අපි හැමෝම දන්න Game of Thrones සීරීස් එකේ Prequel ශෝ එකක් විදිහට HBO හරහා එන අළුත්ම වෙස්ටරෝස් ප්‍රොජෙක්ට් එක තමයි House of the Dragon කියන්නේ. GOT එකේ සිදුවීම් වලට අවුරුදු දෙසීයකට විතර කලින් වෙන ටාගේරියන් සිවිල් වෝර් එකක් ගැන තමා මේකේ ස්ටෝරිය විදිහට තියෙන්නේ. මේකේ විශේෂත්වය තමයි GOT එකේ වගේ නෙවේ සෑහෙන මකරු තොගයක් සහ ටාගේරියන් ලා තොගයක් අපිට මේකෙන් බලාගන්න පුළුවන්. මේ වෙනකොට එපි හයක් විතරක් බලපු ක්‍රිටික්ස් ලා සෑහෙන හොඳ රේටින්ස් සහ රිවීව්ස් මේ සීරීස් එකට දීලා තියෙනවා. ගොඩක් අය කියන්නේ මේ සීරීස් එක GOT ලෙවල් එකටම තියෙනවා කියලා. HOTD සීරීස් එකේ ශෝ රනර්ස් ලා විදිහට වැඩ කරන්නේ GOT එකේ බැට්ල් ඔෆ් ද බාස්ටර්ඩ්ස් වගේ සුපිරිම එපිසෝඩ්ස් ඩිරෙක්ට් කරපු Miguel Sapochnik සහ Ryan Condal විසින්. ඒ වගේම මේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් යුනිවර්ස් එකට අදාළ පොත් ලියන George R. R. Martin සෑහෙන ඉන්වෝල්ව් වෙලා තියෙනවා මේ සීරීස් එකේ වැඩකටයුතු වලට. HOTD බලන්න කලින් ප්‍රධාන වශයෙන් කියන්න තියෙන්නේ පොලිටිකල් ඩෙප්ත් එක, කැරැක්ටර් ඩෙප්ත් සහ වර්ල්ඩ් බිල්ඩි ඩෙප්ත් එක ඇර අනික් කිසිම දෙයක් GOT එකත් එක්ක කම්පෙයාර් කරන්න යන්න එපා. මොකද සෑහෙන වෙනස් ඒ දෙක. මේ HOTD ස්ටෝරිය ප්‍රධාන වශයෙන් බේස් වෙලා තියෙන්නේ ටාගේරියන් ඩයිනේස්ටි එක ගැන මාටින් සීයා ලියපු Fire and Blood පොතින්.
මේ පොත හරියට නිකන් මහාවංශය වගේ. ඒ කියන්නේ A Sond of Ice and Fire එකේ වගේ හරි කතාවක් නෑ. රෙකෝර්ඩ්ස් වගේ තියෙන්නේ. ඒ එකක්වත් හරියටම නිශ්චිත නැහැ. මහවංශේ තියෙන හැම එකම නිශ්චිත නැහැනේ. අන්න ඒ වගේ. ඒ නිසා පොත කියවපු අයට වුණත් හිතාගෙන ඉන්න දේවල් වෙනස් විදිහට සීරීස් එකේ වෙන්න පුළුවන්. මාටින් සීයා සෑහෙන ඉන්වෝල්ව් වෙලා තියෙන නිසා එහෙම කරාට ලොකු අවුලක් වෙන්නේ නැතිවෙයි. ඊට අමතරව මතක තියාගන්න ඕන වැදගත් දෙයක් තමයි HOTD එකේ white characters නැහැ. ඒ කියන්නේ Jon Snow හෝ Arya Stark වගේ හොඳ අය නැහැ. ඉන්නේ ඔක්කොම Grey Characters. මිනිස්සුන්ගේ හොඳ නරක පැති දෙකම කවර් කරලා තමයි මේ සීරීස් එක ගහන්නේ. ගොඩක් වෙලාවට සීසන් වන් එකේ අන්තිමට එක සිදුවීමක් වෙයි. ඒක පොතේ තියෙන විදිහට සීරීස් එකෙත් තිබ්බොත් Game of Thrones සීසන් අටේම තිබ්බ ඩිස්ටර්බින් සීන් ඔක්කොටම වඩා ඩිස්ටර්බින් වෙයි. දැනටමත් තියෙන රිවීව්ස් වල තියෙන්නේ සැහෙන වයලන්ස් සහ ඩිස්ටර්බින් කියලා. අපි බලමු. අපි කියන්න හදන්නේ Jon Snow ලා වගේ වීරයෝ හොයන්න යන්න එපා මේකේ. එහෙම අය නෑ. ඒ වගේම ටිරියොන් ලා වගේ ආතල් පොරවල් නැහැ. ඒ නිසා GOT මයින්ඩ්සෙට් එක අතෑරලා මේ අළුත් HOTD සීරීස් එකට පුළුවන් විදිහට ඇඩප්ට් වෙලා ෆීල් කරන්න බලන්න. අපි මේ රිවීව් එකෙන් කරන්න යන්නේ HOTD සීරීස් එකේ සිදුවීම් වල බැක්ග්‍රවුන්ඩ් එක ගැන සාමාන්‍යයෙන් දැනුමක් ඔයාලට ගේන එක. මුළු ස්ටෝරියම දාලා තේරුමක් නැහැනේ. කතාව ස්පොයිල් නොවෙන විදිහට කතාව තේරුම් ගන්න අවශ්‍යය බැක්ග්‍රවුන්ඩ් එක අපි පැහැදිලි කරනවා. මේ රිවීව් එක ගේන්නේ Sachin Bhagya සහ මම(Tikiri Wanigasooriya) එකතු වෙලා.
![]() |
George R. R. Martin |
මකර වලි නැරඹීමට පෙර කාතාවේ අයිතිකරුගෙන් කතාව ගැන අදහස් අහමු
මේ දේවල් කියන්නෙ ගේම් ඔෆ් ත්‍රෝන්ස් සහ හවුස් ඔෆ් ද ඩ්‍රැගන් වලට පාදක උන පොත් ලිව්ව ජෝර්ජ් RR මාටින් බොස්ගෙ වචන වලින්, ඒ කියන්නෙ බොසාගෙ වීඩීයෝ එකක් HBO ඇතුලු ගේම් ඔෆ් ත්‍රෝන්ස් ඔෆීශියල් චැනල් වලින් දාලා තිබුනා. පහළින් ඒක දාලා තියෙනවා.
මේ මාටිං බොස් අලුත් සීරීස් එක ගැන කීව දේවල් වල අසංක්ශිප්ත සිංහල පරිවර්තනය…
උපුටා ගැනීම… (සිංහලෙන් පැහැදිලි කරන්න ලේසි වෙන්න චූටි තැන් වෙනස් කරලා තියෙනවා)
- හොඳම ප්‍රබන්දයක්, හොඳම කතාවක් (Drama) කියන්නෙ චරිත ගැන මූලික උන දෙයක්…. හවුස් ඔෆ් ද ඩ්‍රැගන් එකේ කතාව ඇවිල්ලා යහපත් දේ කිරීමට හැකියාව ඇති, අතිශය නරක දේවල් කිරීමට හැකියාව ඇති, ධෛර්‍ය ඇති, ලෙසටම ට්‍රැක පැනපු මිනිස්සු ගැන… මේ ජාතියේ චරිත වලට මං මාරම ආසයි…
- ගේම් ඔෆ් ත්‍රෝන්ස් වලට අවුරුදු 200කට කලින් කතාවක් මේකේ තියෙන්නෙ. ජහේරිස් ටාගේරියන් වයසක රජතුමා පොර ඇවිල්ලා වෙස්ටරෝස් පාළනය කරපු 4 වෙනි ටාගේරියන් රජතුමා, ඩෑල් එක රජ වෙනකොට අවුරුදු 14යි සහ පොර අවුරුදු 55ක් රජකම් කලා… ඒ කාලේ පට්ට නිස්කලංක කාලයක් වෙස්ටරෝස් වල… විසෙරිස් ටාගේරියන් තමයි ජහේරිස්ගෙන් පස්සෙ රජකමට උරුමක්කාරයා විදියට ඉන්නෙ (Heir කියලා කියන්නෙ කඩ්ඩෙන්) කෝමහරි ජහේරිස් රජතුමා වල කජ්ජ ghwta පස්සෙ විසේරිස් ටාගේරියන් රජ වෙනවා… අපේ සීරීස් එක පටන් ගන්නකොට මෙයා තමයි දැන් රජතුමා…
- ගේම් ඔෆ් ත්‍රෝන්ස් එකේ අපි වැඩිපුරම දැක්කෙ ස්ටාර්ක්ස්ලා සහ ලැනිස්ටර්ස්ලාව, මේකෙ ටාගේරියන්ස්ලා විතරයි ඒම ලොකුවටම දකින්නෙ අපි. එතකොට මේ ඩාන්ස් ඔෆ් ද ඩ්‍රැගන්ස් කියලා හඳුන්වන පාලන බලය අල්ලගන්න මකර සටනේ ටාගේරියන්ස් වංශය මැද ඉන්නවා ඊළඟ ලොකුම පාර්ශව දෙක වෙන්නෙ වැලේරියන් වංශය සහ හයිටවර්ස් වංශය….
- හයිටවර්ස්ලා තමයි වෙස්ටරෝස් වල පරණම අය… අවුරුදු දාස් ගානක් තිස්සෙ එයාලා ඉන්නවා…. ඒ වගේම මෙයාලා හරි පෝසත් සලිකාර වංශයක්. මෙයාලා මේම පෝසත් වෙලා තියෙන්නෙ වැඩිපුරම වෙළඳාමෙන්… මේ නගරේ මැද තියෙනවා හයි ටවර් එක කියලා උස කුළුණක්. මේකෙන් තමයි එයාලා එයාලගෙ වංශයේ නම ලැබිලා තියෙන්නෙ…
- එතකොට හයිටවර් තුමානන් (ලෝඩ් හයිටවර්) ඒ නගරේ එයාගෙ කොටස පාලනය කරගෙන ඉන්නෙ… ඒත් එයාගෙ මල්ලි ඔටෝ හයිටවර් තමයි හෑන්ඩ් ඔෆ් ඔෆ් ද කින්ග් විදියට ඉන්නෙ… (නෙඩ් ස්ටාර්ක්, ආයෙ ටිරියන් ලැනිස්ටර් ඒම ඔය තනතුරේ හිටියා මතකනේ)
- වැලේරියෝන්ස්ලත් ටාගේරියන්ලා වගේම හවුස් එකක්. එයාලා ඉන්න භූමියට කියන්නෙ වැලේරියන් ෆ්‍රීහෝල්ඩ් කියලා. මෙයාලත් පට්ට පවර්ෆුල් වංශයක්… මෙයාලා මකරු එක්ක ගනුදෙනු නෑ. මෙයාලා මුහුද එක්ක තමයි ලොකුවටම සීන් එකේ ඉන්නෙ. නාවිකයො කියලා කීවොත් හරියටම හරි… ඒ වගේම ලොකු තැනක් සහ පිලිගැනීමක් තියෙනවා මෙයාලටත්…
- කෝලිස් වැලේරියෝන් බැඳලා ඉන්නෙ කිසිදා රජ නොවූ රැජිණ හෙවත් රේනීස් ටාගේරියන්ව… රේනීස් ඩ්‍රැගන් රයිඩර් කෙනෙක්… ටාගේරියන් වංශය සහ වැලේරියන් වංශ දෙක ගොඩක් සමීපයි…
The Seeds of the Dance (වියවුලේ ආරම්භය)
හවුස් ඔෆ් ද ඩ්‍රැගන් කියන්නේ සෑහෙන කම්ප්ලෙක්ස් ස්ටෝරියක්. GOT එක තරම් ස්කේල් එකක් නැතිවුණාට හියුමන් ඉමෝෂන්ස්, කොලිටීස් සහ ගතිපැවතුම් වලින් මන් හිතන්නේ GOT එකට වඩා කම්ප්ලෙක්ස් මේ House of the Dragon ස්ටෝරිය. මේ ස්ටෝරියට පොතේ දීලා තියෙන නම තමා The Dance of the Dragons. ඒකට හේතුව මේකේ ප්‍රධානම සහ අයිකොනික්ම ඉම්පැක්ට් එක වෙන්නේ මකරු. The Dance of the Dragons වෙන කාලේ තමයි Westeros වල වැඩිම මකරු ගාණක් හිටියේ. මේ සීරීස් එකේම මකරු 17 ක් පෙන්නනවා කියලා කියලා තියෙනවා. එක අතකින් HOTD එකේ මෝරල් කන්සෙප්ට් එකත් මේ මකරු මෙච්චර ගාණක් ඉන්න එක තමයි. මොකද මේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් යුනිවර්ස් එක 'පවර්' කියන කන්සෙප්ට් එක සෑහෙන ඩීප් විදිහට විස්තර කරන පැහැදිලි කරන තැනක්. මේකේ ඉන්න මකරුන්ගෙන් රිප්‍රසන්ට් කරන්නේ ඒ පවර් කියන එක තමා. මාටින් සීයා(ගේම් ඔෆ් ත්‍රෝන්ස් පොත් වල රයිටර්) ළඟදී කියලා තියෙනවා ටාගේරියන්ස් ලට වෙස්ටරෝස් එච්චර හොඳට පාලනය කරන්න පුළුවන් වෙන්නේ මකරු නිසා සහ මකරුන්ට තියෙන "බය" නිසා කියලා. බය කියන එකේ අනිත් පැත්ත නේ "පවර්" කියන්නේ. ඉතින් මේ පවර් එක සෑහෙන විදිහට රිප්‍රසන්ට් කරනවා මකරුන්ගෙන්.
හැබැයි HOTD එකේ සිදුවීම් වෙනකොට මොකක්ද වෙස්ටරෝස් වලා වෙලා තිබ්බේ? ඇත්ත ඒ වෙනකොට වෙස්ටරෝස් වල ටාගේරියන්ලගේ උපරිම පාලන බලය තිබ්බා කියන එක. හැබැයි ඒගොන් වෙස්ටරෝස් කොන්කර් කරපු මකරු තුන් දෙනා හෝ ඩැනේරිස් වෙස්ටරෝස් කොන්කර් කරන්න ගිය මකරු තුන් දෙනා වගේ නෙවේ එතකොට මකරු විස්සක් විතර හිටියා ඒ කාලේ. සරලව කිව්වොත් මකරු සිල්ලර වෙලා තොග පිටින් හිටියේ. එතකොට මොකද වෙන්නේ? වෙස්ටරෝස් වල බලය හෝ බලයට තියෙන පොටෙන්ෂියල් එක බෙදිලා යන එක. ඩ්‍රැගන්ස් ලගෙන් කොන්කර් කරපු වෙස්ටරෝස් වල බලයත් බෙදිලා යන්නේ ඩ්‍රැගන්ස් ලා අතරම තමා. මෙහෙම ඩ්‍රැගන්ස් ලා තොග පිටින් ඉන්නකොට ඒ පාලන තන්ත්‍රයේ තියෙන අස්ථාවර කම තේරුම් ගන්න පුළුවන් නේද? තේරුම් ගන්න අමාරු නම් 2/3 කුත් තිබුණ මිලිටරි එකේ පක්ෂපාතීත්වයත් තිබුණ අපේ කලින් ආණ්ඩුව වැටෙන්න හේතු එහෙම ටිකක් හොයලා බලන්න. ඒ හේතු ගැන නම් නෙවේ අපි මේ කතා කරන්න යන්නේ. වෙස්ටරෝස් වල වුණ අරගලයට හේතු තමයි කතා කරන්න යන්නේ.
අපි ඉස්සෙල්ලාම ටාගේරියන් ලගේ ඉතිහාස කතාව සරලව දැනගෙන ඉමු. HOTD එකේ වෙන්නේ Lannisters vs Starks වගේ Targaryens vs Hightowers නෙවේ. මේක කියවන හැමෝටම වගේ Hightowers ලා ගැන යම් අදහසක් ඇතිනේ. හැබැයි එයාලගේ රෝල් එක ගැන ලොකුවට දැනුමක් නැතිව ඇති සමහර අයට. එතකොට කම්පෙයාර් කරනවා ඇත්තේ Hightowers ලා Lannisters ලා වගේ වෙන්නැති කියලා. කොහෙත්ම නැහැ. Hightowers ලා මේකට ඉන්වෝල්ව් වෙනවා තමයි. හැබැයි රයිවල් එක තියෙන්නේ Targaryens vs Targaryens. ඒ කියන්නේ එක ෆැමිලි එකක් තමයි දෙකට බෙදිලා තියෙන්නේ. ඒ නිසා ටාගේරියන් ඉතිහාසය දැනගෙන ඉන්න එක ටිකක් වටිනවා,
![]() |
Westeros and Essos |
ටාගේරියන් ලා කියන්නේ Essos වල (වෙස්ටරෝස් වලට නැගෙනහිරින් තියෙන ලෑන්ඩ් එක….ඩැනේරිස් එහෙම හිටියේ) බටහිර පැත්තේ තිබුණ Valyrian රාජධානියේ එක හවුස් එකක්. මේ Valyrian රාජධානියට කියන නම Valyrian Freehold. (වැලීරියන් ෆ්‍රීහෝල්ඩ්) මේක තමා බටහිර Essos වල තිබුණ ශ්‍රේෂ්ඨතම රාජධානිය.
![]() |
වැලීරියන් ෆ්‍රීහෝල්ඩ්(නිල් පාටින් රවුම් කරලා තියෙන්නේ වැලීරියන්ස් ලා සහ මකරු හිටපු වැලීරියාව) |
මේ රාජධානියේ බේස් වෙලා තියෙන වැලීරියාවේ ඉන්න මිනිස්සුන්ගේ එත්නිසිටි එක එහෙම නැත්නම් ජාතිය තමා Valyrians(වැලීරියන්ස්) කියන්නේ. වෙස්ටරෝස් වල තිබ්බා වගේම Valyria වලත් හවුසස් තිබ්බා. එහෙම තිබ්බ විශේෂ හවුස් වගයක් තමයි dragon lords ලා කියන්නේ. වෙස්ටරෝස් වල Great Houses වගේ. මෙයාලගේ විශේෂත්වය තමයි මේ හවුසස් වල අයට ඩ්‍රැගන්ස් ලා ටේම් කරන්න සහ ඩ්‍රැගන් රයිඩින් කරන්න පුළුවන්. වැලීරියා වල තමයි මකරු හිටියේ.
![]() |
වැලීරියාව |
ඉතින් මේ එක ඩ්‍රැගන් ලෝඩ් හවුස් එකක් තමයි Targaryens ලා කියන්නේ. හැබැයි වෙස්ටරෝස් වල කොච්චර පවර්ෆුල් හවුස් එකක් වුණත් වැලීරියා වල ටාගේරියන් ලට ලොකු තැනක් තිබුණේ නැහැ. ඊට වඩා පවර්ෆුල් ඩ්‍රැගන්ලෝඩ් හවුසස් කීපයක්ම තිබ්බා වැලීරියා වල. හැබැයි වැලීරියා රාජධානිය එකපාර විනාශ වුණාට පස්සේ ඉතුරු වුණ එකම ඩ්‍රැගන්ලෝඩ් හවුස් එක තමයි ටාගේරියන්ලා කියන්නේ. වැලීරියා විනාශ වුණ ඉවෙන්ට් එකට කියන්නේ Doom of Valyria කියලා. මේක මොකක්ද කියලා මන් දන්න තරමින් පැහැදිලි කරලා කොහේවත් කියලා නැහැ . සාමාන්‍යයෙන් වොල්කැනික් ඩිසාස්ටර්ස් එකක් නිසා කියලා කියනවා.
![]() |
Doom of Valyria |
කෝමහරි මේ ඉවෙන්ට් එක වෙන්න කලින් ටාගේරියන් හවුස් එකේ හිටපු කෙනෙක් මේ Doom of Valyria ඉවෙන්ට් එක ඩ්‍රීම් එකකින් foresee කරනවා. ඒ කියන්නේ අනාගතය දකිනවා. ඊට පස්සේ තමා ටාගේරියන් ලා වැලීරියා අතෑරලා වෙස්ටරෝස් වලට එන්නේ.
![]() |
Valyrians |
හැබැයි ටාගේරියන්ස් ලා නෙවේ වෙස්ටරෝස් වල සෙට්ල් වුණ එකම වැලීරියන් හවුස් එක. Velaryon(වෙලාරියන්) සහ Celtigar(සෙල්ටිගාර්) කියන වැලීරියන් හවුසස් දෙකක් ටාගේරියන් ලා එන්න කලින්ම වෙස්ටරෝස් වල සෙට්ල් වෙලා තියෙනවා.
හැබැයි මේ හවුසස් දෙකම ඩ්‍රැගන්ලෝඩ්ස් ලා නෙවේ. ඒ කියන්නේ මකරු නැහැ. හැබැයි මෙයාලට මුහුදේ බලය තියෙනවා. ඒ කියන්නේ නැව් සහ වෙළඳාමේ බලය තියෙනවා. මේ හවුසස් තුනම ඉන්නේ වෙස්ටරෝස් වල නැගෙනහිර පැත්තේ දූපත් තුනක. ටාගේරියන් ලා Dragonstone, වෙලාරියන් ලා Driftmark සහ සෙල්ටිගාර් ලා Claw Isle වල. මේ ඩ්‍රැගන්ස්ටෝන් කියන්නේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් එකේ ඩැනේරිස් වෙස්ටරෝස් වල ගොඩබැහැපු දූපතම තමා. වෙස්ටරෝස් වල ඩ්‍රැගන්ස් ලගේ බේස් එක වගේ තියෙන්නෙත් මේ ඩ්‍රැගන්ස්ටෝන් ම තමා. ඊට අමතරව කින්ග්ස්ලෑන්ඩින් වලත් ඉන්නවා.
![]() |
Driftmark, Dragonstone, Claw Isle |
කොහොමහරි ටාගේරියන්ස් ලා වෙස්ටරෝස්වල ඇවිත් අවුරුදු සීයකට විතර පස්සේ තමා ඒ කාලේ ටාගේරියන් හවුස් ලෝඩ් ඒගොන් ටාගේරියන් සහ එයාගේ සහෝදරියෝ දෙන්නා විසෙන්‍යා සහ රෙනීස් එයාලගේ මකරු එක්ක වෙස්ටරෝස් කොන්කර් කරල ටාගේරියන් ඩයිනේස්ටි එක පිහිටුවන්නේ. මෙයාලට වෙස්ටරෝස් වල කොන්කර් කරන්න බැරිවුණ එකම කින්ග්ඩම් එක තමයි Dorne කියන්නේ. Dorne සෙවන් කින්ග්ඩම්ස් එකට එකතු වෙන්නේ HOTD එකේ සිදුවීමුත් වුණාට පස්සේ.
![]() |
Westeros |
ඒගොන් ගේ කොන්කර් එකෙන් පස්සේ HOTD එකේ ටාගේරියන් කින්ග් වෙනකන් හිටපු කින්ග්ස් ලා පහළින් බලාගන්න පුළුවන්.
ඔය AC කියලා තියෙන්නේ After Conquest කියන එක. ඒ කියන්නේ ඒගොන් වෙස්ටරෝස් කොන්කර් කරපු දවසේ ඉඳන් යන අවුරුදු. Aegon I Targaryen ට වයිෆ් ලා දෙන්නෙක් හිටියා. ඒ එයාගේ සහෝදරියෝ දෙන්නා Visenya සහ Rhaenys. Aegon සහ Rhaenys ට දාව ඉපදුණ කෙනෙක් තමා ඒගොන් ට පස්සේ රජවුණ Aenys I Targeryen කියන්නේ. එයාට පස්සේ රජවුණ Maegor I Targaryen (Maegor The Cruel) කියන්නේ Aegon සහ එයාගේ අනිත් වයිෆ් Visenya ට දාව ඉපදුණ පුතෙක්. ඒ කියන්නේ Aenys ගේ Half Brother. Maegor ට පස්සේ රජවුණ Jaehaerys I Targaryen කියන්නේ Aenys ගේ පුතා. ඊට පස්සේ තමා විසේරිස් ඉන්නේ. HOTD පටන් ගන්නකොට ඉන්න ටාගේරියන් කින්ග්. හැබැයි සීරීස් එකේ ජහේරිස් ටාගේරියන් ගේ සීන්ස් කිහිපයකුත් පෙන්නයි පළවෙන එපිසෝඩ් එකේ එහෙම.
![]() |
Old King Jaehaerys I Targaryen |
දැන් මේ Viserys කියන්නේ කවුද? ඕල්ඩ් කින්ග් ජහේරිස් ට පුතාලා දෙන්නෙක් හිටියා ඒමොන් සහ බේලොන්(Aemon and Baelon) කියලා. ඒමොන් තමා ෆස්ට් බෝර්න්. බේලොන් සෙකන්ඩ් බෝර්න්. හැබැයි මේ දෙන්නම මැරෙනවා ජහේරිස් රජවෙලා ඉන්න කාලෙම. සාමාන්‍යයෙන් ටාගේරියන් ට්‍රැඩිෂන් එක තමා පිරිමි අය රජ වෙන එක. ඒමොන් සහ බේලොන් මැරුණට පස්සේ ඒ අනුව රජවෙන්නේ ජහේරිස් ගේ සෙකන්ඩ් බෝර්න් බේලොන් ගේ වැඩිමහල් පුතා විසේරිස්. මේක තමා HOTD එකේ සිදුවීම් වලට හේතුවුණ පළවෙනි seed එක එහෙම නැත්නම් බීජය කියලා කියන්න පුළුවන් වෙන්නේ.
![]() |
Viserys I Targaryen |
ඒක මෙහෙමයි. ජහේරිස් ගෙන් පස්සේ රජකම යන්න තිබ්බේ එයාගේ ෆස්ට්බෝර්න් ප්‍රින්ස් ඒමොන් ට. ඊට පස්සේ ඒමොන් ගේ දරුවටනේ. හැබැයි ඒමොන් ට හිටියේ දුවෙක් විතරයි. ඒ තමයි Rhaenys Targaryen. අපි ට්‍රේලර්ස් වල දැකපු කෙනා තමයි. Corlys Velaryon ගේ වයිෆ්. හැබයි රේනිස් ගෑනුකෙනෙක් නිසා එයාට අයන් ත්‍රෝන් එක ගන්න වෙන්නේ නෑ.
![]() |
Rhaenys Targaryen |
හැබැයි රේනිස් ගේ හස්බන්ඩ් කෝර්ලිස් වෙලාරියන් කියන්නේ වෙස්ටරෝස් වල පවර්ෆුල් කෙනෙක්. එයාට ඕනේ එයාගෙ වෙලාරියන් බ්ලඩ් තියෙන කෙනෙක් අයන් ත්‍රෝන් එකට යවන්න. ඒ රේනිස් ක්වීන් කරලා ඊට පස්සේ එයාට දාව කෝර්ලිස් ට හම්බවෙන දරුවන්.
![]() |
Corlys Velaryon |
ජහේරිස් කියන්නේ හරිම සූක්ෂම සහ බුද්ධිමත් රජකෙනෙක්. එයා දන්නවා කෝර්ලිස් ව තරහ කරගනුත් බැහැ ඒ වගේම කෝර්ලිස් එක්ක ජෙලස් එකේ ඉන්න අනික් වෙස්ටරෝස් හවුසස් තරහ කරගෙනත් බෑ කියලා. ඒ වගේම ට්‍රැඩිෂන් එකත් ආරක්ෂා කරන්න ඕන. The man who passes the sentence, shall swing the sword. ඒ නිසා ජහේරිස් එයාගේ ඉතුරුවෙලා ඉන්න එකම පුතා Vaegon Targaryen (මෙයා ආර්ක්මේස්ටර් කෙනෙක් නිසා අයන් ත්‍රෝන් එක ගැන උනන්දුවක් නැහැ) එක්ක කතාකරලා මේකට විසඳුමක් ගේනවා. ඒක තමයි වෙස්ටරෝස් වල ඉන්න හැම නෝබ්ල් හවුස් එකක් ම එක තැනකට රැස් කරලා අයන් ත්‍රෝන් එකට heir එකක් චන්දයක් මඟින් නම් කරන එක. අර GOT එකේ අන්තිමට බ්‍රැන්ව ගෙනාවා වගේ. මේකට කියන්නේ Great Council of 101Ac කියලා. ඒ කවුන්සිල් එකෙන් තෝරගන්න ජහේරිස් ගේ අනුප්‍රාප්තිකයා තමයි බේලොන් ගේ වැඩිමහල් පුතා විසේරිස් ටාගේරියන්. මේකට කෝර්ලිස් ත් අන්තිමේ කෝමහරි එකඟ වෙනවා.
![]() |
Great Council of 101 |
විසේරිස් ගේ පාලන කාලයෙත් අයන් ත්‍රෝන් එකේ heir එක ගැන ප්‍රශ්නයක් එනවා. මොකද ඒ වෙනකොට විසේරිස් ට හිටියේ එක දුවෙක් විතරයි. ඒ තමයි Rhaenyra Targaryen. එයාගේ නික් නේම් එක "Realm's Delight". එතකොට අයන්ත්‍රෝන් එකේ අනුප්‍රාප්තිකයා කවුද කියලා පැහැදිලි තීරණයක් තිබ්බේ නැහැ.
![]() |
Rhaenyra Targaryen |
විසේරිස් ගේ සහෝදරයා ඩේමොන් නම් කියව කියව හිටියේ එයා තමයි විසේරිස් ගේ heir එක කියලා. හැබැයි විසේරිස් ඒ වෙනකොට young king කෙනෙක්. තව ළමයි හදන්න ඕන තරම් කල් තිබ්බා. හැබැයි යම් කිසි හේතුවක් නිසා විසේරිස් එයාගේ දුව රෙනීරා ව එයාගේ heir විදිහට නම් කරනවා සහ වෙස්ටරෝස් වල ලෝර්ඩ්ස් ලා ඒකට pledge කරනවා එහෙම නැත්නම් එකඟ වෙනවා. ඒ හේතුව මට දැන් කියන්න බැහැ මොකද ඒක මන් හිතන්නේ එපි වන් එකේ ශොකින් සීන් එකක් විදිහට තියෙනවා කියලා කියලා තියෙනවා. පොතට වඩා සෑහෙන ඉමෝෂනල් සහ ඩිස්ටර්බින් විදිහට තියෙනවා කියලා කියන්නේ. කෝමහරි කාලයක් යනකොට විසේරිස් ගේ වයිෆ් නැතිවෙනවා. ඊට පස්සේ ටික කාලෙකින් විසේරිස් තව වයිෆ් කෙනෙක් ගේනවා. ඒ තමයි විසේරිස් ගේ හෑන්ඩ් Ser Otto Hightower ගේ දුව Alicent Hightower.
![]() |
Alicent Hightower |
මේ ඇලිසන්ට් හයිටවර් ට දාව විසේරිස් ට දරුවෝ හතර දෙනෙක් ඉපදෙනවා. පුතාලා තුන්දෙනෙක් සහ එක දුවෙක්. වයසේ පිළිවෙලට Aegon II Targaryen, Helaena Targaryen(දුව), Aemond Targeryan සහ Daeron Targaryen. දැන් විසේරිස් ට පුතාලා තුන්දෙනෙක් ම හිටියත් එයා රෙනීරා අයන් ත්‍රෝන් එකේ heir එක කියලා නම් කරපු තීරණය වෙනස් කරගන්නේ නැහැ. හැබැයි ඇලිසන්ට් ට ඕනේ එයාගේ පුතාලව රජ කරවන්න. සර්සි ලැනිස්ටර් වගේම තමා. හැබැයි තියෙන විස්තර වලට අනුව සීරීස් එකේ මුල රෙනීරා සහ ඇලිසන්ට් ලා හොඳම යාළුවෝ දෙන්නෙක්. පස්සේ තමා තරහ වෙන්නේ මේ දෙන්නා. කොහොමහරි විසේරිස් කින්ග් මැරුණට පස්සේ ඇලිසන්ට් සහ ඔටෝ හයිටවර් ප්‍රමුඛ වෙලා Aegon II ව අයන් ත්‍රෝන් එකේ රජ කරනවා.
![]() |
Aegon II |
මේ වෙනකොට Dragonstone වල Princess of Dragonstone විදිහට හිටපු අයන් ත්‍රෝන් එකේ named heir රෙනීරා මේ වැඩේ ගැන දැනගත්තට පස්සේ ඇතිවන රෙනීරා ප්‍රමුඛ alliance එක සහ කින්ග්ස්ලෑන්ඩින් වල ඉන්න Aegon II සහ ඇලිසන්ට් ප්‍රමුඛ එයාලගේ alliance එක අතර ඇතිවෙන යුද්ධය තමා HOTD එකෙන් අපිට බලාගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ තැන වෙනකන් ඒ කියන්නේ විසේරිස් මැරෙන තැන වෙනකන් තමා මන් හිතන්නේ ගොඩක් වෙලාවට මේ සීසන් වන් එකේ සීන්ස් තියෙන්නේ. ඒ කියන්නේ සෑහෙන ලොකු ස්ටෝරියකට බේස් එකක් තමයි සීසන් වන් එකෙන් අපිට දෙන්න යන්නේ. GOT සීසන් වන් එක වගේම එකක්. අපිට මෙ ස්ටෝරිය සම්පූර්ණයෙන් කියන්න පුළුවන්. හැබැයි ඒක කිසි තේරුමක් නැති වැඩක්. ඒ දේ සීරීස් එකෙන් කරයි. අපිට පුළුවන් බැක්ග්‍රවුන්ඩ් එක ගැන පැහැදිලි කරන්න විතරයි.
![]() |
Greens vs Blacks |
HOTD එකේ ප්‍රධාන සටන් පිළ වල් දෙක එහෙම නැත්නම් පැති දෙක හඳුන්වන්නේ බ්ලැක්ස් සහ ග්‍රීන්ස් කියලා. (Blacks and Greens) මේකට හේතුව රෙනීරා සහ ඇලිසන්ට් අතර තියෙන තරහ සහ තරඟය කින්ග්ස් කෝර්ට් එකේ අනිත් අය අතරත් ප්‍රසිද්ධ වුණ ඉවෙන්ට් එකක් තියෙනවා. ඒක tourney එකක්. ඒ කියන්නේ පාටි එකක් වගේ. අර සීසන් වන් එකේ කින්ග්ස්ලෑන්ඩින් වල තිබ්බ එක වගේ. ඉතින් මේ ටර්නි එකට රෙනීරා ඇඳගෙන ආවේ බ්ලැක් ඩ්‍රෙස් එකක්. ඇලිසන්ට් ඇඳගෙන ආවේ ග්‍රීන් ඩ්‍රෙස් එකක්. ඒකින් තමා මේ බ්ලැක්ස් සහ ග්‍රීන්ස් විදිහට පැති බෙදිලා තියෙන එක ඉන්ස්පයර් කරලා තියෙන්නේ. මේක තමා ඇලිසන්ට් රෙනීරා ගැටුමේ ඔෆීෂියල් ඔරිජින් එක. ඉතින් අපි මේ විදිහට බ්ලැක්ස් සහ ග්‍රීන්ස් ලා ට සපෝර්ට් කරපු මේජර් හවුසස් සහ කැරැක්ටර්ස් ඒ වගේම දෙපැත්තකට බෙදලා පැහැදිලි කරන්නම්. බැක්ග්‍රවුන්ඩ් එක විතරයි.
Blacks( Rhaenyra Targaryen)
බ්ලැක්ස් වල ක්වීන් තමා ප්‍රින්සස් රෙනීරා ටාගේරියන්. කින්ග් විසේරිස් සහ Aemma Arryn ගේ දුව. රෙනීරා ගේ අම්මා Aemma ත් විසෙරිස් වගේම ජහේරිස් ගේ ග්‍රෑන්ඩ්චයිල්ඩ් කෙනෙක්. ජහේරිස් ගේ දුවෙක් ගේ දුවෙක්.
![]() |
Viserys I and Aemma Arryn |
රෙනීරා ගේ ෆස්ට් හස්බන්ඩ් වෙන්නේ Laenor Velaryon. මේ ලේනොර් කියන්නේ රේනිස් ටාගේරියන් සහ කෝර්ලිස් වෙලාරියන් ගේ පුතාට.
![]() |
Laenor Velaryon and Rhaenyra Targaryen |
රෙනීරා ට සහ ලේනොර් ට දාව පුතාලා තුන් දෙනෙක් හම්බවෙනවා. ඒ තමයි වයසේ පිළිවෙළින් Jacaerys Velaryon(Jace), Lucerys Velaryon(Luke) සහ Joffrey Velaryon.
![]() |
Princess Rhaenyra with her children |
මේ ලේනොර් වෙලාරියන් ගේ කෙනෙක්. GOT එකේ Renly Baratheon වගේ. Joffrey Velaryon ට නම දාලා තියෙන්නෙත් ලේනෝර් ලව් කරපු නයිට් කෙනෙක් ඉන්නවා Joffrey කියලා. ඒ නයිට් නැතිවුණ නිසා එයාට ගෞරවයක් විදිහට තමා ඒ නම දාලා තියෙන්නේ. ඊට පස්සේ ලේනොර් ට සෙට් වෙනවා Ser Qarl Correy කියලා නයිට් කෙනෙක්. රෙනීරා සහ ලේනොර් මැරි කරාට පස්සේ රෑට බෙඩ් එකේ ලේනොර් සහ මේ නයිට් සෙක්ස් කරන්කොට රෙනීරා එහාකට වෙලා බලන් ඉන්නවනු. පොතේ තියෙන්නේ එහෙම බලන් ඉන්නකොට රෙනීරා arouse වෙනවා කියලා. ඒ කියන්නේ මෝල් වෙනවා සාමාන්‍යය භාෂාවෙන්. සමහර දවස් වල රෙනීරා වත් එකතු කරගන්නවනු ගේ කපල් එකේ සමහර සෙක්සුවල් ඇක්ටිවිටීස් වලට. ඒ කියන්නේ බයිසෙක්සුවල් ත්‍රීසම්. සමහර විට සීරීස් එකේ ඕවා පෙන්නයි. මොකද ක්‍රිටික් රිවීව්ස් එහෙම තිබ්බා too much sex කියලා. ඒ වගේම සමහර දවස් වල මේ ගේ කපල් එක සෙක්ස් කරනකොට රෙනීරා කාමරෙන් එළියට ගිහින් යනවා තව කෙනෙක් ළඟට. ඒ Ser Harwin Strong ළඟට. Harwin Storng කියන්නේ Harrenhal වල ලෝර්ඩ් Lyonel Strong ගේ වැඩිමහල් පුතා. මෙයාව හඳුන්වන්නේ ඒ කාලේ වෙස්ටරෝස් වල හිටපු ස්ට්‍රෝන්ගස්ට් ම මිනිහා කියලා. රෙනීරා ගේ ටේස්ට් එක මරු හැබැයි. ලයනල් ස්ට්‍රෝන්ග් විසේරිස් ගේ ස්මෝල් කවුන්සිල් එකේ මෙම්බර් කෙනෙක් නිසා එයා එයාගේ පුතාලා දෙන්නා සහ දුවලා එක්ක කින්ග්ස්ලෑන්ඩින් වල ඉන්නේ. නෙඩ් ස්ටාක් හිටියා වගේ. ලයනල් ස්ට්‍රෝන්ග් ගේ දුවලා රෙනීරා ගේ හෑන්ඩ්මේඩන් ලා වගේ තමා හිටියේ. මට ඒ පොසිෂන් එකට කියන නම මතක නැහැ. පිරිවර සහකාරියෝ වගේ තේරුමක් තියෙන්නේ. කෝමහරි රෙනීරා ගේ ලේනොර් ට දාව ඉපදෙන ළමයි තුන්දෙනාගෙම කොණ්ඩ දුඹුරු(brown) දුඹුරු පාටයි. හැබැයි රෙනීරා සහ ලේනොර් දෙන්නගෙම කොණ්ඩ වැලීරියන් සිල්වර් කලර් එකින් තියෙන්නේ. ඒ නිසා රූමර් එක තියෙන්නේ මේ රෙනීරා ගේ ළමයි තුන් දෙනා ගේ ඇත්ත තාත්තා දුඹුරු කොණ්ඩයක් තියෙන Ser Harwin Strong කියලා. මේ රූමර් එක තමයි ඇලිසන්ට් වැඩියෙන්ම යූස් කරන තුරුම්පුව එයා ගහන ගේමට. "Strongs" කියලා තමා ඇලිසන්ට් ගේ ළමයි රෙනීරා ගේ ළමයිට අපහාස කරන්නේ. GOT එකේ සර්සි ගේ ළමයි වගේම සීන් එකක්. බාස්ටර්ඩ්ස් ලා. හැබැයි රූමර්ස් ඒවා.
![]() |
Ser Harwin Strong |
කොහොමහරි මේ ලේනොර් මැරෙනවා. ඒකට හේතුව ස්පොයිල් වෙන නිසා කියන්න බැහැ. ඊට පසේ රෙනීරා ගේ හස්බන්ඩ් වෙන්නේ විසේරිස් ගේ සහෝදරයා එහෙම නැත්නම් රෙනීරා ගේ අන්කල් ඩේමොන් ටාගේරියන් එක්ක. රෙනීරා සහ ඩේමොන් ට දාව පුතාලා දෙන්නෙක් ඉපදෙනවා. ඒ තමයි Aegon සහ Viserys. තව දුවෙක් පස්සේ ඉපදෙනවා. හැබැයි ඒ ගැන අපි කතාකරන්නේ නැහැ. මොකද සීසන් වන් එකේ මට අනුව ශොකින්ම සීන් එකක් වෙන්නේ ඒ ළමයට අදාළව. ඒක අපි කියන්නෙත් නැහැ හොයන්න යන්නත් එපා.
![]() |
Daemon and Rhaenyra |
ඩේමොන් ටාගේරියන් රෙනීරා ව මැරි කරන්න කලින් එයාට වයිෆ් ලා දෙන්නෙක් හිටියා. පළවෙනි වයිෆ් තමයි Rhea Royce. ඩේමොන් ට පෙන්නන්න බෑ මෙයාව. ඩේමොන් මෙයාට කියන්නේ bronze bitch කියලා. කෝමහරි මේ වයිෆ් නැතිවෙනවා. ඊට පස්සේ ඩේමොන් මැරි කරන්නේ කෝර්ලිස් ගේ දුව ලේනොර් ගේ වැඩිමහල් සහෝදරිය Laena Velaryon ව. ඩේමොන් Laena ට කැමතියි. Laena සහ Laenor වෙලාරියන් ලා වුණාට ඒ දෙන්නම ඩ්‍රැගන්රයිඩර්ස් ලා. අම්මා රේනිස් ටාගෙරියන් සග ඩ්‍රැගන්රයිඩර් කෙනෙක් නිසා වෙන්න ඕන. මේ ලේනා වෙලාරියන් ගේ ඩ්‍රැගන් තමා Vhagar. වේගාර් කියන්නේ ඒගොන් ගේ කොන්කෙස්ට් එකේ මකරු තුන්දෙනාගෙන් එක්කෙනෙක්. කොන්කෙස්ට් එකේ එගොන් ගේ සිස්ටර් Visenya ගේ මකරා. HOTD එකේ ඉන්න විශාලම මකරා තමා Vhagar කියන්නේ. කොන්කෙස්ට් එකේ හිටපු අනික් මකරු දෙන්නම ඒ වෙනකොට මැරිලා හිටියේ. විසේරිස් තමා ඒගොන් ගේ මකරා බැලේරියන් ද බ්ලැක් ඩ්‍රෙඩ් ගේ අන්තිම රයිඩර්. විසේරිස් රජ වෙන්න කලින් බැලේරියන් මැරෙනවා. විසේරිස් ගේ තාත්තා බේලොන් තමා විසෙන්‍යා ට පස්සේ වේගාර් ගේ රයිඩර් වුණේ. ඊට පස්සේ තමා ලේනා වෙලාරියන් වේගාර් ගේ රයිඩර් වුණේ.
![]() |
Laena Velaryon |
ඩේමොන් ගේ ඩ්‍රැගන් තමා Caraxes. කැරැක්සිස් ගේ කලින් රයිඩර් රෙනීස් ගේ තාත්තා ඒමොන්. කෝමහරි ඩේමොන් ලේනා ව මැරි කරාට පස්සේ Essos වලට ඩ්‍රැගන් ලා පිටින් ගිහින් තියෙනවා. එහෙ ගොඩල් කල් ඉඳලා ළමයි දෙන්නෙකුත් හදලා තියෙනවා. ඒ තමයි Baela සහ Rhaena. එයාලා twin sisters ලා.
![]() |
Baela, Rhaena, Jacaerys and Lucerys |
ඊට පස්සේ මේ දෙන්නා දුවලා දෙන්නා එක්ක ආයේ වෙස්ටරෝස් වලට එනවා. ඊට පස්සේ මේ ෆැමිලි එක සහ රෙනීරා ලේනොර් ෆැමිලි එක සෑහෙන සමීප වෙනවා. කොහොමහරි ලේනා වෙලාරියන් චයිල්ඩ් බර්ත් එකක් අතරතුරේ ළමයා එක්කම මැරෙනවා. ඒ කාලෙම වගේ තමා එයාගේ සහෝදරයෝ රෙනීරා ගේ හස්බන්ඩ් ලේනොර් මැරෙන්නේ. ඊට පස්සේ තමා රෙනීරා ඩේමොන් ව මැරි කරන්නේ.
![]() |
Daemon Targaryen |
ඩේමොන් රෙනීරා රිලේෂන්ශිප් එක සෑහෙන යුනික් සහ කම්ප්ලෙක්ස් එකක්. රෙනීරා පොඩි කාලෙ එයා ඩේමොන් ට සෑහෙන කැමතියි. ඩේමොන් ත් එහෙමයි. ඩේමොන් Essos වලට කැරැක්සිස් එක්ක ගිහින් ගේන exotic ඒ කියන්නේ දුර්ලභ වටිනා එක එක තෑගි රෙනීරා ට ගේනවා. ඒ වගේම රෙනීරා පොඩි කාලේ එයාට ක්‍රශ් එකක් හිටියා. ඒ තමයි Ser Criston Cole. මිනිහා සෑහෙන දක්ෂ ෆයිටර් කෙනෙක්. ඩේමොන් වත් ඩිෆීට් කරලා තියෙනවා සමහර ෆයිටින් තරඟ වලදි. කින්ග්ස් කෝර්ට් එකේ ඔය ඉන්න හයි බෝර්න් පොෂ් කෙල්ලන්ගේ ක්‍රශ් එක තමා මේ නයිට්. රෙනීරා ත් එහෙමයි. ඒ නිසා එයා එයාගේ තාත්තා කින්ග් විසේරිස් ලවා මේ ක්‍රිස්ටන් කෝල් ව තමන්ගේ පර්සනල් ප්‍රොටෙක්ටර් කරගන්නවා.
![]() |
Young Rhaenyra Targaryen |
ඩේමොන් තමා රෙනීරා ට මේ ක්‍රිස්ටන් කෝල් ව සෙඩියුස් කරන විදිහ උගන්වන්නේ. මොකද ක්‍රිස්ටන් ට ෆීලින්ග්ස් නැහැ රෙනීරා ගැන. එතකොට ඩේමොන් තමා රෙනීරා ට උගන්වන්නේ ඔක්කොම මායම් ට්‍රික්ස් සහ සෙක්ස් එඩියුකේෂන්. හැබැයි රෙනීරා ට ඒත් පුළුවන් වෙන්නේ නැහැ ක්‍රිස්ටන් ගේ කැමැත්ත ගන්න. අන්තිමට වෙන්නේ විසේරිස් ඩේමොන් වත් වෙස්ටරෝස් වලින් එලවලා රෙනීරා ව ගේ ලේනොර් ට මැරි කරලා දෙන එක. පස්සේ ක්‍රිස්ටන් කෝල් ඇලිසන්ට් හයිට්වර් ට සපෝර්ට් කරන්න යනවා.
![]() |
Ser Criston Cole |
මේ ඩේමොන් ඇත්තටම ලව් කරපු Essos වලින් ආපු ඩාන්සර් කෙනෙක් ඉන්නවා Mysaria කියලා. එයාට කියන්නේ White Worm කියලා. මෙයා සෑහෙන මිස්ටීරියස් කෙනෙක්. මෙයාවත් විසේරිස් වෙස්ටරෝස් වලින් කලින් එලවලා තියෙනවා ඩේමොන් එක්ක තියෙන රිලේෂන්ශිප් එක නවත්වන්න. ඒ රෙනීරා තවත් පොඩි කාලේ.
![]() |
Mysaria |
මේ සිදුවීම වුණාට පස්සේ ඩේමන් කෝර්ලිස් එක්ක එකතු වෙලා වෙනම වැඩක් පටන් ගන්නවා. වෙස්ටරෝස් සහ Essos අතර තියෙන Narrow Sea එකේ එක තැනක් තියෙනවා Stepstones කියලා. පොඩි පොඩි දූපත් ගොඩක් තියෙන්නේ. අපේ මන්නාරමේ වැලි දූපත් ටික වගේ.
![]() |
Stepstones |
ඉතින් මේ දූපත් වල පාලන බලය තියෙන Essos වල Triarchy කියන පාලන අධිකාරිය බදු අය කරනවා ඒ දූපත් ළඟින් යන නැව් වලින්. නැව් සහ වෙළඳාම් කටයුතු කරන වෙලාරියන් ලට මේක සෑහෙන කරදරකාරී දෙයක්. ඒ නිසා කෝර්ලිස් ඩේමොන් එක්ක එකතු වෙලා මේ Stepstone අල්ලගන්න යුද්ධයක් කරනවා. HOTD පළවෙනි සීසන් එකේ අපිට යුද්ධයකට කියලා බලන්න වෙන්නේ ඒක විතරයි ගොඩක් වෙලාවට.
![]() |
War for the Stepstones |
ඩේමොන් කියන්නේ සටනට දක්ෂ ඉක්මනින් කේන්ති යන moody පොරක්. මකරෙක් වගේම තමා. දරුණුයි. ටිකක් ප්ලේ බෝයි ලක්ෂණත් තියෙනවා. ඩේමොන් තමා කින්ග්ස්ලෑන්ඩින් වල සිටි වොච් එක සෑහෙන බලවත් විදිහට ගොඩනැඟුවේ. ගෝල්ඩ් ක්ලෝක්ස් කියන නම පවා ආවේ ඩේමොන් සිටි වොච් එකේ ලෝර්ඩ් කමාන්ඩර් වෙලා ඉන්නකොට.
![]() |
Daemon Targaryen The Commander of City Watch |
කෝර්ලිස් වෙලාරියන් කියන්නේ ඩේමොන් ට පස්සේ රෙනීරා ට සපෝර්ට් කරන ප්‍රධානම පුද්ගලයා කියලා කියන්න පුළුවන්. මේ කාලේ වෙනකොට කෝර්ලිස් තමා සෙවන් කින්ග්ඩම්ස් වල පොහොසත්ම මනුස්සයා. ඔව් ලැනිස්ටර්ස් ලට වඩා පොහොසත්. වෙලාරියන් හවුස් එක වෙස්ටරෝස් වල බලවත්ම හවුස් එකක් කරේ කෝර්ලිස් තමා. එයා කරපු වික්‍රමාන්විත නැව් ගමන්, වෙළඳාම් සහ වෙන දේශයන් ගෙන් ගෙනාපු වස්තු සම්භාරය නිසා තමයි එයාට මෙහෙම පොහොසත් වෙන්න පුළුවන් වුණේ. වෙස්ටරෝස් වල බලවත්ම නැව් ඇණිය ඒ කියන්නේ නේවල් ෆ්ලීට් එක තිබ්බේ වෙලාරියන් ට. වෙලාරියන් ලා ඉන්න ඩ්‍රිෆ්ට්මාර්ක් වල අළුත් කාසල් එකක් හදනවා High Tide කියලා. ඒ වගේම ඩ්‍රිෆ්ට්මාර්ක් වෙස්ටරෝස් වල ප්‍රධාන ට්‍රේඩ් සෙන්ටර් එකක් කරන්නෙත් කෝර්ලිස් තමා. කෝර්ලිස් ට කියන නික් නේම් එක තමයි Sea Snake. කෝර්ලිස් ගේ නැවේ නමත් ඒක තමයි. කොච්චර පවර්ෆුල් වුණත් කෝර්ලිස් කියන්නේ කවදාවත් තියෙන දෙයින් සැටිස්ෆයි වෙන්නැති මනුස්සයෙක් කියලා තමයි කියන්නේ. කෝර්ලිස් ගේ වයිෆ් තමයි රේනිස් ටාගේරියන්. එයාගේ නික් නේම් එක තමයි Queen who never was. ඒ එයාට අයන් ත්‍රෝන් එක ලැබුණේ නැති නිසා. රේනිස් ගේ තාත්තා ජහේරිස් ගේ ෆස්ට්බෝර්න් පුතා ඒමොන් සහ එයාගේ අම්මා ජොසලින් බරැතියොන්.
![]() |
Velaryons |
Greens(Aegon II Targeryan & Alicent Hightower)
ඇලිසන්ට් හයිටවර් කියන්නේ කින්ග් විසේරිස් ගේ හෑන්ඩ් Ser Otto Hightower ගේ දුව. ඔටෝ හයිටවර් කියන්නේ Oldtown වල ලෝඩ් Hobert Hightower ගේ බාල සහෝදරයා. පස්සේ HOTD එකේ සිදුවීම් වෙනකොට ඕල්ටවුන් වල ලෝඩ්ශිප් එක තියෙන්නේ හොබර්ට් ගේ පුතා ඕර්මන්ඩ් හයිටවර් ට.(Ormund)
![]() |
Hightower Sigil |
ඔටෝ හයිටවර් කින්ග් ජහේරිස් ගේ හෑන්ඩ් වෙලත් ඉඳලා තියෙනවා. ජහේරිස් ගේ අන්තිම කාලේ සිහිමදව ඉන්නකොට ජහේරිස් ව බලාගෙන තියෙන්නේ ඇලිසන්ට් හයිටවර්. ජහේරිස් සෑහෙන අබල දුබල වෙලා හිටපු නිසා ඇලිසන්ට් ව එයාගේ දුවෙක් විදිහට වැරදියට වටහගෙන හිටියනු අන්තිම කාලේ. ඒ වගේම රූමර්ස් තිබිලා තියෙනවා ඇලිසන්ට් ජහේරිස් ට සාත්තු සාප්පයම් කරනවට වඩා දේවල් ඇඳේ ඉඳන් කරලා තියෙනවා කියලා. ඒ වගේම විසේරිස් ව මැරි කරන්නත් කලින් විසේරිස් එක්ක එක එක දේවල් කරලා තියෙනවා කියලත් රූමර්ස් තිබිලා තියෙනවා.
![]() |
Young Alicent Hightower |
කොහොමහරි ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් වෙන්නැති කවුද මේ Hightowers ලා කියන එක. GOT වල හරියට අහන්නවත් ලැබුණේ නැති හවුස් එකක් කොහොමද HOTD වල මේජර් හවුස් එකක් වෙලා තියෙන්නේ කියන එක. හැබැයි ඇත්තටම අවුරුදු දාස් ගාණක ඉඳන් වෙස්ටරෝස් වල හිටපු පරණම, ශ්‍රේෂ්ඨතම සහ පොහොසත්ම හවුස් එකක් තමයි හයිටවර්ස් ලා කියන්නේ.
![]() |
Alicent Hightower and Otto Hightower |
හයිට්වර්ස් ලගේ ලෑන්ඩ් එක වෙන Oldtown කියෙන්නේ වෙස්ටරෝස් වල පරණම, ලොකුම, වැදගත්ම සහ පොහොසත්ම නගරයක්. වෙස්ටරෝස් වල ටොප් සිටීස් තුන තමයි Kinglanding, Oldtown සහ Lannisport(ලැනිස්ටර්ස් ලගේ).
![]() |
Oldtown |
මේ ඕල්ඩ්ටවුන් එකට තමයි GOT එකේ සෑම් ගිලී එක්ක මේස්ටර් (Maester) කෙනෙක් වෙන්න ඉගෙන ගන්න යන්නේ. මේස්ටර්ස් ලව පුහුණු කරන Citadel කියන ආයතනය තියෙන්නෙත් මේ ඕල්ඩ්ටවුන් වල. ඒ වගේම වෙස්ටරෝස් වල ප්‍රධාන ආගමක් වෙන Faith of the Seven එකේ බේස් එකත් තියෙන්නේ ඕල්ඩ්ටවුන් වල. හැබැයි ඕල්ඩ්ටවුන් වෙස්ටරෝස් වල තියෙන යුද්ධ එක්ක එච්චර සම්බන්ධ වෙන්නේ නැහැ. HOTD එකේ නම් සම්බන්ධ වෙනවා.
![]() |
Oldtown |
ඇලිසන්ට් ට ඉන්නවා පුතාලා තුන්දෙනෙක් සහ එක දුවෙක්. වැඩිමහල් පුතා Aegon මැරි කරන්නේ ඇලිසන්ට් ගේ දුව එහෙම නැත්නම් එයාගේ නංගී Helaena ව. ඒ දෙන්නට දාව දරුවෝ තුන්දෙනෙක් ඉපදෙනවා. Jaehaera, Jaehaerys, Maelor. ඇලිසන්ට් ගේ දෙවෙනි පුතා තමයි Aemond Targaryen. Aemond One Eye කියලත් කියනවා. මිනිහ ඩේමොන් වගේ පොරක්. සටන් කරන්න දක්ෂ ඉක්මනින් තරහ යන ඇඩ්වෙන්චරස් ලක්ෂණ තියෙන කෙනෙක්. ලේනා මැරුණට පස්සේ එයාගේ මකරා වේගාර් ගේ රයිඩර් වෙන්නෙත් ඒමොන්ඩ් තමා. Daeron Targaryen ව පොඩි කාලෙම යවනවා ඕල්ඩ්ටවුන් වලට එහෙ ලෝඩ් හයිටවර් ගේ squire විදිහට වැඩකරන්න,
![]() |
Aemond One Eye |
මීට අමතරව තව බ්ලැක්ස් ලා සග ග්‍රීන්ස් ලා ට සපෝර්ට් කරන අනික් හවුසස් සහ කැරැක්‍ටර්ස් සෑහෙන ගොඩක් තියෙනවා. GOT බලපු අයගේ ෆේමස්ම හවුසස් දෙක වෙන ස්ටාක්ස් ලා සහ ලැනිස්ටර්ස් ලා ගැනවත් මොනවත් අපි කිව්වේ නැහැනේ. හැබැයි මන් හිතන්නේ ඒ අනික් හවුසස් ගැන සීසන් 2 එක එනකොට විස්තර කරොත් වඩා හොඳයි කියලා. මොකද අපිට දැනගන්න ලැබෙන විදිහට සීසන් වන් එකේ ටාගේරියන්, වෙලාරියන් සහ හයිටවර්ස් ලා ඇර අනික් හවුසස් එච්චර ස්ටෝරියට ඉන්වෝලව් වෙන්න නැහැ. වෝර් එක ඔෆීෂියලි පටන්ගත්තට පස්සේ තමා අනික් හවුසස් බෙදෙන්න ගන්නේ. ඒක වෙන්නේ ගොඩක්වෙලාවට සීසන් 2 එකේ. එහෙම නැත්නම් සීසන් වන් එක යනකොට මැදදී අපිට තව රිවීව් එකක් ගේන්න පුළුවන්. ඔක්තෝබර් මැද වෙනකන් මේක යනවනේ. මේ කියලා තියෙන ටික හොඳටම ඇති. සහ සීරීස් එකෙත් හොඳට බැක්‍ග්‍රවුන්ඩ් එක පැහැදිලි කරලා තියෙනවා කියලා කියනවා. පහළින් අපි දාලා තියෙනවා HOTD එකේ ඩ්‍රැගන් රයිඩර්ස් ලා සහ එයාලගේ ඩ්‍රැගන්ස් ලගේ නම්. සීරීස් එකේ මේන් තීම් එක මකරු නිසා ඉන්න හැම මකරගෙම නම් දැනගෙන ඉන්න එක හොඳයි.
Rhaenyra Targaryen - Syrax
Daemon Targaryen - Caraxes (Blood Wyrm)
Rhaenys Targaryen - Meleys (The Red Queen)
Laenor Velaryon - Seasmoke
![]() |
Seasmoke(L) and Meleys(R) |
Laena Velaryon/Aemond Targaryen - Vhagar
Jacaerys Velaryon - Vermax
Lucerys Velaryon - Arrax
Joffrey Velaryon - Tyraxes
Baela Targaryen - Moondancer
Rhaena Targaryen - Morning
Aegon Targaryen (Son of Rhaenyra and Daemon) - Stormcloud
Alysanne Targaryen (Wife to King Jaehaerys I) - Silverwing
King Jaehaerys I - Vermithor
Aegon II Targaryen - Sunfyre
Helaena Targaryen - Dreamfyre
Daeron Targaryen - Tessarion
Jaehaera Targaryen(Daughter of Aegon II and Helaena) - Morghul
Jaehaerys Targaryen(Son of Aegon II and Helaena) - Shrykos
ඊට අමතරව කවදාවත් රයිඩර් කෙනෙක් හිටපු නැති ඩ්‍රැගන්ස් ලා තුන්දෙනෙල් ඩ්‍රැගන්ස්ටෝන් වල හිටියා.
Sheepstealer
Grey Ghost
Cannibal
මේ සමහර වයිල්ඩ් ඩ්‍රැගන්ස් ලට සහ රයිඩර්ස් ලා ඉන්න/හිටපු ඩ්‍රැගන්ස් ලට වෙන රයිඩර්ස් ලා හම්බවෙනවා. HOTD එකේ ඉස්සරහට යනකොට අපි ඒවා ගැන කතා කරමු. ඒ වගේම හවුස් ඔෆ් ද ඩ්‍රැගන් එකේ ටාගේරියන් ෆැමිලි ට්‍රී එකේ ෆොටෝ එකක් පහළින් දාලා තියෙනවා. ඒක බැලුවම තේරුම්ගන්න වඩා ලේසි.
ඔය ටික තමා දැනට අපිට කතා කරන්න තියෙන්නේ. ගොඩක්වෙලාවට සීසන් වන් එක මැද යනකොට තව රිවීව්ස් අපි ගෙනෙයි. සහ සිරීස් එක ඉස්සරහට යනකොට අපි අනිවාර්යෙන් රිවීව්ස් ගේනවා බැක්ග්‍රවුන්ඩ් එක පැහැදිලි කරලා. ඒ වගේම හවුස් ඔෆ් ද ඩ්‍රැගන් සීරීස් එකට සහ ඒ ගේම් ඔෆ් ත්‍රෝන්ස් යුනිවර්ස් එකේ ෆෑන්ස් ලා අපේ RWC House of the Dragon | Serendib ෆේස්බුක් ගෲප් එකට ජොයින්. මන් දන්න විදිහට ලංකාවේ එකම ෆේස්බුක් ගෲප් එක ඒක තමයි මේ සීරිස් එකට තියෙන. සෑහෙන හොඳ පෝස්ට්ස් තියෙනවා. ආටිකල් තියෙනවා. ලොකු නොලේජ් එකක් ගන්න පුළුවන්. අනිවාර්යෙන් ඒකට ජොයින් වෙන්න. ඊට අමතරව HBO එක සයිට් එකක් හදලා තියෙනවා මේ හවුස් ඔෆ් ද ඩ්‍රැගන්ස් සීරීස් එකට අදාළව. ඒ සයිට් එක සීරීස් ගයිඩ් එකක්. සීරීස් එකේ ඉන්න කැරැක්ටර්ස්, මැප්ස් සහ මකරු වගේ වැදගත් දේවල් ගැන විස්තර එපිසෝඩ් එකෙන් එපිසෝඩ් එක අප්ඩේට් කරනවා. ඒක මරු වැඩක්. අපිට ඕන විස්තරයක් ඒකෙන් බලාගන්න පුළුවන්. සයිට් එකේ ලින්ක් එක තමා පහළින් තියෙන්නේ.
And Now Our Watch Begins!