙක්නොලොජිය ඇක්සස් කරගෙන තියෙනවා කියන එක. සමහරවිට In-Gen ලට වඩා හොඳට එයාලට දැන් දේවල් කරන්න පුළුවන් වෙන්න පුළුවන්. කලින් ඩයිනෝ ලාට පිහාටු තිබ්බේ නැති එකට ලොජිකල් උත්තරය වුණේ අර කියපු එන්සයිම් DNA දාම වලට දාන නිසා කියලා. හැබැයි ඒකට ඇත්ත උත්තරය තමයි 1993 වෙනකොට ඩයිනො ලට පිහාටු (feathers) තිබ්බා කියලා පෲව් වෙලා තිබ්බේ නැහැ. 1996 තමා ලොකුවට ඒ ගැන කතාවෙන්න පටන් ගත්තේ. සහ ඒක පෲව් වුණේ 2014. ඉතින් ෆ්‍රැන්චයිස් එක බලන ගොඩක් අය මේ පිහාටු නැති කතාව තමයි අල්ලගන්නේ ෆ්‍රැන්චයිස් එකේ වීක්නස් වලට. 2014 පෲව් වුණ එකක් 1993 තියෙන්නෙත් බෑ ඒ වගේම 2014 පෲව් වුණ එකක් ඔන්ගොයින් ෆ්‍රැන්චයිස් එකක 2022 වෙනකොට ඇඩ් කරන්න පුළුවන් වුණ එකට වෙනම ක්‍රෙඩිට් එකක් දෙන්න ඕනේ. ඉතින් කොහොමහරි මේ විදිහට පිහාටු ඇවිල්ලා තියෙන එකට හේතුව විදිහට අර BioSyn ලා ටෙක්නොලොජිය In-Gen ලට වඩා දියුණු කරගෙන ඉන්නවා කියන එක වෙන්න පුළුවන්. ඒ වගේම මේ ඩයිනෝ ලා බයොසින් එකෙන් බ්‍රීඩ් කරනවාම කියලා කියන්නත් බැහැ. ෆෝලන් කින්ග්ඩම් එකෙන් පස්සේ ඩයිනෝ ලා සැලකිය යුතු ගාණක් නිදහස් වුණා. ඒ ඩයිනෝ ලට කම්ප්ලීට් DNA දාම තියෙනවා. ඉතින් බයෝසින් ඇර වෙන ජීන් ටෙක්නොලොජිය ඇක්සස් කරන කම්පැනි මේවා කරනවා වෙන්න පුළුවන්. කොහොමහරි මේ බයෝසින් ලා ඩයිනෝ ලා බ්‍රීඩ් කරන සහ ටෙස්ට් කරන ෆැසිලිටි එක අපිට ෆිල්ම් එකේ ට්‍රේලර් එකෙන් බලාගන්න පුළුවන් වුණා. පහළින් තියෙන්නේ ඒ ෆැසිලිටි එක.
![]() |
BioSyn Genetics Sancuatry |
ඒ වගේම තව කියන්න ඕන දෙයක් තියෙනවා. සමහර අය එක්ස්පෙක්ට් කරනවා ඇති ඩයිනෝ ලා ෆ්‍රී වර්ල්ඩ් එකට ආවට පස්සේ නිකන් ගොඩ්සිලා vs කොන්ග් සිටුවේෂන් එකක් ලෝකේ ඇතිවෙලා ඇති කියලා. ට්රෙවාරෝ කියලා තියෙනවා එහෙම දෙයක් ඇත්තෙම නැහැ කියලා. පැහැදිලිවම මිනිස්සු සහ ඩයිනෝ ලා අතර ගැටුමක් තියෙනවා. හැබැයි ඒක අර Zoo සීරීස් එකේ වගේ සත්තු ඕර්ගනයිස් වෙලා මිනිස්සුන්ට ඇටෑක් කරන දෙයක් නෙවේ මේකේ වෙන්නේ. ඇකියුරේට් ම උදාහරණය තමා අලි මිනිස් ගැටුම. මිනිස්සු කැළෑ එළි කර කර යනකොට අලියොයි මිනිස්සුයි ගැටෙනවා. ඒ වගේ ඩයිනෝ ලා ඒ ඒ සිටුවේශන් වලට අනුව එකොලොජිකල් ඩිෆරන්ස් එකට අනුව හැඩගැසෙන්න බැරි නිසා ගැටුම් ඇතිවෙනවා. අන්න ඒවගේ තත්වයක් තමා ඩොමීනියන් එකේ තියෙන්නේ.
ඩොමීනියන් එකේ ඇපියර් වෙන කැරැක්ටර්ස්
Claire ගේ ස්ටොරිලයින් එක
Claire Dearing
Owen Grady
Maisie Lockwood
Kayla Watts
Charlotte Loclwood (මේසි ගේ අම්මා)
Zia Rodriguez
Franklin Webb
Barry
Alan Grant ගේ ස්ටෝරිලයින් එක
Dr. Alan Grant
Dr. Ellie Sattler
Dr. Ian Malcolm
Dr. Lewis Dodgson
Ramsay Cole (BioSyn එකට වැඩකරන කෙනෙක්)
Dr. Henry Wu
ඩොමීනියන් එකේ අපිට බලාගන්න හම්බවෙන දැනට කන්ෆර්ම්ඩ් වුණ ඩයිනෝසෝරයන්
Herbivore - ශාක භක්ෂක (හර්බිවෝර්)
Carnivore - මාංශ භක්ෂක (කානිවෝර්)
Omnivore - සර්ව භක්ෂක (ඔම්නිවෝර්)
![]() |
Size Comparison of Dinosaurs in BioSyn Genetics Sanctuary |
Therizinosaurus (Herbivore) - තෙරිසිනොසෝරස්
Tyrannosaurus Rex (T Rex) (Carnivore) - ටයිරනොසෝරස් රෙක්ස් (Nick Name - Rexy)
Giganotosaurus (Carnivore) - ජිගානොටොසෝරස්
Atrociraptor (Carnivore) - ඇට්රොසිරැප්ටර්
Pyroraptor (Carnivore) - පයිරොරැප්ටර්
Velociraptor (Carnivore) - වෙලෝසිරැප්ටර්
Quetzalcoatlus (Carnivore) - ක්වෙට්සල්කෝලස් (විශාලම පියාඹන උරග වර්ගය හෝ ඩයිනෝ වර්ගය)
Parasaurolophus (Herbivore) - පැරාසෝරෝලොෆස්
Pteranodon (Carnivore) - ටෙරානොඩොන්
Carnotaurus (Carnivore) - කානොටෝරස්
Allosaurus (Carnivore) - ඇලොසෝරස්
Mosasaurus (Carnivore) - මෝසසෝරස්
Apatosaurus (Herbivore) - අපාටොසෝරස්
Nasutoceratops (Herbivore) - නසූටොසෙරටොප්ස්
Dilophosaurus (Carnivore) - ඩයිලොෆොසෝරස්
Moros Intrepidus (Carnivore) - මෝරොස් ඉන්ට්රෙපිඩස්
Iguanodon (Herbivore) - ඉගුවානොඩොන්
Gallimimus (Omnivore) - ගැලිමයිමස්
Oviraptor (Carnivore) - ඕවිරැප්ටර් (Nick Name - බිත්තර හොරා/egg thief)
Dreadnoughtus (Herbivore) - ඩ්රෙඩ්නෝටස්
Lystrosaurus (Herbivore) - ලිස්ට්රොසෝරස්
Compsognathus (Carnivore) - කොම්ප්සොග්නතස් (Nick Name - Compy/කොම්පි)
Baryonyx (Carnivore) - බැරියෝනික්ස්
Triceratops (Herbivore) - ට්රයිසෙරටොප්ස්
Stegosaurus (Herbivore) - ස්ටෙගොසෝරස්
Brachiosaurus (Herbivore) - බ්‍රැකියොසෝරස්
Dimetrodon (Carnivore) - ඩයිමෙට්රොඩොන්
Ankylosaurus (Herbivore) - ඇන්කයිලොසෝරස්
Stygimoloch (Herbivore) - ස්ටිගිමොලොක්
Dimorphodon (Carnivore) - ඩයිමොෆොඩොන්
Sinoceratops (Herbivore) - සයිනොසෙරටොප්ස්
Romoured Dinosaurs (තවම කන්ෆර්ම් වෙලා නැති ඒත් ඇපියර් විය හැකි ඩයිනෝසරයන්)
Yangchuanosaurus (Carnivore) - යැන්ග්චුවානොසෝරස්
Spinosaurus (Carnivore) - ස්පයිනොසෝරස්
Suchomimus (Carnivore) - සුකොමයිමස්
Dsungaripterus (Carnivore) - සන්ගරිප්ටරස්
Miragaia (Herbivore) - මිරගායා
Hold On To Your Butts!!!