ඔන්න ඉතින් ඩිසි ෆෑන්ස්ලට පට්ටට සතුටු වෙන්න පුලුවන් ආරංචියක් ලැබිලා තියෙනවා... Rebirth Event එක අපිට Live Action බලාගන්න පුලුවන් චාන්ස් එකක් හම්බෙන්නයි යන්නෙ 😍 ( මේවනම් හැබැයි Rumors විතරයි.... FanDome එකෙ සීන් එක හරියට කියයි ) Rebirth Movie එකක් එන එකනම් සුවර් නෑ තාම.. ඕක ඇත්තක් වෙන්නත් පුලුවන් බොරුවක් වෙන්නත් පුලුවන්... ඒත් කෝකටත් කියලා ඩිසි ෆෑන්ස්ලත් දැන් බර Hype එකෙ ඉන්න නිසා හිතුනා Rebirth කියන්නෙ මොකක්ද ? ඒකෙ කොමික් පැත්ත ගැන එහෙම දාන්න..... එහෙනම් වැඩි කතා නැතුව පටන් ගමු.
මුලින්ම කියන්න ඕනෙ මම මුලින්ම හිතුවෙ ෆ්ලැශ්පොයින්ට් එක එන නිසා අපිට New 52 Reboot එක බලා ගන්න හම්බෙයි කියලා... ඒත් Rebirth එක ඊට වඩා පහරක් 😍 ඩිසි එක හරියට Rebirth Reboot Event එක කලොත් අපිට කලින් ෆිල්ම් වල චරිත පවා දකින්න හම්බෙයි ( මොකක්ද ඒ කුණුහරපෙ...ඉස්සරහට යද්දි තේරෙයි ඒක )
ෆ්ලැශ්පොයින්ට් එකෙන් DC Universe එක Reboot වෙලා New 52 ආවේ අපේ පෑස් කොලුවා කෙලපු පිස්සුව නිසා... ඒත් මොකක් නිසාද Rebirth Reboot එක වුනෙ ?? මොකක්ද ඒකෙන් වෙනස් වුනෙ ?? රීබර්ත් එකෙන් වුනේ DC universe එකෙන් අවුරුදු 10 ක් අයින් වෙච්ච එක ( ඈ..මොකක් ? ) සරලව කිව්වොත් ඩිසි යුනිවර්ස් එකෙන් අවුරුදු 10 ක් එහෙම් පිටින්ම නැති වෙනවා... සමහරුන්ට සමහරු මතක නැ.. සමහර එවුන් අතුරුදන්... ඒත් මේක ගැන එකෙක්ටවත් මීටරුත් නැ... ඔය සීනෙක මුලින්ම දැනගන්නෙ අපේ වොලියා ( TV සිරිස් එකෙ හිටපු කලු වොලියා නෙමෙ....දැන් ඉන්න වේගවත්ම ස්පීඩ්ස්ටර්, සුදු වොලියා ) පොර Speedforce එක අස්සෙ හිර වෙලා ඉදලා DC Universe Rebirth #1 එකෙ ඒකෙන් එලියට එනවා... පොරව කාටවත් මතක නැ... බැරියටත් එක පාරට මතක් වෙලා තමා වොලියව ස්පීඩ්ෆෝර්ස් එකෙන් ඇදල ගන්නෙ.... පොර ආපු ගමන් කරන්නෙ Titans ලත් එක්ක Rebirth එක ඇති වෙන්න හේතුව හොයන එක....උන්ට ඒක ගැන හම්බෙන්නෙ එකම එක වචනයක් විතරයි. ඒ "Manhattan".. කෝමහරි ඔය සීන් එකෙන් පස්සෙ යනවා Batman / Flash Crossover එකක් "The Button" කියලා... අභිරහස් හිනා මූණක බටන් එකක් ගැන තමා මේ සීනෙක යන්නෙ... ඉතින් බැටාට ඕක උගෙ කේව් එකෙ තිබිලා තමා හම්බෙන්නෙ... බැටා ඕක ගැන හොය හොය ඉද්දි රිවර්ස් ෆ්ලැශ් ඒක අරන් බැටාටත් ගහලා යනවා... පොර එතනදි කියනවා එයා God ව හම්බෙන්න යන්නෙ කියලා.. කෝමහරි Issue එකෙ අන්තිමට පෙන්නනවා රිවර්ස් පෑස් ආයෙ එනවා.. පොරට බරටම ඩැමේජ් වෙලා... පොරව පිච්චිලා ( මෙතන පොර මැරෙනවද නැද්ද කියලා හරියට මතක නැ ) කෝමහරි කොමික් එකෙ අන්තිම පැනල් එකෙ අර අභිරහස් හිනා මූනු බටන් එක පෙන්නවා ඒත් එක්කම නිල් පාට අතකුත් පෙන්නනවා 😲 ආ තව දෙයක් කියන්න ඕනෙ අර බටන් එකෙ පොඩි ලේ පැල්ලමක සලකුණකුත් තියෙනවා 😲 මොකක් හරි මතක් වුනාද ??? ඔව් ඔව් මේ අපෙ හිතාදර ඩොක්ට මැන්හැටන් තමා 🤯 ඒ Smiley Face Button එක වොච්මන් බලපු උන්නම් දන්නවා. ඩිසි ෆැන් කෙනෙක් නොවරදවා බලපු ෆිල්ම් එකක් තමා වොච්මන් කියන්නෙ... ෆිල්ම් එක බලපු එකෙක් නම් අනිවා දොස්තර මැන්හැටන් කියන්නෙ කොච්චර බලවත් එකෙක්ද කියලා දන්නවා... ඉතින් මූ තමා Rebirth එකට වග කියන්න ඕනෙ.... පොර තමා DC Universe එකෙන් අවුරුදු 10 ක් උස්සලා තියෙන්නෙ.
Doctor Manhattan ව God විදිහට තමා Rebirth #1 එකෙ හදුවන්නෙ.. ඒකෙන්ම පොරගෙ බලෙ තරම හිතා ගන්න පුලුවන් නෙ. ඉතින් ඩොක් Prime Universe එකට එන්නෙ අනිත් Super Powered Being ලා අතරෙ එයාට තැනක් තියෙයි කියල බලාපොරොත්තුවෙන්.. වොච්මන් Universe එකෙ අය එයාගෙන් ගොඩක් වැඩ ගත්තා.. ඒක නිසාමයි පොරට එපා වෙලා වෙන Universe එකකට යන්න හිතන්නෙ... ඉතින් ඒක නිසා තමා පොර Prime Earth එකට ඇවිල්ලා අවුරුදු 10 ක් ඒ Universe එකෙ Timeline එකෙන් ගන්නෙ.. පොර බැරියා කාපු Timeline එක (ෆ්ලැශ්පොයින්ට්) හරි ගස්සන්න තමා Try කරල තියෙන්නෙ...
ඕකෙන් තමා Rebirth reboot එක වෙලා අවුරුදු 10 ක් නැතිවෙලා සමහර චරිත අතුරුදන් වෙලා New 52 වල හිටිය නැති චරිත එහෙම ආයෙ කරළියට බැස්සෙ...
මේක Movies පැත්තට අරන් ගියොත් , ඩිසිලට ගොඩක් සාර්ථක Watchmen ෆිල්ම් එකකුත් තියෙනවා... දැන් කියනවා Rebirth එකත් වෙනවා කියලා. ඉතින් DCEU එකත් ෆ්ලැශ්පොයින්ට් එකෙන් Reboot කරලා Rebirth එකෙ කතා වලින් ෆිල්ම් හදලා Final Conclusion එක විදිහට මාවල්ලා එන්ඩ් ගේම් කලා වගෙ DC ලා Doomsday Clock කලොත් කොහොමට තියෙයිද 😲😍
![]() |
Doomsday Clock Part 01 |
Doomsday Clock එක කියන්නෙ මම මෙච්චර කාලෙකට කියෙව්ව හොදම Graphic Novel වලින් එකක් 💥 Classic විදිහට යන Watchmen story line එකයි Modern විදිහට යන JL story line එකයි එකතු කලාම එන Outcome එක තමා Doomsday Clock කියන්නෙ... ඒකේ වෙන්නෙ DC vs Dr.Manhattan වගෙ සීනෙකක්... Prime Universe එකට ඩොක්ට මැන්හැටන් ආපු ගමන්ම එයාට අනාගතේ පේන්නෙ නැතුව යනවා ( Doctor Manhattan කියන්නෙ අනාගතේත් අතීතෙත් වර්තමානෙත් වෙන දේවල් එකම මොහොතෙ අත් විදින කෙනෙක් ) එයාට අනාගතේ පේන්නෙ එක තැනක් විතරයි එතනින් එහාට අන්ධකාරයි....
![]() |
Doomsday Clock #07 |
The most hopeful among them. Heading toward me. Now hopeless. And then I saw... nothing.
☝ ඩොක්ට අනුව ඕක තමා එයාට පේන අන්තිම තැන... ඕකෙ The Most Hopeful Among Them කියලා කියන්නෙ වෙන කාටවත් නෙමෙ..Superman ට! ඉතින් ඩොක් කියන විදිහට එක්කො සුපර්මෑන් ඩොක් ව විනාශ කරනවා නැත්තන් ඩොක් මුලු Multiverse එකම විනාශ කරනවා කියලා... කොහොම හරි Prime Universe එකට Ozymandias එනවා.. පොර ඩොකාට කියනවා ආයෙ එයාගෙ Universe එකට එන්න කියල... ඒත් ඩොකා කැමති වෙන්නෙ නැ. ඒක නිසා ඔස්මන්ඩේයස් ලොකු ප්ලෑනක් ගහනවා.. ඔස්මන්ඩේයස් කියන්නෙත් ලෙක්ස් සහ බැට්සි තරම්ම මොලකාරයෙක්.... ඉතින් ඔස්මන්ඩේයස් ගෙ ප්ලැනෙන් සුපියා කෝමා තත්වෙට වැටෙනවා... මේකට වැරදිකාරයා වෙන්නෙ ඩොක්ට මැන්හැටන්. ඔක්කොම හිතන්නෙ මේක කලෙ මැන්හැටන් කියලා... ඒක නිසා DC Universe එකෙ හැම වීරයෙක්ම එකට එකතු වෙලා මැන්හැටන් ව නවත්තන්න යනවා ( ඔය සීන් එකෙ Heroes ලව පෙන්නන්න Page 4 ක් විතර පාවිච්චි කරනවා 😍 එච්චර ලොකු ටීම් අප් එකක් වෙන්නෙ ). මොකා ආවත් ඩොකාව පරද්දන්න හම්බෙන්නෙ නැ ඩොකත් තානොස් කලා වගෙ හීරොස්ලව වාස්ප කොරලා දානවා ( ඕක කරන්න පොරට මැජික් ගල් නම් ඕනෙ වුනෙ නැ හැබැයි ). කෝමෙන් කෝමහරි සුපියා ආයෙ ඇවිල්ලා මැන්හැටන්ට හොද මොකක්ද නරක මොකක්ද කියලා කරලම පෙන්නනවා ( ඒක බලන්න ඕනෙ නම් Doomsday Clock Mini Series එක කියවන්න ) Doctor Manhattan ට හොද කියන්නෙ මොකක්ද නරක කියන්නෙ මොකක්ද කියලා අදුරගන්න එක අමාරුයි මොකද පොර Regenerate වෙන වාරයක් පාසා පොරව Humanity එකෙන් ඈත් වෙනවා... පොරගෙ එකම Weakness එකත් ඒක මට මතක විදිහට
ඉතින් තේරෙනවා ඇති නෙ පහරම කතාවක් කියලා... මේක Live Action ගැහැව්වොත් අනිවා බොක්ස් ඔපිස් තමා ඉතින්. ඉතින් දැන් DCEU එකට ආයෙ මුල ඉදන් හොද විදිහට පටන් ගන්න මේක හොද චාන්ස් එකක් ❤ Flashpoint එකත් එක්ක Reboot කරලා Rebirth Arc එකෙන් පට්ට Build up එකක් දීලා Doomsday Clock වගෙ එකකින් ඉවර කරල දැම්මනම් MCU හොයා ගන්නවත් හම්බෙන්නෙ නැ ( දැන් වහල්ලු ටිපර් වෙයිද දන්නෙ නැ 😪 )
Rebirth Film එකක් ආවොත් අපිට Live Action Wally West (සුදු එකා) කෙනෙක්වත් බලාගන්න හම්බෙයි 😍 සමහරවිට ඉන්න Cast එක නැතුව අලුත් cast එකක් බලාගන්න පුලුවන් වෙයි... සමහර චරිත වල ඇදුම් එහෙම පොඩ්ඩක් වෙනස් වෙයි ( Rebirth බැට්මෑන් / වොන්ඩි / සුපී එහෙම New 52 එකෙ හිටියට වඩා පොඩ්ඩක් වෙනස් ) Rebirth Film එකක් ආවොත් Dr.Manhattan ව Tease කරන්න ලොකු ඉඩක් තියෙනවා 🤗 හම්මෙ Live Action සුපියගෙයි ඩොකාගෙයි වලියක් බලාගන්න හම්බුනොත් එච්චරයි 🤤
ඔන්න ඕක තමා ඉතින් Rebirth එකෙ කතාව... ආයෙත් කියන්න ඕනෙ Rebirth Film එක තාම Rumor එකක් විතරයි.. ඕව හරියට DC FanDome Event එකෙදී දැනගන්න හම්බෙයි 😍 මේ උදාවෙන්නෙ DC ලට හොදම කාලයක් 💥 හරියට ගේම ගැහැවොත් Endgame Record කඩන එක කජ්ජක් නෙමෙ DC ලට...
මේ Article එකෙ වැරදි එහෙම තියෙනවනම් ගනන් ගන්න එපා 😉 ගොඩක් මතකෙන් ලිව්වෙ... ඊලග Article එක ගේන්න හිතන් ඉන්නෙ Batfamily එක ගැන 🤗 ඒකෙන් ආයෙත් හම්බෙමු ඒනම් 👋
❤��
ReplyDelete