The Prestige කියන්නෙ 2006 වර්ශයේදි ක්‍රිස්ටෝපර් නොලන්ගෙ අධ්‍යක්ශනය යටතේ නිර්මාණය උන අති විශිෂ්ට සයි-ෆයි චිත්‍රපටයක්. මේකට මූලික කරගෙන තියෙන්නෙ 1995 වසරේ ක්‍රිස්ටෝපර් ප්‍රීස්ට් (Christopher Priest) ලියපු The Prestige කියන පොත. ප්‍රදාන චරිත වලට රගපාන්නෙ Cristien Bale, Hugh Jackman, Scarlett Johanson, Micheal Caine කියන නලු නිලියෝ. නිකමට බැලුවොත් ඒම බැට්මෑන්, ඇල්ෆ්‍රඩ්, වුල්වරීන්, බ්ලැක් විඩෝ කට්ටිය ඔක්කොම ඉන්නවා මේකෙ. 😂 අර කියන්නෙ කොහෙන් ගියත් MCU එක්කෙනෙක් හරි ඉදලා තියෙනවා කියලා. ඒ වගේ තමා. හරි යමු රිවීව් එකට. ඒ වගේම මතක් කරන්න ඕනෙ ඔයා මේ ෆිල්ම් එක බලල නැත්තන් මේ ලිපිය ෆිල්ම් එක බලල ඇවිල්ලා කියවන්න කියලා. මොකද ඉස්සරහට ස්පොයිලර්ස් තියෙන නිසා.
ඕනම මැජික් එකක කොටස් තුනක් තියෙනවා,
1. The Pledge - මැජික් කාරයා ප්‍රේක්ශකයට සාමාන්‍ය දෙයක් පෙන්නනවා.
2. The Turn - මේ පෙන්නන සාමාන්‍ය දෙයින් මැජික් කාරයා අසාමාන්‍ය දෙයක් කරලා පෙන්නනවා. උදාහරණයක් විදියට ඒක අතුරුදන් කරනවා වගේ දෙයක්
3. The Prestige - අමාරුම කොටස. මේකෙදි අර අතුරුදන් කරපු දේ ආයෙ ගෙන්නලා පෙන්නනවා.
ඇන්ජියර් සහ බෝර්ඩන් කියන්නෙ මැජික් ශිල්පීන් දෙන්නෙක්. මේ දෙන්න මුලින් එකට තමයි වැඩ කලේ. දවසක් මැජික් සන්දර්ශනේකදි බෝර්ඩන් දාන ගැටේ ලිහාගන්න බැරි වෙලා ඇන්ජියර් ගෙ වයිෆ් වතුර ටැංකියෙ හිරවෙලා මැරෙනවා. ඒක අත්වැරදීමක්. ඇන්ජියර් බෝර්ඩන්ගෙන් අහනවා එයා දාපු ගැටේ මොකක්ද කියලා. ඒත් බෝර්ඩන් කියනවා දන්නෙ නෑ කියලා. මේ දෙන්නගෙ ඉංජිනේරුවා තමයි කටර් (Cutter) කියන්නෙ. මේ ඇන්ජියර්ගෙ නෝනාගෙ මරණෙ වතුරෙ ගිලිලා මැරුන එකක් නිසා කටර් ඇන්ජියර්ට කියනවා හිත හදන්නත් එක්ක වතුරෙ ගිලිලා මැරෙන්න ගිහින් බේරුනු කෙනෙක් කියපු කතාවක්. එයා කියලා තියෙන්නෙ ඒක හරියට ගෙදර යනවා වගේ කියලා. ඒ කියන්නෙ වේදනාවක් නෑ කියන එක. ඇන්ජියර් හිතනවා ඒ කතාව ඇත්තක් කියලා.
ෆිල්ම් එකේදි කතාව පටන් ගන්නෙ ඇන්ජියර් මැජික් සන්දර්ශනේදි වතුර ටැංකියකට වැටිලා මැරෙන තැනින්. ඇන්ජියර්ගෙ මරණෙට වැරදිකාරයා විදියට බෝර්ඩන්ට මරණ දඬුවම නියම වෙනවා. ඒකට හේතුව කටර්ගෙ සාක්ශිය නිසා. මොකද කටර් දැක්කා බෝර්ඩන් ඇන්ජියර් මැරෙන තැන ඉන්නවා. මේ නිසා බෝර්ඩන්ව මරණකන් එයාව හිර ගෙදරට දානවා. හිරේ ඉද්දි මෙයාව හම්බවෙන්න එනවා ලෝඩ් කෝඩ්ලෝ කියලා වංශාධිපතියෙක්ගෙ නියෝජිතයෙක්. මෙයා එන්නෙ ගනුදෙනුවකුත් අරගෙන. ගනුදෙනුව තමයි බෝර්ඩන් මෙච්චර කාලෙක පාවිච්චි කරපු මැජික් ට්‍රික්ස් ලෝඩ් කෝඩ්ලෝට දෙන එක සහ ඒකට ලෝඩ් කෝඩ්ලෝ විසින් බෝර්ඩන් මැරුණම අනාථ වෙන එයාගෙ දුවව හොදින් බලාගන්නවා කියන එක. මේ ලෝඩ් කෝඩ්ලෝ මේ වෙනකොට මැරුණ ඇන්ජියර්ගෙ බඩු සේරම සල්ලි වලට අරගෙන තමයි ඉන්නෙ. ඒ අතරෙ තිබුන ඇන්ජියර්ගෙ දිනපොත බෝර්ඩන්ට තෑග්ගක් විදියට අරගෙන තමයි මේ නියෝජිතයා එන්නෙ.
මේ කතාව ලීනියර් විදියට ඒ කියන්නෙ රේඛීයව ගලාගෙන යන කතාවක් නෙවෙයි. නොලන්ගෙ කතා කොහොමත් හරි අමුතු විදියට තමයි යන්නෙ. උදාහරණයක් විදියට ඩන්කර්ක්, Memento වගේ ඒවා ගන්න පුලුවන්. ඒ නිසා මන් මෙතන ඉදන් ප්ලොට් එක එක්ස්ප්ලේන් කරගෙන යන්නෙ හරි ටයිම්ලයින් එකට අනුව. ඒ කියන්නෙ සිද්දි සිදුවෙච්ච හරි පිලිවෙලට.
බිරිඳ මැරුණගෙන් පස්සෙ The Great Danton විදියට ඇන්ජියර් මැජික් ශිල්පීන් අතර ගොඩක් ඉහලට එන්න සමත්වෙනවා. මේ අතරේ බෝර්ඩන් තමන්ගෙම කියලා පොඩියට ශාලාවක් අරගෙන ඒකෙ පොඩියට මැජික් සන්දර්ශන් පවත්වගෙන හිටියා. ඒත් මේ දේවල් නිසා ඇන්ජියර්ගෙ සහ බෝර්ඩන්ගෙ වෛරය නම් නැති උනේ නෑ. ඒ දෙන්නා අනිත් කෙනාගෙ සන්දර්ශන වලට ගිහින් කඩාකප්පල් කරන එක දිගින් දිගටම සිද්ද උනා. පස්සෙ කාලෙක එයාලගෙ වෛරයට හේතු උන මුල සිදුවීම පවා එයාලට අමතක උනා. එයාලට ඕන උනේ අනිත් කෙනා අභිබවලා ඉස්සරහට යන එක.
("I don't care about my wife, I care about his secrets" ෆිල්ම් එකේදි ඇන්ජියර් කියන දෙබසක් තමා මේක. ඉතින් මේකෙන්ම මන් අර උඩ කියපු එක පැහැදිලි වෙනවා.)
මේ කතාවෙ ටර්නින් පොයින්ට් එක තමයි බෝර්ඩන්ගෙ අලුත් මැජික් එක. The Transported මෑන්. එක දොරකින් ඇතුල් වෙලා එහා පැත්තෙ දොරකින් තප්පර ගානකින් එලියට එන එක. ඇන්ජියර්ට ඕන වෙනවා මේකෙ තියෙන ට්‍රික් එක දැනගන්න. ඒත් කටර් නම් කිව්වෙ එතන බෝර්ඩන් වගේ දෙන්නෙක් ඉන්න ඕනෙ කියලා. ඇත්තටම දෙන්නෙක් හිටියා තමයි. ඒත් ඇන්ජියර් මේක පිලිගත්තෙ නෑ. The Prestige පොතට අනුව මේ දෙන්නවා නිවුන්නු නෙවෙයි. අවුරුදු දෙකක ගැප් එකක් තිබුනා දෙන්නා අතර. ඒත් මේ දෙන්නව වෙන්කරලා අදුරගන්න ගොඩක් අමාරුයි. මේ දෙන්නගෙ නම් දෙක තමයි Albert Borden සහ Fredrick Borden. මේ දෙක එකතුවෙලා තමයි Alfred Borden නම හැදෙන්නෙ. වෙලාවකට ඇල්බට් ෆැලන් විදියට හිටියා තවත් වෙලාවකට ෆෙඩ්‍රික් ෆැලන් වගේ හිටියා. මේ දෙන්නා මැජික් වෙනුවෙන් ජීවිතේම වගේ කැපකරපු දෙන්නෙක්. මතකනේ අර චීන මැජික් කාරලා චං ලින් සූ අන්න එයත් මැජික් වෙනුවෙන් ජීවිතේ කැප කරපු කෙනෙක්. කකුල් දෙක මැද්දෙ හංගගෙන එන භාජනේ රහස වහගන්න ඇත්ත ජීවිතේදීත් කොර ගහනවා වගේ එයා රඟපානවා.
හරි ආයෙ එමු කතාවට. මේ එක වගේ දෙන්නෙක්ගෙ කතාව ඇන්ජියර් නම් විශ්වාස කලේ නෑ. ඒත් කටර් ගෙ කීමට ඇන්ජියර් වගේ තව කෙනෙක් හොයාගෙන ඇන්ජියර් මේ ට්‍රික් එක බෝර්ඩන්ටත් වඩා හොදට කරන්න ගත්තා. ඒත් ඇන්ජියර් හැම තිස්සෙම හිතුවෙ බෝර්ඩන් මේක කරන්නෙ කොහොමද කියලා. ඉතින් මේ අතරේ ඇන්ජියර් බෝර්ඩන්ගෙ ඩයරි එක ගන්නවා. ඒත් බෝර්ඩන් ඒ ඩයරිය ලියලා තිබුනෙම ඇන්ජියර්ව නොමග යවන්න හිතාගෙන රහස් භාශාවකින්. මේ රහස් භාශාවෙ තියෙන එක හොයාගන්න උවමනාවට ඇන්ජියර් ෆැලන්ව කිඩ්නැප් කරනවා. ඒ මගින් බෝර්ඩන්ගෙන් අහගන්නවා මේ රහස් භාශාව කියවන විදිය. බෝර්ඩන් කොලේක වචනයක් ලියලා දෙනවා ඇන්ජියර්ට. ඒ වචනේ තමයි Tesla. අපි දැක්කා බෝර්ඩන්ගෙ ස්ටේජ් එකේ තිබුන ටෙස්ලා කොයිල් එක. ඒත් බෝර්ඩන් ටෙස්ලාට කියලා හදවගත්තෙ මේ කොයිල් එක විතරයි. එතනින් එහාට දෙයක් කරන්න ගියෙ නෑ. බෝර්ඩන් ඇන්ජියර්ට මේ ටෙස්ලා කියන නම දෙන්නෙම ඇන්ජියර්ව රස්තියාදු කරවන්න හිතාගෙන. මොකද බෝර්ඩන් හිතන්නෑ ටෙස්ලා කවදාවත් ටෙලිපෝට් මැශින් එකක් හදයි කියලා. ඒ වගේම ඇන්ජියර්ට ඕවට වියදම් කරන්න ලොකු සල්ලියකුත් නෑ කියලා බෝර්ඩන් හිතුවා. ඒත් බෝර්ඩන්ට වගේම ඇන්ජියර් ටත් රහසක් තිබුනා. ඒ තමයි එයා කෝඩ්ලෝ පවුලේ උරුමක්කාරයා කියන එක. මේ උරුමය එන විදිය ගැන පොතේ තිබුණත් ෆිල්ම් එකේ මේ ගැන විස්තර වෙන්නෙ නෑ. හරි කතාවට එමු ආයෙ. නොහිතපු විදියට ටෙස්ලා විසින් ටෙලිපෝට් මැශින් එකක් හදනවා. මේක ටෙලිපෝට් මැශින් එකක්ම නෙවෙයි. මේකෙන් වෙන්නෙ ඩුප්ලිකේට් වෙන එක. යමු ඒ ගැන විස්තර කරන්න. කතාව සයන්ස් පැත්ත ගැන විස්තර කරන්නයි යන්නෙ දැන්.
![]() |
Quantum Entanglement |
විශ්වයේ පවතින කුඩාම අංශු ඒ කියන්නෙ උප පරමානුක අංශු වලට පුලුවන් තමන්ගෙ එක්ක බැඳිලා ඉන්න අනිත් අංශු එක්ක තමන්ගෙ ලක්ෂණ බෙදාගන්න. මේක හරියටම කියනව නම් නිවුන් දරුවෝ වගේ. කතාවෙ තියෙන සයන්ස් පැත්තෙ එක්ස්ප්ලනේශන් එකක් කතාව ඇතුලෙන්ම ක්‍රිස්ටෝපර් නොලන් දීලා තියෙනවා කියන එක මෙතනදි කියන්න ඕනෙ. ඒ බෝර්ඩන් නිවුන්නු මගින්. ඉතින් මේ විදිය එකට තිබුණ අංශු දෙක්ක් විශ්වයේ තැන් දෙකකට ගිහින් දැම්මට ඒවා අතර ආලෝකයේ වේගයට වඩා වේගයකින් තොරතුරු හුවමාරු වෙනවා. ඉන්ටෙස්ටෙලා එකෙත් එක ෆෑන් තියරියක් තියෙනවා මේ තියරි එක දාලා. ඉතින් මේ විදියට විදියට යම් වස්තුවකට අදාල ක්වන්ටම් දත්ත ලබාගන්න පුලුවන් නම් ඒ දත්ත මගින් කලින් වස්තුවට සමාන (කලින් වස්තුවම කිව්වත් කමක් නෑ) තවත් වස්තුවක් නිර්මාණය කරන්න පුලුවන් වෙනවා. ඒ වස්තු දෙක 100% ක්ම සමානයි. කිසිම වෙනසක් නෑ. ඔය හැදෙන අනිත් වස්තුවට කියන්නෙ ක්වන්ටම් එන්ටෑගල්මන්ට් කොපි එක කියලා. කොපි කිව්වට ඔරිජිනල් වගේ තමයි. මේක මම මේ සරල විදියට කිව්වට මේක ගොඩක් සංකීර්ණ සිද්දියක්. මීට වඩා නම් සරල කරන්න තේරෙන්නෙ නෑ මට නම්. ක්වන්ටම් ෆිසික්ස් කියන්නෙ ගොඩක් සංකීර්ණ ගැඹුරු විද්‍යාවක් කොහොමත්.
ඉතින් ෆිල්ම් එකේදි වෙන්නෙත් මේකයි. ඇන්ජියර් මැජික් සන්දර්ශනේදි මේක කරද්දි මැශින් එක උඩ ඉන්න ඇන්ජියර්ගෙ ක්වන්ටම් ඩේටා ඒකෙන් ස්කෑන් වෙනවා. ඒ ස්කෑන් වෙච්ච ක්වන්ටම් ඩේටා මගින් ස්ටේජ් එකේ තවත් තැනක ඇන්ජියර් කෙනෙක් හැදෙනවා. මේ හැදෙන්නෙ අර ස්ටේජ් එක උඩ හිටපු කෙනාමයි. 100% ඌම තමයි.
එතකොට ස්ටේජ් එක උඩ හිටපු කෙනාට මොකද වෙන්නෙ? එයාව එතනින් පහලට වැටෙනවා ස්ටේජ් එක යටට. ස්ටේජ් එක යට එයා වැටෙන තැන තියෙන්නෙ වතුර ටැංකියක්. එයා වැටුන ගමන් වතුර ටැංකිය ලොක් වෙනවා. ඒ කෙනා ගිලිලා මැරෙනවා. ඉතින් හැමදාම ශෝ එකක් ඉවර උනාම ඇන්ජියර් මේ වතුර ටැංකිය අන්ධ සේවකයෝ දම්මලා එලියට ගෙනියනවා. මේ ගැන දන්නෙත් ඇන්ජියර් විතරමයි වෙන කවුරුත් දන්නෙ නෑ. ඇන්ජියර් කටර් ට පවා කියන්නෙ මේකෙන් වෙන්නෙ ට්‍රාන්ස්පෝට් වෙන එක කියලා. ඩුප්ලිකේට් වීමක් ගැන කියන්නෙ නෑ. (ඩුප්ලිකේස් කිව්වට ඔරිජිනල්ම තමා ඈ)
ඉතින් මේ විදියට මැජික් සංදර්ශනේ කරගෙන යද්දි ඔතනට බෝර්ඩන් එනවා. බෝර්ඩන් එන්නෙ මේ ඇන්ජියර්ගෙ මැජික් එකේ රහස හොයාගන්න. ස්ටේජ් එක පිටිපස්සට යන බෝර්ඩන්ව දකින ඇන්ජියර් ආයෙ ප්‍රේක්ශකයෝ අතරට එන්නෙ නැතුව හැංගෙනවා. ස්ටේජ් එක උඩ හිටපු ඇන්ජියර් සුපුරුදු විදියට වතුර ටැංකියට වැටෙනවා. බෝර්ඩන් ඒ වෙලාවෙම එතනට යන නිසා මේක බෝර්ඩන්ව අහු වෙනවා. වැරදිකාරයා කියලා ඔප්පු වෙනවා. ලෝඩ් කෝඩ්ලෝ හෙවත් ජීවත් වෙලා ඉන්න ඇන්ජියර් හිරේට එනවා බෝර්ඩන්ව බලන්න. බෝර්ඩන් මේ වෙනකොට දිනපොත කියවලා සේරම දැනගෙනයි ඉන්නෙ. ඒ වෙලාවෙ බෝර්ඩන් කොල කෑල්ලක ලියලා දෙනවා තමන්ගෙ රහස. ඒත් ඇන්ජියර් ඒක විසි කරනවා.මොකද ඇන්ජියර් හිතනවා ඒ කොලේ තිබ්බෙත් අර මැශින් එක ගැනමයි කියලා. හිරේ ඉන්න බෝර්ඩන් ව එල්ලලා මරනවා.
මේ අතරේ කටර් යනවා ඇන්ජියර්ගෙ මැශින් එක ලෝඩ් කෝඩ්ලෝට දෙන්න. එතනදි තමයි කටර් ඇත්ත දැනගන්නෙ. කටර්ව ඇන්ජියර් එක්කන් යනවා මැරුණ ඇන්ජියර්ලා ඉන්න වතුර ටැංකි තියෙන කාමරේට. කටර් මේ වෙලාවෙ තේරුම් ගන්නවා ඇන්ජියර් තමන්ව මරාගන්න ගිල්ලන එකම තෝරගත්තෙ ඇයි කියලා. ඒ කටර් ඇන්ජියර්ට ගිලිලා මැරෙන එකේ කිසි අපහසුවක් නෑ කියලා මුලදි කිව්ව නිසා. ඒත් කටර් මෙතනදි කියනවා ඇන්ජියර්ට ගිලිලා මැරෙන එක ගොඩක්ම වේදනාකාරි අපා දුකක් වගේ කියලා. ඒක කියලා කටර් එතනින් යනවා. ඒ ගැන අහපු ඇන්ජියර් අවුල් යනවා. ඒත් අවුල වැඩි වෙලාවක් තියෙන්නෙ නෑ. එතනට එන අනෙක් බෝර්ඩන් ඇන්ජියර්ව මරලා දානවා. මේ මරලා දාන සීන් එකෙන් පස්සෙ අපිට දකින්න පුලුවන් වතුර ටැංකිය ඇතුලෙ ඉන්න ඇන්ජියර් කෙනෙක්ගෙ ඇස් දෙක ලාවට ඇරෙන සීන් එකක්. The Prestige පොතට අනුව ඒ විදියට ඇන්ජියර් මැරුනොත් ඒ කියන්නෙ ඩුප්ලිකේට් උනාට පස්සෙ ඒ ඩුප්ලිකේට් වෙන ඇන්ජියර් මැරුනොත් එයාට කලින් කෙනාගෙ ඇගට යන්න පුලුවන්. කලින් කිව්වනේ අංශු අතර තොරතුරු හුවමාරු වෙන කතාව. ඒ වගේම එකක් තමයි මෙතනදි වෙන්නෙත්. සයන්ස් ෆික්ශන් නෙ මේවා. ෆික්ශන් එකකට ඕන දෙයක් දාන්න පුලුවන් ඔය වගේ. ඉතින් පුලුවන් අය ඉන්නවනම් පොත් එහෙම කියවන අය අරගෙන කියවලා බලන්න. පාඩුවක් වෙන්නෙ නෑ.
ඒ වගේම අන්ත අසරණ වෙච්ච ආදර කතාවකුත් අපිට මේ කතාවෙදි දැකගන්න ලැබුනා. හිතාගන්න බැරි තරම් බෝර්ඩන්ලා දෙන්නා එතනදි අසරණ උනා. ඒ වගේම ටෙස්ලා සහ එඩිසන් (Current War) අතර ඇතිවුන ගැටුම බෝර්ඩන් සහ ඇන්ජියර් අතර ඇතිවුන ගැටුම මගින් රෙෆරන්ස් කරලා තියෙනවා. ඒ වගේම ටෙස්ලා වටේට ප්‍රබන්ධයක් නිර්මාණය වෙලා තියෙන හැටි අපිට දැකගන්න පුලුවන් උනා. ඉතින් ලොකු ප්ලොට් ට්විස්ට් එකක් එක්ක මෙතනින් ෆිල්ම් එක අවසාන වෙනවා. සහ මගේ රිවීව් එකත් අවසාන වෙනවා.
තවත් ලිපියකින් හම්බෙමු. හැමෝටම ජය!
තුන්කල් සංග්‍රාමය - Tenet Movie Review & Explain
https://www.reviewwhocares.com/2021/07/tenet-movie-review-explain_7.html
