ලෝකී සීරීස් එකෙත් අවසනාය ලංවෙලා තියෙන කාලෙක Marvel Cinematic Universe (MCU) එකෙන් එන ඊලග සීරීස් එකේ පළවෙනි ඔෆීශියල් ට්‍රේලර් එක අද රිලීස් කලා. සීරීස් එකේ නම What IF?. මේක තමා MCU එකේ පළවෙනි ඇනිමේටඩ් සීරීස් එක. මේ තියෙන්නේ ට්‍රේලර් එකත් එක්කම රිලීස් කරපු ඔෆීශියල් පෝස්ටර් එක 👇
![]() |
What IF? Official Poster |
මේක සෑහෙන්න විශේෂම සීරීස් එකක්. ඒකට හේතුව තමයි මේ සීරීස් එකෙන් අපිට හුරු පුරුදු MCU එකේ දැවැන්තම නලු නිලියන් මේ වැඩේට හඩකැවීමෙන් සම්බන්ධ වෙන එක. උදාහරණයක් විදියට රොබට් ඩවුනි අයන් මෑන් විදියටත්, ක්‍රිස් එවන්ස් ස්වීව් රොජර්ස් විදියටත්, ක්‍රිස් හෙම්ස්වර්ත් තෝර් විදියටත් වගේ මෙතෙක් MCU එක ඇතුලේ අපි දැක්ක ප්‍රධාන නලු නිලියෝ සියල්ලෝම මේ සීරීස් එකේ හඩ කැවීමෙන් එකතු වෙනවා.
![]() |
What IF? Cast Announcement at San Diego Comic Con (2019) |
ඒ වගේම අපි අතරින් සමුගත්ත චැඩ්වික් බොස්මන් (බ්ලැක් පැන්තර්) අවසානයට සම්බන්ධ වුන MCU නිර්මාණය තමයි මේ. චැඩ්වික් මියන්න කලින් මේ සීරීස් එකේ හඩකැවීම් අවසාන කරලා තියෙනවා.
![]() |
Chadwick Boseman |
මේකේ කතාව සෑහෙන්න වෙනස්. මේකේ වෙන්නේ අපි දන්න වීරයන්ගේ අපි දන්න කතාව වෙනස් උනොත් මොකක් වෙයිද කියන එක. උදාහරණයක් විදියට ස්ටීව් රොජර්ස් කැප්ටන් ඇමෙරිකා නොවී පෙගී කාටර් කැප්ටන් ඇමෙරිකා උනොත් මොකක් වෙයිද? අන්න ඒ වගේ කතා ගොඩක් මෙකේ තියෙනවා..
අගෝස්තු 11 වෙනිදා ඉදන් හැම බදාදාවකම Disney+ ස්ට්‍රීමින් සර්විස් එක හරහා සීරීස් එක ප්‍රිමියර් වෙනවා. වෙනස්ම සුපිරිම වැඩක් වෙනවා අනිවාර්යයෙන්.
(Source - Marvel Studios)
අනිවාර්යෙන් සුපිරියක් වෙනවා මේක 😍❤️
ReplyDelete