වාර්තා අලුත් කරමින් Black Widow ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ඉක්මවයි


පැන්ඩමික් එකෙන් පස්සේ ඇමෙරිකාව ඇතුලේ, එහෙම නැත්තම් ඩොමෙස්ටික් බොක්ස් ඔෆීස් ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 100යේ සීමාව අඩුම දින ගණනකින් උපයාගත් චිත්‍රපටය බවට පත්වෙන්න ස්කාලට් ජොහැන්සන්ගේ Black Widow චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. චිත්‍රපටය තිරගතවීම ආරම්භ වෙලා දවස් 6ක් වගේ පොඩි කාලයක් ඇතුලත තමයි මේ ආදායම උපයාගන්න Black Widow චිත්‍රපටයට හැකිව ලැබුනේ.

මීට කලින් Fast 9 චිත්‍රපටය තිරගතවීම ආරම්භවී දින 8ක් ඇතුලතත්, A Quiet Place Part II චිත්‍රපටය තිරගතවීම ආරම්භවී දින 15ක් ඇතුලත් ඩොමෙස්ටික් බොක්ස් ඔෆීස් ආදායම ඇ.ඩො. මිලියන 100 සීමාව පසු කරන්න සමත් වුනා.

Fast 9

විශේෂම කාරණාව වෙන්නේ Black Widow චිත්‍රපටය තියටර්ස් වලට වගේම Disney+ ස්ට්‍රීමින් එකටත් එකම දවසේ රිලීස් උන එක. මෙහෙම රිලීස් වෙලත් මේ වගේ බොක්ස් ඔෆීස් වාර්තා අලුත් කරනවා කියන්නේ ලොකු ජයග්‍රහණයක්. ඒ වගේම ආයෙත් ලෝකේ පුරාම මිනිස්සු තියටර් එකක චිත්‍රපටයක් රසවිදින්න තෝරාගෙන තියෙනවා කියලත් මේ බොක්ස් ඔෆීස් වාර්තා දිහා බලනකොට කියන්න පුලුවන්.

ලංකාවේ අපිටත් Black Widow තියටර් එකක බලන්න අවස්තාව ලැබෙන්න යන්නේ. හෙට ඉදන් ලංකාවේ තියටර්ස් ආයෙත් ඕපන් කරනවා. ඉතිං අභ්‍යන්තරය ආරංචි මාර්ගවලට අනුව තියටර්ස් ඕපන් කලාට පස්සේ එන මුල්ම චිත්‍රපට කීපය අතරේ Black Widow තියෙනවා. ඉතිං ඔයත් මාර්වල් ෆෑන් කෙනෙක් නම්, සැබෑ සිනමා රසිකයෙක් නම් කොහොමහරි Black Widow තියටර් එකක බලන්න. පැන්ඩමික් එක නිසා ස්ට්‍රීම් එකකට දැම්මට මේවා බිග් ස්ක්‍රීන් එකක එක්ස්පීරියන්ස් කරන්නම නිර්මාණය කරපු නිර්මාණ.


(Source - Deadline)

Post a Comment (0)
Previous Post Next Post