බක පණ්ඩිත යාලුවෙක්ගේ කතාවක් නිසා හරි, IMDb රේටින්ග්ස් නිසා හරි, නොබලා අතාඇරලා දාපු, හැබැයි පට්ටම පට්ට ෆිල්ම්/සීරීස් කීයක් නම් තියෙද???
මේ කියන්න යන්නෙත් IMDb නිසා ගොඩ දෙනෙක් නොබලා අතාඇරලා දාපු පට්ට සීරීස් එකක් ගැන. හෙනම ටිපිකල් සබ්ජෙක්ට් එකක් බේස් කරගෙන, ඒක වටේ පට්ටම පට්ට ස්ටෝරියක් ගොඩනගපු සීරීස් එකක්. වැඩිය වැල් බයිලා ඕනි නෑ.. කෙලින්ම යං කතාවට ✌️
2019 අප්‍රේල් 11 වෙනිදා නෙට්ෆ්ලික්ස් එකෙන් සොම්බි සීරීස් එකක් එලියට දානවා. සීරීස් එකේ නම Black Summer. මේ කාලේ වෙනකොට සොම්බිලා බේස් කරන් හැදුන ෆිල්ම්/සීරීස් ඕනි තරම් තිබුනා. ඊටත් වඩා ඒවා බහුතරයක් මිනිස්සුන්ට එපා වෙලා තිබුනේ. විශේෂයෙන්ම ඕනාවට වඩා අදින්න ගිහින් කෙලෝ ගත්ත වෝකින් ඩෙඩ් වගේ සීරීස් නිසා. ඔය අල්ලපනල්ල අස්සේ සහ ඩාක්, මනී හෙයිස්ට්, 13 රීසන්ස් වයි, ස්ට්‍රේන්ජ් තින්ග්ස් වගේ පට්ට ෆෑන් බේස් එකක් තියෙන සීරීස් වල අලුත් සීසන් එන අවුරුද්දක තමා බ්ලැක් සමර් එකත් නෙට්ෆ්ලික්ස් එකෙන් රිලීස් කරන්නේ. නෙට්ෆ්ලික්ස් වැඩක් ලේසියට සවුත්තු වෙන්නේ නෑ. හැබැයි මොකක්දෝ මංදා කරුමෙකට බ්ලැක් සමර් සීරීස් එකේ IMDb රේටින්ග්ස් සෑහෙන්න අඩු වෙනවා. IMDb එකේ 6.5ක් වගේ පහලට වැටෙනවා. වැඩේ අවුල්... සාමාන්‍යයෙන් අපි සීරීස් එකක් හෝ ෆිල්ම් එකක් බලන්න කලින් වැඩිපුරම සලකා බලන දෙයක් තමා IMDb රේටින්ග්ස්. අන්න ඒ දේ නිසාම සෑහෙන්න හොද, එහෙම නැත්තම් අපේ ටේස්ට් එකට සෙට් වෙන ෆිල්ම්/සීරීස් අපි මිස් කරගන්නවා. ටික කාලයක් ගිහින්, බලන්න දෙයක් නැති වෙලාවට ඩවුන්ලෝඩ් කරලා බැලුවාම තමා තේරෙන්නේ "ඇයි යකෝ මේක ආව කාලේ නොබැලුවේ" කියලා 😐 ආන් ඒ වගේ එකක් තමා මේ. අර උඩ කියපු තඩි ෆෑන් බේස් තියෙන සීරීස් 4 මැද්දේ ආව නිසා බහුතරේකට මේක මිස් වෙන්න හේතුවක් උනා. තව ලොකු හේතුවක් තියේ..
සොම්බි සීරීස් එකක් බලන්න ගන්නේ සොම්බි එක්ක මිනිස්සු ජීවිතේ ගැටගහන්න විදිය, එහෙම නැත්තම් සවයි වෙන විදිය බලන්නන්නේ. ඔය ආව බහුතරයක් සොම්බි බේස් ඒවා අපේ ඔලුවට දැම්මේ ඒක. සොම්බි කියන්නෙත් එක්තරා විදියක ඇපොකොලිප්ටික් ඉවෙන්ට් එකක්. හැබැයි මේ ඇපොකොලිප්ටික් ඉවෙන්ට් එකකදී අපි හරි අඩුවෙන්ම දැක්ක දෙයක් තමා මිනිස්සුන්ගේ හැසිරීම් සහ සම්බන්ධතා ෆෝකස් කරපු නිර්මාණ. ඇක්ශන් හෝ ටිකක් බර ප්ලොට් එකක් වටේ ඒ කතාවල් ගෙතුනා මිසක් මේ වගේ සිටුවේශන් එකක හියුමන් රිලේශන්ශිප් මොන වගේ වෙයිද කියලා කවුරුත් ෆෝක්ස් කරලා තිබ්බේ නෑ. අන්න ඒ අඩුව පුරවන්න ආව සීරීස් එකක් තමා බ්ලැක් සමර් කියන්නේ. මේ සීරීස් එක මාස් ඕඩියන්ස් එකෙන් ෆේල් වෙන්න හේතුවත් ඒක. අර වගේ ටිපිකල් ආතල් ටිකක් බලන්න හිතාගෙනනම් මේක බලන්න එපා. මේකේ සොම්බිලා ඉන්නවා. හැබැයි ඒ ඇපොකොලිප්ටික් ඉවෙන්ට් එකට හේතුව විතරයි. එතනින් එහාට මේ ප්ලොට් එකට සොම්බිලා කිසිම සම්බන්ධයක් නෑ. වෝකින් ඩෙඩ්, වර්ල්ඩ් වෝ සී එකේ වගේ දාස් ගනන් සොම්බිලා මේකේ නෑ. බේසිකලි ගත්තාම සොම්බිලා නම් අර කලින් ඒවට සෑහෙන්න සමානයි. ඒක නිසා ඒ සොම්බි කියන කන්සෙපෙට් එක අහක්ම කරලා මේක බලන්න. ආයෙත් කියනවා.. සොම්බිලා නෙමෙයි සීරීස් එකේ මේන් ෆෝක්ස් එක වෙන්නේ.
සීරීස් එකේ පයිලට් එපිසෝඩ් එක (පළවෙනි එපිය) පර්සනලි මං සීරීස් එකක දැක්ක සුපිරිම එපිසෝඩ් වලින් එකක්. ඒක බලන්න. එතනින් එහාට මේ ලිපි ඕනි වෙන එකකුත් නෑ.. ඉතුරු ටික බලාගෙන බලාගෙන යයි. මේ සීරීස් එක පුරාවටම යූස් කරලා තියෙන පට්ටම ටෙක්නික් එකක් තමා වන් ටේක් ශොට් (සිංගල් ටේක්). 1917 ෆිල්ම් එකේ එහෙම තිබ්බ වන් ටේක් ශොට් දන්නවානේ.
![]() |
1917 (2019) |
මම පට්ටම ආස සිනෙමටොග්‍රැෆි ටෙක්නික් එක්ක තමා ඒක. වන් ටේක් ශොට් වල තියෙන පට්ටම දේ තමා අපිවත් ස්ටෝරි එක ඇතුලෙම හිර කරලා තියාගන්න පුලුවන් එක. හරියට වීඩියෝ ගේම් එකක් ගහනවා වගේ. එහෙන් මෙහෙන් කැපෙන්නේ නැතුව අවශ්‍ය තැනක විතරක් කට් එකක් දාලා අනිත් සේරම ටික තනි ටේක් එකකින් අරන් තියෙන්නේ. ඊටත් වඩා මේකේ තියෙන පට්ටම ආතල් එක තමා එකම තැනක වෙන, විවිධ විවිධ ස්ටෝරි වෙන වෙනම කෝණ වලින් පෙන්නන එක. මේක මට වචන වලින් විස්තර කරන්න හරි අමාරුයි. 2008 ආව Vantage Point ෆිල්ම් එක බලන්නකෝ..
![]() |
Vantage Point (2008) |
මං බලපු පට්ටම ෆිල්ම් එකක්. මෙන්න මේකේ සුපිරියටම තියෙනවා මං මෙතන කියන්න හදන දේ. POV එහෙම නැත්තම් පොයින්ට් ඔෆ් වීව් එක තමා මේ කන්සෙපෙට් එකේ නම. එතකොට මේ බ්ලැක් සමර් සීරීස් එකත් තනිකරම යන්නේ POV කන්සෙපෙට් එක යටතේ.
ඊලගට මං සීරීස් එකේ ආසම දේ තමා මේකේ චරිත අයින් කරන විදිය. ඒක පට්ටම පට්ට. ඔය මුල් කාලේ හොදට තිබිලා පස්සේ කෙලෝ ගත්ත Arrow, Flash වගේ සීරීස් මටනම් එපාම උනේ මැරුණ එවුන් ආයේ ආයේ එන්න පටන් ගත්ත එකෙන්. පර්සනලි මටනම් ඒක හිරිකිත සීන් එකක්. සීරීස්/ෆිල්ම් එකක තියෙන ක්ලයිමැක්ස් සීන් එකක් තමා ප්‍රධාන චරිතයක් මැරෙන එක. ඉතිං එහෙම මැරුන එකෙක් ආයේ ගේනවා කියන්නේ අර කලින් හදපු ක්ලයිමැක්ස් එක සම්පූර්ණ විනාසයි. බලන්නකෝ බැල්ක් සමර් එක. මේකේ ප්‍රධාන චරිත හොයාගන්න බැරි තරම්. ඒ තරම් පර්ෆෙක්ට් විදියට චරිත අහක් කරලා දානවා. තවත් සරලව කිව්වොත් අපිට ගෙස් කරන්න බැරි තරම් චරිත අතර කතාව මාරු කරනවා. මට අනුව සීරීස් එකේ කොලටි එක වැඩි වෙන්න එක හේතුවක් තමා ඒක.
ඊලගට මං මේ සීරීස් එකේ ආසම සීන් එක තමා මේක චැප්ටර්ස් වලට කඩලා තියෙන සීන් එක. මේක සීරීස් එකක්නේ. ඉතිං කොහොමත් එපිසෝඩ් වලට වෙන වෙනම නම් දාලා, ඒ ඒ එපිසෝඩ් එකට බේස් වුන කතාවක් තියෙනවා. හැබැයි මේකේ ඊට අමතරව එපිසෝඩ් ඇතුලෙත් වෙන වෙනම නම් දාලා චැප්ටර්ස් කඩලා තියෙනවා. ස්නයිඩර් කට් බැලුවනේ.. ආන් ඒ වගේ. ඒ වගේම ජේසන් ස්ටැතම් Wrath of Man (2021) ෆිල්ම් එක තිබුනෙත් මේ විදියටමයි.
![]() |
Wrath of Man (2021) |
පර්සනලි ඒ චැප්ටර්ස් සීන් එකටත් මං මාර ආසයි. ඒ චැප්ටර්ස් සීන් එක නිසත් මේකේ ස්ටෝරිය මාර රසවත් වෙනවා. ඒ වගේම අර වන් ටේක් ශොට් වගේ ස්ටෝරිය ඇතුලට අපිව රිංගවලා තියාගන්න මේකත් සෑහෙන්න උදව් වෙනවා.
ඔන්න ඕවා තමා සීරීස් එකේ මං දැකපු විශේෂම දේවල්. දැන් එහෙනම් සීරීස් එකේ වටපිටාව සහ නිර්මාණකරුවෝ ගැන ටිකක් බලමු 👇
කලින් කිව්වා වගේ මේක නෙට්ෆ්ලික්ස් ඔරිජනල් සීරීස් එකක්. නෙට්ෆ්ලික්ස් එක වෙනුවෙන් මේ සීරීස් එක ක්‍රියේට් කරන්නේ Karl Schaefer සහ John Hyams දෙන්නා එකතු වෙලා.
![]() |
Karl Schaefer and John Hyams |
ඒ වගේම The Asylum ප්‍රඩක්ශන් කම්පැනි එක තමා මේක ප්‍රඩියුස් කරන්නේ. Z Nation සීරීස් එක බලලා තියේද?
![]() |
Z Nation |
ඒකත් සොම්බි ජොන්රා එකේ කොමඩි පැත්තට බර සීරීස් එකක්. ආන් ඒ සීරීස් එක කරන්නෙත් මේ The Asylum කියන ප්‍රඩක්ශන් කම්පැනි එකමයි. ඉතිං සොම්බි සම්බන්ධ දේවල් වලට මෙයාලා අලුත් අය නෙමෙයි ඈ.. ඒ වගේම ස්පෙශල්ම දේ තමයි Black Summer කියන්නේ Z Nation සීරීස් එකේ ස්පින්-ඕෆ් ප්‍රීක්වල් සීරීස් එකක්. ආ.. මල කෙලියයි. දැන් ඒක බලලා ඉන්න ඕනිද මේක බලන්න.. නෑ.. මමත් Z Nation බලලා නෑ. මං හිතන්නෙ බලන්න ඕනි වෙන එකකුත් නෑ. මොකද මේක ඒකේ ප්‍රීක්වල් එකනේ. ප්‍රීක්වල් කියන්නේ පසුබිම් කතාවක් හෝ පෙර කතාවක් වගේ දෙයක්නේ. ඉතිං Z Nation නොබැලුවා කියලා අවුලක් නෑ. හැබැයි වගකීමෙන් කියනවා මේ සීරීස් එකේ ටේස්ට් එක වැන්න කෙනෙක් Z Nation එකත් හොයාගෙන බලනවා අනිවා (මාත් බලන්න ඉන්නේ 😁). සීරීස් එකේ එපිසෝඩ් බහුතරයක් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Abram Cox.
![]() |
Abram Cox |
මෙයාටනම් ෆුල් ක්‍රෙඩිට් දෙන්න ඕනි මේ ප්ලොට් එක ඩිරෙක්ට් කරලා තියෙන විදියට. කතාව බලනකොට තේරේවි ඩිරෙක්ටර්ගේ විශන් එක පට්ට කියලා. මේකේ ශූටින් ගොඩක් කරලා තියෙන්නේ කැනඩාවේ. මාරම ලස්සන ලොකේශන් තියෙනවා. ස්පෙශලි දෙවෙනි සීසන් එකේ. දෙවෙනි සීසන් එකේ අන්තිමට පෙන්නනවා ලොජ් එකක් (නිවාඩු නිකේතනයක් වගේ ප්ලේස් එකක්). ඒක බලන්නකෝ.. මාර ලස්සනයි.. හිමේ එහෙම පට්ට ලොකේශන් ටිකක් තියෙනවා දෙවෙනි සීසන් එක පුරාවටම.
බේසිකලි ගත්තාම සීසන් දෙකේම කතාව ඒකාකර විදියට යන්නේ නෑ.. ඒ කියන්නේ නන්-ලිනියර් විදියට තමා ස්ටෝරි එක යන්නේ. හැබැයි නොලන් මහත්තයගෙ ප්ලොට් තරම් දරුණු නෑ. ටිකක් විතර ඒ ටයිප්. නොලන්ගේ Memento එහෙම සෑහෙන්න මතක් වෙයි මේක බලනකොට. මෙහෙමයි.. අවංකව කිව්වොත් මේක පට්ට බෝරින් ප්ලොට් එකක්. හැබැයි ඒ බෝරින් ගතිය යවන්න පට්ට ට්‍රික්ස් ගොඩක් මෙයාලා යූස් කරලා තියෙනවා. එපිසෝඩ් එකක් බලලා ඔයාලා නිකමට ඒ උන දේවල් ටික නෝමල් විදියට ගලපලා බලන්නකෝ.. ඇති දෙයක් නෑ. හැබැයි එපිසෝඩ් එක ඇතුලේ ටයිම් මැනේජ් කරගෙන, එක එක්කෙනාගේ වීව් පොයින්ට් එකෙන් මේක පෙන්නන විදිය පට්ටම පට්ට.
ඔය ටික තමා කියන්න තියෙන්නේ. ඇත්තටම ගොඩ දෙනෙක්ට මේක මිස් වෙච්ච සීරීස් එකක්. මට වඩා සීරීස් බලපු ගොඩක් දෙනෙක් හිටියා මේක මිස් උන. මේ ලිපිය පවා ලියන්න ලොකු හේතුවක් ඒක. හැබැයි තව එකක් කියන්නම ඕනි. ඒ තමා ඩ්‍රාමා ටයිම් එකේ කතා සෙට් වෙන්නේ නැති අයනම් මේක බලන්න එපා. බලලා බලපු වෙලාවේ ඉදන් මගේ ජාතිය අමතන්නත් එපා ඈ. කලින් කියලා තියෙන්නේ ඔන්න.. මේකේ දෙබස් එහෙම පට්ට අඩුයි. සමහර එපි බලනකොට රගපාන උන්ට කතා කරන්න බැරිද හිතෙනවා. සමහර එපිවල එක කැරැක්ටර් එකයි ඉන්නේ මනුස්සයෙක් විදියට. ඒ සේරටම වඩා ටිපිකල් ආතල් නැත. ජෝක්ස් නැත.. දෙවෙනි සීසන් එකේ අන්තිම හරියනම් පොඩි ආතල් ඩයල් එකක් සෙට් වෙනවා. හැබැයි මිනිහත් නිකන් ඩිප්‍රෙශන් වැඩි වෙලා කියෝන එකෙක් වගේ. ඒ ඇරුනාම ආතල් නම් ඇත්තෙම නෑ. මේ සීරීස් එක සම්පූර්නම ෆෝකස් කරන්නේ මිනිස්සුන්ගේ සම්බන්ධතා ගැන. ස්පෙශලි මේ වගේ ඇපොකොලිප්ටික් ඉවෙන්ට් එකකදී. ඒ ටිකනම් සියට දාහක් සාර්ථකව පෙන්නලා තියෙනවා. මේ සීරීස් එක බලන්න කලින් යම් දෙයක් ගැන ඔයා හිතන විදියට සහ බැලුවට පස්සේ ඒ දේ ගැන ඔයා හිතන විදිය සම්පූර්ණ වෙනස් වේවි. ඒ තමයි මේ වගේ වෙලාවල් වල මිනිස්සුන්ට උදව් කරන එක. ඒක ගැන මං වැඩිය කියන්න යන්නේ නෑ. මොකද සීරීස් එකේම බාගෙට බාගයක්ම ඒ ගැන පෙන්නනවා. උදව් කරන හැම එකාම අනිත් පැත්තට කෙලෝන සීන් අම්බානට තියේ. ඒක තමා යතාර්ථය. ප්‍රශ්නයක් නැති ලෝකෙක අපිට එහෙම ආතල් කොච්චර සෙට් වෙලා තියේද.. ඉතිං හිතන්නකෝ ඇපොකොලිප්ටික් ඉවෙන්ට් එකකට පස්සේ මිනිස්සු කෝම වෙයිද කියලා 🙏
එහෙනම් ඔන්න කතාව ඉවරයි. සීරීස් එකට සිංහල සබ් තියේ. හැබැයි ඇත්තටම සබ් ඕනි නෑ මේක බලන්න. ඒක ලොකුව හේතුව තමා දෙබස් අඩු එක. අනික තමා මේකේ තියෙන්නේ සරල භාශා භාවිතයක්. බර සාර වචන ඒම ඇත්තෙම නෑ. ඒක නිසා සබක් නැතුව බලන එක නතින්. මේකේ දැනට සීසන් 2ක් ආවා. පළවෙනි සීසන් එකේ වගේම දෙවෙනි එකෙත් තියෙන්නෙ එපිසෝඩ් 8යි. පළවෙනි සීසන් එකට සාපේක්ෂව දෙවෙනි සීසන් එක ටිකක් දිගයි. හබැයි කතන්දර නැතුව දවස් තුනක් හතරක් යද්දී සීරීස් එක බලලා දාන්න පුලුවන්. ආයෙත් කියනවා.. ඩ්‍රාමා ටයිප් එකේ කතා වලට ආස කෙනෙක්නම් මේක මිස් කරගන්න එපා 🙏 ගිහින් එන්නම් ඒනම්.. සීරීස් එක බලපු අය ඉන්නවා ස්පොයිල් නොකර කමෙන්ට් එකක් දාන් යන්. මං මේකේ චරිත ගැන හෝ කතාවෙ වෙන දේ ගැන කිව්වේ නෑ. මොකද මේකේ බලන්න තියෙන්නේ ඒ ටික. ඒ ඒ චරිත කතාව පුරාවට එයාලගෙ ගමන යන විදිය. එහෙනම් තවත් මේ වගේ සීරීස් එකක් ගැන ලිපියකින් හම්බවෙමු.. ජය ❤️

Supiri wadaka keep it up
ReplyDeleteනියම පැහැදිලි කිරීමක්. මම ටෙලිග්‍රෑම් එකේ මේක සේව් කරල තියාගත්තත් තාම බැලුවෙ නෑ. මේක කියෙව්වම අනිවා බලන්න ඔ්නි කියල හිතුණා. මේ වගේම රේටිංග්ස් බලල ගොඩක් අය මිස් කරගත්ත හොඳම සීරීස් එකක් තමයි The Flight Attendant පුලුවන්නම් ඒ ගැන පොඩි ලිපියක් අරන් එන්න. ස්තුතියි මේ වගේ වටින ලිපියක් අරන් ආවට.
ReplyDelete