හොලිවුඩයෙන් එහා සිනමාව | Best Non-English Movies To Watch


"මචං බලන්න ෆිල්ම් එකක් කියහන්කෝ" කියලා යාලුවෙක් කිව්වොත් ඔයා මොන වගේ ෆිල්ම් එකක්ද Recommend කරන්නෙ. අනිවා ඔතනින් 90% ක්ම Recommendation එක හොලිවුඩ් ෆිල්ම් එකක්. ඒ කිව්වෙ ඉංග්‍රීසි ෆිල්ම් එකක්. නිකමටවත් හිතිල නැද්ද ඇයි මේ හැමතිස්සෙම හොලිවුඩ් ෆිල්ම් විතරක් හොය හොයා බලන්නෙ කියලා ? ලංකාවෙ ෆෑන්බේස් එකේ මම දකින ලොකුම අඩුවක් ඕක. ලංකාවෙ ෆෑන්බේස් එකේ තියෙන ලොකුම අඩුවක් ඕක. බහුතරේ බලන්නෙ හොලිවුඩ් ෆිල්ම්, ඊටපස්සෙ සුලුතරයක් ඉන්නව බොලිවුඩ්, කොලිවුඩ් සහ ඉතා සුළු කොටසක් ඉන්නවා කොරියන් ෆිල්ම් බලන්න පුරුදුවෙච්ච. ඔතනින් එහා වෙන වෙන භාෂා වලින් ෆිල්ම් එකක් බලන්න කිව්වට මේ ආත්මෙට බලන්නෙ නෑ අපේ උන්. අනේ මන්දා ඇයි කියලා. දැක්කනෙ දෙමළ ෆිල්ම් එකක් බලන්න තියටර් එක්කට යන්න කිව්වම RWC කියන අකුරු තුන අපේ උන්ට වහ කඳුරු තිත්ත උන හැටි. අනේ මන්ද? බයින හේතුව ඇහුවම හේතුවක් නැත. අහන එකා ඊටපස්සේ පෑන්ටි කියල ලේබල් කරනවා. හැබැයි ඒ පෝස්ට් එකම අරගෙන වෙන පේජ් එක්ක දැම්මොත් අමෝ// ගාගෙන කමෙන්ට් වැටෙනවා.  ඒකට කියන්නෙ මෝඩකම කියලා. මේ පෝස්ට් එක දාන්නෙ ඒ වගේ ටොක්සික් මෝඩයින්ට නෙවේ. (එහෙම උන් දැනම කියවන එක නැවැත්තුවත් හොඳයි හැබැයි. තොප්පිය හරිනම් දාගන්න😂😂). හැමතිස්සෙම සිනමාවේ මොනවාහරි අලුත් දෙයක් ට්‍රයි කරන්න බැරි Cinephills ලට. සරලවම කිවොත් Pure Movie Fans ලට. ඒවගෙ අයට RWC අපි හැමඳාම අලුත් දෙයක් අරන් එන්න තමා උත්සාහ කරන්නෙ.

මේ ලිස්ට් එකේ විවිධ භාෂාවල චිත්‍රපට අන්තර්ගත වෙනවා. ඒ වගේම කියවද්දි මතක තියාගන්න මේ ලිස්ට් එක හැදුවේ හොඳම එකේ පිළිවෙලට නෙමේ ඈ. නිකන් අංක ටිකක් දාගෙන ගියා විතරයි. ඒ නිසා එකක්වත් මගනොහැර මේ ඔක්කොම බලන්න. මොකද ෆිල්ම් එකක් රසවිඳින්න ඒකෙ භාෂාව හෝ හදපු රට අදාලම නෑ.

 

 01. Mirage  


මේක ස්පැනිශ් ෆිල්ම් එකක්. මේකනම් මිස් කරගන්නම එපා. පට්ටම පට්ට කතාවක්. එන්ඩින් එකට එහෙම සෑහෙන දුක හිතෙනව.

Butterfly Effect එක ගැන දන්නවද ?

Butterfly Effect එක සරලව විස්තර කරොත් මේකෙන් කියන්නෙ එක පුංචි දේකින් වෙන වෙනස්වීමක් සෑහෙන ලෝක විනාසෙකට උනත් මගපාදන්න පුළුවන් කියන එක. ඒ කිව්වෙ ලෝකෙ එක කෙලවරක සමනළයෙක් තටු සලන එක ලෝකෙ අනිත් කෙළවරේ සුළි කුණාටුවක් ඇතිවෙන්න තරම් ලොකු හේතුවක් වෙන්න පුළුවනි. Flashpoint එක දන්නවනෙ. ඒක නොඳන්න කෙනෙක් නැතුව ඇති ෆැන්ඩම් එකෙන් පස්සෙ. ඒකෙදි බැරී එයාගෙ අම්මව මරණය නවත්වන එකෙන් ටයිම්ලයින් එකට වෙච්ච විනාසෙ දැක්කනෙ. ආං එතන තියෙන්නෙ Butterfly Effect එකක්.

මේකෙදිත් කතාකරන්නෙ ඔය තියරිය ගැන. ඔව් මේක ටයිම්ට්‍රැවල් ගැන කතාකරන ෆිල්ම් එකක්.

කතාව මෙහෙමයි. පවුලක් යනවා අලුත් ගෙදරක පදිංචිවෙන්න. මේකට ගියාට පස්සෙ මේ පවුලේ බිරිඳ ඒ කිව්වෙ Vera ට හම්බවෙනවා පරණ ටීවී එකක්. මේ ටීවි එක නිසා වෙන සිද්ධියකින් මෙයාගෙ මුළු ජීවිතේම කණපිට ගහනවා. කතාව ගැණ මම මුකුත් කියන්නෙ නෑ ස්පොයිල් වෙන නිසා. ස්පොයිල් කරගන්නනම් එපා. මොකද මේකෙ එක තැනක් තියෙනවා එතනට එද්දි බලාගෙන ඉන්න එකා ෆුල් හින්දුස්තාන් වෙන. මේකෙ Actor ලට රගපාන උන්නම් දෙන එක දෙනවා ඩෑම් වෙන්ඩම. ‘

Money Heist එකේ ප්‍රොෆෙසර් මතකද ? ඒ චරිතෙ කරන Alvaro Mortez එහෙමත් මේකෙ ඉන්නවා. ලිස්ට් එකේ මොක නොබැලුවත් මේක අනිවා බලන්න. හිකිස් ගෑවෙයි ඈ. සෑහෙන ෆීල් වෙන එන්ඩින් එකක් තියෙන්නෙ.

 

02. Stalingrad



මේක රුසියන් ෆිල්ම් එකක්. War Movies වලට එහෙම ආසනම් මේක බලන්න. හැබැයි මේක දෙපිළ බෙදිලා ගහමරාගන්න කතාවක් නෙවේ ඈ. එතනින් එහාට ගිහිල්ල යුද්ධයේ වෙනම පැත්තක් ගැන කතාකරන ෆිල්ම් එකක්. මම සෑහෙන ආසකරපු ෆිල්ම් එකක් මේක. මොඅක්ද මේකෙන් මිනිස්සු යුද්ධයෙන් කොච්චර බැට කනවද කියන එක ලස්සනට පෙන්නනවා.

කතාව මෙහෙමයි. ලෝක යුද්ධ කාලෙ කතාවක් මේකෙ යන්නේ. රුසියාවේ Stalingrad නගරය සතුරු හමුදාවෙන් බේරගන්න රුසියන් හමුදාවෙ කට්ටියක් යවනවා. හැබැයි මෙතනදි ගොඩ බැහැළ ඉතුරුවෙන්නෙ සෙබළු 5ක් වගේ සංඛ්‍යාවක් විතරයි. ඉතුරු උන් ඔක්කොම මැරෙනවා. මේ පණබේරගන්න 5 දෙනා බිල්ඩින් එකක් ඇතුලට ගිහින් හැංගෙනවා. මේ බිල්ඩිම තිය්නේ සතුරු මායිමට අඩි කීපයක් මෙපිටින්. එතන ඉදන් සහය හමුදා එනකම් අල්ලගෙන ඉන්න තමා මුන්ගෙ ප්ලෑන් එක. හැබැයි තව කොස්සක් තියෙනව. මේ 5 දෙනා එක්ක මෙතන සිවිල් කාන්තාවකුත් හිරවෙනවා.  එතනින් එහාට මොකද වෙන්නෙ කියල කතාව බලලම දැනගන්න.

මේක බලද්දි ජර්මන් කපිතාන් ගෙ චරිතෙ ගැන පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්න. මිනිහගෙ පැත්තෙන් මාර Depressing ස්ටෝරියක් අපිට කියනවා.

ආ තව එකක්. මේක NC-17 ෆිල්ම් එකක්. ඒ කිව්වෙ මේකෙ Nudity තියෙනවා. පොඩි කට්ටිය එක්ක බලල අපිටනම් කියන්න එපා ඔන්න.

 

03. The Platform


මේකත් ස්පැනිශ් ෆිල්ම් එකක්. මම දැකපු වෙනස්ම කන්සෙප්ට් එකක් තිබ්බ ෆිල්ම් එකක්.

කතාව ගැන සරලවම කිව්වොත් එක තැනක මිනිස්සු ටිකක් හිර කරලා තියෙනවා. මේ අය ඉන්නෙ එක එක Platforms වල. මෙයාලට කෑම දෙන විදිය තමා කතාවෙ ඉන්ටරෙස්ටින්ම කොටස. මේ හැමෝටම දෙන්නෙ එකම කෑම ගෝඩක්. ඒ කිව්වෙ 1 වෙනි තට්ටුවේ ඉන්න උන්ට ඉස්සෙල්ලාම කෑම දෙනවා. ඊටපස්සේ උන් කාලා ඉතුරුවෙන ටික තමා පහලට යවන්නෙ. මේ විදියට Platforms සිය ගානක් පහළට යනවා. හිතාගන්නකො එතකොට කෑම වලට කෝම මරාගැනිල්ලක් ඇද්ද කියලා. කෙටියෙන් කිව්වොත් උඩ තියෙන්නෙ අපි ඉන්න මනුස්ස ලෝකේ. යට තියෙන එක අපායටත් එහා ගියපු තැනක්.

මේක බලාගෙන යද්දි තේරෙයි මේ Platforms වල ඉන්න අයගෙය් අපේ සමාජෙයි කිසි වෙනසක් නෑනේ කියලා. අපිත් එහෙමනෙ. සල්ලි නිසා සාමාජීය වශයෙන් එක එක පන්ති වලට බෙදිලා ඉන්නෙ. ඔය කතාව හරි ලස්සනට කියන තැනක් තියෙනවා ෆිල්ම් එකේ.

උබ උඩ ඉන්න උන්ගේ කරුණාව යදින්න එපා. මොකද උන් ඉන්නෙ උබටත් වඩා උඩින්. උබ කෑවද නැද්ද කියන එක උන්ට අදාල නෑ. පහල ඉන්න උන්ට කරුනාව පෙන්නන්නත් එපා. මොකද උබ ඉන්නෙ උන්ට වඩා උඩින්.

ඔයවගේ දේවල් ඈහෙන තියෙනව මේකෙ. මේකත් NC-17 ෆිල්ම් එකක්.

 

04. Lamb


මේක ඇවිල්ල අයිස්ලන්ත ෆිල්ම් එකක්. ගිය අවුරුද්දෙ තමා ආවේ. ලිස්ට් එකේ අනිත් ඔක්කොම බලල මේක බලන්න. නැත්තම් මේක බලන එක එපාවෙනවා සත්තයි.

මේකෙ තියෙන්නෙ අයිස්ලන්තේ කඳුකර පැත්තක ඉන්න එළුවෝ ඇතිකරන ජෝඩුවක කතාවක්. එහමට කියල ප්ලොට් එකක් ඇත්තෙම නෑ. හැබැයි මේ කැටගරියට ආස අයට සෙට් වෙයි.

මේකෙ මුල් පැය බාගේ බලන්න ඕනෙ නෝමල් ෆිල්ම් එකක් බලන කෝණෙන් එතනින් එහා ටික ටික තනිකරම බලන්න තියෙන්නෙ මේ ජෝඩුවගෙ කෝණෙන්. නැත්තන් ඇත්තටම මේක මහ විකාරයක් වගේ පෙනෙයි. හැබැයි මේක හරියට බැළුවොත් තේරෙයි කරන්නෙ බොරුවක් කියලා දන්නව උනත් මේ ජෝඩුවට ඒ මවාගත්ත ෆැන්ටැසිය ඇතුලෙ කොච්චර ලස්සන ජීවිතයක් තියෙනවද කියලා. 

මේකෙ තියෙනව මාර ලස්සන විශුවල් ටිකක්. මම බලපු ලස්සනම විශුවල් තියෙන්නෙ මේකේ. ඇත්තටම Nomadland ඒකේ විශුවල් වලටත් වඩා මාර ලස්සනක් තිබ්බ මේකෙ විශුවල් වල. ආයෙ නෑ තනිකර චිත්‍රයක් දිහා බලන්න ඉන්නව වගේ ෆීලින් එකක් තියෙන්නෙ. ඇස් දෙක අහකට ගන්න හිතුනෙ නෑ මේක බලාගෙන ඉද්දි ඒ තරම් ලස්සනයි.

අනිත් එක මේකෙ දෙබස් යනව අඩුයි තනිකර නිෂ්ශබ්ධයි. ඒක නිසා සෑහෙන්න ෆීල් වෙනව අර කන්දක ජීවත් වෙද්දි තියෙන නිස්කලංක ගතිය. මාර සාමකාමී ජීවිතයක් ඒක.

මේකෙත් Nudity තියෙනවා ඈ.

 

05. Who Am I


මේකනම් හැමෝම වගේ බලයි. හැකර්ලගෙ කතාවක් යන්නේ. පට්ටම පට්ට ෆිලුමක්. මේක ජර්මන් කතාවක්.

ලාසරස් ගෲප් එක ගැන දන්නවනෙ. ලෝකෙ තියෙන හොඳම හැකර් ගෲප් වලින් එකක්. මේකෙත් තියෙනවා ඒ වගේ කල්ලියක්. ඒක ඇතුලට පැනගන්න කොල්ලො ටිකක් ගහන ගේමක් තමා මේකෙ තියෙන්නෙ. මුන් සෙට් එක හික් ගෑවෙන ගේම් දෙනවා අරක ඇතුලට රිංගන්ඩ.

මේක ඩිරෙක්ට් කරේ Dark සීරිස් එක ඩිරෙක්ට් කරපු Baron Van Odar. එතනින් එහා ආයෙ ඕනෙ නෑනෙ, මිනිහගෙ වැඩක් කියන්නෙ ඉතින් ආයෙ අහන්න දෙයක් නෑ. Dark එකේ හිටපු කට්ටියත් මේකෙ ඉන්නවා. හෙන චිල් එකේ බලන්න පුළුවන් කතාවක්.


06. The Silence (2010)


මේකත් Odar ගෙ ෆිලුමක්. තාව යන්නෙ මෙහෙමයි. එක්තරා ගමක ගෑණු ළමයෙක්ව දූෂණය කරල මරල දානවා. මේක කරපු කෙනා අල්ලගන්න පොලීසියට බැරි වෙනවා. ඊට කාලෙකට පස්සේ අර කලින් ගෑණු ළමයගෙ බොඩි එක හම්බුන තැනම තිබිලා තවත් ගෑණු ළමයෙක්ගෙ බයිසිකලයක් හම්බෙනවා. මේ ළමයත් ආගිය අතක් නෑ. මේ කේස් එක විසඳන හැටි තමා ෆිල්ම් එකේ තියෙන්නෙ.

අර ගෑනු ළමයව මැරුවේ කවුද ? එතකොට අනිත් ළමයා මැරිලද නැත්තම් පණපිටින්ද ? එතකොට මේ සිද්ධි දෙකම පිටිපස්සෙ ඉන්නෙ එකම කෙනාද ?

මේව දැනගන්නනම් ෆිල්ම් එක බලන්නම වෙනවා.


07. Wandering Earth


මේක චයිනීස් ෆිල්ම් එකක්. Sci-fi කැටගරියට ආස අය බලන්න.

දන්නවනෙ අපේ ලෝකෙ පැවැත්ම තීරණය වෙන්නෙ සූර්යයාගෙ පැවැත්ම මත. මේ ෆිල්ම් එකට අනුව මේ වෙද්දි  සූර්යයා ක්‍රමයෙන් විශාල වෙලා ඉදිරි අවුරුදු 300 ඇතුළත පුපුරා යන්න ආසන්නවයි තියෙන්නෙ. ඒක වෙනකොට අපිට වෙන සෙතේ කියන්න ඕනෙ නෑනෙ. ඒකෙන් බේරෙන්න තියෙන එකම විකල්පෙ තමා වෙනහ් ග්‍රහ මණ්ඩලයක තාරකාවක්, ඒ කිව්වෙ සූර්යයෙක් ගාවට යන එක. ඕක තමා Project Wandering Earth කියන්නෙ. පට්ටම පට්ටයි ෆිල්ම් එක

 

08. Downfall


මේකෙ තියෙන්නෙ හිට්ලර්ගෙ ජීවිතේ අන්තිම කාලෙ ගැන Biography එකක්. සෑහෙන්න එන්ජෝයි කරන්න පුළුවන් කතාවක්. ඒ වගේමයි සමහර දේවල් වලට දුක හිතෙන අම්බානට. කොච්චර ලොකු බලයක් තිබ්බත් හරියට ගේම ගැහුවේ නැත්තන් අන්තිමට අත්වෙන  ඉරණම මොකද්ද කියන එක ලස්සනට පෙන්නල තිබ්බ. ඒ වගේමයි නාසින්ට හිට්ලර් ගැන තිබ්බ පක්ෂපාති බව ලස්සනට පෙන්නල තිබ්බ. හිට්ලර්ගෙ තිබ්බ Ruthless ගතිය එම ගානට පෙන්නනවා.

 

09. 96


මේකනම් බලලත් ඇති. සෑහෙන ලස්සන කතාවක්. ආදරය කියන කන්සෙප්ට් එකට වෙනම අර්ථකථනයක් දීපු ෆිල්ම් එකක්. මේක ගැන ලියතෑකි වරුවක් විතර. බලල නැත්තම් බලන්න. ඔයා ආදරේ දකින්නෙ Love and Sex වලින් විතරයි නම් ඒ අදහස වෙනස් වෙයි මේක බැලුවම. මම දැකපු ලස්සනම ලව් ස්ටෝරි වලින් එකක්.

 

10. Ratsasan


අම්මෝ මේකනම් අනීවා බලන්ඩ ඈ. බලපු උන් දන්නවා මේකෙ රහ. ඉන්දියන් ෆිල්ම් කියන්නෙ මල් ග වටේට නටන බොලඳ ෆිල්ම් කියලා හිතාගෙන ඉන්නවනම් මේක බැලුවම ඒ ආකල්පේ පස්ස දොරෙන් එලියට යයි. ත්‍රිලර් නම් ත්‍රිලර්.

ගෑණු ළමයි මරණ සීරියල් කෙනෙක්ගේ කතාවක් යන්නෙ.

අන්තිමට සැපක් තියෙනවා. පිස්සු හැදෙනවා එක්කට. රාම් කුමාර් ගෙ ෆිල්ම් එකක් මේක.

 

11. Oopiri


මේකනම් මගේ ෆේවරිට්ම ෆිල්ම් ගොඩේ තියෙන එකක්. මම ඉන්දියන් ෆිල්ම් වලින් ආසම මේකට. සෑහෙන Life Lessons කියල දීපු ෆිල්ම් එකක්.

ඇත්තටම මේක බලලා ෆීල් වෙන්නෙ නෑ වැඩක් නෑ කියනවනම් ඒ යකාගෙ මොනාහරි අවුලක්. බලන්න නෙවේ විඳින්න, කියව්න්න තියෙන ෆිල්ම් එකක් මේක. ඒ ඇයි කියලා තේරෙන්න මේක බලන්නම වෙනවා. මේක බලපු කෙනෙක් ලිපිය කියවනවනම් අනිවා කමෙන්ට් එකක් දාන්න ෆිල්ම් එක ෆීල් උනේ කෝමද කියලා.

මිනිහෙක්ට කකුල් නැති උනා කියන්නෙ උගේ ජිවිතේම ඉවරයි කියල හිතන කවුරුහරි ඉන්නවනම් එයාට මේක පෙන්නන්න. ඇත්තටම මේකෙ එහෙම එක චරිතයක් ඉන්නවා පොර ජීවිතේ දිහා බලන හැටි හිතාගන්නවත් බෑ.

 

12. Minari



මේක ඔස්කා සම්මාන 6 කට නිර්දේශ වෙලා හොඳම සහය නිළියට හිමි ඈඩමි සමානයත් අරගත්ත කුපිරිම කොරියන් ෆිල්ම් එකක්. මිස් කරගන්නම හොඳ නැති මාරම ෆිල්ම් එකක්.

මිනිස්සු විදියට අපි මුළු ජීවිත කාලෙම කරන්නෙ දුවන එක. උදේම් රස්සාවට ගිහිල්ල එතන මැරිලා මැරිල 5ට වැඩ ඇරිල ගෙදර ඇවිල්ල කාල බුදියනවා. ඊටපස්සේ ආයෙම පහුවදා බෑග් එකත් අරගෙන් උදේ පාන්දරින්ම ගිහිල්ල ආයෙම කලින්දා කරපු දේම ආයෙ ආයෙ කරනවා. ඕකනෙ මිනිස්සු ජීවත් වෙනවා කියලා කරන්නෙ. අන්තිමට අත්කරගත්ත දේකුත් නැතිව නිකන්ම මැරිලා පොලවට පස්වෙලා යනව.

එතකොට ජීවිතේ කියන්නෙ ඒකටද ? කනවා බොනවා බුදියගන්නවා ඇරෙන්න වෙන දෙයක් මේ ජීවිතේ නැද්ද?

අන්න ඒක තමා  මේ ෆිල්ම් එකේ ඇමරිකන්-කොරියන් පවුලක් අරගෙන පෙන්නල තියෙන්නෙ. අනිවා බලන්න.

 

13. The Newspaper


මේක සිංහල ෆිල්ම් එකක්. දැන් මේක දැම්ම කියල හිත නරක් කරගන්න එපා ඈ. මෝඩපහේ ඩිරෙක්ටර්ලයි, අනුන්ගෙ ඒව කොපි ගහලා ගොඩයන්න ඉන්න නිෂ්පාදකවරු කියාගන්න සෙට් එක්කුයි හින්දා ලංකාවෙ ෆිල්ම් ගැන අපි ඉන්නෙ වැරදි අවබෝධෙකින්.

 මතක තියාගන්න මුළු ජීවිත කාලෙම කල්පනා කරත් තේරුම්ගන්න බැරි සමහර කාරණා ගැන කතාකරපු මාස්ටපීස් තියෙනව ලංකාවෙ. මේකත් ඒ වගේ එකක්. කීපාරක් බැලුවත් මොනවාහරි අලුතෙන් ඉගෙනගන්න පුළුවන් ෆිල්ම් එකක්.

මේක ඇවිල්ල සරත් කොතලාවල, කුමාර තිරිමාදුර එක්ක අවුරුදු 2 ක් තිස්සෙ සමාජය දිහා බලල ලියපු ස්ක්‍රිප්ට් එකක්. මේකෙ තියෙන දේවල් තේරුම්ගන්න එක පාරක් බලා විතරක් මදි. ඒ තරමට ගැඹුරු කන්සෙප්ට් තියෙන ෆිල්ම් එකක්.

ලංකාවෙ වෙන ඕනෙම දෙයක් දිහා මිනිස්සු බලන්නෙ තමන්ගෙ ගොඩ පුරවගන්න තියෙන අවස්ථාවක් විදිහට.

දැන් පාස්කු බෝම්බේ ගන්නකො. ඕක දිහා දේශපාලකයෝ බැලුවේ ආණ්ඩුව වට්ටන්න තියෙන චාන්ස් එකක් විදියට. ආණ්ඩුව දැක්කේ තමන්ගේ බලය නැතිවෙන්න ආපු තර්ජනයක් හැටියට. පොලිස්කාරයෙක් ඕක දිහා බලන්නේ තව තරුවක් නිළ ඇඳුමට එකතු කරගන්න අවස්තාවක් විදියට.

එතකොට නිව්ස් චැනල්, පත්තරකාරයෝ??

මිනිස්සුන්ගේ පැත්තෙන්ද ? අපෝ නෑ. තවත් චැනල් එක, පත්තරේ මාකට් කරගන්න පුළුවන් අවස්තාවක්. ඔන්න ඕවා ලස්සනට පෙන්නනවා මේකෙ.

 

14. President Superstar



රියැලිටි ශෝ බලනවනෙ. දැන් තියෙන ඒවගෙ ජයග්‍රාහකයා තෝරන්නෙ SMS එකකින්නෙ. ඒ වගේ SMS එකකින් රටේ ජනාධිපති තෝරන්න තිබ්බොත් කෝමද?

මේකෙ ප්ලොට් එක තමා ඕක. මේක කොමඩි ෆිල්ම් එකක්. හොඳට හිනා වෙන්න පුලුවන් ෆිල්ම් එකක්. ෆිල්ම් එක බලලා කල්පනා කරන්න ඇත්තටම හිනා උනේ කාටද කියල

මරු trio එකක් ඉන්නෙ ප්‍රධාන චරිත තුනට 😁

 

15. ගින්නෙන් උපන් සීතල


නම දැක්ක ගමන් ටිපර් වෙන්ඩ ඇති. මොකද ලංකාවෙ උන් පොලිටිකල් ෆිල්ම් එකක් බලන්නෙ පාට කණ්ණාඩි දාගෙන. නමට මේ රටේ තියෙන්නෙ නිදහස් ආකල්ප. හැබැයි බැරි වෙලාවත් දාගෙන ඉන්න තොප්පියට මොනාහරි කිව්වොත් කියපු එකාගෙ කණ්අඩිය ලෙප්ට්.

 පොඩි ඇත්තක් කියන්නද?

ලංකාවෙ ඉහළ තනතුරු, ඒ කිව්වෙ ආචාර්ය, මහාචාර්ය පට්ටම්වල ඉන්නෙ උගත්-මෝඩයෝ. දෙකට ගණින්නවත් බෑ කියල විහිළුකරන පාර්ලිමේන්තුවේ ඉන්නේ නූගත්-බුද්ධිමත්තු. ඔය නූගත්-බුද්ධිමත්තු ටික උගත්-මෝඩයො ටිකව උන්ගේ උවමනා ඉෂ්ටකරගන්න අල්ලෙ තියාගෙ නොටෝනවා. නිකන් ඉද්දි නූල් දාල නටෝනවා, අවුරුදු 5 කට සැරයක් මද්දල් ගගහා නටෝනවා. මෝඩයො ටික “නෑ, නෑ අපි නටන්නෙ නෑ. අපිව නටවන්න බෑ.” කිය කිය කස්තිරම් අල්ල අල්ල නටනවා. 

බොරුනම් ඡන්ද කාලෙක මැතිවරණ වේදිකාවක් බලන්ඩකෝ ඈ. නූගත් කියන එකාට ඡන්දේ දීපියව්, උට කතිරේ ගහපියව් කියලා දූවිලි කකා පාරේ කැන්වසින් යන්නෙ උගත් කියන සෙට් එක. අර යකා බයියෝ ටිකට විසිල් එකක් ගහන්න කටට එන මොනවා හරි බයිලයක් ඇදබාල තව අවුරුදු 5 කට සැප ගන්නවා. And Repeat

කැන්වසින් ගියපු උන්ට හුළං. උන් ඊලගට මිනිස්සුන්ගෙන් කුණුකතා අහගන්නවා. පරම්පරා ගානක් තිස්සෙ ඔලුවට කතිරෙන් තමා රට හඳන්න පුළුවන් කියල්ල ඩ්‍රිල් කරල තියෙන නිසා බයියෝ ටික ඡන්දේ දවසේ වෙනදටත් කලින් පාන්දර ඇහැරිලා, තියෙන හොඳම ඇඳුම ඇඳගෙන ලීසිං ගෙවන්න බැරුව ඇරියස් වෙන්න තියෙන වාහනේ ඡන්ද පොළට ගිහිල්ල එතන පැයගානක් කාලෙ කාල අහුවෙන එකෙක්ට කතිරේ ගහලා ගෙදර ගිහින් ලැජ්ජ නැතුව පහුවදා කිරිබතකුත් උයනවා. ඊට මාස කීපෙකටම පස්සෙ ආයෙම තමන්ම පත්කරපු එකාට බනින්න ගන්නවා. And Repeat

සරලව කිවොත් ස්ත්‍රී දූෂකයෙක් පිසිකලි කරන දේ මැති, ඇමතිවරු ටික පිසිකලි, මෙන්ටලි දෙකෙන්ම කරනවා. ඒ තරමට පාවිච්චිවෙලා ඉන්නෙ ඔය කතිරේ ගහන උදවිය.

ඕකත් ඔලුවේ තියාගෙන මේ ෆිල්ම් එක බලන්න. මං හිතන්නෙ සිංහල ෆිල්ම් එක්ක තිබ්බ පට්ටම Score එක තියෙන්නෙ මේකෙ, මුල විනාඩි 10 ඇතුළත ට්‍රැක් එකක් ප්ලේ වෙනවා ඒකම ඇති ඉතුරු පැය 2 අදින්න.  

මේකෙ එක දෙබසක් තියෙනවා. ඒ ලයින් දෙකෙන් මුළු ෆිල්ම් එකේම ප්ලොට් එක කියනව. නෝට් උන අය දාමු බලන්න කමෙන්ට් එකක්.


ලිස්ට් එක ඉවරයි ඒනම්. තව ඔයාල දන්න ෆිල්ම් තියෙනවනම් කමෙන්ට් කරන්න. මමත් බලපු ඔක්කොම නෙවේ ඔය. මේ ලිපිය කියවල සිනමාව කියන්නෙ මොකද්ද කියල තේරුම් ගන්න පුළුවන් රසික පිරිසක් බිහිවේවා කියල ප්‍රාර්ථනා කරනවා!!!


අනිවාර්‍යෙන් නැරඹිය යුතු පිස්සු කොර වෙන ඉන්දියන් මාස්ටර්පීස් 13ක්

https://www.reviewwhocares.com/2021/08/13.html


සිනමා රසිකයෙක් එහෙම නැත්නම් ෆිල්ම් පිස්සෙක් වෙන්නේ කොහොම ද සහ එහෙම වෙන්න බලන්න ඕනේ ෆිල්ම්ස් මොනව ද?

https://www.reviewwhocares.com/2021/10/guide-for-beginner-movie-lovers.html


චීන ෆැන්ටසි ලෝකය | Best Chinese Animated Films to Watch

https://www.reviewwhocares.com/2022/01/best-chinese-animated-films-to-watch.html

1 Comments

Post a Comment
Previous Post Next Post