Friends Reunion න් පසු අළුත් වූ මිතුදම්

අවුරුදු විස්සකට ආසන්න කාලයකට පස්සේ ලෝකේ බිහිවෙච්ච ගොඩක් අය ආදරය කරන TV Series එකක් වෙන Friends සීරීස් එකේ ප්‍රධාන නළුනිළියන් 6 දෙනා(6 Friends ලා) මූලික කරගෙන එයාලා නැවතත් එක තැනකට ගෙනල්ලා සීරීස් එකේ මතකයන් ගැන කතා කරපු show එක තමයි Friends Reunion කියන්නේ.මේක Friends ෆෑන්ස්ලා ගොඩ දෙනෙක් ආසාවෙන් බැලුවා.සීරිස් එක නැවත මතක් කරගැනීම්,සීරීස් එකේ රස කතා,බැක්ස්ටේජ් කතා සහ නළු නිළියන් සීරීස් එක සම්බන්ධයෙන් අත්විඳපු පෞද්ගලික සිදුවීම් ගැන ද ඒකේ කතා කරනවා.මේ Friends Reunion show එක HBO MAX හරහා තමයි ස්ට්‍රීම් කළේ.

Friends Reunion by HBO MAX

පළවෙනි සීසන් එකේ ඉඳන්, කතාව තුළ වගේම ඒකෙන් පිට ඇත්ත ලෝකෙත් මේ නළු නිළියන් හය දෙනා හොඳ යාළුවෝ කියලා ලෝකේ ගොඩක් අය දන්නවා.මේ Courtney Cox (Monica Geller),Jennifer Aniston (Rachel Green),Lisa Kudrow (Phoebe Buffay),Mathew Perry (Chandler Bing),Matt LeBlanc (Joey Tribbiani),David Schwimmer ( Ross Geller) කියන 6 දෙනාගේ මිත්‍රත්වය ඒ තරම් ප්‍රසිද්ධයි.කොහොම හරි ළඟදී තිබ්බ ඇමෙරිකානු නිදහස් දිනයේ දි ඒ කියන්නේ ජූලි 04 මේ අය එයාලගේ යාළුකම තවත් වැඩි කරගෙන තිබුණා.මේ විශේෂ දිනය සමරන්න Courtney Cox , Jennifer Aniston සහ Lisa Kudrow එකතු වෙලා තියෙනවා.Courtney Cox ඒක ගැන කියලා එයාගේ Instgram අකවුන්ට් එකේ පෝස්ට් එකක් දාලා තියෙනවා.සාමාන්‍යයෙන් ජූලි 04 සමරන්නේ පවුලේ හිතවත් ම අය එක්ක.මේ තුන් දෙනා එකට ජූලි 04 සමරනවා කියන්නේ ඒ අය අතරේ කොච්චර බැඳීමක් ඇති ද?


ඒ වගේම සති කිහිපයකට කලින් Friends Reunion එක අතරතුර Warner Bros.Studio lot එකේ නැත්නම් ඉඩමේ ගෝල්ෆ් කාර්ට් එකක මේ 6 දෙනාම ටුවර් එකක් යන වීඩියෝ එකක් රිලීස් වුණා.ඒක හරිම ඉමෝෂනල් විදිහට තිබ්බා.මේ වීඩියෝ එක You Tube එකෙන් බලන්න පුළුවන්.ඒ වගේම Jennifer Aniston එයාගේ සෝෂල් මීඩියා වල Friends Reunion එකේ backstage ෆොටෝස් කීපයක් ම ශෙයාර් කරලා තිබ්බා.


Friends සීරිස් එකේ Monica සහ Ross (අයියා නංගී) දෙන්නගේ iconic dance එකක් වෙන The Routine එකේ remake එකක් Courtney Cox එයාගේ හොඳ යාළුවෙක් වෙන Ed Sheeran එක්ක හදලා ෆෑන්ස් ලට ශෙයාර් කරලා තිබ්බා.ඒකත් Courtney ගේ Instgram අකවුන්ට් එකෙන් නැත්නම් YouTube එකෙන් බලාගන්න පුළුවන්.ඒ වගේම Courtney Cox ගේ දුවගේ Godmother නැත්නම් භාරකාර මව විදිහට ඉන්නෙත් Jennifer Aniston මයි.මෙයාලගේ බැඳීම ඒ තරම් දුරට ගිහිල්ලා තියෙනවා.

The Routine by Monica and Ross

- ටිකිරි වනිගසූරිය -


James Corden Visits the Cast at the 'Friends' Reunion



The Routine Remake by Courtney and Ed Sheeran



Post a Comment (0)
Previous Post Next Post