ලයිව් ඇක්ශන් බැට් ගර්ල් කවුරු වෙයිද?



ඔන්න DC ෆෑන්ස්ලා මග බලන් ඉන්න Batgirl ලයිව් ඇක්ශන් ෆිල්ම් එක ගැන අලුත් විස්තර ටිකක් ලැබිලා තියෙනවා.

ඩෙඩ්ලයින් වාර්තා කරන විදියට බැට් ගර්ල්ගේ චරිතය සදහා සුදුසුකම් ලැබූ අවසන් රංගන ශිල්පීන් හතර දෙනා තමයි මේ 👇

Isabella Merced
Zoey Deutch
Leslie Grace
Haley Lu Richardson

Haley Lu Richardson, Zoey Deutch, Isabela Merced and Leslie Grace

ඒ වගේම ඩෙඩ්ලයින් වෙබ් අඩවිය වාර්තා කරන විදියට මේ සතියේ මේ රංගන ශිල්පිනියන්ගේ ඔඩිශන් පටන් ගන්නවලු. ඉතිං බොහොම ඉක්මනට අපිට දැනගන්න පුලුවන් වේවි DCEU එකේ අලුත් බැට් ගර්ල් කවුද කියලා.

මේ ෆිල්ම් එකේ තව විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මේක HBOmax ස්ට්‍රීමින් එකට රිලීස් වෙන ෆිල්ම් එකක්. ඒ කියන්නේ මේක තියටර්ස් වලට රිලීස් වෙන්නේ නෑ (දැනට කියලා තියෙන විදියට).

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Bad Boys For Life චිත්‍රපටය අධ්‍යක්ෂණය Adil El Arbi සහ Bilall Fallah කරපු දෙන්නා.

Adil El Arbi and Bilall Fallah

ෆිල්ම් එකේදී අපිට දකින්න ලැබෙන්නේ බාබරා ගෝර්ඩන්ගේ (කමිශනර් ජිම් ගෝඩර්න්ගේ දුව) බැට් ගර්ල්. කොමික් වලදී මුලින්ම බැට් ගර්ක් උනේ බෙටී කේන්. ඒත් කොමික් වල උනත් සාර්ථකම බැට් ගර්ල් උනේ බාබරා ගෝර්ඩන්. ඒ නිසා තමා මේ ලයිව් ඇක්ශන් ෆිල්ම් එකටත් එයාගෙ චරිතෙ ගන්නේ. 

Barbara Gordon's Batgirl


බලමු.. පැටින්සන්ගේ බැට්මෑන් එක්ක එකම යුනිවර්ස් එකක මේක කොහොම නිර්මාණය වෙයිද කියලා.

(Source - Deadline)

1 Comments

Post a Comment
Previous Post Next Post